ශුන්‍ය පරිමාවක
දිග පළලක් නැති
හිටියෙ අපි
ගුලිවෙලා එකට
අතීතයක්
අනාගතයක් තියා
තිබුනෙ නෑ අපිට
වර්තමානයක්වත්
'බුම්ම්ම්.........'
මහා පිපිරුම.....
ඊට පස්සෙ තමයි
ඇරඹුනේ කාලය
31 May 2011
29 May 2011
කලා අංග සහ විකලාංග
මම අද මගෙ ප්‍රේමවන්තිය ඒ කිව්වෙ කවද හරි බඳින්න හිතාගෙන ඉන්න ගෑනු දරුවත් එක්ක නිවාඩු දවසනෙ කියල ගියා කලා රසවින්දනයක් හොයාගෙන.අපි ගියා ගම්පහ එක්තරා සිනමා ශාලාවකට.ඒකෙ ඉස්සරහ ගහල තිබුණ "මහින්දාගමනය" කියල.ඉතිහාසය කියන විදියට අපි ශිෂ්ඨ උනේ ඔන්න ඔය කියන සිද්ධියට පස්සෙලුනෙ.ඉතිං මහා ප්‍රෞඪ ඉතිහාසයක්(පමණක්?) තියෙන ජාතියක වර්තමාන පුරුක් දෙකක් විදිහට අපිත් ගියා ඔන්න ඔහේ අපිත් බලමු කියලා.මොකද අපි සාමාන්‍යයෙන් අපේ දේශීය චිත්‍රපට බලන්ඩ යන්නෙ නැති නිසා.
ඔන්න ඉතින් අපිත් දේශමාමක බලවේග ගොන්නෙන් අහකට විසිවෙයිද දන්නැහැ.ඒ උනත් ඉතින් කලිසම ගලවන් ගියත් ඇත්ත කියන්න ඕනෙ නිසා කියන්නෙ.සිංහල චිත්‍රපටි ගොඩක් වෙලාවට හරි චාටර්.චාටර් කියන්නෙ ගන්ඩ කියල යමක් ඇත්තෙම නැහැ.වසරේ විකට චිත්‍රපටිය කියල රට පුරා පෝස්ටර් එහෙම ගහල පටන් ගන්නව.මම කියන්නැහැ කාටවත්ම ඒවට හිනායන්නැහැ කියල.ඒවට හිනාවෙන පිරිසකුත් ඉන්නව.හරි ටිකයි හැබැයි.
අපිත් ඉතිං පන්ති කට් කරපු කපල් අස්සෙං රිංගගෙන ගියා ඇතුලට.ප්‍රේම පුරවරයක් ඒක.බණින්ඩ අයිතියක් අපිට නැහැනෙ.අපි පන්ති කට් කරල චිත්‍රපටි බලපු තරං. දන්නවනං කැම්පස් එකෙනුත් එලවනව ෂුවර්.
ඕක ගැන කියල වැඩක් නැහැ දැං.මම කියන්ඩ හැදුවෙ මහින්දාගමනය ගැනනෙ.කෙටියෙං මෙහෙම කිව්වැකි.චරිත ගොඩක්, සිද්ධි ගොඩක්, නිකංම නිකං වාර්ථා චිත්‍රපටියක්.ඒක වාර්ථා චිත්‍රපටියක් විදිහටම හැදුවනං ඔයිට වඩා හොඳයි.අපේ රටේ සිනමාව කඩං වැටිලලු.රූපවාහිනිය, අන්තර්ජාලය, ප්‍රෙක්ෂකයින්ගේ රසවින්දනය අඩුයි කියල බැණ බැණ ඉන්නැතුව හොඳට අධ්‍යයනයක් එහෙම කරල පරණ හින්දි චිත්‍රපටි කොපි කරන එක නවත්තල අර අතලොස්සක් හදපු විශිෂ්ඨ නිර්මාණ වගේ නිර්මාණ ටිකක් හදල බලන්ඩකො.ඔය හෝල්වල සෙනඟ පිරෙන්නැද්ද කියල.
ඔන්න ඉතිං ඕක බලල ඔක්කාර ගතිය ටිකක් අඩු උනාට පස්සෙ අපි ගියා 'මනමේ' බලන්ඩ.ඔව් අපිට විකාර තමයි.හැබැයි ඒ විකාර ජීවිතේ තියෙනව මහ පුදුම ලස්සනක්.
මනමේ තිබ්බෙ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාල ශාලාවෙ.හෝල් එකනම් අප්සට්.නාට්‍යයක් පෙන්නන්ඩ කොහෙත්ම ගැලපෙන්නැහැ.පුටුත් නිකංම නිකං ලෑලි පුටු.ශරීරය කෘශ වීමේ පාපය දැනෙන්ඩ ගත්තෙ නාට්‍යය පටං ගන්ඩත් කලිංමයි.
ඔන්න පටං ගත්තා නාට්‍යය. "සකල බ්‍රහ්ම සුර නර මස්තකයෙහි සැදූ ශ්‍රී විභූෂිත පා කමල්..........."මට ලෑලි පුටුවයි පුටුව හදපු බාස්වයි අමතක උනා.
මම කලිං මනමේ බලල තියෙනව තමයි.ඒත් මෙව්ව අළුත් වගේ ආයිත් බලන්ඩ පුලුවං විදිහට තමයි සරච්චන්ද්‍ර මාස්ටර් හදල තියෙන්නෙ.චුල්ල ධනුද්ධර ජාතකය කියෝපු අය දන්නව සරච්චන්ද්‍ර මාස්ටර් මේක කොච්චරක් දුරට වෙනස් කරල තියෙනවද, කලා නිර්මාණයක් විදිහට කොච්චරක් හැඩගස්සල තියෙනවද කියල.චුල්ල ධනුද්ධර එක අන්තෙක, රශොමාන් තව පැත්තක්, මනමේ තවත් පැත්තක්.පුදුමයි.තුනම වෙන වෙනම මනෝභාව මවන නිර්මාණ.
හොඳ කලා නිර්මාණයක් කියන්නෙ ප්‍රේක්ෂකයා හිතන්ඩ පොළඹවන දේකට, එහෙම නැතුව බලල ඈනුමක් එහෙම ඇරල ඔක්කොම අමතක කරල ගෙදර යන්ඩ පුළුවං නිර්මාණ නෙමෙයි.දෙබිඩ්ඩෝ,කළම්බෝ එහෙම අළුත් විශිෂ්ඨයි කියල කියන්ඩ පුළුවං වේදිකා නාට්‍යය.අළුත් හොඳ චිත්‍රපටියක් කියන්ඩ එකක් නැති එක තමයි අවුල.මක් කරන්ඩද අපි උපන්නෙ ක්‍රිකට් සහ යුද්දෙට පමණක් හපන් ජාතියකනෙ.මම කියන්නෙ ඒ දෙක නරකයි කියල නෙමෙයි.ඒත් ඉතිං එච්චරනෙ අපිට තියෙන්නෙ.
බලමු කවදා හරි අපේ චිත්‍රපටියක් බලල ඇවිත් ඇඳට වෙලා ලයිට් එකත් ඕෆ් කරං පැය දෙකක් වත් හිත හිත ඉන්ඩ පුළුවං දවසක් එයිද කියලා.අන්න එදාට පුළුවං අපිට කියන්ඩ ඕන්න අපිත් යුධ මානසිකත්වයෙං මිදුනා කියලා.

මදුරුවා
නින්ද යාගෙන එනකොට
කූං ගාල ඇහැරවනව
කන්නෙත් හොඳට බලල
කසාගන්නවත් අමාරු තැනක්මයි
කාටවත් බැරිද
දාල දෙන්ඩ
මගෙ හිතටත්
මදුරු දැළක්
කූං ගාල ඇහැරවනව
කන්නෙත් හොඳට බලල
කසාගන්නවත් අමාරු තැනක්මයි
කාටවත් බැරිද
දාල දෙන්ඩ
මගෙ හිතටත්
මදුරු දැළක්
28 May 2011
අතිගරු එස්. බී. දිසානායක මැතිතුමා වෙත,
අතිගරු එස්. බී. දිසානායක මැතිතුමනි, ඔබතුමන්ලා රටේ අභිවෘද්දිය වෙනුවෙන් ගෙන ඇති දූරදර්ශී ප්‍රඥාවන්ත නොයෙකුත් තීරණ නිසා ප්‍රතිගාමී බලවේග මොනවා කීවත් අපේ පුංචි රට ඉතාමත් සීඝ්‍ර ලෙස සංවර්ධනය වෙමින් පවතින බව සියල්ලන්ටම නොරහසකි.එහෙත් මේ දියුණුවට, ජනතාවගේ ජීවිත සුඛ්ත මුදිත කිරීමට ඔබතුමන්ලා විඳින්නාවූ අපමණ දුක් කම්කටොළු අපේ රටේ බොහෝ දෙනෙකුට පේන්නේ නැත.ඔවුහු මේ රට ලබන්නාවූ දියුණුව කෙරෙහි ඊර්ශ්‍යාවෙන් කකුලෙන් ඇදීමට තැත් කරති.විනයෙන් තොර ශික්ෂණයක් නොමැති පිරිසක් සිටින විට ඔවුන්ට සේවය කිරීම කෙතරම් අපහසුදැයි ඔබතුමන්ලාට මේ වන විට ප්‍රත්‍යක්ෂ වී ඇතුවා නිසැකය.එ නිසාය ඔබ තුමන්ලා රටේ විනය ඇති කිරීමේ භාරධූර කර්තව්‍යයට මුල පුරන්නට ඇත්තේ.
එකී දුෂ්කර කර්තව්‍යය අපේ යුධ හමුදාවට බාර දීම තරම් ප්‍රඥාගෝචර ක්‍රියාවක් තවත් නැත.මෑත ඉතිහාසයේ ඉතාමත් විනයානුකූලව කටයුතු කළ,උගත් බුද්ධිමත් පිරිසකගෙන් යුක්ත වන ලංකාවේ එකම ආයතනය යුධ හමුදාවයි.

එමෙන්ම අපේ රටේ සමස්ත සංවර්ධන ක්‍රියාදාමයම කඩාකප්පල් කිරීමට කටයුතු කරන්නේ නොහික්මුණු, රජයේ තීරණ වලට හිස නොනමන, කඩාකප්පල්කාරී අඥාන විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවයි.සෑම වසරකම නවකයින් ලෙස විශ්වවිද්‍යාල වලට ඇතුලත්වන, ස්වාධීන ලෙස තීරණ ගැනීමේ හැකියාවෙන් වියුක්ත අඳ බාල බහුතර ශිෂ්‍ය ප්‍රජාව නොහික්මුණු සිසුන් දෙතුන් දෙනෙකු විසින් බිය ගන්වා ඔවුන්ගේ න්‍යායපත්‍ර වලට අනුව කටයුතු කිරීමට යොදාගනිති.
ඉන්පසු එකී අඳ බාල ශිෂ්‍යයින්ව තර්ජනය කිරීම මගින් මහ මගට බස්සවා කිසිඳු වැදගැන්මකට නැති ඉල්ලීම් වෙනුවෙන් උද්ඝෝෂණ කිරීමට සලස්වති.සුළුතර මැර ශිෂ්‍යයන් නිසා අසරණ වන බහුතරයක් සිසුන් පෙම් කිරීමට හෝ පුස්තකාලයට ගොස් සිය අධ්‍යයන කටයුතුවල යෙදීමට නොහැකිව ඉතාමත් දුක්ඛිත ජීවිතයක් ගෙවති.බුද්ධිමත්ව විමසා බලන විට ඇත්තෙන්ම විශ්වවිද්‍යාලවල ප්‍රශ්න නැත.දේශන ශාලා, පුස්තකාල පහසුකම්, විද්‍යාගාර පහසුකම් හා උපකරණ, සංගීත භාණ්ඩ ආදිය ඕනෑවටත් වඩා වැඩියෙන් විශ්වවිද්‍යාලවලට ලබා දී ඇත.එපමණ සේවයක් ඉටු කරන ඔබ තුමන්ලා කෝටියකට දෙකකට වාහනයක් ගත් විට දොස් කීම අකෘතඥ වීමකි.
විශ්වවිද්‍යාල සිසුන් අතුළු බහුතරයක් රටේ ජනතාව සැප විඳිද්දී ඔබතුමන්ලා පමණක් දුක් විඳීම අසාධාරණය.ඔබතුමන්ලාගේ පහසුවට ලබන අයවැයෙන්වත් මුදලක් වෙන් කළ යුතු බවට ජනතාව හඬ නැගිය යුතුය.
ඔබතුමන්ලාට එහෙමවත් සහනයක් ලබාගැනීමට නොහැකි වී තිබෙන්නේ මේ කඩාකප්පල්කාරී විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් නිසාය.විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන්ගේ වැටුප් ගැටළුව පිටුපසද ඉන්නවා ඇත්තේ මේ අත්තනෝමතික විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ම විය යුතුය.පුද්ගලික අංශයේ අභිව්වෘද්දිය තකා ඔබ තුමන්ලා ගෙන ආ විශ්‍රාම වැටුප් යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් පොලඹවන්නට ඇත්තේද මෙකී අමනෝඥ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්මය.
ඔබතුමන්ලාටද දැන් තේරුම් ගොස් ඇති ආකාරයට රජයේ විශ්වවිද්‍යාල වලින් පිට වන්නේ සමාජ අභිවෘද්දියට අනවශ්‍ය, යල් පැනගිය දැනුමෙන් යුක්ත, පලදායී නොවන තරුණ පිරිසක්ය.ඒ පිළිබඳව අපටද පැහැදිලි වූයේ දකුණු පලාතේ දුම්රිය මාර්ග සංවර්ධනය කළ විටය.දුම්රිය මාර්ගය ඉහළට එසවූ විට බිංගෙයද ඉහළට එසවිය යුතු බව ඒ අමනොඥයන්ට මතක් උනේ නැත.ඔබතුමන්ලා මෙන් තීක්ෂණ බුද්ධියෙන් යුතු පිරිසක් එතන සිටියානම් දුම් රිය එන්ජිම අනතුරට පත්වන්නේ නැත.
ප්‍රභාකරන්ගේ මරණය සැමරීමට වෙන දිනයක් තෝරාගැනීමද ඉතාමත් බුද්ධිමත් තීරණයකි.බුදු තෙමඟුලෙන් පහන් සංවේගයට පත්ව සිටින ජනතාවක් සහිත පින්කෙතක් වන් වූ දේශයක තවත් මිනිහෙකුගේ මරණය සැමරීමට එදිනම යොදා ගැනීම යෝග්‍ය නොවන බව ඔබ තුමන්ලාගේ සියුම් බුද්ධියටම මිස අපටනම් වැටහී නොයාමට ඉඩ තිබුණි.ඔබ තුමන්ලාගේ ස්ථානෝචිත ප්‍රඥාවට පින් සිදු වන්නට අපට තවත් නිවාඩු දිනයක් හිමි විය.

එවන් වූ තියුණු බුද්ධියක් අප අසරණ විශ්වවිද්‍යාල තරුණයන්ටද ලබාගත හැකිවන උගත් බුද්ධිමත් යුද හමුදාව විසින් මෙහෙයවන නායකත්ව පුහුණු වැඩමුළුවේ කාලෝචිත බව අපටනම් වැටහී ඇත.මේ නව පුහුණුව අළුත් අත්දැකීම් ගොන්නක් ලෙස දකින්නට බහුතරයකට නොහැකිවී තිබෙන්නේ බුද්ධි හීන භාවය නිසා යැයි අපටනම් සිතේ.කඳවුරට පැමිණෙන අලින් එළවීමට ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද? කොළඹ හැදෙන දරුවෙකුට සර්ප දෂ්ඨණයක් යනු සිහිනයක්ම පමණි.නාන්නේ නැතිව දින පහ හයක් ඉන්නට ලැබෙන්නේ එහෙමත් ළමයෙකුටය.වැස්සට හරි තෙමෙනවාය.ඉතින් මෙවන් වූ අත්දැකීම් සමුදායක් සති තුනක් තුළ ලබා දීම ම අගය කළ යුතුය.එසේ වූ බුධිමත් තීරණයට එරෙහිව මොරදෙන සිසුන් විශ්වවිද්‍යාල වලින් නෙරපිය යුතුය.
ඔබතුමන්ලාගේ බුද්ධිමත් සියළු තීරණ ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගන්නා විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් බිහි කළ යුතුමය.ඒ සඳහා මෙකී නායකත්ව පුහුණුව නොසෑහේනම් අතිගරු දසසිල් පාඨලී චම්පික ඇමතිතුමා හා එක්වී විශ්වවිද්‍යාල සිසුන්ට තාවකාලික පැවිද්ද ද සති පහකට හෝ ලබා දෙන මෙන් යටහත් පහත්ව ඉල්ලා සිටිමි.
ඔබතුමාට දීර්ඝායු වේවා!
මීට යටහත් පහත් කීකරු,
එහෙයිපාල.

25 May 2011
මළාට පසු
දොස්තර මහත්තයෝ
වෘත්තීය සඟයින්ට නොදී
ගොඩ ගහගත්ත
නම්බුනාම
ඔක්කොම දැම්මා වලට
දැං වල වහන්න
කපපු පස් ටිකත් මදි
වෘත්තීය සඟයින්ට නොදී
ගොඩ ගහගත්ත
නම්බුනාම
ඔක්කොම දැම්මා වලට
දැං වල වහන්න
කපපු පස් ටිකත් මදි
22 May 2011
21 May 2011
18 May 2011
අවුරුදු හතලිහක්
කාන්තාරෙ කරක් ගහල
උඹලත් ආවද
පොරොන්දු උනු දේශෙට
දේශයක් කිව්වට
මෙහෙ තියෙන්නෙ
අතු පතර දිරාගිය
තනි ගහක් විතරයි
පමා වෙලා ආව පවට
සලකාගෙන ඉන්ඩ ඕනෙ
කලින් මෙහේ ආව අයට
කලින් මෙහේ ආව එකට
එන'තර ඔබ මග නොරැඳී
සිත් පැහැදී
ඉහ අතගා කනට කොඳුල
නෙක නෙක විසිතුරු පොරොන්දු
නොහැක දෙන්න
මෙහෙ නැහැ සැප
ඒ උනාට ටිකක් විතර
වෙහෙස උනොත්
ඇහැක් වේවි හොයාගන්ඩ
කන්ඩ ටිකක්
බොන්ඩ යමක්
ඉඳං ඉන්ඩ හෙවන තැනක්
නිකන් ඉඳල හරියන්නැහැ
ට්‍රයි කරන්ඩ
කෝම හරි නැගගන්ඩ
තවත් උඩ අත්තකට
එතකොටනං
සැප වැඩිවෙයි
ටිකක් විතර
අපෝ අපිත් රැවටුනා
දැං එච්චර ගානක් නැහැ
අපිත් දන්නෙ ආවට පස්සෙ
මේකට කියන්නෙ
"පච ගහ" කියල
දැං ඉතිං ආයෙ යන්ඩයැ!
කාන්තාරෙ කරක් ගහල
උඹලත් ආවද
පොරොන්දු උනු දේශෙට
දේශයක් කිව්වට
මෙහෙ තියෙන්නෙ
අතු පතර දිරාගිය
තනි ගහක් විතරයි
පමා වෙලා ආව පවට
සලකාගෙන ඉන්ඩ ඕනෙ
කලින් මෙහේ ආව අයට
කලින් මෙහේ ආව එකට
එන'තර ඔබ මග නොරැඳී
සිත් පැහැදී
ඉහ අතගා කනට කොඳුල
නෙක නෙක විසිතුරු පොරොන්දු
නොහැක දෙන්න
මෙහෙ නැහැ සැප
ඒ උනාට ටිකක් විතර
වෙහෙස උනොත්
ඇහැක් වේවි හොයාගන්ඩ
කන්ඩ ටිකක්
බොන්ඩ යමක්
ඉඳං ඉන්ඩ හෙවන තැනක්
නිකන් ඉඳල හරියන්නැහැ
ට්‍රයි කරන්ඩ
කෝම හරි නැගගන්ඩ
තවත් උඩ අත්තකට
එතකොටනං
සැප වැඩිවෙයි
ටිකක් විතර
අපෝ අපිත් රැවටුනා
දැං එච්චර ගානක් නැහැ
අපිත් දන්නෙ ආවට පස්සෙ
මේකට කියන්නෙ
"පච ගහ" කියල
දැං ඉතිං ආයෙ යන්ඩයැ!
14 May 2011
"මචං මට සෙට් උනානෙ කෙල්ලෙක්".
"මොන? අර රේඩියෝ චැනල් වලට කෝල් කරල සින්දු ඉල්ලන ජාතියෙ කෙල්ලෙක්ද?"
මේ මට අහම්බෙන් අහන්න හම්බ උනු දෙබසක්.ටිකක් අමුතු කතාවක්.ඇත්තටම එහෙම කෝල් කරල සින්දුවක් ඉල්ලන එක මහ ගොබ්බ වැඩක් කියල අහක දාන්න පුළුවන්ද?.තවමත් අපේ රටේ ඉන්නව තමන්ටම කියල කැසට් පටයක් හරි සංයුක්ත තැටියක් හරි අරගෙන සින්දුවක් අහන්න තරම් වත්කමක් නැති මිනිස්සු.ඒ මිනිස්සු තමන් ආස කරන සින්දුවක් අහන්න ඕනෙ උනාම කරන්නෙ මොකක්ද?
රෙඩියෝ චැනල් එකකට කොල් එකක් දෙන එක?
ටිකක් විතර පරස් පර විරෝධී කතාවක් නේද?කැසට් පටයක් ගත්තනම් සැරින් සැරේ කෝල් කරනවට වඩා ලාබයි.ඇත්තටම මොකක්ද මේ කතා කරන එකේ අරමුණ?මට හැඟෙන විදිහට මිනිස්සු ගොඩක් කැමති දෙයක් තමයි ප්‍රසිද්ධිය.තමන්ගෙ කට හඬ මුළු රටටම ඇහුනා කියල හිත හදාගන්න එහෙම නැත්තන් එහා ගෙදර බන්ටි ඇන්ටි පාරෙ දි හම්බවෙලා කිව්වම "ඔයා ඊයෙ රේඩියෝ එකේ කතා කරනවා අපි අහගෙන හිටියෙ.ඔයා මාවත් සින්දුවට එකතු කර ගත්තට තැන්කියු" කිව්වම මාර චූන් එකක් යන පිරිසක් ඉන්නවා.එකනෙ සින්දුවක් ඉල්ලද්දි ඔය හැමෝවම එකතු කරගන්නෙ.
මේ කට්ටියට නැති නෑකමුයි, පුදුමාකාර දේශප්‍රේමෙකුයි අනිත් මිනිස්සුන්ගෙ කලා සංවේදීත්වය සංවර්ධනය කිරීමේ අතෘප්තිකර ආශාවකුයි ඇතිවෙනව ඒ වෙලාවට.ගොඩක් ගෑනු මාර විදිහට හුරතල් වෙන්නෙ නිවේදකයා හරි නිවේදිකාව හරි එක්ක.ඒ නිවේදක කට්ටියත් ගෑනු හුරතල් කිරීමේ කෙල පැමිණි අය.තමන්ගෙ පවුල් ප්‍රශ්න විසඳ ගන්න විතරක් නෙමෙයි දැන් උදේ පාන්දරට තමන් දැකපු හීනෙ ගැනත් විග්‍රහයක් අහගන්නෙ රේඩියෝ එකට කෝල් කරල තමයි.
මගේ මේ ලිපිය කියවන්න මම එකතු කරගන්නවා අම්මා, තාත්තා, ආච්චි, සීයා, අල්ලපු ගෙදර කළු මාමා, සුදු නැන්දා, නුවර එළියෙන් ලොකු අයියා,හම්බන්තොටින් ලොකු තාත්තා,වත්තලින් පැටී මල්ලි, අපේ රටේ රණ විරුවො ඔක්කොම සහ ඔයාවත් ආදරෙන් එකතු කර ගන්නවා.......

06 May 2011
මිනිස්සු
මිනිස්සු එකිනෙකාට කොච්චර වෙනස්ද කියල තෙරෙන්නෙ ගොඩාක්ම වෙනස් මිනිහෙක් දැක්කම.දැකල විතරක් මදි, නිදහසේ හිතන්නත් වෙලාවක් තියෙන්න ඕනෙ.මිනිහෙක්ට තව මිනිහෙක්ව කෑලි කෑලි වලට කපන්න මොන තරම් ආවේගයක් ධෛර්යයක් තියෙන්න ඕනෙද කියල තේරෙන්නෙ මිනී කාමරේ මිනියක් කපනව බලන් ඉන්න කොට.ඒ මිනිය කපන මනුස්සය කොච්චර වෙනස් මිනිහෙක්ද කියල අපි කවදාවත් හිතන්නෙ නැහැ.අඩුම තරමෙ මටත් ඒ ගැන හිතුනෙ අරුණ අයිය කිව්වට පස්සෙ.ඒ මිනිස්සු ඒ කුණු ගඳට හුරු වෙනවද?නැත්තන් හැමදාමත් එක විදිහට දැනෙන ගඳ ඉවසගෙන සල්ලි වෙනුවෙන් වැඩ කරනවද?මට හිතන්නෙ නැහැ කවදාවත් මනුස්සයෙක් තමන්ගෙ කැමැත්තෙන් ඒ වගෙ රස්සාවක් තෝරගනී කියල.එතකොට ඒ මිනිස්සු ඒ තත්වෙට පත්වෙන්නෙ කොහොමද?දවසම මල මිනී එක්ක වැඩ කරන මෙ මිනිස්සුන්ට නිකමටවත් චකිතයක් ඇතිවෙන්නෙ නැද්ද ?
කවදා හරි දවසක සමාජවාදී රාජ්‍යයක සියලුම වෘත්තීන්ගේ වාණිජ්‍ය වෙනස්කම් නැති කරල වෘත්තීය සමානාත්මතාව ඇති කරපු දවසකටවත් මේ වෘත්තීයයට සමාජීය වටිනාකමක් ලැබේවිද?අපිටත් හැමදාම හවසට අරක්කු බාගයක් බීල දවස පුරාම දැකපු දෙවල් අමතක වෙලා නිදහසේ නිදාගන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරන්න උනෝතින් කොයි වගේ හැඟීමක් ඇති වෙයිද?.දවස් ගානක්, සමහරවිට සති ගානක් කුණු වෙච්ච මිනියක් එක්ක කාලෙ ගත කරල දවල්ට කන්න බත් එක අතට ගන්න මිනිහෙක් කොහොම අසරණ තත්වෙකද ඉන්නෙ?
වෘත්තීය ප්‍රෞඪත්වය වෙනුවෙන් කෑ ගහන, උද්ඝෝෂණ කරන අනිත් මිනිස්සු වටේටම දකින්න පේන්න ඉද්දිත් මේ මිනිස්සු නිහඬව තමන්ගෙ සේවය ඉෂ්ඨ කරනවා.
කවදා හරි මේ රටේ තාත්තා කෙනෙක් ආඩම්බරෙන් කියයිද මගෙ දුව බැඳල ඉන්නෙ මොචරියෙ මිනී කපන එක්කෙනෙක් කියල?

04 May 2011
තවත් එක කතාවක්..
අඬන්නද හිනාවෙන්නද කියල හිතාගන්නවත් බැරි කතාවක්.
කෙල්ලට වයස විසි තුනක් විතර ඇති.මෝචරියෙ බාවල තිබුනෙ බෙල්ලෙ වැල දාගත්තු කඹේ කෑල්ලකුත් එක්කමයි.ඔව් තවත් එක ප්‍රේම කතාවක්.මෝඩ විදිහට ඉවරයක් දැකපු.කෙල්ල මැරිල තියෙන්නෙ ලියුමකුත් ලියල තියල.තමන්ගෙ ආදරණීය ලොකු අක්කටයි පොඩි අක්කටයි.සියදිවි නසාගන්න හෙතුව විදිහට ලියල තිබුනෙ ප්‍රෙමවන්තයාගේ වෙන් වී යාම උනත් ඒ කොල්ලත් එක්ක හෝටල් කාමරේකට දෙතුන් පාරක් ගිය බවත් ඒකෙ සඳහන් වෙලා තිබුන.ලියුම කියවපු අයට හිතුන විදිහට ගොඩක් වෙලාවට කෙල්ල මැරෙන්න ඇත්තෙ අහිමි උනු කන්‍යාභාවය වෙනුවෙන් කියලයි.ඒක නිසා වෙන්නැති හෝටල් කාමරේකට ගිය බව කෙල්ල ලියන්න ඇත්තෙ.ඒත් කාවුරුත් පුදුමයට පත් උනේ කෙල්ල ඒ වෙනකොටත් කන්‍යාවක් කියල පශ්චාත් මරණ පරීක්ෂණයෙදි ඔප්පු උනාම.ඊට පස්සෙ හේතු විදිහට අපිට ඉතුරු වෙන්නෙ එක්කො වීරත්වය ආරෝපණය කරගත්තු බොලඳ මෝඩකම,නැත්තන් වියෝවක් දරාගන්න බැරි දුර්වල පුද්ගලභාවය,ඒත් නැත්තන් ලිංගික දැනුමේ තියෙන පටුත්වය.පවු ! සමහරවිට කෙල්ල හිතන්න ඇති මූණ ඉම්ඹමත් කන්‍යාභාවය නැති වෙනව කියල.ඒ නැතත් ලංකාවෙ තරුණ ප්‍රජාවෙ මානසිකත්වය මොට කරන වානිජ්‍යවාදී මාධ්‍ය ධාරාවන්ටත් සාහිත්යික වටිනාකමක් ඇති සාහිත්‍ය කෘතියක් ලියාගන්න බැරුව හැමදාම එකම කතාවෙ චරිත මාරු කර කර ඒකම පල කරන බොලඳ නවකතා කාරයින්ටත් රටම ගිනි තියල හරි අන්තිමට කොල්ල කෙල්ලව අරන් යන හැටි පෙන්නන මෙගා ටෙලිනාට්‍ය කාරයින්ටත් (පොදුවේ මේ අයට කියන්න පුළුවන් විකෘති පුද්ගලභාවයන් ජනිත කරන්නෝ කියලා) පින් සිද්ද වෙන්න අපෙ රටේ බොහොමයක් තරුණ තරුණියො බොළඳකම මහ වීරකමක් විදිහට දකින තත්වෙට පත්වෙලා.අපේ කොල්ලො කෙල්ලොත් තව ටික කාලෙකින් හැමදාම හවසට ෆිල්ම් හෝල් ළඟ පෝලිම් ගැහිල ඉඳීවි.තමන්ගෙ වීරයා ෆිල්ම් එකේදි මැරුණොත් ගිහිල්ලා අධ්‍යක්ෂකගෙ ගේ කුඩු කරාවි.රටේම වැඩ නවත්තල මැච් එක බලන්න යාවි.මැච් එක පැරදුනොත් ටීම් එකේ උන්ගෙ ගෙවල් ගිනි තියාවි.අපේ සමාජෙට ටික ටික දකුණු ඉන්දීය මුග්ධභාවය බද්ද කරමින් ඉන්නවා.කවුරු උනත් උන් කරන වැඩේ හරියට කරනවා.මෙහෙම ලියන මමත් තව ටික දවසකින් මෙගා නාට්‍යයක් බලන්න ගත්තොත් පුදුම වෙන්න එපා.

03 May 2011
නෝවා
නිලෙන් දුල සිත් අහස
තුටු වලා පොදි බඳින
දැදිරි විය හෙණ හඬින්
විදුලි සැරයෙන් නැඟෙන
දසත පැතිරිනි
විදුලි ආලෝක රේඛා
මහ කඳුළු නොනැවතී
හඬ වැටුනා අහස
පෙර තැනූ හද නැවේ
දැදිරි විය හෙණ හඬින්
විදුලි සැරයෙන් නැඟෙන
දසත පැතිරිනි
විදුලි ආලෝක රේඛා
මහ කඳුළු නොනැවතී
හඬ වැටුනා අහස
පෙර තැනූ හද නැවේ
තටු සලන දිව යනෙන
බඩ ගගා ඇදී යන
හැම මතක හා හැඟුම්
තෙරපෙමින් පොදි කමින්
යලි යලිත් යලි යලිත්
හිරු නඟිනු හිරු බසිනු
බල බලා ලතැවුනා
බඩ ගගා ඇදී යන
හැම මතක හා හැඟුම්
තෙරපෙමින් පොදි කමින්
යලි යලිත් යලි යලිත්
හිරු නඟිනු හිරු බසිනු
බල බලා ලතැවුනා
මැවු සිහින දූපත් ද
කඳු මුදුන් හිම පිරුණු
යටවෙලා සැඟවිලා
මහා සැඩ දිය රළට
ඒ නමුදු හිම සදිසි
ධවල පැහැ පරවියා
කෙදින හෝ ගෙන ඒවි
වෙරළු කිනිත්තක් තුඩඟ
කඳු මුදුන් හිම පිරුණු
යටවෙලා සැඟවිලා
මහා සැඩ දිය රළට
ඒ නමුදු හිම සදිසි
ධවල පැහැ පරවියා
කෙදින හෝ ගෙන ඒවි
වෙරළු කිනිත්තක් තුඩඟ
Subscribe to:
Posts (Atom)