14 May 2011

"මචං මට සෙට් උනානෙ කෙල්ලෙක්".
"මොන?  අර රේඩියෝ චැනල් වලට කෝල් කරල සින්දු ඉල්ලන ජාතියෙ කෙල්ලෙක්ද?"
මේ මට අහම්බෙන් අහන්න හම්බ උනු දෙබසක්.ටිකක් අමුතු කතාවක්.ඇත්තටම එහෙම කෝල් කරල සින්දුවක් ඉල්ලන එක මහ ගොබ්බ වැඩක් කියල අහක දාන්න පුළුවන්ද?.තවමත් අපේ රටේ ඉන්නව තමන්ටම කියල කැසට් පටයක් හරි සංයුක්ත තැටියක් හරි අරගෙන සින්දුවක් අහන්න තරම් වත්කමක් නැති මිනිස්සු.ඒ මිනිස්සු තමන් ආස කරන සින්දුවක් අහන්න ඕනෙ උනාම කරන්නෙ මොකක්ද?
රෙඩියෝ චැනල් එකකට කොල් එකක් දෙන එක?
ටිකක් විතර පරස් පර විරෝධී කතාවක් නේද?කැසට් පටයක් ගත්තනම් සැරින් සැරේ කෝල් කරනවට වඩා ලාබයි.ඇත්තටම මොකක්ද මේ කතා කරන එකේ අරමුණ?මට හැඟෙන විදිහට මිනිස්සු ගොඩක් කැමති දෙයක් තමයි ප්‍රසිද්ධිය.තමන්ගෙ කට හඬ මුළු රටටම ඇහුනා කියල හිත හදාගන්න එහෙම නැත්තන් එහා ගෙදර බන්ටි ඇන්ටි පාරෙ දි හම්බවෙලා කිව්වම "ඔයා ඊයෙ රේඩියෝ එකේ කතා කරනවා අපි අහගෙන හිටියෙ.ඔයා මාවත් සින්දුවට එකතු කර ගත්තට තැන්කියු" කිව්වම මාර චූන් එකක් යන පිරිසක් ඉන්නවා.එකනෙ සින්දුවක් ඉල්ලද්දි ඔය හැමෝවම එකතු කරගන්නෙ.
මේ කට්ටියට නැති නෑකමුයි, පුදුමාකාර දේශප්‍රේමෙකුයි අනිත් මිනිස්සුන්ගෙ කලා සංවේදීත්වය සංවර්ධනය කිරීමේ අතෘප්තිකර ආශාවකුයි ඇතිවෙනව ඒ වෙලාවට.ගොඩක් ගෑනු මාර විදිහට හුරතල් වෙන්නෙ නිවේදකයා හරි නිවේදිකාව හරි එක්ක.ඒ නිවේදක කට්ටියත් ගෑනු හුරතල් කිරීමේ කෙල පැමිණි අය.තමන්ගෙ පවුල් ප්‍රශ්න විසඳ ගන්න විතරක් නෙමෙයි දැන් උදේ පාන්දරට තමන් දැකපු හීනෙ ගැනත් විග්‍රහයක් අහගන්නෙ රේඩියෝ එකට කෝල් කරල තමයි.




මගේ මේ ලිපිය කියවන්න මම එකතු කරගන්නවා අම්මා, තාත්තා, ආච්චි, සීයා, අල්ලපු ගෙදර කළු මාමා, සුදු නැන්දා, නුවර එළියෙන් ලොකු අයියා,හම්බන්තොටින් ලොකු තාත්තා,වත්තලින් පැටී මල්ලි, අපේ රටේ රණ විරුවො ඔක්කොම සහ ඔයාවත් ආදරෙන් එකතු කර ගන්නවා.......

1 comment:

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...