25 July 2011

පංති භේද




එහා ඉවුරෙ ඉඳන්
අත වනනවා හැමදාම
මටයි කියන්නෙ
එන්න කියල ඔහේට
පේන්නැද්ද
හැඩපාර
ඉවුරත් උසයි
ඔය පැත්තෙ
හොඳ නැද්ද
ඔයා ආවොත් මෙහෙට

2 comments:

  1. පුදුම දේවල් තමයි හිතෙන්නේ. මං ඔය මාර්ග සලකුණ දැකලා තිබුනට ඔහොම එකක් හිතිලා නෑ.
    ඒකනේ කවියෝ කියලා කියන්නේ. වෙනස් විදිහකට හිතෙන හන්දනේ.

    ReplyDelete
  2. හරිම අපූරුයි...

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...