Showing posts with label විචාර. Show all posts
Showing posts with label විචාර. Show all posts

27 May 2018

වැල







කොස් ඉදුනාම හයියට හැපෙන එක වරකාය. අනිත් එක එනම් ලිස්සලා යන එක 'වැල' ය. කඳ කෙළිං තියෙන ශාක වර්ග ගස් ය. කඳ කෙළිං නැතිව කොහේ හරි එතිලා වෙලිලා හැදෙන ශාක විශේෂ 'වැල්' ය. මේවාට අමතරව තවත් වැල වර්ගයක් තිබේ. ඒවා නම් ලිංගික දර්ශන ඇතුලත් කාම ප්‍රකාශනයන් ය. ඒ වැල ලංකාවේ තහනම්ය. කරන්න තහනම් නැති උනාට බලන්න තහනම් ය.

මුළින් බැලුවේ වැල පත්තරය. හැමෝටම හොරෙන් පන්තියට ගේන වැල පත්තරය සහජීවනයෙන් පිටු වෙන වෙනම බෙදාගෙන රස වින්දෙමු. මාට්ටු උනොත් සොරි ය.වැල පත්තරය ශිෂ්‍ය නායකයින්ගේ හස්ත කර්මාන්ත සඳහා රාජ සන්තක කර ගනිති. පත්තරවල රූපවලට වඩා ඇත්තේ කතාවය. ඒක කියවන එක වෙනම ලල් එකක්ය. තැනින් තැන ඇති ඡායාරූපද කළුසුදු ඒවාය. පින්තූර තත්ත්වයෙන් බාලය. නමුත් ඒ කාලයේ ඒවාට වඩා දේවල් තිබුණේ ඉතා කළාතුරකින්ය. එහෙම කළාතුරකින් පිටරටවලින් ගෙන්වූ වර්ණ කාම සඟරා ළඟ තිබූ වරප්‍රසාදිත පන්තියේ උන් ද සිටියෝය. උන් අනික් උන් අතර ගෞරව බුහුමානයට පාත්‍ර වූහ. එකම පත්තරය නවලා දිග ඇරලා නැමුම් පාරවල් දිගේ ඉරිලා ගියත් විසි කරන්නේ නැත. එකල සිටියෝ සම්පත් නාස්තියට එරෙහි වූවෝ වූහ.

ඉන්පසු ආවේ වීඩියෝ කැසට් යුගය හෙවත් VHS යුගයයි. ඒවා පත්තර මෙන් සඟවා තබා ගැනීමට අපහසු තරමේ ප්‍රමාණයෙන් විශාල වීය.එමෙන්ම යටිතල පහසුකම්ද ඇවැසි විය. වීඩියෝ කැසට් යන්ත්‍රයක් හෙවත් 'ඩෙක් එකක්' තිබුණේ එහෙමත් කෙනෙක් ළඟය.එනිසා ගෙදර වැඩිහිටියන් නැති වෙලාවක් බලා කොල්ලෝ කල්ලි ගැසී වැල බැලූහ. එය වෙනම සංස්කෘතියක් වීය. සජීවී විචාර, ඇගැයීම් මෙන්ම නැවත විකාශය කිරීම් සමඟ විශයානුබද්ධ දැනුම බෙදාගැනීමේ මහඟු අවස්තාවක් ඔවුන්ට හිමි වූ අතර කැසට් පටවල බැඳුනු දිලීර හෙවත් පුස් ඉවත් කිරීම වෙනමම කලාවක් ලෙස වර්ධනය විය.

ඉනුත් පසු පැමිණියේ VCD සමයයි. වීඩ්යෝ කැසට් මෙන් නොව ප්‍රමාණයෙන් කුඩා වීමත් පොතක් අතර පහසුවෙන් සඟවා ගෙන යා හැකි වීමත් නිසා මේවා යොවුන් පරපුර අතර සීඝ්‍රයෙන් ජනප්‍රිය වී ගියේය. CD මුද්‍රණය කළහැකි එනම් රයිටරයක් සහිත පරිගණකයක හිමිකරුවෙකු එකල සැලකුණේ ජීවමාන දෙවියෙකු වැඩ සිටින දේවාලයක කපු මහතෙකු මෙන්ය. පරිගණක අහිමි මුත් CD යන්ත්‍ර හිමි උන්, එවන් කොල්ලන්ට දොල පිදේනි දෙමින්, පොල් ගසමින්, උන් වටා කැරකුණේ තමන්ට ඇවැසි වැල CD මුද්‍රණය කරවා ගැනීමටය. මෙම CD කාටත් හොරෙන් සඟවා තැබීමත් නැවත නැවත භාවිත කිරීමත් නිසා ඇතිවන් සීරීම් සමඟ රූපවල කොටු වැටීම සහ වීඩියෝව හිරවී නැවතීම වැනි අභාග්‍යසම්පන්න ඉරණම්වලටද මුහුන දීමට සිදු විය. ජීවිතේට දත් මදින්නේ නැති උන් දත් බෙහෙත් භාවිතා කොට CD පිරිසිඳු කිරීම ආරම්භ කිරීමත් සමඟ දත් බෙහෙත් වෙළඳාමද ඉහළ ගියේය.

ඉන්පසු DVD ද පැමිණි අතර ගුණාත්මයෙන් වැඩි වැල වැඩි ප්‍රමාණයක් එක තැටියක අන්තර්ගත කළ හැකි වීම නිසා කොල්ලන්ගේ නින්ද අඩු විය. එළි පහළියට බැසීම මෙන්ම කෑම බීම පවා අඩු විය. ඉස්සර සාලයේ තිබූ පරිගණක කාමර තුළට රිංගවා ගැනිනි.සමාජ ආශ්‍රය අඩු වීම නිසා සමාජයෙන් කොන් වූ කොල්ලන්ගේ පෝෂණයද අඩු වීම නිසා කෘශ වී ගියෝය. නමුත් සතතාභ්‍යාසයේ යෙදුණු සුරත නම් වැඩී වර්ධනය වීය.

අන්තර්ජාල ප්‍රවිශ්ඨය පහසු හා වේගවත් වීම සමඟ පැරණි වැල සංස්කෘතීන් සියල්ල අභාවයට ගොස් ඇති අතර යෞවනයන් තව දුරටත් එකිනෙකාගෙන් ඈත් වෙමින් පවතී.

මිනිසුන් එකිනෙකා ප්‍රේම කළ යුතුය. නිසි වයසේදී විවාහ විය යුතුය. ලිංගිකව එක් වී දරුවන් බිහි කළ යුතුය. මිනිස් ඝාතන නොකළ යුතුය. පහර දීම්, මංකොල්ල කෑම් නොකළ යුතුවාක් මෙන්ම බොරු කීම, මත්ද්‍රව්‍ය භාවිතය හා අනියම් සම්බන්ධතා නොපැවැත්විය යුතුය.
නමුත් නීතියට අනුව වැල බැලීම තහනම්ය. එනම් සැවොම කළ යුතුයැයි සමාජ සම්මත ලිංගික ක්‍රියා නැරඹීම අසම්මතය. නමුත් මිනී මැරීම්,පහර දීම් ආදිය ඇතුලත් චිත්‍රපට පවුලේ සැවොම එකට ඉඳ නරඹති. අත්පොලසන් දෙති. බොරු කීම්, වංචා කිරීම් මෙන්ම අනියම් සබඳතා ටෙලි නාට්‍යයවල සුලභය. කවුරුත් ඒවා තහනම් කිරීමට පෙළඹෙන්නේ නැත.

වැල බැලීමෙන් ඒවායේ තිබෙන දේ කරන්නට පෙළඹෙන බවට සමාජ මතයක් ඇත. වැලවල ගොඩක් ඇත්තේ බොරුවය. ස්පයිඩර් මෑන් චිත්‍රපට බලා කවුරුත් බිත්ති දිගේ නගින්නේ නැත. සුපර් මෑන් චිත්‍රපට නරඹා වාහන උස්සා විසි කරන්නට යන්නේ නැත. වැලවල ඇති අසාමාන්‍ය දෑ අත් හදා බලන්නට යන්නේ මානසික රෝගීන්ය.එහෙම උන් මහා ගොඩක් නැත.

නමුත් සමහර අවස්ථාවලදී අනෙක් පාර්ශ්වය නොදැනුවත් වීම නිසා අකරතැබ්බ සිදු වෙනවාය. කොල්ලෝ වැල බැලුවාට කෙල්ලන්ට බලන්න දෙන්නේ නැත. අඩුම තරමේ උන් තමන් වැල බලන බව කෙල්ලන් ඉදිරියේ පිළි ගන්නේද නැත. ඉතින් බැන්දාට පසු වැල බැලූ කොල්ලාට සාමාන්‍යකරණය වී ඇති ගුද රමණය අත් හදා බලන්නට ගිය විට වැල නොබැලූ කෙල්ලට එය ජුගුප්සාජනක අද්භූත අද්දැකීමක් වනවා නියතය. දික්කසාදයකින් පවා කෙළවර විය හැක.

වැල බලා මානසික පීඩනය මෙන්ම ශුක්‍ර තරළයද මුදා හැරීමෙන් ලැබෙන මානසික සහනය පුද්ගලයෙකුගේ අනෙකුත් කටයුතු සඳහා මහත් පිටිවහලක් වේ. ලිංගික පීඩනය අඩු වීම නිසා බස්වල ජැක් ගැසීම් ආදී සුළු සුළු අතවරයන් යම් තරමකින්හෝ පහළ යා හැක. පුළුල් පරාසයක ලිංගික අත්දැකීම් ලැබෙන බැවින් තමන්ගේ ලිංගික ජීවිතය නැවුම්ව හා ක්‍රියාශීලීව පවත්වා ගැනීමටද වැල දායක කර ගත හැක. ඔසප් දින මෙන්ම ගර්භනී අවධියේ ශාරීරික අපහසුතා නිසා ලිංගිකව එක්වීමට අපහසු දිනවලදී යම් සහනයක් ලබා ගැනීමට වැලවල පිහිට පැතිය හැක.

ලිංගිකත්වය මහා කුණුහරුපයක් සේ සිතීම නවතා ( කුණු හරුප සියල්ලම එක්කෝ ලිංගික අවයව හෝ ක්‍රියාව කේන්ද්‍ර කොටගෙන නිර්මාණය වී ඇත.) එහි සුන්දරත්වය අත් විදිමු. වැලවලට සමාජයේ නිසි තැන දෙමු. ඕනෑම හොඳ දෙයක් මෙන් නරකටද භාවිතා කළ හැකි නිසා මනාව දැනුවත් වී සිහි බුද්ධියෙන් භාවිතා කරමු. සැනසෙමු.

ස්තූතියි!!!

24 April 2018

විදුලි පංකාව



මේ දවස්වල සෑහෙන්ඩ ගිරීස්මයි ය. විස්වාසභංගේ දිනලා, දාසය කැඩිලා, චෝගම් කාලා ඉන්න නිසා දාහය වැඩිපුර දැනෙනවා වෙන්න පුළුවන්ය.මේ ගිනි කූටකේ මිනිස්සු අවුරුදු උත්සවද තියනවාය. මැරතන් දුවනවාය. බලං ඉන්න මට දාඩිය දානවාය. සිංහලේ අය කතාවට කියන්නේ දාඩිය මුගුරු හෙලාගෙන වැඩ කරනවා කියලාය. මුගුරු කියන්නේ පොලුවලටය. දාඩිය පොලු විදිහට දාන්නේ කොහොමද කියා මට තේරෙන්නේ නැත. සමහර විට ඊනියා පඬියෝ දන්නවා ඇතිය.ඊනියා පඬියෝ ගැන කිව්වේ මමත් පොරක් බව පෙන්වන්නටය.ඒ උනාට මම එහෙම පොරක් නොවන බව හැමෝම දන්නවාය.

මගේ මතකය යනු එච්චර විශ්වාසකටයුතු මූලාශ්‍රයක් නොවුනත් මට මතක හැටියට අපි පොඩි කාලේ මෙච්චර දාඩිය දැම්මේ නැත.අවුරුදු කාලේ රස්නයක් තිබ්බත් මේ වාගේ ජ්වලන උෂ්ණත්වයට ආසන්න මට්ටමකට පරිසර උෂ්ණත්වය ළඟා නොවුනු බව මතකය.මේ තරම් මදුරුවෝද ඒකාලේ හිටියේ නැත.මදුරු දැල් භවිතයට මම පුරුදු උනේ මගේ ලොකු අම්මාගේ නිවසේ නැවතී හිටි කාලයේය. ඩෙංගු ගැන අසාවත් තිබුනේ නැත.සමහර විට ඒ කාලේ කාටුන් විතරක් බලපු නිසා දැනුවත් කිරීම් මග ඇරී ගියා වෙන්නටත් පුලුවන්ය. වත්ත පුරාම තැඹිලි කෝම්බ, පොල් කටු, රම්පා ගස් වැනි වතුර රැඳෙන ස්ථාන තිබූ අතර අම්මා විට කනු පිනිස පවත්වාගෙන ගිය "මඩ පුවක් වලෙහි" මදුරු කීටයෝ ඕසෙට හිටියත් ගේ ඇතුලේ මදුරුවන් ගහනය ඉතා අඩු මට්ටමක පැවතුනි.

විදුලි පංකාවක් හෙවත් ෆෑන් එකක් අපේ නිවසේ භාවිතා නොකලේ ඒවා අපේ සමාජ ආර්ථික මට්ටමට අනුව සුඛෝපබෝගී වීම නිසාම නොව පංකාවක අවශ්‍යතාවක් දැඩි ලෙස නොදැනීම නිසාය. ඒ කියන්නේ ඒ කාලේ මේ තරම් දාඩිය නොදැම්ම බවය. (මෙහිදී දෙන ලද කාල සීමාවක් තුල ශරීරයෙන් පිටවන මුළු දහදිය මවුල ප්‍රමාණය සැසඳීමක් සිදු කර නැති බව සලකන්න.)  
සමහර විට දැං අපට වැඩිපුර දාඩිය දමන්නේ පරිසර උෂ්ණත්වය ඉහල යෑමට වඩා අපේ ශරීර උෂ්ණත්වය ඉහල යෑම නිසා වෙන්නට පුළුවන්ය.දවස ගානේ අහන දකින  දේවල් අනුව එහෙම වෙන එක සාමාන්‍යය. කෝටි සීයකට කවුන්සිලේ අළුත්වැඩියා කරලා එක දවසක් රැස්වෙන්න කෝටි දෙකක් විතර වියදම් කරලා ඒක ඇතුලේ කරන ලබ්බක් නැති බව දැනගත්තාම ඇඟේ ලේ රත් වෙලා නටන්න පටන් ගැනීම හැමෝටම පොදු කාරණාවක්ය. විශ්වාසභංගේ ගේන්න කළිං හැමෝම තම තමංගේ ඡන්දය ගැන මාධ්‍ය සාකච්චා තියලා කිව්වාය. ඒ ඡන්ද ටික ඒ ඒ වෙලාවේ ගනන් කර ගන්නේ නැතිව අච්චර වියදම් කරගෙන කවුන්සිලේ රැස්වන්නේ මොන ලබ්බටදැයි කෙනෙකුට හිතෙන්න පුළුවන්ය.

ෆෑන් දාන එක දැං විලාසිතාවක් වෙලා ඉවරය. අම්මලා සෙට් උනාම දෙන ටෝක්ස් ඇහුවාම ඒ බව ප්‍රත්‍යක්ෂ වෙන්නේය.
"අපේ චූටි බබාට දැං ෆෑන් එක නැතුව නින්ද යන්නෑ අනේ.පාන්දරට ෆෑන් එක ඕෆ් කළත් ටක් ගාලා ඇහැරෙනවා."
"අපි නං ඒසී එකක් හයි කළා අනේ.ළමයි පවුනේ මේ රස්නේ කොහොම නිදියන්නද අනේ."

ඒසී ගැන පම්පෝරි ගහන්නේ තවමත් සමාජයේ තරමක් ඉහල මධ්‍යමපාන්තිකයින් පමණි.ඒ අනිත් අයට මාසික විදුලි බිල දරා ගන්නවා තබා රෙද්දක් ගන්න හෝ බඩට කන්නවත් නැත.එහෙම කිව්වාට බඩ පැලෙන්න කාලා දියවැඩියාව හදාගෙන එන එකෙක්ට කෑම අඩු කරන්න කීවාම ඌ අපිව මරාගෙන කන්න බලනවාය.අවුරුදු කිට්ටුව රෙදි කඩයක් දිහා බලන්නවත් බැරි තරමට සෙනඟද පිරිලා ඉන්නවාය.හැබැයි ඇහුවොත් සල්ලි නැත.ලංකාවේ හැම එකාම (මාත් ඇතුළුව ) දාන්නේ බොරුවය.

දරුවන් හැදී වැඩෙන ගර්භාශය ඇතුලේ උෂ්ණත්වය සෙල්සියස් 40ටත් වැඩිය.ඒ පොඩි එකා එළියට ආව ගමං රෙද්දක ඔතලා ගුලි කරලා තිබ්බාම හොඳට නිදියනවාය.ඌට දාඩිය දාලා ඇහැරෙන්නේ නැත.ඉස්පිරිතාලෙන් ටිකට් කපලා ගෙදර ගියාම ළමයාට කෙසේ වෙතත් අම්මාට දාහය හැදෙනවාය.අම්මාට ෆෑන් එක නැතුව බැරි වෙනවාය.දාරක සෙනෙහස උතුරා දෝරෙ ගලන නිසා සහ රෑට සැරින් සැරේ නැගිටින්න කම්මැලි නිසා දරුවා වෙනම නිදි කරවන්නේත් නැත. අවසාන ප්‍රථිපලය වන්නේ ළමයාද ෆෑන් එකට හුරු වෙන එකය. මේ හුරු වීම ඇබ්බැහියක් බවට පත් උනාම ෆෑන් එකේ සද්දේ ඇහෙන්නැතුව හුස්ම ගන්න බැරි වෙනවාය. ෆෑන් එකක් දා ගන්නේ නැතිව කවුරු හරි ඉඳගෙන ඉන්නවා දකින විට අර දරුවා විශ්මයට පත් වෙනවාය.අර මිනිසාගේ ආත්මය දුකින් මුදවා ගන්නට දරුවා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙනවාය.
"අංකල් ඇයි මේ ෆෑන් එක දාගන්නේ නැත්තේ? ඔයාට දාඩිය නැද්ද? ඉන්න මම ෆෑන් එක දාන්නං.ඔන්න අංකල් ඔයාට හුළං එනවද? මේක තව ටිකක් වැඩි කරන්නද?"

අම්මලාගේ විතරක් නෙමෙයි ආච්චිලාද දැන් සෙල්ලමට එක් වෙලා සිටී. පොඩි දරුවන් නෑවූ විගස 'පපුවට සීතලයි' කියා ඇඳුම් තුන හතර අන්දවනවාය. ඊට පස්සේ 'අනේ ළමයට දාඩිය දාලා' කියා ෆෑන් එක දානවාය.මේ ආච්චිලා පොඩි කාලේ ෆෑන් හොයාගෙන තිබුනේද නැත.නමුත් ඔවුන්ද දැන් මේ සංස්කෘතියට අවශෝෂණය වී හමාරය.

විදුලි පංකා දැමූ කාමර තුළ ඇති සියුම් දුහුවිල්ල ඇවිස්සී වාතයේ නිතරම සංසරණය වන බැවින් දරුවන්ට ඇදුම හෙවත් හතිය ඇති වීමේ යම් සම්භාවිතාවක් ඇත. මම යෝජනා කරන්නේ විදුලි පංකා තහනම් කිරීමට නොව අනවශ්‍ය ඇබ්බැහියෙන් දරුවන් ගලවා ගන්නා ලෙසටය.

ස්තූතියි!!!

27 January 2015

වල්පල් සහ ගැමුණු




බ්ලොග් ලියන්ඩැ කම්මැලිය.කම්මැලි කම අපේ ජාතියේ ලක්ෂණයක් නිසා කම්මැලි වීමෙන් මම නියම ශ්‍රී ලාංකිකයෙකු බව නැවත් නැවතත් ඔප්පු වීම සිදුවන බැවින් ආඩම්බර වෙමි.මහින්ද මාමා කුජීතව ගෙදර ගියේය.මයිත්‍රී මාමා වෙනසක් කරන්ඩ ලෑස්ති වෙලා රජගෙදරට ආවේය.මහින්ද මාමාගේ රට පුරා තිබ්බ කටවුට් ගලවලා මයිත්‍රී මාමාගේ කටවුට් ගැහුවෝය.මයිත්‍රී මාමා ඒවා ගලවන්ඩ කිව්වාට තාමත් ඒවා බොහොමයක් ඒ තැන්වලමය.යුද්ධේ ඉවර උනාම පාරේ කිරිබත් කාපු ඈයින්ට ඒක පුරුද්දකට ගිහිල්ලාය.මහින්ද පැරදිච්ච නිසා හා රනිල් දිනපු නිසා කට්ටියම පාරට බැස කිරිබත් කෑවෝය.මේවා නව ලාංකීය ප්‍රවණතා ය.ඉස්සරහට ක්‍රිකට් මැච් දිනුවාම, විභාග පාස් උනාම වගේ දේවල්වලටත් පාරේ කිරිබත් කනවා ඇත.

රූපවාහිනී අයිටීඑන් ආයෙමත් කඩේ යනවාය.මූණ වෙනස් උනාට කියන ප්‍රවෘත්ති ඉස්සර වගේමය.ඒකෙං වෙන්නේ මිනිස්සුන්ට මේ ආණ්ඩුවේ වැරදි දැනගන්න විදිහක් නැති වෙන එකය.සිරස කොහොමත් යුඇන්පී එක පැත්තේය.දැං මේ ආණ්ඩුවේ චැනලුත් මේ පැත්තටම කඩේ යන්ඩ ගිය විට රටේ ජනතාවට මේ ආණ්ඩුවේ ප්‍රශස්ති අහන්ඩ වෙනවා ඇර විවේචන අහන්ඩ වෙන්නේ නැත.ඒක හරි භයානක තත්ත්වයකි.

ආණ්ඩුවේ මාධ්‍ය කියන යෙදුම වැරදිය.ඒවා රාජ්‍ය මාධ්‍යයන් ය.රාජ්‍ය යනු උත්තරීතර නොවෙනස්වන ඒකකය වේ.ආණ්ඩුව යනු රාජ්‍ය කළමණාකරණය සඳහා පත්වන තාවකාලික ඒකකයක් පමණය.ඒ අනුව රාජ්‍ය මාධ්‍ය විසින් කළයුතු වන්නේ රාජ්‍යයේ තොරතුරු ජනතාවට ලබා දීම මිස ආණ්ඩුවට ප්‍රශස්ති ගායනා කිරීම නොවේ.නමුත් රාජ්‍ය ගැති පුද්ගලයින් ලංකාවේ නොමැති වීමත් ඉන්නේ ආණ්ඩු ගැති හෝ ආණ්ඩු විරෝධී පුද්ගලයින් පමණක් වීමත් නිසා ප්‍රායෝගිකව මේ ප්‍රශස්ති ගායනය නැවැත්වීම අසීරුය.ඒ නිසා විකල්පයක් ලෙස වැඩි ප්‍රේක්ෂක ප්‍රමාණයකට දර්ශනය වන රාජ්‍ය මාධ්‍ය දෙක එකක් ආණ්ඩුවටත් අනික විපක්ෂයටත් ලබා දිය හැකිනම් මිනිසුන්ට ආණ්ඩුවේ යහපත් ක්‍රියා මෙන්ම අවකල්ක්‍රියාද දැනගැනීමට ඉඩ ලැබෙනු ඇතැයි සිතමි.

පෙරේදා මහරජ ගැමුණු බැලුවෙමි.සෙනඟ සූ ගාලා හිටියාට මටනං ඒකේ ලොකු ලකයක් තිබ්බේ නැත.නිකං ජිල් බෝල හොද්ද වගේ ඔහේ තිබිලා ඉවර උනේය.ඒක ලංකාවේ සිනමාවේ හැටිය කියලා හිත හදාගෙන එන්නට සිද්ද උනේය.චිත්තර පටියක් බලලා ඉවර උනාම "අම්මට සිරි" කියලා කියවෙන තරමේ ප්‍රහර්ෂයක් එන්ඩ ඕනෑ කියලා මට හිතෙනවා ය.ඒ උනාට අපේ චිත්තරපටි මෙළෝ රහක් නැත.මහරජ ගැමුණු එන්ඩ ඇත්තේ ඡන්දෙත් අල්ලලා නිසා දඩි බිඩියේ වැඩ ඉවර කරන්ඩ ට්‍රයි කරන්ඩත් ඇතිය.මට මතක විදිහට සංගීතය නදීක ගුරුගේ මහත්තයාගේය.ඒ උනාට ඒකෙන් වත් කිසි ප්‍රාණවත් ගතියක් ආවේ නැත.දුටු ගැමුණු මට මහා වීරයෙක් නොවුනාට නිර්මාණකරුගේ උත්සාහය වෙන්නේ ගැමුණු චරිතය ප්‍රෞඪ මහා බලගතු එහෙත් මෛත්‍රී සහගත කැරැට්ටුවක් හැටියට පෙන්නන්ඩය.ගැමුණු චරිතයේ සංසිද්දීන් එක්ක මහා ගැඹුරු ත්‍රාසජනක මයිල් කෙළිං වෙන පසුබිම් සංගීතයක් එන්ඩ ඕනෑ යැයි මට හිතුනු තැන්වලදී පවා නදීක මහත්තයා දාලා තිබ්බේ මහා දියාරු තනුක සංගීතයකි.

රංගනයේ නං කියන්ඩ තරං වැරැද්දක් නැත.ඇත්තටම ගොඩක් තැංවල රංගනය ප්‍රශස්ත මට්ටමක තිබුණා යැයි කියන්ඩ පුලුවංය.ඒත් ගැමුණු කුමාරයාගේ බිරින්දෑට නං සිංහල ඌරුවක් නැති බව කැපිලා පෙනුනු බවත් කියන්ඩ ඕනෑය.ඒ උන්දෑ මියුසියස්, සෙන්ට් බ්‍රිජට් වගේ ඉස්කෝලෙක කෑල්ලක් මිස මාතලේ පැත්තේ ගොවි ගෙදරක කෙල්ලෙක් නං නෙමෙයි ය.නිළියෙක් නං ලැබෙන චරිතයට අනුගත වෙලා රඟපාන්ඩ ඕනෑය.නැත්තං චිත්‍රපටියේ වගකිව යුත්තෝ ගැලපෙන නිලියක් හොයා ගන්ඩ ඕනෑය.



පයිට් නං කියලා වැඩක් නැත.දුටු ගැමුණු වීරයෙක් වෙන්නේ එළාර පරද්දපු හින්දාය.ඒ කියන්නේ දුටු ගැමුණු කතාවේ යුද්ධයට වැඩි ඉඩක් දෙන්ඩ ඕනෑය.අනික ඒකේ පැරණි යක්ෂ ගෝත්‍රිකයංගේ අංගම් සටන් ගැනත් කියන නිසා සිරා පයිට් දෙක තුනක්වත් තිබ්බානම් වඩා හොඳය.නමුත් පයිට් බොහොමයක් හුදු නර්තනයකට ලඝු කොත තිබුණි.ඊ තල ඇවිත් ඇඟේ වැදීම ඔයිට වඩා තාත්විකව පෙන්වන්න තිබුණා කියා මට හිතෙනවාය.රොබින් හුඩ් ටෙලි කතාව ආවේ අපි පුංචි කාලේ ය.ඒ කාලේ ටෙලි කතාවකට ඔවුන් භාවිතා කළ තාක්ෂණය අද අපේ මහා සිනමා නිර්මාණයකටවත් භාවිතා නොකරන්නේ නම් අපේ සිනමාවේ අනාගතය නිකං බොඳ වෙලා යන බව කියන්ඩත් ඕනෑ නැත.



අදට ඔය ඇතිය.කම්මැලි කම නැති උනොත් තව ලිපියක් ලියන්ඩ බලාපොරොත්තු වෙමි.

06 January 2015

ෆුල් ආතල්




2015ත් ආවේය.මහින්ද මාමා වගේම මෛත්‍රී මාමාත් අළුත් අවුරුද්දට සුභ පතලා තිබ්බේය.2015 ගණින්නේ ක්‍රිස්තු වර්ෂ ක්‍රමයටය.ඒ කියන්නේ ජේසුස් වහන්සේ ඉපදිච්ච අවුරුද්දේ ඉඳං ය.උන්නාන්සේ ඉපදිච්ච අවුරුද්දේ ඉඳං ගණං හැදුවාට උන්නාන්සේගේ උපන් දිනේ තියෙන්නේ ඒ අවුරුද්දේ අන්තිම මාසේ ය.ඒ වගේ දේවල් මට තේරෙන්නේ නැත.ඒ හින්දා මම ඔය වගේ දේවල් සමරන්ඩ යන්නේ නැත.මම සැමරුවේ නැති උනාට සමරන ඈයින්ට මොනවත් කියන්ඩ යන්නේ නැත.ඒක ඒ අයගේ අයිතිවාසිකමය.ඒ නිසා ඔබ සැමට සුභ නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරනවාය.හැබැයි කිරියෙන් පැණියෙන් ඉතිරෙන්ඩ කියන්නේ නැත.මොකද කිරි පැණි කන උං අපේ රටේ අඩුයි ය.නොමිලේ පැට්‍රොල් ඩීසල් ලැබේවා කියලා වගේම නොමිලේ වයිපයි ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවාය.

බ්ලොග් ලියන්ඩ එපා වෙලා තිබ්බේ මේ ඡන්ද කෙරුවාව හින්දාය.හැමෝම කතා කරන්නේ ඒ ගැනය.බ්ලොග්වල තියෙන්නේ ද ඒ ගැනය.පත්තරවල තියෙන්නේ ද ඒ ගැනය.ටීවී එකේ රේඩියෝ එකේ, ෆේස්බුක්, ට්විටර් හැම මගුලම ජනාධිපතිවරණය ගැනය.ඒ හින්දා මමත් ඒ ගැන ඇර වෙන මගුලක් දන්නේ නැත.ලියන්ඩ හිතිච්ච දේවල් කීපයක් තිබුණත් හැමෝම පට්ට ගහන මාතෘකා ගැන මාත් බොරුවට ලියන එකේ තේරුමක් නැති හින්දා මම නිකං හිටියෙමි.

මම නිකං ඉන්න එකේ මේ දවස්වල දැකපු ජිල්මාට් ටිකක් ගැන පොඩ්ඩක් කියන්ඩයි හිතුවේ.මේවා මම හිතන විදිහට සිද්ද නොවෙච්ච දේවල් වෙන්ඩ පුළුවං.ඒ උනාට නිකං එහෙම උනාමයි කියලා තමයි මට හිතෙන්නේ.

පළමුවන සිදුවීම.

අර තරුණ දේශපාලන ගැටයෙක් මෛත්‍රී පැත්තට ඇවිල්ලා ප්‍රවෘත්ති සාකච්ඡාවෙදි මහින්ද මාමි හරි හොඳයි එයැයිව දාලා යන්ඩ බෑ කියලා ආපහු ගිය සීන් එක කවුරුත් දන්නවා ඇති නෙව.ඒ ගැටයා සීන් එක ඇදපු වෙලාවේ මෛත්‍රී පාර්ශවේ කස්ටිය කොච්චර මෛත්‍රියෙන් හිටියද කිව්වොත් මට පුදුමත් හිතුනා.පහුවදාම ඒ ගැටයට කතාව කරන විදිහ කියලා දෙන වීඩියෝ එක රෙලීස් උනාම මට නං හිතුනේ මේක මෛත්‍රී කට්ටියගේ ප්ලෑනක් කියලමයි.ඒක එහෙම මෛත්‍රීලගේ ප්ලෑනක් නං හොඳට පැලෑන වැඩ කළා මම හිතන්නේ.

දෙවන සිදුවීම

මේ පාඨලී ලොක්කා මහින්ද මාමි ලෙස්ටර් ජේමිස් පීරිස් මහත්තයාව බදාගෙන ඉන්න සීන් එක ගැන කිව්ව එකය.ඒක පොටෝෂොප් කරලා පාඨලී ලොක්කට ලැබෙන්ඩ සැළැස්සුවේ මහින්ද පාර්ශවේ ඇත්තො කියල තමා මට හිතුනේ.ඔය සීන් ගැන පොඩි තියරි එකක් මම අහලා තියෙනවා.කවුරු හරි ඔබට විරුද්ධව චෝදනා දහයක් කළොත් ඔක්කොම බොරුයි කියලා පෙන්නන්ඩ උත්සාහ කරනවට වඩා එයින් එකක් පට්ට බොරුවක් කියලා ඔප්පු කළොත් අරූ ගැන ජනතා විශ්වාසය බිඳ වැටිලා අර චෝදනා ඔක්කොම නිකංම දිය වෙලා යනවා.කොහොම හරි පාඨලී ලොක්කා ලණුව කෑවා.මොකද ඔහොම මාට්ටු වෙන්ඩ ඉඩ තියෙන බව දැන දැන පොටෝ එකක් එඩිට් කරලා මාධ්‍ය සාකච්ඡා තියන්ඩ තරං පාඨලී ලොක්කා මෝඩ නෑ කියලා තමා මම නං හිතන්නේ.හැබැයි කවුරු හරි දීපු පොටෝ එකක් කිසිම වග විභාගයක් නැතුව පෙන්නන්ඩ තරං නං උන්දෑ මෝඩයි කියලා තමා මට හිතෙන්නේ.

මාස්ටර් පැලෑන් විදිහට මම දැක්කේ ඒ දෙක තමයි.අනිත් ඔක්කොම නිකං දෙකයි පණහේ මෝඩ චූන්.

රාජ්‍ය මාධ්‍ය වැටිච්ච අන්තිම පහත් තත්ත්වය ගැනත් පොඩ්ඩක් නොකිව්වොත් හරි නැහැ නෙව.මාධ්‍යවල රාජකාරිය තමයි තොරතුරු වාර්ථා කිරීම.එහෙම නැතුව ඔවුන්ගේ මතය ප්‍රකාශ කරන්ඩ මාධ්‍ය ආයතන තියෙන්ඩ ඕනේ නෑ.ඉස්සර පොඩ්ඩක් හරි සදාචාරයක් තිබ්බා "රනිල් වික්‍රමසිංහ රට පාවා දුන් බව ජනතාව කියයි" කියලා වත් කියන්ඩ.දැං එහෙම නෑ.කෙළිංම කියනවා "කළගුණ නොදත් සිරිසේන බෙදුම්වාදීන් සමඟ එක්වේ." කියලා.හිරිකිතයි ඕයි!!!

ඒ අස්සේ මෝඩ ගොං පාට් ටිකකුත් දැක්කා.

සිරසේ සටන වැඩසටහන ආයෙත් බ්ලොක් කරලා තිබ්බනේ.ඒ වෙලාවේ චන්දන සූරියබණ්ඩාර මහත්තයා කියනවා සිරස ටීවී එක පේන්නේ නැත්තං සිරස එෆ් එම් එක දාගන්ඩ බොරුවට කෝල් කරන්ඩ එපා කියලා.ඇයි යකෝ ඒ මිනිස්සුන්ට චැනල් එක පේන්නෙ නැත්තං කොහොමද ඒ කියන පණිවිඩේ පේන්නේ.සිරස බ්ලොක් කරලා කියන එක රටේ ලෝකේ මිනිස්සුන්ට කියන්ඩ ඕනේ තමයි.මිනිස්සුන්ට ඒ චැනල් එක පේන්නැති උනාම සිරසට කෝල් කරනවා කියලත් කිව්වට කමක් නෑ.ඒ උනාට ඒ ප්‍රාකශය මුග්ධයි නේද මහත්තයෝ.

ආතල්ම සීන් එක උනේ නිදහස් ගුරු සේවක සංගමය මාරන්තික උපවාසයක් පටං අරගත්තු එකය.ඒ සිරිසේන ලොක්කා අධ්‍යාපනය විකුණන බව ප්‍රතිපත්ති ප්‍රකාශෙට දාලා තියෙන එක අයින් කරන්ඩ කියලා ය.මේ ආණ්ඩුව SAITM එකේ වෛද්‍ය උපාධිය විකුණන්ඩ ඉඩ දෙද්දි, පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරන එක මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කියලා උසස් අධ්‍යාපන ඇමති කියද්දි කොහෙටද වෙලා දොයියං හිටපු මේ සැට් එක එක පාරටම චූන් වෙලා තියෙන එක මාර ආතල් ය. සුවාධීන රූපවාහිනිය මාධ්‍ය ආවරණය දෙනවාය.හාමුදුරු සැට් එකක් පිරිත් නූල් බඳිනවාය.කට්ටිය අඬනවාය.එක කෙළියයි ය. මේකේ ආතල් සීන් එක වෙන්නේ මෛත්‍රී දිනන්නේ නැතැයි ආණ්ඩුව සහ සුවාධීන රූපවාහිනිය සුවර් කර කියා තිබීමය.එයිටත් වඩා චන්ද්‍රසිරියා වෙඩි තියාගන්නවා කිව්වේය.තව එකෙක් ගිණි තියා ගන්නවා කිව්වා ද මතකය.සුමනදාසයා මහින්ද දිනනවා කියා කිව්ව වැඩ සටහන තුන් පාරක් සුවාධීනේ යනවාද දැක්කෙමි.එච්චරට මහින්ද දිනන එක සුවර් නං අහවල් එකකට ද මෛත්‍රීගේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ වෙනස් කරන්ඩ වලි කන්නේ?

අදට ඇතිය. මෙය මුදල් නොගෙවා නොමිලේ ප්‍රචාරය කරන ලද්දකි.

ඔබ සැමට මෛත්‍රී පාලනයක්, සුභ අනාගතයක්!!!



04 December 2014

වතුර බාල්දිය සහ පරවියා



කාලෙකට පස්සේ බ්ලොග් පෝස්ට් එකක් ලියන්ඩ කියලා හිතලා ඊයේ බාගයක් ලියපු එකක් අද ඉවර කරලා දාන්ඩ හිතුවා.ඒ උනාට සහෝදරවරුනි පට්ට ජෝක් වීඩියෝ එකක් දැකලා ඒ ගැන ලියලා දාන එක වඩා හොඳයි කියලා හිතුනා නෙව.

ඉතිං ඔන්න කතාව කියන්ඩ කළිං පුංචි විස්තර වගයක් තියෙනවා කියන්ඩ.මේ ඇවිල්ලා භෞතික විද්‍යාව සම්බන්ද කරුණු ඩිංගක්.



ඔන්න මිනිහෙක් ළිඳකිං වතුර බාල්දියක් අදිනවා.බාල්දිය කට ගාවටම ආවම ළනුව කඩාගෙන බාල්දිය ළිඳට වැටෙනවා.මොකක්ද හේතුව?

1. ලනුව දිරපු එකක් වීම.
2. බාල්දිය බර වැඩි වීම නිසා ඒ මගින් ලනුව මත ඇති කරන ආතතිය වැඩි වී ලනුව කැඩී යාම. (හිටපු මැතිවරණ කොමසාරිස්තුමා වගේ)

ඉහත සාධක දෙකත් එක්ක ගුරුත්වාකර්ෂණය, බාල්දියේ වතුරත් සමඟ ස්කන්ධය, තන්තුවේ ප්‍රත්‍යස්ථතාව, ලනුව නිශ්පාදිත ද්‍රව්‍යය, ඒ මත ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වය, සූර්යයාලෝකයේ ඇති UV කිරණ මඟින් ඇතිවන හානිය සහ වතුර අදින පුද්ගලයා ලනුව මත ඇති කරන බලය වගේ දේවල් ද සැළකිල්ලට ගත යුතු වෙනවා.

හැබැයි මේ ළිඳ තියෙන්නේ ක්‍රිෂ්ණමූර්තිතුමාගේ වත්තේ.ගමේ හැම එකාම වතුර ගේන්ඩ එන්නේ මේ ළිඳට.ඔය කතාව කිව්වම අපිට තව එක න්‍යායක් සැළකිල්ලට ගන්ඩ සිද්ද වෙනවා.ඒ කියන්නේ එක එකා හැමදාම ළිඳෙන් වතුර අරං යන එකට මළ පැනලා හිටපු ක්‍රිෂ්ණමූර්ති හොරෙන්ම ලනුව පොඩ්ඩක් කපලා තියලා තිබ්බා වෙන්ඩත් පුළුවං.ඊට පස්සේ වතුර අදිද්දි බාල්දිය ළිඳට වැටුනම ඒක අපලයක් හින්දයි උනේ කියලා වතුර ගන්ඩ එන උංව බය කරලා ගොනාට අන්දවලා උං එක්ක තරහත් නොවී වතුර ගන්න එකත් නවත්තන්ඩ ගහපු ප්ලෑනක් වෙන්ඩත් පුළුවන්.

ඔන්න දෙවෙනි සිදුවීම.



මසි තුමා පරෙයියා විසික්කා කළාම ඌ ආයෙමත් කකුල් දෙක ළඟට වැටුනේ ඇයි?

1. පරෙයියා පොඩි කාලේ ඉඳලම කූඩුවක හිටපු එකෙක් නිසා පියාඹන්ඩ දන්නේ නැති වීම.
2. පොඩි පෙට්ටියක් ඇතුලේ හෙන සෙට් එකක් එක්ක ඉන්ඩ සිදුවීම නිසා එක පැත්තට ඉඳලා තට්ටක් හිරි වැටී තිබීම.
3. සෑහෙන වෙලාවක් තිස්සේ පෙට්ටියක් ඇතුලේ හිර වී සිටීම නිසා අධික රස්නය පිපාසය හෝ කුසගින්න නිසා ක්ලාන්ත ගතියක් දැනීම.
4. ඌ පියාඹන්න අකමැති එකෙක් වීම.

ඔන්න මේ සිද්දි දෙක ගලපලා අධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර ලොක්කා මරු ටෝක් එකක් දෙනවාය.

ලොක්කා කියන විදිහට ක්‍රිෂ්ණමූර්තිතුමා ළිඳට බාල්දිය වැටීම පහදා ඇත්තේ වතුර අයිති ළිඳට නිසා බාල්දිය වතුරත් සමඟ ළිඳට වැටී ඇති බවයි.නමුත් එම තර්කයට අනුව එයිට පෙර බාල්දි ළිඳට නොවැටී කාලාන්තරයක් තිස්සේ වතුර ඇද්ද හැටි පැහැදිලි වන්නේ නැත.සමහර විට ළිඳ ඉවසා ඉවසා බැරිම තැන ළනුව කඩා බාල්දියත් සමඟ වතුර ටික ආපසු ගැනීමට තීරණය කළා විය හැක.නැත්තං නින්දේ සිටි ළිඳ හදිසියේ අවදි වූ විට තමන්ගේ වතුර ගන්නවා දැක මෙසේ ප්‍රතික්‍රියා කළා විය හැක.





කෙසේ හෝ චන්ද්‍රසිරි අංකල් පවසන ආකාරයට මේ සිදුවීම් දෙක අතර සමානකමක් ඇත.ඔහු කියන්නේ පරවියා නැවත පැමිණීමෙන් කියැවෙන්නේ මසී ලොක්කාට සොබාවධර්මයා අනතුරු ඇඟවූ බවය.ඔය ගිනි ගොඩට පනින්න එපා කියූ බවය.මටනම් මේ සිදුවීම් දෙක අතර කිසිම සමානකමක් නැත.බාල්දිය ළිඳට වැටුනේ වතුර අයිති ළිඳට නිසා නම් සරල තර්කයට අනුව පරවියා නැවත ආවේ ඌ සිරිසේන ලොක්කාගේ නිසා විය යුතුය.මෙවන් මැටි තර්ක ඉදිරිපත් කරන උන් අඩුම තරමේ 'සිරස ඩිබේටර්' වත් බලා තර්ක යනු මොනවාදැයි තේරුම් ගත යුතුය.

ඉහත ප්‍රකාශයෙන් ගම්‍යවන තවත් කරුණක් ඇත.චන්ද්‍රසිරි අංකල් කියන්නේ සිරිසේනට මේ ගිනිගොඩට පනින්න එපා කියලාය.මේ අවධානම ගන්න එපා කියලාය.

ඔන්න මම දැන් උදාහරණයක් දෙමි.

මමත් මගේ පන්තියේ මිත්‍රයෙකුත් එකම කෙල්ලට ට්‍රයි කරමු.එවිට කොහොමත් අපි දෙදෙනා අතර තරගයක් ඇති වේ.අපි තරහද වෙමු.නමුත් කවුරුත් මට හෝ ඔහුට ඔය ගිනි ගොඩට පනින්න එපා කියා අවවාද දෙන්නේ නැත.අවධානමක් ගන්න එපා කියන්නේද නැත.නමුත් මම අපේ ගමේ ඉන්න මිනී දෙක තුනක් මැරූ චණ්ඩියෙක් ට්‍රයි කරන කෙල්ලෙක්ට ලයින් එක දාන්ඩ පටං ගත්තොත් නම් දන්න අඳුරන හැම එකාම 'ඇයි බං ඔය ගිනි ගොඩට පනින්නේ?, ඔය අවධානම ගන්ඩ එපා බං' කියා අවවාද කරනවා ෂුවර් ය.

මෙව්වාට කියන්ඩ තියෙන්නේ 'ආච්චිගේ රෙද්ද ' කියා තමයි ය.

ඔන්න මම අදට කියන්ඩ තියෙන ඔක්කොම කිව්වා !!!



25 May 2014

සම-සෞඛ්‍ය ගැටළුව




සම-සෞඛ්‍ය කට්ටියගේ ගැටළුව ගැන කකා ලියලා තිබ්බනේ පොඩි විස්තරයක්.ඒකේ කොමෙන්ට්වල නං දිග සංවාද ගිහිං තිබ්බා.මේ සම-සෞඛ්‍ය ගැටළුව ගැන ලියන්ඩ හිතාන හිටියට විභාගේ වැඩයි කම්මැලි කමයි හින්දා පස්ස ගගහා හිටියත් කකාගේ ලිපිය කියවලා මේක ගැන ලියන්ඩම හිතුනා.කකාගේ ලිපිය විතරක් නෙමෙයි ගිය සතියේ තිබ්බ දෙරණ වාද පිටිය වැඩසටහනත් කට්ටිය බලන්ඩ ඇතිනේ.බැලුවේ නැත්තං ගිහිල්ලා බැලුවත් කමක් නෑ ඕං.මොකද ඔය රටේ වෙනත් ප්‍රශ්නවලදි ඇස් කන් පියාන ඉන්ඩ පුළුවං උනාට මේකෙදි කාටවත් එහෙම මග ඇරලා ඉන්ඩ අමාරුයි.රතුපස්වල ප්‍රශ්නෙදි අවුලක් නෑ රතුපස්වල උන්ටනේ වතුර නැත්තේ කියලා ගණන් නොගෙන හිටියට, ධීවරයින්ට ඉන්ධන සහනාධාරේ නොදී ධීවරයෙක්ට වෙඩෛ තියලා මැරුවම කමක් නෑ ධීවරයින්ටනේ අවුල තියෙන්නේ කියලා අමතක කරලා දැම්මට ඉස්පිරිතාලවල ගැටළුවක් කියන්නේ රටේ හැමෝටම සමස්ථයක් විදිහට බලපාන ප්‍රශ්නයක්.

මුලින්ම බලමු මොකක්ද මේ සම-සෞඛ්‍ය පීඨය කියලා.

  • B.Sc. in Nursing Degree Programme
  • B.Sc. in Medical Laboratory Science Degree Programme
  • B.Sc. in Physiotherapy Degree Programme
  • B.Sc. in Radiography Degree Programme
  • B.Sc. in Radiotherapy Degree Programme
  • Bachelor of Pharmacy ( B.Pharm) Degree Programme

කියන පාඨමාලා මේ සම-සෞඛ්‍ය කියන කොටසට අයත් වෙනවා.මේ අය හැමෝම රෝහල්වල කටයුතු කරගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය අය.අතීතයේ හිපොක්‍රටීස්ලගේ කාලේ ඉඳලා නයිටිංගේල්ගේ කාලේ වෙනකල්ම ලෙඩා සම්බන්ද හැමදේම කළේ දොස්තරම තමයි.ඒත් පස්සේ පස්සේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැනුම සහ කටයුතු සංකීර්ණ වෙද්දි මේ හැම එකම තනියම වෛද්‍යවරයට කරගෙන යන්ඩ බැරි වෙනවා.අන්න එතකොට තමයි මේ කියන හෙදියන් ප්‍රමුඛ අනෙකුත් සම-සෞඛ්‍ය සේවාවන් බිහි වෙන්නේ.මේ කියන ඒ ඒ ක්ෂේත්‍රවලට විශේෂ වූ සේවාවන් බිහිවීමේ අරමුණ රෝගීන්ට උපරිම සේවාවක් ලබා දීමයි.

මේ සම-සෞඛ්‍ය උපාධිය දැනට අවුරුදු 10කට විතර කලිං පටං ගන්නේ අවුරුදු හතරක උපාධියක් විදිහටයි.වාදපිටියෙදි නජිත් කියනවා වගේ උපාධි පාඨමාලාවක් පටං ගන්නේ නිකං තේ කඩයක් දානවා වගේ 'හරි එහෙනං හෙට පටං ගම්මු' කියලා නෙමෙයි.මේ උපාධි පාඨමාලා පටං ගන්ඩ කලිං සෑහෙන මුදලක් වියදම් කරලා දෙස් විදෙස් ප්‍රවීණයන් කැඳවලා සාකච්ඡා කරලා තමයි මේ උපාධි සඳහා අවුරුදු හතරක් ඕනෑ කියලා තීරණය කරන්නේ.එහෙම විද්වත් සාකච්ඡාවල ප්‍රථිපලයක් විදිහට ඇති කරපු සිව් අවුරුදු පාඨමාලාව දැං හදිස්සියේ තුනක් කරපු එකට තමයි මේ ළමයි විරුද්ධ වෙන්නේ.මම දකින විදිහට ඒ විරුද්ධ වීම සාධාරණයි.

සිවු අවුරුදු උපාධි පාඨමාලාවේ කට්ටිය සායනික පුහුණු සඳහා රෝහල්වලට යනකොට වෛද්‍යවරු මුලින්ම ලෙඩේ අදින්ඩ පටං ගත්තේ වාට්ටුවල ඉඩ පහසුකම් නෑ කියලා.ලංකාවේ ශික්ෂණ රෝහල් තියෙන්නේ කීපයක් උනාට මහ රෝහල් ගොඩක් තියෙනවා.සෞඛ්‍ය අමාත්‍යංශයටයි උසස් අධ්‍යාපන අමාත්‍යංශයටයි ඉක්මනට විසඳන්ඩ තිබිච්ච ප්‍රශ්නයක් සෑහෙන කාලයක් ඇදිලා ගියා.ඒක අන්තිමේ විසඳුනා.ඊට පස්සේ මේ අය උපාධි අරං ආවම තමුන්ට වඩා ඉහලට එයි කියලා මේ අයගෙම ක්ෂේත්‍රවලට අයත් ඩිප්ලෝමාධාරීන් බය වෙලා ඒ අය ලෙඩේ අදින්ඩ පටං ගත්තා.උපාධිය පටං ගන්ඩ කළිං මේ ක්ෂේත්‍රවල හිටියේ ඩිප්ලෝමාධාරීන්.තවමත් ඉස්පිරිතාලවල වැඩ කරන්නේ මේ ඩිප්ලෝමා අය තමයි.අර ළමයි සායනික පුහුණුවට ගියාම ඔවුන්ට ඒ පුහුණුව දෙන්ඩ සිද්ධ වෙලා තිබුණේ ඒ වෙනකොට රෝහල්වල වැඩ කරපු ඩිප්ලෝමාධාරීන්ට.නමුත් ඔවුන් මේ ළමයින්ට පුහුණුව දෙන එක ප්‍රතික්ෂේප කළා.ඒ වෘත්තීය කුහක කම හින්දා.පස්සේ මේ ඩිප්ලෝමාධාරීන් ඔවුන්ටත් කෙටි අධ්‍යාපනයකින් පස්සේ උපාධිය ලබා දෙන්ඩ කියලා ඉල්ලීමක් කළා.නමුත් උපාධිය එහෙම පොඩි කාලෙකින් දෙන්ඩ බැරි නිසා විශ්ව විද්‍යාල මේ අයගේ ඉල්ලීම බැහැර කළා.ඒ ප්‍රශ්නෙත් සෑහෙන කාලයක් ඇදි ඇදි ගියා.

දැං අළුත්ම කේස් එක මේ 3+1 කිරීම.ඒ කියන්නේ අවුරුදු හතරේ උපාධිය අවුරුදු 3ට අඩු කරලා අවුරුදු 3ට පස්සේ වැඩි ලකුණු ගන්න ළමයින්ට තව අමතර අවුරුද්දක් ලබා දෙන ක්‍රමයක් එක පාරට ඇති කළා.මේක ඇති කිරීමට මූලික උනේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය හෙවත් GMOA එක කියලා එස් බී මහත්තයා කියනවා.GMOA  එකත් ඒක ප්‍රතික්ෂේප කළේ නෑ.GMOA  එක මේකට විරුද්ධ ඇයි කියලා ඇහුවම ඒ අය එක එක හේතු කියනවා.ඒ අය කියනවා මේ ළමයින්ට උපාධිය දුන්නට රැකියා අවස්ථා නෑ ඒ හින්දා බොරුවට අවුරුදු හතරක් මේක අදින එකේ තේරුමක් නෑ කියලා.ගැටළුව තියෙන්නේ එතන.GMOA  එක කියන්නේ වෘත්තීය සමිතියක්.මේ අයට රස්සා දෙනවද නැද්ද කියන එක හෝ පාඨමාලා කාලය ගැන හෝ මේ වෘත්තීය සමිතියකට තියෙන කැක්කුම මොකක්ද? මේ අය අනිත් විශ්වවිද්‍යාල පාඨමාලා ගැනත් කතා කරනවද? කලා උපාධිය මාස හයකට අඩු කරන්ඩ වගේ ඉල්ලිම් කරනවද? 

මෙතන ගැටළුව තියෙන්නේ අවුරුදු හතරක උපාධිය තියෙන අයට පුළුවන් පරිපාලන සේවයට එන්ඩ.මේ සම-සෞඛ්‍ය නිළධාරීන් පරිපාලනයට ඇවිදින් වෛද්‍යවරුන්ට ලෙඩේ අදීවී කියන බය තමයි වෛද්‍යවරුන් තුල තියෙන්නේ.ඒ නිසා ඔවුන් බලපෑම් කරනවා මේ සිවු අවුරුදු පාඨමාලාව කප්පාදු කරන ලෙස.විශේෂයෙන් හෙද නිලධාරීන් සිව් අවුරුදු පාඨමාලාවෙන් පස්සේ සය මාසික ශල්‍යාගාර පුහුණුවකුත් තවත් සය මාසික මොනවා හරි පුහුණුවකුත් දා ගත්තම ඔවුන් වෛද්‍යවරුන් තරමටම ජ්‍යේෂ්ඨ වේවි යැයි බයක් තියෙනවා.මම පත්තරේ  ගිය සම-සෞඛ්‍ය සිසුන්ට පොලීසිය ගහපු නිවුස් එක බල බල ඉන්න කොට මගේ මිත්‍රයෙක් එතනට ආවා.

"හොඳ වැඩේ ඕකුන්ට.ඔහොම නෙමෙයි ගහන්ඩ තිබ්බේ අතපය කැඩෙන්ඩ"

" ඇයි බං?"

"ඕකුං හදන්නේ අවුරුදු හතරේ ඩිග්‍රිය අරං පරිපාලනේට රිංගන්ඩනේ"

"ඉතිං?"

"ඉතිං කියන්නේ, ඊට පස්සේ ඕකුං එයි අපිව පාලනේ කරන්ඩ"

"ඉතිං බං අපි දැං උංව පාලනේ කරන්නේ.උනුත් එහෙම ආවම මොකෝ"

"සම-සෞඛ්‍ය එකට යන්නේ අඩු ළකුණු ගත්ත එවුන්නේ බං."

"දිස්ත්‍රික්ක කෝටා සීන් එක හින්දා සමහර පැතිවලිං මෙඩිසින් ගිය උන්ට වඩා වැඩි රිසල්ට්ස් දාලා මෙඩිසින් යන්ඩ බැරි වෙච්ච උං ඉන්න පැති තියෙනවනේ බං.ඉතිං උං සම-සෞඛ්‍ය එකට යනවා.එහෙම බැලුවම සමහර දොස්තරලට වඩා ලකුණු තියෙන උං සම-සෞඛ්‍ය එකේ ඉන්නවනේ බං.අනික උඩින්ම ඉන්න සෞඛ්‍ය ඇමතිගේ සුදුසුකම් කවුද තීරණේ කරන්නේ?"

"උඹත් එක්ක කතා කරලා වැඩක් නෑ"

එස් බී දිසානායක මහත්තයා මේක GMOA එක මත පටවා ඇඟ බේරාගන්නට හැදුවත් කිව යුත්තේ රජයට මේ ගැටළුව විසඳීමට ඇත්තම උවමනාවක් ඇත්නම් මෙය විසඳීමට ඔවුන්ට හැකි බවය.සිවු අවුරුදු පාඨමාලාවට විරුද්ද වන්නේ GMOA එක පමණි.රටේ සංවිධාන රැසක් විරුද්ධ වූ කැසිනෝ පනත සම්මත කරගත් ආණ්ඩුවට මෙය මහ කජ්ජක් නොවේ.නමුත් මෙවැනි ගැටුම් පැවතීම ආණ්ඩුවට ආශීර්වාදයකි.රටේ සැබෑ ප්‍රශ්න ජනතාවට අමතක කරවීම, පුද්ගලික විශ්ව විද්‍යාල සාධාරණී කරණය වීම, අධ්‍යාපනයට වෙන් කරන මුදල් කප්පාදු කොට රේස් පැදීමට වෙන් කිරීමට හැකි වීම ආදී වාසි කිහිපයක් ආණ්ඩුවට මේ තුවාල සුව නොකොට තබා ගැනීමෙන් ලැබේ.




උපාධියේ කාලය වැඩක් නෑ එකම ඩිග්‍රිය දෙනවනං යැයි කියාද මතයක් ඇත.නමුත් ක්‍රෙඩිට් ක්‍රමය අනුව බලන විට සිව් අවුරුදු පාඨමාලාවට ක්‍රෙඩිට් 120ක් ලැබෙන අතර තුන් අවුරුදු පාඨමාලාවට ලැබෙනේ ක්‍රෙඩිට් 90ක් පමණි.මේ සාධක ඔවුන්ට රැකියා ලබා දීමේදී සහ පශ්චාත් උපාධි ආදිය කිරීමේදී බලපාන්නේය.ඒ කරුණු නොසලකා හැරියත් මොවුන් කටයුතු කරන්නේ මිනිස් ජීවිත සමඟය.ඔබේ මව හෝ පියාට ප්‍රථිකාර කරන තැනැත්තා වසරක් වැඩිපුර පුහුණුවක් ලැබූ අයෙක් වනවාට ඔබ කැමති නැද්ද?

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ විදෙස් රටවල බැලැමෙහෙවර සඳහා ගැහැනුන් පිටත් කර යැවීමය.ඔවුහූ ඒ රටවලදී දූෂණය කෙරෙති.අතපය කඩා දැමෙති.වැටුප් නොගෙවා වැඩ ගනිති.ඉඳිකටු, ඇණ ආදිය ඇඟට ඇතුල් කෙරෙති.එවන් වූ පහත් රැකියාවලට අපේ රටේ ගැහැනුන් යවන අපි ප්‍රෞඪ ජාතියක් වෙමු.වසර 2500ක් ඈත ඉතිහාසයකට උරුම කම් කියන සහ ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය පරාද කළ වීරෝධාර ජාතියක් වෙමු.




මැදපෙරදිග කටුක රැකියාවේ යෙදී ගෘහ සේවිකාවන් 20 දෙනෙකුගෙන් ලංකාවට ලැබෙන විදේශ විනිමය එක් හෙදියක් විදෙස්ගත කිරීමෙන් ලැබිය හැක.ආයතනවල වැඩ කරන වෘත්තිකයින්ට ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදුවන්නේද  නැත.වැඩි වැඩියෙන් වෘත්තිකයින් බිහි කොට ඔවුන්ට විදෙස් රැකියා ලබා දීමට කටයුතු කළ යුත්තේ රජය ය.රට රටවල ඇවිදිමින් එක එකා ඉඹ බදාගන්නා අතරේ අත්සන් කළ යුත්තේ එවැනි ගිවිසුම්ය.

අදට මේ ඇතිය.මේක කියවන මගේ මිත්‍ර වෛද්‍යවරුන් මා හා අමනාප වනු ඇත.එසේ නොවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

14 May 2014

නැකතට කිරීම.....





මොනවා උනත් අළුතෙන් වැඩක් පටං ගන්න කොට සුභ වෙලාවක් බලලා ඒක පටං ගන්න එක අපේ රටේ මිනිස්සුංගේ සිරිතක් ය.එහෙම සුභ වෙලාවට දෙයක් පටං ගත්තාම පටං ගත්තු වැඩේ ආයේ කිරිගහට ඇන්නා වගේ හරි යනවාලුය.ඔය මගුලක්, ගෙවල් හැදිල්ලක් වගේ සුළු සුළු කෙළි විතරක් නොව රටේ වැදගත් තීන්දු තීරණ ගැනිල්ලක් වෙන මැතිවරණ පවා තියන්නේ ඒ වෙලාවේ බලේ ඉන්න එකාට සුභ වෙලාවක් බලලාය.ඒ කොච්චර සුභ වෙලාවල්වල තිබ්බත් රටේ ඡන්ද දිනිල්ල තීරණේ වෙන්නේ රටේ ඉන්න එකාලගේ ගොබ්බ කම් මතය.



පොඩි එකෙක් ඉපදිච්ච වෙලාව බලලා උගේ කේන්දරේ හදනවාය.ඒ කියන්නේ ඒකා උපදින වෙලාවේ බලවත් වෙලා ඉන්න ග්‍රහයෝ ගැන බලලාය.දැං බැරි වෙලාවත් මිනිස්සු අඟහරු ලෝකේ පදිංචි උනොත් එහේ උපදින උන්ට අඟහරු උච්ච වෙනවාද කියා මට ප්‍රශ්නයක් තිබේ.වෙලාවට සෙනසුරු වායු ග්‍රහයෙක්ය. ඒක නිසා ඒකේ ජනාවාස පිහිටුවන්ඩ බැරිය.නැත්තං ඒකේ ඉන්න උන්ට හැමදාම සෙනසුරු මහ දශාවම ය.හැබැයි ඒත් සෙනසුරුගේ බැරි උනාට ඒක වටේ තියෙන ඔය යුරෝපා වගේ චන්ද්‍රයෙකුගේ ජනාවාස පිහිටෙව්වොත් උන්ටත් සෙනසුරු ඒරාශ්ඨකෙන් ගැලවීමක් නැත.ඒ නිසා අභ්‍යාවකාශ තාක්ෂණය තියෙන ඇමරිකාව, රුසියාව සහ චීනය වගේ රටවල් මේවා ගැන දැනුවත් කරන එක හොඳය.

ළමයෙක් උපදින වෙලාව බලලා උගේ අනාගතේ තීරණය කරන එකේ තියෙන අවුල අමතක කෙරුවත් පොඩි එකාගේ උපන් වෙලාව කියලා ගත යුත්තේ කොයි වෙලාවදැයි කියා මට කිසිම පැහැදිලි අදහසක් නැත.ඒක ඒ පොඩි එකා අම්මාගේ බඩට ආපු වෙලාව නොවිය යුතුද? එහෙම නැත්තං පොඩි එකා ඉස්සෙල්ලාම දඟලනවා අම්මාට දැනුනු වෙලාව ද? පළමු විළිරුදාව දැනුනු වෙලාව ද? හිස එළියට පෙනුනු වෙලාවද නැත්නම් හිස සම්පූර්ණයෙන් එළියට ආ වෙලාවද? හිස සම්පූර්ණයෙන් එළියට ආ වෙලාව කියන්නේ තට්ටම පළුව එළියට එන (breech presentation) පොඩි එකෙක්ගේ නම් සම්පූර්ණයෙන්ම හිස එළියට ඒමට සෑහෙන වෙලාවක් ගතවන බවද සැළකිය යුතුය. පොඩි එකා සම්පූර්ණයෙන් එළියට ආ වෙලාව මෙන්ම පෙකණිවැල කපා සම්පූර්ණයෙන් ස්වාධීන වූ වෙලාවද සළකා බැලිය යුතුය.වැදෑමහද බිහිවී මවගේ සිරුරෙන් දරුවාට සම්බන්ධ සියළුම පටක ඉවත් වූ වෙලාවද අමතක කරන්ඩ බැරිය.

ඒ කොයි වෙලාව හරි සැළකීමට ලොකයේ සියළුම විද්වත් ජ්‍යොතිෂවේදීන් එක්ව ඒකමතිකව තීරණයකට ආවත් ප්‍රසූත කාමරයේ තියෙන ඔරළෝසුව ගැන මට සතපහක විශ්වාසයක් නැත.මොකද මේවා රාජ්‍ය ආයතන වේ.ඔරළෝසුවේ බැටරි බැස්සොත් අළුතෙන් බැටරියක් දමා ගන්නට ලියුම් ලියා දහ පහළොස් දෙනෙකුගේ අනුමැතිය ගතයුතුයැයි සිතමි.ඒ කියන්නේ බැටරි බැස්සොත් බැස්සාම තමා කියන එකය.ඔරළෝසුව වැඩ කළත් ඒවායේ වෙලාව හරිදැයි විශ්වාස කරන්ඩ බැරිය.ග්‍රිනිච් වෙලාව ලෝක සම්මත වෙලාව උනාට අපේ රටේ ජ්‍යෝතිෂවේදීන්ගෙන් ඒ වෙලාව හරිම වෙලාවදැයි අසා බැලුවායැයි මමනම් හිතන්නේ නැත.ඒ පිළිබඳ එකඟතාවයකට පැමිණියත් ළමයා ඉපදෙන වෙලාව බලන්නේ වින්නඹු මාතාව හෙවත් මිඩ්වයිෆ් නෝනා හෝ හෙදිය ය.ඒ වෙලාවේ තියෙන කළබැගෑනිය අස්සේ හිතට එන වෙලාවක් දාලා දෙනවාය.එහෙම වැරදි වෙලාවක් බාවිතා කරලා උනත් අපේ ජ්‍යෝතිෂ කස්ටිය ගාණට වැඩේ කරගෙන යනවාය.දක්සතාවය කියන්නේ ඒකටය.

ඊට පස්සේ කොණ්ඩේ කපන්ඩ, ඉඳුල් කටගාන්ඩ, අකුරු කියවන්ඩ, ඉස්කෝලෙ යන්ඩ, කොටහළු උනාම නාන්ඩ, කොල්ලන්ට රැවුල කපන්ඩ වගේ ඒවාට සුභ මුහුර්තය බලනවාය.මේවා ලොකයේ අනිත් රටවල කෙරෙන දේවල් නෙමෙයිය.හැබැයි හැම දේම නියම විදිහට සුභවෙලාවට කොරන අපේ රටේ උන්ට වඩා, මේ කිසිම දෙයක් සතපහකට ගණන් නොගෙන ඉන්න වෙන රටවල් අපිට වඩා දියුණුය.භෞතිකව විතරක් නෙමෙයිය, අධ්‍යාත්මිකවත් උන් දියුණුය.

කසාද බැඳිල්ලට නැකැත් බැලිල්ල හරි ආතල් වැඩක් ය.අපේ රටේ උන් බඳින්ඩ ඕනේ උන්ට බඳින්ඩ හිතුනු දාට , පහසු දාට, නෑයින්ට යාළුවන්ට නිවාඩු එන්ඩ පහසු දවසක නෙමේය.ග්‍රහයා කියන දවසටය.එදාට එන්ඩ බැරි උන්ට කුද ගහගන්ඩ කියා බඳින උන් දෙන්නා බැඳිය යුතුමය.ජ්‍යෝතිෂ්‍ය මහත්මයා කියන විදිහට ඒ අය කියන විදිහට බැන්දේ නැත්තං මඟුල කැඩෙන එක කැඩෙනවාලුය.එක්කෝ ලොකූ අනතුරක් වෙනවාලුය.එහෙමත් නැත්තං බැන්දට ළමයි හම්බ වෙන්නේ නැතිලුය.එහෙම කියා ඔහු මඟුල කළයුතු පියවරෙන් පියවරට නැකැත් හදා දෙනවාය.මනමාලිට ගෙයින් පිට වෙන්ඩ නැකතක් තියෙනවාය.මනමාලයාට ගෙදරින් පිට වෙන්ඩ නැකතක් ද තියෙනවාය.මනමාලි ගෙදරින් පිටවෙන නැකත කියාල කෙහෙල්මලක් ආවේ මඟුල හෝටල්වල ගන්ඩ ගත්තාට පස්සේය.නැත්තං මඟුල ගත්තේ මනමාලිගේ ගෙදර නිසා ඔය කියන නැකත මනමාලිට උදේ නැගිටලා දත කට මැදගන්ඩ හදන නැකත වෙන්ඩ ඕනෑය.




තැල්ල තියන්ඩ, පෝරුවට නගින්ඩ, ඒකෙන් බහින්ඩ, අස්සන් කරන්ඩ ආදී හැම දේටම නැකැත් තියෙනවාය.මිනිස්සු බඳින්නේ මොන හේතුවකට දැයි ඇහුවොත් විවිධ හේතු කට්ටිය කියන්ඩ පුළුවංය.ඒ උනත් ඇත්තම හේතුව වෙන්නේ දෙන්නෙක් බඳින්නේ සංසර්ගයේ යෙදෙන්ඩ ඕනෑ හින්දාය.ඒ නිසා මම නං කියන්නේ මඟුලේ වැදගත්ම දේ වන සංසර්ග කාරියටත් නැකැත් හදන්ඩ ඕනෑ කියලාය.ඇත්තටම බඳින දෙන්නා ඊට කළිඅං ලෝකෙට හොරෙං (ලෝකාපවාදයට බය නිසා) ගස් ගල් අස්සේ හැංගිලා මෛථූනයේ යෙදිලා නැති කන්‍යා යුවලක් නම්, මඟුල නම් වූ ක්‍රියාපටිපාටියේ දෙන්නාගේ කුළුඳුල් අත්දැකීම් වන්නේ මේ සංසර්ග ක්‍රියාවලිය නොවේද? ඒ නිසා මම යෝජනා කරන්නේ මනමාලියගේ ඇඳුම් ගැලවීමට නැකතක්, මනමාලයාගේ ඇඳුම් ගැලවීමට නැකතක්, පළමු සිප ගැනීමට නැකතක්, මීට කළිං මැස්සෙක්වත් වහලා නැති හරිය ස්පර්ශය සඳහා නැකතක්, ආදී වශයෙන් හැම එකටම නැකැත් හැදිය යුතුය.නමුත් සුරාන්තය වගේ දේවල් නැකතට කරන්ඩ බැරි නිසා එවැනි දේවල් ස්වභාවධර්මයට බාරදීම හොඳය.



අපිට අනන්‍ය වූ අපේ ශාස්ත්‍ර දියුණු කිරීමේ අරමුණෙන් පුද්ගලික අත්දැකීම් මත කරන්නා වූ යෝජනාවක් පමණි.කිසිවෙකුටවත් පුද්ගලිකව චෝදනා කර නොමැති බව කාරුණිකව සලකන්න.


25 February 2014

ජනතාව වෙනුවෙන් මාධ්‍යය......... ජනමාධ්‍යය



සියදිවි නසා ගැනිල්ල අපේ රටේ මේ දවස්වල ෆැෂන් එකක් වෙලා ඉවරය.කාට හරි අධෝ වාතයක් ගියත් එකෙක් සියදිවි නසා ගන්නවාය.මේ රැල්ල ජනප්‍රිය වීම ගැන විවිධ මතවාද හැම තැනම කතා බහ වෙනවාය.ගහ මරා ගන්නවාය.කොච්චර සංවාද ඇති උනත් මැරෙන උන් අඩු වෙන්නේ නැත.හැමෝම මේ ගැන කතාබහ කරන නිසා ඒ ගැන නොකියා ඉන්ඩ හැදුවත් මේක දැන් ජාතික ප්‍රශ්නයක් වෙලා ඉවරය.මගේ අදහස් ටිකත් බ්ලොග් සංවාද මණ්ඩපයට එක් කරන්ඩ ඕනේ කියලා හිතුනේ අඩුම ගානේ එක ජීවිතයක්වත් වෙනස් කරන්ඩ පුළුවන් උනොත් ඒකත් ලොකු දෙයක් හින්දා.

දිනුක ජයකොඩි නම් මානව හිතවාදියාගේ අදහස

සියදිවි නසා ගැනීම කියන එක ලංකාවට දැනෙන ප්‍රශ්නයක් වෙලා තිබ්බා.නමුත් සුමිත්‍රයෝ වගේ සංවිධානවල ක්‍රියාකාරීත්වය හින්දා අපි ලොකේ අංක එක වෙලා හිටපු තැනින් පොඩ්ඩක් පහලට එන්ඩ පුළුවන් උනා.සියදිවි නසාගැනීම්වලට හේතු විදිහට විවිධ අය විවිධ මත ඉදිරිපත් කරනවා.මානසික අසහනය, ආර්ථික පීඩනය, දෙමව්පියන්ගේ නොසැලකිල්ල, ගුරුවරුන්ගේ නොසැලකිල්ල, බොළඳ නාට්‍ය, චිත්‍රපට සහ නවකතා, වගේ හේතු ගොඩක් ගැන කතා කළත් මගේ අවධානය වැඩිපුරම යොමු වෙන්නේ ජනමාධ්‍ය කියන කොට්ඨාසය වෙත.සියදිවි නසාගැනීමක් වාර්ථා කිරීමේදී ඔවුන්ගේ කාර්යභාරය මොකක්ද කියන එක ගැන මම හිතන්නේ ගොඩක් අය දන්නේ නෑ.

සියදිවි නසාගැනීම් වාර්ථා කිරීමේ ක්‍රමවේදය අනුව තවත් සියදිවි නසාගැනීම් වැඩි කිරීම හෝ අඩු කිරීම සිද්ද කරන්න මාධ්‍යවේදීන්ට පුළුවන්.ඒක මාධ්‍යවේදීන්යැයි කියාගන්නා කුලකයට පමණක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ෆේස්බුක්, බ්ලොග් වගේ අවිධිමත් මාධ්‍යකරණයේ යෙදෙන්නන් උනත් මේ ගැන කතා කිරීමේදී අවධානයෙන් කටයුතු කිරීම වැදගත් කියලා මම හිතනවා.

සාරියක් බෙල්ලේ වැල දාගන්ඩ පාවිච්චි කරන්ඩ පුළුවන් කියන එක මේ නිව්ස් එක දකිනකන් මගේ ඔළුවට ඇවිත් නොතිබ්බ දෙයක්.සමහර විට ඒ මම මෝඩ නිසා වෙන්ඩ ඇති.නමුත් මනුස්සයෙක්ට සියදිවි නසාගන්ඩ හිතුනත් ඒකට ක්‍රමවේදය හොඳින් සවිස්තරව දැන ඉන්න එක ඒ දිවිනසාගැනීම ඉක්මන් කරන්ඩ දායක වෙනවා කියන එකටනම් මම හිතන්නේ කවුරුත් එකඟ වේවි.මොකද දෙවැනි කෙල්ලට හිත හිතා ඉන්ඩ උවමනා උනේ නෑනේ.

අපි බලමු දිවි නසාගැනීමක් වාර්ථා කිරීමේදී වාර්ථාකරුවෙක් අනුගමනය කළයුතු රීතීන් මොනවද කියලා.රීතීන් කිව්වේ මේවා නීති විදිහට ලංකාවේ අනුගමනය කළයුතු කරුණුද කියලා මම දන්නේ නැති හින්දා.නමුත් අපිට විධිමත් මාධ්‍යවේදීනුත් බ්ලොග් අවකාශයේ ඉන්න හින්දා ඔවුන්ගෙන් ඒ ගැන පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමු.

දිවිනසාගැනීමක් පුවත්පතක මුල් පිටුවේ පල නොකළ යුතුයි.

"දිවි නසාගැනීම, සියදිවි හානිකර ගැනීම" වැනි සෘජු අර්ථය දැක්වෙන වදන් පුවතේ මාතෘකාව විදිහට නොයෙදිය යුතුයි.

ප්‍රවෘත්තිය හැඟීම් උපදවන ආකාරයට වාර්ථා නොකළ යුතු අතර කරුණු සහ සාධක පමණක් වාර්ථා කළ යුතුයි.

දිවිනසාගැනීමේ ක්‍රියාව වර්ණනා කරමින් වීර ක්‍රියාවක් ලෙස අගය කරමින් වාර්ථා නොකළ යුතුයි.

දිවි නසාගත් ක්‍රමවේදය සවිස්තරව පල නොකළ යුතුයි. (උදා: සාරියක් ආධාරයෙන් බාල්කයේ එල්ලී මිය ගොස් ඇත.)

මියගිය පුද්ගලයාගේ ඡායාරූප හෝ ක්‍රමවේදයේ ඡායාරූප පළ නොකළ යුතුයි.

සියදිවි නසාගැනීම වෙනුවට ගතහැකිව තිබූ විකල්ප ක්‍රමවේදයන් ගැන සවිස්තරව සාකච්ඡා කළ යුතුයි.



ඇත්තටම මේ රීතීන් එහෙම නැත්නම් සදාචාර සීමාවන් මොන මාධ්‍යකරුවාද ආරක්ෂා කරන්නේ? මේ රීති හඳුන්වලා දීලා තියෙන්නේ අපේ රටේ ඉන්න මී හරක් උපදේශකයෝ වගේ ගොබිලෝ නෙමෙයි.අන්තර්ජාතිකව කරන ලද පර්යේෂණ සහ ගවේශන වල ප්‍රතිඵල විදිහට ඉදිරිපත් කරනු ලැබූ සහ අනුගමනය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබූ න්‍යායයන්.බොරුවට උගුර ලේ රහ වෙනකන් මාධ්‍ය නිදහස ගැන, මාධ්‍ය සදාචාරේ ගැන කෑ ගැහුවට ඒකෙන් කාටවත් වෙන සෙතක් නෑ.මාධ්‍ය කරුවෙක්ගේ වගකීම මොකක්ද? රටේ මිනිස්සුන්ට මෝඩ ආතල් එකක් දීලා අනිත් වැදගත් ප්‍රශ්න අමතක කරවන එකද?

අපේ රටේ මිනිස්සු ලේ පිපාසිත ජාතියක්.ඒක හොඳටම එළි දැක්කේ උතුරේ සටනේ අන්තිම දින කීපයේ.මාත් ඇතුළුව රටේ මිනිස්සු ඔක්කොම හවසට ගෙදර ආවේ කොටි කීයක් මැරිලද බලන්ඩ.යුද්ධයේ විනාශය බලන්ඩ.හමුදා කාරයින්ට වඩා කොටි මැරිලනං අපි හැමෝම සතුටු උනා.උඩ පැන්නා. හුරේ තිබ්බා.ඒ මෘග ලේ පිපාසිත මානසිකත්වය අපේ ඔළුගෙඩි ඇතුලේ වර්ධනය කළේ මාධ්‍යය.යුද්ධේ ඉවර වෙලා කිරිබත් කාලා මිනිස්සුන්ට නිවෙන්ඩ දුන්නේ නෑ.දෙමෙල්ලු පස්සෙ එළවලා හති වැටිලා හිටපු අපිව හම්බයාට විරුද්ධව උසි ගැන්නුවෙත් ඒ කට්ටියම තමයි.හරක් මරන එක පව් කියන ගමං හම්බයා මැරුවට කමක් නෑ කියලා ඔළුවට දැම්මා.අපේ ගෑනුංගේ හෙළුව වහන්ඩ කියන ගමං හම්බ ගෑනුංගේ බුර්කාව ඉරන්ඩ පෙළඹෙව්වා.අපේ මැටි මෝල් ජනතාව ඕනේ දේකට උසිගන්නන්ඩ ලේසියි.අපේ වෘෂභයෝ බහුතරයක් දන්න ලොකුම කලා මාධ්‍ය තමයි ටෙලි නාට්‍ය ටික.මොන්ටිසෝරි යන පොඩි එකාත් දන්නවා ඒ ඒ නාට්‍යවල ඉන්න ගෑනු කොයි එකා එක්කද මේ දවස්වල බුදිය ගන්නේ කියලා.ඉඳලා හිටලා දවසක් දෙකක් දොරමඬලාව බැලුවම උං හිතන්නේ උංගේ අධ්‍යාත්මේ සුපිරිසිඳු වෙනවා කියලා.

ටෙලි නාට්‍යවල වගේම නිව්ස්වලත් කඳුළු මාකට් කරන්ඩ පුළුවන් වෙලා තියෙන්නේ අපේ හිත්වල තියෙන කුහක කම හින්දා.අපිට වඩා අසරණ වෙන උන් ඉන්න එක අපේ හිත්වලට සතුටක්.නැත්තන් වෙන එකෙක් අඬන එකක් දිහා කට ඇරං බලං ඉන්නත්, ඒ වෙලාවට චැනල් එක මාරු කළොත් මරාගෙන කන්ඩ පනින්නත් ඕනේ නෑනේ.අපේ ජාතියේ ලේ පිපාසිත කම තවත් හොඳට පේන තැනක් තමයි ඔය නිව්ස්වල සමහර දාට දාන වගේම ගොඩක් ගොසිප් සයිට්වල තියෙන "සංවේදී අය බලන්ඩ එපා" කියලා ලේබල් කරලා තියෙන ඒවට වැඩිම හිට්ස් ලැබීම.කවුරු හරි මැරිලා ඉන්න දර්ශන, ලේ සහිත දර්ශන ඇයි මෙච්චර ආසාවෙන් බලන්නේ?ඒයිටත් වඩා ලොකු ප්‍රශ්නේ තමයි ඇයි ඒවා පෙන්නන්නේ? කාටවත් ඒකෙන් ඇති වැඩේ මොකක්ද?

මොනවා හරි අපරාධයක් උනාම ජනතාව ඒ ගැන දැනගන්න ඕනේ.ඇයි එහෙම උනේ සහ කවුද ඒක කළේ කියලා.ඒ නැවත ඒ වගේ සිදුවීමක් සිද්ධ වෙන එක වළක්වගන්ඩ.නමුත් අපරාධයක් සිද්ධ වෙච්ච තැනක ඡායාරූප හරි වීඩියෝ දර්ශන හරි පෙන්නන එකෙන් මිනිස්සුන්ට ඇති වැඩේ මොකක්ද?ඒවා බලලා මිනිස්සු තෘප්තියක් ලබනවද?මම දකින විදිහට එහෙම පෙන්වන එකෙන් වාසි දෙකක් ලැබෙනවා.මිනිස්සුන්ගේ මොළ කුණු උනාම මේ ජඩමාධ්‍ය කාරයින්ට තවත් ඒ වගේ කුණු නිව්ස් විකුණන්ඩ පුළුවන් වෙනවා.ඒ වගේම ලේ පිපාසිත කම උලුප්පලා තිබ්බම පාලකයින්ට ඕනේ ඕනේ වෙලාවට මිනිස්සුන්ව කුලප්පු කරන්ඩ පුළුවන් වෙනවා.ඒ ඇර මිනිස්සුන්ට් වෙන යහපතක් නම් නෑ.

ලොකු අනතුරක් වෙච්ච වෙලාවට අපේ රටේ මාධ්‍ය ආවරණය ඔබ දැක ඇති.තුවාල සහිතව, සිහිවිසඥව රෝහලට ගේන රෝගියාට රෝහල ඇතුලට යාමට පෙර මාධ්‍යකාරයාගේ ඡායාරූපයට පෙනී සිටින්න සිදු වෙනවා.හෙදියන්ගේ, ඇටෙන්ඩන් මහත්වරුන්ගේ, සහ වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධාකරමින් තඩි කැමරා උස්සාගෙන ඔවුන්ගේ මාධ්‍ය මෙහෙවර කරන්ඩ කටයුතු කරන හැටි දැක්කම ලේ කුපිත වෙන එක වළක්වන්ඩ හරි අමාරුයි.රෝගියාගේ ජීවිතය බේරාගැනීමට වඩා ඔවුන්ට වැදගත් වෙන්නේ රටේ ඉන්න අනිත් උංගේ මන දොළ පුරවන එක.

මාධ්‍යකාරයින්ගේ අනිත් කුණු වැඩේ ගැන මම මීට කළින් ලියන්ඩ හිටියේ.ඔන්න ඒ ගැන මොඩර්න් පේට්‍රියට් ලොක්කා ලියලා තිබ්බා.හැම පත්තරේකම, රූපවාහිනී නාලිකාවක්ම මිනිස්සුංගේ ඔළු මේ හඳහන්, අනවින, හූනියම්, වශී, වගේ මළවිකාරවලින් පුරවන්ඩත් පටං අරං.කාලයක් නැගලා ආපු ෆෙංශුයි කියන ප්‍රෝඩාව දැන් ටිකක් විතර යට ගිහිල්ලා.ඒත් නැත්තටම නැති වෙලානං නෑ.පේට්‍රියට් ලොක්කා ඔබාමාට යෝජනා කරළා තිබ්බා වගේ ඇයි මෙහෙම දේවල් තියෙනවනං ඒවා ජාතික මට්ටමෙන් ප්‍රයෝජනයට ගන්නේ නැත්තේ?අනික අපි අනාදිමත් කාලෙක ඉඳං හඳහන් බලලා, නැකැත් බලලා, සුභ වෙලාව සුභ දිශාව බලලා හැම වැඩක්ම පටන් ගන්නේ.ගෙයක් හැදුවත් වාස්තු විද්‍යාවට අනුව දොරවල් උළුවහු තියලා මුදුන් ලීය තියලා නියම සාස්තරේ අනුව කරන එකේ අපි මේ වෙනකොට ලෝකේ දියුණුම ජාතියක් වෙලා ඉන්ඩ ඕනේ නැද්ද? භෞතිකව නැත්තං අධ්‍යාත්මිකව හරි. ඔය මළ විකාර පුහු දේවල් දාලා මැටි මිනිස් රැළක් පාලිතයෝ විදිහට තියාගෙන පාලකයින්ට සැප විඳින්ඩ දෙන්ඩ දායක වෙන ජනමාධ්‍යකාරයින්ට මොනවද කරන්ඩ ඕනේ? මුන්ට ජනමාධ්‍යවේදීන් කියලා කියන්ඩ පුළුවන්ද?ජනමාධ්‍යවේදීන් කියන්නේ ජනතාව වෙනුවෙන් මාධ්‍යකරණයේ යෙදිය යුතු උන් නේද?

දිනුක ජයකොඩි නම් අරාජිකවාදියාගේ අදහස

සියදිවි නසාගැනීම් මේ රටේ එදත් සිද්ධ උනා.අදත් සිද්ධ වෙනවා හෙටත් සිද්ධ වේවී.අනිත් දිවිනසාගැනීම්වලට නොලැබුණු ප්‍රචාරයක් මේ ඡන්දය කට ළඟ තියාගෙන මේ සිද්ධියට පමණක් ලැබුණේ (දුන්නේ) ඇයි? මට හිතෙන්නේ මේක ඔවුන්ගේ යෝධ මැතිවරණ සැලැස්මේ එක් පුංචි ප්‍රයෝගයක් විතරයි කියලා.ෆේස්බුක් වගේ දෙයක් එක්ක පටලවලා ඒ වගේ නවීන සංකල්පයකට එරෙහිව ජන මතයක් ඇති කළාට පස්සේ ලොක්කා ෆේස්බුක් තහනම් කරන්ඩ් ඕනේ කියලා අදහසක් දැම්මම මිනිස්සුංගේ මනස ඇතුලේ පුංචියට හැඟීමක් එනවා අපේ ලොක්කා හරියට අපි ගැන හිතනවා කියලා.මොකද විපක්ෂය කොහෙත්ම ෆේස්බුක් තහනම් කරන්ඩ කතා කරන්නේ නෑ කියන එක මිනිස්සුන්ට ශුවර්.ඒක සනාථ කරමින් විපක්ෂය ප්‍රකාශ කළා එහෙම දෙයක් කළොත් ඒකට විරුද්ධව ක්‍රියා මාර්ග ගන්නවා කියලා.ඒ වගේම ජෙප්පො කියලා තිබ්බේ උංගෙ ආණ්ඩුවක ඉන්ටර්නෙට් නොමිලේ දෙනවා කියලා.ඉතිං මේක හොඳ අවස්ථාවක් තවත් මැටි මෝල් ඡන්ද ටිකක් ලොක්කට කඩා ගන්ඩ.ෆේස්බුක් තියා මළපොතේ අකුරක් බැරි උං හිතන්නේ ලොක්කා රට ලොවෙත් තැනකට ගෙනෙයි කියලා.ඒකත් බාලගිරිදෝසෙ වගේ අද නෙමෙයි හෙට තමයි කියලා උන්ට මතක් වෙන්නේ නෑ.මාධ්‍යකාරයෝ ආණ්ඩුවේ උවමනාවට ෆේස්බුක් එක මාරයෙක් වගේ පෙන්නලා දුන්නම ඔය ඉන්න ආච්චිලා සීයලාට මතක් වෙන්නෙ නෑ උන්දැලාගේ කාලෙත් ෆේස්බුක් තියා මොන මළදානයක්වත් නැතිව උනත් ලව් කෙරිලි, ලියුං ලිවිලි, කොටු පැනිලි වගේ හැම අළුගුත්තේරු වැඩක්ම වෙච්ච බව සහ ඒ පළහිලව් හින්දා දිවිනසා ගත්තු උනුත් හිටපු බව.

මෙහෙම ජනතාව කුලප්පු කිරිල්ල නිසා තව ජීවිත කීයක් නැති උනත් උන්ට ගාණක් නෑ.උංගේ ඡන්ද ව්‍යාපාරෙට තව ඡන්ද කීයක් හරි ලැබෙනවනං.

මේ වගේ අදහසක් බස්සත් ලියලා තිබ්බා අද උදේ දැක්කා...


දිනුක ජයකොඩි නම් මනෝ විද්‍යාඥයාගේ අදහස

මිනිස්සු විවිධාකාරය.සමහරු බුද්ධිමත් වෙද්දී සමහරු බුද්ධි හීනයෝ වෙති.සමහරු උස වෙද්දී සමහරු කොට වෙති.සමහරුන්ගේ පෙනීම දියුණු වෙද්දී සමහරුන්ගේ පෙනීම අඩු වේ.මෙසේ සිදු වන්නේ ඒ ඒ මිනිසාගේ ජානවල එකතුව අනුවය.සමහර මිනිසුන් තුලු ඉතා දියුණු ජාන පවතී.සමහරුන් තුල ඇත්තේ දුර්වල ජාන එකතුවකි.අතීතයේ, එනම් මිනිසා ශිෂ්ඨාචාර ගත වීමට පෙර අපි අද "කැලෑ නීතිය" නමින් හඳුන්වන උචිතතමයාගේ ප්‍රවර්ථනය හෙවත් උචිතෝන්නතිය ක්‍රියාත්මක විය.එනම් ශක්තිමත් බුද්ධිමත් තැනැත්තා පමණක් ප්‍රජනන කාර්යය සඳහා අවකාශ ලබා ගැනීමය.එවිට ඔහුගේ දියුණු ජාන පමණක් ඊළඟ පරම්පරාවට හිමිවූ අතර දුර්වල ජාන සහිත වූවෝ ප්‍රජනන අවකාශ නොලැබී යාම නිසා ඔවුන්ගේ දුර්වල ජානද සමඟ මිය ගියෝය.

නමුත් ශිෂ්ඨාචාරයේ ඇරඹීමත් සමඟ මෙකී ස්වභාවික ක්‍රියාවලිය ක්‍රමයෙන් අඩපණව ගියේය.එයට හේතුව වූයේ සමාජයේ සියළුම වැසියන්ට ප්‍රජනන අවකාශ ලැබීමය.එනිසා මිනිසා ජානමය වශයෙන් දියුණු වුවද, දුර්වල වුවද ඔහුගේ ජාන ඊළඟ පරම්පරාවට දායාද කර දීමට හැකි වීම නිසා සමස්ථ මානව ප්‍රජාවගේ ජාන සියල්ල එක්ව සළකන්නාවූ "ජාන කිටුව" නම් ප්‍රපංඡය දුර්වල ජාන පිරිපහදු වීමකින් තොර වීම නිසා සංශෝධනයකින් තොරව එක තැන පල්වෙමින් පවතී.

පූර්වයේ පැවති කැලෑ නීතිය අදත් ක්‍රියාත්මක වූයේනම් හෝ වෛද්‍ය කර්මය භාවිතයේ නොමැති වී නම් අද අප සමාජයේ හෘදයාබාධ, පිළිකා වැනි බොහොමයක් රෝග තත්ත්ව නොමැති සමාජයක් වන්නට ඉඩ තිබුණි.

සියදිවි නසා ගැනීම යනු දුර්වල මනෝභාවයකි.එවන් දුර්වල මනෝ භාවයන් ඇති වීමට පුද්ගලයෙකුගේ බුද්ධි මට්ටම බොහෝ සෙයින් බලපායි.එනම් දුර්වල ජානයන්ගේ සෘජු හෝ වක්‍ර ක්‍රියාවන් නිසා මිනිසුන් සියදිවි නසාගැනීමට පෙළඹෙතැයි සිතිය හැක.එවන් වූ දුර්වල ජාන සහිතවුන් නව පරම්පරාවට ඔවුන්ගේ දුර්වල ජාන එක් නොකොට මියයන්නේ නම් පරම්පරා කීපයකට පසුව සියදිවි නසාගැනීමට පෙළඹෙන්නවුන්ගෙන් තොර සමාජයක් ඇති වීමේ සම්භාවිතාව ඉතා ඉහලය.


08 November 2013

විභාගෙයි මමයි චෝගමුයි

විභාගය කියන මළ උලව්ව හොයාගත්තු එකා අහු උනොත් ඇත්තමයි අල්ලලා දෙනවා මේ පාර ශිෂ්‍යත්වෙ ෆේල් වෙච්ච උන් ටිකකට.එච්චරට මළ අප්පා.අති උත්තම මට ලබන 18 වෙනිදා සිට ඇරඹෙන මහා විභාග සංග්‍රාමය හින්දා දොට්ට  පිලටවත් නොයා 'අල බාන්ඩ' (පාඩම් කිරීම - ප්‍රාදේශීය ව්‍යවහාරයකි ) සිද්ද වෙලා තිබුණත් ඇත්තටම විභාගෙක අරමුණ තේරුම් අරං තියෙන හින්දා එච්චර අල බාන්ඩ හිතෙන්නේ නැත.විභාගේ කියන කෙහෙල් මල මෙච්චර වියදං කරලා මහන්සි වෙලා ඒ ඇත්තෝ ලක ලෑස්ති කරන්නේ කාව හරි ෆේල් කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් නොවැ.නැත්තං ඉතිං ඔක්කොමල්ලා පාස් කරන්ඩ තිබ්බනේ.ඒ හින්දා මම වැඩිය අල බාන්නේ නැත.නැත්තං ෆේල් කරගන්ඩ එකෙක් නැතුව ඒ උන්නාන්සේලාගේ ඉහ මොළ රත් වෙනවා ඇත.උත්තර පත්තර බලන දවස්වලට හීනෙන් බය වෙලා ඇහැරෙනවා ඇත.ඒ වයසක මොළවලට ඕනෑවට වඩා වෙහෙස වෙන්ඩ දෙන්ඩ හොඳ නැති නිසා මම වැඩිය අල නොබා ඉන්ඩ තීරණය කර ඇත්තෙමි.

ඒ අවු අස්සේ චෝගම් හින්දා කැම්පස් වහන්ඩ යනවාය.ඒ කැම්පස් ළමයින්ට චෝගම් එක අධ්‍යනය කිරීමට අවශ්‍ය කාලය ලබා දෙන්ඩය කියලා අපේ කැම්පස් එකේ ලොක්කියෙක් කියා තියෙනවාය.කැම්පස් එකේ රෙපෙයාර් වගයක් තියෙන හින්දාත් කැම්පස් එක වහනවා කියා කවුද කීවෝය.කවුරු කියන ඒවා විශ්වාස කරන්ඩද මම දන්නේ නෑය.සමහර විට ඇමතිතුමාට කැසිනෝ ගහලා හතරමහා නිධානේ පහල වෙලා වෙන්ඩ ඇතිය.ඒ සල්ලිවලින් කාලා බීලා චූන් කරලා තවත් ඉතුරු නිසා වෙන කරන්ඩම දෙයක් නොමැති තැන කැම්පස්වල රෙපෙයාර් වැඩවලට දෙන්නට ඇත.කොහොම හරි මේ නිවාඩුවෙන් (චෝගම් අධ්‍යයන කාලයෙන් ) පස්සේ කැම්පස් යනකොට ඒක අඳුරගන්ඩ බැරි තරමට දියුණුවෙලා සුඛිත මුදිත වෙලා තියෙනවාට සැකයක් නැත.කැන්ටින්වලට පුටු, වතුර ෆ්ලෂ් කළ හැකි වැසිකිළි ආදී සුපිරි පහසුකම් සහිත සපිරි කැම්පස් අපිටත් ලැබෙනු ඇත.ක්ෂිතිජයට ඉහළිං ලෝකය බලලා බලලා බෙල්ලත් ඇමැට්ටි වෙලා ඉන්න අපේ උන්ට එහෙම දෙයක් දුන්නොත් දරාගන්ඩ බැරුව පපුව පැලෙනවා ඇත.සතුටට කඳුලු පණිනවා ඇත.

කවුරු මොනවා කිව්වත් චෝගම් හින්දා අපේ රට ගොඩ යනවා ශුවර්ය.ඒක තිබ්බාම මෙහෙට එන කට්ටිය අපේ සංවර්ධනේ දැකලා කුල්මත් වෙනවාමය.සමහරවිට ඒ කට්ටියත් මත්තල ඒයාර්පෝට් එක බලන්ඩ වගේම කටුනායක හයිවේ එක බලන්ඩත් පයින් යනවා ඇත.එවන් විශ්මකර්ම දැක ඔවුන්ගේ ඇස් විශ්මයෙන් ජම්බෝල මෙන් ලොකු වෙනවා ඇත.උං ඊරිසියාවෙන් පුපුරණවා ඇත.හයිවේ එකේ එන්ට්‍රන්ස් එක ළඟ හූනියං වළලන්ඩ උවද බැරි නැත.මේ විශ්මිත නිර්මාණ හමුවේ සුළුදිය පහවෙන මේ විදේශවල කට්ටිය ඉන්පසු අපේ රටේ ආයෝජනය කිරීමට පොරකනු ඇත.අන්න එවිට අපේ දේශපාලක ඇත්තෝ පොඩ්ඩක් සිහිකල්පනාවෙන් වැඩ කළ යුතුය.මේ සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් සැකසිය යුතුය.නැත්නම් මේ රට රටවල් අපේ රටේ ආයෝජනය කරන්නට පොරකා එකිනෙකා කුළල් කාගෙන තුන්වෙනි ලෝක යුද්ධයකට පවා මුළ පිරිය හැක.
චෝගම් එකේ ව්‍යාපාරික මෙව්වා එකේ ලොකුම ටෝක දෙන්නේ පැකර් මහත්තයාලුය.ඒක ඉතාම පැසසිය යුතු කාරණයකි.උන්දෑ දුනු ඊතල බූමරංග අරං උන්නු ඇබොරිජින්ලා හිටපු, රෑට කැංගරුවෝ හූ කියනවා ඇහුණු ඕස්ට්‍රේලියාව ලොවෙත් තැනකට ගේන්න සෑහෙන කට්ටක් කෑවේය.එතුමාගේ දෑතේ කරගැට, දණිස්වල දියපට්ටා සහ පශ්චාත් පැත්තේ අර්ශස් ගෙඩි ඒ සඳහා ජීවමාණ සාක්ෂි වන්නේය.එහෙව් උත්තමයා අපේ රටත් ඒ වගේම උසස් තැනකට ගේන්ඩ දරණ උත්සාහයට අපි හැම දෙනාම දෙකට නැමී උදව් කළ යුතුය.එතුමාගේ හෝටල් සංකීර්ණයේ සැළැස්මට මේන්න මේ මගේ යෝජනා කීපයද එක් වන්නේනම් ඉතා යෙහෙකිය.ගරුතර සංඝයා වහන්සේට කම්සැප විඳින්නට ගෑනු ඉඹින්නට හැකි ස්ථානයක් සකස් කළ යුතුය.එතකොට මේ දවස්වල දඹදිව මහා කරුණාව පතුරවන රේවත උන්නාන්සේ මෙහේ ඇවිදින්ද සියළු කාන්තාවන් දුකින් මිදවීමට කටයුතු කරනු ඇත.එමෙන්ම කැසිනෝ ශාලාවේ සුදු පිරුවට එලා උස් අසුණක් පැනවිය යුතුය.ඒ සූදු කෙළින අපේ හාමුදුරුවන්ටය.බුද්ධාගම රැකීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බැඳී ඇති නිසා මහා සංඝයාගේ උවමනාවන් ඉටු කිරීමද අනිවාර්යයෙන් කළ යුතු දෙයකි.කොළඹ ගම්පහ ආදී ප්‍රදේශවල හිඟාකමින් දඩාවතේ යන කොලු පැටව් ටික අල්ලා නාවා දත් මද්දා සංඝයා විශයෙහි පූජා කිරීමටද, එකී ලිංගික ක්‍රියා සඳහා නිදහස් ලිංගික කළාපයක්ද පැකර් ලොක්කාගේ හෝටලයේ ඇති කළ යුතුය.එවිට ප්‍රාදේශීය දේශපාලකයින්ට, ගුරුවරුන්ට සහ ක්‍රීඩා පුහුණුකරුවන්ටද ඕනෑවිට සංඝගත දක්ෂිණාවෙන් ටික ටික රස බැලිය හැක.

අපේ එවුන් දැං කියත් හොයමින් එහේ මෙහේ දුව ඇවිදිනවාය.ඒ මෝටර් බයිසිකල් තියෙන උන්ය.ඒ උංගේ හෙල්මට්වල නිකට වැහෙන කෑල්ල කපන්ඩය.පොලීසිය පහුගිය දවස්වල හෙන අවුලෙන් හිටියේ බයිසිකල්වලින් යන උන් පොලිස්කාරයින්ට රවාගෙන යනවාද හිනා වේගන යනවාද කියන එක ශුවර් නැතුවය.පොලිස් සේවය උසස් මට්ටමකට ගෙන ඒමට නම් පොලිස් සේවාවෙන් ජනතාව තෘප්තිමත් විය යුතුය.නමුත් පොලිස් කාරයාගේ ක්‍රියාවෙන් ජනතාව තෘප්තිමත්ද අතෘප්තිමත්දැයි දැනගන්නට විදිහක් තිබ්බේ නැත්තේ හෙල්මට්වල නිකට ආවරණ කෑල්ල හින්දාය.දැං ඒ කෑල්ල අයින් කිරීමට නීති සම්මත කරගෙන ඇති නිසා මින් මතු වඩාත් ජනතාවාදී පොලිස් සේවයක් අපට ලැබෙනු ඇත.


විභාගේ කියමින් හොස්ටල් එකට වෙලා හිටියාට මට ගෙදර එන්ඩ කියලා අම්මාගෙන් හරියට කරදරය.අම්මා මේ අවුඅස්සේ ගෙදර කුස්සිය පැත්තේ මහා විශාල මඩුවක් හදන්නට පටං අරංය.ඒක හදන්නට විභාගේ පැත්තකට දාලා එන්ඩ කියා කියන්නීය.

'අම්මේ පිස්සුද මේ ෆයිනල් එග්සෑම් එක දාලා මඩු හදන්ඩ එන්ඩ කියන්නේ'

'අනේ උඹේ නල්ල මළේ විභාගේ.ඕකත් කැම්පස් එකක්ද බං.ඔන්න ඔය උලව්ව දමල ගහලා ගෙදර වරෙං.චාල්ස් කුමාරයා ඇවිල්ලා උන්නාන්සෙගේ අතිං මුල් ගල තියලා හදන ලැංකසාර් කැම්පස් එකට මං උඹව දාන්නං.එතකොට උඹට ජාතියන්තර ඩිග්‍රියක් ගතෑකි බොල සුටුස් ගාලා.ඔය හම්පඩ මගුල වගේද ඒක.මෙන්න මෙහේ ගෙදර වරෙං ඇවිල්ලා මේ මඩුව හදන්ඩ උදව් වෙයං.'

'මොන බම්බුවකටද මෑ තදියමේ මඩු හදන්නේ? එළ හරකෙක්වත් ගේන්ඩද?'

'හරක් තියං මක්කරන්ඩද? යකෝ රටම කිරිපිටියෙං සොයංපෝෂිතයි බොල.මේ මඩුව හදන්නේ චෝගම් එකෙං හම්බෙන ආධාර ගොඩ ගහන්ඩ.මොකෝ ඕවා වැස්සේ තෙමෙන්ඩ ඇරියැහැක්කෑ??'


24 October 2013

දූ කෙළිය, හයි වේ සහ තවත් කතා


මේ දවස්වල හැමතැනම කැසිනෝ කතාය.කැසිනෝ ගැහිල්ල සූදුවක්ලුය.සූදුවක් උනාට ක්‍රීඩාවක්ලුය.ක්‍රීඩාවක් නම් හොඳය.ලංකාවේ මිනිස්සුංගේ ශරීර සෞඛ්‍යය දියුණු කරන්නට එළිමහන් ව්‍යායාම් මධ්‍යස්ථාන විතරක් මදිය.ක්‍රීඩාවද ප්‍රචලිත කරන්ඩ ඕනෑය.කැසිනෝ ක්‍රීඩාව ප්‍රචලිත කිරීම මඟින් ප්‍රාංශු දේහදාරී තරුණ කැළක් රටට ජනතාවට දායක කරන්නට පුළුවංය.අපේ රටේ කෙල්ලන්ගේ එල්ලෙන තඩි බඩවල් බස්සන්නටත් ක්‍රීඩා කරවීම හොඳය.එවිට කැසිනෝ ක්‍රීඩාව නිසා ප්‍රචලිත වනවායැයි කියන රති කෙළියටත් ඔවුන්ට සහභාගී විය හැකිය.


ජේම්ස් පැකර් ලංකාවේ කැසිනෝ දානවා යැයි එහේ පත්තරවලට කියලාලුය.හැබැයි ඇමතිතුමා කියන්නේ අළුතින් කැසිනෝ බලපත්‍ර දෙන්ඩ රජතුමාගේ ආණ්ඩුව ලෑස්ති නැති බවය.ඒ වගේ කැත වැඩ මේ ආණ්ඩුව කරන්නෙ නැති බව උන්දෑ දහ අතේ දිවුරමින් කියන්නේය.කාව විශ්වාස කරන්ඩදැයි නොදැන මහ ජනයා අතරමංව සිටිති.එහෙම අතරමං විය යුතු නැත.ඇමතිතුමා බොරු කියන්නේ නැති බව කවුරුත් දැනගත යුතුය.බොරු කීමෙන් එතුමාට ලැබෙන ලබ්බක් නැත.පැකර් ලොක්කා බොරු කියනවා වෙන්නට පුළුවංය.උන්නැහේට උන්නැහේගේ ව්‍යාපාර ආසියාවේ ආශ්චර්ය වෙච්ච සිරි ලංකාවේද තියෙන බව කිය ලෝකෙට පම්පෝරි ගැසීමේ උවමනාවක් ඇතුවා විය හැක.

උසස් අධ්‍යාපන ඇමතිතුමා ඇමරිකාවේ කැසිනෝ ගෑනුංගේ ගැටවලට අහුනොවී ඩොලර් දෙක ගාණේ කැසිනෝ ගැසූ බව ආඩම්බරෙන් කියන්නේය.ඔහු ඩොලර් දෙක ගානේ කී පාරක් කැසිනෝ ගැහුවාදැයි කියන්නේ නැත.ඩොලර් දෙකක් කියන්නේ රුපියල් 260ක් වැනි සොච්චම් මුදලකි.කිරිපිටි පැකට් එකක්වත් ගන්නට බැරි තරමේ මුදලකි.ලංකාවේ මිනිස්සුන්ට මසක පඩියෙන් මේ මුදල වියදම් කිරීම එච්චර ගැටළුවක් වන්නේ නැත.එවිට එක් පුද්ගලයෙකුගේ මාසික වියදම 2500 සිට 2760 දක්වා වැඩි වීම පමණකි සිදුවන්නේ.

අපේ රටේ මිනිස්සු කැසිනෝ කාරයින්ගේ කට්ටකම්වලට අහු නොවෙන බව ඒකාන්තය.ඒ අපේ මිනිස්සු එයිට වඩා කට්ට නිසාය.පැකර් ලොක්කාගේ අන්තිම තඹ සතය දක්වා සූරාගෙන අපේ මිනිස්සු කැසිනෝවලින් එළියට එන බව ශුවර් ය.අපේ උන්ට කොළේ වහන්නට නම් කැසිනෝවල වැඩ කරන්නට කට්ටිය හඳෙන් ගේන්නට ඕනෑය.අපේ උන් දිගට හරහට ඔට්ටු දිනලා පැකර් කාරයා බංකොලොත් වී මුඩුක්කුවක අකාලයේ මිය ගියාට පසු විදෙස් ආයෝජකයින් ලංකාවට ඒමට පැකිලීමට ඉඩ ඇත.ඒ නිසා ලංකාවේ උන්ට කැසිනෝ ගහන එක තහනම් කිරීම දීර්ඝකාලීනව බැලූ විට යහපත් තීරණයකි.නමුත් ඕස්ට්‍රේලියාවේ හතරවන විශාලම ආයෝජකයා වන පැකර් කාරයාගේ අන්තිම දොයිතුව දක්වා හූරාගත හැකිනම් අපට ඕස්ට්‍රේලියාවේ මොනවා හෝ යමකට ආයෝජනය කිරීමට උවද හැකිවනු ඇත.ඒ නිසා ලංකාවේ උන්ට කැසිනෝ ගැහීමට ඉඩ දෙනවාද නැද්ද යන්න තීරණය කිරීම අපි ආර්ථික විද්‍යා උගතුන් හට බාර කරමු.



කැසිනෝ කියන්නේ සුද්දංගේ බාසාවෙංය.ඒ නිසා එය අපේ රටේ මිනිස්සුන්ට එච්චර හුරු නැත.නමුත් අපේ අතීත සාහිත්‍යය පිරික්සීමේදී මෙසේ මුදල් ඔට්ටු අල්ලා කළ ක්‍රීඩා තිබූ බවත් අද මෙන්ම එදාත් ලොකු ලොක්කෝ එසේ පොඩි උංගේ සල්ලි හූරාගෙන ඒ සල්ලිවලින් ඔට්ටු සෙල්ලම් කළ බවත් සොයා ගත හැක.එම ක්‍රීඩාවලට හෙල බසින් කිව්වේ 'දූ කෙළිය' කියලාය.අද ද අපේ රටේ තැන් තැන්වල 'දූ කෙළින්නෝ' සිටිති.විශේෂයෙන් බිරිඳ මැදපෙරදිග අරාබි කෙළියේ යෙදී එවන මුදල් රැගෙන කා බී 'දූ කෙළින' සැමියන් ගැන වරින් වර පුවත්පත්වල පලවේ.නමුත් දැන්ගන්නට ඇති පරිදි ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝ රටවලද දූ කෙළිය තහනම්ය.

බයිබලයේ මෙසේ දූ කෙළියේ යෙදුනෙකු ගැන කතාවක් කියෙව්වා මතකය.ඒකේ නම් ඒ මනුස්සයාගේ වැරැද්දක් නැත.දුවලා දෙන්නා මිනිහාට වෙරිවන තුරු බොන්නට දී 'දූ කෙළවා' ගත්තෝය.එවැනි දෑ අපේ රටේ වෙන්නේ නැත.අපේ රටේ උන් බිව්වාම උංගේ ශරීර ශක්තිය සහ කල්පනාව ප්‍රභල වෙනවාය.ඒ නිසා උන් ප්ලෑන් කරලා බය කරලා 'දූ කෙළියේ' යෙදෙනවාය.ඒවාටද බදු සහන දෙන්නට ආණ්ඩුව සූදානම්දැයි දන්නේ නැත.විපක්ෂය කියන විදිහට ආණ්ඩුව දේශීය ආයෝජකයන්ට බදු සහන දෙන්නේ නැත.එහෙම දූ කෙළියේ යෙදිලා දුවට දරුවෙක් ලැබුණොත් ඥාති ප්‍රශ්නයක් එනවාය.ලැබෙන දරුවාගේ පියා සහ සීයා එකෙක් වෙනවාය.එතකොට හෙන අවුල්ය.

කැසිනෝ කෙළිය එසේ වෙද්දී කටුනායක කොළඹ අධිවේගය විවෘත කරන්ඩ කටයුතු යෙදුනාය.හැදුවේ චීනා නිසා ආණ්ඩුව පාර පාවිච්චියට පෙර ජනතා අධීක්ෂණයට යොමු කළේය.ජනතාව වැල නොකැඩී පාරේ තත්ත්වය පරීක්ෂා කරන්ඩ එති.ඇදකුද තිබේදැයි සොයති.වල ගොඩැලි ඇති තැන් සොයා බලති.බල්ලෝ එළවති.අපේ රටේ මිනිස්සු වෙනකෙකුගේ කතා විශ්වාස කරන්නේ නැත.තමුංගේ ලැම්බෝගිනිය, ෆෙරාරිය, බී එම් ඩබ්ලිවු එක දාන්නට පෙර පාර හොඳදැයි පුද්ගලිකව සොයා බලති.මෙවන් දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම මහජන අධීක්ෂණයට යොමු කරන එකම රට අති උතුම් සිරි ලංකාව විය හැක.එය සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයකි.මෙය අපේ රට ඒකාධිපතියෙකු පාලනය කරන බව කියන විදෙස් කුමන්ත්‍රණ කරුවන්ට කම්මුල් පහරක් වැනි ය.




14 October 2013

ගණිකාව ප්‍රොස් කිරීම


අපේ රටේ මිනිස්සු සැදැහැවත්ය.ගුණවත්ය.ගුණගරුකය.සදාචාරසම්පන්නය.සංස්කෘතිය රැක ගැන්මට පණ උනත් දෙති.දේශානුරාගය උතුරා ගලාගොස් ගංගාවලට එකතු වී මහ මුහුදට ගලා බසී.අපේ රටේ මුර දේවතාවන් මෙන් වැඩ සිටින අපේ රජ පවුල අපේ මව්බිම රැකගැනීමට අපේ ජනතාව රැක ගැනීමට දිළිඳුකම පිටු දැකීමට මතට තිත තැබීමට නිතර දෙවේලේ වෙහෙස වෙති.


ගමේ කසිප්පු පොට්වලට නිතිපතා පොලීසිය කඩා පනිති.වැඩි ගණන් දී රටබීම ගන්නට සල්ලි නැති උංගේ කන්වලින් කසිප්පු බේරෙන්නට දත්වලින් හොටු එන්නට ගුටි බැට දෙති.කසිප්පු පෙරන එකාගේ කරේ  කසිප්පු බූලි තබාගෙන පොලීසියට රැගෙන යති.නඩු පවරති.දඩ ගසති.උන් දඩ ගෙවා පැමිණ නැවත කසිප්පු පෙරති.බොන උන් වෙනදා මෙන්ම බොති.ලංකාවෙන් කසිප්පු තුරන් කිරීමට පොලීසිය ගන්නා වෙහෙස අගය කළ යුතුමය.නමුත් කොපමණ උත්සාහ කළද අසාර්ථක වීම නිසා ඊට මධ්‍යම රජය මැදිහත් වීය.දැං රට පුරා බාර් ඇරලා ඇත.රජ්යේ අරමුණ වන්නේ කසිප්පු පොට් ගාණට වඩා වැඩි ගණනක් බාර් ඇරීම මඟින් ජනතාව හොර අරක්කුවලින් හොඳ අරක්කුවලට නම්මා ගැනීමටය.එමෙන්ම පළාත්සභා මැතිවරණ කාලවලදී නොමිලේ අරක්කු බෙදා හැරීම මඟින් හොඳ අරක්කු වඩ වඩාත් ජනතාවට සමීප කිරීමට පාලකයින් උත්සුක වූහ.ඒ දිනවල කසිප්පු පෙරන උන් කසිප්පු විකුණා ගැනීමට නොහැකිව ලත වූහ.මිනිස්සු ටෝකන් එක රැගෙන කසිප්පු මුදලාලිට කෝචොක් දමමින් ගොස් බාර් එකෙන් තත්ත්වයෙන් උසස් හොඳ අරක්කු බිවූහ.


අපේ රටේ සමහරක් දුරාචාරී මිනිස්සු බූරුවා ගැසීමට පුරුදු වී සිටිති.බූරුවා ගහන්නේ ළන්දක් අස්සේ පැදුරක් එළාගෙනය.එයින් රජයට විශාල ප්‍රමාණයක් බදු මුදල් අහිමි වී යන්නේය.එයිට අමතරව රජයේ දීපව්‍යාප්ත වගා වැඩසටහන යටතේ රටේ හැම අස්සක් මුල්ලක්ම වගා කර ඇතත් මේ බූරුවා ගසන ස්ථාන හා ඒ අවට එළි පෙහෙළි කොට වගා කිරීමට බූරුවා ගැහීමට ඇබ්බැහි වී ඇති අය ඉඩ නොදෙති.එය රජයේ වගා සැළැස්ම බිඳ වැටීමට හේතු වේ.එමෙන්ම මෙවන් ළඳු කැලෑවලට දර කැඩීමට යන තරුණ ගෑනු ළමුන් මේ පාපතරයින් අතින් දූෂණය වීමට ඉඩ තිබේ.ඒවාට වඩා රටේ ආර්ථිකයට බලපාන සාධකය වන්නේ බූරුවා ගහද්දි ඇතිවන ආරවුල්වලදී සිදුවන පිහි ඇනුම් ගුටි බැට දීම් ආදිය නිසා සිදුවන අනතුරුවලට වාර්ශිකව රජයට වැය කිරීමට සිදු වී ඇති මුදලය.ශල්‍යාගාර සේවාවන් සහ ඖෂධ සඳහා යන වියදම අවම කර ගැනීම සඳහා රජය ඕස්ට්‍රේලියාවේ ජේම්ස් පැකර් මහතා හමුවී ද්වීපාර්ශ්වික සාක්ච්ඡා පවත්වා විසඳුමක් සොයාගෙන ඇත.ඒ අනුව ජේම්ස් පැකර් මහතාගේ පූර්ණ අනුග්‍රහය ඇතිව මහා පරිමාණ කැසිනෝ මධ්‍යස්ථානයක් ඉඳි කිරීමට සැළසුම් කර ඇත.ඒ මහතාට අනුව ඔහු විසින් ඕස්ට්‍රේලියාවේ කැසිනෝ මධ්‍යස්ථාන ඉඳි කිරීමෙන් ඕස්ට්‍රේලියාවේ ළඳු කැලෑවලදී මිනිසුන් මුහුන දුන් කැංගරු ප්‍රහාර ගණන සීඝ්‍ර ලෙස පහළ බැස ඇත.


ලංකාවේ ගණිකා වෘත්තිය යනු අනාදිමත් කාලයක සිට පැවත එන අභිමානවත් වෘත්තියකි.නමුත් ඊනියා වික්ටෝරියානු යුගයෙන් පසුව සහ සුද්දන් විසින් අපේ රටේ වැසියන්ට බෝ කරන ලද ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග බිය නිසා මෙකී වෘත්තිය කෙරේ සමාජයේ දැක්ම සෘණාත්මක දිශාවකට ගමන් කරනු බව පෙනී ගොස් ඇත.බාර් සහ කැසිනෝ සමාජ ශාලා මෙන් නොව ගණිකා වෘත්තිය යනු රජයට හොඳ ආදායමක් සහ ජනතාවට හොඳ ආශ්වාදයක් ලැබිය හැකි වෘත්තියයක් වේ.කළ යුත්තේ මනා සැළසුමක් සහිතව මනා දැක්මකින් යුතුව එය ක්‍රියාවට නැංවීම පමණි.මෙහිදී තවත් සැළකිය යුතු කරුණක් වන්නේ බාර් මෙන්ම කැසිනෝ ශාලාවලද ව්‍යාපාර වර්ධනයට ගණිකා වෘත්තියෙන් ලද හැකි මෙහෙය සුළුපටු නොවන බවය.


ගණිකාව යන හැඳින්වීමම ඔවුන් කෙරේ යම් පසුගාමී දැක්මක් ලබා දීමට හේතුවන නිසා අළුතින් වෘත්තියට එකතු වන්නන් අඩු වීමට සහ වෘත්තිකයින්ගේ අභිමානය පළුදු වීමටද හේතු වේ.එනිසා එම පදය වෙනුවට 'නගර ශෝභනිය, තුටු ජනනී' වැනි ධනාත්මක නාමකරණයක් වෙත යොමු විය යුතුව ඇත.එමෙන්ම සියළුම වෘත්තිකයින්ට මනා ඉංග්‍රීසි දැනුමක් ලබා දිය යුතුය.

'මම ගණිකාවක්' කියනවාට වඩා 'I'm a prostitute' කියන විට ඔවුන් වෙත මහා පෞර්ෂ්‍යයක් ආරෝපනය වේ.එනිසා වෘත්තියට පිවිසීම සඳහා IELTS ඉහළින් සමත්වීම සුදුසු කමක් ලෙස සැළකිය යුතුය.ලංකාවට එන බහුතරයක් චීන ජාතිකයින් වන නිසා චීන බස දැන සිටීම අමතර සුදුසු කමක් සේ සැළකිය හැක.

සාමාන්‍යපෙළින් පසු උසස්පෙළ විශය පථයට ගණිකාවේදය නමින් විශය මාලාවක් එක් කළ යුතුය.එවිට අඩු වයසින්ම වෘත්තියට මනා දැනුමකින් සන්නද්දව පිවිසීමේ හැකියාව අපේ රටේ තරුණ ප්‍රජාවට ලැබෙනු ඇත.එවිට පාසැල්වල දැනට සිදුවන ලිංගික අපචාර ක්‍රියා තවදුරටත් සමාජ ගැටළුවක් වන්නේ නැත.ඒවා ප්‍රායෝගික ක්‍රියාකාරකම් බවට නිතැතින්ම පත්වේ.සාමාන්‍ය පෙළින් පාසැල් හැර යන්නවුන් සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අනුග්‍රහයෙන් ගණිකාවේදී ඩිප්ලෝමා පාඨමාලාව ආර්ම්භ කළ හැකි අතර උසස් පෙල සමත් වන්නන් සඳහා සිව් අවුරුදු ගණිකාවේදී උපාධිය ප්‍රධානය කිරීමට පුද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කළ හැක.මෙම ආයතනවල ඉගැන්වීම සඳහා දැනට මැද පෙරදිග ගොස් පණ පිටින් පැමිණ සිටින අය යොදා ගත හැකි අතර ඔවුන්ගේ පෘථුල දැනුම් සම්භාරය ලබන සිසුන් ඕනෑම ආකාරයේ ලිංගික තෘප්තියක් ලබා දීමේ කෙළ පැමිණියෝ වනු නිසැකය.එවිට තවදුරටත් නුපුහුණු ගෘහ සේවිකාවන් පිටරට යැවීම නවතා දමා පුහුණු ගණිකාවන් පිටරට යැවීමේ හැකියාවද ලැබෙනු ඇත.ඔවුන් හරහා ලැබෙන විදේශ විනිමය දැනට ලැබෙන ප්‍රමාණය මෙන් සිය දහස් ගුණයක් වනු ඇත.

වෘත්තියට වර්ථමානයේ මෙන් ඕනෑම අයෙකුට පිවිසීමේ හැකියාව වාරණය කළ යුතුය.මනා අඟ පසඟින් යුත් පංච කල්‍යාණියන් තෝරා ගත යුතුය.ඒ සඳහා වාර්ශිකව "රතිකුමරි" සහ "රතිකුමරා" තේරීම සඳහා රියැලිටි ටීවී වැඩ සටහනක් ආරම්භ කළ හැක.එහිදී ඔවුන්ගේ පෙනුම, දැනුම සහ හැකියාවන් පිරික්සා බලා හොඳම අය පමණක් වෘත්තිය සඳහා තෝරා ගත යුතුය.



වෘත්තියට පිවිසෙන්නන් වෙනුවෙන් හැඳුනුම්පතක් ලබා දිය යුතු අතර ඔවුන්ගේ දරුවන් ජාතික පාසැල්වලට ඇතුලත් කර ගැනීමේදී ප්‍රමුඛතාවයක් දිය යුතුය.මන්ද ඒ දරුවන් විදෙස් ආයෝජනවල ප්‍රථිපල වන නිසාය.

මොවුන් සඳහා වාර්ශිකව අළුත් කළ යුතු වෘත්තියේ යෙදීමට බලපත්‍රයක් ලබා දිය යුතු අතර එය අළුත් කිරීම සඳහා මාසිකව ලිංගික රෝග පරීක්ෂාවන් කරගෙන සමත් වී තිබිය යුතු බවට නීති ගත කළ යුතුය.වාහනවල දුම් පරීක්ෂා කරන ආයතනවලම තවත් කවුන්ටරයක් ඇර මෙකී සෞඛ්‍ය පරීක්ෂාව කිරීම ආරම්භ කළ හැක.එමෙන්ම බලපත්‍රය අළුත් කිරීමට පෙර පෙනුම සහ හැකියාවන් පෙර පරිදිම තිබේදැයි පරීක්ෂා කර බැලිය යුතුය.ඒ සඳහා පහසු අඩු වියදම් පරීක්ෂණයක් ලෙස ශිෂ්ණ සීනු පරීක්ෂණය හඳුන්වා දිය හැක.එහිදී අපක්ෂපාතී විනිශ්චය මණ්ඩලයක කලිසම් ගලවා ඔවුන්ගේ ශිෂ්ණවල කුඩා සීනු බැඳ අපේක්ෂකයා ඔවුන් හමුවට එවිය යුතුය.විනුසුරු මණ්ඩලයේ සභිකයින් ස්පර්ශ කිරීමෙන් තොරව සීනු නාද කරවීමට සමත් වන්නන්ගේ බලපත්‍රය තවත් වසරකට දීර්ඝ කළ යුතු අතර එසේ නොහැකි වන්නන්ගේ බලපත්‍රය අහෝසි කිරීමෙන් වෘත්තියේ ගුණාත්මකභාවය රැකගත හැකි වේ.තවද වෘත්තිකයින්ට නිසි විශ්‍රාම වැටුප් ක්‍රමයක් සහ රෝග සඳහා රක්ෂණාවරණයක් ලබා දීමට කටයුතු කළ යුතුය.

උක්ත යෝජනා ක්‍රියාත්මක කරන්නේ නම් රජයට විශාල බදු මුදල් ප්‍රමාණයක් එකතු කරගත හැකි වන අතර විදෙස් ආයෝජන සහ විදෙස් සංචාරකයින් ප්‍රමාණය විශාල ලෙස ඉහළ දමා ගත හැක.එයිට අමතරව දැනට විදේශයන්ට ඇදී යන අති විශාල මුදල් සම්භාරයක් අපේ රටේම ඉතුරු කර ගැනීමට හැකිවන අතරම මැති ඇමතිවරුන්ගේ සහ රජයේ ඉහළ නිළධාරීන්ගේ විදෙස් සංචාර සැළකිය යුතු ලෙස පහළ යන නිසා ඔවුන්ට රටේ ප්‍රශ්න වෙත සිය අවධානය යොමු කිරීමටද හැකි වේ.



06 October 2013

අපිත් ලව් කරමු


ලව් කරන එක පට්ට ආතල් වැඩක්ය.අපි පොඩි කාලේ ඉඳන් හැදෙන වැඩෙන කොට අපිට කියලා දෙන්නේ එහෙමය.සිද්ධාර්ථ ගෞතම උනත් යසෝදරා එක්ක සංසාරේ සෑහෙන කාලයක් තිස්සේ ප්‍රේමයෙන් වෙලිලා හිටියා කියලා කියනවාය.ලව් කියන්නේ ඉංගිලිස් වචනයක්ය.ඒ උනාට ඉංගිලිස් මළ පොතේ අකුරක් බැරි අය පවා ලව් කියන එකේ තේරුම දන්නවාය.එයින්ම ඒ සංකල්පය කොච්චර සිරාද කියලා අපිට තේරෙන්ඩ ඕනේය.සිංහලෙන් මේකට 'ආදරය, ප්‍රේමය' වගේ වචන කිව්වාට අපි වැඩිපුර පාවිච්චි කරන්නේ ලව් කියන වචනයය.එයිට අමතරව 'පෙයාර්, මොහොබ්බත්, කාදල්' වගේ වචනත් සිංහල වචනවලට වඩා මේ සංකල්පය නාමකරනයේදී අපේ රටේ පාවිච්චි වෙනවාය.

අපි දවස පටං ගන්නේ අපේ රටේ ආදරණීය නාළිකාවකිං ආදර සින්දුවක් අහලාය.නැත්තං ආදර රූපවාහිනී නාළිකාවකිං ආදර වැඩසටහනක් බලලාය.අපේ රටේ සිංදුවලින් 99.99%ක්ම ආදර සිංදුය.එක්කෝ ආදරය ඉල්ලන සිංදුය.නැත්තං ආදරේ කරන සිංදුය.ඒත් නැත්තං ආදරෙන් පැරදිලා අඬන සිංදුය.ඉස්සර ආදරෙන් පැරදුනාම කොට්ටේ බදාගෙන ඇඬුවේ කෙල්ලෝය.දැං උන්ට ආදරෙන් පරදින එක එච්චර අවුලක් නැත.දැං අඬන්නේ කොල්ලාය.කෙල්ල ෆේස්බුක් එකේ ස්ටේටස් වෙනස් කරලා සතියක් ඇතුලත තව කොල්ලෙක් සෙට් කර ගන්නවාය.කොල්ලා හොටු පෙරාගෙන අඬලා සින්දුවක් කියන්නේය.ඊට පස්සේ බස් කාරයින්ට මේ අඬන ඇල්බම් එක දීලා අපිට (ඒ කියන්නේ බස් මගියන්ට ) බලෙන් සිංදුව අස්සවනවාය.

මේ බස් හදන ඉන්දියන් කොම්පැනියේ උන් මෙළෝ රහක් නැත.උං බස් එක හදලා තියෙන විදිහට බස් එකේ ඉස්සරහට වෙන්නට බෆල් එක හයි කරන්නට බැරිය.ඒ නිසා බෆල් දහයක් විතර බස් එකේ පිටි පස්සට වෙන්ඩ හයි කරන්ඩ සිද්ද වෙනවාය.ඊට පස්සේ බස් එකේ ඉස්සරහම ඉන්න රියැදුරු මහත්තයාට සිංදුව ඇහෙන තරමට සිංදු යන්තරේ හඬ වැඩි කළාම (යන්තරේ හඬ බස් එකේ එංජිමේ හඬ, වට පිටාවේ වාහනවල හඬ සහ හෝන් සද්දය පරයා ඇහෙන්නටත් ඕනේය ) මගියාට පට්ට ආතල්ය.ලව් එක පැරදිලා අඬන නපුංසකයා ඔළුව ඇතුලේ බෙරිහන් දෙනවා වගේ මාර සනීපයක් එනවාය.ලංකාවේ වාහන අනතුරු ගොඩකට හේතුව මේ කර්ණරසායන ශ්‍රව්‍ය මාධූර්‍ය ආදර සින්දු බව කවුදෝ මන්දා මේ ළඟදි දවසක කිව්වේය.


ආයෙත් අපි ලව් ගැන කතා කරමු.ලව් කියන දේ හරි උත්තම පූජනීය දෙයක් කියලා අපිට හැමතැනදීම හැම දෙනාම කියනවාය.සිංදු ඇරුණාම නවකතා කෙටිකතා නාට්‍ය ආදී හැම කලා මාධ්‍යයක්ම වගේ මේ ප්‍රේමයේ උත්තරීතරභාවය ගැන පට්ට ගහනවාය.රෝමියෝ ජුලියට් දිවි නහ ගැනිල්ල පට්ට සිරා වැඩක් හැටියට කියලා ඒ ගැන නාට්‍ය චිත්තරපටි පවා හදනවාය.උන්මාද චිත්‍රා කොච්චර පරිස්සම් කළත් කොහොම හරි කොට්ට පැන්න දීඝ ගාමිණියා පට්ට පොරක් විදිහට තමයි කවුරුත් කතා කරන්නේ.

ලංකාවේ හදපු එකම මොඩල් එකේ දියාරු ලව් නාට්‍ය බල බල ඉඳපු අපිට ගෙවල් ඇතුලේ වෙන පට්ට සීන් ගැන වගේම ලව් හින්දා මිනිස්සු කෙළින පිස්සු ගැන කියලා දුන්නේ ඉන්දීය මෙගා ටෙලි ය.ඊට පස්සේ රටක දේශපාලන තීන්දු තීරණ ගැනිල්ලට ප්‍රේමයේ බලපෑම අපිට කියලා දුන්නේ කොරියන් ටෙලි හරහාය.ඒවායේ අභාශය අරං දැං අපේ රටේ  හදන නාට්‍ය ඔක්කොම එන්නේ කෙල්ලෙක්ගේ නමින්ය.ඒ කෙල්ලගේ ලව් හුටපට වට ගෙතුනු කතාවල් ය.ඉතිං අපේ රටේ පොඩි උං හැදෙන්නේ මෙන්න මේ වගේ ප්‍රේමණීය පරිසරයකය.උංගේ මොළය වර්ධනය වෙන්නේ ප්‍රේමය නැමැති සංකල්පය කේන්ද්‍ර කරගෙනය. (අපේ අක්කාගේ පොඩි එකාට මේ ළඟදි කෙල්ලෙක් ලියුමක් දීලා තිබුණේය.ඒකි ඌව බඳින්ඩ කැමතියි කියලත් කිව්වාලුය.ඒ උනාට ඌ ඒ කෙල්ලට කැමති නැත.ඌ කැමති වෙන කෙල්ලෝ දෙන්නෙක්ටය.ඌ බඳින්නේ උන් දෙන්නාගෙන් එකෙක්ව බව ඌ මාත් එක්ක කීවේය.ඌ තාම එක වසරේය.)

කොච්චර ප්‍රේමය ගැන කතා කෙරුවත් ප්‍රේමය කොච්චර රසවත් උනත් අපේ රටේ කොල්ලන්ට කෙල්ලන්ට ලව් කරන්ඩ තහනම්ය.සා\පෙ ඉවර වෙනකං ලව් කරන්ඩ හොඳ නැත.ඒ සා\පෙ ෆේල් වීමට ප්‍රේමය දායක වෙන නිසාය.සා\පෙ ඉවර උනාට පස්සේද ලව් කරන්නට තහනම්ය. ඒ උ\පෙ ෆේල් වෙන නිසාය.ඊට පස්සෙත් ලව් කරන එක සමාජ විරෝධීය.ඒ බැඳලා නැති නිසාය.බැන්දාට පස්සේ ලව් කරන උන් ගැන කතා කරලා වැඩක් නැත.මොකද අපේ රටේ යන ක්‍රමේ අනුව බඳින්නේ නාකි වෙලාය.ඒ නිසා බැඳලා කරන ලව් "නාකි ලව්" බවට පත් වෙනවාය.අනික බැන්දාට පස්සේ ලව් කරන්නේ  තමුංගේ ගෑනිට නොව අනුංගේ ගෑනුන්ටය.


ලව් කිරිල්ල වඩාත් කටුක අත්දැකීමක් වන්නේ පිරිමින්ටය.ඒ උන්ට ලව් කරන්නට වෙන්නේ කෙල්ලන්ට නිසාය.කෙල්ලෝ කවදාවත් කොල්ලන්ව තේරුම් ගන්නේ නැත.නමුත් උන් උන්ව තේරුම්ගන්නා ලෙස කොල්ලන්ට බල කර සිටිති.උං මොන කුණු වැඩක් කළත් ඒ ගෑනුංගේ හැටි කියා පිරිමියා ඒවා අමතක කර දැමිය යුතුය.ඒත් පිරිමියා මොන ලබ්බ කළත් ඒ උගේ අමන ගතියය.අනික ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි, පාරිශුද්ධයි, සුරම්‍යයි නම් කොල්ලෙක්ට තව කොල්ලෙක් එක්ක ලව් කරන්ඩ මේ සමාජය ඉඩ දෙන්ඩ ඕනෑය.නමුත් එහෙම ඉඩ දෙන්නේ නැත.උන්ට සමලිංගිකයෝ කියලා සමාජයෙන් කොන් කරනවාය.

ආදරයට ලිංගිකත්වය අදාල නෑ කියලා එක තැනක කියලා තව තැනක තව කතාවක් කියනවාය.එකම ලිංගයේ උන් දෙන්නෙක්ට ලව් කරන්ඩ තහනම් වගේම (ප්‍රේමය ලිංගිකත්වයෙන් තොර නොවන නිසා ) විරුද්ධ ලිංගිකයෝ දෙන්නෙක්ට ලව් කළාට රති කෙළියත් තහනම්ය.මේක පට්ට ආතල් ලෝකයක්ය.අපි මේ සමාජයේම හැදුනු වැඩුනු නිසා එච්චර අවුලක් පේන්නේ නැතිය.පිටසක්වල ජීවියෙක් මේ කතා ටික ඇහුවානං ඌට පිස්සු හැදෙනවාය.සමහරවිට උං ඇවිල්ලා මේ කතා ටික අහලා පිස්සු හැදිලා ගියා වෙන්නටත් පුළුවංය.කාලෙකිං දැක්කේ නැත්තේ ඒ නිසා වෙන්නට ඇත.

අපිට උඩ පරම්පරාවටත් උඩ පරම්පරාව ඒ කියන්නේ අපේ ආච්චිලාගේ පරම්පරාවේ ගෑනු පොර ටෝක් දෙන්ඩ ගත්තම එපා වෙනවාය.උන්දැලා රති කෙළිය හඳුන්වන්නේ අවලං වැඩේ කියලාය."අපිනං බඳින්ඩ කළිං ඔය අවලං වැඩ කළේ නෑ" කියලා බොහොම ගරු ගාම්භීරව කියනවාය.ඒ උනාට සිද්දිය අහගන්ඩ ඕනේ නාකි පප්පලාගෙන්ය.ඒ කාලේ කෙල්ලො උස්සාන බැද්දට දොක්කාපු හැටි බොහොම උජාරුවට දෙසන්නේ පොඩි ෂොට් එකක් දාගත්තාමය.මේ දෙන්නාගෙං එක්කෙනෙක් බොරු කියනවා වෙන්ඩ ඕනේය.නැත්තං මේ කියන ගෑනු මනුස්සයා කෙල්ල කාලේ මෙළෝ රහක් නැති කොල්ලෙක්ගේ ඇඟේ පොඩි කරන්ට් එකක්වත් යවන්ඩ බැරි ලොන්ත මගුලක් වෙන්ඩ ඕනේය.බන්දලා දෙන්ඩ පට්ට දෑවැද්දක් උන්දැලාගේ දෙමව්පියන්ට හොයන්ඩ වෙච්ච ජාතියේ බඩ්ඩක් වෙන්ඩ ඇතිය.කොහොම වෙතත් ලෝකේ හැමෝම කෙළින රති කෙළිය නිකං දෙකයි පණහට දාලා පොර ටෝක් දෙන්ඩ ඕනේ නැත.අනික බඳින කං ඕක කොරේ නෑ කියලා උදම් අනන්ඩ ඕනෙත් නැත.ඇත්තටම කියන්ඩ ඕනේ බඳිනකං ඕක කොරේ නෑ කියලා නෙමෙයිය ගෙදරිං මිනිහෙක් හොයලා දීලා බන්දනකං ඕක කොර ගන්ඩ බැරි උනාය කියලා අඬන්ඩය ඕනේ.



01 October 2013

රටට වෙලා තියෙන දේ...


කාලෙකින් පෝස්ට් එකක් ලියන්ඩ බැරි උනේ විභාගෙ හින්දා.අවුරුදු 5ක් මේකේ කට්ට කාලා කාලා දැන්නං විභාග කරගන්ඩත් පණක් නෑ.එපා වෙලා ඉන්නේ.කොහොමිං කොහොම හරි ඒ විභාගෙත් ඉවරයි.මහා විභාග සංග්‍රාමය තව ඉස්සරහට.නොවැම්බර් 18 වෙනිදට යෙදෙන සුභ නැකතිං උතුර බලා විභාගේ පටං ගන්ඩයි ඉන්නේ.ඒ ඉතිං උතුර බලා වැඩ අල්ලන එකට විග්නේශ්වරන් ලොක්කා ලෙඩක් දැම්මේ නැත්තං තමයි.ඔන්න ඔය විදිහට අධික ලෙස කාර්ය බහුල වීම හින්දා කාගේවත් බ්ලොගක් බලන්ඩවත් වෙලාවක් හම්බ උනේ නෑ.

හැබැයි ඔය යන එන ගමන් රටේ තොරතුරු දැන කියාගන්ඩ ජාතික පත්තර දෙකක් විතරනං කියව ගත්තා.ඒවා කියවද්දි පිස්සු හැදෙනවා මෙයාලා.

ඉන්ධන ගාස්තු වැඩි වෙලා හින්දා ලංකාවේ මිනිස්සු භාණ්ඩ ප්‍රවාහනයට විකල්ප ක්‍රමවලට යොමු වෙලා.විශේෂයෙන් ඔය රත්තරං වගේ දේවල් තව දුරටත් අතේ කරේ දාගෙන යන්නේ නැතුව ( රටේ උඝ්‍ර සංවර්ධන ක්‍රියා හමුවේ ලැබෙන අධික ආදායමෙන් සෑහීමකට පත්වෙන්ඩ බැරි කුපාඩි ඔය රත්තරං බඩු කඩා ගන්න හින්දා ) මිනිස්සු මෙව්වා අධෝ මාර්ගයේ දාගෙන එහේ මෙහේ යන්ඩ පටං අරං.ඉතිං රට පුරා මෙහෙම අධෝ මාර්ගයේ රත්තරං පුරෝගෙන එහේ මෙහේ ඇවිද ඇවිද ඉඳලා අමතක වීමකිං ඔය එයාර් පෝර්ට් එක පැත්තේ ගියාම විරේක බොන්ඩ දීලා මේ රත්තරං අල්ලගෙන හෙන ලොකු වැඩක් කළා වගේ පත්තරේ දානවා.ඇයි යකෝ මිනිස්සුන්ට රත්තරං කනේ දාන්ඩ පුළුවන්නං, කකුලේ වළලු කරේ දාන්ඩ පුළුවංන්නං, කරේ දාන්ඩ පුළුවන්නං, අතේ දාන්ඩැ ඇඟිලිවල දාන්ඩ පුළුවන්නං, බුරියේ දාන්ඩ පුළුවන්නං ඇයි අධෝ
මාර්ගේ දාන්ඩ බැරි.මේක යකාගේ නීතියක් නෙව.ඇයි මේ අපි කාගෙත් තියෙන මේ අංගයට මෙහෙම අඩු සැළකිල්ලක් දක්වන්නේ.




ගුදය හෙවත් කහළ මඟ මිනිස්සුන්ට හරිම වැදගත් ඉන්ද්‍රියයක්.ඒ මළ ද්‍රව්‍ය බැහැර කරන හින්දා විතරක් නෙමෙයි.ඒ දවස්වල මම හිතන්නේ මධ්‍යතන යුගයේ විතර යුරෝපයේ මතයක් තිබ්බලු යක්කුන්ට පස්සක් හෙවත් ගුදයක් නෑ කියලා.උන්ට පස්සක් වෙනුවට එතනත් මූණක් තියෙනවා කියලලු විශ්වාස කළේ."Kiss my arse" කියන කියමන ආවා කියන්නේ ඔය කතාවත් එක්ක කියලා තමයි කියන්නේ.ඒක හින්දා අපිට අපේ මනුශ්‍යත්වය ඔප්පු කරන්ඩ තියෙන එකම අවයවය තමයි මේ ගුදය.ඒක හින්දා කවුරු හරි රෙද්ද උස්සලා පස්ස පෙන්නුවොත් ඒ එයා එයාගේ මනුශ්‍යභාවය සහතික කරන්ඩ ගත්තු අහිංසක උත්සාහයක්ය කියලා හිතන්ඩ අපි පුරුදු වෙමු.එනිසා "ගුදයට සළකමු, රනින් සරසමු" කියලා ජාතියක් විදිහට පෙරට එමු.

ඒ වගේම හිරේට ගිය ගෑනු මනුස්සයෙක් එහේ මෙහේ ඇවිදිද්දි අහවල් එක අස්සේ තිබිලා ෆෝන් එකක් වැටිලා.අපේ රටේ ඉන්න හොරු එක්ක දැං ෆෝන් එකක් බේර ගන්නවා කියන්නේ බොරු.ඉස්සර අපේ ආච්චිලා ඔය සල්ලි වගේ වටින කියන දෙයක් බලාගන්ඩ කියලා දුන්නේ හංසයෝ දෙන්නට නෙව.ඒ උනාට තාක්ෂණේ දියුණුවත් එක්ක බිහි වෙච්ච නවීණ හොරුත් එක්ක ඔට්ටු වෙන්ඩ හංසයින්ට බෑ.ඒක හින්දා එයිට වඩා ආරක්ෂා සහගත තැනක් වෙත යොමු වෙන්ඩ අපේ කාන්තා පාර්ශවේට සිද්ධ වෙලා තියෙනවා.ෆෝන් එක විතරක් නෙමෙයි තව ගංජා පැකට් වගේකුත් තිබ්බා කියලා පත්තරේ තිබ්බද කොහෙද.ගංජාවල කොලිටිය එච්චර නෑ කියලා ලංකාවේ පාරිභෝගික ජනතාව නිතරම කණු කුණු ගාන එකට විසඳුමක් විදිහට ගංජාවල මත් ගතිය වැඩි කරන්ඩ කරපු පර්යේෂණයක් වෙන්ඩ ඇති කියලා තමයි මට නං හිතුනේ.

මීට අවුරුදු දහයකට විතර ඉස්සර කෝච්චියේ යද්දි මම දැකපු දෙයක් තමයි වැඩට යන ගෑනු ඈයෝ අඩුම තරමේ බෑග් තුනක්වත් ගේනවා.බත් එක එක බෑග් එකක.වතුර බෝතලේ තව බෑග් එකක.එයිට අමතරව වෙනම හෑන්ඩ් බෑග් එකකුත් ගේනවා.හැබැයි දැං ඒ විදිහට බෑග් ගොඩක් ගේන්නෙ නෑ.සමහර විට ඒ ඈයොත් ස්වභාවික ගමන් මල්ලේ බත් එකයි වතුර බෝතලෙයි ගෙනියනවා වෙන්ඩ පුළුවං.ඔය වැඩ කරන තැන ගෑනු අයත් එක්ක බත් හුවමාරු කරං කන්ඩ කළිං දෙපාරක් හිතුවොත් හොඳයි.




කොහොම උනත් මේ ප්‍රවණතාව අපි අගේ කරන්ඩ ඕනේ.මිනිස්සු කෘත්‍රීම දේවල්වලට යොමු නොවී ස්වභාවික දේවල්වලට වැඩි වැඩියෙන් යොමු වෙනවානම් කොච්චර හොඳද? අපි මේක දකින්ඩ ඕනේ මේ වැඩේ නිසා පරිසරයට එකතු වෙන පොලිතින් බෑග් කොච්චරක් නම් අඩු වෙනවද කියන දෘෂ්ඨි කෝණයෙන් කියලයි මමනං කියන්නේ.මෙහෙම ගිහිල්ලා අපේ ගෑනු නිකං කැංගරු ගෑනු වගේ වේවි.අන්න එතකොට අපිට පුළුවං ඒක බලන්ඩ එන්ඩ කියලා සුද්දන්ටයි චීන්නුන්ටයි ආරාධනා කරලා ඒකෙනුත් කීයක් හරි කඩා ගන්ඩ.එහෙම තමයි අපිට මේ සුන්දර රට සංචාරක පාරාදීසයක් කරන්න පුළුවං වෙන්නේ.


අනිත් කෙළිය තමයි කුඩු ඇල්ලිල්ල.යකෝ මේ ධර්මද්වීපේ මෙච්චර කුඩ්ඩෝ ඉන්නවද?ඇයි වදේ සතියකට කොහොමත් කුඩු ටොන් එකක් දෙකක් විතර අල්ලනවා.මම හිතන්නේ අපේ රටේ මිනිස්සු සුදු වෙන්ඩ මූනේ උලන්ඩ, කැරම් ගහන්ඩ වගේ දේවල්වලටත් හෙරොයින් පාවිච්චි කරනවා වෙන්ඩ ඕනේ.එහෙම නැත්තං කෑම රස කරන්ඩ අජිනො මොටෝ දානවා වගේ හෙරොයින් කෑමවලට දානවා වෙන්ඩ ඕනේ.එහෙමත් නැත්තං රොටී හදන්ඩ පිට්ටු හදන්ඩ කොත්තු දාන්ඩ පිටි මෝලිය අනන්නේ හෙරොයින්වලින් වෙන්ඩ ඕනේ.නැත්තං මෙච්චර බණ අහන බණ කියන බණ තලන රටට මෙච්චර කුඩු ගේන්නේ අහවල් කෙං ගෙඩියකටද?අනික සතියකට  මහා පරිමාණේ කුඩු මුදලාලිලා දෙතුන් දෙනෙක්වවත් අල්ලනවාමයි නේ.මේ යන විදිහට යකෝ මේ රටේ හැම දහ දෙනාගෙන් එකෙක් මහා පරිමාණ කුඩු මුදලාලි කෙනෙක් වගේ නෙව.

කොච්චර ඇල්ලුවත් ඉවර වෙන්නෙත් නැති හින්දා ජනතාව විදිහට අපේ අනාගතය ශුවර් නැත.මොකද නඩු භාණ්ඩ විදිහට මේ අල්ලන කුඩු ගොඩ ගහලා තියා ගන්ඩ තැං නැති උනාම ආණ්ඩුවට ඉඩම් රජයට පවරාගෙන වෙනම සුරක්ෂිත ගොඩනැගිලි හදන්ඩ වෙනවාය.අල්ලන කුඩු අල්ලපු උංගෙන්ම පරිස්සම් කරගන්ඩ විදිහක් කල්පනා කරන්ඩ වෙනවාය.නැත්තං පොලීසියේ උං ඔක්කොම කුඩ්ඩෝ වෙලා නවතිනවාය.මේ  වාගේ සියළුම දේවලට වැය වන්නේ ජනතාව වෙනුවෙන් රට සංවර්ධනය කරන්නට චීනයෙන් ගන්නා ණය මුදල් ය.ඒ නිසා පස්සේ කාලෙක අපි ඔක්කොම චීන්නුන්ට ණයකාරයෝ උනාම ඉස්සර අපේ ආදි මුතුන් මිත්තෝ සුද්දාට ගෑනි දීලා තමුංගෙම පැළ ඉස්සරහා එළියට වෙලා මදුරුවෝ තල තල රැය පහන් කළා වගේම චීනාට ගෑනි දීලා එළියට වෙලා මදුරුවෝ තල තල බලා ඉන්ඩ සිද්ද වෙන්ඩ පුළුවංය.ඒක එච්චර හොඳ ප්‍රවණතාවයක් නොවේ.මොකද මේ දවස්වල ඩෙංගු හැම තැනමය.එළියට වෙලා පිනි බාලා පීනසේ හැදෙනවාට අමතරව ඩෙංගුද හැදෙන්නට පුළුවංය.

කොහොමද පවුලට මේ වගේ ළමයෙක් හම්බ උනොත්? දිගු දෑස දුටුවාම ඇඬෙනවා තනි ඇහැට නේ....

අනිත් එක තමයි අපි වීරෝධාර ජාතියක් කියන එක නැවත නැවතත් ඔප්පු කිරීම සහ අපි පර සුද්දන් කියන දේවල් තඹ සතයකට මායිම් නොකරන බවත් පෙන්වන ඩිංගි බෝට්ටුවේ ඕස්ට්‍රේලියා යාමේ වීර චාරිකා සමය ගැන විස්තරය ය.ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට යනකම් ඇති මහා සමුද්‍රය තුට්ටුවකට මායිම් නොකර පවුල් පිටින් පුංචි ලදරම් බෝට්ටුවක නැග හරියකට කෑමක් බීමක් නැතිව සති ගණන් මහා කුණාටු මැද්දේ ගොස් ඕස්ට්‍රේලියාවේ තෙරක් නොපෙනෙන කාන්තාරයේ අතරමං වීමේ අවධානමද ගෙන එහි සිටින අධිරාජ්‍යවාදී පොලීසියට අහු වීමේ අවධානමද නොතකා යන මේ වීර චාරිකාව සමාන වන්නේ වීර ඔඩිසියස්ගේ චාරිකාවට හෝ කොන්ටිකි පහුරේ සයුරු තරණයටම පමණක් නොවේද?

ඒ විතරක් නම් මදෑ...ඕස්ට්‍රේලියාවේ සුද්දෝ එහෙ එන්ඩ එපා කියලා වැඳ වැටුනත් අපේ කට්ටිය ඒවා අධෝ වාතයක් තරම්වත් ගණන් ගන්නේ නැත.උං අතින් වියදම් කරගෙන අපේ පත්තරවල එහේ එන්ඩ එපෝ.... කියලා ඇඩ් දානවා උනාට අපේ උන් එහෙ යන එක එන්ඩ එන්ඩම වැඩි වෙනවා විතරය.ඒකෙන් කියැවෙන්නේ අපේ ජාතියේ ස්වෛරීභාවය ය.ස්වාධීනත්වය ය.අපි අපිට කරන්ඩ හිතුනොත් ඒක සුද්දා තියා උගේ අම්මා අප්පා කිව්වත් කොරන එක කොරනවාමය.අපි එහෙව් ජාතියක්ය.

අනිත් වීරෝධාර සැට් එක මැදපෙරදිග යන කට්ටියය.කට්ටිය කිව්වාට මේ කියන්නේ ගෑනු ගැන ය.මැදපෙරදිග අයට තෙල් සල්ලි තිබුණාට උංගේ මනස තාමත් ළපටිය.මෝරලා නැත.ඒ කියන්නේ අපරිණතය.උං ප්‍රශ්න විසඳන්නේ සහ හැසිරෙන්නේ හෝමෝ නියැන්ඩර්තාල් උන් වගේය.උංට ගෑනියෙක් මරණවා කියන එක ගහකින් ඉඳි ගෙඩියක් කඩනවා වගේ ලේසි වැඩක්ය.සාමාන්‍ය දෙයක්ය.ඔක්කොටමත් වඩා ආතල් වැඩක් ය.ගෑනියෙක් මොකක් හරි ලෙඩක පටලවලා ඒ ගෑනිගේ බෙල්ල කපලා හෝ ගල් ගහලා හෝ මරන්ඩ සෙට් වෙන්නේ හරියට අපේ උන් බෝතලයකට සෙට් වෙනවා වගේය.උන්ට ඒක ආතල් ය.ඉතින් උන්ට ආතල් දෙන්ඩ අපේ ගෑනු දිවි පරදුවට තබා මැද පෙරදිග යනවාය.ඒ වෙනුවෙන් කැපවීම කොච්චරද කියනවානම් බොරු වයසක් දමා හොරට හෝ යන එක යනවාමය.මැරුම් කන්ඩ බැරි වුන ගෑනුන් සඳහා වෙන වෙන පැකේජ තියෙනවාය.ගෙහිමියා හෙවත් කාමුක අරාබියා අතින් දූෂණය වෙන එක සාමාන්‍ය දෙයක් ලෙස අපේ රටේ ගෑනු සළකති.ගෘහ සේවිකාව අරාබියා දූෂණය කළ බව පුවතක් වාර්ථා වූ වහාම මැදපෙරදිග යෑමට එන ඉල්ලුම්පත් ප්‍රමාණය වැඩි වෙනවාය.මේ ලංකාවේ පිරිමින්ගේ ලිංගික ශක්‍යතාව පිළිබඳ ගැටළුවක්දැයි මට හිතෙනවාය.


තව අපේ ගෑනුන් කෲර වධ හිංසාවන්ට ලක් කෙරෙනවාය.අත පය බැඳ පහර දීම.පිච්චීම.ඇණ, ඉඳිකටු ගිල්ලවීම.අත්වලට කකුල්වලට ඇණ බැස්සවීම ආදී නොයෙක් නොයෙක් ආකාරයේ වද බන්දන ලබා දීමට මේ සුහද අරාබීන් සැදී පැහැදී සිටින අතරම ඒ වද බන්දන පිළිගැනීමට සැදී පැහැදී සිටින ශ්‍රී ලාංකික වීරෝධාර කාන්තාව ඇත්තටම මැසොකිස්ම් (masochism) කියන මානසික ආබාධයෙන් පෙලෙනවා වෙන්නත් පුලුවන්ය.ඔක්කොටමත් හපන් වන්නේ අරාබියාගේ බිරින්දෑය.මිනිහා අතින් මේ ගෘහ සේවිකාව කෙළෙසෙන වැඩේට බිරිඳගේ ෆුල් සප් එක ලැබෙන්නේය.එවන් බිරින්දෑවරු වාසනාවක්ය.ඒ නිසා දැං කරන්නට තියෙන්නේ විකෘති කාම ආසාවල් තියෙන අරාබින්ගේ මනදොළ සපුරන්ඩ ඒ සඳහා ඇප කැප වෙලා ඉන්න අපේ ගෑනු උන්ට තියා ගන්ඩම ගන්ඩ කියලා උංගේ ගෑනු අපිට එවන ලෙස ඉල්ලා සිටින එකය.


ලංකාවේ උංගේ ළමා අපචාර කෙරිල්ලද ජයටම කෙරීගෙන යනවාය.හැමදාම පත්තරේ මුල පිටුවේ කේස් එකක් තියෙනවාමය.තාත්තා දුවව දූෂණය කිරීම.අසල්වාසී නාකියෙක් පොඩි එකීව දූෂණය කිරීම වගේම පොඩි කොලුපැටවු අපචාරයට ලක් කරන එකද මේ දවස්වල ට්‍රෙන්ඩ් එකක් විදිහට නැගලා යනවාය.මේක වෙන්ඩ අරගෙන එච්චර කාලයක් නැත.මාසයක් නැත්තං දෙකක් විතර කාලයක් ඇතුලත ලංකාවේ ළමා අපචාර නොසෑහෙන්ඩ වැඩි වෙලාය.එක්කෝ මේවා වාර්ථා වෙන එක වැඩි වෙලාය.නැත්තං හිටි අඩියේ ලංකාවේ උංගේ මෝල කරවෙලාය.ළමා අපචාර දූෂණ පත්තරේ රස කරලා දානවාය.කියවන උංගේ කටින් කෙළත් බේරෙනවාය.ඊට පස්සේ උනුත් පොඩි උං දිහා බලන්නේ ලිංගික ගොදුරු දිහා බලන විදිහටය.කොහොම උනත් සංචාරක පාරාදීසයක් කරන්ඩ හිතාගෙන ඉන්න ලංකාවේ කට්ටියට ස්වයං රැකියාවක් විදිහට ගණිකා වෘත්තිය පුරුදු කරන එක හොඳය.ඒකට ගෑනු පිරිමි බේදයක් නැත.කෝකටත් ඉල්ලුම ඇත.ඒ නිසා පොඩි කාලේ ඉඳලාම ඒවාට පුරුදු කරන එක හොඳය.

ඉස්සර අම්මලා තාත්තලා ළමයිංව උනන්දු කෙරුවේ දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වෙන්ඩ කියලාය.පස්සේ ක්‍රිකට් ගහන් උංගේ ආදායම දැකලා ළමයාව ක්‍රිකට් ගහන්ඩ යොමු කෙරූහ.පස්සේ පස්සේ සින්දු කියලා එක රැයෙන් ගොඩ යන විදිහක් හොයා ගත්තාම ළමයින්ට සින්දු කියන්ඩ ඉගැන්නුවෝය.දැං ලංකාවට එන සුද්දෝ වියදම් කරන හැටි දැක්කාම ළමයිංව ගණිකා වෘත්තියට යොමු කරන්ඩ තාත්තලාම පෙරමුණ ගැනීම එච්චර දෙයක් වෙන්නේ නැත.

අදට මේ ඇතිය.පාඩං කරන්ඩ තිබුණත් කරන්ඩ හිතෙන්නේ නැත.පුදුම කුසීත කමක් ඇවිල්ල තියෙන්නේ.ඒ උනත් කොහොම හරි පාඩම් කරන්ඩ වෙනවනේ.නැත්තං තව මාස හයක් ඉඳලා රිපීට් එක්සෑම් එක කරන්ඩ වෙනවා.ඒ කියන්නේ බඳින එක මාස හයකින් පස්සට යනවා.එතකොට පළවෙනි ළමයා හම්බ වෙන එකත් මාස හයකින් පස්සට යනවනේ.ඒකෙන් ඒකාව ඉස්කෝලේ එක වසරට දා ගන්න එක අවුරුද්දකින් පරක්කු වෙන්ඩ පුළුවං.ඒ අවධානම ගන්ඩ මට බෑ.ඒ හින්දා කොහොම හරි පාඩං කරනවා......මට ජය වේවා!!!

21 August 2013

අපිරිසිඳු ලේ සහ අසරණයා.....







වෛද්‍ය වෘත්තිය පිවිසි පසු පුද්ගලික සේවයේ නොයෙදෙන බවට පුරසාරම් පම්පෝරි සහ පොර ටෝක් දුන් මම මෑතකදී පටන් ගත් පුද්ගලික සායනයේ අසුන මත වාඩි වී පුවත්පතක් බලමින් සිටියෙමි.විශ්වවිද්‍යාලයේදී ජනතා සේවය ගැන උදාර ප්‍රාර්ථනා තිබූ මම දැන් බිරිඳගේ මනදොළ සපුරනු වස් රජයේ සේවයෙන් ලැබෙනා තුට්ටු දෙකට අමතරව ආදායමක් සොයා ගන්නා පිණිස පොලක් කැඩීම හෙවත් පුද්ගලික සායනයක් ඇරඹුවේ ජීවිතයේ නිදහසක් නැති මෙවන් වෘත්තියක නැති රසක් මවා පෙන්වා මා වෛද්‍ය පීඨයට දැක්කූ ගුරු භවතුන් නෑදෑ හිත මිතුරන්ට හිත යටින් බැණ වදිමිනි.

සායනය ඇරඹූ පමණින් සෙනඟ වැල නොකැඩී ප්‍රථිකාර සඳහා එන්නේ නැත.ඒ සඳහා තරමක් කල් ගතවේ.දොස්තර පරණ වෙන තරමට ලෙඩ්ඩු වැඩිය.ඒ අළුත් උන් ළඟ නැති මහා බලගතු දෙයක් පරණ දොස්තරලා ළඟ තිබෙන නිසාය.ඒවාට කියන්නේ 'අත්දැකීම්' කියලාය.තමන් දුන් එක් බෙහෙතකින් රෝගියෙක් මිය ගියහොත් ආයේ එම බෙහෙත දෙන්නේ නැත.මේ ලෙසට ලෙඩ්ඩු කීප දෙනෙක් මරා එකතු කර ගන්නා අත්දැකීම් සම්භාරය නිසා මිනිසුන් ඔහු ළඟට වැල නොකැඩී එන්නට පටන් ගනී.අන්තිමේ දොස්තරට වැසිකිළි යාමටවත් අතොරක් නොතබා ඔහුගේ සායනය වටේ නිවෙස වටේ වාහනය වටේ රෝගීන් පොදි කන්නට පටන් ගනී.එවිට ඔහුට ආදායම ලැබෙන්නට පටන් ගන්නේ පළාත්සභා ඇමති කෙනෙක්ට ලැබෙනවා වාගේය.නමුත් අවාසනාවට ඔහුට ඉපැයූ දෙය වියදම් කොට කිසිවක් කරන්නට වෙලාවක් නැත.එවිට ඔහුගේ ආදායමෙන් ප්‍රයෝජන ගන්නේ බිරිඳ සහ දරුවන්ය.

බිරිඳ මැනිකියෝ කර පෙඩිකියෝද කරනවාය.ෆේෂල් කරලා හැඩ කරලා පාරේ තොටේ ඇවිදින්නට යනවාය.මිනිහා ගෙදර එන්නේ නිදාගන්නට විතරය.අනිත් හැම වෙලාවේම ලෙඩ්ඩු එක්කය.පොඩි හරි ඉඩක් ලැබුණොත් නර්ස්ලාත් එක්කය.ඉතිං බැඳපු ගෑනුන්ටත් අවශ්‍යතා තියෙනවාය.ඒ කියන්නේ කන බොන නාන නිදියන එක ඇරුනාම තියෙන අවශ්‍යතා ය.ඉතිං මිනිහා ගෙදර නැති නිසා මිනිහාගේ සල්ලිවලින් හැඩට ඇඳලා මිනිහාගේ වාහනෙන්ම ගෑනි එහේ මෙහේ යනවාය.ඒ අර අවශ්‍යතා ඉටු කර ගන්නටය.

'ටොක්..ටොක්'

සායනයේ දොරට තට්ටු කරන හඬින් මම සිහින ලොවෙන් ඇද වැටුනෙමි.අද දවසේ පළමු රෝගියා ය.සායනය අරඹා වැඩි දවසක් නැති නිසාත් වැටුපක් ගෙවන්නට තරම් ආදායමක් නැති නිසාත් තවම මගේ සායනයේ දොර අරින්නට, බෙහෙත් ලබා දෙන්නට රෝගීන් නැත් වෙලාවට මුකුළු කර කර ඉන්නට සිඟිත්තියක් සොයා ගත්තේ නැත.එනිසා දොර අරින්නට මටම නැගිට යන්නට සිදු විය.

සෑහෙන්න අඳු රු වැටී ඇති බවත් ඒ මහා සීතල රාත්‍රියක් බවත් මට දැනුනේ එවිටය.අමුතු සීතලක් ඇඟ දවටා ගත්තේ මුළු ඇඟේම හිරිගඩු පිපෙද්දීය.ඈතින් නරියෙක් උඩු බුරන හඬත් සමඟ ඉස්සරහා ඇති නා ගහේ අතු අතරේ මොකෙක් හෝ දඟලන 'සර සර' සද්දයක් ද ඇහෙන්නට විය.අමුතු බියක් මා සිත වසා ගත්තත් පැමිණ සිටි රෝගියාට පැරසිටමෝල් කිහිපයක් දී රුපියල් තුන්සීයක් කඩා ගැනීමේ චේතනාව ඊට වඩා ප්‍රභල වීම නිසා මම හිතට එඩිය ගෙන දොර ඇරියෙමි.

දොර අසල උස මිනිසෙකු කළු ලෝගුවක්ද පොරවාගෙන සිටගෙන සිටියේය.ලෝගුවේ කොලරය ඉහළට ඔසවලාය.අසරණයා හදිස්සියේ කෝට් එක දාගෙන එන්ඩ ඇත්තේ.මොකක් හරි අමාරු ලෙඩක් වෙන්ඩ ඇති යැයි සිතා ඔහු ඇමතීමට සැරසෙද්දීම වසර පහක් තිස්සේ රෝගීන් දෙස බලා ඔවුන්ගේ වත්කම් මෙන්ම රෝග ලක්ෂණද හඳුනා ගැනීමට පුරුදු පුහුණු කරන ලද මගේ දෙනෙතට ඔහුගේ මුහුණ හොඳින් දිස් විය.උස් වූ පාණ්ඩු පැහැති නළල, ඇතුලට ගිළුණු කම්මුල්, තියුණු දීප්තිමත් කළු පුළිඟු මෙන් වූ දෑස්, සෘජු දිගු නැහැය මෙන්ම සිහින් රතු තොල් මෙන්ම වරින් වර පිටතට පැමිණ තොල් තෙත් කරන දිගු දිව දුටු මට එක්වරම සිහියට ආවේ කාලයක් තිස්සේ කුඩු ගැහීමට ඇබ්බැහි වීම නිසා නිසි පෝෂණයක් නොලැබීමෙන් රක්තහීනතාවයෙන් පෙලෙන්නෙකු ය.නමුත් ඔහු මා වෙත හෙලූ සිනහවත් සමඟ දුටු සිහින් අසාමාන්‍ය ලෙස දිගු රදනක දත් යුවල නිසා මම වැරදි රෝග නිශ්චයකට යාම වැළකී ගියේය.




වැම්පයර්වරුන්ට නිවෙසකට ආරාධනා කළහොත් මිසක එයට ඇතුළු වීමට නොහැකි බව මම අසා ඇත්තෙමි.එසේනම් මේ වැම්පයරයාට මගේ සායනය තුලට පැමිණ මට හානි කිරීමේ හැකියාවක් නැත.නමුත් ඔහු ඇත්තටම පැමිණ ඇත්තේ අසනීපයකට ප්‍රථිකාරයක් ගැනීමට නම් මම හිපොක්‍රටිස්ට වූ පොරොන්දුව කැඩුවා වෙනවාය.ඊටත් වඩා රුපියල් තුන්සීයක් කඩා ගැනීමේ චාන්ස් එක ගිලිහී යනවාය.මගේ දෙගිඩියාව තත්පර කිහිපයකට වඩා පැවතියේ නැත.මම ඔහුට ඇතුලට එන්නට කීවෙමි.

මා බලාපොරොත්තු වූ පරිදිම ඔහු මගේ ඇඟට කඩා පැන මගේ බෙල්ලට දත් පහර ගසා මගේ ලේ උරා බීවේ නැත.ඒ වෙනුවට සුහදශීලී එමෙන්ම බයාදු සිනහවක් පාමින් ඔහු සායන‍යට ඇතුළු විය.

'ඩොක්ටර් මම පොඩ්ඩක් වාඩි වෙන්ඩද? හරි මහන්සියි ' කියමින් ඔහු පුටුව මතට ඇද වැටුනේය.

'ඔව් දැං මොකක්ද අසනීපේ?' මට බයට ගොත ගැසෙන්නට ආවද මම වෑයමින් එය වළක්වා ගතිමි.මම ඔහු අඳුනා ගත් බව දැන ගන්නට ඉඩ තියන්නට හොඳ නැත.එවිට මගේ බොටුව කඩා ලේ බීම කෙසේ වෙතත් සල්ලි නොදී යාමේ අවධානමක් ඇත.එයට මුහුණ දෙන්නට මම සූදානම් නැත.

'මගේ ඇඟේ ලේ නෑ ඩොක්ටර්. ඇඟට පණ නෑ.මාස ගානකිං ලේ ටිකක් ඇඟට වැටුනේ නෑ.' මගේ ඇස් මහත් වී කට වියලී ගියේය.

'ඒ ඒ කි..කිව්වේ...?'

'ඒ කිව්වේ ඩොක්ටර් මාස ගාණකිං ලේ ටිකක් බිව්වේ නෑ.දැං මේ පාං කියා ගන්ඩ බැරුව ඉන්නේ. මොකද ඩොක්ටර් බය වෙලා වගේ මම හිතුවේ ඩොක්ටර් මාව දැක්ක ගමං අඳුරගත්තා කියලා.'

මූ කොළේ වහලා ගහන්නේ නැත.මමත් බොරුවට නොදන්න බබා පාර්ට් දැමිල්ල නැවතිය යුතුය.

'හරි දැං මොකක්ද වෙන්ඩ ඕනේ? මට පේන විදිහටනං රක්තහීනතාව වගේ.මම එහෙනං යකඩ පෙති ටිකකුයි විටමින් ටිකකුයි ලියලා දෙන්නං.කෑම අරුචිය වගේ එහමත් තියෙනවද?' මම කොළයක් ගෙන ලියන්නට සූදානම් උනෙමි.

'යකඩ පෙතිවලට හරියන්නෑ ඩොක්ටර්.මම ට්‍රයි කරලා බැලුවා.අනිත් එක ඒවා මහ අප්පිරියා රහයිනේ.'

'එතකොට කෑම අරුචිය එහෙම තියෙනවද? ඒ කියන්නේ කෑම දැක්කම අප්පිරියා ගතියක් තියෙනවද? නැත්තං කෑම ගන්නකොට ඉක්මනට බඩ පිරෙන ගතියක් තියෙනවද?'

'කෑම අරුචියක් නෑ ඒ උනාට කෑම දැක්කම හිතට බයක් එනවා.මේකගෙං ලේ බීලා මොනවයින් මොනවා වෙයිද කියලා.'

'එතකොට ළඟදි බර එහෙම අඩු උනාද? ඒ කියන්නේ අඳින ඇඳුම් බුරුල් උනා වගේ දැනෙනවද?'

'බර කිලෝ හතකිං අඩු උනා.මේ කලිසම එල්ලං ඉන්නෙත් බෙල්ට් එකක් දාලා.අනේ ඩොක්ටර් මට ලේ බැංකුවෙං ලේ පැකට් එකක් ගන්ඩ ලියලා දෙන්ඩ.පිං සිද්ධ වෙයි.'

'ඉතිං ඔහේට ....මේ මොකක්ද මේ මහත්තයගේ නම කිව්වේ?'

'මගේ නම ඩ්‍රැකියුලා අනේ.'

'ඈ ඩ්‍රැකියුලා? ඩ්‍රැකියුලා ඉන්නේ රුමේනියාවේ නේද?මම හිතුවේ මේ මෙහේ එක්කෙනෙක් කියලා.ඔය රීරි යකා වගේ.'

'එහේ තමයි හිටියේ.ඒ පැත්තේ ලේ පොඩ්ඩක් කාරිය බීගෙන ඉන්න කොට තමයි මේ රට ආශ්චර්යයේ මොකක්ද එක කරන්ඩ යනවා කියලා ආරංචි උනේ.ඉතිං මම මෙහේ ආවා.ආවා වගේ නෙමයි දැං යන්ඩ බෑ.අතේ පිච්චියක් නෑ.මත්තලින් බැහැලා කොළඹට එනකොට පොකට් ගහලා මගේ සල්ලියි පාස් පොර්ට් එකයි ඔක්කොම ඉස්සුවා.අන්තිමට හිඟන්නෙක් වගේ පිට කොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ නිදාගෙන උදේ පාන්දරම ආව බස් කාරයෙක්ගේ ලේ ටිකක් බොන්ඩ කියලා අල්ලගෙන බැලුවා.මොන...... ඇඟේ ලේ කළඳක් නෑ.පපුවේ කිසි තෙතමනයක් නෑ.මොනවා කරන්ඩද?එහෙමම කරුවලේම එකසිය තුනක එල්ලිලා කනත්ත ගාවිං බැහැගත්තා.එදා ඉඳං මේ ලංකාව පුරාම එහේ මෙහේ ඇවිදිනවා.ලේ ටිකක් බී ගන්ඩ එකෙක් නෑ.ඉන්න උංගෙනුත් බොන්ඩ බයයි.'

'ඒ මොකද ඒ බොන්ඩ බය? අල්ලගෙන ගහයි කියලද? ඇත්ත තමයි අපේ රටේ මිනිස්සු හරි වීරෝධාර ජාතියක් නෙව.'

'බම්බුව තමයි.වීරෝධාර...පුඃ. මට බය උංගේ ලේවල මොනවා තියෙනවද කියලා.මුළිං මම ගියේ අනුරාධපුරේ පැත්තේ.හොඳ ආරිය සිංහල ලේ තියෙන පැත්තක්නේ කියලා.ඒත් නිව්ස් ඇහුවම මාව හීතල වෙලා ගියා.ඒ පැත්තේ උං ආසනික් තියෙන වතුර බීලා වකුගඩුවලටත් කෙළවං ඉන්න කොට මම කොහොමද හිතේ විශ්වාසෙකිං ලේ ටිකක් බොන්නේ.සුදු ලූනුවලටත් ඇලජික් මම ආසනික් ගැන එහෙම ලුහුඬෙට හිතන්ඩ ලෑස්ති නෑ.'

'ඉතිං වෙන පැතිවලට ගිහිං බැලුවේ නැද්ද?'

'මොකද නැත්තේ ඒත් රට පුරාම හැම තැනම කට්ටියට උණ.නිකං අහක යන නයි රෙද්ද අස්සේ දාගන්ඩ ඕනෙ නෑනේ.නිකං හරි ඩෙංගු වෛරස් එක බෝ වෙලා ඩෙංගු රක්තපාතයෙන් ලොව කුප්‍රකට ඩ්‍රැකියුලා මිය යයි කියලා කිව්වම වෑන් හෙල්සිංට උනත් ලැජ්ජා හිතෙනවනේ අප්පා.'

'ඇත්ත නේන්නං.ඉතිං ඔය උණ නැති උං හිටියෙම නැද්ද හොයාගන්ඩ?'

'මම ඉතිං වැඩිය පාරවල් දන්න එකක් යෑ.නොදැනම ඇවිල්ලා තිබ්බේ ගම්පහ පැත්තට.එකෙක් අල්ලගෙන බෙල්ල සර්ජිකල් ස්ප්‍රීට්වලිං එහෙම් පිහදාලා කෙළ පෙරාගෙන ගැහුවා දත් පාර. තුඃ විතරක් ඇඹුල් රහ.අප්පිරියාවේ බෑ.එයිට ටික දවසකට පස්සේ දන්නේ වතුරේ ඇසිඩ් කේස් එක.'

අපොයි අසරණයා...මට හිත යටින් කෙඳිරි ගෑවිනි.

'ඉතිං ලංකාවේ තවත් පැති තියෙනවනේ.ට්‍රයි කරලා බැලුවේ නැද්ද වෙන දිහෑවක්?'

'ඔය ඇසිඩ් කේස් එකෙං මම හොඳට මට්ටු උනා.එදා ඉඳං හොඳට පත්තරේ බලනවා.මොනවා හරි අවුලක් තියෙනවද කියලා.වෙලාවට එහෙම බැලුවේ.කිරිපිට එක්ක ඩීසීඩී කියලා වහ ජාතියක් එවලා කියලා දැනගත්ත වෙලේ ඉඳං ලේ බොන්ඩ පණ බයයි.ඇයි අප්පා අපිත් කියලා ඔය ලේ පොඩ්ඩක් බීලා ජීවත් වෙන අහිංසක වැම්පයර්ලා නේ.ලේ එක්ක මේ වහ බොන්ඩ පුළුවංයෑ.'

'ඉතිං ඔය කිරිපිටි නොබොන දියර කිරි බොන මිනිස්සුත් ඉන්නේ.'

'ඉන්නවා තමයි.ඒ උනාට උංගෙං සෑහෙන කට්ටියකට මටත් වඩා රක්තහීනතාව.මට දුක හිතෙනවා උංව දැක්කම.අනික දැං ගොඩක් උං ඉන්නේ ලේ රත් වෙච්ච ගමං මේ රට යන හැටි දැකලා.ඉතිං උංගේ ලේවල ඇඩ්‍රිනලීන්, කෝර්ටිසෝල් වගේ හෝමෝන හරීයට.බඩගිනියි කියලා මෙව්වා බිව්වහැක්යැ.'

'ඔබතුමා මේ ගැන මොනවත් ක්‍රියාමාර්ගයක් ගත්තේ නැද්ද? පිරිසිඳු ලේ ටිකක් ඉල්ලලා කොටුවේ ස්ටේෂම ඉස්සරහා උපවාසයක් කරානං හරිනේ.'

'පිස්සු කියවනවද ඩොක්ටර්.වතුර ඉල්ලලා පිකට් කළාම වෙඩි තියලා මරණ රටේ ලේ ඉල්ලලා පිකට් කළොත් මොනවා නොකරයිද?'

'හරි දැං මගෙං මොනවද කෙරෙන්ඩ ඕනේ?'

'අනේ ඩොක්ටර් ලංකාවට ගෙනාපු රුධිර පාරවිලයන සෙට්වලත් කොලිටිය අන්තිමයි කියලා පත්තරේක දැක්කා.එහෙම මොනවත් අවුල් නැති "එච් අයි වී" නැති හෙපටයිටිස් බී නැති මැලේරියා නැති පිරිසිඳු ලේ පැකට් දෙක තුනක් හොයලා දෙන්ඩ.නැත්තං ඇත්තමයි මැරෙන එක මැරෙනවා මෙතන.'


මගේ හද මඬල උණු වී ගියේය.මේ වැලහින්නක් වගේ අඬා වැටෙන්නේ ලෝක ප්‍රසිද්ධ ඩ්‍රැකියුලා නොවේද?මා ඉක්මනින් ක්‍රියා මාර්ගයක් නොගත්තොත් මේකා මෙතන මිය ගොස් ලෝකයේම දෝෂාරෝපන අපේ රටට එල්ල වීමට ඉඩ තිබේ.ඊටත් නවනීදන් පිල්ලේ පැමිණ සිටින මොහොතේ එවැන්නක් සිදු උවහොත් ලංකාවේ මානව හිමිකම් කඩ කිරීමේ චෝදනාවට ලක්ව රජතුමා ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරියට ගෙන යාමටද ඉඩ ඇත.එනිසා වහා දන්නා කියන ලොකු ලොකු තැනැත්තන් දෙතුන් දෙනෙක් අමතා පිරිසිඳු කරන ලද රුධිර පැකට් දහයක් වහාම ඩ්‍රැකියුලාට ලැබෙන්නට සැලැස්වීමි.ඉන්පසු ට්‍රෝලර් බෝට්ටුවක නංවා ඕස්ට්‍රේලියාවට පිටත් කළේ එවිට මගදී අසුවී පැපුවා නිව්ගිනියාවට පිටුවහල් කළ විට එතැන් සිට ඔහුට රුමේනියාවට යෑමේ මාර්ගයක් හොයා ගත හැකි නිසාය.