කූං ගාගෙන
කණ වටේ කැරකුණාට
මරන්ඩනං නෑ වෙලාවක්
ඇසිල්ලක අවසරයෙන්
අත අහකට අරගෙන
එළවනවා විතරයි
ඒත්
දුරස් උනත්
එක නිමේෂයකට
ආයෙත් එන්නේ
'රූං' ගාගෙන
නෝන්ඩියටත් එක්ක
කකුල් දෙකම
වහගෙන සරමෙන්
ඉන්න මුත්
අත් දෙකට නෑ රැකවරණ
දැවිල්ලක් එන්නෙ
කාලා වගෙයි
වැළමිට හරිය
ඇයි බං
දීපල්ලකෝ එක විනාඩියක
සැනසිල්ලක්
හයිස්කෝර් ගහනකං
සබ්වේ සර්ෆර්ස්වල
හඃ හඃ හා . . උඹත් මේක ගහන එකෙක්ද? මගේ විරුල් කොල්ලත් පිස්සුවෙන් වගේ ඕක සෙල්ලම් කරන්නේ
ReplyDeleteවෙලාව කන්ඩ මොනව හරි තියෙන්ඩත් එපායැ දුකා අයියේ
Deleteඅනේද කියන්නේ...
ReplyDeleteඒක නේන්නං
Deleteඅම්මටසිරි, මොකද්ද බං ඒ ගේම එක.. ඔවු ඉතින් වෙන වෙලාවල් වගේය ගේම් ගහද්දී මදුරුවෝ එලවන්නවත් වෙලාවක් කොහෙන්ද...
ReplyDeleteඔය ෆෝන්වල තියෙන පොඩි ගේම් එකක් බං.ගේම් එකේ ගිලිලා ඉන්නකොට මදුරුවෝ කනවා මතක් වෙනවද බං?
Deleteඅපේ එකක් දවසක් කියනවා "මචං මදුරුවෝ "කාල" ගියාට කමක් නෑ "....කලා" යන්න එනකොට තමයි මල පනින්නේ" කියලා
ReplyDeleteඔය කියන්නේ කන වටේ කැරකි කැරකි කින්ඩිය දාන එකට වෙන්ඩ ඇති මගෙ හිතේ
Deleteමගේ නම් ප්‍රියතම "මල පැනපු කුරුල්ලෝ"
ReplyDeleteඒකත් ගැහුවා කලයක්.මේකත් ගහලා බලන්ඩකෝ මාතලන් අයියේ
Deleteමට නං මල විකාරයක්. තියෙන වෙලාවේ අමරුවෙන් බ්ලොග් කොටාගෙන කියවනගෙන (මාතලං කියන්නේ නං මං කියවන්නේ නෑ කියලයි) ඉන්න එකේ ඕවා පුරුදු උනොත් මැරෙන්න තමා වෙන්නේ බඩගින්නේ...
ReplyDeleteබ්ලොග් කොටන කියවන වෙලාව ඇරුනම උඹ මොනවද දෙශකයෝ කරන්නේ?
Deleteඒයි කොල්ලෝ.. සෙල්ලං නෙවෙයි.. මදුරුවෝ අපි ඇති කරල තියෙන්නෙ බිසිනොස් ඉම්පෲව් කොරන්නයි.. මරනවා එහෙම නෙවෙයි. කීදෙනෙක් ජීවත්වෙනවාද මදුරු කොයිල් වලින්..හ්ම්ම්
ReplyDeleteඇයි එතනින් ගියාම මදුරු දැල්, වේපරයිසර්, සොෆෙල්, සිද්ධාලේප, ඒ විතරක් යෑ ඩෙංගු හැදුනම සේලයින්, ගස්ලබු ජූස් ඔය ඕනෙ එකක් වික්කහැකි නෙව
Deleteමම නම් ඔය ගේම් එක ගහන්නේ නෑ.. මම ගහන්නෙ ෆාම් හීරෝස් සාගා !
ReplyDeleteඒකනම් දන්නෑ.කොහොම උනත් වවන්නෝ දිනන්නෝ වගේ එකක් වෙන්ඩ ඇති නේ..
Deleteඅපොයි ඔය ගේම් වලට ඇබ්බැහි උනොත්නං මඳුරුවො නෙමෙයි කවුරුහරි ඇවිල්ල බෙල්ල මිරිකල යනකල් දන්නෙ නෑ.
ReplyDeleteමොනව කරන්ඩද ප්‍රසන්න අයියේ එහෙම එකක්වත් කරන්ඩ එපායෑ...
Deleteඔය ගේම මකබෑවියන්.....
ReplyDeleteඑහෙම කියන්ඩ එපා.ගහලා බලහංකෝ....
Deleteසබ්වේ සර්ෆ්නම් නියමයි ඒත් ඉතින් ඩෙංගු තියනවා බලගෙනයී..
ReplyDeleteඩෙංගු නං හැදෙයි වගේ තමා...
Delete