03 May 2011

සුනිල් දෙනුවන්

හිසැර පහරට
ගොදුරු වන්නට
නොදෙම් මා නෙත

සරන මා වට
ලවන් බිඟුනේ
සිඹින්නට නම්
නොදෙම් උවනත

සැලෙන සුසිනිඳු
මුදු ඇඟිල්ලක්
ගැටෙන්නටවත්
නොදෙම් මා ගත

රකින්නම් මා
පතිනිදම් මා
පතිනි වී ඔබ
එන තුරාවට......

No comments:

Post a Comment

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...