හීනයක් තිබුණා මටත්
පහුගිය කාලේ
මුළු රෑම ඒ පැත්තට මේ පැත්තට
පෙරලි පෙරලි
ලුණු රහට පෙඟුනු කොට්ටේ
කොහේ හරි කොනක
සීතල වර්ග අඟලක් හොයද්දි,
ඇඳ පාදමේ යකඩ ඇණ හිසක
සීතල හොයාගෙන
කකුල එහෙ මෙහෙ දුවද්දි,
දුඹුළු බැඳිච්ච පංකා තටු
කිරි කිරි ගාන
කෙඳිරිය ඇහෙද්දි
හීනයක් තිබුණා මටත්
ඉහේ ඉඳං පොරවගෙන
හීතට ගුලිවෙලා නිදාගන්ඩ
ඊයේ රෑ තමයි රෑ
මගේ ආදර පොරවන රෙද්ද
ඉස්තූති කරමු අපි වැස්සට
ආයෙමත් එකතු කළාට
අපි දෙන්නව
!
සෑහෙන කාලෙකින් හීනේ හැබෑ වෙලා වගෙයි..
ReplyDeleteඔන්න ආයෙත් හීනෙට කෙළවෙලා බං.ආයෙත් දාඩියයි අම්බානට.
Deleteවැස්සට උඹට නින්ද යනවද බං . මටනං ඇහැරෙනවා
ReplyDeleteඅපි තාම බැඳලා නෑනේ අටං අයියේ.ඒ හින්දා වැස්ස වෙලාවට හොඳට කොට්ට දෙක තුනක් බදාගෙන නිදාගන්නවා. : )
Delete