20 May 2014

සරල සහ සංකීර්ණ


පාට ගලපලා
ඇඟට තියලා
කැරකිලා ඇඹරිලා
කණ්ණඩිය ඉස්සරහ

හරියන්ඩ ගැලපෙන්ඩ
කරාඹුත් දාලා
යාළුවෝ හැඩයි කියු
සෙරෙප්පුත් දෙපා ලා

එන ඈව හමුවන්න
ඇඳ මතින් පුටු වතෙන්
ඇහිඳ ළංකොට නැහැය
විලවුන්ද ඉස කමිසෙ
ගඳ බලා ඇඟෙහි ලා
හනි හනික පමා වී
එයි ප්‍රේම කුරුල්ලා


27 comments:

  1. දැන්නං ඕකේ අනිත් පැත්ත. ඇපෝයින්ට් මන්ට් දෙක තුන දාපු ගෑල්ලමයි තමයි දැං කොල්ලා ගාවට පරක්කු වෙලා එන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔන්න දේශට වෙලා තියෙන දේ..

      Delete
    2. එහෙම තමයි මචං මොළේ තියෙන ගෑනු.ස්පෙයාර් වීල් එකක් තියෙන එක කෝකටත් හොඳයිනේ කියලා හිතනවා ඇති.

      Delete
  2. මේකේ කියවෙන ඇඳයි පුටුවයි කොල්ලගේ ගෙදර තියෙන ඒවාද නැත්තම් කොහේ හරි ගෙස්ට් හවුස් එකක තියෙන ඒවාද? ටැම්පරියක් ඇද ඇද ඉඳලා කෙල්ල එන බව මතක් වුනාම ඉක්මනට ඇහිඳගෙන දිව්වද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. නෑ නෑ බං මම කියන්ඩ හැදුවේ මාතෘකාවේ දාලා තියෙනවා වගේ සරළ බව සහ සංකීර්ණ බව කියන එක.

      Delete
    2. කියන්න හැදුවේ නෙවෙයි උඹ කියලා තියෙන්නේ එක තමයි , මම අරෙහෙම ඇහුවේ මිනිස්සු සමහර වෙලාවට සරල වෙන්නේ සංකීර්ණ වෙන්න බැරි ඔය වගේ අකරතැබ්බ වුනාමනේ එකයි

      Delete
    3. සංකීර්ණ වෙන්ඩ කම්මැලි මම වගේ උනුත් එහෙම වෙන හේතුවක් නැතුව සරළ වෙන්ඩ බලනවා බං.කවුදෑ දන්නේ.මගේ යාළුවෙක් ඉන්නවා මේ දවස්වල කෙල්ලො තුන් දෙනෙක් එක්ක යාළු වෙලා ඉන්න.අන්න ඌ නං ජීවිතේ නිකංම සංකීර්ණ කරං ඉන්නේ

      Delete
  3. අපි නම් ෂූටි රුපියල් පහේ මේක් අප් එකකුත් ද ගන්නවා. ජෙල් පැකට් එක. ඕක ලොකුවටම දැනෙන්නේ කැම්පස් එකේ පාර්ටි වලට, වෙඩින් වලට යද්දී. කෙල්ලෝ දහස් ගණන් සාරි අරන්, හැට්ට මහල, ඇපොයිමන්ට් දාල අන්දවාගෙන, කොන්ද ඉස්ටයිල් දාගෙන එද්දී, අපි කාගෙන් හරි ගජෙට ගත්ත කමිසෙකුයි, කලිසමකුයි ඇඳලා, ජෙල් ටිකක් උලාගෙන එනවා.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ කියන්නේ.එග්සෑමුත් එහෙමයිනේ.උං පොත් කියවලා නෝට් හදාගෙන නිදි මරං පාඩැං කරලා එග්සෑම් පාස් වෙද්දි කොල්ලො කාගෙ හරි නෝට් ටිකක් බලං ගිහිල්ලා එග්සෑම් එක පාස් වෙනවා. (මම නං එහෙම නෑ.ඒකනේ රිපීට් උනේ )

      Delete
  4. ඇයි ලගදි මනාලියෙක් බලන්නවත් ගියාද ඔයා..?

    ReplyDelete
    Replies
    1. මනමාලියෝ බලන්ඩ කියලා අමුතුවෙන් ගියේ නෑ ඉතිංඔය ඉන්න උන්දැම නේ හැමදාම හම්බ වෙන්ඩ යන්නේ

      Delete
  5. ඈ........
    ඒකත් මාර වැඩේනෙ එතකොට... කෙල්ල හම්බවෙන්න විතරෙයි එහෙම යන්නෙ...
    ඇයි වෙන ජවුසං නැතෙයි

    ReplyDelete
    Replies
    1. නෑ නෑ කොල්ලො කොහේ ගියත් ඔහොම තමා.කෙල්ලො නේ හැම තැනම යන්ඩ හැඩ වෙන්නේ.මේ ළඟදි දවසක් මම හඩු සරමකුත් ඇඳං පුංචි බොරැල්ලට ගියා තේ එකක් බොන්ඩ.අපේ ෆැකල්ටියේ වැඩ කරන අක්කා කෙනෙක් හම්බ වෙලා අහනවා ඔයා හොස්ටල් එකේ ඉඳං ඕක ඇඳං පයින්ම ආවද ඈ.... කියලා පුදුම වෙලා..........

      Delete
  6. පිස්සුද බං... අනික් කියි ගමන ඔහොම ගියත් කොල්ලොත් නීට් එකට තමා කෙල්ල සෙට් වෙන්න යන්නේ..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං ඔන්න මමනං යන්නේ මේ විදිහට තමා.ඒකනේ අපේ පවුල හැමදාම බණින්නේ...

      Delete
  7. මමත් ඔහොම ගිය හැටි මතකයි මට හොඳ හැටි මතකයි......................

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ ඒ කාලෙත් එහෙම තමයි ඈ...

      Delete
  8. උබ හරියට ගානට ලියලා තියෙනවා... හික්ස්.. මාත් ඕක අත්දැකීමෙන් දන්නවා !

    ReplyDelete
  9. අපේ මල්ලි මතක් වුණා

    ReplyDelete
    Replies
    1. මල්ලි සරළ උනාට අක්කා නං අනිත් ස්ත්‍රී පාර්ශව වගේම සංකීර්ණ නැතෑ හික් හික් හී....

      Delete
  10. දැන් ඔය පෙන්නන්නේ ඩියෝඩරන්ට් ගාගෙනම පලයන් කියලා. නැත්නම් ඉතින් බස් එකක යන්නය.

    ReplyDelete
    Replies
    1. කොල්ලංව සුදු කරන්ඩත් හදන එකේ ඕක මොකක්ද මාතලං අයියා

      Delete
  11. අනේද කියන්නේ? ගමනක් යන්න ගියත් ඔය සංතෑන්සියමනේ.

    ReplyDelete
    Replies
    1. හස්බන්ඩට පුළුවං ලෑස්ති වෙලා නිස්කලංකේ පත්තරේ එහෙම බලලා පුටුව උඩ පොඩි නින්දකුත් දාන්ඩ බාරි ලෑස්ති වෙලා එනකං

      Delete
  12. කියලා වැඩක් නෑ දිනුක...

    ඕකට දාන්න ඕනේ අර අපි ළග ගියෙන එකම ඩෙනිම (අර සුදු පාට වෙනකල් පට්ට ගහපු ඩෙනිම) ගැනත් ලියුවානම් නියමයි. හැබැයි නියම කවිය දිනුක..........

    ReplyDelete
    Replies
    1. ඇත්තට කිව්වම මතක් උනේ.මගෙත් තිබ්බනේ එහෙම සුදු පාට වෙනකං පට්ට ගහපු ඩෙනිමක්.ඒකේ කකුල් දෙකම සාක්කුවේ පහල කෙළවර ගාවිං ඉරිලා ගියා ගෙවිලම.

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...