07 July 2012

ළැම පමණක් ලොවට පෙනෙන.....


අපි ඇවිල්ලා ක්ෂීරපායී සත්තුනෙ.ක්ෂීරපායී කිව්වම අපි අමුම අමු ක්ෂීරපායී.ඒකනෙ මැරෙනකම්ම කිරි බොන්නේ.මම මේ කියන්ඩ හදන්නේ ඔය කිරි හදන ෆැක්ටරි එක ගැනයි.මේක 18+ කියලා වර්ග කරන්ඩ මම කැමති නෑ.මොකද මේවා හැමෝම දැනගන්ඩ ඕනෙ කියලයි මමනං හිතන්නේ.හැබැයි කියවන්ඩ ලැජ්ජා වගේ නං කියවන්ඩ එපා ඕං.මම තරහ නෑ.



ක්ෂීරපායී ගැහැනු සත්තුංගේ උර හෝ උදර ප්‍රදේශයේ ස්ථන ග්‍රන්ථි ඒකරාශී වෙලා තියෙන ස්ථාන තියෙනවා.මිනිස් සතාගේ උරස ප්‍රදේශයේ දෙපස ස්ථාන දෙකක්.ඒකට අපි කියනවා පියොයුරු කියලා.

පහිය + උර = පියයුර

 වෙනවා කියලා තමයි මට හිතුනේ.වයසට යද්දි මේක පයෝදර වෙනවා. ( පහිය + උදර )

වැඩිවිය පැමිණියාට පස්සේ දිගටම අර්ධ ගෝලාකාර පියයුරු තියෙන්නේ මිනිස් සතාට විතරයි.අනිත් සත්තුන්ගේ පියයුරු වර්ධනය වෙන්නේ කිරිදෙන කාලයට විතරයි.කිරිදෙන එක නවත්තලා දාපුවාම ආයෙත් ප්‍රමාණයෙන් ක්ෂය වෙලා යනවලු.මේ තත්ත්වය අනෙකුත් වානර ගෝත්‍රවලට පවා පොදුයි කියලයි කියන්නේ.

මේක තමයි සාමාන්‍ය පියයුරක හැඩය.ඔයිට අමතරව ඉතිං බුබ්බුලාකාර, ඝණ්ඨාකාර, ආමලාකාර, ඝටාකාර වගේ හැඩවලට ඒවා තිබුණට ගොඩක් ඒවා කෘත්‍රිමයි.ඔය සිලිකන් දාලා පුරවනවට වැඩිය පිරිමි පුරුදු වෙන්ඩ ඕනෙ ලද දෙයින් සතුටු වෙන්ඩ.

පියයුරු ඈත අතීතයේ පටන්ම කලාකාරයින් අමන්දානන්දයට පත් කරලා තියෙනවනෙ.මේකට හංසයෝ වගේ කිව්වේ ඇයි කියලා මටනං තේරුමක් නෑ.අර 'ගාමණි' එකේ කිව්වා වගේ එක්කෝ දෙකම සුදු හින්දා එහෙම නැත්තං දියෙන් කිරි වෙන් කිරීමේ හැකියාව, රුධිරයෙන් කිරි වෙන් කිරීමේ හැකියාවට සමාන කරලා වෙන්ඩත් පුළුවං.හැබැයි ඔය දෙවෙනියට කියපු හේතුව ටිකක් විශ්වාස කරන්ඩ අමාරුයි.මොකද පියොයුරුවල ජීවවිද්‍යාත්මක ගුණයක් විස්තර කෙරෙන උදාහරණයක් සෘංගාරය ජනිත කරවන චේතනාවෙන් යොදා ගනියි කියලා මටනං හිතාගන්ඩ බෑ.හංසයාට අමතරව රන්කුඹු ඒකියන්නේ රත්තරං කළවලටත් උපමා කරලා තියෙනවා.අනේ මන්දා ලංකාවේ රත්තරං පාට ගෑනු හිටියද කියලා.ගිජිඳු කුඹු එහෙම නැත්තං අලියෙකුගේ කුම්බ්ස්තලයටත් සමාන කරපු අවස්ථා තියෙනවා.ගෑනුංව ලැජ්ජාවට පත්කරන්ඩ ඕනෙ උනාම එල්ලෙන වැටකොළු වගේ කියලත් කියලා තියෙනවනෙ.

ඒ විතරක්නං මදෑ ඔය පියොයුරු පහළට වැටෙන්ඩ නොදී පුළුවන් තරං කල් ඉහළම රැක ගන්ඩ ඇඳපු තනපට ගැනත් කියලා තියෙනවනේ.රාහුල හාමුදුරුවො නගර ප්‍රාකාරය සමාන කරන්නේ බැඳලා තියෙන මැණික් තනපටයකටනේ. 'බැඳහල රුවන් තනපට කියෙලිය පවුර' කියලා නෙව ලියලා තිබුණෙ.ලෝක ඉතිහාසය වෙනස් කරන්ඩ දායක වෙච්ච 'මාතාහාරී' කියන ඔත්තුකාරිගේ රහස් සාක්කු සහිත තනපටයක් ගැනත් මොනවා හරි කියෙව්වා මට මතකයි.බලන්ඩ එතනත්, ඕක ඉතිං කවුරුත් අල්ලලා බලන්නැති හින්දා පාවිච්චි කරලා තියෙන්නෙ මොකටද කියලා.පිරිමින්ගේ විශ්වාසය ඝාතනය කරලා නෙව.



ස්ත්‍රී පියයුරක ක්ෂීර නිශ්පාදනයට අවශ්‍ය පටක ප්‍රමාණය පියයුරේ ප්‍රමාණයට සාපේක්ෂකව ඉතා කුඩා ප්‍රමාණයක් තමයි තියෙන්නේ.වැඩි කොටසක් තියෙන්නේ මේදය තැන්පත් වූ පටකයක්.ඒ පටක‍යට නිශ්චිත කාර්යයක් තවම හරියට දන්නේ නෑ.විශ්වාස කරන්නේ ඒ පටකය තියෙන්නේ පියොයුරුවල ප්‍රමාණය විශාල කිරීමට විතරයි කියලා.

ඉතිං මේ හේතුව හින්දයි, අර මම මුළිං කිව්ව දිගටම ප්‍රමාණයෙන් විශාලව තිබීම යන සාධකයයි සහ ඕක දැක්කම පිරිමින්ට කිචි හැදෙන හින්දයි විශ්වාස කරන්නේ මේක හැදිලා තියෙන්නේ ලිංගික ආකර්ශනයටත් එක්ක කියලා.මෙතනදි මම ලිංගික ආකර්ශනයටත් එක්ක කියලා කිව්වට ඇත්තටම ප්‍රධාන වශයෙන්ම ලිංගික ආකර්ශනයටයි කියලා තමයි විශ්වාස කරන්නේ.මොකද කිරි නිශ්පාදනයට අවශ්‍ය වෙන පටක ටික ඔච්චර ලොකුවට තියෙන්ඩ ඕනේ නැති හින්දා.

දැං ඉතිහාස කථාව.ගොඩාක් ඉස්සර ඒ කියන්නේ එකෝමත් එක කාලෙක මිනිසාගේ සිවුපා පූර්වජයින් මේ ධරණීතලයේ වැජඹෙන කාලේ ඒ අයට දැං වගේ කාමසූත්‍රය කියලා පොතක්වත් ප්‍රජනක ක්‍රියාව සඳහා බහුවිධ ඉරියවු වත් තිබුණේ නෑ.දැනං හිටියේ සහ සිරුරේ පිහිටීමෙන් ඉඩ ලැබුණේ ගැහැණු සතාගේ අපර පැත්තෙන් පිරිමි සතා එළඹීම විතරයි.ඉතිං පිරිමි සතා ආකර්ශනය කරගන්ඩ මේ සත්තුංගේ තට්ටම් ලොකුවට හැදිලා තිබුණලු.මේකෙම විකරණයක් තමයි ඔයලා සත්තුවත්තේ දැකලා තියෙන තාපස බැබුන්ට තියෙන්නේ. රක්ත වර්ණයෙනුත් දීලා තියෙනවා ආකර්ශනය.

ඔන්න ඉතිං පරිණාමයේ කථාව අහලා ඇතිනේ.මිනිස් සතා දෙපාවත් උනා.ඒ දෙපාවත් වීම ඔහුට සැවානා වනාන්තරවල ජීවිතය ජයගන්ඩ හේතු උනාට ප්‍රජනක ක්‍රියාවට වගේම දරු ගැබක් දරාගැනීම වගේ ක්‍රියාවලට යම් යම් අහිතකර බලපෑම් ඇති කළා.සංසර්ගීය ප්‍රවිෂ්ඨයේදී මිනිසාට ඔහුගේ සෘජු කාය නිසා පැරණි අපර දිශාව අමතක කරලා උදරීය දිශාවට යොමු වෙන්න සිද්ද වුනා.ඔන්න එතකොට තට්ටම්වලින් කෙරෙමින් තිබුණු කාර්යභාරය ඒ කියන්නේ ආකර්ශනය භාරගන්ඩ අවයවයක් ඕනෙ උනාලු.ඔන්න වර්ධනය උනා පියයුරු ලොකුවට.


පියයුර වර්ධනය වීම Tanner කියන විද්‍යාඥයා අවධි 5කට දක්වනවා.පැතලි උරස් ප්‍රදේශයක සිට වැඩිහිටි පියයුරු දක්වා වර්ධනය වීම මේ විදිහට අවධිවලට වෙන් කරලා තියෙන පියයුරු වර්ධන අවධි වර්ගීකරණය සිංහලට හරවපුවාම එන්නේ මෙන්න මෙහෙම  අවධි 5ක්,

1. බොත්තං
2. යංතං
3. තං
4. පතං
5. නොපතං



ඉතිං මේ පසු කාලීනව වර්ධනය අවයවයක් වන පියයුරු හා බැඳුණු අසාමාන්‍යතා කීපයක් ගැන අහන්න
ලැබෙනවා. Mammary heterotopia හෙවත් අමතර පියයුරක් හෝ කිහිපයක් පැවතීම.

කුවේණිටත් තිබ්බය කියනවනේ තුනක්ම.මේ අමතර පියයුරු බොහොමයක් වෙලාවට ඇතිවෙන්නේ milk line එහෙම නැත්තං ක්ෂීර රේඛාව දිගේ.ස්ත්‍රී යෝනි ප්‍රදේශයේ සිට කිහිල්ල දක්වා අඳින මනඃකල්පිත රේඛාවට තමයි milk line කියන්නේ.මේ රේඛාවෙන් බැහැරව දණහිස, කළවා, තට්ටම්, කන, මුහුන වගේම බෙල්ලේ උනත් මේ අමතර පියයුර හෙවත් බහිස් ස්ථන ග්‍රන්ථි පිහිටන්න පුළුවන්.

අනිත් තත්ත්වය තමයි පියයුරක් නැති වීම මේ තත්ත්වයට amastia කියලා කියනවා.

ඊටත් අමතරව අව්ප්‍රමාණික පියයුරු එහෙම නැත්නම් නොවැඩුණු පියයුරු සහිත තත්ත්වත් දැකගන්ඩ පුළුවන්.ඒකට hypomastia කියලා කියනවා.
amastia සහ hypomastia තත්ත්ව වලට ශල්‍යකර්ම මඟින් ප්‍රතිකාර කරන්න පුළුවන්.hypomastia තත්ත්වයට ව්‍යායාම වගේ වෙනත් ප්‍රථිකර්මත් තියෙනවා.

පියයුරු කිව්වම වැඩිපුරම කියවෙන්නේ පියයුරු පිළිකා ගැනනේ.ලංකාවේ ගැහැනු අයට හැදෙන පිළිකා අතර අං එකට ඉන්නේ පියයුරු පිළිකා තමයි.ඒ නිසා කාන්තාවට හෝ ඇයගේ සහකරුට පියයුරක ගැටිත්තක් අහු උනොත් සහ වෙනත් අසාමාන්‍යතාවයක් දකින්න පුළුවන් උනොත් ඒ කියන්නේ


* තන පුඬුව පියයුර ඇතුලට ඇදී යාම. ( පිටතට නෙරා තිබූ )

* තන පුඬුවෙන් රුධිරය මිශ්‍ර හෝ නොවූ දියරයක් ස්‍රාවය වීම. (කිරි හැර )

* පියයුරෙහි සම දොඩම් ලෙල්ලක් ආකාර ගැනීම. ( pue de orange.....මෙහිදී වර්ණය ගැන සැළකිලිමත් නොවන්න )

* කිහිලිවල කුද්දටි ඇති වීම.


වෛද්‍යවරයෙකුට පෙන්වන එක තමයි වඩා හොඳ.තරුණ අය අතරේ ඒ කියන්නේ අවුරුදු 40-45 විතර වෙනකං වයස්වල අයට ඇතිවෙනෙ පියුයුරු ගැටිති බොහෝ විට පිළිකාම නොවන හානිකර නොවන තත්ත්වයන් උනත් අපරාදේ අවධානමක් ගන්නවට වඩා පරීක්ෂණයකින් තහවුරු කරගන්න එක හොඳයි නේ නේද? ඔය වයස් කාණ්ඩයෙන් පස්සේ කට්ටියටනං බොහෝ විට පිළිකාමය තත්ත්ව තමයි ඇතිවෙන්නේ.

* පවුලේ පිළිකා ඉතිහාසයක් ඇති අය.
* වයසින් වැඩි අය
* අඩු වයසින් මල්වර වූ අය
* වැඩි වයසින් අර්ථවහරණය සිදුවූ අය
* වැඩ්පුර තෙල් ආහාරයට ගන්න අය

ටිකක් පරිස්සම් වෙන එක හොඳයි.මොකද මේ අයට පියයුරු පිළිකා සඳහා අවධානම වැඩි නිසා.

ස්වයං පියයුරු පරීක්ෂාව (තනියම කරගන්ඩ බැරිනං කාගේ හරි උදව්වක් එහෙම ගත්තට ගැටළුවක් නෑ ) සහ මැමෝග්‍රෑම් පරීක්ෂාවක් එහෙම කරගන්ඩ පුළුවන්නං වඩා හොඳයි.මොකද පියයුරු පිළිකා මුල් අවස්ථාවේ හඳුනා ගන්න පුළුවන්නං සුවකරන්න පුලුවං.

අන්තිමට කියන්ඩ තියෙන්නේ කොල්ලනේ උඹලටත් පියයුරු පිළිකා හැදීමේ අවධානමක් තියෙනවා.කොල්ලො කිව්වම ඉතිං අංකල්ලා, සීයලා, බාප්පලා, මස්සිනාලා ඔක්කොටම තමයි.



14 comments:

  1. වටිනා කියන ලිපියක් අපේ ගෑනු ළමයි ටිකට....

    ReplyDelete
    Replies
    1. ගෑනු ළමයිංගේ හිමිකාරයෝ විදිහට පිරිමින්ටත් වැදගත් ඕං.

      Delete
  2. අපේ මලයා කියලා දෙනවා වගේ මරු ජීව විද්‍යාත්මක පාඩමක් !! අපේ මලයගෙන් ඇහුවත් කියලා දෙන්නේ ඔහොම තමා.... හික්ස් :)


    ප.ලි. - අද ගෑල්ලමයින්ගෙන් හිට් විතරක්ම ලැබෙන කමෙන්ට් අඩුම දවසකි !!!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මලයත් මං වගේ සිරා කොල්ලෙක් ඈ....
      ඇත්තට ගෑනු ඈයෝ මේවට කොමෙන්ට් කරන්ඩ බයද? ලැජ්ජද?

      Delete
    2. ලැජ්ජාව බොල !!!
      නැත්නම් උනුත් මෙවුවා කියෝනවා.

      Delete
    3. ඒක නෙමේ.
      මේ අර ඩේටා තන්හවෙන් හිටපු එකාම නේ ?
      හදුන්වාදීම වෙනස් වෙච්ච නිසයි ඇහුවේ !!!

      Delete
    4. අපොයි ඩේටා තණ්හාවනං නැති උනේ නෑ.ඇත්තටම වේන වචනවලිං ආයෙම කිව්වේ කළිං කතාවම තමයි නෙව.පොඩ්ඩක් ඉතිං දන්නැද්ද කාලෙත් එක්ක වෙනස් වෙන්ඩ ඕනෙනෙ.

      Delete
  3. ITHAMA WADAGATG LIPIYAK. HONDATA LIYALA THIYANAWA. THANKS V.MUCH.

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි ඔබ කවුරු උනත්.

      Delete
  4. කොමන්ට් නොකලාට මම හැම පෝස්ට් එකක්ම කියවනවා.

    අපි ජීවත් වෙන රටේ නම් මමෝග්‍රපි එකක් අනිවාර්‍යයි එක්තරා වයසකදි. අවුරුදු හතලිහෙන් එහා හැමෝටම ආණ්ඩුවෙන් ඒ ටෙස්ට් එක කරන්න කියලා වෙලාවක් දීලා ගෙදරට ලියුමක් එවනවා නොමිලේම.


    ඒ විතරක් නෙමෙයි පඇප් ටෙස්ට් එකත් එහෙමයි. අවුරුදු තිස් පහෙන් පස්සේ ගවර්න්මෙන්ට් එකෙන්ම ස්පොන්සර් කරලා කරන පරීක්ශන හින්දා අපේ බොහෝ අයට ලොකු සහනයක්.

    ReplyDelete
    Replies
    1. අපරාදෙ කියන්ඩ බෑ ලංකාවෙත් මේ පරීක්ෂණ නොමිලේම කරගන්ඩ පුළුවං.ඒත් වැඩේ කියන්නේ අපිට පහසුකම් මදි හින්දා තදබදය ටිකක් වැඩී.ලොකුම අඩුපාඩුව තමයි මිනිස්සු මේ ගැන දැනුවත් නැති වීම.ලංකාව පුරාම 'සුව නාරී සායන' තිබුණට ගැහැනු අයගේ සහභාගීත්වය හරි අඩුයි.

      Delete
  5. akalata konde idenawata bayen damu comment 1k bawa salakanna.

    ReplyDelete
    Replies
    1. එළය.ඒත් කමක් නැත.මන්ද ඔබ මෙය කියැවූ බව මට දැන් විශ්වාස ය.

      Delete
  6. පෝස්ට් එක නම් පට්ට යාළුවා...............

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...