23 June 2012

හීනයක්


කොළඹට වැටිලා
හිම
සුදු පාටට
කුණු කාණු වැහිලා
නිළ මැස්සෝ මිදිලා

ගෝල් ෆේස් එක ළඟ
මුහුදේ අයිස් මත ලිස්සති
සුද්දෝ
අපේ උන් ගැහි ගැහී
බලං ඉඳිති කටවල් ඇරගෙන
ඉඳ හිට විසිල් ගසති
අත්පුඩිද තලති
ලද විටෙක
සීතලෙන් මඳ ඉසිඹුවක්

හිම කබා ඇත්තෝ
හිම බබ්බු හදත්
සොහොන් මත,
කබා නොමැතියවුන්ගේ...
තංගල්ලෙන් ගෙනැවිත්
කැරට් තබති නැහැයට
හිම බබ්බුංගේ

සාදු දෙත් සෙස්සෝ
සීතල අමතක කැරැ
මඳකට
අසල්වැසියාගෙන්
ලැබ උණුහුමක්,
පින් දෙත් හිම බබ්බුන්ටත්
කබා ඇත්තන්ටත්

කිසිවෙක් ඉඳහිට
කටුක සීතට බැණ අඬමින්
බෙරිහන් දී නිහඬ වෙත්
නිහඬ නොවූවෝ
නිහඬ කරනු ලැබෙත්
සදහටම!!!
සෙස්සෝ
හුරේ තබති එයටත්

පින්තූරෙ ගත්තේ : clipartxmas.com

8 comments:

  1. අඩේ මාත් ආසයි හිම චුට්ටක ලිස්සලා යන්ඩ. ඒත් අපට කොයින්දෑ හිම !!!
    හිම තියෙනවනම් කියන්ඩ. මම් පුවක් පට්ටයක් කපන් එන්නම් ඒක තියලා ලිස්සන්න නැරුව යෑ. !!!!


    අද මම එකද කොහෙද !

    ReplyDelete
    Replies
    1. පුවක් පට්ට දෙකක්ම කපං එන්ඩ.අපි දෙන්න සෙට් වෙලා යමු හිමාලෙ පැත්තට.ගිහිං බැරියැ හිමේ ලිස්සන්ඩ.

      Delete
  2. මම නම් ඔය හීනය හැබෑ කර ගත්තා... :)

    ReplyDelete
    Replies
    1. අපිටනං ඉතිං තව කල් ඉන්ඩ වෙනවා.එක්කෝ පිටරට යන්ඩ ඕනෙ.නැත්තං ඊළඟ හිම යුගේ එනකං ඉන්ඩ ඕනෙ.

      Delete
  3. අපුරු වෙනස් පද ටිකක් කියෙව්වේ...

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි. සාදරයෙන් පිළිගන්නවා මගේ මෙව්වා එකට.

      Delete
  4. Replies
    1. එළ එළ.කැරට් අලයක් හොයං වරෙං හිම බබ්බු හදන්ඩ

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...