04 May 2013

මගේ හීනය




හීනයක් තිබුණා මටත්
පහුගිය කාලේ
මුළු රෑම ඒ පැත්තට මේ පැත්තට
පෙරලි පෙරලි 
ලුණු රහට පෙඟුනු කොට්ටේ
කොහේ හරි කොනක
සීතල වර්ග අඟලක් හොයද්දි,

ඇඳ පාදමේ යකඩ ඇණ හිසක
සීතල හොයාගෙන
කකුල එහෙ මෙහෙ දුවද්දි,

දුඹුළු බැඳිච්ච පංකා තටු
කිරි කිරි ගාන 
කෙඳිරිය ඇහෙද්දි

හීනයක් තිබුණා මටත්
ඉහේ ඉඳං පොරවගෙන
හීතට ගුලිවෙලා නිදාගන්ඩ

ඊයේ රෑ තමයි රෑ

මගේ ආදර පොරවන රෙද්ද
ඉස්තූති කරමු අපි වැස්සට
ආයෙමත් එකතු කළාට
අපි දෙන්නව
!

4 comments:

  1. සෑහෙන කාලෙකින් හීනේ හැබෑ වෙලා වගෙයි..

    ReplyDelete
    Replies
    1. ඔන්න ආයෙත් හීනෙට කෙළවෙලා බං.ආයෙත් දාඩියයි අම්බානට.

      Delete
  2. වැස්සට උඹට නින්ද යනවද බං . මටනං ඇහැරෙනවා

    ReplyDelete
    Replies
    1. අපි තාම බැඳලා නෑනේ අටං අයියේ.ඒ හින්දා වැස්ස වෙලාවට හොඳට කොට්ට දෙක තුනක් බදාගෙන නිදාගන්නවා. : )

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...