අපි දවස පටං ගන්නේ අපේ රටේ ආදරණීය නාළිකාවකිං ආදර සින්දුවක් අහලාය.නැත්තං ආදර රූපවාහිනී නාළිකාවකිං ආදර වැඩසටහනක් බලලාය.අපේ රටේ සිංදුවලින් 99.99%ක්ම ආදර සිංදුය.එක්කෝ ආදරය ඉල්ලන සිංදුය.නැත්තං ආදරේ කරන සිංදුය.ඒත් නැත්තං ආදරෙන් පැරදිලා අඬන සිංදුය.ඉස්සර ආදරෙන් පැරදුනාම කොට්ටේ බදාගෙන ඇඬුවේ කෙල්ලෝය.දැං උන්ට ආදරෙන් පරදින එක එච්චර අවුලක් නැත.දැං අඬන්නේ කොල්ලාය.කෙල්ල ෆේස්බුක් එකේ ස්ටේටස් වෙනස් කරලා සතියක් ඇතුලත තව කොල්ලෙක් සෙට් කර ගන්නවාය.කොල්ලා හොටු පෙරාගෙන අඬලා සින්දුවක් කියන්නේය.ඊට පස්සේ බස් කාරයින්ට මේ අඬන ඇල්බම් එක දීලා අපිට (ඒ කියන්නේ බස් මගියන්ට ) බලෙන් සිංදුව අස්සවනවාය.
මේ බස් හදන ඉන්දියන් කොම්පැනියේ උන් මෙළෝ රහක් නැත.උං බස් එක හදලා තියෙන විදිහට බස් එකේ ඉස්සරහට වෙන්නට බෆල් එක හයි කරන්නට බැරිය.ඒ නිසා බෆල් දහයක් විතර බස් එකේ පිටි පස්සට වෙන්ඩ හයි කරන්ඩ සිද්ද වෙනවාය.ඊට පස්සේ බස් එකේ ඉස්සරහම ඉන්න රියැදුරු මහත්තයාට සිංදුව ඇහෙන තරමට සිංදු යන්තරේ හඬ වැඩි කළාම (යන්තරේ හඬ බස් එකේ එංජිමේ හඬ, වට පිටාවේ වාහනවල හඬ සහ හෝන් සද්දය පරයා ඇහෙන්නටත් ඕනේය ) මගියාට පට්ට ආතල්ය.ලව් එක පැරදිලා අඬන නපුංසකයා ඔළුව ඇතුලේ බෙරිහන් දෙනවා වගේ මාර සනීපයක් එනවාය.ලංකාවේ වාහන අනතුරු ගොඩකට හේතුව මේ කර්ණරසායන ශ්‍රව්‍ය මාධූර්‍ය ආදර සින්දු බව කවුදෝ මන්දා මේ ළඟදි දවසක කිව්වේය.
ලංකාවේ හදපු එකම මොඩල් එකේ දියාරු ලව් නාට්‍ය බල බල ඉඳපු අපිට ගෙවල් ඇතුලේ වෙන පට්ට සීන් ගැන වගේම ලව් හින්දා මිනිස්සු කෙළින පිස්සු ගැන කියලා දුන්නේ ඉන්දීය මෙගා ටෙලි ය.ඊට පස්සේ රටක දේශපාලන තීන්දු තීරණ ගැනිල්ලට ප්‍රේමයේ බලපෑම අපිට කියලා දුන්නේ කොරියන් ටෙලි හරහාය.ඒවායේ අභාශය අරං දැං අපේ රටේ හදන නාට්‍ය ඔක්කොම එන්නේ කෙල්ලෙක්ගේ නමින්ය.ඒ කෙල්ලගේ ලව් හුටපට වට ගෙතුනු කතාවල් ය.ඉතිං අපේ රටේ පොඩි උං හැදෙන්නේ මෙන්න මේ වගේ ප්‍රේමණීය පරිසරයකය.උංගේ මොළය වර්ධනය වෙන්නේ ප්‍රේමය නැමැති සංකල්පය කේන්ද්‍ර කරගෙනය. (අපේ අක්කාගේ පොඩි එකාට මේ ළඟදි කෙල්ලෙක් ලියුමක් දීලා තිබුණේය.ඒකි ඌව බඳින්ඩ කැමතියි කියලත් කිව්වාලුය.ඒ උනාට ඌ ඒ කෙල්ලට කැමති නැත.ඌ කැමති වෙන කෙල්ලෝ දෙන්නෙක්ටය.ඌ බඳින්නේ උන් දෙන්නාගෙන් එකෙක්ව බව ඌ මාත් එක්ක කීවේය.ඌ තාම එක වසරේය.)
කොච්චර ප්‍රේමය ගැන කතා කෙරුවත් ප්‍රේමය කොච්චර රසවත් උනත් අපේ රටේ කොල්ලන්ට කෙල්ලන්ට ලව් කරන්ඩ තහනම්ය.සා\පෙ ඉවර වෙනකං ලව් කරන්ඩ හොඳ නැත.ඒ සා\පෙ ෆේල් වීමට ප්‍රේමය දායක වෙන නිසාය.සා\පෙ ඉවර උනාට පස්සේද ලව් කරන්නට තහනම්ය. ඒ උ\පෙ ෆේල් වෙන නිසාය.ඊට පස්සෙත් ලව් කරන එක සමාජ විරෝධීය.ඒ බැඳලා නැති නිසාය.බැන්දාට පස්සේ ලව් කරන උන් ගැන කතා කරලා වැඩක් නැත.මොකද අපේ රටේ යන ක්‍රමේ අනුව බඳින්නේ නාකි වෙලාය.ඒ නිසා බැඳලා කරන ලව් "නාකි ලව්" බවට පත් වෙනවාය.අනික බැන්දාට පස්සේ ලව් කරන්නේ තමුංගේ ගෑනිට නොව අනුංගේ ගෑනුන්ටය.
ලව් කිරිල්ල වඩාත් කටුක අත්දැකීමක් වන්නේ පිරිමින්ටය.ඒ උන්ට ලව් කරන්නට වෙන්නේ කෙල්ලන්ට නිසාය.කෙල්ලෝ කවදාවත් කොල්ලන්ව තේරුම් ගන්නේ නැත.නමුත් උන් උන්ව තේරුම්ගන්නා ලෙස කොල්ලන්ට බල කර සිටිති.උං මොන කුණු වැඩක් කළත් ඒ ගෑනුංගේ හැටි කියා පිරිමියා ඒවා අමතක කර දැමිය යුතුය.ඒත් පිරිමියා මොන ලබ්බ කළත් ඒ උගේ අමන ගතියය.අනික ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි, පාරිශුද්ධයි, සුරම්‍යයි නම් කොල්ලෙක්ට තව කොල්ලෙක් එක්ක ලව් කරන්ඩ මේ සමාජය ඉඩ දෙන්ඩ ඕනෑය.නමුත් එහෙම ඉඩ දෙන්නේ නැත.උන්ට සමලිංගිකයෝ කියලා සමාජයෙන් කොන් කරනවාය.
ආදරයට ලිංගිකත්වය අදාල නෑ කියලා එක තැනක කියලා තව තැනක තව කතාවක් කියනවාය.එකම ලිංගයේ උන් දෙන්නෙක්ට ලව් කරන්ඩ තහනම් වගේම (ප්‍රේමය ලිංගිකත්වයෙන් තොර නොවන නිසා ) විරුද්ධ ලිංගිකයෝ දෙන්නෙක්ට ලව් කළාට රති කෙළියත් තහනම්ය.මේක පට්ට ආතල් ලෝකයක්ය.අපි මේ සමාජයේම හැදුනු වැඩුනු නිසා එච්චර අවුලක් පේන්නේ නැතිය.පිටසක්වල ජීවියෙක් මේ කතා ටික ඇහුවානං ඌට පිස්සු හැදෙනවාය.සමහරවිට උං ඇවිල්ලා මේ කතා ටික අහලා පිස්සු හැදිලා ගියා වෙන්නටත් පුළුවංය.කාලෙකිං දැක්කේ නැත්තේ ඒ නිසා වෙන්නට ඇත.
අපිට උඩ පරම්පරාවටත් උඩ පරම්පරාව ඒ කියන්නේ අපේ ආච්චිලාගේ පරම්පරාවේ ගෑනු පොර ටෝක් දෙන්ඩ ගත්තම එපා වෙනවාය.උන්දැලා රති කෙළිය හඳුන්වන්නේ අවලං වැඩේ කියලාය."අපිනං බඳින්ඩ කළිං ඔය අවලං වැඩ කළේ නෑ" කියලා බොහොම ගරු ගාම්භීරව කියනවාය.ඒ උනාට සිද්දිය අහගන්ඩ ඕනේ නාකි පප්පලාගෙන්ය.ඒ කාලේ කෙල්ලො උස්සාන බැද්දට දොක්කාපු හැටි බොහොම උජාරුවට දෙසන්නේ පොඩි ෂොට් එකක් දාගත්තාමය.මේ දෙන්නාගෙං එක්කෙනෙක් බොරු කියනවා වෙන්ඩ ඕනේය.නැත්තං මේ කියන ගෑනු මනුස්සයා කෙල්ල කාලේ මෙළෝ රහක් නැති කොල්ලෙක්ගේ ඇඟේ පොඩි කරන්ට් එකක්වත් යවන්ඩ බැරි ලොන්ත මගුලක් වෙන්ඩ ඕනේය.බන්දලා දෙන්ඩ පට්ට දෑවැද්දක් උන්දැලාගේ දෙමව්පියන්ට හොයන්ඩ වෙච්ච ජාතියේ බඩ්ඩක් වෙන්ඩ ඇතිය.කොහොම වෙතත් ලෝකේ හැමෝම කෙළින රති කෙළිය නිකං දෙකයි පණහට දාලා පොර ටෝක් දෙන්ඩ ඕනේ නැත.අනික බඳින කං ඕක කොරේ නෑ කියලා උදම් අනන්ඩ ඕනෙත් නැත.ඇත්තටම කියන්ඩ ඕනේ බඳිනකං ඕක කොරේ නෑ කියලා නෙමෙයිය ගෙදරිං මිනිහෙක් හොයලා දීලා බන්දනකං ඕක කොර ගන්ඩ බැරි උනාය කියලා අඬන්ඩය ඕනේ.
HARI SHOAK KATHAWAK NE
ReplyDeleteඔව් අනේ....
Deleteබොහොම රසවත් ලියවිල්ලක්.
ReplyDeleteඉස්තූතියි ඈ....
Deleteමේ දවස්වල පාඩම් කරන්නේ නැද්ද? මේ ලිපියෙන් කියන වැඩේ කරන ගමන්ම පාඩම් වැඩෙත් ගොඩ දාගත්තනම් ජීවිතේ මල් හතයි.
ReplyDeleteවිචාරක මහත්තයට කියන්ඩ පාඩම් කරන්ඩ පට්ට කම්මැලියි අප්පා.ඒත් ඉතිං කොරන්ඩ එපායැ.
Deleteඅර අන්තිමේ තියෙන පින්තූරේ දැක්කම කියන්න හිතුන දේත් අමතක වුනා..
ReplyDeleteහපොයි ඒ මොකෝ ඒ..? දන්න කාව හරි මතක් උනාද?
Deleteනියමෙට ලියලා තියෙනවා !!
ReplyDeleteලව් මල ඉලව් !
ඉස්තූතියි මධුරංග අයියා...
Deleteමට මැරෙන්න හිතුනා....
ReplyDeleteඅනේ එපා බං.අහවල් වැඩෙත් කොරලම මැරියං...
Deleteදස්කොන් සකිසඳ ඉක්මන් ගමනින් පස්ස දොරෙන් තමුංගෙ ගෙට රිංගුවොත් සමාව දෙයිද ?
ReplyDeleteබැන්දට පස්සේ කොටු පැනිල්ල හොඳ වැඩක් නෙමෙයි නෙව.මම මේ කියන්නේ අහවල් වැඩේ අසමජ්ජාති වැඩක් ය කියලා කියන එක ගැන නේ.කොරන වැඩේ කොරද්දි එකෙකුට විශ්වාසවන්ත වෙලා ඉන්න එක කොච්චර හොඳ වැඩක් ද?
Deleteඅවලං වැඩේට අකැමති කෙනෙක් හොයපංකෝ බලන්න.
ReplyDeleteහැබැයි මූණට නං කියන්නේ නෑ බං.
Deleteයකඩෝ ලවු කරන එකත් එපාම වුනා.
ReplyDelete- ප්‍රියා.
පිස්සු කෙළින්ඩ එපා බං ලව් නොකර කොහොමද.හැබැයි කරද්දි එක පාරට එකක් විතරක් කරපං.හෙඃ හෙඃ
Delete(අපේ අක්කාගේ පොඩි එකාට මේ ළඟදි කෙල්ලෙක් ලියුමක් දීලා තිබුණේය.ඒකි ඌව බඳින්ඩ කැමතියි කියලත් කිව්වාලුය.ඒ උනාට ඌ ඒ කෙල්ලට කැමති නැත.ඌ කැමති වෙන කෙල්ලෝ දෙන්නෙක්ටය.ඌ බඳින්නේ උන් දෙන්නාගෙන් එකෙක්ව බව ඌ මාත් එක්ක කීවේය.ඌ තාම එක වසරේය.)
ReplyDeleteශික් අපිට ඔහොම චාන්ස් වැදුනේ නැහැනේ........:(
ඒක නේන්නං කියන්නේ...
Delete