24 September 2011

නිශ්ඵල





දැඩි වෙහෙසෙන්                 දුබල
හිස මත හිරු ද නැඟි              කල
සොයා සෙවනෙන්             සිහිල
රැඳී පල නැත කැහැටු රුක     මුල

තොල කට ද                       වේලී
තල්ලේ දිව ද ඇලි                ඇලී
සොයා දිය                     නිකෙළී
නොයන් සමුදුර බලා          ඉගිලී

සිතුවිලි                             ගුගුරලා
හදවත සොවින්                  බිඳිලා
ඇතත් තනි                           වීලා
නොයන් ළඳකගෙ සෙවණ පතලා

6 comments:

  1. කතාව සහතික ඇත්ත !!!!
    මැරෙන්න වැටිලා හිටියත් ගෑනියෙක්ගේ හෙවනක් හොයාගෙන යන්න හොද නෑ. හික්ස් බික්ස් :)

    ReplyDelete
  2. දන්නේ නැති නිසයි අහන්නේ.
    මොකද්ද ඔය ඩේටා තණ්හාව ???

    ReplyDelete
  3. ගෑනු ගැනනං කතා කරලා වැඩක් නෑ.ඩේටා තණ්හාව කියන්නෙ ඇත්තටම මගේ සංකල්පයක්.ඒ කියන්නෙ දත්ත සඳහා ඇති ආශාව.මට තියෙන්නෙ අන්න ඒක.මොනවා හරි කමක් නෑ ඕනෑම විශයයක් අදාලව කරුණු දැන ගැනීමේ ආශාව.

    ReplyDelete
  4. මම් හිතුවා ඩොංගල් එකේ ඩේටා වලට තියෙන තණ්හාව කියලා.

    ReplyDelete
  5. @ මධුරංග : ඩොංගල් එකේ ඩේටානං මොනවද අප්පා.දැනුම සඳහා ඇති තණ්හාව නේ මේක......

    @chaveen sanka : උඹටත් අදාලයි.හිඃ හිඃ හී........

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...