Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

03 August 2020

ඉන්ටනෙට්




කාලයක් තිබ්බා 
කිලෝබයිට් විස්ස තිහ
ඩවුන්ලෝඩ් වෙද්දි 
තප්පරේට
ප්‍රීතියෙන් පිනාගිය

ඩවුන්ලෝඩ් උනත් දැං
මෙගාබයිට්වලින්
තප්පරේට
නෑ කිසිම සතුටක්
"මොන රෙද්දක්ද
මේ මගුල
හරිම ස්ලෝ"



20 May 2014

සරල සහ සංකීර්ණ


පාට ගලපලා
ඇඟට තියලා
කැරකිලා ඇඹරිලා
කණ්ණඩිය ඉස්සරහ

හරියන්ඩ ගැලපෙන්ඩ
කරාඹුත් දාලා
යාළුවෝ හැඩයි කියු
සෙරෙප්පුත් දෙපා ලා

එන ඈව හමුවන්න
ඇඳ මතින් පුටු වතෙන්
ඇහිඳ ළංකොට නැහැය
විලවුන්ද ඉස කමිසෙ
ගඳ බලා ඇඟෙහි ලා
හනි හනික පමා වී
එයි ප්‍රේම කුරුල්ලා


27 April 2014

මකබෑවියං මදුරුවා....



කූං ගාගෙන 
කණ වටේ කැරකුණාට
මරන්ඩනං නෑ වෙලාවක්
ඇසිල්ලක අවසරයෙන්
අත අහකට අරගෙන
එළවනවා විතරයි

ඒත් 
දුරස් උනත්
එක නිමේෂයකට 
ආයෙත් එන්නේ 
'රූං' ගාගෙන
නෝන්ඩියටත් එක්ක

කකුල් දෙකම
වහගෙන සරමෙන්
ඉන්න මුත්
අත් දෙකට නෑ රැකවරණ
දැවිල්ලක් එන්නෙ
කාලා වගෙයි
වැළමිට හරිය

ඇයි බං
දීපල්ලකෝ එක විනාඩියක
සැනසිල්ලක්
හයිස්කෝර් ගහනකං
සබ්වේ සර්ෆර්ස්වල




21 October 2013

ඈ..


පවසට 
දිය බිඳක් ඉල්ලීමි
දෙපයෙන් මා ඔසවා
හිස දියෙහි ඔබා
හිනැහෙන්නී
පවස සිඳුනාදැයි අසන්නී

සිසිලට
උණුසුමක් පැතීමි
දෑත් බැඳ
හිසෙලි ගිනි ලා
කෝල ලෙසින් 
උණුසුම්දැයි අසන්නී

යටිපතුල් පලා
ලුණු ගල්වන්නී
නිය'තර
ඉඳිකටු තුඩු රන්දන්නී
මුළු හදින්ම මා හට
ප්‍රේම කරන්නී



09 June 2013

ඈ දුරක ගොස් ය...


ඒ දවස්වල වගේමයි
චිත්තරපටි ශාලාව ඉස්සරහා
රසිකයෝ නෑ අදත්
කපල් නං හිටියා මහ හුඟක්
ෆයිල් එකේ
ටියුෂන් සර්ගේ 
නම තියෙන තැන
අල්ලෙන් වහගෙන
උං හිටියේ බදාගෙන
එකිනෙකා කිටි කිටියේ...
දුරට පෙනුනේ 
හරියට ඔලු දෙකේ මිනිස්සු වගේ

දෙන්නෙක් හේත්තුවෙලා හිටියේ 
එදා මගේ ෂර්ට් එක ඉරිච්ච තැනමයි
"මල්ලි පොඩ්ඩක් එහාට යන්ඩ
ඔය ඇණේ ෂර්ට් එක පැටලෙයි"
කියන්ඩ හිතුනත්
කිව්වේ නෑ මං

හෙඩ් සෙට් එක කණේ ගහං
හොරාට මම රසවින්දා
උංගේ සුන්දර ප්‍රේමය
උගේ උරහිසට හිස තියාගෙන
ඇගේ ඇඟිලි තුඩු එහේ මෙහේ දිව්වා
උගේ උදරය දිගේ
කිතිය දැනුනා නෙමෙයි
මතක් උනා මට

ෂර්ට් එකේ 
කොලර් එක අස්සෙන්
උණුසුමට හුස්මක්
ඇදිලා යනවා වගේ දැනිලා
මම වටපිට බැලුවත්
ඒකත් මතකයක් විතරයි
රැවටුනා මම ඇත්තටම

ටිකට් දෙක දෙක
කඩලා පුරුදු 
කවුන්ටරේ අයියත්
මං දිහා බැලුවේ සැකෙන්
මට පිටිපස්සෙන් හිටපු උනුත්
බලන්ඩ ඇති 
පුදුමයෙන්..
මගේ පිටට දැනුනා
ඒත් හැරිලා බැලුවේ නෑ
ලැජ්ජාවටත් වඩා දුකට

ඇතුලට ගිය වෙලේ ඉඳං
අනිත් උන් පුටු දෙක යාකරමින්
හැදුවා ආරුක්කු
මම විතරක් අයිෆල් කුළුණ වගේ
තෙතට උණුසුමට දැනුණු
මගේ මූන පුරා  දිවගිය
තොල් දෙකක
ආශ්වාද ජනක මතකය
නැතිකළා පුටුවේ හිටපු මකුණෙක්

බෙල්ල දිගේ
ඉහළට ඇදුනු
සිඟිති ඇඟිලි තුඩු
ඇඟේම හිරිගඩු පුබුදුවමින්
කනක් පිටිපස කිති කැව්වා
මතකද ඒ දවස්?

චිත්‍රපටිය ඉවර වෙලා
බෙල් එක ගැහුව ගමං
හෝල් එකෙං දිව්වා මං
අනිත් උන් කොණ්ඩේ පීරන
ඇඳුං හදාගන්න වෙලාවේ...


04 May 2013

මගේ හීනය




හීනයක් තිබුණා මටත්
පහුගිය කාලේ
මුළු රෑම ඒ පැත්තට මේ පැත්තට
පෙරලි පෙරලි 
ලුණු රහට පෙඟුනු කොට්ටේ
කොහේ හරි කොනක
සීතල වර්ග අඟලක් හොයද්දි,

ඇඳ පාදමේ යකඩ ඇණ හිසක
සීතල හොයාගෙන
කකුල එහෙ මෙහෙ දුවද්දි,

දුඹුළු බැඳිච්ච පංකා තටු
කිරි කිරි ගාන 
කෙඳිරිය ඇහෙද්දි

හීනයක් තිබුණා මටත්
ඉහේ ඉඳං පොරවගෙන
හීතට ගුලිවෙලා නිදාගන්ඩ

ඊයේ රෑ තමයි රෑ

මගේ ආදර පොරවන රෙද්ද
ඉස්තූති කරමු අපි වැස්සට
ආයෙමත් එකතු කළාට
අපි දෙන්නව
!

10 September 2012

අම්මෙක්, ලොකුකමක් සහ පොඩි එකෙක්





අනේ කන්නෑනේ
අපේ පුතා
කොච්චර කරදරයක්ද
චීස් ජුන්ඩක් කනවා
එච්චරමයි
බත් පේන්ඩ බෑ
බලන්ඩකෝ ඇඟේ හැටි

එදා පාටි එකේදි
බත් ඉල්ලලා ඇඬුවම
අතින් අල්ලලා
ගස්සලා හොලවලා
කනට කොඳුරලා
කිව්වා මෙහෙම
පටං ගත්තද බෙරිහං දෙන්ඩ
කෑම දැකලා නෑ වගේ
යමුකෝ ගෙදර
මම දෙන්ඩ පාර

අනේ මේ ලොකු උන්ට
පිස්සුද කොච්චරක්
චුට්ටකට කළිං කිව්ව එක
මේ දැං නෑ මතක


23 August 2012

මට පිස්සු වගේ




හිතේ නෑ කිසි නිදහසක්
හිත නිවා ගන්ඩ
කියවන්ඩ ගත්තා
සේකර
අනේ බං සේකර
උඹත් අවුල් කරනවා විතරයි
ඔලුව, හිත, ගත

හවස හරි වැස්ස
හයිඩ් පාර්ක් එකේ
පිකට් එකේදි තෙමුනා හොඳටම
යකඩ කටෙන් ගුගුරලා
කට්ටිය කිව්වා දිවුරලා
රැකගන්නවා කියලා
නිදහස් අධ්‍යාපනේ
ඒ උනත් තෙමුනා අපි වැස්සට

නහයත් බරයි
කැස්සත් වගෙයි
සීයයට හයක් දුන්නොත්
අධ්‍යාපනේට
හැදෙන එකක් නැද්ද
හෙම්බිරිස්සාව


පීනසෙත් වගේ
ඉදිලා තැනින් තැන කෙස් ගස්
පීනසේටමත් නෙමේ
ඉගෙනගෙනම
වයසට ගිහිල්ලා

දුකට සැපට
එකට හිටපු
සිගරැට්ටුව බෙදං බීපු
මිත්‍රයෝ හම්බ කරනවා
හරි හරියට
අපි තාම වියදං කරනවා
හරි හරියට
බස් එකේදි ළඟිං හිටපු
පන්තියේදි පොත පෙන්නපු
මිතුරියෝ
තඩි බඩවල් උස්සාගෙන
ක්ලිනික් යනව

ලෙචාලා ඉස්ට්‍රයික්ලු
ආණ්ඩුවට ගානක් නෑලු
ඩිග්‍රිය වැඩක් නැතිලු
මේවට ජොබ් නෑලු


රජරට වගේ නැතිලු
මාළඹේ සුරපුරක්ලු
සුර අඟනුන් යත් එහේ මෙහේ
සුර දනන් නෙත් පවස නිවමින්
බස්වලින් නෑ ගමන්
මාතලීලා එනවා උදේට හවසට
කේඑෆ්සී එකෙන් කාලා
එම්සී එකේ මූවි එකක් බලලා
ක්ලිනිකල්ස් යනවාලු

හයිඩ් පාර්ක් එකේ ඉඳං
ආවා පයිංම
ඉතුරුයි නේ රුපියල් නවයක්ම
නෑ දහයක්ම
ඉතුරු රුපියල දෙන්නෑනෙ කොන්දා
මහපොලක් දාලලු
සතුටට කෑවා කැන්ටිමෙන්
උළුඳු වඩේ දෙකක්ම
දත් අස්සේ ඉතුරු වෙච්චි
වඩේ කෑලි ටිකත්
ප්ලේන්ටියකින් හෝදලා
යැව්වා බඩටම
බෝඩිමට ආවට
නෑ කිසි නිදහසක් හිතේ, ගතේ

සේකර,
මම ආයෙත් කියවන්නං
තව මොනවා අවුල් වෙන්ඩද?
හිතේ, ගතේ.....



22 August 2012

දරිද්‍ර





කැරපොත්තෙක් 
පියාඹා ඇවිත්
වැටුනා බත් පිඟානට
සුදු පාට බත් ඇට
ඉව කරමින් පිඟාන පුරා
ඇදෙන කැරපොත්තා දිහා
බලා හිටියා මම
අනිමිසලෝචනයෙන්

පිඟානෙන් නැගී
මගේ අත දිගේ 
ඇදුනා ඌ
ඇති කළා ම'හිත
කිතියක්, හිරිකිතක්

බත් පිඟාන නොහැලෙන්නට
ප්‍රවේසමෙන් නැගිටලා
ගසා දැම්මා කැරපොත්තා
වම් අතින් මම

හරි පිරිසිඳු සතෙක්ලු
කැරපොත්තා
පත්තරේක තිබුනා 
ලිපියක් ඒ ගැන
බත් කටක් අනලා
කටේ දාගන්න කොට 
හිතුවා මං එහෙම



23 June 2012

හීනයක්


කොළඹට වැටිලා
හිම
සුදු පාටට
කුණු කාණු වැහිලා
නිළ මැස්සෝ මිදිලා

ගෝල් ෆේස් එක ළඟ
මුහුදේ අයිස් මත ලිස්සති
සුද්දෝ
අපේ උන් ගැහි ගැහී
බලං ඉඳිති කටවල් ඇරගෙන
ඉඳ හිට විසිල් ගසති
අත්පුඩිද තලති
ලද විටෙක
සීතලෙන් මඳ ඉසිඹුවක්

හිම කබා ඇත්තෝ
හිම බබ්බු හදත්
සොහොන් මත,
කබා නොමැතියවුන්ගේ...
තංගල්ලෙන් ගෙනැවිත්
කැරට් තබති නැහැයට
හිම බබ්බුංගේ

සාදු දෙත් සෙස්සෝ
සීතල අමතක කැරැ
මඳකට
අසල්වැසියාගෙන්
ලැබ උණුහුමක්,
පින් දෙත් හිම බබ්බුන්ටත්
කබා ඇත්තන්ටත්

කිසිවෙක් ඉඳහිට
කටුක සීතට බැණ අඬමින්
බෙරිහන් දී නිහඬ වෙත්
නිහඬ නොවූවෝ
නිහඬ කරනු ලැබෙත්
සදහටම!!!
සෙස්සෝ
හුරේ තබති එයටත්

පින්තූරෙ ගත්තේ : clipartxmas.com

02 June 2012

???????




ඒ දවස්වල
මට විතරක් පායපු
අද 
ලෝකෙට පායන
අත්දෙක බරට 
ගෙදර එනකොට
විනාඩි ගාණකට
ආයෙමත් පෙනී 
නොපෙනී යන
දඩයමකට ඇමක් ද?
උඹේ හිනාව


 පින්තූරෙ ගත්තෙ : commentsyard.com

24 March 2012

නව ජීවන ක්‍රමය





ලියුමක් ඇවිත්
බෝඩිමට
ආවමයි ලියුමක් මට
බෝඩිමට කෙසේ වෙතත්
ජීවිතේටම
පළවෙනි වතාවට

28 February 2012

මෙරුවෝ සහ මරුවෝ


තටු ලැබිලා
උද්දාමයෙන්
මහ පොළවෙන් මතුවෙලා
මම පියාඹගෙන එනකොට
අවඥාවේ එක අතුල් පාරකින්
ගහපන් මගෙ තටු කැඩෙන්න
මම වැටුනාම
ආයෙත් 
පටන් ගත්තු
මහ පොළොවටම
දත්මිටි කාගෙන
'නොදකිං මේ කාළකන්නි සත්තු'
 කියලා
පාගලා දාපන් චප්පම වෙලා යන්න
ඒත් හිතන්න එපා
ඉවරයි කියලා
මෙරු එන තරමට
කී පාරක් කියලා ඕක කරන්නද?

22 October 2011

අනාථ කවියා


කවියද ඔයාද
දෙකෙන් එකක්
තෝරගන්න කිව්වම
කවි ලියපු
අතත් එක්කම කපලා
වැළලුවා මම පෑන
අපේ ගෙදර
වත්ත පහල

ඌවද මාවද
දෙකෙන් එකක්
තෝරගන්න කියලා
මම කිව්වම
ඔයා
ඌව
තෝරගත්තට පස්සෙ
මම
වත්ත පහලට ගිහින්
හෑරුවා ආපහු වළ

ප්ලාස්ටික් පෑන
දිරලා නැතත් තාම
ඒක එක්ක වලදාපු
මගේ අත
නෑ පේන්ඩ
දිරලා ගිහිල්ලද කොහෙද

19 October 2011

දැක්ම




"අපේ යක්කුන්ට
 තේරෙන්නෑ මල්ලි
 හයි වේ හදලා
 හැමතැනම
 සී ප්ලේන් එකේ
 යතෑකි රට වටේම
 කොච්චර කළත්
 අගයක් නෑ අපේ උන්ට"

එහෙම කියලා
ධර්මේ අයියා එල්ලුනා
කෝච්චියේ
ෆුට් බෝඩ් එකේ

"ඕයි
 යනවලකො
 පොඩ්ඩක් ඇතුලට
 පේන්නැද්ද
 දොරේ යන්නෙත්
 මිනිස්සුම තමයි
 තමුසෙලා විතරක්
 සැපට ගියාම හරිද?"

24 September 2011

නිශ්ඵල





දැඩි වෙහෙසෙන්                 දුබල
හිස මත හිරු ද නැඟි              කල
සොයා සෙවනෙන්             සිහිල
රැඳී පල නැත කැහැටු රුක     මුල

තොල කට ද                       වේලී
තල්ලේ දිව ද ඇලි                ඇලී
සොයා දිය                     නිකෙළී
නොයන් සමුදුර බලා          ඉගිලී

සිතුවිලි                             ගුගුරලා
හදවත සොවින්                  බිඳිලා
ඇතත් තනි                           වීලා
නොයන් ළඳකගෙ සෙවණ පතලා

05 September 2011

විශ්වාසය...


මට විශ්වාසයි
මාව,
ඔයාට විශ්වාසයි වගේ
ඔයාව,
මට විශ්වාස නෑ
ඔයාව,
ඔයාට විශ්වාස නෑ වගේ
මාව...,
ඉතිං
නිදහසට කරුණුවලට
තියෙනවද ඉඩක්....?

03 September 2011

අපි







ඔයාට මම ඉන්නවා
මට ඔයා ඉන්නවා
ඔයත් තනි නෑ
මමත් තනි නෑ
ඒත් අපි.........?

28 August 2011

ෆැකල්ටියේ විරහව....


රුපියල් දෙකේ
ප්ලේන්ටියෙන්
ඉතුරු වෙනවා
රුපියලක
තාම
ඇවිත් බොන්න
මම ගියාමවත්

හැබැයි
දැනටමත් නිවිලා

17 June 2011

රිවාරේස්

ඉපදෙන්න බැරිද මෙහේ
දේශපාලන
අසූචි කන්දට
බැති ගී ගයන
නිලමැස්සෝ බුරුතු
මිස
මෙහේ නැහැ උපන්නෙ
ඇටමැස්සෝ