මේක ඇවිල්ලා එක්තරා විදිහක පරීක්ෂණයක්.හැබැයි මේක අර කළිං කිව්ව ජාතියේ පරිමාව මණින එකක් එහෙම නෙමෙයි.මේක මට කිව්වේ මගේ මිත්‍රයෙක්.නිරවද්‍යභාවය හරියටම දන්නේ නැති උනාට මේ පරීක්ෂණය ගැණ ඇහුවම මටනං හිතුනේ මේක ඇත්ත වෙන්ඩැති කියලමයි.ඒ වගේම මේ පරීක්ෂණය කරන්ඩ හිතිච්ච විද්‍යාඥ ඇත්තාගේ මොළේ විශිෂ්ඨත්වය ගැනත් මට පුදුම හිතුනා.ඔන්න බොලේ මේකට දාන්ඩ කියලා පින්තූරයක් ගූගල් එකේ හොයද්දි මේ පරීක්ෂණේ ගැන ලියවිලා තියෙනවා දැක්කා.හැබැයි ඉතිං සිංහලෙනුත් දාන්ඩ කවුරු හරි ඉන්ඩ ඕනේ නිසා ඔන්න ඒ භාරදූර වගකීම පැහැර හරින්නැතුව මේ කියන්ඩයි යන්නේ.
මේ ගොල්ලො කළේ හොයාගත්තා වඳුරෝ පස් දෙනෙක්.දැම්මා කූඩුවකට.ඊට පස්සේ කූඩුවේ වහලේ එල්ලුවා කෙහෙල් කැනක්.එල්ලලා ඒකට යටිං තිබ්බා ඉණිමගකුත්.දැං ඉතිං ඔන්න කට්ටිය බලාගෙන ඉන්නවා ඈ. කට්ටිය කිව්වේ විද්‍යාඥයෝ සෙට් එක හොඳේ.ඔහොම ඉන්න කොට ඉන්න කොට ඔන්න එක වඳුරෙක් ශේප් එකේ යනවා ඉණිමග පැත්තට.මූ ගිහිල්ලා පළවෙනි පඩිය ඇල්ලුවා විතරයි අපේ බලාගෙන හිටපු විද්‍යාඥයෝ ටික ගැහුවා නේද සීතල වතුර.අනේ අර නගින්ඩ ගිය එකාට නෙමෙයි, මොකුත්ම නොකර හිටපු අනිත් උං ටිකට.හැම සැරේම එකෙක් ඉණිමගට නගින කොටම අනිත් උන්ට ගහනවා සීතල වතුර.
ටික වෙලාවක් යද්දි වඳුරන්ට තේරෙන්ඩ පටං ගන්නවා යකෝ මේ එකෙක් කෙසෙල් කන්ඩ යනකොට තමයි මේ අහක ඉන්න උන්ට පනිශ්මන්ට් එක කන්ඩ වෙන්නේ කියලා.වඳුරො උනත් දෙයියනේ අසාධාරණේ ඉවසං ඉන්නේ නෑ නෙව.උන්ට ඉතිං පිකට් කරන්ඩ වර්ජන කරන්ඩ තරං දැනුමක් නැති හින්දා මුං කරන්නේ දැං ආයෙ එකෙක් ඉණිමගට නගින්ඩ හදපු ගමං ගහනවා ඌට අල්ලගෙන ආයෙ නෑ දත්වලිං හොටු එන්ඩ. කං කෑලි කඩාගෙන, වලිග හපාගෙන ඔන්න දැං උන්ටම මහන්සියි.ඉතිං එකෙක්වත් යන්නෑ කෙසෙල් කන්ඩ.ඇයි දැං උංගෙම උංනේ ගේම දෙන්නේ.
ඔන්න ඔහොම ටික දවසකිං මේකට දානවා අළුත් වඳුරෙක්.දාලා පරණ එකෙක්ව අයිං කරනවා.අළුත් එකා ඇවිත් බලනවා.යකෝ අර දිලිහි දිලිහි කෙසෙල් කැනක් තියලා තියෙද්දි, ඒ විතරක්නං මදෑ යටිං ඉණිමගකුත් තියලා තියෙද්දි මෙහෙම බලං ඉන්න අමන රැළක්. මුංටනං වඳුරෙක්ට තරංවත් මොළයක් නැතෙයි කියලා මේකා අරුන්ට පශ්චාත් ප්‍රදේශයෙං හිනා වෙවී යනවා ඉණිමග ගාවට,
"අඩෝ... දඩාං... ඩෝං.... ක්‍රා....ස් ඩිෂ්කියෑව්... බුහා..... බුහා..... ඩිග්... බුදු අම්මෝ..... ස්ලාං... ඉඳා කාපිය මේකත්... චටා....ස් ඌහ්හ්හ්හ්හ්හ්...."
අළුත් එකාට සොරි ඩොට් කොම් ය. අහිංසකයා කූඩුව පුරා හැලිච්ච දත් හොයනවාය.කෙසෙල් යනු ඉතාමත් අමිහිරි තිත්ත කෑමක් යැයි ඌ මතක තියා ගන්නේය.ඔහොම ටික දවසකින් ආයෙත් අළුත් වඳුරෙක් කූඩුවට දාලා පරණ එකෙක් අයින් කරනවා. කෙසෙල් කෑමේ තැතක් ගුටි කෙළියකින් කෙළවර වෙනවා.මේ විදිහට ටික ටික අළුත් වඳුරෝ කූඩුවට දාලා පරණ උං ඔක්කොම අයින් කරනවාය.දැං වතුර ගහන්නේද නැත.ඒත් අනේ එකෙක්වත් කෙසෙල් කන්ඩ යන්නේ නැත.අනිත් උන්ට කන්ඩ යන්ඩ දෙන්නේද නැත.එකෙක්වත් එහෙම නොකරන හේතුව දන්නේද නැත.
අපි සංස්කෘතියෙන් කියලා කරගෙන එන සමහර ක්‍රියාත් ඔය වගේය.ඒ ක්‍රියා ආරම්භ කරන්ඩ හේතුවෙච්චි හේතු සාධක වැළලිලා ගොඩක් කල් උනත් අපි ඒවා බොහොම ගෞරවයෙං කරගෙන යනවාය.උදාහරණයක් විදිහට ඔය සමහර පැතිවල අඟහරුවාදාට සිකුරාදාට නාන්නේ නැත.ආච්චිලා එපා කිව්වාම ඒක පිළි අරගෙන නොනා කුණු වෙනවාය. ඕකට හේතුවක් කවුදෝ මට දවසක් කිව්වා.හරිද වැරදිද දන්නේ නෑ ඕං ඈ. ඔය ප්‍රාදේශීය නායකාදීංගේ අඹු සිඟිත්තෝ නාන්ඩ කියලා ළිඳට එන්නේ ඔය දවස් දෙකේලු (අනිත් දවස්වලට ගන්දස්කාරේ ඉන්ඩ බැරුව ඇති.). ඉතිං ඔය මහේශාඛ්‍ය ඇත්තන්ට ඇහැක්යැ මේ ගමේ හිච්චි එවුං අස්සේ රිංගගෙන නාන්ඩ. එක එකා පිට අතුල්ලනවා, රෙදි හෝදනවා, මුකුළු කොරනවා, සමහර උං හැංගිලා බලං ඉන්නවා ඔය අස්සේ කුමාරිහාමිලා නාන්ඩ ගිහිං බාහිර සංසේචනේවත් වෙයි කියලා උන්දැලා බය වෙන්ඩැති.ඉතිං ගමේ එවුන්ට එදාට නාන එක තහනං කොරන්ඩ ඇති.ඕක පරම්පරාගත වෙලා අපේ ඈයො සමහරක් තාමත් ඔය දවස් දෙක නාන්නෙ නෑ.
ඒක හින්දා ඔලු ගෙඩිය ඇතුලේ තියෙන මොළ ගෙඩිය ජුන්ඩක් ඉතර පාවිච්චි කරලා හිතලා මතලා කොරන දෙයක් කරනවනං ඕං හොඳා......
ඔවුවොවු... ඒක කියන්ඩ බෑ...පොඩි සයිලයක් නෙව. ඕක පොඩි උනාට සෑහන දේවල් කරන්ඩ පුලුවන් නෙ.හික්ස් :)
ReplyDeleteබලාගෙන ගියහම දිනුක මලයටත් හිත්යෙන එවුවා...
අපේ ගෙදරත් ඔය දවස් දෙකට නාන්ඩ දෙන්නේ නෑ (කොහොමත් මම් නාන එකෙකුත් නෙමේ.)
මම එක වෙලා.... සතුටුයි සතුටුයි.. :)
Deleteයකඩෝ මේක ඝර්ම කලාපික රටක් නෙව.කොහොමෙයි නොනා ඉන්නේ??
Deleteකලින් කතාව අහලා තියේ වගේ ලාවට මතකයක් තිබ්බා.ආදර්ශයක් ගන්න පුලුවන් කථාවක් නෙවැ.
ReplyDeleteආදර්ශයට අරං පිළිපදින්ඩ ඕනෑ ඕං අද ඉඳං ඈ....
Deleteමරු කතාව! තව ඇත්ත පරීක්ෂනයකදි වදුරන්ට යකඩ කෑලි වගයක් දීලා 'මුදල' කියන සංකල්පය උගන්නන්න උත්සහ කලාලු!උන් ඒක මුලින්ම පාවිච්චි කරල තියෙන්නේ ගෑනු(වැඳිරියො) මිලට ගන්න!
ReplyDeleteඒ කියන්නේ අර රස්සාව ලොකේ පරණම රස්සාව කියන්නේ බොරුවට නෙමෙයි වගේ නේ....
Deleteමෙන්න ඒ ගැන තව නියමම කතාවක්
ReplyDeletehttp://nikamaa.blogspot.com/2011/10/blog-post_07.html
හසිත අයියා එතන කොමෙන්ටුවේ මේ කතාවම නෙව ලියලා තියෙන්නේ.මම දැනං හිටියේ නෑ ඕං
Deleteඒ ඉතින් එකෝමත් එක කාලෙක නොවැ :D
Deleteනියමයිනේ ලොකුවට කියන්න ඔනි දෙයක් ගොඩක් සරලව කියලා තියෙනවා :ඩී
ReplyDeleteපරීක්ෂණයේ නිර්මාතෲගේ සංකල්පීය චින්තනයේ ශ්‍රේෂ්ඨත්වය තමා
Deleteniyamai.. ohoma liyamu
ReplyDelete