උ/පෙ එහම නැත්තං අපේ රටේ වැදගත්ම අමාරුම විභාගෙ.මේක සමත් වෙන්ඩ සමහරු නොකන කට්ටක් නෑ.මේ ගැන මිනිස්සුංගේ තියෙන උනන්දුවේ තරම පේනවා දැං ටීවී එකේ දාන ටියුෂන් පන්ති ඇඩ් තොගේ දැක්කම.මම සමාජ විද්‍යාඥයෙක්වත් අධ්‍යාපනඥයෙක්වත් නෙමෙයි.ඒක නිසා 'විභාගය සමත්වෙන මඟ' කියලා ලොවෙත් ලිපියක් ලියන්ඩ මම දන්නේ නෑ.ඒත් දෙපාරක් උසස් පෙල කරලා ඊට පස්සේ ආතල් එකට ආයෙත් පාරක් කරපු එකෙක් විදිහට මම ලබපු අත්දැකීම් සහ මම ඉගෙන ගත්තු පාඩම් (විභාගය ගැන ) කට්ටිය එක්ක බෙදාගන්ඩ හිතුවා.
මම බ්ලොගේ පටන් ගත්තු කාලේ ගොඩක් බ්ලොග් ලෝකේ හිටියේ පශ්චාත් උ/පෙ කට්ටිය උනාට දැං සා/පෙ කරලා බ්ලොග් ලෝකේ කරක් ගහන ඇත්තොත් සෑහෙන්ඩ ඉන්න හින්දා ඒ අයට මේක වැදගත් වෙයි කියලා හිතනවා.හැබැයි වැඩේ කියන්නේ මම උ/පෙ කරන කාලෙත් අයියලා අක්කලා පන්තිවලදි ,කෝච්චියෙදි, බස් එකේදි පවා මේ විභාගේ කරගන්න හැටි ගැන උපදෙස් දුන්නට මමනං හැදුනේ නෑ.මගේම අත්දැකීම්වලින් තමයි මම පාඩං ඉගෙනගත්තේ.හැබැයි ඒකෙන් උනේ ජීවිතේ අවුරුද්දක් පස්සට ගිය එක.ඒ උනත් ඒ අවුරුද්ද නිකම්ම අපතේ ගිය එකක් නෙමෙයි.මම ගඩක් දේවල් ඉගෙන ගත්තා.ඒ වගේම ඇතිවෙන්ඩ ජීවිතේ ආතල් ගත්තා.හරි දැං පොර ටෝක් ඉවර කරලා ලියන්ඩ හදන එක ලියන්නංකෝ.
ඇත්තටම උසස් පෙල ඔය කියන තරං අමාරු විභාගයක් ද? කියන ප්‍රශ්නෙට මටනං කියන්ඩ තියෙන්නේ 'නෑ' කියලා තමයි.විභාගේ ප්‍රශ්නවල තියෙන්නේ එක්කෝ අපි දන්න දේවල්, එහෙම නැත්තං ටිකක් දන්න දේවල්, ඒත් නැත්තං නොදන්න දේවල්.
එතකොට ළමයි 'මීටර්' සහ 'මැටි' කියලා ජාති දෙකක් ඉන්නවද? ආයෙත් මගේ උත්තරේ වෙන්නේ 'නෑ' කියන එක තමයි.මන්ද බුද්ධිකව ඉපදෙන සහ මානසික රෝගී සමහරෙක් ඇරුනම අනිත් ළමයි බෙදන්ඩ වෙන්නේ 'කම්මැලි' සහ 'කම්මැලි නැති' කියන වර්ග දෙකට.මේ කරුණ මට ප්‍රත්‍යක්ෂ උනේ මමත් 'මැටි' කියන ගොඩට දාලා ලෝකයා සැළකුවා වගේම මාත් ඒක විශ්වාස කරපු කාලයක් තිබුණත් පස්සේ කම්මැලිකම පැත්තකට දාලා 'මීටර්' කියන ගොඩට එන්ඩ මට පුළුවං උනා වගේම දැං කැම්පස් එකේදී ආයෙමත් 'මැටි' කියන ගොඩට වැටිලා ඉන්නේ කම්මැලිකම හින්දා කියන එක හොඳින්ම අවබෝධ උන හින්දා.
හරි දැං අපි බලමු ඒ ඒ ළමයි ඇයි ඒ ඒ විශය ධාරාවන් තෝරගන්නේ කියලා.
- බහුතරයක් අය ඒ ඒ විශය ධාරාවන්ට යොමු වෙන්නේ දෙමව්පියන්ගේ මග පෙන්වීම යටතේ.
- සමහරු ඒ විශය ධාරාවෙන් යොමුවිය හැකි රැකියා අවස්ථාවල ආදායම, සමාජ තත්ත්වය ආදිය ගැන හිතලා යොමු වෙනවා.
- තවත් කට්ටියක් ඒ විශය ධාරාවෙන් යොමුවෙන රැකියාවලට කැමති නිසා විශය ධාරාව තෝරගන්නවා.
- සමහරු විශ්වවිද්‍යාල ජීවිතය ගැන අහලා විශ්වවිද්‍යාලයකට යෑමේ ආශාව නිසා පහසු විශය ධාරාවක් තෝරගන්නවා.
- සාමාන්‍ය පෙල හොඳින් සමත්වෙන්න නොහැකි වුන නිසා කරන්නට දෙයක් නොමැති කමට කලා විශ ධාරාවට තේරෙණවා.
- තවත් කට්ටියක් යාළුවෝ, නෑදෑයො හෝ අසල්වැසියෝ කරන නිසා ඒ ඒ විශය ධාරාව තෝරගන්නවා.
- ඉතාම සුළුතරයක් ඒ ඒ විශයයන්ගේ උගන්වන කරුණුවලට ආසා නිසා ඒ විශය ධාරාව තෝර ගන්නවා.
දැං බලමු සාමාන්‍යයෙන් විභාගය අසමත් වෙන්ඩ බලපාන කරුණු ටිකක් මම දකින විදිහට.
- දැනුම ප්‍රමාණවත් නොවීම.
- මේක සිද්ධ වෙන්නේ ලංකාවේ ගොඩක් ඉස්කෝලවල ගුරුවරු හරියට උගන්නන්නැති නිසා.ඒ වගේම සල්ලි දීලා යන ටියුෂන් පන්තිවලත් වෙන වල්පල්වලට අවධානය දාලා විශය කරුණු ගොඩක් මගහරවගන්න නිසා.
- සා/පෙ ඉවර උනාට පස්සේ ටියුෂන් යන්ඩ ගත්තම ගෙදරින් ලැබෙන නිදහසත් එක්ක රස්තියාදුවට පුරුදු උනාම ඒකෙන් ගැලවෙන්ඩ බැරි නිසා.
- ලව් හුටපට පටං අරගෙන ඒක හරියට කළමනාකරණය කරගන්ඩ බැරුව යන නිසා.
- ඉගෙනගන්න එක මහා බරක් කරගෙන පාඩම් කරන එක එපා කරවගන්න නිසා.
- තමුන් අධ්‍යයන කටයුතු කළයුතු විදිහ වටහා නොගැනීම නිසා.
- ජීවිතේ වටිනා කාලය ටීවී එක වැනි නොවැදගත් දේවල්වලට නාස්ති කර ගැනීම නිසා.
2. විභාගයට මුහුණ දියයුතු විදිහ නිසි ලෙස අවබෝධ කර නොගැනීම.
- මෙයද ගුරුවරුන්ගේ නිසි මග පෙන්වීම නොමැති වීම නිසා සිදුවන විශාල හානියක්.
- ළමයා විසින් ඇතිකරගත් විභාග භීතිකාවක් තුල හිරවීම.
- කාල කළමනාකරණයේදී අසාර්ථක වීම.
හරි දැං මේ එක එක කරුණුවලට මගේ විග්‍රහයන් දෙන්ඩයි යන්නේ.
විභාගේ අමාරුද කියන එකට මම කිව්වනේ අමාරු නෑ කියලා.ගොඩක් විශය කරුණු තියෙන්නේ නිකම්ම මතක තියාගන්ඩනේ.මතක තියාගන්න ක්‍රම ගැන පස්සේ කතා කරමු.නමුත් සමහර දේවල් තියෙනවා තෙරුම් ගන්ඩ.අන්න ඒ වෙලාවට ගුරුවරයාගේ පැහැදිලි කිරීම අසාර්ථක වෙන්ඩ පුළුවං.මොකද ගුරුවරයා දෙයක් පැහැදිලි කරන්නේ ඒක ඔහු/ඇය තේරුම් ගත්ත විදිහටනේ.ඒක හැම ළමයෙකුටම තේරුම්ගන්ඩ අපහසු වෙන්ඩ පුළුවං.අනික ඉස්කෝලේ පන්තියෙදි හෝ ටියුෂන් පන්තියෙදි ගුරුවරයා 'තේරුණාද ?' කියලා අහපුවාම අපි හැමෝම 'ඔව්.....' කියලා කියනවා මිසක් 'නෑ තේරුණේ නෑ...ආයෙ කියන්ඩ' කියලා කියන්නෑනේ.හැබැයි ඇත්තටම ලැජ්ජාව පැත්තකින් තියලා එහෙම කියන්ඩ පුළුවන්නං හොඳයි.හැබැයි එයිට වඩා හොඳම ක්‍රමය තමයි ඒ විශය කරුණ අඩංගු පොතක් හොයාගෙන හෝ තමුන් ලියාගත්තු සටහන කියවලා 'ඇයි මේක මෙහෙම උනේ?' කියලා කල්පනා කරලා තමුන්ම තේරුම් ගන්ඩ උත්සාහ කරන එක.අනුන් මත යැපෙනවට වඩා ස්වාධීන වෙන එකේ මාර ආතල් එකක් තියෙනවා.අනිත් එක එහෙම ඉතාම පුංචි දෙයක් උනත් තමුන් පැය ගාණක් හිතලා කොහොම හරි තේරුම් ගත්තොත් ආයි අමතක නං වෙන්නේ නෑ.
බොහොමයක් විශය කරුණු දැනං ඉන්නවට වඩා අවබෝධ කරං ඉන්නවනං විභාගේ අමාරු වෙන්නේ නෑ.මොකද ඕනෙම දෙයකින් ගැටළු හදන්ඩ පුළුවන් සීමාවක් තියෙනවනේ.විශේෂයෙන් ඔය ගණන් හදන්ඩ තියෙන විශයයන්වල එහෙම.එතකොට අපි සංකල්පය දන්නවනං කිසි අවුලක් නැතුව පටස් ගාලා උත්තරේ දෙන්ඩ පුළුවං.
ඉතුරු කොටස පසුවට.........
හොද ලිපියක්.
ReplyDeleteඉස්තූතියි සෑමෝ...
Deleteහොද ලිපියක් මලේ.... ලගදි විභාග වලට මුහුන දෙන්න ඉන්න නංගිල, මල්ලිලාට හොද පාඩමක්... ඉගනගනිල්ල... විනාස වෙන්නෙ නැතිව....
ReplyDeleteඅන්න හරි.විනාස නොවී ආතලුත් අරගෙන විභාගෙ කරගන්න හැටි ඒ කියන්නේ මම විභාගේ කරගත්ත හැටි ගැනයි මම මේ කියන්ඩ හදන්නේ.
Deleteමම විශය ධාරාව තෝරා ගැනීමේදී අයත්වූයේ ඔබ කියන සුළුතර පිරිසට. එමෙන් ම, මා ඒ ගැන අද සතුටු වෙමි.
ReplyDeleteමම විශය ධාරාව තෝරාගත්තේ ගෙදර බලපෑමට උනත් පසුව එය මගේ ප්‍රියතාව ලෙස වෙනස් කර ගැනීමට සමත් වුනු හැටි ඊළඟ ලිපියේ දාන්නම්.
Deleteඊලග ලිපිය ඉක්මනින් බලාපොරොත්තු වෙනවා........
ReplyDelete.
වෙලාව ලැබෙන හැටියට තමයි.මේ දවස්වල හරියට වැඩ මචං...
Delete"විභාගේ ප්‍රශ්නවල තියෙන්නේ එක්කෝ අපි දන්න දේවල්, එහෙම නැත්තං ටිකක් දන්න දේවල්, ඒත් නැත්තං නොදන්න දේවල්" උඹේ ටිකිරි මොලේට තේරෙන දේවල් .
ReplyDeleteමට කියන්න තියන එකම දේ තමයි එදිනෙදා කරන්න තියන වැඩ කල් දන්නේ නැතිව කරන්න. එතකොට ඕක මහා ලොකු කජ්ජක් නොවෙයි.
එදිනෙදා කළයුතු වැඩ මොනවද නොකළ යුතු වැඩ මොනවද කියලා අවබෝධයක් ගන්ඩත් ඕනෙනේ.
DeleteThis comment has been removed by a blog administrator.
Deleteවැදගත් මචං ලිපිය.
ReplyDeleteඉස්තූතියි මචං...
Deleteඅන්න අපූරු තේමාවක්..
ReplyDeleteසරත් අයියටනං පරක්කු වැඩියි මම හිතන්නේ...
Deleteකතාව ඇත්ත
ReplyDeleteඉස්තූතියි ඇනෝ....
Deleteමේ ලිපිය මගේ කොලුවට යොමු කරන්නම්.
ReplyDelete