03 May 2011

      නෝවා

                                  නිලෙන් දුල සිත් අහස
තුටු වලා පොදි බඳින
දැදිරි විය හෙණ හඬින්
විදුලි සැරයෙන් නැඟෙන

දසත පැතිරිනි
විදුලි ආලෝක රේඛා
මහ කඳුළු නොනැවතී
හඬ වැටුනා අහස

පෙර තැනූ හද නැවේ
තටු සලන දිව යනෙන
බඩ ගගා ඇදී යන
හැම මතක හා හැඟුම්
තෙරපෙමින් පොදි කමින්
යලි යලිත් යලි යලිත්
හිරු නඟිනු හිරු බසිනු
බල බලා ලතැවුනා

මැවු සිහින දූපත් ද
කඳු මුදුන් හිම පිරුණු
යටවෙලා සැඟවිලා
මහා සැඩ දිය රළට

ඒ නමුදු හිම සදිසි
ධවල පැහැ පරවියා
කෙදින හෝ ගෙන ඒවි
වෙරළු කිනිත්තක් තුඩඟ

No comments:

Post a Comment

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...