කොළඹට වැටිලා
හිම
සුදු පාටට
කුණු කාණු වැහිලා
නිළ මැස්සෝ මිදිලා
ගෝල් ෆේස් එක ළඟ
මුහුදේ අයිස් මත ලිස්සති
සුද්දෝ
අපේ උන් ගැහි ගැහී
බලං ඉඳිති කටවල් ඇරගෙන
ඉඳ හිට විසිල් ගසති
අත්පුඩිද තලති
ලද විටෙක
සීතලෙන් මඳ ඉසිඹුවක්
හිම කබා ඇත්තෝ
හිම බබ්බු හදත්
සොහොන් මත,
කබා නොමැතියවුන්ගේ...
තංගල්ලෙන් ගෙනැවිත්
කැරට් තබති නැහැයට
හිම බබ්බුංගේ
සාදු දෙත් සෙස්සෝ
සීතල අමතක කැරැ
මඳකට
අසල්වැසියාගෙන්
ලැබ උණුහුමක්,
පින් දෙත් හිම බබ්බුන්ටත්
කබා ඇත්තන්ටත්
කිසිවෙක් ඉඳහිට
කටුක සීතට බැණ අඬමින්
බෙරිහන් දී නිහඬ වෙත්
නිහඬ නොවූවෝ
නිහඬ කරනු ලැබෙත්
සදහටම!!!
සෙස්සෝ
හුරේ තබති එයටත්
පින්තූරෙ ගත්තේ : clipartxmas.com
අඩේ මාත් ආසයි හිම චුට්ටක ලිස්සලා යන්ඩ. ඒත් අපට කොයින්දෑ හිම !!!
ReplyDeleteහිම තියෙනවනම් කියන්ඩ. මම් පුවක් පට්ටයක් කපන් එන්නම් ඒක තියලා ලිස්සන්න නැරුව යෑ. !!!!
අද මම එකද කොහෙද !
පුවක් පට්ට දෙකක්ම කපං එන්ඩ.අපි දෙන්න සෙට් වෙලා යමු හිමාලෙ පැත්තට.ගිහිං බැරියැ හිමේ ලිස්සන්ඩ.
Deleteමම නම් ඔය හීනය හැබෑ කර ගත්තා... :)
ReplyDeleteඅපිටනං ඉතිං තව කල් ඉන්ඩ වෙනවා.එක්කෝ පිටරට යන්ඩ ඕනෙ.නැත්තං ඊළඟ හිම යුගේ එනකං ඉන්ඩ ඕනෙ.
Deleteඅපුරු වෙනස් පද ටිකක් කියෙව්වේ...
ReplyDeleteඉස්තූතියි. සාදරයෙන් පිළිගන්නවා මගේ මෙව්වා එකට.
Deletelabana paara xmas ekata excel world yamu
ReplyDeleteඑළ එළ.කැරට් අලයක් හොයං වරෙං හිම බබ්බු හදන්ඩ
Delete