16 July 2011

මක්ෂිකා


උඹ
මැස්සෙක්
කැරකිලා ඇවිත්
තුවාලෙම වහන
කොච්චර එලෙව්වත්
ගාණක්වත් නැතුව
ආයෙත් ආයෙත්
හරි වැදගත්
රාජකාරියක් වගේ....

කේන්තියෙන් පිපිරි පිපිරි
අත ඉස්සුවත් මරන්ඩ
මම දන්නව
මට බෑ 
උඹ යයි පියාඹලා
වදින්නෙ මගෙ තුවාලෙටමයි
අනික
අප්පිරියයි මට
මරන්ඩ මැස්සෙක්

9 comments:

  1. අපෝ මැස්සෝ කියන්නේ මහ ජරාම ජාතියක්. දවල් වෙලේක නිදා ගන්නම බෑ. නහය වටේ කරකවෙනවා. ශික්. කොච්චර එලෙව්වත් එකතැනම කැරකෙනවා !!!!!

    ReplyDelete
  2. අප්පට සිරි මේ වැසිකිලි මැස්සෙක් ..! ..

    මචං කරන්ටෙකට ප්ලග් කොල්ලා චාජ් කොල්ලා චුරුස් ගාලා ගාන විදිහේ ගැජට් එකකින් "චටාස්" ගාලා දෙන්න මැස්සාගේ වම් බාහුවට ..

    ReplyDelete
  3. සදහට වඳ කරන්නට
    මත්තෙන්
    හතර අත පියඹන
    මැස්සන්
    රැකගනින් වසාගෙනවත්
    දිරියෙන්
    තුවාලය කුණුවෙන්න
    මත්තෙන්

    එසේ නොකලෝතින් වෙරෙන්
    මැස්සන් වදවෙන්න කලියෙන්
    සිදුවේව විඳවන්න නිතැතින්
    බලාහිඳ උඩු දිවූ තුවාලයකින්

    වරද මැස්සාගේදැයි සොයා
    ගැරහුම් ලබාදෙන කල්බලා
    සිදුවී හමාරය වියයුත්ත
    පසුතැවෙන දුකක ඉතිරියෙන්

    ReplyDelete
  4. ආවේ අදයි මෙතනට
    නියමයි ඔබේ බ්ලොග් එක
    ඔබලා යතුරු පුවරුව
    දැම්මේ හදිසියේ මේ සටහන

    ReplyDelete
  5. @ මධු : ඒකනේන්නං මචං.මේ මැස්සො ඇති කරගන්නෙත් අපිම නොවැ......

    @ සඳරු : කොච්චර මළ පැන්නත්.මැස්සෙක් වගේ වද දුන්නු පළියට මරල දාන්නෙ කොහොමද මචෝ එක හිතකිං....

    @ සුශාන් ප්‍රියනාත් රත්නායක : මරු නිසඳැස....හොඳ දැක්මක්...

    @ All in one : ඉස්තූතියි සහෝ.කොමෙන්ටුව පට්ට.සීගිරි කුරුටු ගීයක් වගේ

    ReplyDelete
  6. උඩු දුවපු තුවාල...
    නෑ...
    තුවාල සනීප වේවි...
    ඒත් මැස්සා...?

    ReplyDelete
  7. මරාගන්නනං බෑ තමයි.තියෙන කරදරේනෙ ඉවසන්න බැරි.......

    ReplyDelete
  8. ඇහැරගෙන අලුයමින්
    ඔතා ගෙන කුකුලා අතින්
    පහමාරෙ බස් එකෙන්
    මම ආවෙ හරි බඩ සයින්

    ඔබට මම එක මැස්සෙක්
    ඒත් මම බඩ දරු අම්මෙක්

    ReplyDelete
    Replies
    1. කන්නට ඇතත් යහමින්
      කසල ගොඩ පෙනි පෙනී නොයමින්
      තුවාලෙම මගේ වසමින්
      බඩදරු උනත් මම කෙසේ නම් ඉවසම්

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...