ආශ්චර්යයේ දිවයින 1 මෙතනින් බලන්න.
මගේ කොට්ටෙටත් වැටුණු රජ කඳුළු
රජතුමා කඩාගෙන බිඳගෙන කෙලින්ම ගියේ මගේ කාමරයට ය.මටත් වඩා උන්නාන්සේ මගේ කාමරය දන්නා හැඩය.මමත් මුලු මහත් හමුදා නිළදරුවොත් උන්නාන්සේ පස්සේ දායාද ඉල්ලමින් යන රාහුලලා මෙන් ඇදුනෙමු.අම්මා තවම ඇඬූ කඳුලෙනි.අයියා පේන්න නැත.මතට තිත වැඩසටහන නිසා අයියා රජ්ජුරුවෝ ලඟට එන්නට බය ඇති.රජ්ජුරුවන් වහන්සේ ලඟින්නම් මට ටිකක් සැර ඌෂ්ණයක් ආවේ ය.
"මේකයි ජයකොඩි" රජ්ජුරුවෝ මගේම නමින් මා ඇමතූ සේක.මගේ සියලු රස නහර පිනා ගියේය.අම්මාගෙන්ද හිනාවක් නැඟෙනු මට ඇසිණි.අම්මාට ද පොල් ඇට්ටි ටික අමතක වී ඇතුවා මෙනි.මම දෙකට නැමුනෙමි.උන්නාන්සේ මගේ ඇඳ උඩ වාඩි වූ සේක.මගේ පැද්දෙන, හපුටු ගඳ නික්මෙන මගේ ඇඳ, මගේ සියලු කැත කුණු දරා පුරුදු මගේ ඇඳ මත ඒ රාජ පස්ස තබා උන්නාන්සේ වාඩි වූ සේක.මගේ අසරණ ඇඳට කෙඳිරි ගෑවිනි.
"මේකයි, ඔබතුමා දන්නවනෙ මේ රටේ අපිට ඕනෙ විදිහට වැඩක් කරගන්න මොළයක් ඇති එකෙක් හොයාගන්න තියෙන අමාරුව.අපි ළඟ ඉන්න උන්ගෙ කට විතරයි.ඒක වරද්දගෙනත් කොච්චර ප්‍රශ්නද.ඔක්කොම යන්නෙ මගෙ කර උඩින්නෙ අයිසේ."රාජ කඳුළු හෝ ගාලා වැක්කෙරෙන්නට පටන් ගත්තේය.හමුදා නිළදරුවෝ ද පිළිවෙළින් අඬන්න පටන් ගත්තෝය.
"ඔව්වා ගණන් ගන්න එපා ලොක්කා.දැං මොනවද මගෙන් වෙන්න ඕනෙ" මට මිනිස්සු අඬනවා බලං ඉඳීම අප්පිරියා නිසා ඇසුවෙමි.
"හිත හැදෙන්නවත් මොනව හරි කියන්ඩ ඉන්නෙ තමුසෙල වගේ උන් විතරයි.අරුං ඔක්කොම මග ඇරල යනවා.පල් හොරු" උන්නාන්සේ සාටකයෙන් කඳුළු පිසදා ගත් සේක.ඉන්පසු සරම උස්සා නහය එහි සඟවා හොටු හූරන තුරු ඉවත බලා සිටි මම නැවත ප්‍රශ්නාංකය දල්වා උන්නාන්සේ දෙස බැලුවෙමි.
"අපි හැදුවා රොකට එකක්.හඳට යන්න ඒක තව සතියකින් අභ්‍යාවකාශගත කරන්න හිතං ඉන්නවා"
"ටීවී එකේවත් කිව්වෙ නැහැනෙ.පුදුමයි" මම කීමි.
"අපිට කළිං එව්වා වැරදුනේ එතන තමයි.අපි දැනං හිටියෙ නෑ පම්පෝරි ගැහිය යුතු විදිය.හැමදාම අපි කළේ වැඩක් පටන් ගන්න මාස ගාණකට කලිං ඉඳන් පටංගන්න එක පම්පෝරිය.ඊට පස්සෙ හෙන ලොකුවට මල්වෙඩි ගහලා විසිල් ගහලා වැඩේ පටං ගන්න.පස්සෙ විපක්ෂෙ උං අහද්දි අරකට මොකද උනේ?.අරක ඉවර කරන්නෙ කවද්ද?.අපිට කට උත්තර නෑ.ඉතිං මෙදා පාර අපි තීරණය කළා හොරෙං පටං ගන්ඩ වැඩේ.කොරලා ඉවරවෙලා දෙනවා පුල් පබ්ලිසිටියක්.ටීවී එකේ ඇඩ් දානවා.පාරෙ කටවුට් ගහනවා.නිවුස් වලට පෙන්නනවා.හැම පත්තරේම දානව ෆුල් පේජ් ඇඩ්, නළු නිළියො දෙතුං දෙනෙක් ලව්වා හොඳ කියෝලා දානවා ටීවී එකේ.'මීට ගම් වැසියෝ' කියල හැම ගමකම අපි ගානෙ බැනර් දානවා.නාට්‍ය යද්දි යටිං අර පොඩි තීරුවෙත් දානවා." කියලා හති වැටී එතුමා නතර වූයේය.
"ඉතිං දැං මම මොකද කරන්ඩ ඕනෙ.මට ඔය පම්පෝරි කතා ලියලනං හුරු නෑ.මට පුළුවං කාටහරි මඩ ගහන්න විතරයි."මම හිස කැසුවෙමි.
"නෑ පබ්ලිසිටි වැඩේට මට කට්ටිය ඉන්නවා.මට ඕනෙ හඳට යන්න කෙනෙක්."
මට මූත්‍රා අඩස්සියක් හැදුනා මෙන් දැනුනි.මොන මළ ඉළව්වක්ද මේ.හඳට යන්න මම?.මේ පුංචි දිවයිනෙන් එළියට ගොස් නැති මම අඩුම තරමේ එයාර් පෝට් එකකටවත් ගිහින් නැති මම?
"මට මට......."මට නිදහසට කරුණක් මතක් නොවිණි. "මේ පාස් පෝට් එකක් නැහැනෙ"
"ඒ මඟුළක් ඕනෙ නෑ.මම තමුසෙව යවන්නෙ මම කියන දේ ඒ විදිහට කරයි කියල මට විස්වාස තමුසෙව නිසා.තමුසෙට කරන්ඩ තියෙන්නෙ රොකට් එකට නඟින්න කළිං තියෙන ප්‍රෙස් කොංෆරන්ස් එකේදි මගේ ගුණ වණන්න.මගේ නම පුළුවන් තරං වැඩි වාර ගාණක් කියන්න.මගෙ පුතා ගැනත් ටිකක් කියන්ඩ ඕනෙ.නැත්තං මට ගෙදර ගිහිං කනක් ඇහිල ඉන්න නැහැ.අපේ මායියා ගන්නෙත් උගෙ පැත්තමයි."
අනේ මොන තරං ප්‍රශ්න තියෙන මනුස්සයෙක්ද.නළල රැළි වැටී ඇත්තේ දුක් කම්කටොළු නිසාම වෙන්නැති.
"ඊට පස්සෙ හඳට ගිහාම ඉස්සෙල්ලම කියන කතාවක් තියෙනවනෙ.නිකං උදාන වාක්කියක් වගේ එකක්."රජ්ජුරුවෝ දිගටම කියාගෙන යන්නෝය.
"ඒ කිව්වෙ" මට ඔය වගේ එව්වා ගැන එච්චර තේරුමක් නැත.
"ඒ කිව්වේ, දැං ඔය නීල් ආම්ස්ට්‍රෝං ගිහිං ඉස්සෙල්ලම කිව්වෙ මේක මිනිහෙක්ගෙ පොඩි අඩියක්ය, ඒ උනාට මිනිස් සංහතියෙම යෝධ මෙව්වා එකක්ය කියලා.ඒක ඒ යකා ඒ වෙලේ හිතලා කියපු එකක් නෙමේ බං.සෑහෙන්ඩ කට පාඩං කරවලනෙ යවන්ඩ ඇත්තෙ.ඉතිං තමුසෙ ගිහිල්ලා කියන වාක්කියෙ මං ගැන මොනා හරි කියන්ඩ ඕනෙ.නැත්තං මෙච්චර කට්ටක් කාලා, ලෝකෙ තියෙන පොරොන්දු දීලා ණය අරං, එක එකා යටි මඩි ගහද්දිත් මේ කරපු ඉලව්වෙ මට වෙන්නෙ අත ලෙව කාල නිකං ඉන්ඩ.තමුසෙට තේරෙණවනෙ අපේ ඔය අනිත් එකෙක් යැව්වොත් උං කරන්නෙ උං ගැන හෙනට පුම්බලා කියලා මාව බල්ලට දාන එක."රජ්ජුරුවෝ නැවත ටැප් එක ඇරියෝය.උන්නාන්සේ මගේ කොට්ටය ගෙන එහි මූණ ඔබාගත් සේක.උන්නාන්සේගේ දුකේ තරම උන්නාන්සේට කොට්ටයේ ගඳ නොදැනීමෙන්ම මට වැටහුනි.මගේ හදවත පාණ්ඩුකම්බල ශෛලාසනය මෙන් උණු විය.
"ඔය කඳුළු වෙනුවෙන් මට කරන්ඩ බැරි දෙයක් නෑ දෙයියො.මම හඳට නෙමෙයි ඉරට උනත් යන්නං.දැං ඇඬුවා ඇති නේද ......"මට හීල්ලුනි.
"එහෙනං මං යන්නං."උන්නාන්සේ මගේ කොට්ටයට අන්තිම හොටු ටික ද සීරූහ.අද රෑට නිදියන්න වෙන්නෙ ඉහට තිබූ කොට්ටයද නැතිවය.හෙට උදේම කොට්ටය ගැඹුරු වලක් කපා වල දැමීමට මම ඉටා ගතිමි.
"මං කියන්නං පස්සෙ කියන්ඩ ඕනෙ දේවල්.දැනට මේ ටික ලෑස්ති කර ගන්ඩ."උන්නාන්සේ මට කොලයක් දී පිටවී ගිය සේක.සාලයේදී අපෙ අම්මා සමඟ සතුටු සාමීචියේ යෙදී ඉන්නවා මෙන් පේන ලෙසට ඡායා රූපයකට ද පෙනී සිටි උන් වහන්සේ ඉන්පසු පිටවී ගියේද තේමා වාදනයත් සමඟය.
උන්වහන්සේ යන විටත් හෙලිකොප්ටරය පණ ගන්වා තිබූ බැවින් අපි කවුරුත් දෙවෙනි රාජ දර්ශනයක භීතියෙන් බිම බලා ගතිමු.සියල්ලෝ නික්ම ගිය පසු මම අර කොලයේ වූ දෑ කියවන්නට පටන් ගතිමි.
සුදු කැන්වස් සපත්තු ජෝඩු 1 යි.
නිල් කොට කලිසම්
සුදු ඇඳ රෙදි
පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූප 3 යි
ට්‍රැක් බොටම්
දත් බුරුසුවක් සහ දත් බෙහෙත්
හාෆ් ශීට් හා සී ආර් පොත්
ලොක්කා වැරදිලා මට වෙන කොලයක් දීලාය.මේ දවස්වල කාට උනත් දෙන්න නිතරම ගෙනියනවා ඇත්තේ මේ කොල ය.

No comments:
Post a Comment
දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...