24 July 2012

පුස්ස පම්බාලංකාරය




ලෝකයේ කාන්තාවන් තමන්ගේ පෙනුම ගැන උනන්දු වෙන තරමටම ලංකාවේ ගැහැනුත් තමන්ගේ පෙනුම ගැන උනන්දු වෙනවා.ඒත් ලෝකෙ අනිත් ගැහැනු තමන්ගේ රූපය ලෝකයට පෙන්වන්න තමන්ගේ අංගෝපාංග හුවා දක්වද්දි අපේ ගැහැනු චුට්ටක් පැකිලෙනවා.මේ අපි හැදිලා තියෙන සංස්කෘතිය විසින් ඇති කරන ලද ලැජ්ජාව කියන සංකල්පය විසින් ඇති කරවන නිශේධනයක්.
අපේ ගැහැනු තමුන් කොච්චර තමුන් තුල ලිංගිකමය හැඟීම් පහල උනත් ඒවා ලෝකෙට පෙන්නන්න බයයි.ලෝකයා තමුන් ගැන වැරදියට හිතයි කියලා හිතන නිසා.ඇත්තටම අපේ සමාජෙ එහෙම තමයි.පිරිමින්ට ඕනෙ තරම් රාගික වෙන්න, ලිංගිකත්වය ගැන කතා කරන්න පුළුවන් උනත් (එහෙම නොවුනොත් තමා පිරිමි කොන් වෙන්නේ ) ගැහැනුන්ට එහෙම වෙන්න අයිතියක් දීලා නෑ.ඒක ඒ අයට තහනම්.මේ හේතුව නිසා ගැහැනු තමන්ගේ ආශාවල් වගේම හැඟීමුත් හංගන්න පුරුදු වෙනවා.සමහර වෙලාවට තමුන්ගේ ස්වාමි පුරුෂයාගෙනුත්!!!

නමුත් දැන් ක්‍රමයෙන් කාන්තාවන් තමුන්ගේ ලිංගික අයිතිය සහ සිය අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටින්න පටන් අරන්.ඉල්පී පෙනුනු සිය අංගෝපාංග ගැන ලැජ්ජා උනු ගෑනු දැන් ඒවා ගැන ආඩම්බර වෙන්ඩ පටන් අරං.මීට කලිං මේ විදිහට ඇති ප්‍රධාන අවයවය ගැන කතා කළානෙ.අද කියන්ඩ යන්නේ කාන්තා පශ්චාත්භාගය ගැන.

අතීත කවියා ගෑනු පස්ස ගැනත් නොසෑහෙන්ඩ කියලා තියෙනවා.පූර්ණ කුම්භයකට හෙවත් පිරුණු කළයකට, පළලින් කරත්ත රෝදයකටත් වගේම විශාල පුලින තලාවකට හෙවත් වැලි තලාවකටත් මේ පස්ස උපමා කරලා තියෙනවා.මේ පස්ස කැපී පෙනෙන්න නම් කුඩා උදරයක් තිබිය යුතු නිසා (දෘෂ්ඨි මායා ) මන්දෝදරීලාත් ඒකාලයේ අගය කිරීම්වලට ලක්වෙලා තියෙනවා.

සිවුපා සංචරණය කළ අපේ පූර්වජයින් දෙපාවත් වීම සඳහා සිරුර සෘජු කරගනිද්දී පස්සා ප්‍රදේශය සාදන 'ග්ලූටියස් මැක්සිමස්' නම් පේෂිය පසු පසට නෙරා යාම නිසා අපිට සාපේක්ෂකව විශාල පස්සක් ලැබී තියෙනවා.කාන්තාවන්ගේ මේදය තැන්පත් වීම නිසාත් පළල් ශ්‍රෝණි අස්ථි පැවතීමත් නිසා පස්ස තවත් විශාලවයි පේන්නෙ.

කාන්තා පස්ස කියන්නේ දෘෂ්ඨිමය ලිංගික උත්තේජනයක් සපයන අවයවයක්.මේ ගැන ඉතිං පන්ති යන කාලේ ඉස්කෝලේ යන කාලේ බස් හෝල්ට්වල සහ කඩවල රස්තියාදු ගහපු කොල්ලන්ටනං කියලා දෙන්ඩ ඕනේ නෑ.ඒවා අගය කිරීම, ඒවා විචාරයට ලක් කිරීම, හොඳ සාධක වගේම නරක සාධකත් එකී නරක සාධක අඩුකර ගැනීමට කළයුතු ප්‍රථිකර්ම පවා කෙල්ලෙක් දැකපු ගමන් කොල්ලො උන් උන් අතර කතා වෙනවා.

කෙල්ලොත් මේ බව හොඳට දන්නවා.ඒක පැහැදිලි වෙන්නේ මේ බොහොම සීරුවට ඇවිදගෙන එන කෙල්ලො මොක්කු හරි කොල්ලො ටිකක් 'ආ නංගී හා...හා.... හැඩයි ආ......' කියලා කියපු ගමං පස්ස පද්දන්ඩ පටන් ගන්න එකෙන්.මේක අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.සැකනං ඔයාලව පහුකරගෙන යන කෙල්ලෙක්ට ඔය විදිහට මොනවා හරි කියලා බලන්ඩ.පස්සට ඒ ඈයෝ මොකද කරන්නේ කියලා. (මෙහිදී සිදුවිය හැකි හදිසි අනතුරු ආපදා කිසිවකට කතුවරයා වගකියනු නොලැබේ.) අනික ඔය 'කැට් වෝක්' එහෙම නැත්තං 'බිළාල ගමන' පුරුදු වෙන්නෙත් ඕක හොඳට ලතාවට පද්දලා යන්ඩනෙ.

ගෑනු පස්ස මේ විදිහට ලිංගික උත්තේජනයක් සපයන එක තරමක් ගැටළු සහගතයි නේද?ඒකට හේතුව මේකයි.විශාල පස්සක් කියන්නේ ශ්‍රෝණි අස්ථිත් පළල් කියන එකයි.ශ්‍රෝණි අස්ථි පළල් උනාම දරුවෙක් ප්‍රසූත කරන්න පහසුයි.ඒකනේ පිරිමින්ට වඩා ගැහැනු පස්ස විශාල වෙන්නෙ.දරුවෙක් බිහිවෙන මාර්ගය කුඩා උනොත් ප්‍රසූතියේදී දරුවා හිර වීම නිසා දරුවාගේ වගේම අම්මාගෙත් ජීවිත අනතුරට ලක් වෙන්න පුළුවන්.

ඒ නිසා පරිණාමිකව පිරිමින්ට උරුම වෙලා තියෙනවා ලොකු පස්සවල් සහිත ගැහැනුන් වෙත විශේෂ ඇල්මක්.මෙහෙම විශාල පස්සවල්වලට කැමති නැති සහ තුනී ලෑලි සංස්ථාවේ නිශ්පාදනවලට ප්‍රිය කරන ඈයොත් ටිකක් ඉන්නවා.ඒවා ඉතිං අපගමන විදිහට තමයි සළකන්න වෙන්නෙ.ඒ වගේම විශාල දෑවැද්දක නිශේධ බලය විශාල පස්සකට ඇති ඇල්ම අභිබවා ගියා වෙන්නත් පුළුවන්.


ඉස්සර අපේ රටේ ගෑනු උදවිය 'හෙරලි' හෙවත් කොස්වල ඇති පස්ස වර්ධනය කිරීමේ ගුණය දැනගෙන හිටියා.ඒ විතරක් යෑ ඒ අය ඔය හොඳට මිරිස් ගලේ ඇඹරීම, මෝල්ගහෙන් පිටි කෙටීම වගේ එදිනෙදා කටයුතු කරපු නිසා අමතර ව්‍යායාමයක් නැතුවම පස්ස ලොකු උනා වගේම බඩත් අඩු උනා.එතකොට පිරිමි ආකර්ශනය කරගන්ඩ පුළුවං පස්සවල් ඒ ඇත්තන්ට ලැබුණා.ඔය කොච්චරවත් කතා තියෙන්නේ කෝරළේ මහත්තුරු, ආරච්චිරාළලා තමුංගේ ගෙදර සැපට හැදිච්චි අඹු සිඟිත්තෝ ගණන් නොගෙන ඔය වැඩට ඉන්න ගෑනු උදවිය පස්සෙම ගියා කියලා.ඕකයි රහස.

කාලේ වෙනස් වෙනකොට මේ දේවලුත් වෙනස් උනා.බ්ලෙන්ඩර් එකේ පැය ගාණක් පිටි කෙටුවත් පස්ස හැදෙන්නෑනෙ.ඒ වගේම බඩ අඩුවෙන්නෙත් නෑ.අනික අපේ ගෑනු ඕවට ව්‍යායාම එහෙම කරන්ඩත් කැමති නෑනෙ.මොකද ඒවා වෙහෙසකරයි නේ.ඔන්න කොණ්ඩේ කෙළිං කරනවා වගේ රූපලාවන්‍ය වැඩවලටනං හා.මොක්ද ඉතිං ඒවයෙ තියෙන්නේ ඉඳං ඉන්ඩ නොවැ.කිසි මහන්සියක් නෑ.සල්ලි යන්නෙත් කොල්ලගෙං හරි ස්වාමි පුරුසයාගෙන් හරි නෙ.අඩි උස සපත්තු දැමීමේ අරමුණත් ඔය පස්ස උළුප්පා පෙන්වීම තමයි.ඒත් ඉතිං ඔය බස් එකේ කෝච්චියේ යන අපේ රටේ බහුතරයක් ගෑනු පරාණ ඕවා දාන්ඩ බයයි.ඒවා දාගෙන කෙල්ලෙක් ආවොත් පිරිමි ඒ අයගේ ළඟ ඉන්නෙවත් නෑනෙ.


ඉතිං මේ ඔක්කොටම විසඳුමක් විදිහට පුරාණ සිංහල කෙමක් මම හොයාගත්තා. 'පුස්ස ම්බාලංකාරය' කියන පැරණි පුස්කොළ පොතේ තමයි මේ බව සඳහන් වෙන්නේ.


මුළින්ම ඔබේ වර්ථමාන පස්සේ පරිමාව මැනගන්න ඕනේ.මේ සඳහා තරල විස්ථාපන ක්‍රමය තමයි පාවිච්චි කරන්ඩ ඕනෙ.ඔය පහළ රූපයේ තියෙන විදිහට එක විශාල හිස් භාජනයක් ගන්න (හරස්කඩ වර්ගඵලය වැඩි විය යුතුය.).ඊට පස්සේ ඒක ඇතුලෙන් තවත් භාජනයක් තියලා ඇතුලෙන් තියපු භාජනයේ කට ළඟටම වතුර පුරවන්න.ඕනෑම දියර වර්ගයක් යොදා ගත හැකි නමුත් ජලය වඩා යෝග්‍ය වේ.මෙහිදී යටින් ඇති අනෙක් භාජයට වතුර පිරීම වැළැක්විය යුතුය.



ඉන්පසු ඇතුලේ ඇති භාජනය නොසෙල්වෙන සේ අල්ලාගන්න ඔබේ සහකරුට පවසා ප්‍රවේසමෙන් වතුර කැලැත්තෙන්නේ නැතිවන සේ ක්‍රමයෙන් ඔබේ පස්ස වතුර භාජනයේ ගිල්වන්න.මෙහිදී ඔබගේ සහකරුට ඔබගේ පස්ස නිසිපරිදි වතුරේ ගිල්වෙන බව බලන්නැයි පැවසිය යුතුය.පස්ස පමණක් වතුරේ ගිල්විය යුතු අතර පිට හෝ කකුල් වතුරේ ගිලුනොත් ගණනය කිරීමේ දෝශ ඇතිවේ.තවද පස්ස වැඩිපුර ගිළුනහොත් පරීක්ෂණය නැවත සිදුකළ යුතු අතර පස්ස නැවත ඉස්සීමෙන් පළක් නොවේ.


ඉන්පසු ඔබ ප්‍රවේසමෙන් භාජනයෙන් ඉවතට පස්ස ගත යුතුය,මෙහිදීද වතුර කැළැත්තීමක් සිදු නොවන සේ ප්‍රවේසමෙන් හා ඉවසීමෙන් කටයුතු කළ යුතුය.දැන් පිටත භාජනයට එකතු වී ඇති ජල පරිමාව ලීටර්වලින් මැන ගන්න.ඉන්පසු සුළු ගණනය කිරීමක් අවශ්‍ය වේ.



ජලය පරිමාව X ඔබේ බර /( ඔබේ උස X ඔබේ උස ) + ඔබ වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන පරිමාව (ලීටර්වලින් )






මෙම සූත්‍රය මගින් ඔබට යම් අගයක් ලැබේවි.එම අගයට සමාන බරක් මයික්‍රෝ ග්‍රෑම්වලින් 'යීස්ට්' කිරාගෙන නින්දට පෙර පස්ස මැද බෙදුමට දමන්න.පසුවදා උදේට ඔබ පැතූ ප්‍රමාණයටම පස්ස පිපී ඇති බව ඔබට දැකගන්න ලැබේවි.





20 comments:

  1. දැන් ඉතින් හෙට ඉදන් කොළඹ අවට ලොකු පස්සක් තියෙන අය දැක්කෑකි. අපේ අප්පෝ මේවා බලාගෙන අපි කෝම වැඩට යන්නෙයි. හික්ස් :)
    අඩේ දිනුක මලයටත් හිතෙන මෙවුවා... :)

    ReplyDelete
    Replies
    1. තව පොඩ්ඩෙන් අමතක වෙනවනේ, අර සූත්‍රයෙන් ගාන හදද්දි වැරදිලා ඩෝස් එක වැඩි උනොත් එහෙම පස්ස නොසිතූ ලෙස ලොකු වීමෙන් ත්‍රිමාණ අවහිරතා ඇතිවීමට ඉඩ ඇත.කෝච්චිවලට අමාරුවෙන් නැගගන්ඩ පුළුවං උනාට බස්වලටනං නගිනවා බොරු.

      ගෑනු පස්ස තියෙන්නේ බලන්ඩනේ මධුරංගයියා.බලන්ට බලන්ට නැත්තං ඒ ඇත්තියංගෙ හිත් රිදෙනවා නොවැ.

      Delete
  2. මලා ඔය පෙන්නුවේ මඟක් පස්ස පුම්බ ගන්න
    දැන් ඉතින් පස්සවල් පපඩම් වගේ උදවිය යයි පාරේ

    ReplyDelete
    Replies
    1. 'පස්ස පපඩම් වගේ' හික් හික් මරු කතාව.ටිකක් ලොකු පස්සක් දැක්කොත් පොඩි තට්ටුවක් හෙම දාලා බලන්ඩ.මේ ක්‍රමේට හදපු එකක්නං අතට දැනෙයි.නැත්තං කනට දැනෙයි (කුඩ පාර හෝ සෙරෙප්පු පාර )

      Delete
  3. බොගේ ඔලුව වැදුනද ලඟකදි කොහේ හරි?ලඟකදි ඉඳන් ලියන ඒවා දැක්කම එක එක ඒවා හිතෙනවා :D
    මාත් ටික කාලෙකට කලින් ලිව්වා ගෑනුන්ගේ අලි පස්ස කියලා පෝස්ට් එකක්!

    ReplyDelete
    Replies
    1. මතකයි මතකයි.මමත් කියෙව්වනේ ඒක. මේ දවස්වල පොඩ්ඩක් විතර කොයිල් වගේ මචං.මටැ හිතෙනවා මගේ ඔළුවට කොම්පියුටර් වයිරස් එකක් ගිහිල්ලා ඩේටා ටිකට කෙළවේගන යනවා කියලා. (ඩිලූෂන් එකක්ලු ඈ.....)

      Delete
  4. Replies
    1. BMI කියන්නේ 'බඩ මැද ඉණ' කියන එකද? ඔය බඩ ගොඩක් ආවම කලිසම අඳින්නේ බඩ මැද්දෑවටනෙ.

      Delete
  5. මේ කොලුවත් දන්න දේවල් :D

    ReplyDelete
    Replies
    1. කොල්ලා දස්සයා.කවදා හරි ස්ටීවන් හෝකින්ග්ස්ටත් එහා තැනකට එනවා.(ඒ කියන්නේ වොයිස් මැෂින් එකවත් නෑ )

      Delete
  6. හොද හොයා ගැනීමක් නොවැ

    ReplyDelete
    Replies
    1. මෙව්වාට ඉතිං පිං දෙන්ඩ ඕනෙ අපේ පෙර හෙළ ඇඳුරන්ට තමයි. හැබැයි මම වගේ නෙමෙයි වෙන එකෙක් මේ පොත හොයා ගත්තනං තමංගේ කෙල්ලව මොඩිෆයි කරගෙන පොත හංගනවා.මම ඉතිං එහෙම නෑනෙ.හැම දේම බෙදා හදාගෙන කාලා තමයි පුරුදු.

      Delete
  7. අෆ්ෆෙ මට තියෙන තුනී ලෑලි සංස්ථාවේ නිශ්පාදනය මට හොදයි හික් හික්..........

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ලොකු දෑවැද්දක් ඇති නොවැ.

      ලිපියෙ දාන්ඩ බැරි උනා.තවත් ක්‍රමයක් තියෙනවා ඔය ක්‍රියාවම සිද්ද වෙනවා.හැබැයි ටිකක් අනතුරු දායකයි.

      මුළින්ම මුළු ඇඟම ආවරණය වෙන විදිහට ඇඳුම් ඇඳ ගන්ඩ ඕනේ.මුළු ඇඟම වහගෙන හැබැයි පස්ස විතරක් එළියෙ තියෙන්ඩ ඕනේ.
      දැං කරන්ඩ තියෙන්නේ ලොකු සයිස් දෙබරයක් හොයාගෙන ගිහිල්ලා ගලක් ගහන්ඩ දෙබරෙට.ඔබට වටකුරු වූත් රක්ත වර්ණයෙන් දිදුලන්නාවූත් ආශ්චර්යමත් පස්සක් ලැබේවි.

      Delete
  8. යකෝ අපේ ඔෆිස් එකේ ගෑණු සේරම ඕක කළොත් නිකං බේකරිය වගේ තියෙයි නේද?

    ReplyDelete
    Replies
    1. ඉතිං මරුනේ බං.ඔය ක්‍රමේ භාවිතා කරපුවාම වැඩි වෙලාවක් අපහසුවක් නැතුව ඉඳගෙන ඉන්න පුළුවං කියලා තමයි පුස්ථකයේ තියෙන්නෙ.

      Delete
  9. apoiiii mokakdha bole me.... hik hik hik.......... hina kotiyai.... :D

    Nisupa

    ReplyDelete
    Replies
    1. හූ හූ දුවගෙන ආවා නේද පුස්ස පම්බාලංකාර කරගන්ඩ.....ඕනෙමනං ට්‍රයි කරලා බලන්ඩ.අතුරු ආබාධවලට වගකියනු නොලැබේ.

      Delete
  10. Hip thrust and squats gahapan dinuka😁😁

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...