19 October 2011

දැක්ම




"අපේ යක්කුන්ට
 තේරෙන්නෑ මල්ලි
 හයි වේ හදලා
 හැමතැනම
 සී ප්ලේන් එකේ
 යතෑකි රට වටේම
 කොච්චර කළත්
 අගයක් නෑ අපේ උන්ට"

එහෙම කියලා
ධර්මේ අයියා එල්ලුනා
කෝච්චියේ
ෆුට් බෝඩ් එකේ

"ඕයි
 යනවලකො
 පොඩ්ඩක් ඇතුලට
 පේන්නැද්ද
 දොරේ යන්නෙත්
 මිනිස්සුම තමයි
 තමුසෙලා විතරක්
 සැපට ගියාම හරිද?"

1 comment:

  1. හයිවේ සී ප්ලේන් දානවා වගේම තමා අනිත් පහසුකමුත් දියුණු කරන්න ඕනා. උදේට කෝච්චියේ කොළඹට යන්න අපා දුකක් විඳින්න ඕනා. එහෙම ඒවා දියුණු කරන්න ඕනා.

    ලස්සන කවි අත්දැකීම !!

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...