31 August 2012

අසහනේ...



විවිධාකාර දේවල් සම්බන්ධයෙන් අසහන කාරයෝ ඉන්නවා නෙව.මමත් එක්තරා විදිහක අසහනේකිං පෙළෙනවා මේ දවස්වල.මට ආසාවක් ආවා සමුරායි කටානා කඩුවක් ගෙන්න ගන්න.හැබැයි අතින් හදපු, වානේ නවලා ස්ථර 20,000ක් විතර හිටින්ඩ හදලා මැටිවලින් පන්නරය තියපු සාම්ප්‍රදායික කඩුවක් සෑහෙන ගාණක්.ඒ විතරක්නං මදෑ, ඒකට අපේ ආරක්ෂක අමාත්‍යංශේ අවසරේකුත් ඕනෙලු.දැනට ඒක අමතක කරලා දාන්ඩ තමයි වෙන්නේ.

28 August 2012

ක්‍රිකට්




මට ක්‍රිකට් ගැන දැනුමක් ඇත්තේම නැත.ක්‍රිකට් ක්‍රීඩාවට ඇල්මක් ද නැත.ඒත් ඉඳ හිට වෙන වැඩ ඇත්තේම නැති වෙලාවල ක්‍රිකට් ක්‍රීඩා කර ඇත්තෙමි.පන්දුවට පහර දීමට ලැබෙන්නේ අනිත් උන් ඔක්කොම දැවී ගිය පසුවය.

25 August 2012

පශ්චාත් නන්දිකඩාල් දේශය III






'සාක්සරතාව සාක්සරතාව සාක්සරතාව......'

ලොක්කා මුමුණ මුමුණා එහාටයි මෙහාටයි යනවාය.බිම තියෙන කාපට් එකත් උන්නාන්සේගේ කකුල්වලටම ගෙවිලාය.අත්දෙක පස්සට බැඳගෙන සරම පිටිපස්සෙන් උස්සා අල්ලාගෙන ඇවිදිද්දී පුරාණ ආරච්චි කෙනෙක්ගේ තේජස දිස්වෙන නිසා ඉස්සුනු සරමට යටින් පස්සා පැත්ත පෙනීම එච්චර ජුගුප්සාජනක වෙන්නේ නැත.මම අවසර නොගෙනම ළඟ තිබූ පුටුවක ඉඳ ගත්තෙමි.අරලිය ගහ මෙව්වා එකේ එහෙම නැත්තං පොස් විදිහට 'ටැම්පල් ට්‍රීස්' එකේ පුටුවක ඉඳගන්ඩ ලැබෙන්නේත් පෙර පිනකටය.

23 August 2012

මට පිස්සු වගේ




හිතේ නෑ කිසි නිදහසක්
හිත නිවා ගන්ඩ
කියවන්ඩ ගත්තා
සේකර
අනේ බං සේකර
උඹත් අවුල් කරනවා විතරයි
ඔලුව, හිත, ගත

හවස හරි වැස්ස
හයිඩ් පාර්ක් එකේ
පිකට් එකේදි තෙමුනා හොඳටම
යකඩ කටෙන් ගුගුරලා
කට්ටිය කිව්වා දිවුරලා
රැකගන්නවා කියලා
නිදහස් අධ්‍යාපනේ
ඒ උනත් තෙමුනා අපි වැස්සට

නහයත් බරයි
කැස්සත් වගෙයි
සීයයට හයක් දුන්නොත්
අධ්‍යාපනේට
හැදෙන එකක් නැද්ද
හෙම්බිරිස්සාව


පීනසෙත් වගේ
ඉදිලා තැනින් තැන කෙස් ගස්
පීනසේටමත් නෙමේ
ඉගෙනගෙනම
වයසට ගිහිල්ලා

දුකට සැපට
එකට හිටපු
සිගරැට්ටුව බෙදං බීපු
මිත්‍රයෝ හම්බ කරනවා
හරි හරියට
අපි තාම වියදං කරනවා
හරි හරියට
බස් එකේදි ළඟිං හිටපු
පන්තියේදි පොත පෙන්නපු
මිතුරියෝ
තඩි බඩවල් උස්සාගෙන
ක්ලිනික් යනව

ලෙචාලා ඉස්ට්‍රයික්ලු
ආණ්ඩුවට ගානක් නෑලු
ඩිග්‍රිය වැඩක් නැතිලු
මේවට ජොබ් නෑලු


රජරට වගේ නැතිලු
මාළඹේ සුරපුරක්ලු
සුර අඟනුන් යත් එහේ මෙහේ
සුර දනන් නෙත් පවස නිවමින්
බස්වලින් නෑ ගමන්
මාතලීලා එනවා උදේට හවසට
කේඑෆ්සී එකෙන් කාලා
එම්සී එකේ මූවි එකක් බලලා
ක්ලිනිකල්ස් යනවාලු

හයිඩ් පාර්ක් එකේ ඉඳං
ආවා පයිංම
ඉතුරුයි නේ රුපියල් නවයක්ම
නෑ දහයක්ම
ඉතුරු රුපියල දෙන්නෑනෙ කොන්දා
මහපොලක් දාලලු
සතුටට කෑවා කැන්ටිමෙන්
උළුඳු වඩේ දෙකක්ම
දත් අස්සේ ඉතුරු වෙච්චි
වඩේ කෑලි ටිකත්
ප්ලේන්ටියකින් හෝදලා
යැව්වා බඩටම
බෝඩිමට ආවට
නෑ කිසි නිදහසක් හිතේ, ගතේ

සේකර,
මම ආයෙත් කියවන්නං
තව මොනවා අවුල් වෙන්ඩද?
හිතේ, ගතේ.....



22 August 2012

දරිද්‍ර





කැරපොත්තෙක් 
පියාඹා ඇවිත්
වැටුනා බත් පිඟානට
සුදු පාට බත් ඇට
ඉව කරමින් පිඟාන පුරා
ඇදෙන කැරපොත්තා දිහා
බලා හිටියා මම
අනිමිසලෝචනයෙන්

පිඟානෙන් නැගී
මගේ අත දිගේ 
ඇදුනා ඌ
ඇති කළා ම'හිත
කිතියක්, හිරිකිතක්

බත් පිඟාන නොහැලෙන්නට
ප්‍රවේසමෙන් නැගිටලා
ගසා දැම්මා කැරපොත්තා
වම් අතින් මම

හරි පිරිසිඳු සතෙක්ලු
කැරපොත්තා
පත්තරේක තිබුනා 
ලිපියක් ඒ ගැන
බත් කටක් අනලා
කටේ දාගන්න කොට 
හිතුවා මං එහෙම



19 August 2012

උමා




උමා කියන්නේ තේ වත්තේ වැඩ කරපු පට්ට කෑල්ලක්.ඇත්ත මං දන්නවා ඇත්තටම මමනං තේ වතුවල එහෙම පට්ට කෑලි දැකලා නෑ.ඔක්කොම පට්ට එවුන් වෙන රස්සා කරන්ඩ දැං කොළඹ එනවනේ.මේ කතාව ඔය පට්ට කෑලිත් තේ වත්තේ වැඩ කරපු කාලේ සිද්ද වෙච්චි එකක්.

05 August 2012

එළියේ එකාට බූට් ඇයි ???





ඉස්කෝලෙ කාලේ.....හම්මෝ...ඒක තමයි මරුම කාලේ.ඉස්කෝලේ ඇවිත් වෙන මොකුත්ම නොකර පොතේම හිටපු එවුන් විතරක් නෙමේ, හැමදාම ඉස්කෝලෙ එනවා කියලා ගෙදරින් ඇවිත් ඉස්කෝලෙ පැත්තෙවත් නොගිහිං කට්ටි පැනලා ගංජා ගහපු එවුන් පවා කියන්නේ ඉස්කෝලෙ කාලේ තරං ආතල් කාලයක් නං නෑ කියලා.කොල්ලොත් දිග කලිසං එහෙම ඇඳලා දැලි රැවුල රේසරේකිං බූ ගාන්ඩ පටං ගන්න කොට වගේම, කෙල්ලංගෙත් ටයි පටිය දෙපැත්තෙං ගවුං රෙද්ද උඩට මෝදු වෙනකොට මුංගේ ඉහට ගහනවා මනමාල විසේ.අපි දකින දකින හැම චිත්තරපටියකම, හැම මල් නවකතාවකම, හැම ටෙලි නාට්‍යයකම, පත්තරවල චිත්‍රකතාවල ඒ විතරක්නං මදෑ සිංදුමනං කීයක ඔය පාසැල් ප්‍රේමේ ගැන උජාරුවට විස්තර කරනවද?ඒවායේ පාසැල් ප්‍රේමෙ කොච්චර පූජනීයද?

04 August 2012

කේන්දරේ




මම අඳුරන අයියා කෙනෙක් කාලයක් තිස්සේ කෙල්ලෙක්ගේ පස්සේ ගියා.හරි ගියේ නෑ.පොර ට්‍රයි කරලා කරලා ඔන්න වෙන කෑල්ලක් සෙට් කර ගත්තා.ඔන්න ඉතිං ප්‍රේම තටාකේ මේකයි මැණිකේ කියලා ටික දවසක් ලව් කරලා එහෙම වයසට යන හින්දා එකලාසයක් වෙන්ඩ හිතාගෙන මේ සම්බන්දෙ ගැන ගෙවල්වලට කිව්වා.