26 October 2013

ලේසි සල්ලි..


සල්ලි කියන මෙව්වා එක නැතුව අද කාලේ ජීවත් වෙන්නට බැරිය.සල්ලි කියන මෙව්වා එකට කළ නොහැක්කක්ද නොමැත.කැසිනෝ ගහලා ආතල් ගන්නට වගේම සල්ලි දිනන්නද පුළුවන්ය.කුඩුවලින්ද මේ ආතල් දෙකම ලැබේ.සල්ලි දිනන්නේ කුඩු විකුණන එකාය.ආතල් ගන්නේ කුඩු ගහන එකාය.ඕවා කතා කරලා වැඩක් නැත.අපිට ඔය එකකින්වත් සල්ලි හොයන්නට බැරිය.ඒ එවැනි ලාභදායී ව්‍යාපාරයක් ඇරඹීමට විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය නිසාය.ඒ ව්‍යාපාරය පටන් ගැනීමට පමණක් නොව, ව්‍යාපාරයට පහසුවන විදිහට රටේ නීති සම්මත කරවා ගැනීමට ඇමැතියෝ බිලී බා ගත යුතුය.ඒ සඳහා රුපියල් සීය දෙසීය දීලා හරියන්නේ නැත.ඒ වගේම නීතිමය ප්‍රශ්න ආවාම ශේප් කරගන්නට පොලිස් ලොක්කෝ ශේප් එකේ තියාගන්නටද ඕනෑය.ඒකටද සල්ලි ලොරි ගණන් විසි කරන්නට පුළුවන්කම තිබිය යුතුය.ඒ නිසා එවැනි ව්‍යාපාර දැනට කරගෙන යන උන්දැලාටම කරගෙන යන්නට දී වෙන අතක් බලා ගැනීම හොඳය.


අනෙක් ලාභදායී ව්‍යාපාරය නම් ඡන්දය ඉල්ලීමය.ප්‍රාදේශීය සභාවට හරි යා ගත්තොත් පරම්පරාවම ගොඩය.ඒත් එතනත් කොස්සක් තිබේ.ඒවාටද ආ වැනි අහිංසකයින්ට යා නොහැක.අඩුම තරමේ දෙතුන් දෙනෙක්වත් මරා පළපුරුද්ද තිබිය යුතුය.පීඩොෆීලියාව හෙවත් කුඩා ළමුන් හා රති කෙළියේ යෙදීම විශේෂ සුදුසු කමකි.අනෙක තමුන් නමට බාර් කිහිපයක්වත් තිබිය යුතුය.එවිට ඡන්දේ කාලෙට නොමිලේ අරක්කු නිකුත් කළ හැකිය.අඳබාල මැර පිරිසක් පිරිවරා සිටීමද අත්‍යාවශ්‍ය වේ.ඒ අනිත් උංගේ කොඩිවැල් කැපීම, කටවුට් කැඩීම මෙන්ම අනිත් උංගේ උංට පාරේ තොටේදී අල්ලාගෙන තඩි බෑමට යනාදියටය.ඒවා කරන තරමට ලංකාවේ බුද්ධිමත් ඡන්ද දායකයින් අතරේ ඔබ ජනප්‍රිය වේ.තවද ප්‍රචාරක කටයුතු සඳහාද මුදල් කෝටි ගණනින් වැය කිරීමට සිදුවේ.ඒ නිසා මා වැනි අහිංසක, නිහතමානී, ගුණගරුක, යහපත් පුරවැසියන්ට ඡන්දය ඉල්ලීම සිහිනයක් පමණි.ඒ ව්‍යාපාරයත් පරම්පරා ගත වන්නට ඉඩ දී පැත්තකට වීම නුවණට හුරුය.


අනෙත් විකල්පය වන්නේ මහණ වීමය.ඉන්න හිටින්න තැනක් ලැබේ.කන්න බොන්න ළඟටම ලැබේ.දීලා වැඳලාද යනවාය.වියදමකට ඇත්තේ විදුලි බිල පමණය.ඒයද නියම ගාස්තුවෙන් තුනෙන් එකක් පමණි.ඒ සඳහා දායක සභාවේ මුදල් මෙන්ම පින් කැටයේ මුදල්ද ලැබේ.එයිට අමතරව පන්සලේ සිදුකරන සියළුම පින්කම් සඳහා දැන් බැතිමතුන්ගෙන් මුදල් අයකරනු ලැබේ.දානයකට, බණකට හෝ පිරිතකට ගියා කියන්නේද මඩිය තරවන පිංකම්ය.අතිරික්ත අටපිරිකර වෙළඳාමද නියම ව්‍යාපරයකි.එකම අටපිරිකර කඩෙන් පන්සලටත්, පන්සලෙන් කඩේටත් සිය දාස් වාරයක් ගමන් කරන්නේය.ලැබෙන සල්ලිවලට වෙන දෙයක් ගැන කවුරුත් හොයා බලන්නේ නැත.දායක සභාවේ ලොකු ලොක්කෝ ටික ගොඩ දා ගත්තොත් සැපෙන් සතුටෙන් කාලයක් ජීවත් වී දියවැඩියාවෙන් හෝ අධිරුධිර පීඩනයෙන් දිවංගත විය හැක.ලස්සනට හැඩට බණ කියා මේකප් පාරක්ද දමාගෙන ජැන්ඩියට ඉන්නවානම් දායිකාවංගේද අඩුවක් නැත.ඒ අතිනුත් ධූතාංගධාරී විය හැක.ඒ උනත් මහණ වෙන්නට ද මගේ එච්චර කැමැත්තක් නැත.හැඩට බණ කියන්න මට බැරිය.කොටුවේ පන්සලේ හාමුදුරුවෝ වගේ ආතල් ටෝක්නම් ගමකට දිය හැක.ඒත් ඒවාට පැවැත්මක් නැත.

ඒ නිසා සියළුම සාධක සළකා බලා පහසුවෙන් දියුණු විය හැකි මාර්ගයක් මම සොයා ගත්තෙමි.එක් වරකට අවස්ථාව ඇත්තේ එක් අයෙකුට පමණක් නිසා මගේ වාරය අවසන්වන තුරු වැඩේට කඩා පණින්නේ නැතුව ඉන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.ක්‍රමය කියා දෙන මට මුල් අවස්ථාව ලබා දීම ඔබේ හැදිච්චකම පෙන්වා දෙන්නකි.

අනම් මනම් නැත.මම සනත් ජයසූරියව කසාද බඳිමි.ටික කලක් එකට හිඳ ලොවෙත් වන්දියක් සමඟ දික්කසාදය ඉල්ලා නඩු දමමි.ඒක ලොවෙත් ආතල්ය.මිලියන 800ක් කියන්නෙ කජු ඇට කොස් ඇට නොවේය.මේවා සල්ලිය.සනත්ව බැඳලා මගේ මොනවා හරි ඒවාට හානි උනොත් ඒවා කිසි අවුලක් නැතුව තිබූ තත්ත්වයටම පත් කරගන්නට උවද ඇති තරම් සල්ලි ඇත්තේය.ඕනෑම නම් අළුතෙන් පශ්චාත්භාගයක් ගෙන බද්ධ කරගන්නට උවද පුළුවංය.සල්ලිවලට කළ නොහැක්කක් ඇත්තේම නැත.ඔබට ඕනෑනම් ඩිල්ශාන් දික්කසාද වෙනතුරු ඉඳ ඔහුගේ කරේ එල්ලීමටද පුළුවංය.හැබැයි ඔහු නිසි පරිදි වන්දි නොගෙවන්නෙක් නිසා අවධානම ඔබ ගත යුතුය.හැබැයි මේවා පූර්වාදර්ශයට ගෙන රජ පවුලේ උන්ව දැලේ දාගන්නට යෑමෙන් වළකින් මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.ඔවුන් සමඟ සෙල්ලම් දමන්නට ගොස් ඔබ වැන්නෙක් මෙලොව සිටි බවට සාධකයක්වත් නොමැතිවන සේ අතුරුදහන් වනු ඇත.ඔබ කියා දරුවෙක් නොසිටි බැව් දිවුරමින් ඔබේ දෙමව්පියන්ම රූපවාහිනියට වොයිස් කට් දෙනු ඇත.එනිසා කොටද්දි හොඳ ගහක් බලා කොටනු මිස කෙසෙල්ගස්වලට හෝ ලයිට් කණු යනාදියට කෙටීමෙන් වළකින මෙන් ඉල්ලා සිටිමි.



14 comments:

  1. කොහෙන්ද මචන් මේ ටී ශර්ට් කාරයව හොයාගත්තේ... මේ භාවනාවට රෙඩි වෙන ගමනද එයා ඉන්නේ ....?

    ReplyDelete
    Replies
    1. ඔය මචං මෙට්‍රික් ක්‍රමේට නිවං යන හැටිනේ.

      Delete
  2. හැමෝගෙම ආසාව ලේසි සල්ලිනේ..

    ReplyDelete
    Replies
    1. අනිවා මචං.ඒත් මෙහෙම ලේසියෙං හැමෝටම සල්ලි හම්බෙන්නේ නෑ.

      Delete
  3. සල්ලි හොයන්න වෙන ක්‍රම ඇත්තෙම නැද්ද බං. ඕවා හැමෝම ට්‍රයි කරනවා කාලකන්නි......ඔය ඉන්නේ පිටිදූවෙ ගූ හොරා නේද?

    ReplyDelete
    Replies
    1. සල්ලි හොයන වෙන ක්‍රම තියෙනවා බං.ඒත් දුෂ්කරයි. ඔව් ඔව් ඒ ඇත්තා තමයි.

      Delete
  4. සල්ලි කිව්වොත් ගොඩක් අය වෙන මොකුත් හිතන්නෙ නෑ නෙ.

    ReplyDelete
    Replies
    1. සල්ලි තියෙනවනං මේ ක්‍රමේ ඇතුලේ වෙන මොනවත් හිතන්ඩ ඕනෙත් නෑනේ.

      Delete
  5. සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි ....
    දෙවියො මොකට මැවුවද සල්ලි...


    හරිද මන්ද???

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලම කියන්ඩ තියෙන්නේ දෙයියෝ සල්ලි මැව්වේ නෑ බං.අර ආදම්වයි ඒවාවයි මවලා නිකං හිටියා.මිනිස්සුම හදා ගත්තු රෙද්දක් තමයි බං මේක.ලොකු ලොකු සල්ලිනං ඉතිං හදන්ඩ වෙන්නේ උද්ධමනය හින්දනේ.දැං ඔය 5000 කොලේ ආවෙ.තව ටික කාලෙකිං 10,000ත් එයි.

      Delete
  6. පිස්සු ඩයල් එකක් නේ !

    ReplyDelete
    Replies
    1. කවුද මධුරංග අයියේ මමද, සනත් ද, නැත්තං උගේ ගෑනිද?

      Delete
  7. දියුණුවට කෙටි මඟ කියල ලියමුකො පොතක්.. අර සනාව බැඳගන්න එක නම් ලේසිම ක්‍රමේ..හැබැයි ඒකට නං ඉතින් ශ්‍රී ලංකන් එකේ රස්සාවක් ගන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. දියුණුවේ කෙටි මග කියලා කවුරු හරි පොතක් ලියලා තියෙනවා නේද? බලමුකෝ ඉස්සෙල්ලා එහෙනං ශ්‍රී ලංකන් එකට සෙට් වෙන්ඩ ට්‍රයි කරන්ඩ ඕනේ...

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...