25 April 2014

දියවැඩියාව නොහොත් මධුමේහය



සීනි අමාරුව කියලා කවුරුත් කියන දියවැඩියාව හෙවත් මධුමේහය හෙවත් ඩයබිටීස් මෙලයිටස් (Diabetes mellitus) කියන ලෙඩේ ගැන පාඩම් කරන කොට කට්ටියට දැනගන්ඩත් එක්ක ලියලා දාන්ඩ හිතුනා.දියවැඩියාව සෑහෙන්ඩ භයානක ලෙඩක් උනත් ඒක සෑහෙන්ඩ සුළබ ලෙඩක් වීම නිසාම කවුරුත් එච්චර ගණන් ගන්නේ නෑ.ලංකාවේ ජනගහනයෙන් 10% විතර දියවැඩියාව හෝ දියවැඩියා අවධානමෙන් පෙළෙනවා.ඒකෙනුත් නාගරික හෝ ඒ ආශ්‍රිත අයට දියවැඩියාව වැඩිපුර තියෙනවා.ඉස්සර දියවැඩියාව සැළකුනේ වයසක අයට හැදෙන ලෙඩක් හැටියට උනත් දැන් ඒක ඉස්කෝලේ ළමයි අතරත් පැතිරීගෙන යනවා.

දියවැඩියාව කියන්නේ රුධිරයේ සීනි මට්ටම අහිතකර විදිහට ඉහළ යෑම කියලා කවුරුත් දන්නවනේ.මිනිස් සිරුරේ අභ්‍යන්තරයේ පරිසරය නියතව තියාගන්ඩ තමයි අපේ ශරීරය හැඩ ගැහිලා තියෙන්නේ.මේ අභ්‍යන්තර පරිසරය නියතව තබා ගැනීම නිරෝගීව ඉන්න සෑහෙන්න වැදගත්.ඉතිං මේ රුධිරයේ සීනි මට්ටම ඒ කියන්නේ ග්ලූකෝස් මට්ටම නියත අගයක ඒ කියන්නේ 70-100 mg/dL වගේ අගයක පවත්වා ගැනීමත් වැදගත්.වාහනයක් වැඩ කරන්ඩ පෙට්‍රල් ඕනේ වගේ, පරිගණකයක් වැඩ කරන්ඩ කරන්ට් එක ඕනේ වගේ, අපේ ඇඟේ සෛලවලටත් ඒවායේ කාර්යයන් කරගෙන යන්ඩ ශක්තිය ඕනෑ කරනවනේ.මෙන්න මේ ශක්තිය ලබාගන්නේ සෛල ඇතුලේදී ග්ලූකෝස් දහනය කරලයි.ඉතින් සෛලවලට අවශ්‍ය ග්ලූකෝස් සෛල කරා ගෙනියන්නේ රුධිරය හරහානේ.ඒ නිසා රුධිරයේ හැම තිස්සේම ග්ලූකෝස් තිබිය යුතුයි.හැබැයි මේ ග්ලූකෝස් ඕනේවට වඩා වැඩි උනොත් ප්‍රශ්න ඇති වෙනවා."ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ" කියනවනේ.



රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි නොවී තියාගන්නේ ඉන්සියුලින් කියන හෝමෝනය කියලත් කට්ටිය අහලා ඇති කියලා හිතනවා.රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙනකොට අග්න්‍යයාශ්යේන් මේ ඉන්සියුලින් ස්‍රාවය වෙන්ඩ පටන් ගන්නවා.ඉන්සියුලින්වල කාර්යය තමයි අක්මාවේ සහ මාංශ පේශිවල දී මේ ග්ලූකෝස් ග්ලයිකොජන් බවට පත් කරලා ගබඩා කරන එක සහ සෛල මගින් ග්ලූකෝස් භාවිතා කරලා ශක්තිය නිපදවන එක උත්තේජනය කරන එක.ඊට අමතරව මේද පටකවලින් මේදය රුධිරයට එකතු වෙන එකත් පාලනය කරන්ඩත් ඉන්සියුලින් දායක වෙනවා.

හරි දැං අපි දියවැඩියාව ගැන කතාකරන්ඩ ගත්තොත් දියවැඩියාව වර්ග දෙකක් තියෙනවා.

පළමු වර්ගයේ දියවැඩියාව (Type 1 Diabetes Mellitus)

මේක හැදෙන්නේ අග්න්‍යයාශයේ ඇති ඉන්සියුලින් නිශ්පාදනය කරන සෛල විනාශ වීම නිසා ශරීරයේ ඉන්සියුලින් නිපදවීම අඩු වීම හෝ නැත්තටම නැති වී යාම නිසයි.මේක සිද්ධ වෙන්ඩ හරි නිශ්චිත හේතුවක් තවම හොයාගෙන නෑ.සමහරු කියනවා වෛරස් ආසාධන මේකට බලපානවා ඇති කියලා.සමහරු කියනවා ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මේ සෛල විනාශ කරලා දානවා කියලා.කොහොම උනත් මේක සාමාන්‍යයෙන් වැළඳෙන්නේ තරුණ සහ යොවුන් වයසේ අයටයි.මේ අයට ජීවිත කාලයටම ඉන්සියුලින් ලබා දෙනවා ඇරෙන්ඩ වෙන ප්‍රථිකර්මයක් නෑ.නමුත් නිසි විදිහට ඉන්සියුලින් අරගන්නවා නම් සාමාන්‍ය විදිහට ජීවිතේ ගෙනියන්ඩ බලපෑමකුත් නෑ.

දෙවන වර්ගයේ දිය්වැඩියාව (Type 2 Diabetes Mellitus)

මේක හැදෙන්නේ අපේ ශරීරයට අනවශ්‍ය විදිහට සීනි ආහාර ලැබීමෙන් සහ ඒවා ශක්තිය විදිහට වැය කිරීම අඩු වීම නිසා ශරීරයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය වෙනස් වෙලා යාම නිසා.ඒ කියන්නේ ශරීරයට සෑහෙන්ඩ ග්ලූකෝස් ලැබෙනවා.හැබැයි ඒවා වැය කරන්ඩ තරම් ව්‍යායාමයක් සිද්ධ වෙන්නේ නැති උනාම ශරීරයේ සෛල ඉන්සියුලින්වලට දක්වන ප්‍රතික්‍රියාව අඩාල වෙලා යනවා.ඒ කියන්නේ ඉන්සියුලින් කොච්චර තිබ්බත් සෛල ඒක ගණන් ගන්නේ නෑ (Insulin resistance).එහෙම උනාම රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යන එක අහන්ඩත් දෙයක්ද?

මේ දෙවන වර්ගයේ දියවැඩියාව තමයි වැඩි දෙනෙකුට වැළඳෙන්නේ.ඒ වගේම ඒක හැදෙන එක වළක්වගන්ඩත් පුළුවන්.ඒක නිසා ඒක ගැන දැන ගන්න එක ගොඩක් වැදගත් කියලා මම හිතනවා.

මේ දෙවන වර්ගයේ දියවැඩියාව හැදුනත් ගොඩක් අය දන්නේ නෑ තමුන්ට ලෙඩේ තියෙනවා කියලා.ඒ නිසා ගොඩක් වෙලාවට ලෙඩේ තියෙනවා කියලා දැනගන්නේ අහම්බෙන් රුධිර පරීක්ෂාවක් කළොත් හරි දියවැඩියාව නිසා ඇතිවෙන සංකූලතාවයක් ඇති උනොත් හරි තමයි.ඒ නිසා වයස අවුරුදු 35ට වැඩිනම් හරි, පවුලේ ළඟම ඥාතියෙකුට දියවැඩියාව තියෙනවා නම් හරි ඒත් නැත්නම් නිකං හරි සැකයක් තියෙනවානං හරි ගිහිල්ලා රුධිර පරික්ෂාවක් කර ගන්න එක හොඳයි.අඩුම තරමේ අවුරුද්දකට එක පාරක් වත්.

රුධිරයේ සීනි මට්ටම ඉහල ගියාම මුත්‍ර එක්ක ග්ලූකෝස් පිට වෙන්ඩ පටන් ගන්නවා.මුත්‍රවල දියවෙලා තියෙන ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙනකොට ඒ ද්‍රව්‍යත් එක්ක වැඩි වතුර ප්‍රමාණයකුත් මුත්‍ර විදිහට පිට වෙලා යනවා.ඒ කියන්නේ වැඩි මුත්‍ර පරිමාවක් දවසකට පිට වෙනවා.දවල් දවසේ කී පාරක් මුත්‍ර කළාද කියලා කෙනෙකුට මතක හිටින්නේ නෑ.නමුත් රෑට දෙපාරකට වඩා නින්දෙන් නැගිටලා මුත්‍ර කරන්ඩ යන්ඩ වෙනවනං ඔන්න පොඩ්ඩක් සැළකිළිමත් වෙන එක හොඳයි.ඒ වගේම අධික ලෙස මුත්‍ර පිට වීම නිසා වගේම රුධිරයේ ග්ලූකෝස් අධික වීම නිසා රුධිරයේ ඇති ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වීම නිසා මේ පුද්ගලයින්ට තිබහ දැනෙනවත් වැඩී.ඒ වගේම ඉන්සියුලින්වලින් මේද පටකයේ මේද තැන්පත් වීම උත්තේජනය කරනවා වගේම මේද පටකයෙන් මේද නැවත රුධිරයට මුදා හැරීම වළක්වන නමුත් මේ අයගේ ශරීරයේ ඉන්සියුලින් හරියට වැඩ කරන්නේ නැති හින්දා මේ අය කෙට්ටු වෙන්ඩත් පටන් ගන්නවා.ඒ වගේම රුධිරයේ කොච්චර ග්ලූකෝස් තිබ්බත් ඒවා සෛල ඇතුලට ගන්ඩ නම් ඉන්සියුලින් හරියට වැඩ කරන්ඩ ඕනේ හින්දා සෛල නිතරම ඉන්නේ බඩ ගින්නේ.ඒ නිසා මේ සෛල මොළයට පණිවිඩ යවනවා එයාලට කෑම නෑ කියලා.ඒක හින්දා මොළය පුද්ගලයාට බඩගින්න ඇති කරන්ඩ කටයුතු කරනවා.

ඒ නිසා,


  • ඇඟ කෙට්ටු වීම
  • අධික පිපාසය ඇති වීම
  • අධික ලෙස මුත්‍ර පිට වීම
  • අධික කුසගින්න
  • නිතර නිතර ආසාදන ඇති වීම


වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් හම්බ වෙලා රුධිරයේ සීනි පරීක්ෂාවක් කර ගන්ඩ.

හැබැයි මේ කියන රෝග ලක්ෂණ දෙවන වර්ගයේ දියවැඩියා රෝගීන්ට ඇති වෙන්නේ කළාතුරකින්.ඒ නිසා මේ රෝග ලක්ෂණ නැති පළියට දියවැඩියාව නෑ කියලා නං හිතන්ඩ එපා.

දියවැඩියාව නිසා ඇතිවන අයහපත් අතුරුපල

දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා,

  • විශාල රුධිරවාහිනී ආශ්‍රිත සංකූලතා
  • කුඩා රුධිරවාහිනී ආශ්‍රිත සංකූලතා 
  • වෙනත් සංකූලතා

                                   කියලා වර්ග කරන්ඩ පුළුවන්.


විශාල රුධිරවාහිනී ආශ්‍රිත සංකූලතා



විශාල රුධිර වාහිනීවල බිත්තියේ මේදය තැන්පත් වීමෙන් ඇතිවන ඇතරොස්ක්ලෙරෝසිස් (atherosclerosis) කියන තත්ත්වය වර්ධනය කරන්ඩ දියවැඩියාව දායක වෙනවා.ඒ මගින් රුධිර වාහිනී අවහිර වීම නිසා හෘදයාබාධ (හෘදයේ කිරීටක ධමනි අවහිර වීමෙන්), අංශභාගය( මොළයේ රුධිර වාහිනී අවහොර වීමෙන්), පාදවලට රුධිර සැපයුම අඩාල වීමෙන් පාදවල වේදනාව තුවාල ඇතිවීම ආදිය ඇති වෙන්න පුළුවන්.

කුඩා රුධිරවාහිනී ආශ්‍රිත සංකූලතා

කුඩා රුධිරවාහිනීවල බිත්තිය හරහා ද්‍රව්‍ය ගමන් කිරීමට බාධා සිදුවීම දියවැඩියාව නිසා සිද්ධ වෙනවා.ඒ නිසා ඇසේ දෘෂ්ඨි විතානයට රුධිර සැපයුම අඩාල වීම නිසා පෙනීම අඩු වීම හෝ නැති වීම සිද්ද වෙන්ඩ පුළුවන්(Diabetic retinopathy). වකුගඩුවල ඇතුලේ තියෙන සියුම් රුධිර නාලවලටත් මේ තත්ත්වයම බලපෑම නිසා වකුගඩු අකර්මන්‍ය වෙලා යන්ඩත් පුළුවන් (Diabetic nephropathy). ඒ වගේම ස්නායුවලට පෝෂණය සපයන එක අඩාල වීමෙන් ස්නායු ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා යෑම නිසා කකුල් සහ අත් හිරිවැටීම වේදනාව ඇතිවීම වගේ දේවල් සිද්ධ වෙන්ඩ පුළුවන් (Diabetic neuropathy).

වෙනත් සංකූලතා

වෙනත් සංකූලතා කිව්වම ශරීරයේ ප්‍රතිශක්තිය දුර්වල වීම නිසා නිතර නිතර විශබීජ ආසාදන ඇතිවීම සිද්ධ වෙන්ඩ පුළුවන්.විශේෂයෙන්ම කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ සුදුපාට මුදවපු කිරි වගේ ස්‍රාවයක් එක්ක තද කැසීමකුත් එක්ක ඇතිවෙන කැන්ඩිඩයසිස් කියන දිලීර ආසාදනය දියවැඩියාව තියෙන කාන්තාවන් අතරේ හරිම සුළබයි.

ප්‍රධානම ගැටළුවක් වෙන්නේ පාදවල හටගන්නා සුව නොවෙන තුවාල.දියවැඩියා රෝගීන්ගේ පාද හිරිවැටීම සිද්ධ වෙන්ඩ පුළුවන් කියලා කළිං කිව්වනේ.ඒ නිසා මේ අයගේ කකුල කොහේ හරි වැදිලා තුවාල උනත් ඒ අයට දැනෙන්නෙ නෑ.ඒ වගේම රුධිර සැපයුම අඩු වීම නිසා වගේම ස්නායු සැපයුම අඩු වීම නිසාත් තුවාල ඉබේ හට ගන්නත් පුළුවන්.අනිත් කාරනය තමයි මේ අයගේ කකුල් හිරි වැටීම නිසා ඇවිදිද්දි නිසි විදිහට කකුල බිම තියන්නේ නෑ.ඒ නිසා ඇඟේ බර කකුලේ සමව බෙදිලා යනවා වෙනුවට යම් යම් ස්ථානවලට විතරක් මුළු බරම වැටෙනවා.එහෙම උනාම ඒ බර වැටෙන තැන්වල තුවාල හැදෙන්ඩ පුළුවන්.ඒ විතරක් නෙමෙයි කකුලේ ස්නායු සැපයුම අඩාල උනාම කකුලේ දහදිය දැමීම වගේ දේවලුත් සිද්ද වෙන්නේ නෑ.එතකොට කකුලේ හම වේලිලා පුපුරලා යෑම හරහාත් තුවාල ඇති වෙන්ඩ පුළුවන්.

මෙහෙම ඇතිවෙන තුවාල ගැන රෝගියාට දැනෙන්නේ නැති නිසා මේවා නිකම්ම පැසවලා යනකන් කවුරුවත් දන්නේ නෑ.රෝගියාගේ රුධිරයේ ප්‍රතිශක්තිය අඩු වීම නිසා ඉක්මනට මේ තුවාලවලට විශබීජ ආසාදනය වෙන එකත් සිද්ද වෙනවා.හැබැයි රුධිර සැපයුම මේ හරියට නිසි විදිහට නැති හින්දා සුදු රුධිරාණුවලට ගිහිල්ලා මේ විශබීජ විනාශ කරලා දාන්ඩත් ලේසි වෙන්නේ නෑ.අවසන් ප්‍රතිඵලය වෙන්නේ කකුල කපලා දාන්ඩ සිද්ද වෙන එක.ලංකාවේ වැඩිපුරම කකුල් කපලා දාන්නේ දියවැඩියාව නිසා ඇතිවෙන සංකූලතා නිසා තමයිලු.






මේක වළක්වගන්නේ / පාලනය කරන්නේ කොහොමද?


  • නිසි විදිහට ආහාර ගැනීම
  • නිසි පරිදි ව්‍යායාම කිරීම
  • නරක පුරුදු අත් ඇරීම
  • දැනටමත් රෝගය තිබේ නම් නිසි පරිදි ඖෂධ ලබාගැනීම


නිසි විදිහට ආහාර ගැනීම

මේක තමයි ලොකුම ප්‍රශ්නේ.ලෝකේ මිනිස්සු ඇබ්බැහි වෙන දේවල්වලින් ප්‍රධානම වෙන්නේ කොකේන්, හෙරොයින්, සිගරට් හෝ අරක්කු නෙමෙයි "කෑමවලට" කියලයි කියන්නේ.හැබැයි ඉතින් "ආරෝග්‍යා පරමා ලාභා" හින්දා කෑම ගන්නකොට පෙරේත කම පැත්තකින් තියලා සෞඛ්‍ය ගැනත් හිතන්ඩ පුරුදු වෙන එක හොඳයිනේ.බත් කනකොට නාඩු වගේ හාල් කනවනං හොඳයි කියලයි කියන්නේ.ඒක හොඳයි කියලා පිඟන් තුන හතරක් කන්ඩ හොඳ නෑ.එක වේලකට බත් පොල්කටු හැඳි එකක් හෝ එකහමාරක් විතර.පිඟාන පිරෙන්ඩ එළවළු සහ පලාවර්ග.අන්න එහෙම දාගත්තම බඩගින්නේ ඉඳලා ගැස්ට්‍රයිටිස් හදාගන්ඩ වෙන්නෙත් නෑ.අල වර්ග, තෙල් කෑම, බේකරි නිශ්පාදන අඩුවෙන්.කෙඳි සහිත ආහාර ( ඒ කිව්වේ පොල් ලෙලි, රඹුටන් ලෙලි, නූඩ්ල්ස්, ඉඳි ආප්ප වගේ දේවල් නෙමෙයි ) වැඩිපුර කනවනම් හොඳයි.පළතුරුවලත් ඔය කෙසෙල් වගේ ඒවයේ සීනි වැඩියි කියනවනේ.ඒ හින්දා ඔය වෙන මොනවා හරි පළතුරු ටිකක් කනවනං හොඳයි.ඔය ප්‍රධාන වේල් අතරමැදදි උදේ දහයට ටී එකක් එක්ක පාං එකහමාරක්, හවසට තේ එක්ක බිස්කට් පනහක් හැටක් කන එකත් අඩු කරන එක හෝ නැත්තටම නැති කරන එකයි හොඳ.



නිසි විදිහට ව්‍යායාම කරන එකත් වැදගත්

ව්‍යායාම කියන්නේ ජිම් එකකට ගිහිල්ලා සල්ලි දීලා අනුංගේ යකඩ උස්සන එකටම නෙමෙයි නේ.වැදගත් වෙන්නේ සතියට අඩුම තරමේ දවස් පහක්වත් දවසට පැය භාගයක්වත් හොඳට හති වැටෙන්ඩ, දාඩිය දාන්ඩ එක දිගට මොනවා හරි ව්‍යායාමයක් කරන එක.හොඳම ඒවා කියන්නේ දුවන එක, බයිසිකල් පදින එක, සහ පිහිනීම කියන තුනලු නේ.ඕකෙන් මම වඩාත් කැමති ඔය පිහිනීම කියන එකට තමා.දාඩිය දාන්නැති සෙල්ලමක් නෙව.හැබැයි ඔය තඩි ඇඟවල් උස්සගෙන දුවන්ඩ ගිහිල්ලා දණිස් අමාරු හදගන්න හින්දා දුවන්නැතුව හයියෙන් ඇවිදින්ඩ කියලා තමයි වෛද්‍ය උපදේසෙ දෙන්නෙ.ලොක්කා රට පුරා ජොගිං ට්‍රැක් හදලා තියෙන එකේ හවසට හවසට සන් ග්ලාසුත් දාගෙන අයිපොඩ් එකක් නැත්තං චයිනීස් ෆෝන් එකකට හරි කමක් නෑ හෙඩ් සෙට් එකත් ගහගෙන, කොට ෂෝටක් ඇඳලා පොඩ්ඩක් ඇවිදින්ඩ සෙට් උනානං හෙණ ගහනවද මං කියන්නේ?

ගොඩක් ගෘහණියෝ කියන කතාවක් තමයි අපි මේ ගෙදර කරන සුමේ හොඳ ඇක්සයිස් එකක් තමයි.තව මොනවටද අමුතුවෙන් ඕවා කරන්නේ කියලා.ගෙදර කරන එදිනෙදා කටයුතු ව්‍යායාම විදිහට ගන්නේ නෑ.ඇයි ඉතිං ඒ උන්දැලා විනාඩි දෙකක් මිදුල අතු ගාලා එහා ගෙදර ඇන්ටිත් එක්ක පැයක් කාට හරි බණිනවා, නැත්තං තමුංගෙ වරුණාව කියවනවා.ආයෙ ටිකක් අතුගානවා.ආයේ කතාව.ගේ ඇතුලේ මොනවා හරි ටිකක් කරනවා.ටීවී එක දාගෙන සුභාසිරි බලනවා.ආයේ පැයකින් විතර ඉතුරු ටික කරනවා.මේ විදිහට කැඩි කැඩී සිද්ද වෙන නිසා ඒක නිසි ව්‍යායාමයක් වෙන්නේ නෑ.

අනිත් චෝදනාව තමයි වෙලාවක් නෑ කියන එක.අපේ රටේ මිනිස්සු පුදුම විදිහට කාර්යබහුල වෙලා ඉන්නේ.හැබැයි බැලුවාම කරපු ඇති කෙංගෙඩියකුත් නෑ.ඔය ව්‍යායාමවලට කියලා වෙනම ලෑස්ති වෙන්ඩ ඕනේ නෑ.ළමයා මොන්ටිසෝරියෙන් එක්ක එන්ඩ ත්‍රීවීල් එකේ යන්නැතුව ටිකක් කළිං ගෙදරින් පිට වෙලා යනවා පයින්.බස් එකේ හවස වැඩ ඇරිලා එද්දි ගේ ගාවින් බහින්නැතුව හෝල්ට් එකක් දෙකක් කළිං බැහැලා ඉතුරු ටික එනවා පයින්.එහෙමයිනේ ව්‍යායාම එදිනෙදා වැඩවලට එකතු කර ගන්නේ.ත්‍රී වීල් එකේ නොයා පයින් යනවා කියන්නේ එකසිය පණහේ ඒවම කීයක් ඉතුරුයිද?



නරක පුරුදු අත් ඇරීම

නරක පුරුදු කියන්නේ දුම්බීම සහ අරක්කු, කසිප්පු, විස්කි, ජින්, බියර්, සකේ, වොඩ්කා, රා ඇතුළු සියළුම ඇල්කොහොල් පානයෙන් වැළකීම.මේවායින් හෘදයේ ක්‍රියාකාරීත්වය අඩපණ කරන නිසා දියවැඩියා රෝගියෙකුගේ නම් මරණය ඉක්මන් කරන්ඩ දායක වෙනවා.සල්ලි වියදම් කරලා මැරෙන්ඩ එපා.ඒ සල්ලි බිරිඳටයි දරුවන්ටයි ඉතුරු කරලා පොඩි ගාණකට කඹයක් අරගෙන එල්ලිලා මැරෙන්ඩ.ලේසියි පහසුයි සහ ඉක්මන්.කාටවත් කරදරේකුත් නෑ.



නිසි විදිහට ඖෂධ ගැනීම

මේක ඉතින් කියන්ඩත් දෙයක් නෙමෙයි.ඒත් අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ අජරාමර ගුලිය ගිලලා එක පාර ලෙඩ නිට්ටාවට හොඳ කර ගන්ඩනේ.හැබැයි බටහිර වෛද්‍ය විද්‍යාව එච්චර දියුණු නෑ.ඒක හින්දා දියවැඩියාව තියෙනවා නම් රුධිරයේ සීනි මට්ට්ම පාලනය කරගන්ඩ නිසි විදිහට දිගටම බෙහෙත් බොන්ඩ ඕනෑ.හැමදාම බෙහෙත් බොන්ඩ පුළුවනෑ.... කියන උන්දැලාට කියන්ඩ තියෙන්නේ මිනිස්සුන්ට හැමදාම අරක්කු සිගරැට් බොන්ඩ පුළුවං, රටේම තියෙන ඕනෑ කුණු ගොඩක් කන්ඩ පුළුවං, බෙහෙත් බොන්ඩ තමයි බැරි...අනේ බොලව්!!!
කොහොම උනත් කියන්ඩ තියෙන්නේ ඖෂධ මඟින් කරන්නේ රෝගය පාලනය කරන්ඩ උදව් වෙන එක විතරයි.රෝගය නියම විදිහට පාලනය කරන්නේ ආහාර පාලනය කිරීමෙන් සහ නිසි පරිදි ව්‍යායාම කිරීමෙන්.ඒ කියන්නේ දියවැඩියාව පාලනය කරන්නේ දොස්තරවත් බෙහෙත් පෙත්තවත් නෙමෙයි.ඔබම තමයි!!!

එතකොට කකුල්

දියවැඩියා රෝගීන්ගේ කකුල්වල තුවාල ඇති වීම ගැන කිව්වනේ.ඉතින් කකුල් ප්‍රවේසම් කර ගැනීමට නම් කරුණු කීපයක් අනුගමනය් කරන එක හොඳයි.


  • හැමදාම නින්දට පෙර කවුරුන් හෝ ලවා හෝ තනිවම කණ්ණාඩියක් ආධාරයෙන් කකුලේ උඩ, යටි පතුලේ සහ ඇඟිලි කරු අතර තුවාල තියෙනවද, දිලීර ආසාදන තියෙනවද කියලා පරීක්ෂා කරන්න.
  • නින්දට පෙර කකුල් හොඳින් සෝදා තෙත මාත්තු කරගෙන ඉන්න.ඒ සඳහා වෙනම තුවායක් පාවිච්චි  කරන්න.
  • නින්දට පෙර කකුල්වල සම රැකදෙන ක්‍රීම් (moisturizing cream) වර්ගයක් ආලේප කරන්න. (ඇඟිලි කරු අතරට නොයන ලෙස )
  • සෑම විටම (නිවස තුලදීත් ) පාදයට ගැලපෙන තද නොවූත්, සැහැල්ලු වූත්, ආසාත්මික නොවන පාවහන් පළඳින්න.
  • පාවහන් පැළඳීමට පෙර පාවහන් තුල වැලි කැට ආදිය නොමැති බව තහවුරු කර ගන්න.
  • නියපොතු නිතිපතා කෙටි කරගෙන තබාගන්න.තියුණු කෙළවරවල් තිබෙන පරිදි නිය කපන්න එපා.
  • කුඩා තුවාල ඇති උවහොත් නිවසේදී ප්‍රථමාධාර දී ආවරණය කර තබන්න.
  • විශාල තුවාලයක් නම්, කුඩා උවත් තුවාලය සුව වෙන්නේ නැතිනම් හෝ පැසවා ඇත්නම් වහාම වෛද්‍යවරයෙකුට පෙන්වන්න.


ඔබේ දෙපා දෑස මෙන් රැක ගන්න.



අදට ඔය මදෑ........



37 comments:

  1. ඉතා හොද පෝස්ට් එකක්

    ReplyDelete
  2. හෑ බං එතාකොට කන්න බොන්න දෙයක් ඉතුරු වෙයිද??

    ReplyDelete
    Replies
    1. ඔය ඇති වෙන්ඩ දේවල් තියෙන්නේ.අනික බං මේ දේවලුත් අඩු කරන්ඩ ඕනෙ මිසක් නොකාම ඉන්ඩ ඕනේ නෑනේ.

      Delete
  3. වැදග්ත පෝස්ටුවක්.උදේ පාන්දර දුවන්න බැහැ පීනස් ගතිය එනවා නේ. නැත්තං දියවන්නා පාක් එක පේනතෙක් මානෙ අපේ බෝඩිම තියෙන්නෙ. ලගදිම ඔරලෝසුවක් අරගෙන දුවන්න පටන් ගන්න ඕනි. මට හෙන බයයි වෙලාව පරක්කු වෙලා කන්තෝරු යන්න ප්‍රමාද වෙයිදෝ කියලා.

    ReplyDelete
    Replies
    1. රාජකාරිය දේවකාරියටත් වඩා ලොකුයි නොවැ.කොහොම හරි ඔරලෝසුව එලාර්ම් එක තියාගෙන හරි පොඩ්ඩක් එක්සයිස් පාරක් දා ගන්නවනං තමා හොඳ.

      Delete
  4. හොඳයි ඩොක්ට,හැබැයි පාන් බාගයක්වත් කන්න බැරි එකයි ප්‍රශ්නෙතියෙන්නෙ,පොඩි චෑන්ස් එකක්වත් දෙන්න.

    ReplyDelete
    Replies
    1. ඉඳලා හිටලා කෑවට කමක් නෑ හැලපයියේ.ඒත් ඉතිං ඒවම විතරක් කන එක තමයි අවුල.

      Delete
  5. good letter, thanks!!!!

    ReplyDelete
  6. නියම ලිපියක්... මාතෘකාව දැක්ක ගමන් මතක් උනේ ටීවී එකේ ගිය ad එකක්.මතකද දන්නේ නෑ, අර හොරණ සුගත රසායනාගාරයේ ad එක.
    ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. ඒක මතක් වෙලා තමයි මමත් මාතෘකාව දැම්මේ මචං..

      Delete
  7. මේක කියවපු හැටියේ ජිම් ගිහින් ආවා...:)

    ඒ වගේම උදේට පොල් කෙඳි කන්ට හිතාගෙන හිටියත් ඒ අදහසත් වෙනස් කලා.

    මධුමේදය කියනකොට මට නම් මතක් වෙන්නේ පැණි කැවුම්. පැණි සහ තෙල් හන්දා වෙන්ට ඇති.

    කොහොම උණත්, වටිනා පෝස්ටුවක්...

    ReplyDelete
    Replies
    1. මධුමේදය නෙමෙයි පොකු.. මධුමේහය.ඒ කියන්නේ මුත්‍රවල සීනි තියෙනවා කියන එක.ඉස්සර යුරෝපෙ දොස්තරලා ලෙඩ්ඩුන්ට දියවැඩියාව තියෙනවද බලන්ඩ ලෙඩාගේ මුත්‍ර බීලා බැලුවලුනේ.හැබැයි අපේ රටේ හිටපු වෙද්දු ලෙඩාට කියනවලු කූඹි ගුලක් ළඟට මුත්‍ර කරන්ඩ කියලා.ඒකට කූඹි වහනවද බලන්ඩ.පව් නේද යුරෝපෙ දොස්තරලා......

      උදේට පොල්කෙඳි කන්නේ මොකෝ???

      Delete
  8. නියම පෝස්ට් එකක්.
    ගොඩක් අය කරන්නෙ සල්ලි දීල ලෙඩ හදාගන්න එකනෙ. ඒක කෑම වලට වගේම අඩි දෙකක්වත් ඇවිදින්නෙ නැතුව ත්‍රී වීල් හොයන එකටත් පොදුයි.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං වියදම් කරලා ලෙඩ හදාගන්නවා විතරක් නෙමෙයි දරු මල්ලොන්ටත් ඒවා පුරුදු කරනවනේ.

      Delete
  9. අර අන්තිමට තියෙන කකුල් දෙක කාගේද බං :P

    ReplyDelete
    Replies
    1. ඔන්න බලහංකෝ මෙච්චර දෙයක් කිඅලත් උඹට පෙනිච්ච දේ : )

      (මගෙ පවුලගේ..ඇයි උඹට ඉරිසියයිද? ;p )

      Delete
  10. වටිනා ලිපියක් සරළව ලියලා තියෙනවා..මෙන්න මෙහෙම ලිපි තමයි පත්තරවල දාන්න ඕන නොතේරෙන පල් හෑලිවලට වඩා.

    ReplyDelete
  11. best post...its very important sir

    ReplyDelete
    Replies
    1. i'm not a "knight" , so please don't call me "sir" : )

      anyway thanx...

      Delete
  12. බොහොම වටිනා උපදෙස් ටිකක්. මොහොම වැදගත් පොස්ට් එකක්. තැනක් යූ..

    ReplyDelete
  13. අදමයි මේ බ්ලොග් එකට ආවෙ.වටිනා ලිපියක්......
    පුලුවන්නම් ඇග අඩුකරගන්න ක්‍රමයකුත් දාන්න.මොකද මහත අය දැන් වැඩි නිසා ඒක ප්‍රයෝජනවත් වෙයි...

    ReplyDelete
    Replies
    1. ඇඟ අඩු කරගන්ඩ ඉතිං ඔය උඩ කියලා තියෙන ක්‍රම ටික පිළිපැද්දම හරි.කෑම පාලනය සහ ව්‍යායාම.ඇවිදීම, බයිසිකල් පැදීම සහ පිහිනීම කියන ඒවා හරියට කරනවනං ඇඟ අඩු කරගන්ඩ පුලුවං.වැදගත්ම දේ තමයි මහත් උනාට පස්සෙ කෙට්ටු වෙන්ඩ ට්‍රයි කරනවට වඩා මහත් නොවීම ඉන්ඩ ට්‍රයි කරන එක.

      Delete
  14. ඕන් මේ ලින්ක් එක ෆේස්බුක් එකේ ශෙයා කලා ඈ . .

    ReplyDelete
    Replies
    1. එළ එළ ඉස්තූතියි දුකා අයියා.කාලෙකිං දැක්කේ

      Delete
  15. උඹව එක පාරක් උස්සලා බ්ලොග් ලියන්න කියලා දැන් නම් එහෙම කරන්න හිතෙන්නෙත් නෑ. විභාගේ කරලම හිටියානම් තමයි හොඳ කොල්ලෝ.
    ලිපිය ගැන ඉතින් මොනවා කියන්නද. සුපර්

    ReplyDelete
    Replies
    1. ඒකනං ඇත්ත තමයි.ඒත් ඉතිං පාඩං කරද්දි කම්මැලි හිතෙනවනේ අප්පා

      Delete
  16. very useful, thanks for sharing with us!

    ReplyDelete
  17. ගොඩක් වටින විස්තර ටිකක්... සෑහෙන ව්‍යායාම් කරන්න වෙයි වගේ.
    මධුමේහය කිව්වහම මතක් වෙන්නේ හොරණ සුගත රසායනාගාරයේ බී කපු පෙති !

    ReplyDelete
    Replies
    1. ඈ බං මධුවෝ උඹ සෑහෙන්ඩ මහතද බං?

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...