12 December 2013

බූවල්ලා




කට්ටියට අදත් අපි ෆැකල්ටි එකේ දාපු ආතල් එකක් පෙන්නන්ඩයි යන්නේ.ඔන්න එහෙනං හරි බරි ගැහිලා ඉඳගෙන, අහල පහල කට්ටියටත් එන්ඩ කියලා, ඔය පොප්කෝර්න්, ටිපිටිප් වගේ දේකුත් ලෑස්ති කරගෙන මතක ඇතුව වාඩි වෙන්ඩ කලිං මුත්‍ර පහ කරලා සිත කය මනස සංසුන් කරගෙන එකත්පසව වාඩි වෙන්ඩ.

මේක ඇවිල්ලා අපි 2007 උසස් පෙළ කණ්ඩායම අපේ ෆැකල්ටියේ කලා සංගමය හෙවත් ආර්ට් එකේ අය ලෑස්ති කරපු අවුරෝරා නාට්‍ය තරඟයට කරපු නාට්‍යය.මේ නාට්‍ය තරඟයේ විනිශ්චය කටයුතු කරන්ඩ ගෙන්නුවේ ආයේ ලේසි පාසු සෙට් එකක් එහෙම නෙමෙයි හොඳේ..

ඉන්දික ෆර්ඩිනැන්ඩු
ජගත් චමිල
අනුසුයා සුභසිංහ

කියන නාට්‍යකරණයේ කෙළ පැමිණි තුන්දෙනා තමයි ආවේ.( 2010 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍යය උනු 'කළම්බෝ' නාට්‍යයේ කට්ටිය ඈ.)

කොහොම හරි අන්තිමේ සම්මාන රැසක් සමඟ විනිශ්චය මණ්ඩලයේ පැසසුම් මැද අපේ නාට්‍යය වෙච්ච 'බූවල්ලා' මුල් තැන ගත්තා.

මේ නාට්‍යය අපේ කසුන් යූටියුබ් එකට දාලා දැං සෑහෙන දවසක් උනත් ඕඩියෝවල තියෙන අවුල හින්දා මම ඒක බ්ලොගේ දැම්මේ නෑ.සෑහෙන්ඩ කල්පනා කළාම මට ආවා ඒ අවුලට විසඳුමක්.ඒ කියන්නේ අපේ නාට්‍යට උපශීර්ෂ හෙවත් සබ්ටයිටල් දාන්ඩ දවස් ගාණක් කට්ට කාලා ඔන්න අද තමයි ඉවරයක් උනේ.

ඒක හින්දා ඔන්න බලන කට්ටිය යූ ටියුබ් එකේ තියෙන අර Captions කියන මෙව්වා එක ඔබලා බලන්ඩ ඈ.

ඔන්න කලිං ක්ලිප් එකේ වගේම මේකෙත් මම කවුද කියලා අහන්ඩ ඔට්ටු නෑ හරිය!!






තාරකටයි මටයි දෙන්නටම ඕනේ උනා ඔය හතරවෙනි තට්ටුවේ සීන් එකක් කරන්ඩ.ඔය ඇමති රථපෙළවල් ගැන තියෙන මගේ මළ හින්දා ඒකත් කතාවට සෙට් කරගත්තා.ඉතුරු ටික ඉතිං කට්ටියගෙම සහයෝගයෙන් තමයි.ඇත්තම කියනවනං පිටපතක් කියලා එකක් ලිව්වේ නාට්‍ය පෙන්නන්ඩ පොඩ්ඩකට කළිං අනිත් උංගේ නාට්‍ය පෙන්නන වෙලාවේ.ඒකත් ලිව්වේ විනිශ්චය මණ්ඩලේට පිටපතක් ඕනේ කිව්ව හින්දා.

ඩේටා පොඩ්ඩක් යනවා තමයි.ඒ උනත් ඔන්නොහේ බලන්ඩ මෙයාලා.මොකෝ මැරෙන දාකට ඔය ඩේටා අරං යන්ඩයෑ.අනික කොච්චර බැලුවත් වැල ඔක්කොම එක වගේ තමයි.

නාට්‍යයේ රංගන දායකත්වය :

තාරක
නිපුන්
නදීශානි
දිනුක
දනුශි
රුචිර
ශෂික
චාමර

එයිට අමතරව අපේ බැච් එකේ සංගීතා නොමද සහයක් දුන්නා.ඒ වගේම නාට්‍යය ලෑස්ති කරන වෙලාවේ බලලා ගුණදොස් කියලා හැමෝම දුන්නා ෆුල් සපෝට් එක.නාට්‍යය හැදුවේ,

 "හතේ අපි.."


08 December 2013

කලා කාරයිංවත් දඩයං කරන්ඩ පටං අරන් නේ බං....





'නෑ මචං මම කියන්නේ ලොක්කා ඡන්දෙ ඉල්ලද්දි දඩි දඩි ගාලා පපුවට ගහගෙන ඉස්ටේජ් එකේ බෙරිහං දීලා කිව්වනේ බං දේශීයත්වය සුරකිනවා.දේශීය කලා කර්මාන්ත දියුණු කරනවා කියලා.'

'ඉතිං'

'නෑ දැං බලහං ලොක්කා අඳින්නේ මොකක්ද?  සරම. කන්නේ කුරහං. දේශීය දේ අගය කරන්ඩ කියලා මිනිහමනේ අපිට කියන්නේ බං.'

'ඉතිං හරි බං.මොකද්ද දැං අවුල?'

'මෙච්චර කල් මාධ්‍යවේදියෝ විතරයි දඩයං කළේ.බලහංකෝ දැං කලාකාරයින්ටත් කෙළින්ඩ පටං අරංනේ බං'

'මොකද්ද බං කියන්නේ?? අර සමන් ද සිල්වට ගහපු එකද?'

'ඌට ගහලා විතරනේ බං.අනික උං කලාකාරයෝ නෙමෙයිනෙ බං.බයිලා කාරයොනේ.'

'මොන ලබ්බක්ද බං කියන්නේ? කවුද ඔය කියන කලා කාරයා?'

'ඇයි බං කැටයම් චින්තක. පවු කොහෙ හරි ඈත පැත්තක කැටයමක් කපාගෙන හිටපු අහිංසක ඩයල් එකක් වෙන්ඩැති.පොලීසියෙං ගෙනිහිල්ලා එල්ලලා දෙකක් ගහලා අහනකොට කියන්ඩ ඇති ගෙදර ආයුධ තියෙනවා කියලා.ඇයි බං කැටයං කපන උං ගාව තියෙනවනේ ඔය නියං, යතුකැට, අතකොලු එහෙම.ඒ ආයුධ පෙන්නන්ඩ කියලා අරං යද්දි පොලීසියේ උං ගේම දීලනේ බං.ඔන්න රටට වෙලා තියෙන දේ.'

'මේ මචං, උඹට විභාගේ නේද? ඒක හින්දා මේ දන්නෙ නැති උලව් වලට හොට දාගෙන ලත වෙන්නැතුව ගිහිල්ලා අලයක් බා ගනිං.ෂිඃ මුගේ ගොං කතාව අහන්ඩ මාත් නැවතිලා හිටියනේ.' මම පිඟානත් අරං චමරිය පැත්තට ගියේ කන්ඩ.
'අඩෝ චමරියේ ගාන වැඩි කරලා.බජට් එකෙං වියදං වැඩි වෙලාලු.ඒ නිසා කණගාටුවෙන් දන්වා සිටිනවලු කෑම ගාස්තු වැඩි කරන්ඩ වෙනවා කියලා.' කොටා නෝටිස් බෝඩ් එක ඉස්සරහා හොටු පෙරාගෙන අඬනවා.

'අඩෝ බොරු කියන්ඩ එපා ඩෝ.බජට් එකෙං පොඩි මිනිස්සුංගේ බඩට ගහලා නෑ යකෝ.' ඩිලා පැන්නා මැද්දට.ඩිලා ඒ දවස්වල ඉඳලා ලොක්කට කඩේ ගිය එකම තමයි කළේ.ඌ කැපුවත් නිල් යකෝ කිය කිය පොර ටෝක් දෙද්දි සෙට් එකක් ඌව කපලා බලන්ඩ ලෑස්ති උනාට පස්සේ ටික දවසක් සද්ද වහලා හිටියත් ආයෙමත් ඔන්න සද්දෙ පටං අරං.ලොක්කා පස්සෙ යන උං ඔක්කොම ඔහොම්මමය.

ගණං වැඩි උනා කිව්වට, ආර්ථික අර්බුධ ඔළුවට තේරුණාට බඩට තේරෙන්නේ නැත.ඒ හින්දා චමරි කාඩ් එක ගන්ඩ කසුනගෙං තවත් රුපියල් සීයක් විතර ලෝන් එකක් ගහන්ඩ හිතාගෙන ඌව හොයද්දි ඌ මැච් එක බලනවා.

'අඩෝ කසුනා රුපියල් සීයක් දියංකෝ.මහපොළ දැම්මම දෙන්නං'

'උඹට සල්ලි දෙන්නං එදා ගත්තු පන්සීය ආපහු දුන්නම.මොකක්ද බං උඹලගේ වැඩ.උඹ චාමරයටත් දාහක් ණයයි.හර්ෂයගෙනුත් දාහක් ද එක්දාස් පන්සීයක් ද කොහෙද ඉල්ලගත්තා එදා මමත් ඉන්න තැනම.බලහං උඹ ලෝකෙට කොච්චර ණයද කියලා.'

'මචං කසුන් ගොනෙක් වගේ ගොං කතා කියන්ඩ එපා.'

'කවුද යකෝ ගොනා..'

'උඹලා කැම්පස් ආවට ආර්ථික විද්‍යාව ගැන ඇඹිටිල්ලං දෙයක් වත් දන්නෑනේ."ඒකපුද්ගල ආදායම" කියලා සංකල්පයක් තිබ්බට "ඒකපුද්ගල ණය බර" කියලා සංකල්පයක් නෑ.කවුරුහරි එහෙම එකක් ගැන කියනවනං ඒ මීහරකෙක් වෙන්ඩ ඕනෑ.'

'තෝ බඩගින්නේ මැරියං.දෙන්නෑ උඹට සත පහක්'

'අඩෝ එහෙම කරන්ඩ එපා බං.මං කන්ඩ නැතුව මළොත් උඹට මගේ කෙල්ලව බාර ගන්ඩ වෙයි හොඳේ.රුපියල් සීයකට මොකටද බං උඹේ ජීවිතෙත් කාළකන්නි කරගන්නේ.ඔන්නොහේ රුපියල් සීයක් දියං බං.මොකෝ උඹ ඔය රුපියල් සීයෙං කුඩු ගහන්ඩ ද?, කැසිනෝ යන්ඩද? සලාකා ගිහිල්ලා බූරු ගහන්ඩද?'

කසුනා මට සීය දුන්නා නෙමෙයි දමලා ගැහුවා.මොනවා උනත් ඌ හිත හොඳ එකා.

බත් එක බෙදාගෙන කන්ඩ ගියාම කට්ටියම විභාගෙ ගැන කතාකිරිල්ල පැත්තකට දාල බජට් එක ගැන කතාව.ඕක ගැන අපි කෙස් පැලෙනකං තර්ක කළත් වැඩක් නෑනේ.අපි කියන දේවල් උන්ට ඇහෙන්නෑනේ.ඇහුනත් අපි කියන දේවල් උං අධෝ වාතයක් තරමටවත් ගණන් ගන්නෙත් නෑනේ.ඒක අපි දන්නවා උනාට අපි ආසයි බජට් එක ගැන කතා කරන්ඩ.අපිත් දැං ඡන්දදායකයොනේ.

'ලොක්කා නෑයින්ටම සළකන හැටි බලහංකෝ.එව්වා මහ කැතයි බං.'

'ඇයි උඹලා කියන්නේ උඹලට සළකන්ඩ, උඹලට තනතුරු දෙන්ඩ කියලද? යකෝ රටක් පාලනේ කරන එක මේ කුකුල් කොටුවක් පාලනේ කරනවා වගේ නෙමෙයි.ඔතන වටේටම නෑයෝ ටික ඉන්න හින්දා තමයි ලොක්කට කෙළවන්ඩ කාටවත් බැරි.'
ඩිලාත් බත් එකක් බෙදං ඇවිල්ලා කාව මැද්දට පැන්නා.

'ඒ ලබ්බක් නෙමෙයි බං. මං කිව්වේ බලු කෑම ගණං අඩු කරපු එක ගැන.'
ඩිලා සද්ද වහගත්තා.




'එහෙම කියන්ඩ එපා මචං.බල්ලා කියන්නේ මිනිහගේ ළඟම හිතවතානේ.බල්ලො හදන්නේ ගෙවල්වල ආරක්සාවටනේ.ඌට සළකන්ඩ ඕනේ.නැද්ද ඩිලා?' මම ඇහුවේ ඌව ආයෙත් කතාවට ඇදලා ගන්ඩ.

'හ්ම්ම්..'

'කවුද බං දැං ගෙවල්වල ආරක්ෂාවට බල්ලෝ හදන්නේ? කවුරු හරි 'හුළෙක්' හොයලා ඌට යහන්ගත වෙන්ඩ ගෑනි දුන්නනං හරි.ආයෙ ඉතිං කිසි අවුලක් නෑ.ආරක්ෂාව ශුවර්.'

'ඇත්තටම මචං මම නං කියන්නෙ මොනවා උනත් බූරුවා ගැහිල්ල දේශීය එකක් නේ.ඉතිං ඔය කැසිනෝ වෙනුවට ගන්න අපේ දේ කියලා සූර්ය සිංහ ලකුණ ගහපු බූරු පොට් ටිකක් හැදුවනං හරිනේ බං.'

'ඔව් ඒක නං හොඳයි.ඒත් මචං වැඩේ හොඳට කෙරෙන්ඩ නං දැක්කම ඇඟ දැවිල්ල හැදෙන විදිහේ කෑල්ලකුත් බිස්නස් එකේ ඉන්ඩ ඕනේ.එතකොට තමයි කස්ටමර්ස්ලා වැඩිපුර එන්නෙත් ඒ වගේම ආරක්ෂාවත් එතකොට හොඳයි.'

'ඉතිං ගම්මු කුළියට පට්ට කෑල්ලක්.'

'උඹලා ඔය කියන තරං ලේසි නෑ කෑල්ලක් වැඩට ගන්ඩ.උන්ට දෙන්ඩ වෙයි සෑහෙන ලොකු පඩියක්'

'ඇයි සෑහෙන ලොකු පඩියක් දෙන්ඩ වෙන්නේ?'

'ඇයි බං දැං මාසික ශුද්ධියටත් බදු ගහලනේ තියෙන්නේ...'