අනාථ කවියා
කවියද ඔයාද
දෙකෙන් එකක්
තෝරගන්න කිව්වම
කවි ලියපු
අතත් එක්කම කපලා
වැළලුවා මම පෑන
අපේ ගෙදර
වත්ත පහල
ඌවද මාවද
දෙකෙන් එකක්
තෝරගන්න කියලා
මම කිව්වම
ඔයා
ඌව
තෝරගත්තට පස්සෙ
මම
වත්ත පහලට ගිහින්
හෑරුවා ආපහු වළ
ප්ලාස්ටික් පෑන
දිරලා නැතත් තාම
ඒක එක්ක වලදාපු
මගේ අත
නෑ පේන්ඩ
දිරලා ගිහිල්ලද කොහෙද
ආයේ එහෙම නම් ඔය පෑන් විසික් කරන්න හෙම ලෑස්ති වෙනවා නෙමෙයි ළමයෝ.
ReplyDeleteආයේ එහෙම පෑන විසික් කරන්න හදන්නෙපා. කෙල්ලෝ නම් මොනාද. ඒ වගේ යෑ තමන්ට තියෙන හැකියාවන් එහෙම. ඒවා කවදාවත් නැති වෙනවා යෑ. තමන් ඉන්න කාලේ පුරාම තියෙනවා.
ReplyDeleteමේක මාරම සිතුවිල්ලක් !!!
malli mama aruna ayiya..meka meeta kalin dapu kawiyak modify karala daapu ekak neda? ehema danna epa aluth ewa karanna..
ReplyDelete@Il mondo di una povera pazza : මොන පිස්සුද පෑන විසික්කොරලා කොහොමද???
ReplyDelete@මධුරංග : අනිවා අනිවා....
@Aruna : ඇත්තට අරුණ අය්යේ ඔයා කිව්වට පස්සෙ මම පරණ ඒවා ආයේ බැලුවා.අර මුලම කාලේ දාපු පෝස්ට් එකක් ඒක.අවිඥානිකව ඒකම මොඩිෆයි වෙලා තියෙන්නෙ.හිතලා කරපු එකක් නෙමෙයි.ඉස්තූතියි කොමෙන්ට් එකට.