12 December 2013

බූවල්ලා




කට්ටියට අදත් අපි ෆැකල්ටි එකේ දාපු ආතල් එකක් පෙන්නන්ඩයි යන්නේ.ඔන්න එහෙනං හරි බරි ගැහිලා ඉඳගෙන, අහල පහල කට්ටියටත් එන්ඩ කියලා, ඔය පොප්කෝර්න්, ටිපිටිප් වගේ දේකුත් ලෑස්ති කරගෙන මතක ඇතුව වාඩි වෙන්ඩ කලිං මුත්‍ර පහ කරලා සිත කය මනස සංසුන් කරගෙන එකත්පසව වාඩි වෙන්ඩ.

මේක ඇවිල්ලා අපි 2007 උසස් පෙළ කණ්ඩායම අපේ ෆැකල්ටියේ කලා සංගමය හෙවත් ආර්ට් එකේ අය ලෑස්ති කරපු අවුරෝරා නාට්‍ය තරඟයට කරපු නාට්‍යය.මේ නාට්‍ය තරඟයේ විනිශ්චය කටයුතු කරන්ඩ ගෙන්නුවේ ආයේ ලේසි පාසු සෙට් එකක් එහෙම නෙමෙයි හොඳේ..

ඉන්දික ෆර්ඩිනැන්ඩු
ජගත් චමිල
අනුසුයා සුභසිංහ

කියන නාට්‍යකරණයේ කෙළ පැමිණි තුන්දෙනා තමයි ආවේ.( 2010 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍යය උනු 'කළම්බෝ' නාට්‍යයේ කට්ටිය ඈ.)

කොහොම හරි අන්තිමේ සම්මාන රැසක් සමඟ විනිශ්චය මණ්ඩලයේ පැසසුම් මැද අපේ නාට්‍යය වෙච්ච 'බූවල්ලා' මුල් තැන ගත්තා.

මේ නාට්‍යය අපේ කසුන් යූටියුබ් එකට දාලා දැං සෑහෙන දවසක් උනත් ඕඩියෝවල තියෙන අවුල හින්දා මම ඒක බ්ලොගේ දැම්මේ නෑ.සෑහෙන්ඩ කල්පනා කළාම මට ආවා ඒ අවුලට විසඳුමක්.ඒ කියන්නේ අපේ නාට්‍යට උපශීර්ෂ හෙවත් සබ්ටයිටල් දාන්ඩ දවස් ගාණක් කට්ට කාලා ඔන්න අද තමයි ඉවරයක් උනේ.

ඒක හින්දා ඔන්න බලන කට්ටිය යූ ටියුබ් එකේ තියෙන අර Captions කියන මෙව්වා එක ඔබලා බලන්ඩ ඈ.

ඔන්න කලිං ක්ලිප් එකේ වගේම මේකෙත් මම කවුද කියලා අහන්ඩ ඔට්ටු නෑ හරිය!!






තාරකටයි මටයි දෙන්නටම ඕනේ උනා ඔය හතරවෙනි තට්ටුවේ සීන් එකක් කරන්ඩ.ඔය ඇමති රථපෙළවල් ගැන තියෙන මගේ මළ හින්දා ඒකත් කතාවට සෙට් කරගත්තා.ඉතුරු ටික ඉතිං කට්ටියගෙම සහයෝගයෙන් තමයි.ඇත්තම කියනවනං පිටපතක් කියලා එකක් ලිව්වේ නාට්‍ය පෙන්නන්ඩ පොඩ්ඩකට කළිං අනිත් උංගේ නාට්‍ය පෙන්නන වෙලාවේ.ඒකත් ලිව්වේ විනිශ්චය මණ්ඩලේට පිටපතක් ඕනේ කිව්ව හින්දා.

ඩේටා පොඩ්ඩක් යනවා තමයි.ඒ උනත් ඔන්නොහේ බලන්ඩ මෙයාලා.මොකෝ මැරෙන දාකට ඔය ඩේටා අරං යන්ඩයෑ.අනික කොච්චර බැලුවත් වැල ඔක්කොම එක වගේ තමයි.

නාට්‍යයේ රංගන දායකත්වය :

තාරක
නිපුන්
නදීශානි
දිනුක
දනුශි
රුචිර
ශෂික
චාමර

එයිට අමතරව අපේ බැච් එකේ සංගීතා නොමද සහයක් දුන්නා.ඒ වගේම නාට්‍යය ලෑස්ති කරන වෙලාවේ බලලා ගුණදොස් කියලා හැමෝම දුන්නා ෆුල් සපෝට් එක.නාට්‍යය හැදුවේ,

 "හතේ අපි.."


08 December 2013

කලා කාරයිංවත් දඩයං කරන්ඩ පටං අරන් නේ බං....





'නෑ මචං මම කියන්නේ ලොක්කා ඡන්දෙ ඉල්ලද්දි දඩි දඩි ගාලා පපුවට ගහගෙන ඉස්ටේජ් එකේ බෙරිහං දීලා කිව්වනේ බං දේශීයත්වය සුරකිනවා.දේශීය කලා කර්මාන්ත දියුණු කරනවා කියලා.'

'ඉතිං'

'නෑ දැං බලහං ලොක්කා අඳින්නේ මොකක්ද?  සරම. කන්නේ කුරහං. දේශීය දේ අගය කරන්ඩ කියලා මිනිහමනේ අපිට කියන්නේ බං.'

'ඉතිං හරි බං.මොකද්ද දැං අවුල?'

'මෙච්චර කල් මාධ්‍යවේදියෝ විතරයි දඩයං කළේ.බලහංකෝ දැං කලාකාරයින්ටත් කෙළින්ඩ පටං අරංනේ බං'

'මොකද්ද බං කියන්නේ?? අර සමන් ද සිල්වට ගහපු එකද?'

'ඌට ගහලා විතරනේ බං.අනික උං කලාකාරයෝ නෙමෙයිනෙ බං.බයිලා කාරයොනේ.'

'මොන ලබ්බක්ද බං කියන්නේ? කවුද ඔය කියන කලා කාරයා?'

'ඇයි බං කැටයම් චින්තක. පවු කොහෙ හරි ඈත පැත්තක කැටයමක් කපාගෙන හිටපු අහිංසක ඩයල් එකක් වෙන්ඩැති.පොලීසියෙං ගෙනිහිල්ලා එල්ලලා දෙකක් ගහලා අහනකොට කියන්ඩ ඇති ගෙදර ආයුධ තියෙනවා කියලා.ඇයි බං කැටයං කපන උං ගාව තියෙනවනේ ඔය නියං, යතුකැට, අතකොලු එහෙම.ඒ ආයුධ පෙන්නන්ඩ කියලා අරං යද්දි පොලීසියේ උං ගේම දීලනේ බං.ඔන්න රටට වෙලා තියෙන දේ.'

'මේ මචං, උඹට විභාගේ නේද? ඒක හින්දා මේ දන්නෙ නැති උලව් වලට හොට දාගෙන ලත වෙන්නැතුව ගිහිල්ලා අලයක් බා ගනිං.ෂිඃ මුගේ ගොං කතාව අහන්ඩ මාත් නැවතිලා හිටියනේ.' මම පිඟානත් අරං චමරිය පැත්තට ගියේ කන්ඩ.
'අඩෝ චමරියේ ගාන වැඩි කරලා.බජට් එකෙං වියදං වැඩි වෙලාලු.ඒ නිසා කණගාටුවෙන් දන්වා සිටිනවලු කෑම ගාස්තු වැඩි කරන්ඩ වෙනවා කියලා.' කොටා නෝටිස් බෝඩ් එක ඉස්සරහා හොටු පෙරාගෙන අඬනවා.

'අඩෝ බොරු කියන්ඩ එපා ඩෝ.බජට් එකෙං පොඩි මිනිස්සුංගේ බඩට ගහලා නෑ යකෝ.' ඩිලා පැන්නා මැද්දට.ඩිලා ඒ දවස්වල ඉඳලා ලොක්කට කඩේ ගිය එකම තමයි කළේ.ඌ කැපුවත් නිල් යකෝ කිය කිය පොර ටෝක් දෙද්දි සෙට් එකක් ඌව කපලා බලන්ඩ ලෑස්ති උනාට පස්සේ ටික දවසක් සද්ද වහලා හිටියත් ආයෙමත් ඔන්න සද්දෙ පටං අරං.ලොක්කා පස්සෙ යන උං ඔක්කොම ඔහොම්මමය.

ගණං වැඩි උනා කිව්වට, ආර්ථික අර්බුධ ඔළුවට තේරුණාට බඩට තේරෙන්නේ නැත.ඒ හින්දා චමරි කාඩ් එක ගන්ඩ කසුනගෙං තවත් රුපියල් සීයක් විතර ලෝන් එකක් ගහන්ඩ හිතාගෙන ඌව හොයද්දි ඌ මැච් එක බලනවා.

'අඩෝ කසුනා රුපියල් සීයක් දියංකෝ.මහපොළ දැම්මම දෙන්නං'

'උඹට සල්ලි දෙන්නං එදා ගත්තු පන්සීය ආපහු දුන්නම.මොකක්ද බං උඹලගේ වැඩ.උඹ චාමරයටත් දාහක් ණයයි.හර්ෂයගෙනුත් දාහක් ද එක්දාස් පන්සීයක් ද කොහෙද ඉල්ලගත්තා එදා මමත් ඉන්න තැනම.බලහං උඹ ලෝකෙට කොච්චර ණයද කියලා.'

'මචං කසුන් ගොනෙක් වගේ ගොං කතා කියන්ඩ එපා.'

'කවුද යකෝ ගොනා..'

'උඹලා කැම්පස් ආවට ආර්ථික විද්‍යාව ගැන ඇඹිටිල්ලං දෙයක් වත් දන්නෑනේ."ඒකපුද්ගල ආදායම" කියලා සංකල්පයක් තිබ්බට "ඒකපුද්ගල ණය බර" කියලා සංකල්පයක් නෑ.කවුරුහරි එහෙම එකක් ගැන කියනවනං ඒ මීහරකෙක් වෙන්ඩ ඕනෑ.'

'තෝ බඩගින්නේ මැරියං.දෙන්නෑ උඹට සත පහක්'

'අඩෝ එහෙම කරන්ඩ එපා බං.මං කන්ඩ නැතුව මළොත් උඹට මගේ කෙල්ලව බාර ගන්ඩ වෙයි හොඳේ.රුපියල් සීයකට මොකටද බං උඹේ ජීවිතෙත් කාළකන්නි කරගන්නේ.ඔන්නොහේ රුපියල් සීයක් දියං බං.මොකෝ උඹ ඔය රුපියල් සීයෙං කුඩු ගහන්ඩ ද?, කැසිනෝ යන්ඩද? සලාකා ගිහිල්ලා බූරු ගහන්ඩද?'

කසුනා මට සීය දුන්නා නෙමෙයි දමලා ගැහුවා.මොනවා උනත් ඌ හිත හොඳ එකා.

බත් එක බෙදාගෙන කන්ඩ ගියාම කට්ටියම විභාගෙ ගැන කතාකිරිල්ල පැත්තකට දාල බජට් එක ගැන කතාව.ඕක ගැන අපි කෙස් පැලෙනකං තර්ක කළත් වැඩක් නෑනේ.අපි කියන දේවල් උන්ට ඇහෙන්නෑනේ.ඇහුනත් අපි කියන දේවල් උං අධෝ වාතයක් තරමටවත් ගණන් ගන්නෙත් නෑනේ.ඒක අපි දන්නවා උනාට අපි ආසයි බජට් එක ගැන කතා කරන්ඩ.අපිත් දැං ඡන්දදායකයොනේ.

'ලොක්කා නෑයින්ටම සළකන හැටි බලහංකෝ.එව්වා මහ කැතයි බං.'

'ඇයි උඹලා කියන්නේ උඹලට සළකන්ඩ, උඹලට තනතුරු දෙන්ඩ කියලද? යකෝ රටක් පාලනේ කරන එක මේ කුකුල් කොටුවක් පාලනේ කරනවා වගේ නෙමෙයි.ඔතන වටේටම නෑයෝ ටික ඉන්න හින්දා තමයි ලොක්කට කෙළවන්ඩ කාටවත් බැරි.'
ඩිලාත් බත් එකක් බෙදං ඇවිල්ලා කාව මැද්දට පැන්නා.

'ඒ ලබ්බක් නෙමෙයි බං. මං කිව්වේ බලු කෑම ගණං අඩු කරපු එක ගැන.'
ඩිලා සද්ද වහගත්තා.




'එහෙම කියන්ඩ එපා මචං.බල්ලා කියන්නේ මිනිහගේ ළඟම හිතවතානේ.බල්ලො හදන්නේ ගෙවල්වල ආරක්සාවටනේ.ඌට සළකන්ඩ ඕනේ.නැද්ද ඩිලා?' මම ඇහුවේ ඌව ආයෙත් කතාවට ඇදලා ගන්ඩ.

'හ්ම්ම්..'

'කවුද බං දැං ගෙවල්වල ආරක්ෂාවට බල්ලෝ හදන්නේ? කවුරු හරි 'හුළෙක්' හොයලා ඌට යහන්ගත වෙන්ඩ ගෑනි දුන්නනං හරි.ආයෙ ඉතිං කිසි අවුලක් නෑ.ආරක්ෂාව ශුවර්.'

'ඇත්තටම මචං මම නං කියන්නෙ මොනවා උනත් බූරුවා ගැහිල්ල දේශීය එකක් නේ.ඉතිං ඔය කැසිනෝ වෙනුවට ගන්න අපේ දේ කියලා සූර්ය සිංහ ලකුණ ගහපු බූරු පොට් ටිකක් හැදුවනං හරිනේ බං.'

'ඔව් ඒක නං හොඳයි.ඒත් මචං වැඩේ හොඳට කෙරෙන්ඩ නං දැක්කම ඇඟ දැවිල්ල හැදෙන විදිහේ කෑල්ලකුත් බිස්නස් එකේ ඉන්ඩ ඕනේ.එතකොට තමයි කස්ටමර්ස්ලා වැඩිපුර එන්නෙත් ඒ වගේම ආරක්ෂාවත් එතකොට හොඳයි.'

'ඉතිං ගම්මු කුළියට පට්ට කෑල්ලක්.'

'උඹලා ඔය කියන තරං ලේසි නෑ කෑල්ලක් වැඩට ගන්ඩ.උන්ට දෙන්ඩ වෙයි සෑහෙන ලොකු පඩියක්'

'ඇයි සෑහෙන ලොකු පඩියක් දෙන්ඩ වෙන්නේ?'

'ඇයි බං දැං මාසික ශුද්ධියටත් බදු ගහලනේ තියෙන්නේ...'



30 November 2013

ජේන් නගේ උඹේ මනාපේ කාටද දෙන්නේ?????






විභාගෙ හින්දා මොනවත් ලියන්ඩ බැරි උනා.ඒ වගේම කිය්වන එකත් නැත්තටම වගේ නැතිවෙලා ගිහිල්ලා.මක්කා කරන්ඩද? අන්තිම ජුන්ඩනේ.තව සතියකින් පස්සේ අමාරු වැඩ ටික ඉවරයි.මොනවා උනත් බ්ලොග පාලුවට යන්ඩ දෙන්ඩ බෑනේ.ඒක හින්දා ඔන්න පුංචි වීඩියෝ කෑල්ලක් දෙන්ඩයි හදන්නේ.

මේක මම සෑහෙන දවසක ඉඳං අප්ලෝඩ් කරන්ඩ ට්‍රයි කළත් මේ හච් කනෙක්ෂන් එකේ අවුලක් හින්දා බැරි උනා.ඔන්න අද නිකමට ට්‍රයි කරලා බැලුවම අප්ලෝඩ් උනා.ඒ නිසා මගේ සුවහසක් ආදරණීය ප්‍රේක්ෂක ජනතාවට මම රංගනයෙන් දායක වෙච්චි නිර්මාණයක් තිළිණ කරන්ඩ ලැබුනා.කට්ටියම බලන්ඩ ඈ.කට ඇරගෙන බලන්ඩ එපා.බ්‍රේක් නැති මැස්සො යයි..(චූටි කාලෙ කරපු සිඟිති ජෝක් එකක් මතක් උනා...හඃ හඃ හා....)

අපේ ෆැකල්ටි එක ගත්තම ආයේ මොනවත් කියලා වැඩක් නෑ ඔය වල්පල් වැඩ තියෙනවා අවුරුද්ද පුරාම.එයින් එකක් තමයි දෙවෙනි වසරෙ ඉන්න කට්ටියට ලෑස්ති කරන්ඩ දෙන Faculty concert එහෙම නැත්තං FAC-CON කියන්නේ.ඒක ලෑස්ති කරද්දි බැච් එකේ උන්ට එකට වැඩ කරන හැටි, අනිත් උංව ශේප් කරගන්න හැටි, සංවිධානාත්මකව ක්‍රියා කිරීමේ හැකියාව, නායකත්වය, වගකීම්, වගේ එකී නොකී දේවල් ඉබේම පුරුදු වෙනවා.ඒවා මේ අර සති දෙකේ නායක්ත්ව ඩිප්ලෝමා වගේ නෙමෙයි, හරිම ප්‍රායෝගික දේවල්.

ඉතිං කොහොම හරි මේ කියන අපේ 2007 උසස් පෙළ කණ්ඩායම ලෑස්ති කරපු FAC-CON එක තිබ්බේ 2009 අවුරුද්දේ.අන්න ඒකට තාරකයි, මමයි, ජිත්තයි, ප්‍රසන්නයයි එකතු වෙලා කරපු පුංචි අයිටම් කෑල්ල තමයි මේ.

ඕකේ මම මොකාටද හිටියේ කියලා අහන්ඩ ඔට්ටු නෑ ඔන්න හරිය!!!




මහ ගොඩක් ඩේටා යන්නේ නෑ ආයිබොවන්ඩ.ලෝබ නැතුව බලන්ඩ ඈ... බලලා තැං තැංවල කිය කිය ගියාට කමක් නෑ ඕං....



11 November 2013

පාප්තුමා තලේබාන් ද මචං?


'ඒ මාර සීන් එක නේ බං වෙලා තියෙන්නේ...'
කොටා කඩාගෙන ආපු පාරට මම බත් එක අහක් කරේ නැත්තං ඌ නතර වෙන්නේ බිත්තරේ ගිලලා.ඒවා කොහෙද මාත් එක්ක.අපිත් ගියේ ඕල්කට් ඉස්කෝලෙකට තමයි.

'මොකක්ද මචං?'

මම බිත්තරේ කටේ දාලා ආපහු අරං පිඟානෙ පැත්තකිං තියලා ඇහුවා.අරූගේ මූණ ඇඹුල් උනා.

'මචං ඩිවයින් ප්ලෑන් එක ලීක් වෙලා..'

'මොන ප්ලෑන් එකද බං? උඹලා චෝගම් එක පටං ගන්න කොට එතන ඉස්සරහට ගිහිල්ලා වීදි නාට්‍යක් කරන්ඩ ගහපු ප්ලෑන් එකද?'

'නෑ බං ඩිවයින් ප්ලෑන වනාහී මෙකී සකල ලෝක වස්තුවත් අහස් තලයත් සූර්යයා, චන්ද්‍රයා ඇතුලු සියලු ආකාශ වස්තූන් මෙන්ම මිහිමත වාසය කරන්නා වූ සියළුම ජීවී අජීවී සංඝටකයන්ගේ අණුවේ පරමාණුවේ සිට නිර්මාණය කර ඇත්තා වූ සර්ව බලධාරී දෙවියන් වහන්සේ උන්වහන්සේ විසින් මවන ලද්දා වූද පසුව ජීවය පිඹින ලද්දා වූද මනුශ්‍ය වර්ගයාට නිදහස් චින්තනය පිරිනමා පසුව එයින්මැ මිනිසා ලෝකයත් වනසා ඌත් නැසී යෑම වළකනු වස් එකී එක් එක් මනුශ්‍යයා සහ සකල විශ්වයේම සිදුවිය යුතු ආකාරය ගැන එකලදීම ඇති කළා වූ දිව්‍යමය සැලැස්ම වේ...'

එක හුස්මට කිව්ව ඌ කසුනාගේ මාලු කෑල්ලට විද්දා.

'හුටා..කොහෙන්ද ලීක් වෙලා තියෙන්නේ? ෂුවර් එකටම අපේ පොලීසියේ වැඩක් වෙන්ඩැති.දැක්කනේ අර අනුරාධපුරේ ඩයල් එකට වෙච්ච දේ.දවසක් යන්ඩ කළිං ඇල්ලුවා මොනවද නිකං බබා වගේ කිව්වේ ඔක්කොම මරපු විදිහ.'

'නෑ බං අපේ උන්ට මේ දවස්වල ඕවට වෙලාවක් නෑ.චෝගම්නේ මචං.චෝගම් නම් වූ දැවැන්ත වෛවර්ණ සාටකයෙන් රටේම ජනතාවගේ දෑස් වසා බඩට හුළං ගසා කුසගින්න අමතක කරවා ඇති මෙවන් වූ අවස්ථාවක අපේ පොලීසියට දෙයියංගේ දෙයක්වත් පේන්නේ නෑ.පේන්නේ සාටකේ විතරයි.'

'ඉතිං කොහෙන්ද ලීක් වෙලා තියෙන්නේ?'

'ඇමරිකාවේ එන් එස් ඒ එක පාප්තුමාගේ ෆෝන් එකත් ටැප් කරලා තිබ්බ කියලා අර ස්නොව්ඩන් කාරයා කියලා තියෙන්නේ.පාප් තුමා කියන්නේ මචං දෙවියන් වහන්සේ එක්ක සෘජු සම්බන්ධතා තියෙන කෙනා.මනුශ්‍ය සංහතියේ නියෝජිතයා.ඉතිං උන්නාන්සෙගේ ෆෝන් එක ටැප් කළා කියන්නේ ඩිවයින් ප්ලෑන දැං ඔබාමලා දන්නවා.'

'පාප්තුමා තලේබාන් ද මචං?'

'පිස්සුද මචං.පාප් තුමා තලේබාන් නෙමෙයි.මට ඒක ශුවර්.'

'උඹ කොහොමද ඒක ටක්කෙටම කියන්නේ?ඇමරිකන්කාරයෝ මේ අපේ උං වගේ නිකං ආවට ගියාට වැඩක් කරන්නෑ.'

'පාප්තුමාට රැවුලක් තියෙනවද? නෑනේ.ඉතිං කොහොමද තලේබාන් වෙන්නේ? මචං තලේබාන්කාරයොත් නිකං මේ දිවදෙකේ ඩයල් නෙමෙයි.උංගේ එකෙක් වෙන්ඩනං දිගට රැවුල තියෙන්ඩ ඕන.උන්ට තියෙනවා ප්‍රතිපත්ති.උන්ට චින්තනයක් තියෙනවා, දැක්මක් තියෙනවා.'


'ඒ මචං අද සම්බෝලෙට හොඳට උම්බලකඩ දාලා නේද?'
චාමරයා මගෙ පිඟානෙං ලොකු උම්බලකඩ කෑල්ලක් අරං කටේ දා ගත්තා.ෂිඃ ඌට කලිං මං දැක්කේ නෑනේ.

'මචං උම්බලකඩ වනාහී මේ දිනවල ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් ප්‍රචලිත වන දෙයක්.අවුරුදු 75 - 80 ආච්චිලවම නේ රේප් කරන්නේ.'
කොටාත් උගේ බත් එක බෙදාගෙන ආවා.

'නෙද්දකිං බං.මළ අප්පිරියයි.කන වෙලාවට ජුගුස්සාජනක කතා කියන්නේ.'

'ඕකුංව මචං එල්ලන්ඩ ඕනෙ.කොහෙද මේ එල්ලුං ගහ ගේන්නෑනේ.'
කසුනා කිව්වේ හරියට උගේ එල්ලුං ගහ නැතිවෙලා වගේ.

'ඇයි මචං දැං එල්ලුං ගහ කොහෙද තියෙන්නේ?'

'ඕක හරියන ලබ්බක් නෙමෙයි.එල්ලුංගහට කඹේ ගේන්නේ ජර්මනියෙං.ඕක එක කඹයක් ගෙනල්ලා මේ ඉන්න ඔක්කොම හැත්ත එල්ලන්ඩ බෑ.ඉතිං කඹ ගේන ටෙන්ඩර් එකෙනුත් කොමිස් ගහලා අපේ ලොක්කො මහනුවර ජෝර්ජ් ඊ. ද සිල්වා මාවතෙනුයි, නාවල චන්ද්‍රා වෙත්තසිංහ මාවතෙනුයි ඉඩං අරගන්නවා.අනික මචං දැං ඕක ගෙනාවත් දැනට මරන්ඩ ඉන්න සෙට් එකේ හැටියට සෑහෙන දිග පෝළිමක් හැදෙනවා ශුවර්.එතකොට අර 'බයිපාස්' වලට දින දෙනවා වගේ මේ දවස්වල අල්ලලා මරන්ඩ තීරණේ කරන උංට එල්ලන්ඩ දින ලැබෙන්නේ තව අවුරුදු දහයකිං පහළවකිං විතර.වැඩක් නෑනේ.'

'ඉතිං බං ආණ්ඩුවට තියෙන්නේ ඔය කොහෙ හරි කැලෑ ඉඩමක් අරගෙන ගස් ටික කපලා උං බෙදාගෙන ලොකුවට 'ඇරීනා' එකක් හදන්ඩ.ඊට පස්සේ ඔය ඉන්න අපරාධකාරයෝ සෙට් එක දාලා ග්ලැඩියේටර් ලා වගේ උං උං මරාගන්ඩ කිව්වනං ටිකට් කඩලා සෑහෙන ගානක් හොයාගන්ඩ තිබ්බා.මිනිස්සු එහෙම මරාගන්න එක පව් නං හරි ආගමට සංස්කෘතියට පටහැනියි නං අපේ රටේ මිනිස්සුන්ට ඒක බලන එක තහනං කරලා විදෙස් සංචාරකයින්ට විතරක් විවෘත කරානං ඉවරයි.'


'අනේ උඹේ ටිකිරි මොළේ.ඇත්ත කියහං උඹත් හිටියද චින්තනේ පොත හදන මන්ඩලේ?'
චාමරයා මාව බදාගෙන ඉඹින්ඩයි ආවෙ.මම ටක් ගාලා නැගිට්ටා අයිස්ක්‍රීම් අන්තිම ටිකත් ඇඟිල්ලෙං හූරං කටේ දාගෙන.ලොවක් හමුවන රටක ලොවෙත් පුරවැසියෝ වෙන අපි අයිස්ක්‍රීම් ටික කන්නෙත් බත් කාපු පිඟානෙම දාගෙන අතිං.

'උඹ කොහෙද යන්නේ?'

'මගෙ බඩ ගුරු ගුරු ගානවා, මම යනවා සරීර් කෘත්‍ය කරන්ඩ'

'ඒයි උඹට ශුවර් නේද බඩේ වෙන අවුලක් නෑ කියලා? මචං මේක බඩ රිදෙනවා කියලා ඉස්පිරිතාලේ ගෙනිච්චම ළමයි වදන කාලයක් ඈ..'

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

කන්ඩ බොන්ඩ තිබිච්ච සල්ලි ටික ඉවර වෙච්ච හින්දා විභාගෙ පෙනි පෙනී ගෙදර දුවලා එන්ඩ ගියා.ගේ ළඟට යද්දි මගේ ඇස් ගෙඩි දෙක පැන්නා එළියට.

අම්මා ගහයි බැට් එකෙං කිව්වලු.ආච්චි දණිහෙං ජුන්ඩක් උඩට වෙන්ඩ රෙද්දත් ඇඳගෙන මිදුලේ එහේ මෙහේ යනවාය.

'ආච්චි මොකෝ මේ රූ රැජින තරඟෙටවත් යන්ඩද?'

'උඹ නිකං නක්කලේ නොදා ඉඳිං.අර ලෝකෙ හතර දිබ්බාගෙං ලොකු ලොක්කො ඇවිල්ලා මෙහේ මෙච්චර උස්සවයක් තියෙනවා.අපිත් වගකිවයුතු පුරවැසියෝ විදිහට ඒවට යන්නැතුව බෑනේ බොල.'

'ඉතිං මේ මොකද මේ ගිනි මද්දහනේ මිදුලේ එහේ මෙහේ ඇවිදින්නේ?'

'එහා ගෙදර කෙලීගෙං මං අහගත්තා කොහොමද ඒ වගේ වැදගත් තැංඔල ඇවිදින්නේ කියලා.මං මේ කැට්ටෝක් එක පුරුදු උනේ.ඒත් මේ හන්දි කැක්කුං එක්ක අමාරුයි බං.'

'ආච්චි කැට් වෝක් දාලා සුද්දන්ට මොකක් පෙන්නන්ඩද මෙන්න මේ ගෙට යං.'

'අනේ පලයං ඉරිසියාකාරයා. තෝ දන්නැති උනාට ඒ දවස්වල මම කෙල්ල කාලේ නාන්ඩ ළිඳට ගියාම ඔය සුද්දප්පුවලා, චන්දරේගේ මහ එකා එහෙම ළිඳ අයිනේ මූකලානේ හැංගිලා බලං හිටියේ.'

'හරි හරි ඒ ඒ කාලෙනෙ ආච්චි.දැං මේ නහින දෙහින කාලේ බණක් අහං ඉන්ඩ මෙන්න මේ ගෙට වෙලා.'

'අනේ තෝ පල ගෙට.මං මේ කරාඹු දෙකත් උගස් තියලා පන්දාහේ කොළ දෙකක් අරං ආවේ හැට්ටේ අස්සෙ පේන්ඩ ගහගෙන යන්ඩ.අර උත්තමයා කිව්වේ ඔය එන උංට අපි ගාව සල්ලි තියෙනවා කියලා පෙන්නන්ඩ තියෙන චෑන්ස් එකක්ය කියලා මේක.'

'හරි දැං ඔය සල්ලි ටික රන්ද ගන්ඩ පුළුවංද?'
මම ඇහුවේ කින්ඩියට.

'මම එහා ගෙදර කෙලීගෙං පුසබ්බා එකක් ඉල්ලගත්ත බොල.බලහංකෝ චාල්ස් කුමාරෝත්තමයගේ ඇස් ගෙඩි දෙක ලොවි ගෙඩි වගේ එළියට එන්නැද්ද කියලා'.

'ඔව් ඔව් චාල්ස් කාරයගේ විතරක් නෙමෙයි එන හැම එකාගෙම ඇස් ගෙඩි ලොවි ගෙඩි වගේ එළියට පනියි තමා...'
සීයා එක පාරට මැදට කඩං පැන්නාම දෙන්නා දෙමහල්ලංගේ ප්‍රශ්න ඒ අයටම විසඳ ගන්ඩ දී මම ගෙට පැනගත්තෙමි.



+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

ප.ලි.

මේ දවස්වල බ්ලොග් කියවන්ඩ වෙලා නැති බවත් එනිසා බ්ලොග්වල කොමෙන්ට් කරන්ඩ වෙන්නේ නැති බවත් මේ සියල්ල තව මාසයකි පමණ අවසන් වීමට නියමිත විභාගයෙන් පසු යථා තත්ත්වයට පැමිණීමට නියමිත බවත් ඉඳ හිට කම්මැලිකමට බ්ලොග් පෝස්ට් එකක් දෙකක් ලියන බවත් කරුණාවෙන් සළකා උක්ත සියළුම කරුණු වෙනුවෙන් කමාව අයදින බවත් දන්වා සිටිමි.

ප.ප.ලි

මාගේත් මාගේ ප්‍රියම්භිකාවගේත් අමරණීය, රමණීය, අති සුන්දර, විශ්වීය, පාරිශුද්ධ, මරණීය ප්‍රේම වෘතාන්තය අද දිනයේදී දස වර්ශ පූර්ණය ලබා ඇතත් මටත් ඇයටත් දෙදෙනාටම ඇති විභාග කටයුතු නිසා සහ චෝගම් නිසා ප්‍රේමය සැමරීම දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවූ බවත් ලබන වසරේ එකොළොස්වන වර්ශ පූර්ණය ඉහළින් සැමරීමටත් කටයුතු යොදා ඇත.

එතෙක් කියවා තලු මැරීමට මීට වසර දෙකකට පෙර පල කළ මාගේ ප්‍රේම කතාව නැවත විකාශය මෙන්න

වාසනාවට ඇත්ත කතාවක්




08 November 2013

විභාගෙයි මමයි චෝගමුයි

විභාගය කියන මළ උලව්ව හොයාගත්තු එකා අහු උනොත් ඇත්තමයි අල්ලලා දෙනවා මේ පාර ශිෂ්‍යත්වෙ ෆේල් වෙච්ච උන් ටිකකට.එච්චරට මළ අප්පා.අති උත්තම මට ලබන 18 වෙනිදා සිට ඇරඹෙන මහා විභාග සංග්‍රාමය හින්දා දොට්ට  පිලටවත් නොයා 'අල බාන්ඩ' (පාඩම් කිරීම - ප්‍රාදේශීය ව්‍යවහාරයකි ) සිද්ද වෙලා තිබුණත් ඇත්තටම විභාගෙක අරමුණ තේරුම් අරං තියෙන හින්දා එච්චර අල බාන්ඩ හිතෙන්නේ නැත.විභාගේ කියන කෙහෙල් මල මෙච්චර වියදං කරලා මහන්සි වෙලා ඒ ඇත්තෝ ලක ලෑස්ති කරන්නේ කාව හරි ෆේල් කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් නොවැ.නැත්තං ඉතිං ඔක්කොමල්ලා පාස් කරන්ඩ තිබ්බනේ.ඒ හින්දා මම වැඩිය අල බාන්නේ නැත.නැත්තං ෆේල් කරගන්ඩ එකෙක් නැතුව ඒ උන්නාන්සේලාගේ ඉහ මොළ රත් වෙනවා ඇත.උත්තර පත්තර බලන දවස්වලට හීනෙන් බය වෙලා ඇහැරෙනවා ඇත.ඒ වයසක මොළවලට ඕනෑවට වඩා වෙහෙස වෙන්ඩ දෙන්ඩ හොඳ නැති නිසා මම වැඩිය අල නොබා ඉන්ඩ තීරණය කර ඇත්තෙමි.

ඒ අවු අස්සේ චෝගම් හින්දා කැම්පස් වහන්ඩ යනවාය.ඒ කැම්පස් ළමයින්ට චෝගම් එක අධ්‍යනය කිරීමට අවශ්‍ය කාලය ලබා දෙන්ඩය කියලා අපේ කැම්පස් එකේ ලොක්කියෙක් කියා තියෙනවාය.කැම්පස් එකේ රෙපෙයාර් වගයක් තියෙන හින්දාත් කැම්පස් එක වහනවා කියා කවුද කීවෝය.කවුරු කියන ඒවා විශ්වාස කරන්ඩද මම දන්නේ නෑය.සමහර විට ඇමතිතුමාට කැසිනෝ ගහලා හතරමහා නිධානේ පහල වෙලා වෙන්ඩ ඇතිය.ඒ සල්ලිවලින් කාලා බීලා චූන් කරලා තවත් ඉතුරු නිසා වෙන කරන්ඩම දෙයක් නොමැති තැන කැම්පස්වල රෙපෙයාර් වැඩවලට දෙන්නට ඇත.කොහොම හරි මේ නිවාඩුවෙන් (චෝගම් අධ්‍යයන කාලයෙන් ) පස්සේ කැම්පස් යනකොට ඒක අඳුරගන්ඩ බැරි තරමට දියුණුවෙලා සුඛිත මුදිත වෙලා තියෙනවාට සැකයක් නැත.කැන්ටින්වලට පුටු, වතුර ෆ්ලෂ් කළ හැකි වැසිකිළි ආදී සුපිරි පහසුකම් සහිත සපිරි කැම්පස් අපිටත් ලැබෙනු ඇත.ක්ෂිතිජයට ඉහළිං ලෝකය බලලා බලලා බෙල්ලත් ඇමැට්ටි වෙලා ඉන්න අපේ උන්ට එහෙම දෙයක් දුන්නොත් දරාගන්ඩ බැරුව පපුව පැලෙනවා ඇත.සතුටට කඳුලු පණිනවා ඇත.

කවුරු මොනවා කිව්වත් චෝගම් හින්දා අපේ රට ගොඩ යනවා ශුවර්ය.ඒක තිබ්බාම මෙහෙට එන කට්ටිය අපේ සංවර්ධනේ දැකලා කුල්මත් වෙනවාමය.සමහරවිට ඒ කට්ටියත් මත්තල ඒයාර්පෝට් එක බලන්ඩ වගේම කටුනායක හයිවේ එක බලන්ඩත් පයින් යනවා ඇත.එවන් විශ්මකර්ම දැක ඔවුන්ගේ ඇස් විශ්මයෙන් ජම්බෝල මෙන් ලොකු වෙනවා ඇත.උං ඊරිසියාවෙන් පුපුරණවා ඇත.හයිවේ එකේ එන්ට්‍රන්ස් එක ළඟ හූනියං වළලන්ඩ උවද බැරි නැත.මේ විශ්මිත නිර්මාණ හමුවේ සුළුදිය පහවෙන මේ විදේශවල කට්ටිය ඉන්පසු අපේ රටේ ආයෝජනය කිරීමට පොරකනු ඇත.අන්න එවිට අපේ දේශපාලක ඇත්තෝ පොඩ්ඩක් සිහිකල්පනාවෙන් වැඩ කළ යුතුය.මේ සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් සැකසිය යුතුය.නැත්නම් මේ රට රටවල් අපේ රටේ ආයෝජනය කරන්නට පොරකා එකිනෙකා කුළල් කාගෙන තුන්වෙනි ලෝක යුද්ධයකට පවා මුළ පිරිය හැක.
චෝගම් එකේ ව්‍යාපාරික මෙව්වා එකේ ලොකුම ටෝක දෙන්නේ පැකර් මහත්තයාලුය.ඒක ඉතාම පැසසිය යුතු කාරණයකි.උන්දෑ දුනු ඊතල බූමරංග අරං උන්නු ඇබොරිජින්ලා හිටපු, රෑට කැංගරුවෝ හූ කියනවා ඇහුණු ඕස්ට්‍රේලියාව ලොවෙත් තැනකට ගේන්න සෑහෙන කට්ටක් කෑවේය.එතුමාගේ දෑතේ කරගැට, දණිස්වල දියපට්ටා සහ පශ්චාත් පැත්තේ අර්ශස් ගෙඩි ඒ සඳහා ජීවමාණ සාක්ෂි වන්නේය.එහෙව් උත්තමයා අපේ රටත් ඒ වගේම උසස් තැනකට ගේන්ඩ දරණ උත්සාහයට අපි හැම දෙනාම දෙකට නැමී උදව් කළ යුතුය.එතුමාගේ හෝටල් සංකීර්ණයේ සැළැස්මට මේන්න මේ මගේ යෝජනා කීපයද එක් වන්නේනම් ඉතා යෙහෙකිය.ගරුතර සංඝයා වහන්සේට කම්සැප විඳින්නට ගෑනු ඉඹින්නට හැකි ස්ථානයක් සකස් කළ යුතුය.එතකොට මේ දවස්වල දඹදිව මහා කරුණාව පතුරවන රේවත උන්නාන්සේ මෙහේ ඇවිදින්ද සියළු කාන්තාවන් දුකින් මිදවීමට කටයුතු කරනු ඇත.එමෙන්ම කැසිනෝ ශාලාවේ සුදු පිරුවට එලා උස් අසුණක් පැනවිය යුතුය.ඒ සූදු කෙළින අපේ හාමුදුරුවන්ටය.බුද්ධාගම රැකීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බැඳී ඇති නිසා මහා සංඝයාගේ උවමනාවන් ඉටු කිරීමද අනිවාර්යයෙන් කළ යුතු දෙයකි.කොළඹ ගම්පහ ආදී ප්‍රදේශවල හිඟාකමින් දඩාවතේ යන කොලු පැටව් ටික අල්ලා නාවා දත් මද්දා සංඝයා විශයෙහි පූජා කිරීමටද, එකී ලිංගික ක්‍රියා සඳහා නිදහස් ලිංගික කළාපයක්ද පැකර් ලොක්කාගේ හෝටලයේ ඇති කළ යුතුය.එවිට ප්‍රාදේශීය දේශපාලකයින්ට, ගුරුවරුන්ට සහ ක්‍රීඩා පුහුණුකරුවන්ටද ඕනෑවිට සංඝගත දක්ෂිණාවෙන් ටික ටික රස බැලිය හැක.

අපේ එවුන් දැං කියත් හොයමින් එහේ මෙහේ දුව ඇවිදිනවාය.ඒ මෝටර් බයිසිකල් තියෙන උන්ය.ඒ උංගේ හෙල්මට්වල නිකට වැහෙන කෑල්ල කපන්ඩය.පොලීසිය පහුගිය දවස්වල හෙන අවුලෙන් හිටියේ බයිසිකල්වලින් යන උන් පොලිස්කාරයින්ට රවාගෙන යනවාද හිනා වේගන යනවාද කියන එක ශුවර් නැතුවය.පොලිස් සේවය උසස් මට්ටමකට ගෙන ඒමට නම් පොලිස් සේවාවෙන් ජනතාව තෘප්තිමත් විය යුතුය.නමුත් පොලිස් කාරයාගේ ක්‍රියාවෙන් ජනතාව තෘප්තිමත්ද අතෘප්තිමත්දැයි දැනගන්නට විදිහක් තිබ්බේ නැත්තේ හෙල්මට්වල නිකට ආවරණ කෑල්ල හින්දාය.දැං ඒ කෑල්ල අයින් කිරීමට නීති සම්මත කරගෙන ඇති නිසා මින් මතු වඩාත් ජනතාවාදී පොලිස් සේවයක් අපට ලැබෙනු ඇත.


විභාගේ කියමින් හොස්ටල් එකට වෙලා හිටියාට මට ගෙදර එන්ඩ කියලා අම්මාගෙන් හරියට කරදරය.අම්මා මේ අවුඅස්සේ ගෙදර කුස්සිය පැත්තේ මහා විශාල මඩුවක් හදන්නට පටං අරංය.ඒක හදන්නට විභාගේ පැත්තකට දාලා එන්ඩ කියා කියන්නීය.

'අම්මේ පිස්සුද මේ ෆයිනල් එග්සෑම් එක දාලා මඩු හදන්ඩ එන්ඩ කියන්නේ'

'අනේ උඹේ නල්ල මළේ විභාගේ.ඕකත් කැම්පස් එකක්ද බං.ඔන්න ඔය උලව්ව දමල ගහලා ගෙදර වරෙං.චාල්ස් කුමාරයා ඇවිල්ලා උන්නාන්සෙගේ අතිං මුල් ගල තියලා හදන ලැංකසාර් කැම්පස් එකට මං උඹව දාන්නං.එතකොට උඹට ජාතියන්තර ඩිග්‍රියක් ගතෑකි බොල සුටුස් ගාලා.ඔය හම්පඩ මගුල වගේද ඒක.මෙන්න මෙහේ ගෙදර වරෙං ඇවිල්ලා මේ මඩුව හදන්ඩ උදව් වෙයං.'

'මොන බම්බුවකටද මෑ තදියමේ මඩු හදන්නේ? එළ හරකෙක්වත් ගේන්ඩද?'

'හරක් තියං මක්කරන්ඩද? යකෝ රටම කිරිපිටියෙං සොයංපෝෂිතයි බොල.මේ මඩුව හදන්නේ චෝගම් එකෙං හම්බෙන ආධාර ගොඩ ගහන්ඩ.මොකෝ ඕවා වැස්සේ තෙමෙන්ඩ ඇරියැහැක්කෑ??'


26 October 2013

ලේසි සල්ලි..


සල්ලි කියන මෙව්වා එක නැතුව අද කාලේ ජීවත් වෙන්නට බැරිය.සල්ලි කියන මෙව්වා එකට කළ නොහැක්කක්ද නොමැත.කැසිනෝ ගහලා ආතල් ගන්නට වගේම සල්ලි දිනන්නද පුළුවන්ය.කුඩුවලින්ද මේ ආතල් දෙකම ලැබේ.සල්ලි දිනන්නේ කුඩු විකුණන එකාය.ආතල් ගන්නේ කුඩු ගහන එකාය.ඕවා කතා කරලා වැඩක් නැත.අපිට ඔය එකකින්වත් සල්ලි හොයන්නට බැරිය.ඒ එවැනි ලාභදායී ව්‍යාපාරයක් ඇරඹීමට විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය නිසාය.ඒ ව්‍යාපාරය පටන් ගැනීමට පමණක් නොව, ව්‍යාපාරයට පහසුවන විදිහට රටේ නීති සම්මත කරවා ගැනීමට ඇමැතියෝ බිලී බා ගත යුතුය.ඒ සඳහා රුපියල් සීය දෙසීය දීලා හරියන්නේ නැත.ඒ වගේම නීතිමය ප්‍රශ්න ආවාම ශේප් කරගන්නට පොලිස් ලොක්කෝ ශේප් එකේ තියාගන්නටද ඕනෑය.ඒකටද සල්ලි ලොරි ගණන් විසි කරන්නට පුළුවන්කම තිබිය යුතුය.ඒ නිසා එවැනි ව්‍යාපාර දැනට කරගෙන යන උන්දැලාටම කරගෙන යන්නට දී වෙන අතක් බලා ගැනීම හොඳය.


අනෙක් ලාභදායී ව්‍යාපාරය නම් ඡන්දය ඉල්ලීමය.ප්‍රාදේශීය සභාවට හරි යා ගත්තොත් පරම්පරාවම ගොඩය.ඒත් එතනත් කොස්සක් තිබේ.ඒවාටද ආ වැනි අහිංසකයින්ට යා නොහැක.අඩුම තරමේ දෙතුන් දෙනෙක්වත් මරා පළපුරුද්ද තිබිය යුතුය.පීඩොෆීලියාව හෙවත් කුඩා ළමුන් හා රති කෙළියේ යෙදීම විශේෂ සුදුසු කමකි.අනෙක තමුන් නමට බාර් කිහිපයක්වත් තිබිය යුතුය.එවිට ඡන්දේ කාලෙට නොමිලේ අරක්කු නිකුත් කළ හැකිය.අඳබාල මැර පිරිසක් පිරිවරා සිටීමද අත්‍යාවශ්‍ය වේ.ඒ අනිත් උංගේ කොඩිවැල් කැපීම, කටවුට් කැඩීම මෙන්ම අනිත් උංගේ උංට පාරේ තොටේදී අල්ලාගෙන තඩි බෑමට යනාදියටය.ඒවා කරන තරමට ලංකාවේ බුද්ධිමත් ඡන්ද දායකයින් අතරේ ඔබ ජනප්‍රිය වේ.තවද ප්‍රචාරක කටයුතු සඳහාද මුදල් කෝටි ගණනින් වැය කිරීමට සිදුවේ.ඒ නිසා මා වැනි අහිංසක, නිහතමානී, ගුණගරුක, යහපත් පුරවැසියන්ට ඡන්දය ඉල්ලීම සිහිනයක් පමණි.ඒ ව්‍යාපාරයත් පරම්පරා ගත වන්නට ඉඩ දී පැත්තකට වීම නුවණට හුරුය.


අනෙත් විකල්පය වන්නේ මහණ වීමය.ඉන්න හිටින්න තැනක් ලැබේ.කන්න බොන්න ළඟටම ලැබේ.දීලා වැඳලාද යනවාය.වියදමකට ඇත්තේ විදුලි බිල පමණය.ඒයද නියම ගාස්තුවෙන් තුනෙන් එකක් පමණි.ඒ සඳහා දායක සභාවේ මුදල් මෙන්ම පින් කැටයේ මුදල්ද ලැබේ.එයිට අමතරව පන්සලේ සිදුකරන සියළුම පින්කම් සඳහා දැන් බැතිමතුන්ගෙන් මුදල් අයකරනු ලැබේ.දානයකට, බණකට හෝ පිරිතකට ගියා කියන්නේද මඩිය තරවන පිංකම්ය.අතිරික්ත අටපිරිකර වෙළඳාමද නියම ව්‍යාපරයකි.එකම අටපිරිකර කඩෙන් පන්සලටත්, පන්සලෙන් කඩේටත් සිය දාස් වාරයක් ගමන් කරන්නේය.ලැබෙන සල්ලිවලට වෙන දෙයක් ගැන කවුරුත් හොයා බලන්නේ නැත.දායක සභාවේ ලොකු ලොක්කෝ ටික ගොඩ දා ගත්තොත් සැපෙන් සතුටෙන් කාලයක් ජීවත් වී දියවැඩියාවෙන් හෝ අධිරුධිර පීඩනයෙන් දිවංගත විය හැක.ලස්සනට හැඩට බණ කියා මේකප් පාරක්ද දමාගෙන ජැන්ඩියට ඉන්නවානම් දායිකාවංගේද අඩුවක් නැත.ඒ අතිනුත් ධූතාංගධාරී විය හැක.ඒ උනත් මහණ වෙන්නට ද මගේ එච්චර කැමැත්තක් නැත.හැඩට බණ කියන්න මට බැරිය.කොටුවේ පන්සලේ හාමුදුරුවෝ වගේ ආතල් ටෝක්නම් ගමකට දිය හැක.ඒත් ඒවාට පැවැත්මක් නැත.

ඒ නිසා සියළුම සාධක සළකා බලා පහසුවෙන් දියුණු විය හැකි මාර්ගයක් මම සොයා ගත්තෙමි.එක් වරකට අවස්ථාව ඇත්තේ එක් අයෙකුට පමණක් නිසා මගේ වාරය අවසන්වන තුරු වැඩේට කඩා පණින්නේ නැතුව ඉන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.ක්‍රමය කියා දෙන මට මුල් අවස්ථාව ලබා දීම ඔබේ හැදිච්චකම පෙන්වා දෙන්නකි.

අනම් මනම් නැත.මම සනත් ජයසූරියව කසාද බඳිමි.ටික කලක් එකට හිඳ ලොවෙත් වන්දියක් සමඟ දික්කසාදය ඉල්ලා නඩු දමමි.ඒක ලොවෙත් ආතල්ය.මිලියන 800ක් කියන්නෙ කජු ඇට කොස් ඇට නොවේය.මේවා සල්ලිය.සනත්ව බැඳලා මගේ මොනවා හරි ඒවාට හානි උනොත් ඒවා කිසි අවුලක් නැතුව තිබූ තත්ත්වයටම පත් කරගන්නට උවද ඇති තරම් සල්ලි ඇත්තේය.ඕනෑම නම් අළුතෙන් පශ්චාත්භාගයක් ගෙන බද්ධ කරගන්නට උවද පුළුවංය.සල්ලිවලට කළ නොහැක්කක් ඇත්තේම නැත.ඔබට ඕනෑනම් ඩිල්ශාන් දික්කසාද වෙනතුරු ඉඳ ඔහුගේ කරේ එල්ලීමටද පුළුවංය.හැබැයි ඔහු නිසි පරිදි වන්දි නොගෙවන්නෙක් නිසා අවධානම ඔබ ගත යුතුය.හැබැයි මේවා පූර්වාදර්ශයට ගෙන රජ පවුලේ උන්ව දැලේ දාගන්නට යෑමෙන් වළකින් මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.ඔවුන් සමඟ සෙල්ලම් දමන්නට ගොස් ඔබ වැන්නෙක් මෙලොව සිටි බවට සාධකයක්වත් නොමැතිවන සේ අතුරුදහන් වනු ඇත.ඔබ කියා දරුවෙක් නොසිටි බැව් දිවුරමින් ඔබේ දෙමව්පියන්ම රූපවාහිනියට වොයිස් කට් දෙනු ඇත.එනිසා කොටද්දි හොඳ ගහක් බලා කොටනු මිස කෙසෙල්ගස්වලට හෝ ලයිට් කණු යනාදියට කෙටීමෙන් වළකින මෙන් ඉල්ලා සිටිමි.



24 October 2013

දූ කෙළිය, හයි වේ සහ තවත් කතා


මේ දවස්වල හැමතැනම කැසිනෝ කතාය.කැසිනෝ ගැහිල්ල සූදුවක්ලුය.සූදුවක් උනාට ක්‍රීඩාවක්ලුය.ක්‍රීඩාවක් නම් හොඳය.ලංකාවේ මිනිස්සුංගේ ශරීර සෞඛ්‍යය දියුණු කරන්නට එළිමහන් ව්‍යායාම් මධ්‍යස්ථාන විතරක් මදිය.ක්‍රීඩාවද ප්‍රචලිත කරන්ඩ ඕනෑය.කැසිනෝ ක්‍රීඩාව ප්‍රචලිත කිරීම මඟින් ප්‍රාංශු දේහදාරී තරුණ කැළක් රටට ජනතාවට දායක කරන්නට පුළුවංය.අපේ රටේ කෙල්ලන්ගේ එල්ලෙන තඩි බඩවල් බස්සන්නටත් ක්‍රීඩා කරවීම හොඳය.එවිට කැසිනෝ ක්‍රීඩාව නිසා ප්‍රචලිත වනවායැයි කියන රති කෙළියටත් ඔවුන්ට සහභාගී විය හැකිය.


ජේම්ස් පැකර් ලංකාවේ කැසිනෝ දානවා යැයි එහේ පත්තරවලට කියලාලුය.හැබැයි ඇමතිතුමා කියන්නේ අළුතින් කැසිනෝ බලපත්‍ර දෙන්ඩ රජතුමාගේ ආණ්ඩුව ලෑස්ති නැති බවය.ඒ වගේ කැත වැඩ මේ ආණ්ඩුව කරන්නෙ නැති බව උන්දෑ දහ අතේ දිවුරමින් කියන්නේය.කාව විශ්වාස කරන්ඩදැයි නොදැන මහ ජනයා අතරමංව සිටිති.එහෙම අතරමං විය යුතු නැත.ඇමතිතුමා බොරු කියන්නේ නැති බව කවුරුත් දැනගත යුතුය.බොරු කීමෙන් එතුමාට ලැබෙන ලබ්බක් නැත.පැකර් ලොක්කා බොරු කියනවා වෙන්නට පුළුවංය.උන්නැහේට උන්නැහේගේ ව්‍යාපාර ආසියාවේ ආශ්චර්ය වෙච්ච සිරි ලංකාවේද තියෙන බව කිය ලෝකෙට පම්පෝරි ගැසීමේ උවමනාවක් ඇතුවා විය හැක.

උසස් අධ්‍යාපන ඇමතිතුමා ඇමරිකාවේ කැසිනෝ ගෑනුංගේ ගැටවලට අහුනොවී ඩොලර් දෙක ගාණේ කැසිනෝ ගැසූ බව ආඩම්බරෙන් කියන්නේය.ඔහු ඩොලර් දෙක ගානේ කී පාරක් කැසිනෝ ගැහුවාදැයි කියන්නේ නැත.ඩොලර් දෙකක් කියන්නේ රුපියල් 260ක් වැනි සොච්චම් මුදලකි.කිරිපිටි පැකට් එකක්වත් ගන්නට බැරි තරමේ මුදලකි.ලංකාවේ මිනිස්සුන්ට මසක පඩියෙන් මේ මුදල වියදම් කිරීම එච්චර ගැටළුවක් වන්නේ නැත.එවිට එක් පුද්ගලයෙකුගේ මාසික වියදම 2500 සිට 2760 දක්වා වැඩි වීම පමණකි සිදුවන්නේ.

අපේ රටේ මිනිස්සු කැසිනෝ කාරයින්ගේ කට්ටකම්වලට අහු නොවෙන බව ඒකාන්තය.ඒ අපේ මිනිස්සු එයිට වඩා කට්ට නිසාය.පැකර් ලොක්කාගේ අන්තිම තඹ සතය දක්වා සූරාගෙන අපේ මිනිස්සු කැසිනෝවලින් එළියට එන බව ශුවර් ය.අපේ උන්ට කොළේ වහන්නට නම් කැසිනෝවල වැඩ කරන්නට කට්ටිය හඳෙන් ගේන්නට ඕනෑය.අපේ උන් දිගට හරහට ඔට්ටු දිනලා පැකර් කාරයා බංකොලොත් වී මුඩුක්කුවක අකාලයේ මිය ගියාට පසු විදෙස් ආයෝජකයින් ලංකාවට ඒමට පැකිලීමට ඉඩ ඇත.ඒ නිසා ලංකාවේ උන්ට කැසිනෝ ගහන එක තහනම් කිරීම දීර්ඝකාලීනව බැලූ විට යහපත් තීරණයකි.නමුත් ඕස්ට්‍රේලියාවේ හතරවන විශාලම ආයෝජකයා වන පැකර් කාරයාගේ අන්තිම දොයිතුව දක්වා හූරාගත හැකිනම් අපට ඕස්ට්‍රේලියාවේ මොනවා හෝ යමකට ආයෝජනය කිරීමට උවද හැකිවනු ඇත.ඒ නිසා ලංකාවේ උන්ට කැසිනෝ ගැහීමට ඉඩ දෙනවාද නැද්ද යන්න තීරණය කිරීම අපි ආර්ථික විද්‍යා උගතුන් හට බාර කරමු.



කැසිනෝ කියන්නේ සුද්දංගේ බාසාවෙංය.ඒ නිසා එය අපේ රටේ මිනිස්සුන්ට එච්චර හුරු නැත.නමුත් අපේ අතීත සාහිත්‍යය පිරික්සීමේදී මෙසේ මුදල් ඔට්ටු අල්ලා කළ ක්‍රීඩා තිබූ බවත් අද මෙන්ම එදාත් ලොකු ලොක්කෝ එසේ පොඩි උංගේ සල්ලි හූරාගෙන ඒ සල්ලිවලින් ඔට්ටු සෙල්ලම් කළ බවත් සොයා ගත හැක.එම ක්‍රීඩාවලට හෙල බසින් කිව්වේ 'දූ කෙළිය' කියලාය.අද ද අපේ රටේ තැන් තැන්වල 'දූ කෙළින්නෝ' සිටිති.විශේෂයෙන් බිරිඳ මැදපෙරදිග අරාබි කෙළියේ යෙදී එවන මුදල් රැගෙන කා බී 'දූ කෙළින' සැමියන් ගැන වරින් වර පුවත්පත්වල පලවේ.නමුත් දැන්ගන්නට ඇති පරිදි ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝ රටවලද දූ කෙළිය තහනම්ය.

බයිබලයේ මෙසේ දූ කෙළියේ යෙදුනෙකු ගැන කතාවක් කියෙව්වා මතකය.ඒකේ නම් ඒ මනුස්සයාගේ වැරැද්දක් නැත.දුවලා දෙන්නා මිනිහාට වෙරිවන තුරු බොන්නට දී 'දූ කෙළවා' ගත්තෝය.එවැනි දෑ අපේ රටේ වෙන්නේ නැත.අපේ රටේ උන් බිව්වාම උංගේ ශරීර ශක්තිය සහ කල්පනාව ප්‍රභල වෙනවාය.ඒ නිසා උන් ප්ලෑන් කරලා බය කරලා 'දූ කෙළියේ' යෙදෙනවාය.ඒවාටද බදු සහන දෙන්නට ආණ්ඩුව සූදානම්දැයි දන්නේ නැත.විපක්ෂය කියන විදිහට ආණ්ඩුව දේශීය ආයෝජකයන්ට බදු සහන දෙන්නේ නැත.එහෙම දූ කෙළියේ යෙදිලා දුවට දරුවෙක් ලැබුණොත් ඥාති ප්‍රශ්නයක් එනවාය.ලැබෙන දරුවාගේ පියා සහ සීයා එකෙක් වෙනවාය.එතකොට හෙන අවුල්ය.

කැසිනෝ කෙළිය එසේ වෙද්දී කටුනායක කොළඹ අධිවේගය විවෘත කරන්ඩ කටයුතු යෙදුනාය.හැදුවේ චීනා නිසා ආණ්ඩුව පාර පාවිච්චියට පෙර ජනතා අධීක්ෂණයට යොමු කළේය.ජනතාව වැල නොකැඩී පාරේ තත්ත්වය පරීක්ෂා කරන්ඩ එති.ඇදකුද තිබේදැයි සොයති.වල ගොඩැලි ඇති තැන් සොයා බලති.බල්ලෝ එළවති.අපේ රටේ මිනිස්සු වෙනකෙකුගේ කතා විශ්වාස කරන්නේ නැත.තමුංගේ ලැම්බෝගිනිය, ෆෙරාරිය, බී එම් ඩබ්ලිවු එක දාන්නට පෙර පාර හොඳදැයි පුද්ගලිකව සොයා බලති.මෙවන් දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම මහජන අධීක්ෂණයට යොමු කරන එකම රට අති උතුම් සිරි ලංකාව විය හැක.එය සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයකි.මෙය අපේ රට ඒකාධිපතියෙකු පාලනය කරන බව කියන විදෙස් කුමන්ත්‍රණ කරුවන්ට කම්මුල් පහරක් වැනි ය.




21 October 2013

ඈ..


පවසට 
දිය බිඳක් ඉල්ලීමි
දෙපයෙන් මා ඔසවා
හිස දියෙහි ඔබා
හිනැහෙන්නී
පවස සිඳුනාදැයි අසන්නී

සිසිලට
උණුසුමක් පැතීමි
දෑත් බැඳ
හිසෙලි ගිනි ලා
කෝල ලෙසින් 
උණුසුම්දැයි අසන්නී

යටිපතුල් පලා
ලුණු ගල්වන්නී
නිය'තර
ඉඳිකටු තුඩු රන්දන්නී
මුළු හදින්ම මා හට
ප්‍රේම කරන්නී



14 October 2013

ගණිකාව ප්‍රොස් කිරීම


අපේ රටේ මිනිස්සු සැදැහැවත්ය.ගුණවත්ය.ගුණගරුකය.සදාචාරසම්පන්නය.සංස්කෘතිය රැක ගැන්මට පණ උනත් දෙති.දේශානුරාගය උතුරා ගලාගොස් ගංගාවලට එකතු වී මහ මුහුදට ගලා බසී.අපේ රටේ මුර දේවතාවන් මෙන් වැඩ සිටින අපේ රජ පවුල අපේ මව්බිම රැකගැනීමට අපේ ජනතාව රැක ගැනීමට දිළිඳුකම පිටු දැකීමට මතට තිත තැබීමට නිතර දෙවේලේ වෙහෙස වෙති.


ගමේ කසිප්පු පොට්වලට නිතිපතා පොලීසිය කඩා පනිති.වැඩි ගණන් දී රටබීම ගන්නට සල්ලි නැති උංගේ කන්වලින් කසිප්පු බේරෙන්නට දත්වලින් හොටු එන්නට ගුටි බැට දෙති.කසිප්පු පෙරන එකාගේ කරේ  කසිප්පු බූලි තබාගෙන පොලීසියට රැගෙන යති.නඩු පවරති.දඩ ගසති.උන් දඩ ගෙවා පැමිණ නැවත කසිප්පු පෙරති.බොන උන් වෙනදා මෙන්ම බොති.ලංකාවෙන් කසිප්පු තුරන් කිරීමට පොලීසිය ගන්නා වෙහෙස අගය කළ යුතුමය.නමුත් කොපමණ උත්සාහ කළද අසාර්ථක වීම නිසා ඊට මධ්‍යම රජය මැදිහත් වීය.දැං රට පුරා බාර් ඇරලා ඇත.රජ්යේ අරමුණ වන්නේ කසිප්පු පොට් ගාණට වඩා වැඩි ගණනක් බාර් ඇරීම මඟින් ජනතාව හොර අරක්කුවලින් හොඳ අරක්කුවලට නම්මා ගැනීමටය.එමෙන්ම පළාත්සභා මැතිවරණ කාලවලදී නොමිලේ අරක්කු බෙදා හැරීම මඟින් හොඳ අරක්කු වඩ වඩාත් ජනතාවට සමීප කිරීමට පාලකයින් උත්සුක වූහ.ඒ දිනවල කසිප්පු පෙරන උන් කසිප්පු විකුණා ගැනීමට නොහැකිව ලත වූහ.මිනිස්සු ටෝකන් එක රැගෙන කසිප්පු මුදලාලිට කෝචොක් දමමින් ගොස් බාර් එකෙන් තත්ත්වයෙන් උසස් හොඳ අරක්කු බිවූහ.


අපේ රටේ සමහරක් දුරාචාරී මිනිස්සු බූරුවා ගැසීමට පුරුදු වී සිටිති.බූරුවා ගහන්නේ ළන්දක් අස්සේ පැදුරක් එළාගෙනය.එයින් රජයට විශාල ප්‍රමාණයක් බදු මුදල් අහිමි වී යන්නේය.එයිට අමතරව රජයේ දීපව්‍යාප්ත වගා වැඩසටහන යටතේ රටේ හැම අස්සක් මුල්ලක්ම වගා කර ඇතත් මේ බූරුවා ගසන ස්ථාන හා ඒ අවට එළි පෙහෙළි කොට වගා කිරීමට බූරුවා ගැහීමට ඇබ්බැහි වී ඇති අය ඉඩ නොදෙති.එය රජයේ වගා සැළැස්ම බිඳ වැටීමට හේතු වේ.එමෙන්ම මෙවන් ළඳු කැලෑවලට දර කැඩීමට යන තරුණ ගෑනු ළමුන් මේ පාපතරයින් අතින් දූෂණය වීමට ඉඩ තිබේ.ඒවාට වඩා රටේ ආර්ථිකයට බලපාන සාධකය වන්නේ බූරුවා ගහද්දි ඇතිවන ආරවුල්වලදී සිදුවන පිහි ඇනුම් ගුටි බැට දීම් ආදිය නිසා සිදුවන අනතුරුවලට වාර්ශිකව රජයට වැය කිරීමට සිදු වී ඇති මුදලය.ශල්‍යාගාර සේවාවන් සහ ඖෂධ සඳහා යන වියදම අවම කර ගැනීම සඳහා රජය ඕස්ට්‍රේලියාවේ ජේම්ස් පැකර් මහතා හමුවී ද්වීපාර්ශ්වික සාක්ච්ඡා පවත්වා විසඳුමක් සොයාගෙන ඇත.ඒ අනුව ජේම්ස් පැකර් මහතාගේ පූර්ණ අනුග්‍රහය ඇතිව මහා පරිමාණ කැසිනෝ මධ්‍යස්ථානයක් ඉඳි කිරීමට සැළසුම් කර ඇත.ඒ මහතාට අනුව ඔහු විසින් ඕස්ට්‍රේලියාවේ කැසිනෝ මධ්‍යස්ථාන ඉඳි කිරීමෙන් ඕස්ට්‍රේලියාවේ ළඳු කැලෑවලදී මිනිසුන් මුහුන දුන් කැංගරු ප්‍රහාර ගණන සීඝ්‍ර ලෙස පහළ බැස ඇත.


ලංකාවේ ගණිකා වෘත්තිය යනු අනාදිමත් කාලයක සිට පැවත එන අභිමානවත් වෘත්තියකි.නමුත් ඊනියා වික්ටෝරියානු යුගයෙන් පසුව සහ සුද්දන් විසින් අපේ රටේ වැසියන්ට බෝ කරන ලද ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග බිය නිසා මෙකී වෘත්තිය කෙරේ සමාජයේ දැක්ම සෘණාත්මක දිශාවකට ගමන් කරනු බව පෙනී ගොස් ඇත.බාර් සහ කැසිනෝ සමාජ ශාලා මෙන් නොව ගණිකා වෘත්තිය යනු රජයට හොඳ ආදායමක් සහ ජනතාවට හොඳ ආශ්වාදයක් ලැබිය හැකි වෘත්තියයක් වේ.කළ යුත්තේ මනා සැළසුමක් සහිතව මනා දැක්මකින් යුතුව එය ක්‍රියාවට නැංවීම පමණි.මෙහිදී තවත් සැළකිය යුතු කරුණක් වන්නේ බාර් මෙන්ම කැසිනෝ ශාලාවලද ව්‍යාපාර වර්ධනයට ගණිකා වෘත්තියෙන් ලද හැකි මෙහෙය සුළුපටු නොවන බවය.


ගණිකාව යන හැඳින්වීමම ඔවුන් කෙරේ යම් පසුගාමී දැක්මක් ලබා දීමට හේතුවන නිසා අළුතින් වෘත්තියට එකතු වන්නන් අඩු වීමට සහ වෘත්තිකයින්ගේ අභිමානය පළුදු වීමටද හේතු වේ.එනිසා එම පදය වෙනුවට 'නගර ශෝභනිය, තුටු ජනනී' වැනි ධනාත්මක නාමකරණයක් වෙත යොමු විය යුතුව ඇත.එමෙන්ම සියළුම වෘත්තිකයින්ට මනා ඉංග්‍රීසි දැනුමක් ලබා දිය යුතුය.

'මම ගණිකාවක්' කියනවාට වඩා 'I'm a prostitute' කියන විට ඔවුන් වෙත මහා පෞර්ෂ්‍යයක් ආරෝපනය වේ.එනිසා වෘත්තියට පිවිසීම සඳහා IELTS ඉහළින් සමත්වීම සුදුසු කමක් ලෙස සැළකිය යුතුය.ලංකාවට එන බහුතරයක් චීන ජාතිකයින් වන නිසා චීන බස දැන සිටීම අමතර සුදුසු කමක් සේ සැළකිය හැක.

සාමාන්‍යපෙළින් පසු උසස්පෙළ විශය පථයට ගණිකාවේදය නමින් විශය මාලාවක් එක් කළ යුතුය.එවිට අඩු වයසින්ම වෘත්තියට මනා දැනුමකින් සන්නද්දව පිවිසීමේ හැකියාව අපේ රටේ තරුණ ප්‍රජාවට ලැබෙනු ඇත.එවිට පාසැල්වල දැනට සිදුවන ලිංගික අපචාර ක්‍රියා තවදුරටත් සමාජ ගැටළුවක් වන්නේ නැත.ඒවා ප්‍රායෝගික ක්‍රියාකාරකම් බවට නිතැතින්ම පත්වේ.සාමාන්‍ය පෙළින් පාසැල් හැර යන්නවුන් සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අනුග්‍රහයෙන් ගණිකාවේදී ඩිප්ලෝමා පාඨමාලාව ආර්ම්භ කළ හැකි අතර උසස් පෙල සමත් වන්නන් සඳහා සිව් අවුරුදු ගණිකාවේදී උපාධිය ප්‍රධානය කිරීමට පුද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කළ හැක.මෙම ආයතනවල ඉගැන්වීම සඳහා දැනට මැද පෙරදිග ගොස් පණ පිටින් පැමිණ සිටින අය යොදා ගත හැකි අතර ඔවුන්ගේ පෘථුල දැනුම් සම්භාරය ලබන සිසුන් ඕනෑම ආකාරයේ ලිංගික තෘප්තියක් ලබා දීමේ කෙළ පැමිණියෝ වනු නිසැකය.එවිට තවදුරටත් නුපුහුණු ගෘහ සේවිකාවන් පිටරට යැවීම නවතා දමා පුහුණු ගණිකාවන් පිටරට යැවීමේ හැකියාවද ලැබෙනු ඇත.ඔවුන් හරහා ලැබෙන විදේශ විනිමය දැනට ලැබෙන ප්‍රමාණය මෙන් සිය දහස් ගුණයක් වනු ඇත.

වෘත්තියට වර්ථමානයේ මෙන් ඕනෑම අයෙකුට පිවිසීමේ හැකියාව වාරණය කළ යුතුය.මනා අඟ පසඟින් යුත් පංච කල්‍යාණියන් තෝරා ගත යුතුය.ඒ සඳහා වාර්ශිකව "රතිකුමරි" සහ "රතිකුමරා" තේරීම සඳහා රියැලිටි ටීවී වැඩ සටහනක් ආරම්භ කළ හැක.එහිදී ඔවුන්ගේ පෙනුම, දැනුම සහ හැකියාවන් පිරික්සා බලා හොඳම අය පමණක් වෘත්තිය සඳහා තෝරා ගත යුතුය.



වෘත්තියට පිවිසෙන්නන් වෙනුවෙන් හැඳුනුම්පතක් ලබා දිය යුතු අතර ඔවුන්ගේ දරුවන් ජාතික පාසැල්වලට ඇතුලත් කර ගැනීමේදී ප්‍රමුඛතාවයක් දිය යුතුය.මන්ද ඒ දරුවන් විදෙස් ආයෝජනවල ප්‍රථිපල වන නිසාය.

මොවුන් සඳහා වාර්ශිකව අළුත් කළ යුතු වෘත්තියේ යෙදීමට බලපත්‍රයක් ලබා දිය යුතු අතර එය අළුත් කිරීම සඳහා මාසිකව ලිංගික රෝග පරීක්ෂාවන් කරගෙන සමත් වී තිබිය යුතු බවට නීති ගත කළ යුතුය.වාහනවල දුම් පරීක්ෂා කරන ආයතනවලම තවත් කවුන්ටරයක් ඇර මෙකී සෞඛ්‍ය පරීක්ෂාව කිරීම ආරම්භ කළ හැක.එමෙන්ම බලපත්‍රය අළුත් කිරීමට පෙර පෙනුම සහ හැකියාවන් පෙර පරිදිම තිබේදැයි පරීක්ෂා කර බැලිය යුතුය.ඒ සඳහා පහසු අඩු වියදම් පරීක්ෂණයක් ලෙස ශිෂ්ණ සීනු පරීක්ෂණය හඳුන්වා දිය හැක.එහිදී අපක්ෂපාතී විනිශ්චය මණ්ඩලයක කලිසම් ගලවා ඔවුන්ගේ ශිෂ්ණවල කුඩා සීනු බැඳ අපේක්ෂකයා ඔවුන් හමුවට එවිය යුතුය.විනුසුරු මණ්ඩලයේ සභිකයින් ස්පර්ශ කිරීමෙන් තොරව සීනු නාද කරවීමට සමත් වන්නන්ගේ බලපත්‍රය තවත් වසරකට දීර්ඝ කළ යුතු අතර එසේ නොහැකි වන්නන්ගේ බලපත්‍රය අහෝසි කිරීමෙන් වෘත්තියේ ගුණාත්මකභාවය රැකගත හැකි වේ.තවද වෘත්තිකයින්ට නිසි විශ්‍රාම වැටුප් ක්‍රමයක් සහ රෝග සඳහා රක්ෂණාවරණයක් ලබා දීමට කටයුතු කළ යුතුය.

උක්ත යෝජනා ක්‍රියාත්මක කරන්නේ නම් රජයට විශාල බදු මුදල් ප්‍රමාණයක් එකතු කරගත හැකි වන අතර විදෙස් ආයෝජන සහ විදෙස් සංචාරකයින් ප්‍රමාණය විශාල ලෙස ඉහළ දමා ගත හැක.එයිට අමතරව දැනට විදේශයන්ට ඇදී යන අති විශාල මුදල් සම්භාරයක් අපේ රටේම ඉතුරු කර ගැනීමට හැකිවන අතරම මැති ඇමතිවරුන්ගේ සහ රජයේ ඉහළ නිළධාරීන්ගේ විදෙස් සංචාර සැළකිය යුතු ලෙස පහළ යන නිසා ඔවුන්ට රටේ ප්‍රශ්න වෙත සිය අවධානය යොමු කිරීමටද හැකි වේ.



09 October 2013

ජුංඩා ලොකු කිරීම...


ජුන්ඩා කියලා කිව්වේ අර අහවල් අංගෙටය.ඒ කිව්වේ පුරුෂ ලිංගය ගැනය.පුරුෂ ලිංගය හෙවත් ජුන්ඩාගේ සයිස් එක මදි වීම ගැන බොහෝ පුරුෂයෝ කංකෙදිරි ගාති.මැසිවිලි නගති.ඒ උං වැල බලා වැල ස්ටාර්ලාගේ ජුංඩා එක්ක තමුංගේ ජුන්ඩා සංසංදනය කොරන්නට යාම නිසාය.උං උංගේ බාරියාව හෝ පෙම්වතිය හෝ අනියම් පෙම්වතිය උගේ ජුංඩා පුංචි වීම නිසා අවුලක් ගනීවි යැයි බය වෙති.ඒ උනාට ඒ ගෑනු මනුස්සයා වැල බලන්නේ නැත්තං සහ වෙනිං ලිංගික සහකරුවෙක් ඇයට නැත්තං අරූගේ ජුංඩා පොඩිද ලොකුද කියන්ඩ දන්නේ නැත.ඒ නිසා තමුංගේ සහකාරිය "මොකක්ද අනේ ඔයාගේ ජුංඩා පොඩියි නේ" කියා චෝදනා කරනවානං පොඩ්ඩක් හොයා බලන එක වැදගත්ය.වැදගත්ම කරුණක් වන්නේ ඔබේ බිරිඳ මැදපෙරදිග රැකියාවට යැවීමෙන් වළකින්න.




කොහොම උනත් කොච්චර කිව්වත් අපේ උංගේ ලොකු ජුංඩෙක් ලබා ගැනීම සඳහා ඇති ආශාව අඩු වෙන්නේ නැත.ඒ නිසා එහෙම ලොකු ජුංඩෙක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ශෝකභරිතව ඉන්න අසරණ "කුඩා ජුංඩාලාභීන්" වෙනුවෙන් අපිත් යමක් කළ යුතු නිසා සහ තැං තැංවල ජුංඩා ලොකු කෙරෙනවා යැයි කියා තෙල් බේත් දී අසරණයිංගේ ගාණ කඩා ගන්නා එක වැළැක්වීමේ අරමුණින් මේ ලිපිය ලියන්නට යෙදුණේය.අපගේ ආයතනයේ වෙනත් ශාඛා නොමැත.අපගේ නම කියා ජුංඩා ලොකු කිරීමටය කියා තෙල් බේත් විකුණන්නන්ට අහු නොවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.ලිපිනයැති මුද්දර ගැසූ ලියුම් කවර එවන්නට ඕනෑ නැත.බුලත් කොලේ තබා දහසින් බැඳි පියලි හෝ රන් පවුම් දෙන්නට ඕනෑ නැත.මහජන පහන් සංවේගය උදෙසා මේ ලබා නොමිලේ ලබා දෙන නූතන කෙම් ක්‍රමයේ දැනුම ලබා ගැනීමට නම් පහත ජුංඩද කියවන්න.මෙය මුදල් බලාගෙන කරන්නාවූ ක්‍රියාවක් නොවේ.කොමෙන්ට් සහ හිට්ස් බලාගෙන කරන්නා වූ පුණ්‍යකර්මයකි.



පළමුව ඔබ මස් මාලු කෑමෙන් වැලකී සතියක් පේ විය යුතුය.ඉන්පසු ඔබේ නිවසට ප්‍රභල වේදනා නාශකයක් වන මෝෆීන්, හෙරොයින් වැනි දෙයක් හෝ ලිග්නොකේන් වැනි ස්ථානීය වේදනා නාශකයක් හෝ අඩුම තරමේ ගල් අරක්කු බාගයක්වත් ගෙනැවිත් සඟවා තැබිය යුතුය.ඊට අමතරව ඔබට ක්ලෝරෆෝම් ස්වල්පයක් සහ තරමක් ලේන්සුවක්ද අවශ්‍ය වේ.ඉන්පසු ඔබ ඔබේ ප්‍රදේශයේ හෝ වෙනත් ප්‍රදේශයක වෙසෙන ඒසේත් නැතිනම් මේ දිනවල පහසුවෙන් සයාගත හැකි විදේශිකයෙක් ගැන හෝ විපරම් කර බැලිය යුතු වේ.එසේ විපරම් කිරීමෙන් ඔබට ජුංඩා සෑහෙන පමණ ලොකු සහ ඔබේ සමේ වර්ණයට ගැලපෙන ජුංඩෙක් සහිත එකෙක් සොයා ගත හැකි වේ.ඉන්පසු ඔහුත් සමඟ මිතුරු වීමට හැකිනම් වැඩේ වඩාත් පහසුය.එසේ නොහැකිනම් ඔහු යන එන තැන් ගැන විමසිල්ලෙන් පසු වී කාත් කවුරුත් නැති පාළු තැනකදී ඔහුගේ නාසයට ක්ලෝරෆෝම් අල්ලා සිහි නැති කරගෙන ඔහුගේ ජුංඩා කපාගත යුතුය.

මෙසේ නර බිල්ලක් දීම කෙම් ක්‍රමයේ අත්‍යාවශ්‍යම අංගයක් නොවේ.කෙසේ වෙතත් ජුංඩා කපා ගැනීමෙන් ජීවිත හානි සිදු වීමේ අවධානම අඩුබව වෛද්‍ය මතය වන නිසා ඒ අසරණයා මිය යාවි යැයි ඔබ කළබල විය යුතු නැත.කෙසේ හෝ කපාගත් ලොකු ජුංඩා වහාම වතුර නොයන සේ පොලිතින් කවරයක දමා අයිස් දැමූ සෘජිෆෝම් පෙට්ටියක දමාගත යුතුය.දැං ඔබ පූජාවට ලෑස්තිය.දැං කළ යුත්තේ වහාම ගෙදරට ගොස් ගෙදර සඟවා තැබූ වේදනා නාශකය පාවිච්චි කොට වේදනාව දැනීම අඩුවූ පසු දහිරිය ඇතිනම් තනිවම හෝ එසේ නොමැතිනම් බිරිඳගේ උදව්වෙන් ඔබේ ජුංඩා කපා දැමීමය.ඔබේ ජුංඩා වත්තේ වලක් කපා වල දැමීම, බල්ලන්ට හෝ කපුටන්ට කන්නට දැමීම, වැසිකිළියට දමා වතුර ගැසීම වැනි කුමන හෝ ආකාරයකින් සොයා ගැනීමට නොහැකි වන සේ විනාශ කර දැමිය යුතුය.

ඉන්පසුව ලොකු ජුංඩා සහිත අයිස් පෙට්ටියත් රැගෙන වහාම ජාතික රෝහලට පැමිණ තමුං වෙරිමතින් හෝ මානසික ආබාධයකින් පෙළෙන බැවින් ජුංඩා කපාගත් බව පැවසීමය.එවිට වෛද්‍යවරු පැය දොළහක පමණවන ශල්‍යකර්මයක් කොට ලොකු ජුංඩා ඔබට සැට් කර දෙනවා ඇත.ඉන්පසු මානසික ආබාධයකට කියා ටික දිනක් ප්‍රථිකාර ගත් පසු ඔබට ලොකු ජුංඩා සම්ඟ ගෙදර යෑමට ලැබෙනවා ඇත.ඔබගේත් බිරිඳගේත් මනදොළ සපිරෙනවා ඇත.නමුත් ඔබට ස්යිස් එකෙන් ලොකු යට ඇඳුම්නම් මිලදී ගන්නට සිද්ද වෙනවා ඇත.ලොකු ජුංඩෙක් නිකම්ම ලැබෙන්නේ නැත.ඔබත් ඒ වෙනුවෙන් යමක් කැප කළ යුතු වේ.එනිසා අකමැත්තෙන් උවද ඔබගේ පරණ යට ඇඳුම් ඉවත දමා අළුතෙන්ම යට ඇඳුම් මිල දී ගන්නට වෙනවාය.කරන්ඩ දෙයක් නැත.




කෙසේ නමුත් ඔබේ කළිං ජුංඩා ඔබේ සිරුරට සවි වී තිබූ අයුරුන්ම අළුත් ජුංඩා ඔබේ සිරුරට සවි වී ඇත්තේ නැත.එය රැඳී ඇත්තේ දොස්තර මහතාගේ මැහුමේ හැටියටය.ඒ නිසා සෑම සංසර්ගයකටම පසුව ජුංඩා තවමත් ඔබ සමඟද නැත්නම් බිරිඳ ළඟදැයි පරීක්ෂා කර බැලිය යුතුය.ඔබ ගණිකා ඇසුරට යොමු වූ අයෙක් නම් ගෙදර ඒමට පෙර ජුංඩා ඔබ ළඟ දැයි පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ.නැත්නම් ගෙදර පැමිණි පසු ඔබට මුත්‍ර කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට සිදුවනු ඇත.එය එසේ උවත් ඔබ ගණිකා ස්ථානයක ජුංඩා දමාගොස් තිබියදී පොලීසියට අසු වූවද (මේ දිනවල ගණිකා මඩම් වැටලීමේ දීප ව්‍යාප්ත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වේ.) එයින් ඔබ නීතිය ඉදිරියට ගෙන එන්නට හේතුවක් වන්නේ නැත.මන්ද ජුංඩාගේ DNA පරීක්ෂා කළ විට අහු වන්නේ මේ වන විට ජුංඩා ද අහිමිව සිටිනා අසරණ ජුංඩාගේ පළමු හිමිකරුවා වීමය.

මේ නවතම කෙම් ක්‍රමය රටේ ජනප්‍රිය වීමත් සමඟම ලොකු ජුංඩන් සිටින්නවුන් ප්‍රවේසම් විය යුතුය.සුදු වෑන්වලින් පැමිණ ඉදිරියට ලොකු ජුංඩන් සහිත උන් පැහැරගෙන යෑමේ ඉඩක් ද ඇත.එනිසා පිරිමින්ටද අර ඇල්ලූ විට විදුලි සැර වදිනා ආකාරයේ යට ඇඳුම් නිර්මාණය කොට විකිණිය හැක.ඒය නව රැකියා අවස්ථා රැසක් ජනිත කරවන නිසා ඒ ගැන රජයේ අවධානය යොමු කරවිය යුතුය.ලොකු ජුංඩන් ඉන්න උං දැම්ම ගිහිල්ලා ජුංඩා රක්ෂණය කර ගන්නවානං හොඳය.VIP ඔන් ද ස්පොට් රක්ෂණයක් ගන්නවානං ඒ අය ජුංඩාට ජුංඩෙක් ජුංඩා කපාගත් ස්ථානයටම ගෙනැවිත් දෙනවාය.

පිං පිණිසයි!!


06 October 2013

අපිත් ලව් කරමු


ලව් කරන එක පට්ට ආතල් වැඩක්ය.අපි පොඩි කාලේ ඉඳන් හැදෙන වැඩෙන කොට අපිට කියලා දෙන්නේ එහෙමය.සිද්ධාර්ථ ගෞතම උනත් යසෝදරා එක්ක සංසාරේ සෑහෙන කාලයක් තිස්සේ ප්‍රේමයෙන් වෙලිලා හිටියා කියලා කියනවාය.ලව් කියන්නේ ඉංගිලිස් වචනයක්ය.ඒ උනාට ඉංගිලිස් මළ පොතේ අකුරක් බැරි අය පවා ලව් කියන එකේ තේරුම දන්නවාය.එයින්ම ඒ සංකල්පය කොච්චර සිරාද කියලා අපිට තේරෙන්ඩ ඕනේය.සිංහලෙන් මේකට 'ආදරය, ප්‍රේමය' වගේ වචන කිව්වාට අපි වැඩිපුර පාවිච්චි කරන්නේ ලව් කියන වචනයය.එයිට අමතරව 'පෙයාර්, මොහොබ්බත්, කාදල්' වගේ වචනත් සිංහල වචනවලට වඩා මේ සංකල්පය නාමකරනයේදී අපේ රටේ පාවිච්චි වෙනවාය.

අපි දවස පටං ගන්නේ අපේ රටේ ආදරණීය නාළිකාවකිං ආදර සින්දුවක් අහලාය.නැත්තං ආදර රූපවාහිනී නාළිකාවකිං ආදර වැඩසටහනක් බලලාය.අපේ රටේ සිංදුවලින් 99.99%ක්ම ආදර සිංදුය.එක්කෝ ආදරය ඉල්ලන සිංදුය.නැත්තං ආදරේ කරන සිංදුය.ඒත් නැත්තං ආදරෙන් පැරදිලා අඬන සිංදුය.ඉස්සර ආදරෙන් පැරදුනාම කොට්ටේ බදාගෙන ඇඬුවේ කෙල්ලෝය.දැං උන්ට ආදරෙන් පරදින එක එච්චර අවුලක් නැත.දැං අඬන්නේ කොල්ලාය.කෙල්ල ෆේස්බුක් එකේ ස්ටේටස් වෙනස් කරලා සතියක් ඇතුලත තව කොල්ලෙක් සෙට් කර ගන්නවාය.කොල්ලා හොටු පෙරාගෙන අඬලා සින්දුවක් කියන්නේය.ඊට පස්සේ බස් කාරයින්ට මේ අඬන ඇල්බම් එක දීලා අපිට (ඒ කියන්නේ බස් මගියන්ට ) බලෙන් සිංදුව අස්සවනවාය.

මේ බස් හදන ඉන්දියන් කොම්පැනියේ උන් මෙළෝ රහක් නැත.උං බස් එක හදලා තියෙන විදිහට බස් එකේ ඉස්සරහට වෙන්නට බෆල් එක හයි කරන්නට බැරිය.ඒ නිසා බෆල් දහයක් විතර බස් එකේ පිටි පස්සට වෙන්ඩ හයි කරන්ඩ සිද්ද වෙනවාය.ඊට පස්සේ බස් එකේ ඉස්සරහම ඉන්න රියැදුරු මහත්තයාට සිංදුව ඇහෙන තරමට සිංදු යන්තරේ හඬ වැඩි කළාම (යන්තරේ හඬ බස් එකේ එංජිමේ හඬ, වට පිටාවේ වාහනවල හඬ සහ හෝන් සද්දය පරයා ඇහෙන්නටත් ඕනේය ) මගියාට පට්ට ආතල්ය.ලව් එක පැරදිලා අඬන නපුංසකයා ඔළුව ඇතුලේ බෙරිහන් දෙනවා වගේ මාර සනීපයක් එනවාය.ලංකාවේ වාහන අනතුරු ගොඩකට හේතුව මේ කර්ණරසායන ශ්‍රව්‍ය මාධූර්‍ය ආදර සින්දු බව කවුදෝ මන්දා මේ ළඟදි දවසක කිව්වේය.


ආයෙත් අපි ලව් ගැන කතා කරමු.ලව් කියන දේ හරි උත්තම පූජනීය දෙයක් කියලා අපිට හැමතැනදීම හැම දෙනාම කියනවාය.සිංදු ඇරුණාම නවකතා කෙටිකතා නාට්‍ය ආදී හැම කලා මාධ්‍යයක්ම වගේ මේ ප්‍රේමයේ උත්තරීතරභාවය ගැන පට්ට ගහනවාය.රෝමියෝ ජුලියට් දිවි නහ ගැනිල්ල පට්ට සිරා වැඩක් හැටියට කියලා ඒ ගැන නාට්‍ය චිත්තරපටි පවා හදනවාය.උන්මාද චිත්‍රා කොච්චර පරිස්සම් කළත් කොහොම හරි කොට්ට පැන්න දීඝ ගාමිණියා පට්ට පොරක් විදිහට තමයි කවුරුත් කතා කරන්නේ.

ලංකාවේ හදපු එකම මොඩල් එකේ දියාරු ලව් නාට්‍ය බල බල ඉඳපු අපිට ගෙවල් ඇතුලේ වෙන පට්ට සීන් ගැන වගේම ලව් හින්දා මිනිස්සු කෙළින පිස්සු ගැන කියලා දුන්නේ ඉන්දීය මෙගා ටෙලි ය.ඊට පස්සේ රටක දේශපාලන තීන්දු තීරණ ගැනිල්ලට ප්‍රේමයේ බලපෑම අපිට කියලා දුන්නේ කොරියන් ටෙලි හරහාය.ඒවායේ අභාශය අරං දැං අපේ රටේ  හදන නාට්‍ය ඔක්කොම එන්නේ කෙල්ලෙක්ගේ නමින්ය.ඒ කෙල්ලගේ ලව් හුටපට වට ගෙතුනු කතාවල් ය.ඉතිං අපේ රටේ පොඩි උං හැදෙන්නේ මෙන්න මේ වගේ ප්‍රේමණීය පරිසරයකය.උංගේ මොළය වර්ධනය වෙන්නේ ප්‍රේමය නැමැති සංකල්පය කේන්ද්‍ර කරගෙනය. (අපේ අක්කාගේ පොඩි එකාට මේ ළඟදි කෙල්ලෙක් ලියුමක් දීලා තිබුණේය.ඒකි ඌව බඳින්ඩ කැමතියි කියලත් කිව්වාලුය.ඒ උනාට ඌ ඒ කෙල්ලට කැමති නැත.ඌ කැමති වෙන කෙල්ලෝ දෙන්නෙක්ටය.ඌ බඳින්නේ උන් දෙන්නාගෙන් එකෙක්ව බව ඌ මාත් එක්ක කීවේය.ඌ තාම එක වසරේය.)

කොච්චර ප්‍රේමය ගැන කතා කෙරුවත් ප්‍රේමය කොච්චර රසවත් උනත් අපේ රටේ කොල්ලන්ට කෙල්ලන්ට ලව් කරන්ඩ තහනම්ය.සා\පෙ ඉවර වෙනකං ලව් කරන්ඩ හොඳ නැත.ඒ සා\පෙ ෆේල් වීමට ප්‍රේමය දායක වෙන නිසාය.සා\පෙ ඉවර උනාට පස්සේද ලව් කරන්නට තහනම්ය. ඒ උ\පෙ ෆේල් වෙන නිසාය.ඊට පස්සෙත් ලව් කරන එක සමාජ විරෝධීය.ඒ බැඳලා නැති නිසාය.බැන්දාට පස්සේ ලව් කරන උන් ගැන කතා කරලා වැඩක් නැත.මොකද අපේ රටේ යන ක්‍රමේ අනුව බඳින්නේ නාකි වෙලාය.ඒ නිසා බැඳලා කරන ලව් "නාකි ලව්" බවට පත් වෙනවාය.අනික බැන්දාට පස්සේ ලව් කරන්නේ  තමුංගේ ගෑනිට නොව අනුංගේ ගෑනුන්ටය.


ලව් කිරිල්ල වඩාත් කටුක අත්දැකීමක් වන්නේ පිරිමින්ටය.ඒ උන්ට ලව් කරන්නට වෙන්නේ කෙල්ලන්ට නිසාය.කෙල්ලෝ කවදාවත් කොල්ලන්ව තේරුම් ගන්නේ නැත.නමුත් උන් උන්ව තේරුම්ගන්නා ලෙස කොල්ලන්ට බල කර සිටිති.උං මොන කුණු වැඩක් කළත් ඒ ගෑනුංගේ හැටි කියා පිරිමියා ඒවා අමතක කර දැමිය යුතුය.ඒත් පිරිමියා මොන ලබ්බ කළත් ඒ උගේ අමන ගතියය.අනික ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි, පාරිශුද්ධයි, සුරම්‍යයි නම් කොල්ලෙක්ට තව කොල්ලෙක් එක්ක ලව් කරන්ඩ මේ සමාජය ඉඩ දෙන්ඩ ඕනෑය.නමුත් එහෙම ඉඩ දෙන්නේ නැත.උන්ට සමලිංගිකයෝ කියලා සමාජයෙන් කොන් කරනවාය.

ආදරයට ලිංගිකත්වය අදාල නෑ කියලා එක තැනක කියලා තව තැනක තව කතාවක් කියනවාය.එකම ලිංගයේ උන් දෙන්නෙක්ට ලව් කරන්ඩ තහනම් වගේම (ප්‍රේමය ලිංගිකත්වයෙන් තොර නොවන නිසා ) විරුද්ධ ලිංගිකයෝ දෙන්නෙක්ට ලව් කළාට රති කෙළියත් තහනම්ය.මේක පට්ට ආතල් ලෝකයක්ය.අපි මේ සමාජයේම හැදුනු වැඩුනු නිසා එච්චර අවුලක් පේන්නේ නැතිය.පිටසක්වල ජීවියෙක් මේ කතා ටික ඇහුවානං ඌට පිස්සු හැදෙනවාය.සමහරවිට උං ඇවිල්ලා මේ කතා ටික අහලා පිස්සු හැදිලා ගියා වෙන්නටත් පුළුවංය.කාලෙකිං දැක්කේ නැත්තේ ඒ නිසා වෙන්නට ඇත.

අපිට උඩ පරම්පරාවටත් උඩ පරම්පරාව ඒ කියන්නේ අපේ ආච්චිලාගේ පරම්පරාවේ ගෑනු පොර ටෝක් දෙන්ඩ ගත්තම එපා වෙනවාය.උන්දැලා රති කෙළිය හඳුන්වන්නේ අවලං වැඩේ කියලාය."අපිනං බඳින්ඩ කළිං ඔය අවලං වැඩ කළේ නෑ" කියලා බොහොම ගරු ගාම්භීරව කියනවාය.ඒ උනාට සිද්දිය අහගන්ඩ ඕනේ නාකි පප්පලාගෙන්ය.ඒ කාලේ කෙල්ලො උස්සාන බැද්දට දොක්කාපු හැටි බොහොම උජාරුවට දෙසන්නේ පොඩි ෂොට් එකක් දාගත්තාමය.මේ දෙන්නාගෙං එක්කෙනෙක් බොරු කියනවා වෙන්ඩ ඕනේය.නැත්තං මේ කියන ගෑනු මනුස්සයා කෙල්ල කාලේ මෙළෝ රහක් නැති කොල්ලෙක්ගේ ඇඟේ පොඩි කරන්ට් එකක්වත් යවන්ඩ බැරි ලොන්ත මගුලක් වෙන්ඩ ඕනේය.බන්දලා දෙන්ඩ පට්ට දෑවැද්දක් උන්දැලාගේ දෙමව්පියන්ට හොයන්ඩ වෙච්ච ජාතියේ බඩ්ඩක් වෙන්ඩ ඇතිය.කොහොම වෙතත් ලෝකේ හැමෝම කෙළින රති කෙළිය නිකං දෙකයි පණහට දාලා පොර ටෝක් දෙන්ඩ ඕනේ නැත.අනික බඳින කං ඕක කොරේ නෑ කියලා උදම් අනන්ඩ ඕනෙත් නැත.ඇත්තටම කියන්ඩ ඕනේ බඳිනකං ඕක කොරේ නෑ කියලා නෙමෙයිය ගෙදරිං මිනිහෙක් හොයලා දීලා බන්දනකං ඕක කොර ගන්ඩ බැරි උනාය කියලා අඬන්ඩය ඕනේ.



01 October 2013

රටට වෙලා තියෙන දේ...


කාලෙකින් පෝස්ට් එකක් ලියන්ඩ බැරි උනේ විභාගෙ හින්දා.අවුරුදු 5ක් මේකේ කට්ට කාලා කාලා දැන්නං විභාග කරගන්ඩත් පණක් නෑ.එපා වෙලා ඉන්නේ.කොහොමිං කොහොම හරි ඒ විභාගෙත් ඉවරයි.මහා විභාග සංග්‍රාමය තව ඉස්සරහට.නොවැම්බර් 18 වෙනිදට යෙදෙන සුභ නැකතිං උතුර බලා විභාගේ පටං ගන්ඩයි ඉන්නේ.ඒ ඉතිං උතුර බලා වැඩ අල්ලන එකට විග්නේශ්වරන් ලොක්කා ලෙඩක් දැම්මේ නැත්තං තමයි.ඔන්න ඔය විදිහට අධික ලෙස කාර්ය බහුල වීම හින්දා කාගේවත් බ්ලොගක් බලන්ඩවත් වෙලාවක් හම්බ උනේ නෑ.

හැබැයි ඔය යන එන ගමන් රටේ තොරතුරු දැන කියාගන්ඩ ජාතික පත්තර දෙකක් විතරනං කියව ගත්තා.ඒවා කියවද්දි පිස්සු හැදෙනවා මෙයාලා.

ඉන්ධන ගාස්තු වැඩි වෙලා හින්දා ලංකාවේ මිනිස්සු භාණ්ඩ ප්‍රවාහනයට විකල්ප ක්‍රමවලට යොමු වෙලා.විශේෂයෙන් ඔය රත්තරං වගේ දේවල් තව දුරටත් අතේ කරේ දාගෙන යන්නේ නැතුව ( රටේ උඝ්‍ර සංවර්ධන ක්‍රියා හමුවේ ලැබෙන අධික ආදායමෙන් සෑහීමකට පත්වෙන්ඩ බැරි කුපාඩි ඔය රත්තරං බඩු කඩා ගන්න හින්දා ) මිනිස්සු මෙව්වා අධෝ මාර්ගයේ දාගෙන එහේ මෙහේ යන්ඩ පටං අරං.ඉතිං රට පුරා මෙහෙම අධෝ මාර්ගයේ රත්තරං පුරෝගෙන එහේ මෙහේ ඇවිද ඇවිද ඉඳලා අමතක වීමකිං ඔය එයාර් පෝර්ට් එක පැත්තේ ගියාම විරේක බොන්ඩ දීලා මේ රත්තරං අල්ලගෙන හෙන ලොකු වැඩක් කළා වගේ පත්තරේ දානවා.ඇයි යකෝ මිනිස්සුන්ට රත්තරං කනේ දාන්ඩ පුළුවන්නං, කකුලේ වළලු කරේ දාන්ඩ පුළුවංන්නං, කරේ දාන්ඩ පුළුවන්නං, අතේ දාන්ඩැ ඇඟිලිවල දාන්ඩ පුළුවන්නං, බුරියේ දාන්ඩ පුළුවන්නං ඇයි අධෝ
මාර්ගේ දාන්ඩ බැරි.මේක යකාගේ නීතියක් නෙව.ඇයි මේ අපි කාගෙත් තියෙන මේ අංගයට මෙහෙම අඩු සැළකිල්ලක් දක්වන්නේ.




ගුදය හෙවත් කහළ මඟ මිනිස්සුන්ට හරිම වැදගත් ඉන්ද්‍රියයක්.ඒ මළ ද්‍රව්‍ය බැහැර කරන හින්දා විතරක් නෙමෙයි.ඒ දවස්වල මම හිතන්නේ මධ්‍යතන යුගයේ විතර යුරෝපයේ මතයක් තිබ්බලු යක්කුන්ට පස්සක් හෙවත් ගුදයක් නෑ කියලා.උන්ට පස්සක් වෙනුවට එතනත් මූණක් තියෙනවා කියලලු විශ්වාස කළේ."Kiss my arse" කියන කියමන ආවා කියන්නේ ඔය කතාවත් එක්ක කියලා තමයි කියන්නේ.ඒක හින්දා අපිට අපේ මනුශ්‍යත්වය ඔප්පු කරන්ඩ තියෙන එකම අවයවය තමයි මේ ගුදය.ඒක හින්දා කවුරු හරි රෙද්ද උස්සලා පස්ස පෙන්නුවොත් ඒ එයා එයාගේ මනුශ්‍යභාවය සහතික කරන්ඩ ගත්තු අහිංසක උත්සාහයක්ය කියලා හිතන්ඩ අපි පුරුදු වෙමු.එනිසා "ගුදයට සළකමු, රනින් සරසමු" කියලා ජාතියක් විදිහට පෙරට එමු.

ඒ වගේම හිරේට ගිය ගෑනු මනුස්සයෙක් එහේ මෙහේ ඇවිදිද්දි අහවල් එක අස්සේ තිබිලා ෆෝන් එකක් වැටිලා.අපේ රටේ ඉන්න හොරු එක්ක දැං ෆෝන් එකක් බේර ගන්නවා කියන්නේ බොරු.ඉස්සර අපේ ආච්චිලා ඔය සල්ලි වගේ වටින කියන දෙයක් බලාගන්ඩ කියලා දුන්නේ හංසයෝ දෙන්නට නෙව.ඒ උනාට තාක්ෂණේ දියුණුවත් එක්ක බිහි වෙච්ච නවීණ හොරුත් එක්ක ඔට්ටු වෙන්ඩ හංසයින්ට බෑ.ඒක හින්දා එයිට වඩා ආරක්ෂා සහගත තැනක් වෙත යොමු වෙන්ඩ අපේ කාන්තා පාර්ශවේට සිද්ධ වෙලා තියෙනවා.ෆෝන් එක විතරක් නෙමෙයි තව ගංජා පැකට් වගේකුත් තිබ්බා කියලා පත්තරේ තිබ්බද කොහෙද.ගංජාවල කොලිටිය එච්චර නෑ කියලා ලංකාවේ පාරිභෝගික ජනතාව නිතරම කණු කුණු ගාන එකට විසඳුමක් විදිහට ගංජාවල මත් ගතිය වැඩි කරන්ඩ කරපු පර්යේෂණයක් වෙන්ඩ ඇති කියලා තමයි මට නං හිතුනේ.

මීට අවුරුදු දහයකට විතර ඉස්සර කෝච්චියේ යද්දි මම දැකපු දෙයක් තමයි වැඩට යන ගෑනු ඈයෝ අඩුම තරමේ බෑග් තුනක්වත් ගේනවා.බත් එක එක බෑග් එකක.වතුර බෝතලේ තව බෑග් එකක.එයිට අමතරව වෙනම හෑන්ඩ් බෑග් එකකුත් ගේනවා.හැබැයි දැං ඒ විදිහට බෑග් ගොඩක් ගේන්නෙ නෑ.සමහර විට ඒ ඈයොත් ස්වභාවික ගමන් මල්ලේ බත් එකයි වතුර බෝතලෙයි ගෙනියනවා වෙන්ඩ පුළුවං.ඔය වැඩ කරන තැන ගෑනු අයත් එක්ක බත් හුවමාරු කරං කන්ඩ කළිං දෙපාරක් හිතුවොත් හොඳයි.




කොහොම උනත් මේ ප්‍රවණතාව අපි අගේ කරන්ඩ ඕනේ.මිනිස්සු කෘත්‍රීම දේවල්වලට යොමු නොවී ස්වභාවික දේවල්වලට වැඩි වැඩියෙන් යොමු වෙනවානම් කොච්චර හොඳද? අපි මේක දකින්ඩ ඕනේ මේ වැඩේ නිසා පරිසරයට එකතු වෙන පොලිතින් බෑග් කොච්චරක් නම් අඩු වෙනවද කියන දෘෂ්ඨි කෝණයෙන් කියලයි මමනං කියන්නේ.මෙහෙම ගිහිල්ලා අපේ ගෑනු නිකං කැංගරු ගෑනු වගේ වේවි.අන්න එතකොට අපිට පුළුවං ඒක බලන්ඩ එන්ඩ කියලා සුද්දන්ටයි චීන්නුන්ටයි ආරාධනා කරලා ඒකෙනුත් කීයක් හරි කඩා ගන්ඩ.එහෙම තමයි අපිට මේ සුන්දර රට සංචාරක පාරාදීසයක් කරන්න පුළුවං වෙන්නේ.


අනිත් කෙළිය තමයි කුඩු ඇල්ලිල්ල.යකෝ මේ ධර්මද්වීපේ මෙච්චර කුඩ්ඩෝ ඉන්නවද?ඇයි වදේ සතියකට කොහොමත් කුඩු ටොන් එකක් දෙකක් විතර අල්ලනවා.මම හිතන්නේ අපේ රටේ මිනිස්සු සුදු වෙන්ඩ මූනේ උලන්ඩ, කැරම් ගහන්ඩ වගේ දේවල්වලටත් හෙරොයින් පාවිච්චි කරනවා වෙන්ඩ ඕනේ.එහෙම නැත්තං කෑම රස කරන්ඩ අජිනො මොටෝ දානවා වගේ හෙරොයින් කෑමවලට දානවා වෙන්ඩ ඕනේ.එහෙමත් නැත්තං රොටී හදන්ඩ පිට්ටු හදන්ඩ කොත්තු දාන්ඩ පිටි මෝලිය අනන්නේ හෙරොයින්වලින් වෙන්ඩ ඕනේ.නැත්තං මෙච්චර බණ අහන බණ කියන බණ තලන රටට මෙච්චර කුඩු ගේන්නේ අහවල් කෙං ගෙඩියකටද?අනික සතියකට  මහා පරිමාණේ කුඩු මුදලාලිලා දෙතුන් දෙනෙක්වවත් අල්ලනවාමයි නේ.මේ යන විදිහට යකෝ මේ රටේ හැම දහ දෙනාගෙන් එකෙක් මහා පරිමාණ කුඩු මුදලාලි කෙනෙක් වගේ නෙව.

කොච්චර ඇල්ලුවත් ඉවර වෙන්නෙත් නැති හින්දා ජනතාව විදිහට අපේ අනාගතය ශුවර් නැත.මොකද නඩු භාණ්ඩ විදිහට මේ අල්ලන කුඩු ගොඩ ගහලා තියා ගන්ඩ තැං නැති උනාම ආණ්ඩුවට ඉඩම් රජයට පවරාගෙන වෙනම සුරක්ෂිත ගොඩනැගිලි හදන්ඩ වෙනවාය.අල්ලන කුඩු අල්ලපු උංගෙන්ම පරිස්සම් කරගන්ඩ විදිහක් කල්පනා කරන්ඩ වෙනවාය.නැත්තං පොලීසියේ උං ඔක්කොම කුඩ්ඩෝ වෙලා නවතිනවාය.මේ  වාගේ සියළුම දේවලට වැය වන්නේ ජනතාව වෙනුවෙන් රට සංවර්ධනය කරන්නට චීනයෙන් ගන්නා ණය මුදල් ය.ඒ නිසා පස්සේ කාලෙක අපි ඔක්කොම චීන්නුන්ට ණයකාරයෝ උනාම ඉස්සර අපේ ආදි මුතුන් මිත්තෝ සුද්දාට ගෑනි දීලා තමුංගෙම පැළ ඉස්සරහා එළියට වෙලා මදුරුවෝ තල තල රැය පහන් කළා වගේම චීනාට ගෑනි දීලා එළියට වෙලා මදුරුවෝ තල තල බලා ඉන්ඩ සිද්ද වෙන්ඩ පුළුවංය.ඒක එච්චර හොඳ ප්‍රවණතාවයක් නොවේ.මොකද මේ දවස්වල ඩෙංගු හැම තැනමය.එළියට වෙලා පිනි බාලා පීනසේ හැදෙනවාට අමතරව ඩෙංගුද හැදෙන්නට පුළුවංය.

කොහොමද පවුලට මේ වගේ ළමයෙක් හම්බ උනොත්? දිගු දෑස දුටුවාම ඇඬෙනවා තනි ඇහැට නේ....

අනිත් එක තමයි අපි වීරෝධාර ජාතියක් කියන එක නැවත නැවතත් ඔප්පු කිරීම සහ අපි පර සුද්දන් කියන දේවල් තඹ සතයකට මායිම් නොකරන බවත් පෙන්වන ඩිංගි බෝට්ටුවේ ඕස්ට්‍රේලියා යාමේ වීර චාරිකා සමය ගැන විස්තරය ය.ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට යනකම් ඇති මහා සමුද්‍රය තුට්ටුවකට මායිම් නොකර පවුල් පිටින් පුංචි ලදරම් බෝට්ටුවක නැග හරියකට කෑමක් බීමක් නැතිව සති ගණන් මහා කුණාටු මැද්දේ ගොස් ඕස්ට්‍රේලියාවේ තෙරක් නොපෙනෙන කාන්තාරයේ අතරමං වීමේ අවධානමද ගෙන එහි සිටින අධිරාජ්‍යවාදී පොලීසියට අහු වීමේ අවධානමද නොතකා යන මේ වීර චාරිකාව සමාන වන්නේ වීර ඔඩිසියස්ගේ චාරිකාවට හෝ කොන්ටිකි පහුරේ සයුරු තරණයටම පමණක් නොවේද?

ඒ විතරක් නම් මදෑ...ඕස්ට්‍රේලියාවේ සුද්දෝ එහෙ එන්ඩ එපා කියලා වැඳ වැටුනත් අපේ කට්ටිය ඒවා අධෝ වාතයක් තරම්වත් ගණන් ගන්නේ නැත.උං අතින් වියදම් කරගෙන අපේ පත්තරවල එහේ එන්ඩ එපෝ.... කියලා ඇඩ් දානවා උනාට අපේ උන් එහෙ යන එක එන්ඩ එන්ඩම වැඩි වෙනවා විතරය.ඒකෙන් කියැවෙන්නේ අපේ ජාතියේ ස්වෛරීභාවය ය.ස්වාධීනත්වය ය.අපි අපිට කරන්ඩ හිතුනොත් ඒක සුද්දා තියා උගේ අම්මා අප්පා කිව්වත් කොරන එක කොරනවාමය.අපි එහෙව් ජාතියක්ය.

අනිත් වීරෝධාර සැට් එක මැදපෙරදිග යන කට්ටියය.කට්ටිය කිව්වාට මේ කියන්නේ ගෑනු ගැන ය.මැදපෙරදිග අයට තෙල් සල්ලි තිබුණාට උංගේ මනස තාමත් ළපටිය.මෝරලා නැත.ඒ කියන්නේ අපරිණතය.උං ප්‍රශ්න විසඳන්නේ සහ හැසිරෙන්නේ හෝමෝ නියැන්ඩර්තාල් උන් වගේය.උංට ගෑනියෙක් මරණවා කියන එක ගහකින් ඉඳි ගෙඩියක් කඩනවා වගේ ලේසි වැඩක්ය.සාමාන්‍ය දෙයක්ය.ඔක්කොටමත් වඩා ආතල් වැඩක් ය.ගෑනියෙක් මොකක් හරි ලෙඩක පටලවලා ඒ ගෑනිගේ බෙල්ල කපලා හෝ ගල් ගහලා හෝ මරන්ඩ සෙට් වෙන්නේ හරියට අපේ උන් බෝතලයකට සෙට් වෙනවා වගේය.උන්ට ඒක ආතල් ය.ඉතින් උන්ට ආතල් දෙන්ඩ අපේ ගෑනු දිවි පරදුවට තබා මැද පෙරදිග යනවාය.ඒ වෙනුවෙන් කැපවීම කොච්චරද කියනවානම් බොරු වයසක් දමා හොරට හෝ යන එක යනවාමය.මැරුම් කන්ඩ බැරි වුන ගෑනුන් සඳහා වෙන වෙන පැකේජ තියෙනවාය.ගෙහිමියා හෙවත් කාමුක අරාබියා අතින් දූෂණය වෙන එක සාමාන්‍ය දෙයක් ලෙස අපේ රටේ ගෑනු සළකති.ගෘහ සේවිකාව අරාබියා දූෂණය කළ බව පුවතක් වාර්ථා වූ වහාම මැදපෙරදිග යෑමට එන ඉල්ලුම්පත් ප්‍රමාණය වැඩි වෙනවාය.මේ ලංකාවේ පිරිමින්ගේ ලිංගික ශක්‍යතාව පිළිබඳ ගැටළුවක්දැයි මට හිතෙනවාය.


තව අපේ ගෑනුන් කෲර වධ හිංසාවන්ට ලක් කෙරෙනවාය.අත පය බැඳ පහර දීම.පිච්චීම.ඇණ, ඉඳිකටු ගිල්ලවීම.අත්වලට කකුල්වලට ඇණ බැස්සවීම ආදී නොයෙක් නොයෙක් ආකාරයේ වද බන්දන ලබා දීමට මේ සුහද අරාබීන් සැදී පැහැදී සිටින අතරම ඒ වද බන්දන පිළිගැනීමට සැදී පැහැදී සිටින ශ්‍රී ලාංකික වීරෝධාර කාන්තාව ඇත්තටම මැසොකිස්ම් (masochism) කියන මානසික ආබාධයෙන් පෙලෙනවා වෙන්නත් පුලුවන්ය.ඔක්කොටමත් හපන් වන්නේ අරාබියාගේ බිරින්දෑය.මිනිහා අතින් මේ ගෘහ සේවිකාව කෙළෙසෙන වැඩේට බිරිඳගේ ෆුල් සප් එක ලැබෙන්නේය.එවන් බිරින්දෑවරු වාසනාවක්ය.ඒ නිසා දැං කරන්නට තියෙන්නේ විකෘති කාම ආසාවල් තියෙන අරාබින්ගේ මනදොළ සපුරන්ඩ ඒ සඳහා ඇප කැප වෙලා ඉන්න අපේ ගෑනු උන්ට තියා ගන්ඩම ගන්ඩ කියලා උංගේ ගෑනු අපිට එවන ලෙස ඉල්ලා සිටින එකය.


ලංකාවේ උංගේ ළමා අපචාර කෙරිල්ලද ජයටම කෙරීගෙන යනවාය.හැමදාම පත්තරේ මුල පිටුවේ කේස් එකක් තියෙනවාමය.තාත්තා දුවව දූෂණය කිරීම.අසල්වාසී නාකියෙක් පොඩි එකීව දූෂණය කිරීම වගේම පොඩි කොලුපැටවු අපචාරයට ලක් කරන එකද මේ දවස්වල ට්‍රෙන්ඩ් එකක් විදිහට නැගලා යනවාය.මේක වෙන්ඩ අරගෙන එච්චර කාලයක් නැත.මාසයක් නැත්තං දෙකක් විතර කාලයක් ඇතුලත ලංකාවේ ළමා අපචාර නොසෑහෙන්ඩ වැඩි වෙලාය.එක්කෝ මේවා වාර්ථා වෙන එක වැඩි වෙලාය.නැත්තං හිටි අඩියේ ලංකාවේ උංගේ මෝල කරවෙලාය.ළමා අපචාර දූෂණ පත්තරේ රස කරලා දානවාය.කියවන උංගේ කටින් කෙළත් බේරෙනවාය.ඊට පස්සේ උනුත් පොඩි උං දිහා බලන්නේ ලිංගික ගොදුරු දිහා බලන විදිහටය.කොහොම උනත් සංචාරක පාරාදීසයක් කරන්ඩ හිතාගෙන ඉන්න ලංකාවේ කට්ටියට ස්වයං රැකියාවක් විදිහට ගණිකා වෘත්තිය පුරුදු කරන එක හොඳය.ඒකට ගෑනු පිරිමි බේදයක් නැත.කෝකටත් ඉල්ලුම ඇත.ඒ නිසා පොඩි කාලේ ඉඳලාම ඒවාට පුරුදු කරන එක හොඳය.

ඉස්සර අම්මලා තාත්තලා ළමයිංව උනන්දු කෙරුවේ දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වෙන්ඩ කියලාය.පස්සේ ක්‍රිකට් ගහන් උංගේ ආදායම දැකලා ළමයාව ක්‍රිකට් ගහන්ඩ යොමු කෙරූහ.පස්සේ පස්සේ සින්දු කියලා එක රැයෙන් ගොඩ යන විදිහක් හොයා ගත්තාම ළමයින්ට සින්දු කියන්ඩ ඉගැන්නුවෝය.දැං ලංකාවට එන සුද්දෝ වියදම් කරන හැටි දැක්කාම ළමයිංව ගණිකා වෘත්තියට යොමු කරන්ඩ තාත්තලාම පෙරමුණ ගැනීම එච්චර දෙයක් වෙන්නේ නැත.

අදට මේ ඇතිය.පාඩං කරන්ඩ තිබුණත් කරන්ඩ හිතෙන්නේ නැත.පුදුම කුසීත කමක් ඇවිල්ල තියෙන්නේ.ඒ උනත් කොහොම හරි පාඩම් කරන්ඩ වෙනවනේ.නැත්තං තව මාස හයක් ඉඳලා රිපීට් එක්සෑම් එක කරන්ඩ වෙනවා.ඒ කියන්නේ බඳින එක මාස හයකින් පස්සට යනවා.එතකොට පළවෙනි ළමයා හම්බ වෙන එකත් මාස හයකින් පස්සට යනවනේ.ඒකෙන් ඒකාව ඉස්කෝලේ එක වසරට දා ගන්න එක අවුරුද්දකින් පරක්කු වෙන්ඩ පුළුවං.ඒ අවධානම ගන්ඩ මට බෑ.ඒ හින්දා කොහොම හරි පාඩං කරනවා......මට ජය වේවා!!!

21 August 2013

අපිරිසිඳු ලේ සහ අසරණයා.....







වෛද්‍ය වෘත්තිය පිවිසි පසු පුද්ගලික සේවයේ නොයෙදෙන බවට පුරසාරම් පම්පෝරි සහ පොර ටෝක් දුන් මම මෑතකදී පටන් ගත් පුද්ගලික සායනයේ අසුන මත වාඩි වී පුවත්පතක් බලමින් සිටියෙමි.විශ්වවිද්‍යාලයේදී ජනතා සේවය ගැන උදාර ප්‍රාර්ථනා තිබූ මම දැන් බිරිඳගේ මනදොළ සපුරනු වස් රජයේ සේවයෙන් ලැබෙනා තුට්ටු දෙකට අමතරව ආදායමක් සොයා ගන්නා පිණිස පොලක් කැඩීම හෙවත් පුද්ගලික සායනයක් ඇරඹුවේ ජීවිතයේ නිදහසක් නැති මෙවන් වෘත්තියක නැති රසක් මවා පෙන්වා මා වෛද්‍ය පීඨයට දැක්කූ ගුරු භවතුන් නෑදෑ හිත මිතුරන්ට හිත යටින් බැණ වදිමිනි.

සායනය ඇරඹූ පමණින් සෙනඟ වැල නොකැඩී ප්‍රථිකාර සඳහා එන්නේ නැත.ඒ සඳහා තරමක් කල් ගතවේ.දොස්තර පරණ වෙන තරමට ලෙඩ්ඩු වැඩිය.ඒ අළුත් උන් ළඟ නැති මහා බලගතු දෙයක් පරණ දොස්තරලා ළඟ තිබෙන නිසාය.ඒවාට කියන්නේ 'අත්දැකීම්' කියලාය.තමන් දුන් එක් බෙහෙතකින් රෝගියෙක් මිය ගියහොත් ආයේ එම බෙහෙත දෙන්නේ නැත.මේ ලෙසට ලෙඩ්ඩු කීප දෙනෙක් මරා එකතු කර ගන්නා අත්දැකීම් සම්භාරය නිසා මිනිසුන් ඔහු ළඟට වැල නොකැඩී එන්නට පටන් ගනී.අන්තිමේ දොස්තරට වැසිකිළි යාමටවත් අතොරක් නොතබා ඔහුගේ සායනය වටේ නිවෙස වටේ වාහනය වටේ රෝගීන් පොදි කන්නට පටන් ගනී.එවිට ඔහුට ආදායම ලැබෙන්නට පටන් ගන්නේ පළාත්සභා ඇමති කෙනෙක්ට ලැබෙනවා වාගේය.නමුත් අවාසනාවට ඔහුට ඉපැයූ දෙය වියදම් කොට කිසිවක් කරන්නට වෙලාවක් නැත.එවිට ඔහුගේ ආදායමෙන් ප්‍රයෝජන ගන්නේ බිරිඳ සහ දරුවන්ය.

බිරිඳ මැනිකියෝ කර පෙඩිකියෝද කරනවාය.ෆේෂල් කරලා හැඩ කරලා පාරේ තොටේ ඇවිදින්නට යනවාය.මිනිහා ගෙදර එන්නේ නිදාගන්නට විතරය.අනිත් හැම වෙලාවේම ලෙඩ්ඩු එක්කය.පොඩි හරි ඉඩක් ලැබුණොත් නර්ස්ලාත් එක්කය.ඉතිං බැඳපු ගෑනුන්ටත් අවශ්‍යතා තියෙනවාය.ඒ කියන්නේ කන බොන නාන නිදියන එක ඇරුනාම තියෙන අවශ්‍යතා ය.ඉතිං මිනිහා ගෙදර නැති නිසා මිනිහාගේ සල්ලිවලින් හැඩට ඇඳලා මිනිහාගේ වාහනෙන්ම ගෑනි එහේ මෙහේ යනවාය.ඒ අර අවශ්‍යතා ඉටු කර ගන්නටය.

'ටොක්..ටොක්'

සායනයේ දොරට තට්ටු කරන හඬින් මම සිහින ලොවෙන් ඇද වැටුනෙමි.අද දවසේ පළමු රෝගියා ය.සායනය අරඹා වැඩි දවසක් නැති නිසාත් වැටුපක් ගෙවන්නට තරම් ආදායමක් නැති නිසාත් තවම මගේ සායනයේ දොර අරින්නට, බෙහෙත් ලබා දෙන්නට රෝගීන් නැත් වෙලාවට මුකුළු කර කර ඉන්නට සිඟිත්තියක් සොයා ගත්තේ නැත.එනිසා දොර අරින්නට මටම නැගිට යන්නට සිදු විය.

සෑහෙන්න අඳු රු වැටී ඇති බවත් ඒ මහා සීතල රාත්‍රියක් බවත් මට දැනුනේ එවිටය.අමුතු සීතලක් ඇඟ දවටා ගත්තේ මුළු ඇඟේම හිරිගඩු පිපෙද්දීය.ඈතින් නරියෙක් උඩු බුරන හඬත් සමඟ ඉස්සරහා ඇති නා ගහේ අතු අතරේ මොකෙක් හෝ දඟලන 'සර සර' සද්දයක් ද ඇහෙන්නට විය.අමුතු බියක් මා සිත වසා ගත්තත් පැමිණ සිටි රෝගියාට පැරසිටමෝල් කිහිපයක් දී රුපියල් තුන්සීයක් කඩා ගැනීමේ චේතනාව ඊට වඩා ප්‍රභල වීම නිසා මම හිතට එඩිය ගෙන දොර ඇරියෙමි.

දොර අසල උස මිනිසෙකු කළු ලෝගුවක්ද පොරවාගෙන සිටගෙන සිටියේය.ලෝගුවේ කොලරය ඉහළට ඔසවලාය.අසරණයා හදිස්සියේ කෝට් එක දාගෙන එන්ඩ ඇත්තේ.මොකක් හරි අමාරු ලෙඩක් වෙන්ඩ ඇති යැයි සිතා ඔහු ඇමතීමට සැරසෙද්දීම වසර පහක් තිස්සේ රෝගීන් දෙස බලා ඔවුන්ගේ වත්කම් මෙන්ම රෝග ලක්ෂණද හඳුනා ගැනීමට පුරුදු පුහුණු කරන ලද මගේ දෙනෙතට ඔහුගේ මුහුණ හොඳින් දිස් විය.උස් වූ පාණ්ඩු පැහැති නළල, ඇතුලට ගිළුණු කම්මුල්, තියුණු දීප්තිමත් කළු පුළිඟු මෙන් වූ දෑස්, සෘජු දිගු නැහැය මෙන්ම සිහින් රතු තොල් මෙන්ම වරින් වර පිටතට පැමිණ තොල් තෙත් කරන දිගු දිව දුටු මට එක්වරම සිහියට ආවේ කාලයක් තිස්සේ කුඩු ගැහීමට ඇබ්බැහි වීම නිසා නිසි පෝෂණයක් නොලැබීමෙන් රක්තහීනතාවයෙන් පෙලෙන්නෙකු ය.නමුත් ඔහු මා වෙත හෙලූ සිනහවත් සමඟ දුටු සිහින් අසාමාන්‍ය ලෙස දිගු රදනක දත් යුවල නිසා මම වැරදි රෝග නිශ්චයකට යාම වැළකී ගියේය.




වැම්පයර්වරුන්ට නිවෙසකට ආරාධනා කළහොත් මිසක එයට ඇතුළු වීමට නොහැකි බව මම අසා ඇත්තෙමි.එසේනම් මේ වැම්පයරයාට මගේ සායනය තුලට පැමිණ මට හානි කිරීමේ හැකියාවක් නැත.නමුත් ඔහු ඇත්තටම පැමිණ ඇත්තේ අසනීපයකට ප්‍රථිකාරයක් ගැනීමට නම් මම හිපොක්‍රටිස්ට වූ පොරොන්දුව කැඩුවා වෙනවාය.ඊටත් වඩා රුපියල් තුන්සීයක් කඩා ගැනීමේ චාන්ස් එක ගිලිහී යනවාය.මගේ දෙගිඩියාව තත්පර කිහිපයකට වඩා පැවතියේ නැත.මම ඔහුට ඇතුලට එන්නට කීවෙමි.

මා බලාපොරොත්තු වූ පරිදිම ඔහු මගේ ඇඟට කඩා පැන මගේ බෙල්ලට දත් පහර ගසා මගේ ලේ උරා බීවේ නැත.ඒ වෙනුවට සුහදශීලී එමෙන්ම බයාදු සිනහවක් පාමින් ඔහු සායන‍යට ඇතුළු විය.

'ඩොක්ටර් මම පොඩ්ඩක් වාඩි වෙන්ඩද? හරි මහන්සියි ' කියමින් ඔහු පුටුව මතට ඇද වැටුනේය.

'ඔව් දැං මොකක්ද අසනීපේ?' මට බයට ගොත ගැසෙන්නට ආවද මම වෑයමින් එය වළක්වා ගතිමි.මම ඔහු අඳුනා ගත් බව දැන ගන්නට ඉඩ තියන්නට හොඳ නැත.එවිට මගේ බොටුව කඩා ලේ බීම කෙසේ වෙතත් සල්ලි නොදී යාමේ අවධානමක් ඇත.එයට මුහුණ දෙන්නට මම සූදානම් නැත.

'මගේ ඇඟේ ලේ නෑ ඩොක්ටර්. ඇඟට පණ නෑ.මාස ගානකිං ලේ ටිකක් ඇඟට වැටුනේ නෑ.' මගේ ඇස් මහත් වී කට වියලී ගියේය.

'ඒ ඒ කි..කිව්වේ...?'

'ඒ කිව්වේ ඩොක්ටර් මාස ගාණකිං ලේ ටිකක් බිව්වේ නෑ.දැං මේ පාං කියා ගන්ඩ බැරුව ඉන්නේ. මොකද ඩොක්ටර් බය වෙලා වගේ මම හිතුවේ ඩොක්ටර් මාව දැක්ක ගමං අඳුරගත්තා කියලා.'

මූ කොළේ වහලා ගහන්නේ නැත.මමත් බොරුවට නොදන්න බබා පාර්ට් දැමිල්ල නැවතිය යුතුය.

'හරි දැං මොකක්ද වෙන්ඩ ඕනේ? මට පේන විදිහටනං රක්තහීනතාව වගේ.මම එහෙනං යකඩ පෙති ටිකකුයි විටමින් ටිකකුයි ලියලා දෙන්නං.කෑම අරුචිය වගේ එහමත් තියෙනවද?' මම කොළයක් ගෙන ලියන්නට සූදානම් උනෙමි.

'යකඩ පෙතිවලට හරියන්නෑ ඩොක්ටර්.මම ට්‍රයි කරලා බැලුවා.අනිත් එක ඒවා මහ අප්පිරියා රහයිනේ.'

'එතකොට කෑම අරුචිය එහෙම තියෙනවද? ඒ කියන්නේ කෑම දැක්කම අප්පිරියා ගතියක් තියෙනවද? නැත්තං කෑම ගන්නකොට ඉක්මනට බඩ පිරෙන ගතියක් තියෙනවද?'

'කෑම අරුචියක් නෑ ඒ උනාට කෑම දැක්කම හිතට බයක් එනවා.මේකගෙං ලේ බීලා මොනවයින් මොනවා වෙයිද කියලා.'

'එතකොට ළඟදි බර එහෙම අඩු උනාද? ඒ කියන්නේ අඳින ඇඳුම් බුරුල් උනා වගේ දැනෙනවද?'

'බර කිලෝ හතකිං අඩු උනා.මේ කලිසම එල්ලං ඉන්නෙත් බෙල්ට් එකක් දාලා.අනේ ඩොක්ටර් මට ලේ බැංකුවෙං ලේ පැකට් එකක් ගන්ඩ ලියලා දෙන්ඩ.පිං සිද්ධ වෙයි.'

'ඉතිං ඔහේට ....මේ මොකක්ද මේ මහත්තයගේ නම කිව්වේ?'

'මගේ නම ඩ්‍රැකියුලා අනේ.'

'ඈ ඩ්‍රැකියුලා? ඩ්‍රැකියුලා ඉන්නේ රුමේනියාවේ නේද?මම හිතුවේ මේ මෙහේ එක්කෙනෙක් කියලා.ඔය රීරි යකා වගේ.'

'එහේ තමයි හිටියේ.ඒ පැත්තේ ලේ පොඩ්ඩක් කාරිය බීගෙන ඉන්න කොට තමයි මේ රට ආශ්චර්යයේ මොකක්ද එක කරන්ඩ යනවා කියලා ආරංචි උනේ.ඉතිං මම මෙහේ ආවා.ආවා වගේ නෙමයි දැං යන්ඩ බෑ.අතේ පිච්චියක් නෑ.මත්තලින් බැහැලා කොළඹට එනකොට පොකට් ගහලා මගේ සල්ලියි පාස් පොර්ට් එකයි ඔක්කොම ඉස්සුවා.අන්තිමට හිඟන්නෙක් වගේ පිට කොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ නිදාගෙන උදේ පාන්දරම ආව බස් කාරයෙක්ගේ ලේ ටිකක් බොන්ඩ කියලා අල්ලගෙන බැලුවා.මොන...... ඇඟේ ලේ කළඳක් නෑ.පපුවේ කිසි තෙතමනයක් නෑ.මොනවා කරන්ඩද?එහෙමම කරුවලේම එකසිය තුනක එල්ලිලා කනත්ත ගාවිං බැහැගත්තා.එදා ඉඳං මේ ලංකාව පුරාම එහේ මෙහේ ඇවිදිනවා.ලේ ටිකක් බී ගන්ඩ එකෙක් නෑ.ඉන්න උංගෙනුත් බොන්ඩ බයයි.'

'ඒ මොකද ඒ බොන්ඩ බය? අල්ලගෙන ගහයි කියලද? ඇත්ත තමයි අපේ රටේ මිනිස්සු හරි වීරෝධාර ජාතියක් නෙව.'

'බම්බුව තමයි.වීරෝධාර...පුඃ. මට බය උංගේ ලේවල මොනවා තියෙනවද කියලා.මුළිං මම ගියේ අනුරාධපුරේ පැත්තේ.හොඳ ආරිය සිංහල ලේ තියෙන පැත්තක්නේ කියලා.ඒත් නිව්ස් ඇහුවම මාව හීතල වෙලා ගියා.ඒ පැත්තේ උං ආසනික් තියෙන වතුර බීලා වකුගඩුවලටත් කෙළවං ඉන්න කොට මම කොහොමද හිතේ විශ්වාසෙකිං ලේ ටිකක් බොන්නේ.සුදු ලූනුවලටත් ඇලජික් මම ආසනික් ගැන එහෙම ලුහුඬෙට හිතන්ඩ ලෑස්ති නෑ.'

'ඉතිං වෙන පැතිවලට ගිහිං බැලුවේ නැද්ද?'

'මොකද නැත්තේ ඒත් රට පුරාම හැම තැනම කට්ටියට උණ.නිකං අහක යන නයි රෙද්ද අස්සේ දාගන්ඩ ඕනෙ නෑනේ.නිකං හරි ඩෙංගු වෛරස් එක බෝ වෙලා ඩෙංගු රක්තපාතයෙන් ලොව කුප්‍රකට ඩ්‍රැකියුලා මිය යයි කියලා කිව්වම වෑන් හෙල්සිංට උනත් ලැජ්ජා හිතෙනවනේ අප්පා.'

'ඇත්ත නේන්නං.ඉතිං ඔය උණ නැති උං හිටියෙම නැද්ද හොයාගන්ඩ?'

'මම ඉතිං වැඩිය පාරවල් දන්න එකක් යෑ.නොදැනම ඇවිල්ලා තිබ්බේ ගම්පහ පැත්තට.එකෙක් අල්ලගෙන බෙල්ල සර්ජිකල් ස්ප්‍රීට්වලිං එහෙම් පිහදාලා කෙළ පෙරාගෙන ගැහුවා දත් පාර. තුඃ විතරක් ඇඹුල් රහ.අප්පිරියාවේ බෑ.එයිට ටික දවසකට පස්සේ දන්නේ වතුරේ ඇසිඩ් කේස් එක.'

අපොයි අසරණයා...මට හිත යටින් කෙඳිරි ගෑවිනි.

'ඉතිං ලංකාවේ තවත් පැති තියෙනවනේ.ට්‍රයි කරලා බැලුවේ නැද්ද වෙන දිහෑවක්?'

'ඔය ඇසිඩ් කේස් එකෙං මම හොඳට මට්ටු උනා.එදා ඉඳං හොඳට පත්තරේ බලනවා.මොනවා හරි අවුලක් තියෙනවද කියලා.වෙලාවට එහෙම බැලුවේ.කිරිපිට එක්ක ඩීසීඩී කියලා වහ ජාතියක් එවලා කියලා දැනගත්ත වෙලේ ඉඳං ලේ බොන්ඩ පණ බයයි.ඇයි අප්පා අපිත් කියලා ඔය ලේ පොඩ්ඩක් බීලා ජීවත් වෙන අහිංසක වැම්පයර්ලා නේ.ලේ එක්ක මේ වහ බොන්ඩ පුළුවංයෑ.'

'ඉතිං ඔය කිරිපිටි නොබොන දියර කිරි බොන මිනිස්සුත් ඉන්නේ.'

'ඉන්නවා තමයි.ඒ උනාට උංගෙං සෑහෙන කට්ටියකට මටත් වඩා රක්තහීනතාව.මට දුක හිතෙනවා උංව දැක්කම.අනික දැං ගොඩක් උං ඉන්නේ ලේ රත් වෙච්ච ගමං මේ රට යන හැටි දැකලා.ඉතිං උංගේ ලේවල ඇඩ්‍රිනලීන්, කෝර්ටිසෝල් වගේ හෝමෝන හරීයට.බඩගිනියි කියලා මෙව්වා බිව්වහැක්යැ.'

'ඔබතුමා මේ ගැන මොනවත් ක්‍රියාමාර්ගයක් ගත්තේ නැද්ද? පිරිසිඳු ලේ ටිකක් ඉල්ලලා කොටුවේ ස්ටේෂම ඉස්සරහා උපවාසයක් කරානං හරිනේ.'

'පිස්සු කියවනවද ඩොක්ටර්.වතුර ඉල්ලලා පිකට් කළාම වෙඩි තියලා මරණ රටේ ලේ ඉල්ලලා පිකට් කළොත් මොනවා නොකරයිද?'

'හරි දැං මගෙං මොනවද කෙරෙන්ඩ ඕනේ?'

'අනේ ඩොක්ටර් ලංකාවට ගෙනාපු රුධිර පාරවිලයන සෙට්වලත් කොලිටිය අන්තිමයි කියලා පත්තරේක දැක්කා.එහෙම මොනවත් අවුල් නැති "එච් අයි වී" නැති හෙපටයිටිස් බී නැති මැලේරියා නැති පිරිසිඳු ලේ පැකට් දෙක තුනක් හොයලා දෙන්ඩ.නැත්තං ඇත්තමයි මැරෙන එක මැරෙනවා මෙතන.'


මගේ හද මඬල උණු වී ගියේය.මේ වැලහින්නක් වගේ අඬා වැටෙන්නේ ලෝක ප්‍රසිද්ධ ඩ්‍රැකියුලා නොවේද?මා ඉක්මනින් ක්‍රියා මාර්ගයක් නොගත්තොත් මේකා මෙතන මිය ගොස් ලෝකයේම දෝෂාරෝපන අපේ රටට එල්ල වීමට ඉඩ තිබේ.ඊටත් නවනීදන් පිල්ලේ පැමිණ සිටින මොහොතේ එවැන්නක් සිදු උවහොත් ලංකාවේ මානව හිමිකම් කඩ කිරීමේ චෝදනාවට ලක්ව රජතුමා ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරියට ගෙන යාමටද ඉඩ ඇත.එනිසා වහා දන්නා කියන ලොකු ලොකු තැනැත්තන් දෙතුන් දෙනෙක් අමතා පිරිසිඳු කරන ලද රුධිර පැකට් දහයක් වහාම ඩ්‍රැකියුලාට ලැබෙන්නට සැලැස්වීමි.ඉන්පසු ට්‍රෝලර් බෝට්ටුවක නංවා ඕස්ට්‍රේලියාවට පිටත් කළේ එවිට මගදී අසුවී පැපුවා නිව්ගිනියාවට පිටුවහල් කළ විට එතැන් සිට ඔහුට රුමේනියාවට යෑමේ මාර්ගයක් හොයා ගත හැකි නිසාය.



17 July 2013

උං බිව්වා කියලා අපි මැරෙන්ඩ ද?






අරක්කු බිව්වාම සිරෝසිස් නම් රෝගී තත්ත්වයක් වැළඳෙනවා ලු ය.ඒ කියන්නේ අක්මාව හෙවත් පීකුද්දට කෙළ වෙලා යන එකටය.අරක්කු ඇඟ ඇතුලේදී බිඳ වැටී විෂ සහිත සංයෝගයක් හැදෙන අතර අක්මා සෛල මේ විෂ සංයෝගය මරාගෙන මැරෙන්නේ බොන එකා විෂෙන් බේරා ගන්ඩය.අක්මා සෛල මිය ගියාට අක්මාවට අළුතෙන් නැවත සෛල හදා ගැනීමේ හැකියාවක් තියෙනවා ය.නමුත් ගැටළුව තියෙන්නේ බොන උන් මේ අක්මාවේ සෛලවල නැවත ජනනය වීමේ වේගය අභිබවා සෛල මිය යන වේගය වැඩෛවන තරමට බොන්ඩ ගත්තාමය.එතකොට සෛල හැදෙන වේගෙට වඩා මැරෙන වේගය වැඩි වී සරල අනුකළනයට අනුව අක්මාවට කෙළ වෙනවාය.


නමුත් බොන උන් මේ කතාව පිළිගන්නේ නැත.උංට සිරෝසිස් ගැන කිව්වාම සමාජයේ අම්බානට බී අවුරුදු 80-90 ජීවත් වෙච්ච උන් ගැන උදාහරණ දික් කරන්නෝය.මගේ ජීවිත කාලය ඇතුලත මගේ අවට සිටි මා ඇසුරු කළ පුද්ගලයින් 6 දෙනෙක් බීම නිසා අකාලයේ ස්වර්ගස්ත වූහ.මේ මම ඉස්පිරිතාලයේදී මිය යනු දුටු සංඛ්‍යාවට අමතරවය.අර උදාහරණය ඉදිරිපත් කරන්නන්ට දෙන්නට මා ළඟ ද උදාහරණයක් ඇත.

උදා:- පොල් ගසක් යට සිටගෙන සිටින්නෙකුගේ ඔළුවට පොල් ගෙඩියක්, පොල් අත්තක්, ඇට්ටියක්, කළටියක් කුරුම්බැට්ටියක් හෝ හනස්සක් වැටීමේ අවධානමක් ඇත.මෙහිදී අවධාරණය කළ යුත්තේ අවධානමක් ඇත යන්නය.සමහර විට එකෙක් පොල් ගහක් යට අවුරුද්දක් හිටියත් කිසිවක් ඇඟට නොවැටීමටද ඉඩ ඇත.වැටෙන ඒවාත් කණ ගාවින් ඇඟේ නොගෑවී වැටීමට ඉඩ ඇත.එමෙන්ම නිකම් පොල් ගස යටින් යන්නෙකුට ඒ තත්ත්පරයේදී හොඳ සයිස් පොල් ගෙඩියක් හිස මතට වැටී ජන්මාන්තර ගත වීමේ භාග්‍යය ලැබීමට ද ඉඩ ඇත.එනිසා අපට උපදෙස් දිය හැක්කේ පොල් ගස් යට සිටීමෙන් වැළකෙන ලෙසය.එවිට පොල් ගෙඩියක් හිසට වැටීමේ අවධානම ආසන්න වශයෙන් ශුන්‍ය වේ.


මේ කොච්චර කිව්වත් බොන එකා බොනවාමය.උන්ට ජීවිතේ වෙන ආතල් ටික ටික නැති වෙලා යනවාය.ඒක අපිට කමක් නැත.උංගේ චූන් උංට චූන් නිසාය.නමුත් ගැටළුව එන්නේ උං තනියම චූන් එක ගන්නේ නැතුව අපිත් එක්ක බෙදා ගන්නට එන එකය.ඒ කියන්නේ නොබොන උන්ට පොවන එක විතරක් නෙමෙයිය.ගෑනිට වධ දීම, ළමයින්ට වධ දීම ආදිය ගැන අපිට කරන්ඩ දෙයක් නැත.අපේ රටේ ගෑනු මිනිස්සුංව පාලනය කර ගන්ඩ දන්නේ නැත.මිනිහා බොනවා නං ගෑනිත් බොන්ඩ පටං ගන්ඩ ඕනෑය.ළමයින්ටත් ටික ටික බොන්ඩ දෙන්ඩ ඕනෑය.එතකොට මිනිහා බීලා පිස්සු නටද්දී ඒක පිස්සුවක් මෙන් පෙනෙන්නේ නැතුව යනවාය.

එහෙම බොන්ඩ අවුල් වගේනම් ඒ කියන්නේ තමුන්ගේ අක්මාව, වකුගඩු, හෘදය ආදිය ගැන හිතන පතන ගෑනු මනුස්සයෙක් නම් දෙයියනේ කියලා තමුංගේ රස්සාවක් හොයාගෙන මිනිහාගෙන් දික්කසාද වෙන එක හොඳය.ඒ උනාට අපේ රටේ ගෑනු එහෙම කරන්නේ නැත.මිනිහාගෙන් ගුටි කන එක සහ බීපු මී හරකෙක් එක්ක (වමනය ගඳ සහ පාලනය කර ගන්ඩ බැරි ශරීරයක් එක්ක ) රමණයේ යෙදෙන්ඩ අපේ රටේ බොහොමයක් ගෑනු කැමතිය.ඒක නිසා උන් මිනිහාට දෙස් දෙවොල් තියමින් ඒකා එක්කම සිටිති.

උංගේ චූන් එක අපිත් එක්ක බෙදාගන්නවා කිව්වේ උං බීලා බීලා කෙළ උනාම ඒ බර අපිට දරන්ඩ වෙන එකය.මම ඒ දවස්වල මිනිස්සු බොන එක ගණන් ගත්තේ නැත.ඒකා බීලා මැරෙන එක උගේ අයිතියක් නිසා ඒ පිළිබඳව ඇස් කන් පියාගෙන ඉන්නට පුරුදු උනෙමි.නමුත් වාට්ටුවලට යන්ඩ පටන් ගත්තාට පස්සේ වාට්ටු භාර වෛද්‍ය නිළධාරියාට මේ බේබදු හරක්ගෙන් තියෙන කරදරය දැක්කාට පස්සේ මගේ ඒ අදහස් වෙනස් විය.මන්ද නුදුරු අනාගතයේ මාද ඒ කුණු කට්ටට කරගහන්නට සිතාගෙන සිටින නිසාය.බීලා කෙළ වෙලා එන උන්ගේ බොහොමයකගේ සිහි කල්පනාව හොඳ නැත.එක පොරක් සිහි විකලෙන් අතේ ගසා තිබූ සේලයින් කට්ට ගලවන්නට තැත් කළ නිසා ඔහුගේ දෑත් ඇඳට තබා බැඳ දැමීමට සිදු විය.නමුත් කට්ටිය එහෙ මෙහේ වූවාට පසු පොර කකුලෙන් සේලයින් බෝතලය එල්ලා තිබෙන තැනින් වැට්ටීමට උත්සාහ කරනු දුටු විට මට ඇති වූ ප්‍රහර්ෂය කියා ඉම කළ නොහැක.

තව එකෙක් ඇඳට දමා ඇඳෙන් වැටීම වැළැක්වීමට ඇඳේ දෙපස ආරක්ෂක වැට ඉහළට ඔසවා තැබූ විට මේකා එහි යකඩ කූරක් දෙපැත්තෙන් කකුල් දෙක දමාගෙන ඇඳෙන් බසින්නට උත්සාහ කරන්නට වීය.සිහි විකල්ලෙන් ඇඳෙන් බැසීමට දඟලද්දී යකඩ කූරේ වැදී ජුන්ඩා තැලෙනු දැක අනුකම්පාවක් ඇති විය.මෙවන් උන් වාට්ටුවේ ඉන්නා විට අනිත් ලෙඩ්ඩුන්ට අවධානය යොමු කරන්නට ඇති වෙලාව අඩු කරන්නට සිදු වේ.බඩේ වතුර පිරිලා හුස්ම ගන්ඩ අමාරු වෙනකොට ඒවා ඇදලා දාන්ඩ, ප්‍රතිශක්තිය අඩු නිසා ආසාදන ගැන විමසිල්ලෙන් ඉන්ඩ, රුධිරයේ අඩු සංඝටක අනුව පාරවිලයනය කරන්ඩ, අක්මාවේ , වකුගඩුවල ක්‍රියාකාරීත්වය මැනීමට රුධිර පරීක්ෂා කරන්ඩ ආදී එකී නොකී කර්තව්‍ය රැසක් මේ හරක් වාට්ටුවලට ගාල් කිරීම නිසා වෛද්‍යවරයාට පැවරේ.වෛද්‍යවරයාටත් වඩා වෙහෙසක් ඇති වන්නේ හෙදියන්ටය.ඒ නිසා මේ දෙගොල්ලෝම අර යක්කුන්ගේ ඇඟට කඩා පැනීම සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත.

අනිත් ආතල් එක ඇත්තේ හදිසි අනතුරු වාට්ටුවේය.වාහන ඇක්සිඩන්ට් බොහොමයක් ඇල්කොහොල් හින්දාය.වලියක් ගිහින් කා කොටාගෙන නම් එතනද මුළිං ඇත්තේ ඇල්කොහොල්ය.මේ යක්කුන්ට වියදම් කරන්නේ මහජනයාගේ සල්ලි මිසක් බාර් කාරයින්ගෙන් ගන්නා හෝ උන්ගෙන් ගන්නා මුදල් නොවේ.බීලා එන උන්ගෙන් සල්ලි ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැරසුනද එය ලත් තැනම ලොප් වූ බව කිව යුතු ය.ඒ නිසා මේ බොන උන්ගේ සෞඛ්‍ය රැක ගන්නට ඔබ අපි හැම දෙනාම උර දෙන්නෙමු.



අරක්කු විස්කි බ්‍රැන්ඩි රම් කසිප්පු හෝ රා යන ඕනෑම මගුලක ඇත්තේ එතනෝල් ය.ඒ නිසා එක එක ජාතිවලින් එක එක විදිහට වෙරි වෙනවා කියන්නේ පට්ට බොරුවක්ය.බීපු උන් සහ බොන උන් මේක පිළිගන්නේ නැති බව මම දන්නවාය.නමුත් ඇල්කොහොල් යනු මොළය නිද්‍රාවට පත් කරන්නා වූ සංයෝගයකි.එනම් ඇල්කොහොල් මඟින් මොළයේ ක්‍රියාකාරීත්වය අඩුකොට පානය කළ තැනැත්තා නින්දට යොමු කරවන සංයෝගයක් වේ.නමුත් මාධ්‍ය මඟින් සහ පූර්වජ බේබද්දන් විසින් වර්තමාන බේබද්දන්ට ඇල්කොහොල්වල වෙනස් මුහුණුවරක් ඇති බව මවා පෙන්වා ඇත.බිවූ පසු ඇතිවන (පෙන්වන ) අමුතු ජවය ඇත්තටම ඇල්කොහොල් මඟින් ඇති කරන්නක් නොවේ.එය පැව්ලොව්ගේ බලු පරීක්ෂාව හා සමාන වූ මොළයේ කෘත්‍රීමව ඇති කරන ලද ප්‍රතිචාරයකි.

ඒ කියන්නේ ජීවිතේට අරක්කු ගැන අසා හෝ දැක නැති එකෙකුට පෙවූ විට ඌ කරන්නේ කාටවත් කරදරයක් නොකර පැත්තකට වී නිදා ගන්නා එකය.එහෙම නැතුව බොරුවට සූර් වී ගෝරිවල පැටලෙන්නට යන්නේවත්, කුණුහරප කියා බෙරිහන් දෙන්නේවත්, ගෑනි සමඟ බලෙන් රමණයේ යෙදෙන්ඩ යන්නේ වත් නැත.

බොන උන් කියන තවත් සිරා කතාවක් ඇත.උන් කියන විදිහට බොන එක හෙණ ආතල් ය.ඒකෙන් ගන්නා ෆන් එක වෙන එකකින්වත් ගන්නට බැරිය.අනිත් උන් බොන එකට බණින්නේ බොන එකේ ආතල් එක විඳගන්ඩ දන්නේ නැති නිසාය. හරි අපි ඒක එහෙම යැයි මොහොතකට හිතමු.නමුත් මේ සුරලොව පෙන්වන අමෘත පානය බොන්නේ උන් විතරය.ඒකෙන් බිඳක් වත් උං උංගේ පෙම්වතියන්ට, බිරින්දෑවරුන්ට හෝ දරුවන්ට දෙන්නේ නැත.අනිත් හැම සැපතක්ම බෙදා හදා ගන්නා මේ බේබද්දන් සිය සහකාරියට සහ දරුවන්ට තමන් විඳින ඒ අමා මහ සැපත විඳින්නට දෙන්නේ නැත.ඒ කියන්නේ උන් මහා ආත්මාර්ථකාමී නරුම හැත්තක් ය.

මේ ගැන ලිව්වේ ළඟදී සිදුවූ නිමිත්තක් හේතු කොට ගෙනය.මගේ දෙවන මාමා ද බීලා මිය ගියේය.ඒ ගැන අපේ අම්මා මැරෙන්ඩ හැදුවාය.ඒකා මැරෙන්ඩ වැටී ඉද්දී බලන්ඩ නොයෑම ගැන මට දොස් කිව්වාය.මළාට පස්සේ මළ ගෙදරවත් යන්ඩ කිව්වාය.ඊට පස්සේ දානේට යන්ඩ කිව්වාය.මේ එක එකා බීලා මැරෙන මැරෙන පාරට මගේ වැඩ පාඩු කරගන්ඩ මම සූදානම් නැත.නමුත් මේ මාමා බිව්ව ආකාරයේ වෙනසක් ඇත.ඌ බැන්දේ ළමයි ලොකු මහත් වෙච්ච ගෑනියෙක්වය.ඌ බඳිද්දීත් ඒ ළමයින් සමාජයේ තැනකට ඇවිත් සිටියෝ ය.මාමාට ළමයි නැත.ඔහුගේ විශ්‍රාම වැටුප ඔහු මිය ගිය පසු නැන්දාට හිමි වේ.ඒ නිසා ඌ බීලා මළාට එච්චර දුකක් නැත.

නමුත් කළින් මිය ගිය එකා ළමයි හතක් හැදුවේය.ඒකා බිව්ව නිසාත් උගේ ගෑනිට ළමයි ගැන වගේ වගක් නැති නිසාත් ළමයි ටික නන්නත්තාර වෙන්ඩ් ගොස් යන්තම් ගොඩ ගියෝය.මේ දවස්වල අන්තිම එකා ගොඩ දාන්ඩ වලි කනවාය.ඌට සා\පෙ පළමුවර සමත් වෙන්ඩ බැරි වූ නිසා දෙවන වර ලියන්ඩ අපේ ගෙදර ගෙනත් නවත්තා ගත්තෙමු.ඌට ගණන් කියා දෙන්ඩ ගොස් මට එපා විය.1250-1000=250 යි කියා ගාණ හදන්ඩ ඌ දන්නේ නැත.ඌ එවරත් සා\පෙ අසමත් වූ බව කියන්ඩත් දෙයක් නොවේ යැයි සිතමි.


මේකේ ආතල්ම සීන් එක මේ දෙන්නාගේම මළ ගෙදරට සෙට් වෙච්ච කට්ටිය පදමට මත් වීම ය.මට කරන්නට ඉතුරුව තියෙන්නේ ඊලඟට ස්වර්ගස්ථ වන එකා අනුමාන කිරීම පමණකි.මේ ගැන අපේ චූටි මාමාට කිවූ විට ඔහු මරු කතාවක් කීවේ ය.

'ඒ දවස්වල ඇමරිකාවේ හොරකම් කළාම මරණ දඬුවම දෙනවලු ප්‍රසිද්දියේ.ඉතිං සෙනඟ මේ මරණ දඬුවම බලන්ඩ පිරිලා ඉන්න වෙලාවේ තවත් සෙට් එකක් බලන්ඩ ආව උංගෙන් පික් පොකට් ගහනවලු.'

ඒකත් එක්ක මට මතක් උනේ 'සොර දෙටුවෙල් කස තැලුම් කකා දං ගෙඩියට ගෙන යන වේලේ වධක බෙරේ දැක සොරා ගන්ඩ එය කදිමයි ලොබ සිතුවාලූ' කියන සීන් එකය.

කවුරුවත් බිව්වාට මට කමක් නැත.නමුත් බීලා අනිත් උන්ට වදයක් වෙන්ඩ එපා යැයි කාරුණිකව ඉල්ලා සිටිමි.මට ඇති අනිත් දුක හරක් වෙනුවෙන් ගිණි තියා ගත්තාට කවුරුවත් අරක්කු වෙනුවෙන් ගිණි තියා ගන්නේ නැති එක ය.ඉන් ගම්‍ය වන්නේ හරක් බේරා ගැනීම බේබද්දන් ගොඩ දැමීමට වඩා උතුම් බවද???

ඉස්තූතියි!!!



16 July 2013

උගේ පය බරවායට මුගේ පිටිකර බෙහෙත් බැඳීම

අපේ රට හරි ආතල් රටක් ය.ඒක හින්දා මේ රට දාලා යන්ඩ චාන්ස් එකක් ලැබුනත් දාලා යන්නේ නැත.මට එහෙම චාන්ස් එකක් එන්ඩ ඉඩක් ඇත්තේත් නැත.ආවත් ඒ ඩිංගි බෝට්ටුවේ ඕස්ට්‍රේලියාවට යන්ඩ චාන්ස් එකක් ය.එහෙම මාරක මැදින් පැනගෙන පීනාගෙන ඕස්ට්‍රේලියාවට පැන බෝරිං ජීවිතයක් ගෙනියනවාට වඩා මේ රටේ ජීවත් වෙන එක ආතල් ය.


මගේ මිත්‍රයෙක් කැනඩාවේ ජීවත් වන්නේය.ඌ ඒ රටේ ජීවත් වෙමින් අපේ රටේ අපි ජීවත් විය යුතු විදිහ අපිට කියා දෙන්නේය.ඌ කැනඩාවට බැණ වදින්නේ එහි ඒකාකාරී ජීවිතයෙන් හෙම්බත් වෙලාය.ඌ කෝච්චියේ ඒ දවස්වල හැමදාම කැම්පස් ගියේය.කෝච්චිය දුම්රිය වේදිකාවේ නවත්වන්නේ හැමදාම එකම තැනලුය.ඒ කියන්නේ දුම්රියේ (මේවාට දුම්රිය කියන එක වැරදිය.මොකද දුම් පිට වෙන්නේ අපේ වගේ රටවල ඉතුරු වී ඇති පෞරාණික දුම්රියවලින් නිසාය.විදුලියෙන් යන ඒවායේ දුම් පිට නොවේ යැයි උපකල්පනය කළ හැක.) නිශ්චිත දොරක් නතර කෙරෙන්නේ වේදිකාවේ නිශ්චිත ස්ථානයකය.වැරදීමකින් හෝ දුම්රිය නියාමක මහතා දුම්රිය අඩියක් දෙකක් ඉදිරියට ගෙන ගියහොත් ඔහු දුම්රිය නැවත ඒ අඩිය හෝ දෙක ආපස්සට ධාවනය කරන බව ඔහු කීවේ කළකිරීමෙනි.

'මේ රටේ යක්කු මේ සිස්ටම් එකේ ඒකාකාරී කමට කොච්චර පුරුදු වෙලාද කියනවා නං කෝච්චියට නගින්ඩ ඉන්න එකාට වැඩිපුර අඩියක්වත් යන්ඩ දෙන්නේ නෑ.පට්ට චාටර් බං.හැමදාම එකම සිද්දි ටික දැකලා එපා වෙනවා.' මගේ මිත්‍රයා මා සමඟ කීවේය.

ඇත්තය.හැමදාම එකම දේ නොදැක වෙනස්ම ආකාරයකින් සිතන පතන පාලකයින් සහ පරිපලකයින් සිටිනා රටක ජීවත් වීමේ ආශ්වාදය බලෙන් හෝ ලබාගත යුතුය.එනිසා මම විදෙස් ගතව සිටිනා සියළුම ශ්‍රී ලාංකිකයින්ට නැවත මෙරටට එන ලෙස ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිමි.අඩුම තරමේ එවිට ෆේස්බුක් හා බ්ලොග් ආදියේ ලංකාවේ ඉන්න උන් ජීවත් විය යුතු විදිය කියා දෙන උන් ගණනවත් අඩු විය හැක.

හපුළුවාට උගේ පැටියා මැණිකක් ලු ය.

ලංකාවේ පහුගිය දිනවල ප්‍රසිද්ධ මාතෘකා බවට මාලක සිල්වා, දහම් සිරිසේන සහ රමිත රඹුක්වැල්ල පත්වූහ.ඒ පහර දීම් සහ අනවසරයෙන් ගුවන් යානා දොරක් ඇරීමට තැත් කිරීම නිසාය.එයිට අමතරව රටපුරාම ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් රැසක් ක්ෂණයකින් ප්‍රසිද්ධියට පත්වූයේ පහර දීම්, අල්ලස් ගැනීම්, ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර, විදේශිකයෙක් ඝාතනය කිරීම සහ ගුරුවරියක් දණ ගැස්වීම ආදී වූ වීර වික්‍රමාන්විත ක්‍රියාවන්හි නිරත වී මාට්ටු වූ නිසාය.මෙකී ක්‍රියාවන් උදෙසා නීතිය ක්‍රියාත්මක වූ ආකාරය අපුල සහගතය.නමුත් රජය මේ වෙනුවෙන් පියවර ගෙන තිබේ.මෙකී අක්‍රමිකතාවයන් සඳහා ප්‍රධානම හේතුව නිසි විනයක් නොමැති වීම බව රජය තේරුම් ගෙන තිබේ.එමනිසා නිසි විනයක් රටතුල ක්‍රියාත්මක කිරීමට රජය විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට සහ විදුහල්පතිවරුන්ට සති දෙකේ හමුදා පුහුණුවක් ලබා දෙන්නට කටයුතු කළේය.එකී පුහුණුව ලැබූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සහ විදුහල්පතිවරුන් සමාජගත වූ පසු ඉහත සඳහන් කොට ඇති මැර ක්‍රියාවන් සමාජයෙන් අතුගා දැමිය හැකිවනු ඇත.නමුත් එය සිදු කරන ආකාරය දන්නේ රජය පමණි.


නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අල්ලස් ගෙන කෝටිපති ව්‍යාපාරිකයෙක් ඝාතනය කළ බව කියා ඔහුට විරුද්ධව නඩු පවරා ඇත.ඝාතනයට ඔහුගේ පුත්‍රයා මෙන්ම බිරිඳද සම්බඳ බව කියැවේ.ඇත්තෙන්ම ආදර්ශවත් පවුලකි.දුකේදීත් සැපේදීත් එකටම ඉන්නා බව විවාහ වෙද්දී පොරොන්දු උවද සිය සැමියා පුද්ගල ඝාතනයකට සැරසෙද්දී ඊට පූර්ණ දායකත්වය දෙන්නට බොහෝ බිරින්දෑවරු මැළි වෙති.නමුත් වාස් ගුණවර්ධන මහතා සොයාගෙන ඇත්තේ රත්තරන් බිරින්දෑවකි.සැමියා නීතිය ඉදිරියට ගෙන ආ විට සාක්ෂි කරුවන්ට තර්ජනය කිරීමට ද ඇය පැකිළුනේ නැත.මෙවන් වූ දෙමව්පියන්ගේ ආදර මැද හැදී වැඩුනු පුත්‍රයාටද මුදල් සෙවීමේ කෙටි ක්‍රම කියා දුන් මේ දෙමව්පියන් අපි සදා සැමරිය යුතු නොවේද?

එමෙන්ම ත්‍රිකුණාමලය පොලීසියේ ලොක්කෙක් අල්ලස් ගන්නා විට මාට්ටු වූ බව දැක්වෙන පුවතක් ඊයේ හෝ අද පත්‍රයේ පලවී තිබුණි.පොලිස් නිළධාරීන් අල්ලස් ගන්නා බව, සිර මැදිරිවල ඉන්නා රැඳවියන්ට අමානුෂික ලෙස පහර දෙන බව සමාජය දන්නා එහෙත් ගණන් නොගන්නා කරුණක් බවට පත් වී ඇත.මේ බව වටහා ගත් රජය මේ අකාර්යක්ෂමතා මග හැරීමට නම් සීසීටීවී කැමරා සවිකොට නිරීක්ෂණය කිරීම සුදුසු බව තීරණය කරන ලදී.එබැවින් වහාම ලංකාවේ විශ්ව විද්‍යාල තුල දැඩි පිරිවැයක් දරා සීසීටීවී කැමරා පද්ධති සවි කිරීමට රජය කටයුතු කරගෙන යයි.එමගින් සිසු සිසුවියන් පෙම් කෙළීම්, රති කෙළීම් අතරේ කුමන හෝ අල්ලස් ගැනීමක් හෝ පුද්ගල ඝාතන සැලැස්මක් හෝ සිදු කළහොත් වහාම අත් අඩංගුවට ගත හැකි නිසා තව වසර කීපයක් ඇතුලත රාජ්‍ය සේවය දූෂණයෙන් තොර තැනක් බවට පත් වීම කිසිවෙකුටත් වැළකිය නොහැක.




දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා භාරත ලක්ෂ්මන් මහතා ඝාතනය කළ බවට චෝදනා ලබා සිටී.කවුරු කවුරුත් ලොක්කෝ ගැන කතා කරනු මිස උන් නිසා මියගිය සොක්කෝ ගැන කතා කරන්නේ නැත.කෙසේ වෙතත් ලොක්කන් පස්සේ ඒ සොක්කන් යන්නට ඇත්තේ අවධානම දැනගෙන විය හැකි නිසා අපි ඒ ගැන කුලප්පු විය යුතුද නැත.එනමුත් භාරත ලක්ෂ්මන් ඇතුලු සිව් දෙනෙක් ඝාතනය කිරීමේ සිද්දියකට චෝදනා ලබා ඇති ඔහු ඇප මත නිදහස් වූවා පමණක් නොව විදෙස් ගත වීමේ අවසරයද ලබා ගත්තේය.පාර්ලිමේන්තුව ඔහුට තහනම් කලාපයක් බවට පත් කිරීමට ජනතාවාදී රජය ක්‍රියා කළේ නැත.

සංජීව බණ්ඩාර යනු අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ය.අනවසර රැස්වීම් සංවිධානය කිරීම, මහජනයා අපහසුවට පත්වන සේ උද්ඝෝෂණ සංවිධානය කිරීම ඇතුලු චෝදනා එල්ල කරමින් ඔහු රිමාන්ඩ් භාරයට පත් කර ඇත.ඔහුට කිසිඳු විශ්ව විද්‍යාලයකට ඇතුළු වීම තහනම් කර ඇති අතර සති තුනකට වරක් ඉරු දිනයක පොලිසියට ගොස් තමා ජීවත් වන බවත් පැනගොස් නැති බවත් සනාථ කළ යුතුය.කෙසේ වෙතත් එකී ක්‍රියා මාර්ග හේතු කොටගෙන ලංකාවේ මිනී මරාගැනීම් සීඝ්‍ර ලෙස අඩුවනු ඇත.ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රධාන ලක්ෂණයක් වන නීතිය ඉදිරියේ සියල්ලෝම එක සමාන වීම ලංකාවේ ක්‍රියාත්මක වන බවට හොඳම උදාහරණය සංජීව බණ්ඩාර අත් අඩංගුවට ගැනීමය.අන්තරේ වේවා කුමන හෝ ශිෂ්‍ය සංගමයක කැඳවුම් කරුවෙකු වූ පමණින් නීතිය ඔහුට විශේෂයක් කිරීමට සූදානම් නැති බව පෙන්වා දෙමින් ඔහුට පැනවූ දණ්ඩනය සමස්ත ශ්‍රී ලාංකිකයින් දොහොත් මුදුන් දී අනුමත කළ යුතුය.

ස්තූතියි!!!