කාන්තාරෙ කරක් ගහල
උඹලත් ආවද
පොරොන්දු උනු දේශෙට
දේශයක් කිව්වට
මෙහෙ තියෙන්නෙ
අතු පතර දිරාගිය
තනි ගහක් විතරයි
පමා වෙලා ආව පවට
සලකාගෙන ඉන්ඩ ඕනෙ
කලින් මෙහේ ආව අයට
කලින් මෙහේ ආව එකට
එන'තර ඔබ මග නොරැඳී
සිත් පැහැදී
ඉහ අතගා කනට කොඳුල
නෙක නෙක විසිතුරු පොරොන්දු
නොහැක දෙන්න
මෙහෙ නැහැ සැප
ඒ උනාට ටිකක් විතර
වෙහෙස උනොත්
ඇහැක් වේවි හොයාගන්ඩ
කන්ඩ ටිකක්
බොන්ඩ යමක්
ඉඳං ඉන්ඩ හෙවන තැනක්

ට්‍රයි කරන්ඩ
කෝම හරි නැගගන්ඩ
තවත් උඩ අත්තකට
එතකොටනං
සැප වැඩිවෙයි
ටිකක් විතර
අපෝ අපිත් රැවටුනා
දැං එච්චර ගානක් නැහැ
අපිත් දන්නෙ ආවට පස්සෙ
මේකට කියන්නෙ
"පච ගහ" කියල
දැං ඉතිං ආයෙ යන්ඩයැ!
No comments:
Post a Comment
දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...