සම-සෞඛ්‍ය කට්ටියගේ ගැටළුව ගැන කකා ලියලා තිබ්බනේ පොඩි විස්තරයක්.ඒකේ කොමෙන්ට්වල නං දිග සංවාද ගිහිං තිබ්බා.මේ සම-සෞඛ්‍ය ගැටළුව ගැන ලියන්ඩ හිතාන හිටියට විභාගේ වැඩයි කම්මැලි කමයි හින්දා පස්ස ගගහා හිටියත් කකාගේ ලිපිය කියවලා මේක ගැන ලියන්ඩම හිතුනා.කකාගේ ලිපිය විතරක් නෙමෙයි ගිය සතියේ තිබ්බ දෙරණ වාද පිටිය වැඩසටහනත් කට්ටිය බලන්ඩ ඇතිනේ.බැලුවේ නැත්තං ගිහිල්ලා බැලුවත් කමක් නෑ ඕං.මොකද ඔය රටේ වෙනත් ප්‍රශ්නවලදි ඇස් කන් පියාන ඉන්ඩ පුළුවං උනාට මේකෙදි කාටවත් එහෙම මග ඇරලා ඉන්ඩ අමාරුයි.රතුපස්වල ප්‍රශ්නෙදි අවුලක් නෑ රතුපස්වල උන්ටනේ වතුර නැත්තේ කියලා ගණන් නොගෙන හිටියට, ධීවරයින්ට ඉන්ධන සහනාධාරේ නොදී ධීවරයෙක්ට වෙඩෛ තියලා මැරුවම කමක් නෑ ධීවරයින්ටනේ අවුල තියෙන්නේ කියලා අමතක කරලා දැම්මට ඉස්පිරිතාලවල ගැටළුවක් කියන්නේ රටේ හැමෝටම සමස්ථයක් විදිහට බලපාන ප්‍රශ්නයක්.
මුලින්ම බලමු මොකක්ද මේ සම-සෞඛ්‍ය පීඨය කියලා.
- B.Sc. in Nursing Degree Programme
- B.Sc. in Medical Laboratory Science Degree Programme
- B.Sc. in Physiotherapy Degree Programme
- B.Sc. in Radiography Degree Programme
- B.Sc. in Radiotherapy Degree Programme
- Bachelor of Pharmacy ( B.Pharm) Degree Programme
කියන පාඨමාලා මේ සම-සෞඛ්‍ය කියන කොටසට අයත් වෙනවා.මේ අය හැමෝම රෝහල්වල කටයුතු කරගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය අය.අතීතයේ හිපොක්‍රටීස්ලගේ කාලේ ඉඳලා නයිටිංගේල්ගේ කාලේ වෙනකල්ම ලෙඩා සම්බන්ද හැමදේම කළේ දොස්තරම තමයි.ඒත් පස්සේ පස්සේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැනුම සහ කටයුතු සංකීර්ණ වෙද්දි මේ හැම එකම තනියම වෛද්‍යවරයට කරගෙන යන්ඩ බැරි වෙනවා.අන්න එතකොට තමයි මේ කියන හෙදියන් ප්‍රමුඛ අනෙකුත් සම-සෞඛ්‍ය සේවාවන් බිහි වෙන්නේ.මේ කියන ඒ ඒ ක්ෂේත්‍රවලට විශේෂ වූ සේවාවන් බිහිවීමේ අරමුණ රෝගීන්ට උපරිම සේවාවක් ලබා දීමයි.
මේ සම-සෞඛ්‍ය උපාධිය දැනට අවුරුදු 10කට විතර කලිං පටං ගන්නේ අවුරුදු හතරක උපාධියක් විදිහටයි.වාදපිටියෙදි නජිත් කියනවා වගේ උපාධි පාඨමාලාවක් පටං ගන්නේ නිකං තේ කඩයක් දානවා වගේ 'හරි එහෙනං හෙට පටං ගම්මු' කියලා නෙමෙයි.මේ උපාධි පාඨමාලා පටං ගන්ඩ කලිං සෑහෙන මුදලක් වියදම් කරලා දෙස් විදෙස් ප්‍රවීණයන් කැඳවලා සාකච්ඡා කරලා තමයි මේ උපාධි සඳහා අවුරුදු හතරක් ඕනෑ කියලා තීරණය කරන්නේ.එහෙම විද්වත් සාකච්ඡාවල ප්‍රථිපලයක් විදිහට ඇති කරපු සිව් අවුරුදු පාඨමාලාව දැං හදිස්සියේ තුනක් කරපු එකට තමයි මේ ළමයි විරුද්ධ වෙන්නේ.මම දකින විදිහට ඒ විරුද්ධ වීම සාධාරණයි.
සිවු අවුරුදු උපාධි පාඨමාලාවේ කට්ටිය සායනික පුහුණු සඳහා රෝහල්වලට යනකොට වෛද්‍යවරු මුලින්ම ලෙඩේ අදින්ඩ පටං ගත්තේ වාට්ටුවල ඉඩ පහසුකම් නෑ කියලා.ලංකාවේ ශික්ෂණ රෝහල් තියෙන්නේ කීපයක් උනාට මහ රෝහල් ගොඩක් තියෙනවා.සෞඛ්‍ය අමාත්‍යංශයටයි උසස් අධ්‍යාපන අමාත්‍යංශයටයි ඉක්මනට විසඳන්ඩ තිබිච්ච ප්‍රශ්නයක් සෑහෙන කාලයක් ඇදිලා ගියා.ඒක අන්තිමේ විසඳුනා.ඊට පස්සේ මේ අය උපාධි අරං ආවම තමුන්ට වඩා ඉහලට එයි කියලා මේ අයගෙම ක්ෂේත්‍රවලට අයත් ඩිප්ලෝමාධාරීන් බය වෙලා ඒ අය ලෙඩේ අදින්ඩ පටං ගත්තා.උපාධිය පටං ගන්ඩ කළිං මේ ක්ෂේත්‍රවල හිටියේ ඩිප්ලෝමාධාරීන්.තවමත් ඉස්පිරිතාලවල වැඩ කරන්නේ මේ ඩිප්ලෝමා අය තමයි.අර ළමයි සායනික පුහුණුවට ගියාම ඔවුන්ට ඒ පුහුණුව දෙන්ඩ සිද්ධ වෙලා තිබුණේ ඒ වෙනකොට රෝහල්වල වැඩ කරපු ඩිප්ලෝමාධාරීන්ට.නමුත් ඔවුන් මේ ළමයින්ට පුහුණුව දෙන එක ප්‍රතික්ෂේප කළා.ඒ වෘත්තීය කුහක කම හින්දා.පස්සේ මේ ඩිප්ලෝමාධාරීන් ඔවුන්ටත් කෙටි අධ්‍යාපනයකින් පස්සේ උපාධිය ලබා දෙන්ඩ කියලා ඉල්ලීමක් කළා.නමුත් උපාධිය එහෙම පොඩි කාලෙකින් දෙන්ඩ බැරි නිසා විශ්ව විද්‍යාල මේ අයගේ ඉල්ලීම බැහැර කළා.ඒ ප්‍රශ්නෙත් සෑහෙන කාලයක් ඇදි ඇදි ගියා.
දැං අළුත්ම කේස් එක මේ 3+1 කිරීම.ඒ කියන්නේ අවුරුදු හතරේ උපාධිය අවුරුදු 3ට අඩු කරලා අවුරුදු 3ට පස්සේ වැඩි ලකුණු ගන්න ළමයින්ට තව අමතර අවුරුද්දක් ලබා දෙන ක්‍රමයක් එක පාරට ඇති කළා.මේක ඇති කිරීමට මූලික උනේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය හෙවත් GMOA එක කියලා එස් බී මහත්තයා කියනවා.GMOA එකත් ඒක ප්‍රතික්ෂේප කළේ නෑ.GMOA එක මේකට විරුද්ධ ඇයි කියලා ඇහුවම ඒ අය එක එක හේතු කියනවා.ඒ අය කියනවා මේ ළමයින්ට උපාධිය දුන්නට රැකියා අවස්ථා නෑ ඒ හින්දා බොරුවට අවුරුදු හතරක් මේක අදින එකේ තේරුමක් නෑ කියලා.ගැටළුව තියෙන්නේ එතන.GMOA එක කියන්නේ වෘත්තීය සමිතියක්.මේ අයට රස්සා දෙනවද නැද්ද කියන එක හෝ පාඨමාලා කාලය ගැන හෝ මේ වෘත්තීය සමිතියකට තියෙන කැක්කුම මොකක්ද? මේ අය අනිත් විශ්වවිද්‍යාල පාඨමාලා ගැනත් කතා කරනවද? කලා උපාධිය මාස හයකට අඩු කරන්ඩ වගේ ඉල්ලිම් කරනවද?
මෙතන ගැටළුව තියෙන්නේ අවුරුදු හතරක උපාධිය තියෙන අයට පුළුවන් පරිපාලන සේවයට එන්ඩ.මේ සම-සෞඛ්‍ය නිළධාරීන් පරිපාලනයට ඇවිදින් වෛද්‍යවරුන්ට ලෙඩේ අදීවී කියන බය තමයි වෛද්‍යවරුන් තුල තියෙන්නේ.ඒ නිසා ඔවුන් බලපෑම් කරනවා මේ සිවු අවුරුදු පාඨමාලාව කප්පාදු කරන ලෙස.විශේෂයෙන් හෙද නිලධාරීන් සිව් අවුරුදු පාඨමාලාවෙන් පස්සේ සය මාසික ශල්‍යාගාර පුහුණුවකුත් තවත් සය මාසික මොනවා හරි පුහුණුවකුත් දා ගත්තම ඔවුන් වෛද්‍යවරුන් තරමටම ජ්‍යේෂ්ඨ වේවි යැයි බයක් තියෙනවා.මම පත්තරේ ගිය සම-සෞඛ්‍ය සිසුන්ට පොලීසිය ගහපු නිවුස් එක බල බල ඉන්න කොට මගේ මිත්‍රයෙක් එතනට ආවා.
"හොඳ වැඩේ ඕකුන්ට.ඔහොම නෙමෙයි ගහන්ඩ තිබ්බේ අතපය කැඩෙන්ඩ"
" ඇයි බං?"
"ඕකුං හදන්නේ අවුරුදු හතරේ ඩිග්‍රිය අරං පරිපාලනේට රිංගන්ඩනේ"
"ඉතිං?"
"ඉතිං කියන්නේ, ඊට පස්සේ ඕකුං එයි අපිව පාලනේ කරන්ඩ"
"ඉතිං බං අපි දැං උංව පාලනේ කරන්නේ.උනුත් එහෙම ආවම මොකෝ"
"සම-සෞඛ්‍ය එකට යන්නේ අඩු ළකුණු ගත්ත එවුන්නේ බං."
"දිස්ත්‍රික්ක කෝටා සීන් එක හින්දා සමහර පැතිවලිං මෙඩිසින් ගිය උන්ට වඩා වැඩි රිසල්ට්ස් දාලා මෙඩිසින් යන්ඩ බැරි වෙච්ච උං ඉන්න පැති තියෙනවනේ බං.ඉතිං උං සම-සෞඛ්‍ය එකට යනවා.එහෙම බැලුවම සමහර දොස්තරලට වඩා ලකුණු තියෙන උං සම-සෞඛ්‍ය එකේ ඉන්නවනේ බං.අනික උඩින්ම ඉන්න සෞඛ්‍ය ඇමතිගේ සුදුසුකම් කවුද තීරණේ කරන්නේ?"
"උඹත් එක්ක කතා කරලා වැඩක් නෑ"
එස් බී දිසානායක මහත්තයා මේක GMOA එක මත පටවා ඇඟ බේරාගන්නට හැදුවත් කිව යුත්තේ රජයට මේ ගැටළුව විසඳීමට ඇත්තම උවමනාවක් ඇත්නම් මෙය විසඳීමට ඔවුන්ට හැකි බවය.සිවු අවුරුදු පාඨමාලාවට විරුද්ද වන්නේ GMOA එක පමණි.රටේ සංවිධාන රැසක් විරුද්ධ වූ කැසිනෝ පනත සම්මත කරගත් ආණ්ඩුවට මෙය මහ කජ්ජක් නොවේ.නමුත් මෙවැනි ගැටුම් පැවතීම ආණ්ඩුවට ආශීර්වාදයකි.රටේ සැබෑ ප්‍රශ්න ජනතාවට අමතක කරවීම, පුද්ගලික විශ්ව විද්‍යාල සාධාරණී කරණය වීම, අධ්‍යාපනයට වෙන් කරන මුදල් කප්පාදු කොට රේස් පැදීමට වෙන් කිරීමට හැකි වීම ආදී වාසි කිහිපයක් ආණ්ඩුවට මේ තුවාල සුව නොකොට තබා ගැනීමෙන් ලැබේ.
උපාධියේ කාලය වැඩක් නෑ එකම ඩිග්‍රිය දෙනවනං යැයි කියාද මතයක් ඇත.නමුත් ක්‍රෙඩිට් ක්‍රමය අනුව බලන විට සිව් අවුරුදු පාඨමාලාවට ක්‍රෙඩිට් 120ක් ලැබෙන අතර තුන් අවුරුදු පාඨමාලාවට ලැබෙනේ ක්‍රෙඩිට් 90ක් පමණි.මේ සාධක ඔවුන්ට රැකියා ලබා දීමේදී සහ පශ්චාත් උපාධි ආදිය කිරීමේදී බලපාන්නේය.ඒ කරුණු නොසලකා හැරියත් මොවුන් කටයුතු කරන්නේ මිනිස් ජීවිත සමඟය.ඔබේ මව හෝ පියාට ප්‍රථිකාර කරන තැනැත්තා වසරක් වැඩිපුර පුහුණුවක් ලැබූ අයෙක් වනවාට ඔබ කැමති නැද්ද?
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ විදෙස් රටවල බැලැමෙහෙවර සඳහා ගැහැනුන් පිටත් කර යැවීමය.ඔවුහූ ඒ රටවලදී දූෂණය කෙරෙති.අතපය කඩා දැමෙති.වැටුප් නොගෙවා වැඩ ගනිති.ඉඳිකටු, ඇණ ආදිය ඇඟට ඇතුල් කෙරෙති.එවන් වූ පහත් රැකියාවලට අපේ රටේ ගැහැනුන් යවන අපි ප්‍රෞඪ ජාතියක් වෙමු.වසර 2500ක් ඈත ඉතිහාසයකට උරුම කම් කියන සහ ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය පරාද කළ වීරෝධාර ජාතියක් වෙමු.
මැදපෙරදිග කටුක රැකියාවේ යෙදී ගෘහ සේවිකාවන් 20 දෙනෙකුගෙන් ලංකාවට ලැබෙන විදේශ විනිමය එක් හෙදියක් විදෙස්ගත කිරීමෙන් ලැබිය හැක.ආයතනවල වැඩ කරන වෘත්තිකයින්ට ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදුවන්නේද නැත.වැඩි වැඩියෙන් වෘත්තිකයින් බිහි කොට ඔවුන්ට විදෙස් රැකියා ලබා දීමට කටයුතු කළ යුත්තේ රජය ය.රට රටවල ඇවිදිමින් එක එකා ඉඹ බදාගන්නා අතරේ අත්සන් කළ යුත්තේ එවැනි ගිවිසුම්ය.
අදට මේ ඇතිය.මේක කියවන මගේ මිත්‍ර වෛද්‍යවරුන් මා හා අමනාප වනු ඇත.එසේ නොවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.