ස්ථිර පවුල් සැලසුම් ක්‍රම

මේක එක්කෝ ස්ත්‍රියට හෝ පුරුෂයාට කර ගන්න පුළුවන්.
ස්ත්‍රියට සිදුකරන ස්ථිර උපත් පාලන ක්‍රමයට කියන්නේ ටියුබෙක්ටමි කියලා.අපි පාවිච්චි කරන්නේ LRT හෙවත් Ligation and Resection of the Tubes කියන නම.
මේකෙදි සිද්ද වෙන්නේ ඩිම්බකෝෂවල ඉඳලා ගර්භාශයට ඩිම්බය රැගෙන එන පැලෝපීය නාල දෙකම කපලා කෙළවරට ගැටයක් දාන එක.ඒ මඟින් ඩිම්බය ගර්භාශයට එන එක වළක්වන එක හරහා සහ ශුක්‍රාණුවලට ඩිම්බය හමුවීම වැළැක්වීම හරහා උපත් පාලනය ලබා දෙනවා.
මේ ක්‍රමය ස්ථිර එකක්.ඒ කියන්නේ නැවත යථා තත්ත්වයට පත් කරන්න බැරි ක්‍රමයක්.බැහැ කිව්වට බැරිම නෑ.නමුත් නැවත පැලෝපීය නාළ සම්බන්ධ කරලා ශල්‍යකර්මයක් සිද්ධ කළාට එච්චර සාර්ථක නෑ.ඒ වගේම නැවත සම්බන්ධ කරන තැන පොඩි අවහිරතාවයක් තිබුනොත් තවත් ගැටළුවක් ඇතිවෙන්ඩ පුළුවන්.ශුක්‍රාණු කුඩා හින්දා ඒවට පොඩි අවහිරයෙන් රිංගලා ගිහිල්ලා පැලෝපීය නාළ කෙළවරේදී ඩිම්බය සංසේචනය කරන්ඩ පුළුවන් උනාට ඩිම්බය විශාල නිසා අවහිරයක් තියෙන තැනකින් එන්ඩ අපහසුයි.ඒවගේ වෙලාවට ගර්භාශයෙන් පිටත සිදුවෙන ගැබ් ගැනීම් හෙවත් ectopic pregnancy ඇති වෙන්ඩ අවධානමක් තියෙනවා.මේ තත්ත්වය දරුවට කොහොමත් බලපානවා වගේම අම්මගේ ජීවිතේටත් තර්ජනයක් වෙන්ඩ පුළුවන්.නමුත් මේ අවධානම් ඔක්කොම ඇතිවෙන්නේ නැවත පැලෝපීය නාළ සම්බන්ධ කරන්ඩ ගියොත් විතරයි.ඒ ඇරෙන්ඩ මේ ක්‍රමය නිසා හෝ ශල්‍යකර්මය නිසා මොනවත් බරපතල ආබාධ ඇතිවෙන්නේ නෑ.
නමුත් මේ ක්‍රමයේ වාසි තමයි තමන්ගේ පවුල සම්පූර්ණ කළාට පස්සේ තවත් දරුවෙක් බලාපොරොත්තු වෙන්නේ නැත්නම් මේ ක්‍රමය බොහොම ලාභදායී මෙන්ම විශ්වාසවන්ත පවුල් සැලසුම් ක්‍රමයක් වීම.මම දන්න විදිහට තවමත් ස්ථිර පවුල් සැලසුමකට යොමු වෙන කෙනෙකුට රජයෙන් රුපියල් 500ක් දෙනවා.
නමුත් මේ ක්‍රමය ස්ථිර එකක් නිසා ආවට ගියාට මේක වෛද්‍යවරු කරන්නේ නෑ.
- කාන්තාව අවුරුදු 26ට වඩා වැඩි වෙන්ඩ ඕනේ.
- අඩුම ගානේ දරුවො දෙන්නෙක්වත් ඉන්ඩ ඕනේ.
- දෙවෙනි දරුවාට වයස අවුරුදු දෙකකට වඩා වැඩි වෙන්ඩත් ඕනේ.
- ඒ වගේම ගෑනු කෙනාට මේ ගැන පහදලා දීලා ඇයගේ නිදහස් කැමැත්ත ලැබෙන්ඩ ඕනෙ වගේම
- ඇගේ සහකරුවාගේ කැමැත්තත් ලබාගන්න එක අනිවාර්යයි.
මෙය ඉතාකුඩා ශල්‍යකර්මයක් මඟින් සිද්ද කරන්නක්.ඒ සඳහා ක්‍රම තුනක් තියෙනවා.
- එකක් තමයි සිසේරියන් සැත්කමකදී දරුවා බිහි කිරීමෙන් පසු ඒ අවස්ථාවේදී පැලෝපීය නාළ ගැට ගසා කපා වෙන් කිරීම.
- අනිත් එක තමයි උදර බිත්තියේ කුඩා කැපුමක් හරහා සිදු කරන mini-laparotomy නම් ශල්‍යකර්මය.
- උදර බිත්තිය කපන්නේ නැතුව කුඩා සිදුරු කීපයක් විද කැමරාවක් ඇතුළු කර ඒ ආධාරයෙන් කරන laparoscopy ක්‍රමය.
මෙහි මුලින් සඳහන් කළ ක්‍රමය හැර අනිත් දෙක ඉතාමත් සුළු ශල්‍යකර්ම.උදේට ඇවිත් ශල්‍යකර්මය කරගෙන හවස් වෙද්දි ගෙදර යන්ඩ පුළුවන්.
මේ ක්‍රමයෙන් ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග සඳහා ආරක්ෂාවක් ලැබෙන්නේ නම් නෑ.ඒ වගේම මාසික ශුද්ධිය හෙවත් ඔසප් වීමටත් මෙයින් බලපෑමක් වෙන්නේ නෑ.
වාසෙක්ටමි හෙවත් පුරුෂයාට සිදු කරන ස්ථිර පවුල් සැලසුම් ක්‍රමයෙත් ටියුබෙක්ටමි ක්‍රමයේ වගේම වාසි තියෙනවා.ඒ වගේම මේ ක්‍රමයත් නැවත යථා තත්ත්වයට පත් කරන එක ලේසි නෑ වගේම එච්චර සාර්ථකත් නෑ.
මේකෙදි සිද්ධ කරන්නේ මේ කළිං ලිපියෙදි විස්තර කරපු ශුක්‍ර නාල කපලා ගැට ගහන එක.විනාඩි දහයක් විතර යන බොහොම පුංචි ශල්‍යකර්මයක් නිසා ඉස්පිරිතාලේ නවතින්ඩ ඕනෙත් නෑ.
මේක කරන්ඩත් LRT කරනවා වගේ දරුවො දෙන්නෙක්වත් ඉඳීම, දෙවෙනි දරුවා අවුරුදු දෙකට වඩා වැඩි වීම අවශ්‍යයි වගේම සහකාරියගේ වයස 26ට වඩා වැඩි වීම අවශ්‍ය වෙනවා.
මේක ගොඩක් හොඳ පවුල් සැලසුම් ක්‍රමයක් උනාට මේ ශල්‍යකර්මය කරපු ගමන් මේකේ ප්‍රථිපල ලැබෙන්නේ නෑ.ශුක්‍රාණු කියන්නේ ඩිම්බයක් වගේ එකක් දෙකක් හැදෙන දෙයක් නෙමෙයිනේ.මිලියන ගණන්වලින් හැදෙන නිසා මේ ශුක්‍ර නාළ මඟින් කැපුවට එයින් ඉහළ ඉතුරු වුනු ශුක්‍රාණු සම්පූර්ණයෙන් ඉවත් වෙලා යන්ඩ මාස තුනක්වත් යනවා.ඒ නිසා මාස තුනක් විතර යනකම් වෙනත් උපත්පාලන ක්‍රමයක් පාවිච්චි කරන්ඩ වෙනවා.ඒ වගේම මාස තුනකට පස්සේ ශුක්‍ර තරල පරීක්ෂාවක් (seminal fluid analysis) කරලා ශුක්‍රතරලය ශුක්‍රාණුවලින් තොර බව තහවුරු කරගන්ඩ සිද්ද වෙනවා.මේක එච්චර වියදමක් හෝ අපහසුවක් ඇති පරීක්ෂණයක් නෙමෙයි.කරන්ඩ තියෙන්නේ දවස් තුනක් සංසර්ගයේ යෙදීමෙන් සහ ස්වයං වින්දනයේ යෙදීමෙන් වැළකී ඉඳලා අදාල ලැබ් එකෙන් ලබා දෙන පුංචි භාජනයට ශුක්‍ර තරලය එකතු කරලා ලැබ් එකට ගිහින් දෙන එක.මේ ශුක්‍ර තරලය ලබා ගන්ඩ ඕනේ තනියෙන් මහන්සි වෙලා කියලා මතක් කරන්ඩ කැමතියි.
මේක කරපුවාම තමන්ගේ ලිංගික හැකියාව අඩුවෙයි කියලා බය වෙන්ඩ ඕනේ නෑ.එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ.මොකද වෘෂණවල හෝමෝන නිපදවීමට මේ ක්‍රමය කිසිම බාධාවක් කරන්නේ නැති නිසා.ඒ වගේම සුරාන්තයේදී ශුක්‍ර තරලය නිකුත් වීමත් සිද්ද වෙනවා.ඒක නවතින්නෙත් නෑ.එකම වෙනස මේ ශුක්‍ර තරලයේ ශුක්‍රාණු නැති වීම විතරයි.
ඒ වගේම මේ ක්‍රමයෙනුත් ලිංගිකව සම්ප්‍රේශනය වන රෝගවලටනම් ආරක්ෂාවක් ලැබෙන්නේ නෑ.
ප්‍රයෝජනවත් ලිපි පෙලක අවසාන ලිපිය. ස්තුතියි දිනුක.
ReplyDeleteඔක්කොම ඉවර නෑ.ලිංගිකව සම්ප්‍රේශනය වෙන ලෙඩ ගැනත් හෙමිහිට ලියන්ඩයි ඉන්නේ.ඒ ටිකත් බලන්ඩ එන්ඩ.කියැවූ ඔබටත් ඉස්තූතියි.
Deleteවැදගත්.නොදන්න දේවල්.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
නොදැන සිටි යමක් ගැන දැනුවත් කිරීමට ලැබීම ම සතුටක්
Deleteමේ ආත්මෙදි පාවිච්චි කරන්න පමා වැඩි උනත් ඉගෙනගත්ත දෙයක් අපතෙ යන්නේ නෑනෙ..
ReplyDeleteඔන්නොහේ ඕකත් කරලා බලන්ඩ සරත් අයියේ.රුපියල් 500ක් දෙනවා.
Deleteවැදගත් විස්තරයක් මචං..
ReplyDeleteබොහොම ඉස්තූතියි සහෝදරයා...
Deleteඇත්තටම සහෝ වැදගත් ලිපි පෙලක්... මම ලිපි පෙලම කියෙවුව.. ගොඩාක් වැදගත්... තව ඉස්සරහට ලියන්නකො/...
ReplyDeleteබොහොම ඉස්තූතියි.මේ පැත්තට අළුතෙන් නේද ආවේ? බලමු ඉතුරු ටිකත් ලියන්ඩයි හිතාගෙන ඉන්නේ.
Deleteගොඩක් වැඩගත් යාළුවා.. මේ ක්‍රම භයානකයි කියල මට හිතෙනව. හදිස්සියෙ හරි සිතුවිලි වෙනස් උනොත් එහෙම.
ReplyDeleteසිතුවිලි වෙනස් වෙයි කියලා හිතෙනවනං කරන්ඩ හොඳ නෑ.ඒත් ළමයි දෙතුන් දෙනෙක් හදලා වයස 40ක් විතර වගේ උනාට පස්සේ ආයෙ හිත වෙනස් උනත් වැඩක් නෑනේ.ඒක හින්දා ඒ වගේ කාලෙක කර ගත්තට කමක් නෑ.
Deleteනියමයි දිනුක මේ ලිපි තරුණ අයට වගේම මැදි වයසේ අයටත් ඔහෝම ප්‍රයෝජනවත් . .
ReplyDeleteඒකනේ අපි දුකා අයියලගේ වයසෙ අයටත් එක්ක තමයි ලියන්නේ.
Deleteඅපූරු බ්ලොග් එකක් අදයි මුලින්ම ආවේ. දිගටම ලියන්න.
ReplyDeleteඉස්තූතියි මචං.....
DeleteLRT කියලා කෙටියෙන් දැනගෙන හිටියට Ligation and Resection of the Tubes කියන නම දැනගත්තේ අද.
ReplyDeleteමෙතන Ligation කියලා යෙදෙන්නේ බැඳ දමනවා, ගැට ගසනවා කියන අර්ථයෙන්ද?
අන්න ඒකට තමයි මචං : )
Deleteකලින් එන්න බැරි උනාට කනගාටුයි..නිවී හැනහිල්ලෙ ඔක්කොම කියවන්න ඕන.
ReplyDeleteවැදගත් වැඩක්...!
සයිලන්ට්ශාන්ගෙ පාරෙ ආවෙ.
බොහොම ඉස්තූතියි!
Deletemata loku prashnayak tiyrnava mama mage gf akka sex kala eyage smanayen date aka tiyenne 25 ha vithara mama eyath ekka x kale 23 venida vithara mm mata bayayi eda mage athin eyata .... vuna kiyala .. ayiyee ahema venna puluvanda mama mokakda dan maykata karanne eyata thama m hadila naaa mama loku prashneka innee plz help mee
ReplyDeleteඑයාට මෙන්සස් හැදුනේ නැත්තං ඉතිං අවුලක් තමයි.ඇයි මම අනිත් ලිපියක දාලා තියෙන උපත් පාලන ක්‍රමයක් පාවිච්චි කරේ නැද්ද? ප්‍රොස්ටිනොර් 2 ගත්තනම් හරිනේ.හැබැයි ඒකේ ක්‍රියාකාරීත්වය ගොඩක් සාර්ථක වෙන්නේ පැය 72ක් ඇතුලතදි ගත්තොත් තමයි.මෙන්සස් හැදුනෙම නැත්තං මුත්‍රා පරීක්ෂණයක් කරලා බලන්ඩ වෙනවා.
Deleteමචන්ග් මම හෙම අර්ටිකල් එක්කක්ම කියෙව්ව. ලන්ගදි තමය් මට මේ බ්ලොග් එක හම්බවුනේ.... පට්ටඉ බන්ග්.. කෝ ඉතින් අනිත් ලිපි ටික කියවන්න ආසවෙන් ඉන්නෙ
ReplyDeletepregnat wela iddi sex karana eeka hondada kiyala kiyala dennako
ReplyDeleteකිසි ප්‍රශ්නයක් නෑ.සුදුසු ඉරියව්වක් පාවිච්චි කරන්ඩයි ඕනේ.
DeleteSarthaka wa pregnat wenna nam osap unu denaye sita dawas keyaken sansargaye yadanna onida? osapunu denayema sansargaye yadunoth pregnat wenawada?
ReplyDeleteඔසප් චක්‍රයක් කියන්නේ එක් ඔසප් වීමක් ඇරඹුනු දිනයේ ඉඳන් ඊළඟ වාරයේ ඔසප් වීම ඇරඹේන දිනය දක්වා කාලයටයි.සාමාන්‍යයෙන් මේ සඳහා ගතවන කාලය දවස් 28ක්.මේ කාලය සාමාන්‍යයෙන් දින 21 සිට දින 35ක් දක්වා වෙනස් වෙන්ඩ පුළුවන්.අපි උදාහරණයක් විදිහට දින 28ක් ඔසප් චක්‍රයක් සහිත කාන්තාවක් ගත්තොත් ඇයගේ ඩිම්බය ගර්භාශය වෙතට මුදා හැරෙන්නේ සාමාන්‍යයෙන් 14වෙනි දිනයේ.ඒ කියන්නේ ඔසප් වීම ඇරඹුනු දිනයේ ඉඳන් 14වෙනි දවසේ හෙවත් ඔසප් චක්‍රයේ මැද දවසේ.ඒ නිසා සාමාන්‍යයෙන් 10වෙනි දිනයේ සිට 18වෙනි දිනය දක්වා කාලයේ සංසර්ගයෙ යෙදීමෙන් ගැබ් ගැනීමක් බලාපොරොත්තු වෙන්ඩ පුළුවන්.
Deleteඔසප් උනු දිනයේ සංසර්ගයේ යෙදීමෙන් ගැබ් ගැනීමේ හැකියාව ඉතාම අවමයි.නමුත් ඔසප් වීම සිදුවෙන කාලයේ සංසර්ගයේ යෙදීමෙන් කාන්තාවට යම් යම් ආසාදන ඇතිවීමේ අවධානම වැඩියි.ගර්භාශය දක්වා දිවෙන මාර්ගය විවෘතව ඇති නිසා මේ දිනවලදී විශබීජ යෝනි මාර්ගය හරහා ගර්භාශයටත් එතැනින් උදර කුහරයටත් ඇතුළු වෙන්ඩ පුළුවන්.
sansargaye yedenna puluwan hodakaalaya kumakda( menses )?
ReplyDeletee kiwwe pregnant nowenna.....
ReplyDeleteඉහළ කොමෙන්ටුවට දී ඇති පිළිතුර බලන්න.එහි ගැබ් ගැනීම සඳහා සුදුසු යැයි සඳහන් දින කීපය හැර අනිකුත් දින කීපය ගැබ් ගැනීම අවම දින ලෙස සැළකෙනවා.නමුත් මෙය සාර්ථක උපත් පාලන ක්‍රමයක් නොවේ.වඩා සාර්ථක උපත් පාලන ක්‍රමයක් අනුගමනය කරන මෙන් කාරුණිකව යෝජනා කර සිටිමි.
Deleteලිපි ටික මුල ඉදන් කියෙව්වා, සමහර ලිපි කියවද්දි නම් ඇග කිලිපොලා ගිහින් උණ්ඩුක පුච්චිය සලිත් උනා අපි මක්කැයි දැනන් හිටියෙ කියලා, ඉටිකිරිස් වගේ තියනවා. ලියන්නන් වාලෙ ඔහේ නොලියා බොක්කටම වදින බාසාවෙන් ලියන එක නම් මරු. නැත්නම් අපේ වගේ පුංචි මොළ ගෙඩි වලට ඕවා තේරෙන්නෑ... ඕන් කිව්වා...
ReplyDeleteඅළුතෙන් දෙයක් දැන ගත්තනං එච්චරයි. :)
Deleteමම මේ ලිපි 16 කියෙව්ව ඇත්තටම ගොඩක් වටින ලිපි පෙලක්...කරුනුත් බොහෝමයක් දැනගත්ත,භයානක කරුනුත් තිබුන :O තවත් ඉදිරියට මේ වගේ ලිපි ලියන්න කියල සුබපතනව.... :)
ReplyDelete16ma kiyewwa.godak de dana gathta.tawa liyanakan balan innawa.
ReplyDeleteShukranu yamata pera yana tharalaya agillaka wadi yoni margaye thawarunoth gab gannawada
ReplyDeleteසාමාන්‍යයෙන් ලිංගික ක්‍රියාව හැඩ ගැහිලා තියෙන්නෙ ප්‍රජනනය සඳහානෙ. ඒ නිසා හැම ලිංගික ක්‍රියාවකින්ම ගැබ් ගැනීමක් ඇතිවෙන්න තමයි ස්වභාවධර්මයා කටයුතු කරන්නෙ.සාමාන්‍යයෙන් කියන්නෙ ඔය මුළින් පිටවෙන තරලයේ ශුක්‍රාණු සාන්ද්‍රණය වැඩියි කියල.
Deleteඒ කියන්නෙ ගැබ් ගැනීමේ අවස්ථාවක් තියෙනවා