තටු ලැබිලා
උද්දාමයෙන්
මහ පොළවෙන් මතුවෙලා
මම පියාඹගෙන එනකොට
අවඥාවේ එක අතුල් පාරකින්
ගහපන් මගෙ තටු කැඩෙන්න
මම වැටුනාම
ආයෙත්
පටන් ගත්තු
මහ පොළොවටම
දත්මිටි කාගෙන
'නොදකිං මේ කාළකන්නි සත්තු'
කියලා
පාගලා දාපන් චප්පම වෙලා යන්න
ඒත් හිතන්න එපා
ඉවරයි කියලා
මෙරු එන තරමට
කී පාරක් කියලා ඕක කරන්නද?
මෙරු එන තරමට කීපාරක් නම් කියලා කරන්නද !
ReplyDeleteකතාව ඇත්ත. හැමවෙලාවෙම පාගලා පොඩි කරන්ඩ බෑ කියලාත් හිතන්න ඕනා.
මුං එහෙම හිතන්නෙ නැති එකනෙ තියෙන අවුල....
ReplyDelete