04 May 2011

 තවත් එක කතාවක්..

අඬන්නද හිනාවෙන්නද කියල හිතාගන්නවත් බැරි කතාවක්.
කෙල්ලට වයස විසි තුනක් විතර ඇති.මෝචරියෙ බාවල තිබුනෙ බෙල්ලෙ වැල දාගත්තු කඹේ කෑල්ලකුත් එක්කමයි.ඔව් තවත් එක ප්‍රේම කතාවක්.මෝඩ විදිහට ඉවරයක් දැකපු.කෙල්ල මැරිල තියෙන්නෙ ලියුමකුත් ලියල තියල.තමන්ගෙ ආදරණීය ලොකු අක්කටයි පොඩි අක්කටයි.සියදිවි නසාගන්න හෙතුව විදිහට ලියල තිබුනෙ ප්‍රෙමවන්තයාගේ වෙන් වී යාම උනත් ඒ කොල්ලත් එක්ක හෝටල් කාමරේකට දෙතුන් පාරක් ගිය බවත් ඒකෙ සඳහන් වෙලා තිබුන.ලියුම කියවපු අයට හිතුන විදිහට ගොඩක් වෙලාවට කෙල්ල මැරෙන්න ඇත්තෙ අහිමි උනු කන්‍යාභාවය වෙනුවෙන් කියලයි.ඒක නිසා වෙන්නැති හෝටල් කාමරේකට ගිය බව කෙල්ල ලියන්න ඇත්තෙ.ඒත් කාවුරුත් පුදුමයට පත් උනේ කෙල්ල ඒ වෙනකොටත් කන්‍යාවක් කියල පශ්චාත් මරණ පරීක්ෂණයෙදි ඔප්පු උනාම.ඊට පස්සෙ හේතු විදිහට අපිට ඉතුරු වෙන්නෙ එක්කො වීරත්වය ආරෝපණය කරගත්තු බොලඳ මෝඩකම,නැත්තන් වියෝවක් දරාගන්න බැරි දුර්වල පුද්ගලභාවය,ඒත් නැත්තන් ලිංගික දැනුමේ තියෙන පටුත්වය.පවු ! සමහරවිට කෙල්ල හිතන්න ඇති මූණ ඉම්ඹමත් කන්‍යාභාවය නැති වෙනව කියල.ඒ නැතත් ලංකාවෙ තරුණ ප්‍රජාවෙ මානසිකත්වය මොට කරන වානිජ්‍යවාදී මාධ්‍ය ධාරාවන්ටත් සාහිත්යික වටිනාකමක් ඇති සාහිත්‍ය කෘතියක් ලියාගන්න බැරුව හැමදාම එකම කතාවෙ චරිත මාරු කර කර ඒකම පල කරන බොලඳ නවකතා කාරයින්ටත් රටම ගිනි තියල හරි අන්තිමට කොල්ල කෙල්ලව අරන් යන හැටි පෙන්නන මෙගා ටෙලිනාට්‍ය කාරයින්ටත් (පොදුවේ මේ අයට කියන්න පුළුවන් විකෘති පුද්ගලභාවයන් ජනිත කරන්නෝ කියලා) පින් සිද්ද වෙන්න අපෙ රටේ බොහොමයක් තරුණ තරුණියො බොළඳකම මහ වීරකමක් විදිහට දකින තත්වෙට පත්වෙලා.අපේ කොල්ලො කෙල්ලොත් තව ටික කාලෙකින් හැමදාම හවසට ෆිල්ම් හෝල් ළඟ පෝලිම් ගැහිල ඉඳීවි.තමන්ගෙ වීරයා ෆිල්ම් එකේදි මැරුණොත් ගිහිල්ලා අධ්‍යක්ෂකගෙ ගේ කුඩු කරාවි.රටේම වැඩ නවත්තල මැච් එක බලන්න යාවි.මැච් එක පැරදුනොත් ටීම් එකේ උන්ගෙ ගෙවල් ගිනි තියාවි.අපේ සමාජෙට ටික ටික දකුණු ඉන්දීය මුග්ධභාවය බද්ද කරමින් ඉන්නවා.කවුරු උනත් උන් කරන වැඩේ හරියට කරනවා.මෙහෙම ලියන මමත් තව ටික දවසකින් මෙගා නාට්‍යයක් බලන්න ගත්තොත් පුදුම වෙන්න එපා.

No comments:

Post a Comment

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...