
හිතේ නෑ කිසි නිදහසක්
හිත නිවා ගන්ඩ
කියවන්ඩ ගත්තා
සේකර
අනේ බං සේකර
උඹත් අවුල් කරනවා විතරයි
ඔලුව, හිත, ගත
හවස හරි වැස්ස
හයිඩ් පාර්ක් එකේ
පිකට් එකේදි තෙමුනා හොඳටම
යකඩ කටෙන් ගුගුරලා
කට්ටිය කිව්වා දිවුරලා
රැකගන්නවා කියලා
නිදහස් අධ්‍යාපනේ
ඒ උනත් තෙමුනා අපි වැස්සට
නහයත් බරයි
කැස්සත් වගෙයි
සීයයට හයක් දුන්නොත්
අධ්‍යාපනේට
හැදෙන එකක් නැද්ද
හෙම්බිරිස්සාව
පීනසෙත් වගේ
ඉදිලා තැනින් තැන කෙස් ගස්
පීනසේටමත් නෙමේ
ඉගෙනගෙනම
වයසට ගිහිල්ලා
දුකට සැපට
එකට හිටපු
සිගරැට්ටුව බෙදං බීපු
මිත්‍රයෝ හම්බ කරනවා
හරි හරියට
අපි තාම වියදං කරනවා
හරි හරියට
බස් එකේදි ළඟිං හිටපු
පන්තියේදි පොත පෙන්නපු
මිතුරියෝ
තඩි බඩවල් උස්සාගෙන
ක්ලිනික් යනව
ලෙචාලා ඉස්ට්‍රයික්ලු
ආණ්ඩුවට ගානක් නෑලු
ඩිග්‍රිය වැඩක් නැතිලු
මේවට ජොබ් නෑලු
රජරට වගේ නැතිලු
මාළඹේ සුරපුරක්ලු
සුර අඟනුන් යත් එහේ මෙහේ
සුර දනන් නෙත් පවස නිවමින්
බස්වලින් නෑ ගමන්
මාතලීලා එනවා උදේට හවසට
කේඑෆ්සී එකෙන් කාලා
එම්සී එකේ මූවි එකක් බලලා
ක්ලිනිකල්ස් යනවාලු
හයිඩ් පාර්ක් එකේ ඉඳං
ආවා පයිංම
ඉතුරුයි නේ රුපියල් නවයක්ම
නෑ දහයක්ම
ඉතුරු රුපියල දෙන්නෑනෙ කොන්දා
මහපොලක් දාලලු
සතුටට කෑවා කැන්ටිමෙන්
උළුඳු වඩේ දෙකක්ම
දත් අස්සේ ඉතුරු වෙච්චි
වඩේ කෑලි ටිකත්
ප්ලේන්ටියකින් හෝදලා
යැව්වා බඩටම
බෝඩිමට ආවට
නෑ කිසි නිදහසක් හිතේ, ගතේ
සේකර,
මම ආයෙත් කියවන්නං
තව මොනවා අවුල් වෙන්ඩද?
හිතේ, ගතේ.....
උඹ ඉන්න තැන ඔහොම කාලා බීලා ඉන්න උන් නැත්තෙත් නෑ එතන උඹ අපි වගේ උන් නැත්තෙත් නෑ! ඕකයි ඇත්ත..දෙගොල්ලන්වම ගොඩයවන්න පුලුවන් නම් බොලත් දිනුම් අපිත් දිනුම් රටත් දිනුම්!
ReplyDeleteඅන්න උඹට වැරදුනා මචං.අපේ ෆැකල්ටියේ ඒ වගේ උන් ඉන්නවා තමයි.ඒත් ඒකෙ අපි වගේ උන් නෑ මචං.ඩිග්රියට ලක්ෂ 65ක් දෙන්ඩ පුලුවං එකෙක් රුපියල් දහයකට පයිං යන්නෑනෙ මචං.
Deleteමට අද උදේ බස් එකේ එනකොට උසස් පෙළ ලියන්ඩ යන ළමයෙක්ව දැකලා හිතුනේ මේ කට්ටියගේ අනාගතේ කොච්චර අනාරක්ෂිතද කියලා. මොකද බලහන් මලේ ගිය අවුරුද්දේ උසස්පෙල කරපු මල්ලිලා නංගිලා තාම ගෙදර. හරි.. උන් ඊලඟ අවුරුද්දේ කැම්පස් ගියා කියමු. එතකොට මේ අවුරුද්දේ ඒ ලෙවල් කරපු කට්ටිය ? උන්ට තව අවුරුද්දක් බලන් ඉන්ඩ වෙයි ද !
ReplyDeleteමේක අධ්‍යාපනය කාපු පජාතම ආණ්ඩුවක් !
ඇයි බං අයියේ මේ පාර පේපර්වල තියෙන අවුල් ටික.ඒ ටිකත් අවුලක් නෑ අවුලක් නෑ කිය කිය අවුරුද්දක් විතර ඇදගෙන ගිහිල්ලා අන්තිමට ආයෙත් මේ වගේම වැසිකිළියක් කරයි.
Deleteඅනේ මලේ නිදහස් අද්යාපනේ
ReplyDeleteපහසුකම් ගාස්තු, සංවර්ධන ගාස්තු වගේ එකී නොකී හැම ලබ්බටම සල්ලි එකතු කරං ඇදගෙන යන මේ අධ්‍යාපනේ නිදහස් එකක් නෙවෙයි කියලනේ ඔය කියන්නේ
Delete/* දත් අස්සේ ඉතුරු වෙච්චි
ReplyDeleteවඩේ කෑලි */
ඒවා තමයි ඩෙසර්ට් එක!
ඒ ටික ප්ලේන්ටියේ දිය කරගෙන ගිලින එක තමයි ආතල් එක
Deleteතත්වය බොහෝම භයානකයි නේද?
ReplyDeleteඅප්ඩේට් නොවුන හින්දා එක පාරටම හිතා ගන්නත් අමාරු වුනා. තව කොයි තරම් කාලයක් වහලා තියයි වගේද?
තත්ත්වේ සෑහෙන්ඩ බරපතලයි අක්කේ.පුද්ගලික විශ්වවිද්‍යාල දැම්මත් කමක් නෑ කියමු.ඒත් ඒවා ප්‍රොමෝට් කරන්ඩ රජයේ අධ්‍යාපනේම විනාස කරන එකට මොකද කරන්නේ??
Delete