අම්මෝ සෑහෙන කාලෙකිං බ්ලොග බලන්න ආවෙ.රිපීට් එකයි අපේ හැදියාව බලන බිහේවියරල් සයන්ස් එග්සෑම් එකයි ඔක්කොම අද තමයි ඉවර උනේ.කෙළ උනාවත්ද මන්දා ප්‍රථිපල ආ කල අඬා වැටෙනු හැර දැන් පල නෑ මුරගා බැණලා.
ඒක ගැන නෙමෙයිනෙ කියන්ඩ හැදුවෙ.මම හැදුවා න්‍යායක් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවො ගැන.සමහර විට විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් පිළිබඳ දිනුක ජයකොඩි න්‍යාය විදිහට මේක ඉතිහාස ගතවෙන්නත් බැරි නෑ.
ඇත්තටම මේ න්‍යාය ගොඩ නගන්න හේතු උනේ අපේ සමාජය මා තුල ඇති කරලා තිබ්බ වැරදි ආකල්පයක් මට අවබෝධ උනාට පස්සෙ.අපිට පොඩි කාලෙ ඉඳලම කියන්නෙ දැම්ම මේ ඉගෙනගන්න කාලෙ ඔය පෙම් හුටපට පටලව ගන්නැතුව හොඳට ඉගෙන ගනිල්ලා.කැම්පස් ගියාම ඕනෙ තරං හැඩ කෙල්ලො ඉන්නවා.උඹලට ලව් කරන්ඩ එපා කියන්ඩ කවුරුවකුත් නෑ.ඕනෙ මඟුලක් නටාගත්තැකි එතකොට කියලා.
අනේ අපිත් ඉතිං(අපි කිව්වට මම අයිති නෑ.මේ කියන්නෙ බහුතර විශ්වවිද්‍යාල ශිෂ්‍යයො ගැන.) කෙල්ලෙක් දිහා තියා වැලක තියෙන චීත්තයක් දිහාවත් නොබලා පොතපත කෙරේ බැඳුනු සිතින් අනාගත අනඟ රැඟුම් හිතේ මව මවා ඉගෙන ගන්නවා.ඉතිං ඔන්න නේක දුක් කම්කටොළු රැසක් අත්විඳලා එනවා විශ්වවිද්‍යාලෙට.අනේ අර අපිට මවලා පෙන්නපු 'සිසිවන උවන ඉඟසුඟ ගත හැක මිටින, නිසි පුළුලුකුල රියසක යුරු තිසර තන' කියන්ඩ පුළුවං එකෙක්වත් නෑ බේතකටවත් හොයාගන්ඩ.හරියට සුනාමියට පස්සෙ තංගල්ලෙ වෙරළ වගේ.කණාටු පොල් ගස් කීපෙකුයි ගහං යන්ඩ බැරුව ඉතුරු උන තඩි කලු ගල් කීපෙකුයි විතරයි.
ඉතිං මම උසස් පෙළ පන්ති කීපයකට කුඩා උ\පෙ ශිෂ්‍යයෙක් වගේ වෙස් වලාගෙන ගියා මොකක්ද මේකට හේතුව හොයන්න.පන්තිවල ශිෂ්‍යයන්ගෙන්, ගුරුවරුන්ගෙන් විතරක් නෙමෙයි කාඩ් මාක් කරන ටික්කා අයියලගෙනුත් මම තොරතුරු එකතු කළා හොර රහසේ අවුරුදු දෙකක්ම.
මේ තොරතුරු ඉතාමත් සූක්ෂමව අධ්‍යයනය කරලා තමයි මගේ න්‍යාය මම ගොඩ නැගුවෙ.ඇත්තටම වෙන්නෙ මෙන්න මේකයි, ටියුෂන් පන්තිවල ඕනෙ තරං ලස්සන කෙල්ලො ඉන්නවා.උං පන්ති එන්න පටං අරං ටික දවසක් යද්දිම උංගෙ පස්සෙං කොල්ලො එන්න පටං ගන්නවා.ඉතිං මේ අසරණ කෙල්ලො උං එක්ක යාළු වෙනවා.ඔන්න ඕක තමයි උංගෙ ජීවිතවල හැරවුම් ලක්ෂ්‍යය.ඉතිං ටික දවසක් අයියා එක්ක බස් හෝල්ට් එකේ එහෙම හුරතල් වෙලා පන්ති නොගිහිං බයිස්කෝප් බලන්නයි පාක් එකේ රස්තියාදුවෙන්නයි පුරුදු වෙනවා.අනේ ඉතිං මුං අර කොල්ලන්ට පින්සිද්දවෙන්න විභාගය ඇන ගන්නවා.
අර අනිත් අනිත් පොල් පිති සහ කොස් ගෙඩිවගේ සුන්දර කෙල්ලො පස්සෙ කොල්ලො එන්නෙ නැති හින්දා උංට වෙන කරන්ඩ වැඩක් නැතුව යනවා.උං දිගටම ඉස්කෝලෙ යනවා, පන්ති යනවා.නිවාඩු දවස්වලට ගෙදර මිනිස්සුන්ට බොරු කියලා කොහේ කියලා යන්ඩද? ඉතිං දවසම ගෙදරට වෙලා පාඩං කරනවා.අනේ ඉතිං අර උ\පෙ වගේ විභාගෙකිං මුංව නවත්තන්ඩ බෑ.
නායක්ත්ව පුහුණුවත් අරං ගිණිකාෂ්ඨක අවුවෙ ඉඳලා තවත් දැකුම් කලු වෙලා මුං කැම්පස් එනවා.
ඉතිං කැම්පස් ඇවිත් කෙල්ලෙක් සෙට් කරං ජීවිතේ විඳින්න හිතං හිටපු එකාට කාලි මාතාවගේම සරණයි!
රූපලාවන්‍ය නිශ්පාදකයන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් පත්වී ඇති බවට සමීක්ෂණ ගණනාවකින් ඔප්පු වී ඇත.සුදු වීමට, ලප සහ කැළැල් ඉවත් කිරීමට, කෘශ වීමට සහ පෘෂ්ඨිමත් වීමට, කොණ්ඩය වැඩීමට ආදී එකී නොකී උවමනාවන් සඳහා ඇති පෙති, ආලේපන, කුඩු, ගුලි, කල්ක, අරිෂ්ඨ, නස්න, චූර්ණ, හෝමියෝපති, කටු චිකිත්සාව, වෑල්ඩිං කිරීම, පැච් දැමීම, අණ්ඩ දැමීම ආදී ඕනෑම ක්‍රමයක් අනුගමනය කිරීමට ඔවුන් පෙළඹෙන බවද, මෙය පුරුද්දකට ගිය පසු කවදා හෝ කරගහන කොල්ලාට මේ සඳහා වියදම් දැරීමට සිදුවන බවද, ඒ සඳහා අමතර රැකියාවක් කිරීමට උවද සිදුවිය හැකිබවද අනතුරු හැඟවීමක් ලෙස පළ කිරීමට කැමැත්තෙමි.
විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් හා හාද වූ තරුණයෙකුගේ අනාගතයේ සන්ධ්‍යාවක් මෙවැනි විය හැක.
"දයාබර අම්මේ තාත්තේ මම වෛද්‍යවරයෙක්, මගේ බිරිඳගේ රූපලාවන්‍ය වියදම් පියවගන්න මම හම්බකරන සුළු මුදලෙන් බෑ. ඒ නිසා තමයි මම මේ කෝච්චි පෙට්ටියට ගොඩ වෙලා සින්දු කියලා තවත් කීයක් හරි හොයාගන්න බලන්නෙ.අතේ මිටේ තියෙනවානං කීයක් හරි මේ අසරණ සැමියාට දෙන්න.................."
විශ්වවිද්‍යාල ශිෂ්‍යාවෝ කමත්වා !