27 April 2014

මකබෑවියං මදුරුවා....



කූං ගාගෙන 
කණ වටේ කැරකුණාට
මරන්ඩනං නෑ වෙලාවක්
ඇසිල්ලක අවසරයෙන්
අත අහකට අරගෙන
එළවනවා විතරයි

ඒත් 
දුරස් උනත්
එක නිමේෂයකට 
ආයෙත් එන්නේ 
'රූං' ගාගෙන
නෝන්ඩියටත් එක්ක

කකුල් දෙකම
වහගෙන සරමෙන්
ඉන්න මුත්
අත් දෙකට නෑ රැකවරණ
දැවිල්ලක් එන්නෙ
කාලා වගෙයි
වැළමිට හරිය

ඇයි බං
දීපල්ලකෝ එක විනාඩියක
සැනසිල්ලක්
හයිස්කෝර් ගහනකං
සබ්වේ සර්ෆර්ස්වල




22 comments:

  1. හඃ හඃ හා . . උඹත් මේක ගහන එකෙක්ද? මගේ විරුල් කොල්ලත් පිස්සුවෙන් වගේ ඕක සෙල්ලම් කරන්නේ

    ReplyDelete
    Replies
    1. වෙලාව කන්ඩ මොනව හරි තියෙන්ඩත් එපායැ දුකා අයියේ

      Delete
  2. අම්මටසිරි, මොකද්ද බං ඒ ගේම එක.. ඔවු ඉතින් වෙන වෙලාවල් වගේය ගේම් ගහද්දී මදුරුවෝ එලවන්නවත් වෙලාවක් කොහෙන්ද...

    ReplyDelete
    Replies
    1. ඔය ෆෝන්වල තියෙන පොඩි ගේම් එකක් බං.ගේම් එකේ ගිලිලා ඉන්නකොට මදුරුවෝ කනවා මතක් වෙනවද බං?

      Delete
  3. අපේ එකක් දවසක් කියනවා "මචං මදුරුවෝ "කාල" ගියාට කමක් නෑ "....කලා" යන්න එනකොට තමයි මල පනින්නේ" කියලා

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ කන වටේ කැරකි කැරකි කින්ඩිය දාන එකට වෙන්ඩ ඇති මගෙ හිතේ

      Delete
  4. මගේ නම් ප්‍රියතම "මල පැනපු කුරුල්ලෝ"

    ReplyDelete
    Replies
    1. ඒකත් ගැහුවා කලයක්.මේකත් ගහලා බලන්ඩකෝ මාතලන් අයියේ

      Delete
  5. මට නං මල විකාරයක්. තියෙන වෙලාවේ අමරුවෙන් බ්ලොග් කොටාගෙන කියවනගෙන (මාතලං කියන්නේ නං මං කියවන්නේ නෑ කියලයි) ඉන්න එකේ ඕවා පුරුදු උනොත් මැරෙන්න තමා වෙන්නේ බඩගින්නේ...

    ReplyDelete
    Replies
    1. බ්ලොග් කොටන කියවන වෙලාව ඇරුනම උඹ මොනවද දෙශකයෝ කරන්නේ?

      Delete
  6. ඒයි කොල්ලෝ.. සෙල්ලං නෙවෙයි.. මදුරුවෝ අපි ඇති කරල තියෙන්නෙ බිසිනොස් ඉම්පෲව් කොරන්නයි.. මරනවා එහෙම නෙවෙයි. කීදෙනෙක් ජීවත්වෙනවාද මදුරු කොයිල් වලින්..හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. ඇයි එතනින් ගියාම මදුරු දැල්, වේපරයිසර්, සොෆෙල්, සිද්ධාලේප, ඒ විතරක් යෑ ඩෙංගු හැදුනම සේලයින්, ගස්ලබු ජූස් ඔය ඕනෙ එකක් වික්කහැකි නෙව

      Delete
  7. මම නම් ඔය ගේම් එක ගහන්නේ නෑ.. මම ගහන්නෙ ෆාම් හීරෝස් සාගා !

    ReplyDelete
    Replies
    1. ඒකනම් දන්නෑ.කොහොම උනත් වවන්නෝ දිනන්නෝ වගේ එකක් වෙන්ඩ ඇති නේ..

      Delete
  8. අපොයි ඔය ගේම් වලට ඇබ්බැහි උනොත්නං මඳුරුවො නෙමෙයි කවුරුහරි ඇවිල්ල බෙල්ල මිරිකල යනකල් දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මොනව කරන්ඩද ප්‍රසන්න අයියේ එහෙම එකක්වත් කරන්ඩ එපායෑ...

      Delete
  9. ඔය ගේම මකබෑවියන්.....

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්ඩ එපා.ගහලා බලහංකෝ....

      Delete
  10. සබ්වේ සර්ෆ්නම් නියමයි ඒත් ඉතින් ඩෙංගු තියනවා බලගෙනයී..

    ReplyDelete
    Replies
    1. ඩෙංගු නං හැදෙයි වගේ තමා...

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...