රමණයත් අහිමි හිමි
දවසම කුරුටු ගාලත්
බෑ ගන්න
ෆයිල් මිටිය
නාහෙ මට්ටමටවත්
ඉර තීරණේ කළාම
බැහැල යන්ඩ
දුවගෙන ඇවිත්
නඟින බස් එකෙත්
දාඩිය ගඳ
වැලමිටි පාරවල්
බෑග් මලු
තඩි ගෑනු
ඇඟේ ඉතුරු වෙන
සොච්චං හයියත්
මිට මොළවං උඹ වෙනුවෙන්
ගෙට ගොඩවෙද්දි
වගක්වත් නෑ උඹට
ඔය ඉලව්ව වහල දාල
එනවද ඉක්මනට
නැත්තං
නින්ද යයි මට
ඊටපස්සේ කෑ ගහනවා . අන්න අර කෙල්ල දිහා බැළුවා මේ කෙල්ල දිහා බැලුවා කියලා ..
ReplyDeleteඅනේ මන්දා කාන්තාවන්ගේ හැසිරීම් රටාව නම් ....
එන්න කිව්වට එන්නෙ නැති කොට ආයේ අර කිව්වත් වගේ වෙන කෙල්ලෙක් දිහා බැලුවා කියලා එහෙම ආඩපාලි කියනවා නෙමෙයි !!!!
ReplyDeleteගෑනු ටීවී බලනව වගේ ආසාවෙං උනන්දුවෙන් තමා පිරිමි ගෑනු දිහා බලන්නෙ.මිනිහ එපා කියල ගෑනි අරක දිහා බලං ඉන්නවනං මිනිහට සිද්දවෙනවනෙ අනාචාරෙ යන්න.මොකෝ උඩ ඉන්න එක්කෙනා තත්වෙ බලල හෝමෝන ටික කොන්ට්රෝල් කරල දෙන එකක්යැ..
ReplyDeleteමදුරංග සහෝදරයා සාදරයෙං පිළිගන්නවා ඕං මගේ පර්චස් එකට....ආයිබෝං කිව්වා...
මරු...!!! හිකිස්... :D
ReplyDeleteඉස්තූතියි මකුළු පැංචියේ...
ReplyDelete