අනෙක් ලාභදායී ව්‍යාපාරය නම් ඡන්දය ඉල්ලීමය.ප්‍රාදේශීය සභාවට හරි යා ගත්තොත් පරම්පරාවම ගොඩය.ඒත් එතනත් කොස්සක් තිබේ.ඒවාටද ආ වැනි අහිංසකයින්ට යා නොහැක.අඩුම තරමේ දෙතුන් දෙනෙක්වත් මරා පළපුරුද්ද තිබිය යුතුය.පීඩොෆීලියාව හෙවත් කුඩා ළමුන් හා රති කෙළියේ යෙදීම විශේෂ සුදුසු කමකි.අනෙක තමුන් නමට බාර් කිහිපයක්වත් තිබිය යුතුය.එවිට ඡන්දේ කාලෙට නොමිලේ අරක්කු නිකුත් කළ හැකිය.අඳබාල මැර පිරිසක් පිරිවරා සිටීමද අත්‍යාවශ්‍ය වේ.ඒ අනිත් උංගේ කොඩිවැල් කැපීම, කටවුට් කැඩීම මෙන්ම අනිත් උංගේ උංට පාරේ තොටේදී අල්ලාගෙන තඩි බෑමට යනාදියටය.ඒවා කරන තරමට ලංකාවේ බුද්ධිමත් ඡන්ද දායකයින් අතරේ ඔබ ජනප්‍රිය වේ.තවද ප්‍රචාරක කටයුතු සඳහාද මුදල් කෝටි ගණනින් වැය කිරීමට සිදුවේ.ඒ නිසා මා වැනි අහිංසක, නිහතමානී, ගුණගරුක, යහපත් පුරවැසියන්ට ඡන්දය ඉල්ලීම සිහිනයක් පමණි.ඒ ව්‍යාපාරයත් පරම්පරා ගත වන්නට ඉඩ දී පැත්තකට වීම නුවණට හුරුය.
අනෙත් විකල්පය වන්නේ මහණ වීමය.ඉන්න හිටින්න තැනක් ලැබේ.කන්න බොන්න ළඟටම ලැබේ.දීලා වැඳලාද යනවාය.වියදමකට ඇත්තේ විදුලි බිල පමණය.ඒයද නියම ගාස්තුවෙන් තුනෙන් එකක් පමණි.ඒ සඳහා දායක සභාවේ මුදල් මෙන්ම පින් කැටයේ මුදල්ද ලැබේ.එයිට අමතරව පන්සලේ සිදුකරන සියළුම පින්කම් සඳහා දැන් බැතිමතුන්ගෙන් මුදල් අයකරනු ලැබේ.දානයකට, බණකට හෝ පිරිතකට ගියා කියන්නේද මඩිය තරවන පිංකම්ය.අතිරික්ත අටපිරිකර වෙළඳාමද නියම ව්‍යාපරයකි.එකම අටපිරිකර කඩෙන් පන්සලටත්, පන්සලෙන් කඩේටත් සිය දාස් වාරයක් ගමන් කරන්නේය.ලැබෙන සල්ලිවලට වෙන දෙයක් ගැන කවුරුත් හොයා බලන්නේ නැත.දායක සභාවේ ලොකු ලොක්කෝ ටික ගොඩ දා ගත්තොත් සැපෙන් සතුටෙන් කාලයක් ජීවත් වී දියවැඩියාවෙන් හෝ අධිරුධිර පීඩනයෙන් දිවංගත විය හැක.ලස්සනට හැඩට බණ කියා මේකප් පාරක්ද දමාගෙන ජැන්ඩියට ඉන්නවානම් දායිකාවංගේද අඩුවක් නැත.ඒ අතිනුත් ධූතාංගධාරී විය හැක.ඒ උනත් මහණ වෙන්නට ද මගේ එච්චර කැමැත්තක් නැත.හැඩට බණ කියන්න මට බැරිය.කොටුවේ පන්සලේ හාමුදුරුවෝ වගේ ආතල් ටෝක්නම් ගමකට දිය හැක.ඒත් ඒවාට පැවැත්මක් නැත.
ඒ නිසා සියළුම සාධක සළකා බලා පහසුවෙන් දියුණු විය හැකි මාර්ගයක් මම සොයා ගත්තෙමි.එක් වරකට අවස්ථාව ඇත්තේ එක් අයෙකුට පමණක් නිසා මගේ වාරය අවසන්වන තුරු වැඩේට කඩා පණින්නේ නැතුව ඉන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.ක්‍රමය කියා දෙන මට මුල් අවස්ථාව ලබා දීම ඔබේ හැදිච්චකම පෙන්වා දෙන්නකි.
අනම් මනම් නැත.මම සනත් ජයසූරියව කසාද බඳිමි.ටික කලක් එකට හිඳ ලොවෙත් වන්දියක් සමඟ දික්කසාදය ඉල්ලා නඩු දමමි.ඒක ලොවෙත් ආතල්ය.මිලියන 800ක් කියන්නෙ කජු ඇට කොස් ඇට නොවේය.මේවා සල්ලිය.සනත්ව බැඳලා මගේ මොනවා හරි ඒවාට හානි උනොත් ඒවා කිසි අවුලක් නැතුව තිබූ තත්ත්වයටම පත් කරගන්නට උවද ඇති තරම් සල්ලි ඇත්තේය.ඕනෑම නම් අළුතෙන් පශ්චාත්භාගයක් ගෙන බද්ධ කරගන්නට උවද පුළුවංය.සල්ලිවලට කළ නොහැක්කක් ඇත්තේම නැත.ඔබට ඕනෑනම් ඩිල්ශාන් දික්කසාද වෙනතුරු ඉඳ ඔහුගේ කරේ එල්ලීමටද පුළුවංය.හැබැයි ඔහු නිසි පරිදි වන්දි නොගෙවන්නෙක් නිසා අවධානම ඔබ ගත යුතුය.හැබැයි මේවා පූර්වාදර්ශයට ගෙන රජ පවුලේ උන්ව දැලේ දාගන්නට යෑමෙන් වළකින් මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.ඔවුන් සමඟ සෙල්ලම් දමන්නට ගොස් ඔබ වැන්නෙක් මෙලොව සිටි බවට සාධකයක්වත් නොමැතිවන සේ අතුරුදහන් වනු ඇත.ඔබ කියා දරුවෙක් නොසිටි බැව් දිවුරමින් ඔබේ දෙමව්පියන්ම රූපවාහිනියට වොයිස් කට් දෙනු ඇත.එනිසා කොටද්දි හොඳ ගහක් බලා කොටනු මිස කෙසෙල්ගස්වලට හෝ ලයිට් කණු යනාදියට කෙටීමෙන් වළකින මෙන් ඉල්ලා සිටිමි.
කොහෙන්ද මචන් මේ ටී ශර්ට් කාරයව හොයාගත්තේ... මේ භාවනාවට රෙඩි වෙන ගමනද එයා ඉන්නේ ....?
ReplyDeleteඔය මචං මෙට්‍රික් ක්‍රමේට නිවං යන හැටිනේ.
Deleteහැමෝගෙම ආසාව ලේසි සල්ලිනේ..
ReplyDeleteඅනිවා මචං.ඒත් මෙහෙම ලේසියෙං හැමෝටම සල්ලි හම්බෙන්නේ නෑ.
Deleteසල්ලි හොයන්න වෙන ක්‍රම ඇත්තෙම නැද්ද බං. ඕවා හැමෝම ට්‍රයි කරනවා කාලකන්නි......ඔය ඉන්නේ පිටිදූවෙ ගූ හොරා නේද?
ReplyDeleteසල්ලි හොයන වෙන ක්‍රම තියෙනවා බං.ඒත් දුෂ්කරයි. ඔව් ඔව් ඒ ඇත්තා තමයි.
Deleteසල්ලි කිව්වොත් ගොඩක් අය වෙන මොකුත් හිතන්නෙ නෑ නෙ.
ReplyDeleteසල්ලි තියෙනවනං මේ ක්‍රමේ ඇතුලේ වෙන මොනවත් හිතන්ඩ ඕනෙත් නෑනේ.
Deleteසල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි ....
ReplyDeleteදෙවියො මොකට මැවුවද සල්ලි...
හරිද මන්ද???
ඉස්සෙල්ලම කියන්ඩ තියෙන්නේ දෙයියෝ සල්ලි මැව්වේ නෑ බං.අර ආදම්වයි ඒවාවයි මවලා නිකං හිටියා.මිනිස්සුම හදා ගත්තු රෙද්දක් තමයි බං මේක.ලොකු ලොකු සල්ලිනං ඉතිං හදන්ඩ වෙන්නේ උද්ධමනය හින්දනේ.දැං ඔය 5000 කොලේ ආවෙ.තව ටික කාලෙකිං 10,000ත් එයි.
Deleteපිස්සු ඩයල් එකක් නේ !
ReplyDeleteකවුද මධුරංග අයියේ මමද, සනත් ද, නැත්තං උගේ ගෑනිද?
Deleteදියුණුවට කෙටි මඟ කියල ලියමුකො පොතක්.. අර සනාව බැඳගන්න එක නම් ලේසිම ක්‍රමේ..හැබැයි ඒකට නං ඉතින් ශ්‍රී ලංකන් එකේ රස්සාවක් ගන්න වෙනවා.
ReplyDeleteදියුණුවේ කෙටි මග කියලා කවුරු හරි පොතක් ලියලා තියෙනවා නේද? බලමුකෝ ඉස්සෙල්ලා එහෙනං ශ්‍රී ලංකන් එකට සෙට් වෙන්ඩ ට්‍රයි කරන්ඩ ඕනේ...
Delete