04 November 2011

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් පිළිබඳ සාර්වත්‍ර නියමය




අම්මෝ සෑහෙන කාලෙකිං බ්ලොග බලන්න ආවෙ.රිපීට් එකයි අපේ හැදියාව බලන බිහේවියරල් සයන්ස් එග්සෑම් එකයි ඔක්කොම අද තමයි ඉවර උනේ.කෙළ උනාවත්ද මන්දා ප්‍රථිපල ආ කල අඬා වැටෙනු හැර දැන් පල නෑ මුරගා බැණලා.

ඒක ගැන නෙමෙයිනෙ කියන්ඩ හැදුවෙ.මම හැදුවා න්‍යායක් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවො ගැන.සමහර විට විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් පිළිබඳ දිනුක ජයකොඩි න්‍යාය විදිහට මේක ඉතිහාස ගතවෙන්නත් බැරි නෑ.

ඇත්තටම මේ න්‍යාය ගොඩ නගන්න හේතු උනේ අපේ සමාජය මා තුල ඇති කරලා තිබ්බ වැරදි ආකල්පයක් මට අවබෝධ උනාට පස්සෙ.අපිට පොඩි කාලෙ ඉඳලම කියන්නෙ දැම්ම මේ ඉගෙනගන්න කාලෙ ඔය පෙම් හුටපට පටලව ගන්නැතුව හොඳට ඉගෙන ගනිල්ලා.කැම්පස් ගියාම ඕනෙ තරං හැඩ කෙල්ලො ඉන්නවා.උඹලට ලව් කරන්ඩ එපා කියන්ඩ කවුරුවකුත් නෑ.ඕනෙ මඟුලක් නටාගත්තැකි එතකොට කියලා.

අනේ අපිත් ඉතිං(අපි කිව්වට මම අයිති නෑ.මේ කියන්නෙ බහුතර විශ්වවිද්‍යාල ශිෂ්‍යයො ගැන.) කෙල්ලෙක් දිහා තියා වැලක තියෙන චීත්තයක් දිහාවත් නොබලා පොතපත කෙරේ බැඳුනු සිතින් අනාගත අනඟ රැඟුම් හිතේ මව මවා ඉගෙන ගන්නවා.ඉතිං ඔන්න නේක දුක් කම්කටොළු රැසක් අත්විඳලා එනවා විශ්වවිද්‍යාලෙට.අනේ අර අපිට මවලා පෙන්නපු 'සිසිවන උවන ඉඟසුඟ ගත හැක මිටින, නිසි පුළුලුකුල රියසක යුරු තිසර තන' කියන්ඩ පුළුවං එකෙක්වත් නෑ බේතකටවත් හොයාගන්ඩ.හරියට සුනාමියට පස්සෙ තංගල්ලෙ වෙරළ වගේ.කණාටු පොල් ගස් කීපෙකුයි ගහං යන්ඩ බැරුව ඉතුරු උන තඩි කලු ගල් කීපෙකුයි විතරයි.

ඉතිං මම උසස් පෙළ පන්ති කීපයකට කුඩා උ\පෙ ශිෂ්‍යයෙක් වගේ වෙස් වලාගෙන ගියා මොකක්ද මේකට හේතුව හොයන්න.පන්තිවල ශිෂ්‍යයන්ගෙන්, ගුරුවරුන්ගෙන් විතරක් නෙමෙයි කාඩ් මාක් කරන ටික්කා අයියලගෙනුත් මම තොරතුරු එකතු කළා හොර රහසේ අවුරුදු දෙකක්ම.

මේ තොරතුරු ඉතාමත් සූක්ෂමව අධ්‍යයනය කරලා තමයි මගේ න්‍යාය මම ගොඩ නැගුවෙ.ඇත්තටම වෙන්නෙ මෙන්න මේකයි, ටියුෂන් පන්තිවල ඕනෙ තරං ලස්සන කෙල්ලො ඉන්නවා.උං පන්ති එන්න පටං අරං ටික දවසක් යද්දිම උංගෙ පස්සෙං කොල්ලො එන්න පටං ගන්නවා.ඉතිං මේ අසරණ කෙල්ලො උං එක්ක යාළු වෙනවා.ඔන්න ඕක තමයි උංගෙ ජීවිතවල හැරවුම් ලක්ෂ්‍යය.ඉතිං ටික දවසක් අයියා එක්ක බස් හෝල්ට් එකේ එහෙම හුරතල් වෙලා පන්ති නොගිහිං බයිස්කෝප් බලන්නයි පාක් එකේ රස්තියාදුවෙන්නයි පුරුදු වෙනවා.අනේ ඉතිං මුං අර කොල්ලන්ට පින්සිද්දවෙන්න විභාගය ඇන ගන්නවා.

අර අනිත් අනිත් පොල් පිති සහ කොස් ගෙඩිවගේ සුන්දර කෙල්ලො පස්සෙ කොල්ලො එන්නෙ නැති හින්දා උංට වෙන කරන්ඩ වැඩක් නැතුව යනවා.උං දිගටම ඉස්කෝලෙ යනවා, පන්ති යනවා.නිවාඩු දවස්වලට ගෙදර මිනිස්සුන්ට බොරු කියලා කොහේ කියලා යන්ඩද? ඉතිං දවසම ගෙදරට වෙලා පාඩං කරනවා.අනේ ඉතිං අර උ\පෙ වගේ විභාගෙකිං මුංව නවත්තන්ඩ බෑ.

නායක්ත්ව පුහුණුවත් අරං ගිණිකාෂ්ඨක අවුවෙ ඉඳලා තවත් දැකුම් කලු වෙලා මුං කැම්පස් එනවා.

ඉතිං කැම්පස් ඇවිත් කෙල්ලෙක් සෙට් කරං ජීවිතේ විඳින්න හිතං හිටපු එකාට කාලි මාතාවගේම සරණයි!

රූපලාවන්‍ය නිශ්පාදකයන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් පත්වී ඇති බවට සමීක්ෂණ ගණනාවකින් ඔප්පු වී ඇත.සුදු වීමට, ලප සහ කැළැල් ඉවත් කිරීමට, කෘශ වීමට සහ පෘෂ්ඨිමත් වීමට, කොණ්ඩය වැඩීමට ආදී එකී නොකී උවමනාවන් සඳහා ඇති පෙති, ආලේපන, කුඩු, ගුලි, කල්ක, අරිෂ්ඨ, නස්න, චූර්ණ, හෝමියෝපති, කටු චිකිත්සාව, වෑල්ඩිං කිරීම, පැච් දැමීම, අණ්ඩ දැමීම ආදී ඕනෑම ක්‍රමයක් අනුගමනය කිරීමට ඔවුන් පෙළඹෙන බවද, මෙය පුරුද්දකට ගිය පසු කවදා හෝ කරගහන කොල්ලාට මේ සඳහා වියදම් දැරීමට සිදුවන බවද, ඒ සඳහා අමතර රැකියාවක් කිරීමට උවද සිදුවිය හැකිබවද අනතුරු හැඟවීමක් ලෙස පළ කිරීමට කැමැත්තෙමි.

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් හා හාද වූ තරුණයෙකුගේ අනාගතයේ සන්ධ්‍යාවක් මෙවැනි විය හැක.

"දයාබර අම්මේ තාත්තේ මම වෛද්‍යවරයෙක්, මගේ බිරිඳගේ රූපලාවන්‍ය වියදම් පියවගන්න මම හම්බකරන සුළු මුදලෙන් බෑ. ඒ නිසා තමයි මම මේ කෝච්චි පෙට්ටියට ගොඩ වෙලා සින්දු කියලා තවත් කීයක් හරි හොයාගන්න බලන්නෙ.අතේ මිටේ තියෙනවානං කීයක් හරි මේ අසරණ සැමියාට දෙන්න.................."

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවෝ කමත්වා !

18 comments:

  1. අහ් මෙන්න වැඩක්.ඕන තරන් ලස්සන කෙල්ලො යුනි එනව.මෙයාට එහෙම කෙනෙක් දාගන්න බැරි වෙලා ද කොහෙද නැත්තම් ඔයාගෙ යුනි එකේ/බැච් එකේ ලස්සන කෙල්ලො නැතුව ඇති.

    ReplyDelete
  2. ඇයි කෙල්ලොන්ට විතරක් ඔහොම කියන්නෙ.අපි කිව්වොත් කැම්පස් එකට එන කොල්ලො බහුතරයක් "මෙලෝ රහක් නෑ" කියල?පිළිගන්නවද?

    ReplyDelete
  3. හිහි මම් විහිලුවක් කරේ.:) ගොඩක් අය ඉතින් කැම්පස් එන්නේ පාඩම් කරල මහන්සිවෙලානේ.ඒ නිසා සමහරුන්ගෙ ලස්සන නැතිවෙලා ගිහින්.කොන්ඩෙ ගිහින් ඇස් යට කලුවෙලා.කෙට්ටු/මහත් වෙලා etc...

    ඔයාට හොද කෙනෙක් හම්බවෙයි.ඉවසලා ඉන්න.තව බැච් එන්න තියනවනේ.:))

    ප.ලි:- තරහ වෙන්න එපා.උඩ කොමෙන්ට්ස් දැම්මේ විහිලුවට.

    ReplyDelete
  4. සිරාවට මචං!ඉගෙන ගන්න කාලේ මේවා කලේ නැත්නම් බැඳට පස්සෙද කරන්නේ??නොකර ඉන්න එක නෙවෙයි වටින්නේ!සමබරව කරගෙන යාම!නොකර ඉන්න එකත් පරාදයි!ඒකම විතරක් කරන එකත් පරාදයි!

    ReplyDelete
  5. ඈ බන් මල්ලියේ ඔය කොළඹ කැම්පස් එක අප්‍රිකාවටත් එහාද මේ කියන විදියට?
    කෙල්ලෝ නම් නැතත් කමක් නෑ ලස්සන කොල්ලෙක්වත් ඉන්නවා නම්. හික්ස්.

    ReplyDelete
  6. නදී අක්කගෙ දෙවෙනි කමෙන්ට් එකට මම සම්පූර්නයෙන් එකගයි... :)))

    ඇත්තටම ලස්සන කෙල්ලො ඇත්තෙම නැද්ද???
    ඔය ලස්සන දොස්තර නෝනලා පිටරටින්ද ඉගෙන ගෙන එන්නෙ හැබෑටම...

    ReplyDelete
  7. ඇත්තටම ලස්සන කෙල්ලෝ නැද්ද කැම්පස් එකේ?? අපි ඉතින් ගිහින් නෑනේ.. ඒ නිසා දන්නේ නෑ කියන්න.. හැබැයි කිවුවත් වගේ ඒලෙවල් වලට ක්ලාස් යද්දි නම් ඕන තරම් කෙල්ලෝ දැක්කා.. පස්සෙනුත් ගියා...

    ReplyDelete
  8. මම නම් අහලා තියෙන්නේ වෛද්‍ය පීඨයේ කෙල්ලෝ තමා ලස්සනම කෙල්ලෝ ඉන්නේ. දැන් උබලත් එහෙම කියනවා නම් අපි කෝම කියන්න ඕනද.
    මොකද අපේ පීඨ වලට කෙල්ලෙක් එන්නෙත් කලාතුරකින් නෙවෑ.

    ReplyDelete
  9. අපේ ඉතින් සෝමාලියාව වගේ 331ටම ඉන්නෙ කෙල්ලො 61යි. ලස්සන කෙල්ලො හිටියට උන් කලින්ම ගොඩ ගිහින්නෙ :(. අපිට ඉතින් හුලං තමයි....

    ReplyDelete
  10. කැම්පස් කෙල්ලෝ කොහොමෙය් කියලා නම් මම තව දන්නේ නෑ....
    මම ද කාලයක් කොළොං පුර හෝ හන්තාන වෙද පියසකට යන්නට සිහින මැව්වෙමි....
    නමුත් 2010 උ/පෙල මරු කපොල්ලෙන් මාව වැ‍ටුණේ රජරට වෙද පියස්සට...
    ඔන්න ඔහේ දෙවෙනි පාර ක‍ටු කන්නෙ මොකටෙයි කියලා මම රජරට ට යන්ට හිත හදා ගත්තා.........
    ඒකෙං කමක් නෑ බ්ලොග් එක හම්බවුණු එකට සන්තෝසේ බැරුවා...
    මුලු බ්ලොග් එකම වගේ කියෙව්වා....
    අර දරු උපත මරුම පෝස්ට් එක...බොක්කටම වදිනවා..අපිටත් ඔය වාසනාවන්ත අවස්ථාව උදා වෙවි නොමැරි හිටියොත්......
    අනිත් හැම කැම්පස් එකක් ම පටන් ගත්ත අපිව තාම පටන් ගත්තෙ නැනේ...අපේ ප්‍රොෆ් යුනිට් එක මේ නොවැ පටන් අරන් අපිවත් ගනීවි වගේ
    බ්ලොග් එක සුපිරි......

    ReplyDelete
  11. මම හිතන්නෙ මෙහෙමයි වටින කියන වාහන ගත්ත වගේ නෙමෙයි නඩත්තු වියදම් දරන්න ගියෑම...ඔය පොල්පිත්තක් වගේ එකක් දාගත්තම එයාගෙ පාඩුවෙ එයා අපේ පාඩුවෙ අපි..ලව් කරන ටයිම් ස්ලොට් එකට විතරක් ඔය මොනව හරි කරගන්නව...
    ඒකට ඔය ලස්සන ඒව දාගත්තම ගෙදර බල්ල බත් කන්නෙ නැති උනත් අපිට වදේ...ඉතින් ඒකට රෙස්පොන්ස් අපෙන් නැති උනොත් ඒ අය අවුට්සෝස් විසඳම් හොයාගන්නව...
    එත්් අර පොල්පිති ටයිප් එකට ලේස්යෙන් අවුට්සෝස් සෙට්වෙන්නෙත් නෑනෙ තරාවෙලා සතියක් ගිහිං ආයෙම යාලුවුනත් ඇති..

    ReplyDelete
  12. ෆට්ට තියරිය.... සහතික ඇත්ත! ඒ කොහොම වුනත් කැම්පස් එකේ ලස්සන කෙල්ලෙක් හොයාගන්නවා කියන්නේ හරියට ලාහට ගෙම්බෝ එකතු කරනවා වගේ වැඩක් කියලයි මටනම් හිතෙන්නේ! ඵල පෝස්ට් එක!

    ReplyDelete
  13. එදත් එහෙමයි, අදත් එහෙමයි!

    ReplyDelete
  14. මිදි ඇඹුලය නරි ටිකකට
    මිදි අකැපය තව නරිනට....
    මම නෑ කියන්නෙ නෑ...හැබැයි මෙහෙමයි කෙල්ලො නැතිකම නෙවේ ප්‍රශ්නෙ...තමන්ට ගලපගන්න පුලුවන් උන් නැති එකයි ප්‍රශ්නෙ.ඒ අතින් බැලුවම ඇත්ත.

    ReplyDelete
  15. @නදී : අපොයි අපොයි මම බොහොම ලස්සන හිත හොඳ කෙලි සිඟිත්තක් එක්ක යාළුවෙලා අප්පා ඉන්නෙ.හැබැයි කැම්පස් එකේදි නෙමෙයි.එයිට බොහොම කළිං සා\පෙ කරන කාලෙදි.ඔයාලා කොල්ලංව අඳුරන්නැති හින්දයි ඔහොම කියන්නෙ.උං ඉතිං ඔයාලව ආශ්‍රය කරන්න කැමති නැතුව ඇති.කවුද අප්පා කැමති යක්කු ආශ්‍රය කරන්න.හිඃ හිඃ (විහිළුවට හොඳේ.....)

    @Sabith : අනිවා මචං දෙකම සමබරව කරං යන එකා තමයි පොර.නැතුව එකක් විතරක් බදාගෙන කරන එකා නෙමෙයි.

    @Il mondo di una povera pazza : අප්‍රිකාවෙ කලු උනාට කොච්චර ලස්සන කෙල්ලො ඉන්නවද?? මෙහෙ උං කලු විතරයි.හැන්ඩි කොල්ලොනං ඉන්නවා මේ මම වගේ.හිඃ හිඃ හී.....

    @නිසුපා : ලස්සන කෙල්ලො හරි කළාතුරකිං ඉන්නවා.උංට කොල්ලො ඉන්නවනෙ.ලස්සන දොස්තර නෝනලා ඉන්නවා.ඒ ඉතිං මේ ඉන්න උං වැලි කඩදාසිවලිං කපලා ඔප දාලා, දත් මැදලා කොණ්ඩෙ හැඩ කරලා එනවනෙ කල් යනකොට.අනික ඇ\C එකේම ඉන්නකොට කපුටෙක් උනත් සුදු වෙනවා.

    @Dinesh : සිරාවට කියන්නෙ.කලාතුරකිං එකක් දෙක ඇර ඔක්කොම අර නවදැලි හේනේ දා ගිය වැඳිරි මෑල්ලෝ වගේ තමයි.පන්ති ගිය කාලෙ මතක් කරන්ඩ එපා බං දුක හිතෙනවා කොච්චර හැඩ කෙල්ලො හිටියද?? ශිඃ විතරක්.....

    @මධුරංග : අපොයි අපොයි අපේ උං උඹලගෙ උන්ට වඩා ලස්සනයිනං උඹලගෙ උං දැක්කම දෙහි කපලා නූලක් එහෙම බඳින්න වෙනවා ඇතිනෙ?? හඃ හඃ...

    @මගේ සිතුවිල්ල : ඔය තියෙන්නෙ මගේ තියරියට හොඳ උදාහරණ.ඔහෙ නැති උනාට පන්ති යන කාලෙ කෙල්ලො අම්බානට හිටිය නේද???

    @ගලයා : ඔහෙං බැරි උනොත් වටපිට ඇවිදලා ඔය පැත්තෙංම කෑල්ලක් සෙට් කර ගනින්.කොච්චර කාශ්ඨක උනත් ඔය පැත්තෙ ඉන්නෙ රාජ ලේ තියෙන කෙල්ලොනෙ.ඉස්තූතියි මචං අගය කිරීමට.අර එස්.බී කාරයා මාලඹේ උන්ට දිදී ඉන්නැතුව උඹලගෙ ප්‍රොෆ් යුනිට් එක හදන්න මහන්සි උනානං උඹලා කී දෙනෙක් ගොඩද??? මොනවා කරන්ඩද අපේ රටේ ඉන්නෙ පුද්ගලික විශ්ව විද්‍යාල පිළිඹඳ ඇමති කෙනෙක් මිසක් උසස් අධ්‍යාපන ඇමති කෙනෙක් නෙමෙයිනෙ.

    @indi : අන්න ඒකෙනං ඇත්තක් තියෙනවා.ඒ උනාට ගෙදර එක්ක ගිය දාට අම්මා ඇහුවොත් " අනේ පුතේ ලොකු කූඩුවකුත් ගේන්න එපායැ.ගේ ඇතුලෙනං ඇති කරන්ඩ දෙන්ඩ බෑ" කියලා.වස කන්ඩ තමයි වෙන්නෙ.

    @ලහිරු : ලාහෙට ගෙම්බො නෙමෙයි බං ඩයිනෝසිරස් ලා එකතුකරනවා වගේ.හම්බවෙන්නෙත් පොසිල විතරයි.

    @කතන්දර Kathandara : ආ ඒ කාලෙත් එහෙමද?? එහෙනං මේක සාර්වත්‍ර විතරක් නෙමෙයි සර්වකාලීන තියරියක් කියතැහැකි නේ....

    @අකූ : හරි හරි මිදි කඩාපු නරියෝ.උඹේ කෙල්ල විතරක් හැඩයි.තමන්ට නෙමෙයි සමස්ත කොලු වර්ගයාටම ගලපගන්ඩ බෑ වගේ නේද????

    ReplyDelete
  16. ප්‍රමාධය පසු තැවිල්ලට හේතුවයි.....:D

    ReplyDelete
  17. අනිවා මචං.බල බල ඉන්නැතුව කරගන්න එකක් දැංම කරගන්න ඕනෙ.

    ReplyDelete
  18. දොස්තර මහත්තයාගේ අදෝනාව කියවලා මට තමා හිනා :D

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...