20 July 2012

2062 ලෝකය




මගේ හැත්තෑපස් වන උපන්දිනය සැමරීමට මාගේ නිවසට පැමිණි මාගේ පුත්‍රයා මට සුභ පතා සිය රාජකාරී ස්ථානයට ගියේය.පුද්ගලික කටයුත්තකට හෝ නිවාඩු ගැනීමට අවකාශ ඔහුට නැත.කෝටි අටසීයකට මදක් වැඩි 'මගල්වරුන්' (හෙළයන් නොවන සියළු ජාතීන් දැන් හැඳින්වෙන්නේ මේ නමිනි ) පුනරුත්ථාපනය කිරීමේ කටයුතු අධීක්ෂණය ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.
ඔවුන්ට මේ දිනවල සිදුකෙරෙන්නේ හෙළ බස පුරුදු කිරීමය.එය කෙදිනක අවසන් වේදැයි සිතිය නොහැක.ඔවුන් සියල්ලන්ට 'හෙළ ජාතික ගීය' පුරුදු කිරීමටම මසකට අධික කලක් ගත වීය.

පසුගිය වසර කිහිපයේම නිවාඩුවට පිටසක්වල ලෝකයන්හී ඇවිද හෙම්බත්ව සිටි මම 'තාරකා දොරටු සීසන්පත' මිලදී ගත්තේවත් 'සර්වලෝක වීසා පත්‍රය' අළුත් කරගත්තේවත් නැත.මෙවර පෘථිවියේ චාරිකාවක් යෑම මගේ අරමුණ වීය.මම 'සකුන විමානය' ගරාජයෙන් පිටතට ගත්තෙමි.මම යානයේ 'රෞද්‍රී දර්පණය' ක්‍රියාකරන බව පළමුව සැක හැර දැනගත්තෙමි.මෙවන් පරීක්ෂා දැන් අත්‍යවශ්‍ය වේ.හෙළයන්ගේ තාක්ෂණය පෙර පරිදිම සොරකම් කිරීමට මගල්වරුන් කීපවරක්ම උත්සාහ කළ අතර ඉන්පසු හෙළයින්හට බලපත් සහිතව නිවසේ රෞද්‍රී දර්පණ තබා ගැනීමට රජය විසින් අවසර දෙන ලදී.2020 දී විශේෂ පණතක් මගින් ලෝකයේ සියළුම ඉඩම් හෙළ රජයට පවරා ගත් අතර සකල මගල්වරුන්ගෙන් ඉඩම් සඳහා බද්දක් අය කරන ලදී.එයින් පසුව මගල්වරුන්ගේ කැරළි උත්සන්න උවද රජය ඒවා මැඩපවත්වන ලදී.නමුත් සිය ආරක්ෂාව කෙරේ තමන් උනන්දු වීමේ වැදගත්කම රජය කිහිපවරක්ම අවධාරණය කරන ලදී.මට එවිට සිහි උනේ 2010දී පමණ උත්සන්න වූ ඩෙංගු වසංගතය කෙරේ රජයේ වූ ආකල්පයයි.

සකුන යානය මාගේ වාචික අණට කීකරුව ගුවනට වන්නේය.ඈතින් ගාලු මුවදොර පිටිය අසල මුහුදේ තනා ඇති දැවැන්ත පිළිම රාශිය පෙනේ.මේවා අප වත්මන් පාලක 'නමිනං මල් කුමරුගේ' සීයාගේ සහ ඔහුගේ ඥාති කැළගේය.පිළිමය සෑදීමට සැළසුම් කළ කාලයේ රජතුමාට ඇවැසි වූයේ ඇමරිකාවේ (මේ එකල 'උතුරු හෙළ ජයභූමිය' හැඳින්වූ නමයි..) නිදහසේ ප්‍රතිමාවට වඩා දෙගුණයක් විශාලව සිය ප්‍රතිමාව ඉඳි කරවා ගැනීමටය.නමුත් සැලසුම් ශිල්පීන් සහ එකල ඔහුගෙ නිල නොලත් උපදේශක ලෙස කටයුතු කළ මා පෙන්වා දුන්නේ ඔහුගෙ ඥාති පිරිසගේත් ඇතුළුව එතරම් දැවැන්ත ප්‍රතිමා රාශියක් තැනූ විට ගාලු මුවදොර පිටියට මුහුද පෙනී යාම සම්පූර්ණයෙන්ම අවහිර වී එහි සංචාරක ආකර්ෂණය පහත වැටී වල් වැදී යා හැකි බවත් එවිට ප්‍රතිමා සියල්ල නැරඹීමට කිසිවෙකුත් නැති විය හැකි බවත්ය.

රාවණා බැලීමට අන්දමන්ද දූපත්වල ඇති සිර බලකොටුවට යාමටද මට සිතුනි.රාවණා සිරගත කළේ හෙළයන් මුළු ලෝකයම අල්ලාගෙන වසර දෙකක් ඉක්ම යන්නටත් පෙරාතුවය.ලෝකයම අල්ලාගත් පසු  රජතුමා (නමිනංමල් කුමරුගේ සීයා) විසින් දූෂණ චෝදනා හා මුදල් වංචා පටලවා රාවණා කරනු ලැබීය.රාවණාට හෙළයේ ඇතිවූ ජනප්‍රියතාව නිසා සිය බලයට ඇති තර්ජනය දුටු රජතුමා ක්ෂණිකව ක්‍රියාත්මක විය.රාවණා සිරගත විය.රාවණා සිරගත කොට විභීෂණට 'ඔසුතරලියා' දේශය (ඔසු තුරුලිය වැවුණු බැවින් පූර්වයේ හෙළයින් මෙලෙසින් නම් කළද පසු කාලීනව බලවත් වූ මගල්වරුන් ඕස්ට්‍රේලියා ලෙස වැරදි ලෙස උච්චාරණය කරන්නට යෙදී තිබියදී එක්සත් හෙළ රාජ්‍යය යටතේ නැවතත් හෙළ නාමය භාවිතා කරයි.) පාලනය බාර දීම පිලිබඳව නැගුනු කසුකුසු සියල්ල ධවල යානා මඟින් යටපත් කොට දමන ලදී.


රාවණා නැවත ආගමනය සිදුවූ 2012 දී ඔහු මුළින්ම මා සමඟ සුහද පිළිසඳරක යෙදුනි.ඒ ජීමේලයේ චැට් එකකින්ය.වර්ගපූර්ණිකාවේ ෆලෝවර් කෙනෙකු වීම සහ එහි සෝපාහාසාත්මක කොමෙන්ටු නොදැමීම ගැන ඔහු සතුටුවන බැවු පැවසුවේය.

එවක් පටන් ඔහුත් මමත් මිතුරන් වීමු.ලෝකයේ රටවල් දිග්විජය කිරීමට ඔහු සිය පුෂ්පක යානයේ යන විට මා ද එහි රැගෙන යාමට තරම් කාරුණික වීය.පෙන්ටගනයට ලේසර් කදම්බයක් යවා විනාශ කරනු සියැසින් දැක ගැනීමට ආට හැකිවිය.'ඉසිර ආල' දේශයට (මෙයද එකල ඊශ්‍රායලය ලෙස වැරදියට උච්චාරණය කරන ලදී.) එරෙහි යුද්ධයේදී ඔවුන්ගේ ගුවන් යානා තොටුපොලක් විනාශ කිරීමට ලේසර් පහර එල්ල කිරීමට මට ආරධනා ද කළේය.මට තිබුණේ ඉදිරියේ පෙනෙන ප්‍රහාරක යානා දෙස බලා මනස ඒකාග්‍ර කොට 'රාවණ සිද්ධම්' කීමය.ගුවන් යානා සියල්ල ඇණයක් තබා මජං පැල්ලමක්වත් නොතියා අතුරුදන් වීය.

ඒවාට වූයේ කුමක්දැයි ඇසූ විට රාවණා කීවේ ඒවා විශ්ව ශක්තිය මගින් පරමාණු බවට බිඳ හෙලා ඉන් ද්වීඅණුක ඔක්සිජන් සෑදෙන බවය.එනිසා සර්වලෝක යුද්ධය අවසන් වන විට වාතයේ ඔක්සිජන් ප්‍රතිශතය සෑහෙන පමණ ඉහල නැග තිබූ බවට හෙළ විද්‍යාඥයෝ හෙළි කරගත් හ.

මතු සම්බන්ධයි.....

14 comments:

  1. හික්ස් :)
    අඩේ නමිනං කුමාරයාගේ පවුලේ සෙට් එක තව කල්පයක් යනකං එලවන්ඩ බෑ නෙව !!

    ඒක නෙමේ අර පින්තූරේ දැක්කම මට හිතුනේ අරූට උලුවස්සකින්වත් ගෙයි ඇතුලට එන්ඩ ලැබෙන්නේ නෑ නෙව. කන්ටේනර් එකක් හරවනවා වගේ හැරෙන්න එපැයි.

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද, කොහෙ එළවන්ඩද අප්පා.ඔන්න බලන්ඩකෝ මේ ඡන්දෙත් දෙන හැටි.

      ඒ සඳහා එකල දොරවල්වල ඉහල කොටසේ තිරස් අතටද විශාල ඉඩක් වෙන් කොට තිබූ බව ද්වාරකට්ඨ කතා කෘතියේ දැක්වේ. (එම කෘතියද බමුණන් විසින් ගිණි තබා ඇත.)

      Delete
    2. ඒ කියන්නෙ T ෂේප් එකේ දොරවල් නේද ;-)

      Delete
    3. ඔව්.ඒත් ද්වාරකට්ඨ කතාවේ තියෙන්නේ මිටියක් ආකාරයට කියලා.

      Delete
  2. අඩේ මම එක වෙලා....

    ReplyDelete
    Replies
    1. තරඟයක් නෑනෙව.ඔය ඉන්න කීපදෙනා මොකට එක වෙන්ඩ ගහමරා ගන්නවද අයියෝ.....

      Delete
  3. නෙදකින් මේ රජ පවුල එච්චරකල් ඉන්නවද? වෙන්න බෑ බං රාවණා ආ හැටියෙ රාවණ පාක්ශික රනිල්ට බලය ලැබෙනෙවා..

    ReplyDelete
    Replies
    1. රාවණා ආ හැටියේ ඔහුට ආරක්ෂක ඇමතිකම දීලා ඔහුවත් මේ පැත්තට බා ගන්නවාය.ඊට පස්සේ ඔහුගේ පිහිටෙන් ලෝකයම දිග්විජය කොට ඔහුටද කෙළවනවාය.එනිසා මේ රජ පවුල එකල ද යෙහෙන් වැජඹේ

      Delete
  4. කතාව වගේම රූපෙත් පස්ට :D

    ReplyDelete
    Replies
    1. මෙම රූපය රාවණා සිරගත කිරීමට පෙර ඔහු ජනතාව අතරේ උපහාසයට පත් කිරීම පිණිස නිර්මාණය කරන ලද්දකි.මෙය ඒ අවධියේ ස්වාධීන රූපවාහිනියේ සෑම මිනිත්තු 10කට වරක්ම විකාශය කරවනු ඇත.

      Delete
  5. මේ රූපේ දැක්කම කියන්න පුළුවන් ෂුවර් එකට අපි රාවණාගෙන් පැවත එන බව. මොකද අපි හැමෝම වගේ රාවනා ටත් අලි බඩක් තිබිල තියනවා.

    ReplyDelete
    Replies
    1. රාවණාට අලි බඩක් තිබූ බව සැබෑවක් උවද මේ රූපයනම් නිර්මාණය කොට ඇත්තේ ඔහුව අපහාසයට ලක් කිරීමට බැව් සළකන්න.

      Delete
  6. අන්තිමට රාවණාට කටුව ගහලා නේද :D

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං මචං.තමංගේ වැඩේ කරගෙන ඔක්කෝටම කෙළවන එක තමයි එයාලගේ මෙව්වා එක.

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...