28 February 2012

මෙරුවෝ සහ මරුවෝ


තටු ලැබිලා
උද්දාමයෙන්
මහ පොළවෙන් මතුවෙලා
මම පියාඹගෙන එනකොට
අවඥාවේ එක අතුල් පාරකින්
ගහපන් මගෙ තටු කැඩෙන්න
මම වැටුනාම
ආයෙත් 
පටන් ගත්තු
මහ පොළොවටම
දත්මිටි කාගෙන
'නොදකිං මේ කාළකන්නි සත්තු'
 කියලා
පාගලා දාපන් චප්පම වෙලා යන්න
ඒත් හිතන්න එපා
ඉවරයි කියලා
මෙරු එන තරමට
කී පාරක් කියලා ඕක කරන්නද?

2 comments:

  1. මෙරු එන තරමට කීපාරක් නම් කියලා කරන්නද !
    කතාව ඇත්ත. හැමවෙලාවෙම පාගලා පොඩි කරන්ඩ බෑ කියලාත් හිතන්න ඕනා.

    ReplyDelete
  2. මුං එහෙම හිතන්නෙ නැති එකනෙ තියෙන අවුල....

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...