සරල සහ සංකීර්ණ
පාට ගලපලා
ඇඟට තියලා
කැරකිලා ඇඹරිලා
කණ්ණඩිය ඉස්සරහ
හරියන්ඩ ගැලපෙන්ඩ
කරාඹුත් දාලා
යාළුවෝ හැඩයි කියු
සෙරෙප්පුත් දෙපා ලා
එන ඈව හමුවන්න
ඇඳ මතින් පුටු වතෙන්
ඇහිඳ ළංකොට නැහැය
විලවුන්ද ඉස කමිසෙ
ගඳ බලා ඇඟෙහි ලා
හනි හනික පමා වී
එයි ප්‍රේම කුරුල්ලා
දැන්නං ඕකේ අනිත් පැත්ත. ඇපෝයින්ට් මන්ට් දෙක තුන දාපු ගෑල්ලමයි තමයි දැං කොල්ලා ගාවට පරක්කු වෙලා එන්නේ.
ReplyDeleteඔන්න දේශට වෙලා තියෙන දේ..
Deleteඑහෙම තමයි මචං මොළේ තියෙන ගෑනු.ස්පෙයාර් වීල් එකක් තියෙන එක කෝකටත් හොඳයිනේ කියලා හිතනවා ඇති.
Deleteමේකේ කියවෙන ඇඳයි පුටුවයි කොල්ලගේ ගෙදර තියෙන ඒවාද නැත්තම් කොහේ හරි ගෙස්ට් හවුස් එකක තියෙන ඒවාද? ටැම්පරියක් ඇද ඇද ඉඳලා කෙල්ල එන බව මතක් වුනාම ඉක්මනට ඇහිඳගෙන දිව්වද දන්නේ නෑ
ReplyDeleteනෑ නෑ බං මම කියන්ඩ හැදුවේ මාතෘකාවේ දාලා තියෙනවා වගේ සරළ බව සහ සංකීර්ණ බව කියන එක.
Deleteකියන්න හැදුවේ නෙවෙයි උඹ කියලා තියෙන්නේ එක තමයි , මම අරෙහෙම ඇහුවේ මිනිස්සු සමහර වෙලාවට සරල වෙන්නේ සංකීර්ණ වෙන්න බැරි ඔය වගේ අකරතැබ්බ වුනාමනේ එකයි
Deleteසංකීර්ණ වෙන්ඩ කම්මැලි මම වගේ උනුත් එහෙම වෙන හේතුවක් නැතුව සරළ වෙන්ඩ බලනවා බං.කවුදෑ දන්නේ.මගේ යාළුවෙක් ඉන්නවා මේ දවස්වල කෙල්ලො තුන් දෙනෙක් එක්ක යාළු වෙලා ඉන්න.අන්න ඌ නං ජීවිතේ නිකංම සංකීර්ණ කරං ඉන්නේ
Deleteඅපි නම් ෂූටි රුපියල් පහේ මේක් අප් එකකුත් ද ගන්නවා. ජෙල් පැකට් එක. ඕක ලොකුවටම දැනෙන්නේ කැම්පස් එකේ පාර්ටි වලට, වෙඩින් වලට යද්දී. කෙල්ලෝ දහස් ගණන් සාරි අරන්, හැට්ට මහල, ඇපොයිමන්ට් දාල අන්දවාගෙන, කොන්ද ඉස්ටයිල් දාගෙන එද්දී, අපි කාගෙන් හරි ගජෙට ගත්ත කමිසෙකුයි, කලිසමකුයි ඇඳලා, ජෙල් ටිකක් උලාගෙන එනවා.
ReplyDeleteඅන්න ඒකනේ කියන්නේ.එග්සෑමුත් එහෙමයිනේ.උං පොත් කියවලා නෝට් හදාගෙන නිදි මරං පාඩැං කරලා එග්සෑම් පාස් වෙද්දි කොල්ලො කාගෙ හරි නෝට් ටිකක් බලං ගිහිල්ලා එග්සෑම් එක පාස් වෙනවා. (මම නං එහෙම නෑ.ඒකනේ රිපීට් උනේ )
Deleteඇයි ලගදි මනාලියෙක් බලන්නවත් ගියාද ඔයා..?
ReplyDeleteමනමාලියෝ බලන්ඩ කියලා අමුතුවෙන් ගියේ නෑ ඉතිංඔය ඉන්න උන්දැම නේ හැමදාම හම්බ වෙන්ඩ යන්නේ
Deleteඈ........
ReplyDeleteඒකත් මාර වැඩේනෙ එතකොට... කෙල්ල හම්බවෙන්න විතරෙයි එහෙම යන්නෙ...
ඇයි වෙන ජවුසං නැතෙයි
නෑ නෑ කොල්ලො කොහේ ගියත් ඔහොම තමා.කෙල්ලො නේ හැම තැනම යන්ඩ හැඩ වෙන්නේ.මේ ළඟදි දවසක් මම හඩු සරමකුත් ඇඳං පුංචි බොරැල්ලට ගියා තේ එකක් බොන්ඩ.අපේ ෆැකල්ටියේ වැඩ කරන අක්කා කෙනෙක් හම්බ වෙලා අහනවා ඔයා හොස්ටල් එකේ ඉඳං ඕක ඇඳං පයින්ම ආවද ඈ.... කියලා පුදුම වෙලා..........
Deleteපිස්සුද බං... අනික් කියි ගමන ඔහොම ගියත් කොල්ලොත් නීට් එකට තමා කෙල්ල සෙට් වෙන්න යන්නේ..
ReplyDeleteඅනේ මන්දා බං ඔන්න මමනං යන්නේ මේ විදිහට තමා.ඒකනේ අපේ පවුල හැමදාම බණින්නේ...
Deleteමමත් ඔහොම ගිය හැටි මතකයි මට හොඳ හැටි මතකයි......................
ReplyDeleteඒකනේ කියන්නේ ඒ කාලෙත් එහෙම තමයි ඈ...
Deleteඋබ හරියට ගානට ලියලා තියෙනවා... හික්ස්.. මාත් ඕක අත්දැකීමෙන් දන්නවා !
ReplyDeleteඒක නෙව කියන්නේ.
Deleteඅපේ මල්ලි මතක් වුණා
ReplyDeleteමල්ලි සරළ උනාට අක්කා නං අනිත් ස්ත්‍රී පාර්ශව වගේම සංකීර්ණ නැතෑ හික් හික් හී....
Deleteදැන් ඔය පෙන්නන්නේ ඩියෝඩරන්ට් ගාගෙනම පලයන් කියලා. නැත්නම් ඉතින් බස් එකක යන්නය.
ReplyDeleteකොල්ලංව සුදු කරන්ඩත් හදන එකේ ඕක මොකක්ද මාතලං අයියා
Deleteඅනේද කියන්නේ? ගමනක් යන්න ගියත් ඔය සංතෑන්සියමනේ.
ReplyDeleteහස්බන්ඩට පුළුවං ලෑස්ති වෙලා නිස්කලංකේ පත්තරේ එහෙම බලලා පුටුව උඩ පොඩි නින්දකුත් දාන්ඩ බාරි ලෑස්ති වෙලා එනකං
Deleteකියලා වැඩක් නෑ දිනුක...
ReplyDeleteඕකට දාන්න ඕනේ අර අපි ළග ගියෙන එකම ඩෙනිම (අර සුදු පාට වෙනකල් පට්ට ගහපු ඩෙනිම) ගැනත් ලියුවානම් නියමයි. හැබැයි නියම කවිය දිනුක..........
ඇත්තට කිව්වම මතක් උනේ.මගෙත් තිබ්බනේ එහෙම සුදු පාට වෙනකං පට්ට ගහපු ඩෙනිමක්.ඒකේ කකුල් දෙකම සාක්කුවේ පහල කෙළවර ගාවිං ඉරිලා ගියා ගෙවිලම.
Delete