22 October 2011

අනාථ කවියා


කවියද ඔයාද
දෙකෙන් එකක්
තෝරගන්න කිව්වම
කවි ලියපු
අතත් එක්කම කපලා
වැළලුවා මම පෑන
අපේ ගෙදර
වත්ත පහල

ඌවද මාවද
දෙකෙන් එකක්
තෝරගන්න කියලා
මම කිව්වම
ඔයා
ඌව
තෝරගත්තට පස්සෙ
මම
වත්ත පහලට ගිහින්
හෑරුවා ආපහු වළ

ප්ලාස්ටික් පෑන
දිරලා නැතත් තාම
ඒක එක්ක වලදාපු
මගේ අත
නෑ පේන්ඩ
දිරලා ගිහිල්ලද කොහෙද

4 comments:

  1. ආයේ එහෙම නම් ඔය පෑන් විසික් කරන්න හෙම ලෑස්ති වෙනවා නෙමෙයි ළමයෝ.

    ReplyDelete
  2. ආයේ එහෙම පෑන විසික් කරන්න හදන්නෙපා. කෙල්ලෝ නම් මොනාද. ඒ වගේ යෑ තමන්ට තියෙන හැකියාවන් එහෙම. ඒවා කවදාවත් නැති වෙනවා යෑ. තමන් ඉන්න කාලේ පුරාම තියෙනවා.

    මේක මාරම සිතුවිල්ලක් !!!

    ReplyDelete
  3. malli mama aruna ayiya..meka meeta kalin dapu kawiyak modify karala daapu ekak neda? ehema danna epa aluth ewa karanna..

    ReplyDelete
  4. @Il mondo di una povera pazza : මොන පිස්සුද පෑන විසික්කොරලා කොහොමද???

    @මධුරංග : අනිවා අනිවා....

    @Aruna : ඇත්තට අරුණ අය්යේ ඔයා කිව්වට පස්සෙ මම පරණ ඒවා ආයේ බැලුවා.අර මුලම කාලේ දාපු පෝස්ට් එකක් ඒක.අවිඥානිකව ඒකම මොඩිෆයි වෙලා තියෙන්නෙ.හිතලා කරපු එකක් නෙමෙයි.ඉස්තූතියි කොමෙන්ට් එකට.

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...