දුක සැප නිති පෙරළේ අර මොකක්ද එක වාගේ කියලා කවුද මන්දා කියලා තියෙනවා නෙව.ඔන්න ඉතිං මගේ ජීවිත කතා පොජ්ජේ අලුත්ම පෙරළිය ගැන කතා පොජ්ජක් මන්දු කරන්ඩ තමා මේ ලෑස්ති වෙන්නේ.
රට රකින පංච මහා බලවේගේ වෙච්ච සඟ වෙද ගුරු ගොවි කම්කරු කියන සැට් එකේ දෙවෙනියට ඉන්න වෙද කියන කට්ටිය ගැන හෙන ලොකුවට අපිට පොඩි කාලේ ඉඳලා කියලා තියෙන හින්දාත්, ඉස්කෝලෙ ගියාම ගුරුවරු, වැඩිහිටියො, අසල්වැසියෝ, යාලු මිත්‍රයෝ හැම එකාම ඕක කරගත්තනං හරි කියලා ගොනාට අන්දවපු හින්දාත්, කරුමෙට වගේ උ\පෙ පාස් වෙච්ච හින්දාත්, තාමත් ලංකාවේ සල්ලි නොගෙවා මෙව්වා උපාධිය ගන්ඩ ඇහැක් හින්දාත් මාත් අත්දිග කලිසමක් ඇඳලා බෙල්ට් එකක් කාරිය දාගෙන, දත් මැදලා කබ කඩලා පුංචි බොරැල්ලේ තියෙන මෙව්වා එකෙං වෛද්‍ය උපාධිය ගන්ඩ ගියා නෙව.
අනිත් උං කෙළ හලාගෙන හොටු පෙරාගෙන පාඩං කරද්දි පුරුදු විදිහටම වෙන වෙන වල්පල් වැඩවලට සෙට් වෙලා නොමග ගිහිල්ලා අන්තිමට හැරිලා බලද්දි ආපහු එන පාර හොයාගන්ඩත් බැරි උනා ආයිබෝවං.කිව්වට මොකෝ මම හිතුවේ මේක මේ අනිත් උං වගේ මැරීගෙන පාඩං කරන්ඩ තරං කාරියක් නෙමෙයි, මං දස්සයි නෙව ඒක හින්දා මේක සුටුස් ගාලා පාස් වෙන්ඩ පුළුවං කියලා.හුඃ අන්තිමට ආවනේ බොලේ රිසල්ට්ස්.
වැඩ පහකිං දෙකක් ෆේල් වෙලා අන්තිමේ
උඹ නාඩං උඹ නාඩං උඹට ඕවා හොඳ පාඩං //
මම නං
ගඟේ පනිනවා
වතුර බීලා මැරෙනවා
හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා
රේල්ලුවට
බෙල්ල තියනවා
ජීවිතේ
එපා කියනවා
කෝච්චිය ළං වෙනකොට අපි නැගිටිනවා
හරි හරි අඬන්ඩ එපා බොලව්.විභාග තියෙන්නේ කට්ටියක් ෆේල් කරන්ඩ නෙව.එහෙම නැත්තං ඔක්කොමල්ලට ඩිග්‍රිය බෙදාගෙන යන්ඩ තිබ්බනේ.ඒක හින්දා ඒ අය මහන්සි වෙලා තියන විභාගවලින් කවුරු හරි ෆේල් වෙන්ඩත් ඕනේ.නැත්තං පව්නේ අප්පා.නැවත විභාගේ ඒ කියන්නේ රිපීට් එග්සෑම් එක තියෙන්නේ මැයි මාසෙ කියලා තමා කියන්නේ.එතකං කර්න්ඩ වැඩකුත් තියෙන්ඩ ඕනේ හින්දා රජරට කැම්පස් එකේ ජොබ් එකක් හොයාගත්තා.දැං ජීවත් වෙන්නේ සුන්දර රජරට.
ෂුඃ රජරට කියන්නේ සුරපුරයක් බොලව්.ලංකාවේ වැඩිම ගණිකාවො ඉන්න වගේම වැඩිම HIV ආසාදිතයින් ඉන්නෙත් මේ පුණ්‍ය භූමියේ.ටැප් එකකිං වතුර ටිකක් බොන්ඩ බැරි උනාට, හවස් වෙනකොට මදුරුවෝ වටකර ගත්තට මේ පැත්තේ තියෙන නිදහස පට්ට ආතල්.කොළඹ වගේ, ගම්පහ වගේ මිනිස්සු එකට මිරිකිලා ගුලිවෙලා ඉන්නේ නෑ.හොඳට ඉඩකඩ තියෙනවා.වාහන සද්දේ එහෙමත් වැඩිය නෑ.ඕනේ නං නාන්ඩ වැව් තියෙනවා, සෙල්ලං කරන්ඩ ෆැකල්ටියේ පිට්ටනිය තියෙනවා.පොඩි අවුලකට තියෙන්නේ ෆැකල්ටියේ පිට්ටනියේ පොළොංගු ඉන්නවා කියන එක තමා.හැබැයි තාම දැක්කේ එක ගැරඬියෙක් විතරයි.
මෙහෙ තවම ආවට වැඩිය එහෙ මෙහේ යන්ඩ හම්බ උනේ නෑ.හැම සති අන්තෙම අපේ එකෙක් බඳිනවා.ඉතිං ගෙදර යන්ඩ වෙනවා.ඉතිං ඒ හින්දා මෙහේ සිද්දි ඇතුළුව මගේ බ්ලොග යාවත්කාලීන කරන්ඩ හරියට වැඩ අල්ලන්ඩ තව ටික දවසක් යනවා.ඒ අතරේ පිං කැමති කවුරුහරි ඉන්නවනං අනාගත වෛද්‍යවරයෙක්ට රජරට ඉඳලා වකුගඩු කෙළ උනාම O පොසිටිව් වකුගඩුවක් දන් දෙන්ඩ චෑන්ස් එකක් සෙට් වෙයි සමහර විට.ලෑස්ති පිට ඉන්ඩ හරිය.ඔන්න අපි කැපුනා.අනුරාධපුරේ ශුෂ්කයි කිව්වට සීතලයි බොලව්......