මිනිස්සු
මිනිස්සු එකිනෙකාට කොච්චර වෙනස්ද කියල තෙරෙන්නෙ ගොඩාක්ම වෙනස් මිනිහෙක් දැක්කම.දැකල විතරක් මදි, නිදහසේ හිතන්නත් වෙලාවක් තියෙන්න ඕනෙ.මිනිහෙක්ට තව මිනිහෙක්ව කෑලි කෑලි වලට කපන්න මොන තරම් ආවේගයක් ධෛර්යයක් තියෙන්න ඕනෙද කියල තේරෙන්නෙ මිනී කාමරේ මිනියක් කපනව බලන් ඉන්න කොට.ඒ මිනිය කපන මනුස්සය කොච්චර වෙනස් මිනිහෙක්ද කියල අපි කවදාවත් හිතන්නෙ නැහැ.අඩුම තරමෙ මටත් ඒ ගැන හිතුනෙ අරුණ අයිය කිව්වට පස්සෙ.ඒ මිනිස්සු ඒ කුණු ගඳට හුරු වෙනවද?නැත්තන් හැමදාමත් එක විදිහට දැනෙන ගඳ ඉවසගෙන සල්ලි වෙනුවෙන් වැඩ කරනවද?මට හිතන්නෙ නැහැ කවදාවත් මනුස්සයෙක් තමන්ගෙ කැමැත්තෙන් ඒ වගෙ රස්සාවක් තෝරගනී කියල.එතකොට ඒ මිනිස්සු ඒ තත්වෙට පත්වෙන්නෙ කොහොමද?දවසම මල මිනී එක්ක වැඩ කරන මෙ මිනිස්සුන්ට නිකමටවත් චකිතයක් ඇතිවෙන්නෙ නැද්ද ?
කවදා හරි දවසක සමාජවාදී රාජ්‍යයක සියලුම වෘත්තීන්ගේ වාණිජ්‍ය වෙනස්කම් නැති කරල වෘත්තීය සමානාත්මතාව ඇති කරපු දවසකටවත් මේ වෘත්තීයයට සමාජීය වටිනාකමක් ලැබේවිද?අපිටත් හැමදාම හවසට අරක්කු බාගයක් බීල දවස පුරාම දැකපු දෙවල් අමතක වෙලා නිදහසේ නිදාගන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරන්න උනෝතින් කොයි වගේ හැඟීමක් ඇති වෙයිද?.දවස් ගානක්, සමහරවිට සති ගානක් කුණු වෙච්ච මිනියක් එක්ක කාලෙ ගත කරල දවල්ට කන්න බත් එක අතට ගන්න මිනිහෙක් කොහොම අසරණ තත්වෙකද ඉන්නෙ?
වෘත්තීය ප්‍රෞඪත්වය වෙනුවෙන් කෑ ගහන, උද්ඝෝෂණ කරන අනිත් මිනිස්සු වටේටම දකින්න පේන්න ඉද්දිත් මේ මිනිස්සු නිහඬව තමන්ගෙ සේවය ඉෂ්ඨ කරනවා.
කවදා හරි මේ රටේ තාත්තා කෙනෙක් ආඩම්බරෙන් කියයිද මගෙ දුව බැඳල ඉන්නෙ මොචරියෙ මිනී කපන එක්කෙනෙක් කියල?
Shocking..... Seriously.
ReplyDelete