15 November 2011

කණ්ණාඩිය


මේක කවියක්නං නෙමෙයි.මේක මට හිතිච්ච හිතුවිල්ලක්.මට මේ වගේ ඉලව් හිතෙනවා.පස්සෙ දිගටම ඒක ගැන හිතලා හිතලා ඔලුව විකාර වෙනවා.නිකමට මේක මම කියනවට තනියම ඉන්න ගමං හිතලා බලන්ඩ වෙන්ඩ පුලුවන් නේද කියලා.

මම මම ද?
එතකොට
කවුද කණ්ණාඩිය ඇතුලෙ ඉන්නෙ?
ඌ ඇත්ත එකා
මම ප්‍රතිබිම්බය
බැරිද එහෙම වෙන්න?
කොච්චර ට්‍රයි කළත්
බෑ මට කණ්ණාඩිය ඇතුලට යන්න
ඇතුලෙ එකා ඇවිත්
හැප්පෙනවා
මගෙ ඇඟේ




6 comments:

  1. මේක කියවලා මම බිත්තියේ ඔලුව ගහ ගත්තා.
    මොකෝ මේ දවස්වල මෙහෙම හිතෙන්නේ ? විභාග මානසිකත්වය දෑ. :)

    ReplyDelete
  2. මං කවුද කියල හිතන්න නියම තැන තමා කණ්නාඩිය!

    ReplyDelete
  3. Mirrors කියන ෆිල්ම් එක මතක් වුණා මේක දැකලා... :-O

    ReplyDelete
  4. පොල්ලක් අරං දුන්නා න බලාගත හැකි කවුද කුඩු වෙන්නේ කියලා ..

    ReplyDelete
  5. @මධුරංග : විභාග මානසිකත්වය විතරක්ම නෙමෙයි.මට විකාර හිතෙනවා හරියට.පාරෙ යද්දි එහෙම.

    @Sabith : ඒක ඇත්ත.ඇත්තටම මම අනිත් උන්ට හිනා උනාට උනුත් මට හිනා වෙනවා ඇති කියලා හිතෙන්නෙ ඕනෙ කමිං තමං දිහා බැලුවොත් තමයි.මූනෙ ලප කැළැල් නෙමෙයි.තමං දිහා බලන්නයි ඕනෙ.

    @hare : මම ඒක බැලුවද මන්දා.මට මතක විදිහට බය හිතෙන එකක් නේද?මම දැං බය හිතෙන ඒවා බලන්නෙ නෑ.රෑට හීනෙං බය වෙනවා.

    @හිස් අහස : හා හා ප්‍රචණ්ඩ වෙන්න එපා.හිමිහිට කතා කරලා සාකච්ඡා මාර්ගයෙං විසඳ ගන්න බලමු.

    ReplyDelete
  6. " කොච්චර ට්‍රයි කළත්
    බෑ මට කණ්ණාඩිය ඇතුලට යන්න
    ඇතුලෙ එකා ඇවිත්
    හැප්පෙනවා
    මගෙ ඇඟේ "

    මේකෙ කියවල මට මෙහෙම හිතුනා...

    කණ්නාඩිය ට පිටින් ඉන්නේ එළියේ මම නම්,
    කණ්නාඩිය ට එහා පැත්තේ ඉන්නෙ ඇතුළේ මම නම්,

    මට.., මම කියන කෙනා ඇතුලට යන්න වළක්වන එකම කෙනාත් මම මයි කියලා...

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...