මම මේක මේ ලියන්නේ ලෝකයට පණිවිඩයක් දී සිය දිවි නසා ගන්නට සිතාගෙන නොව.මගේ සිතේ නැගුණු චකිතය පහ කර ගැනීම පිණිස පමණි.
පොඩි කාලෙදිවත් කවදාවත් පන්තියෙ පළවෙනියාවත් දෙවෙනියාවත් අඩුම තරමෙ තුන්වෙනියාවත් වෙන්න මට බැරි උනා.හැමදාම මම පන්තියෙ විසි ගණන් හරි තිස් ගණන් හරි තමයි.ඉතිං ඔන්න පහ වසරට ආවා.ශිෂ්‍යත්වෙ ලිව්වා.පාස් උනා.ඊට පස්සෙ කොළඹ ලොකු ඉස්කෝලෙකට ආවා හය වසරට.පළවෙනි වාරෙ පන්තියෙ එකොළොස් වෙනියා.ඊළඟ පාර පහළොස්වෙනියා.
ඊට පස්සෙ කවදාවත් විසිවෙනියාගෙන් මෙහාට එන්න බැරි උනා.කට්ටියක් හෝ ගාලා අධ්‍යාපනේටම කැපවෙද්දි තවත් කට්ටියක් වලටම බැස්සා.මම ඒ දෙගොල්ලන්ගෙම මැද ඉඳගෙන මගේ පුංචි ලෝකෙ ආතල් ගත්තා.ටිකක් ඉගෙනගත්තා.ඒ කාලෙ පන්තියෙ ගුරුවරයෙක්වත් මාව හරියට දන්නෙ නෑ.මොකද මම හොඳ වැඩකටවත් නරක වැඩකටවත් මාට්ටු වෙලා නැති හින්දා.
සා\පෙ, අපේ කාගෙත් ජීවිතවල හැරවුම් ලක්ෂ්‍යය.මේ කාලෙ ඒ කියන්නෙ දහය එකොළහ වසරවල මම පන්තියෙ හතලිස් ගණන්වලටම පහළ බැහැලා හිටියෙ.පන්තියේ සින්දු කියන සෙට් එකෙත්, ෆ්‍රී පීරියඩ්වල හොරෙන් කාඩ් සෙල්ලම් කරපු (ඕමි ) සෙට් එකෙත්, පෑන් ක්ලිප්වලිං ෆුට්බෝල් ගහපු සෙට් එකෙත් මම හිටියා.විභාගෙ කිට්ටු වෙනකොට මගේ මිත්‍රයෙක් වන ඉසුරු මතීෂ දංගෙදර මාව මේ නරවලෙන් ගොඩ ගන්න හිතාගෙන පාස් පේපර්වලට උත්තර ලියන්න, විද්‍යාවට ටියුශන් යන්න උනන්දු කෙරෙව්වා.අන්න ඒ මිනිස්සුන්ට තමයි කියන්නෙ අතිජාත මිත්‍රයො කියලා.මම අදටත් මේ මිත්‍රයාව මතක් කරන්නෙ හරිම ගෞරවයෙන්.
සා\පෙ උසස්ම විදිහට කියන්න බැරි උනත් අවශ්‍යම විශයන්ට .... ගන්න මට පුළුවන් උනා.නමුත් මොකක්දෝ කරුමෙකට මගේ මිත්‍රයා ඉසුරු සා\පෙ අසමත් වෙලා තිබුණා.මාව ගොඩ දාන්න උත්සාහ කරපු එක ලෝක ධර්මතාවලට අනුව පාපයක්ද දන්නෙ නෑ.කොහොම හරි ඔහු ඊට පස්සෙ ඕස්ට්‍රේලියාවට ගියා.
ඊට පස්සෙ මගේ වටේ හිටපු හැම එකාම මගේ ඔළුවට හොඳයි කියලා දාලා තිබ්බ බයොලොජි කියන විශය මම තෝරගත්තා උ\පෙ වලට.සා\පෙ කාලෙ හතලිස් ගණන්වල හිටපු මට උ\පෙ කාලෙදි තිස් ගණන්වලට එන්න පුළුවන් උනා.මොකද අපේ පන්තියෙ හිටියෙ තිස් හතක් විතරයි.උ\පෙ පන්තියෙදි මම වැනි වැනි ඉන්නැතුව ගත්තා වැදගත් තීරණයක්.මම නොබැදි පිළිවෙත අත ඇරලා වල සෙට් එකට එකතු උනා.ඔන්න මේ පන්තියෙදිනං මාව ගුරුවරුන්ට මතක හිටියා.සෞඛ්‍යදානෙ එකා කියලා.මොකද මම සෞඛ්‍යදානේ ඉන්නවා කියලා ගොඩක් වෙලාවට පීරියඩ් කට් කරන්න පුරුදුවෙලා හිටියෙ.මේ ගැන මම කළින් පාරක් ලිව්වනෙ.කොච්චර ගැහුවත් බැන්නත් හරිගියේ නෑ.පන්තියට එන්නෑ කියලා එක පාරක් ගෙදරිනුත් ගෙන්නුවා.
අන්තිමට සෞඛ්‍යදානෙනුත් මාව පැන්නුවා.අපේ පන්තිය ඉස්සරහට ගෙනත් මට ගහලා මාව පන්තියට බාර දීලා ගියේ සෞඛ්‍යදානෙ භාර සර්.අධ්‍යාපනේ කියලා ඉස්කෝලෙන් මොකුත්ම අරගෙන නැ මම.හැබැයි මේ චාටර් ලෝකෙ පය ගහලා ඉන්න, ඕනෙ එකෙක් ආශ්‍රය කරන්නනං ඉගෙන ගත්තා.ඒකට මම මගේ ඉස්කෝලෙට ණයගැතියි.ටියුශන් යන එකත් මේ වෙනකොට මම මහා චාටර් විදිහට කළේ.ෆිසික්ස්වලට ටියුශන් යන එක මම නැවැත්තුවා.කෙමිස්ට්‍රිවලටත් එක එක තැංවලට ගියා ආවා මිසක් විධිමත් අධ්‍යාපනයක් ලැබුවෙ නෑ.උ\පෙ ලිව්වා.C එකකුත් S දෙකකුත් එක්ක මම පාස් වෙලා.අපේ ෆිසික්ස් මැඩම්ට කිව්වම එයා පිළිගත්තෙ නෑ.'තමුසෙ ෆිසික්ස් නං පාස් වෙලා වෙන්න බෑ' කියලා තමයි එයා කිව්වෙ.
'ආයෙත් උ\පෙ කරනවා' මම හිත හදා ගත්තා.දෙවෙනි පාර මහන්සි උනා.ඇත්තටම ඉගෙන ගත්තා.පාඩං කළා.ඒ අතරෙ ලව් කළා.රස්තියාදුත් ගැහුවා.දෙවෙනි පාර හොඳට උ\පෙ ගොඩ දාගත්තා.මම ප්‍රථිපල කියන්න ඉස්කෝලෙට ගියාම ෆිසික්ස් මැඩම් මගෙන් ඇහුවා 'ආ කොහෙද දැං ජොබ් එක කරන්නෙ?' කියලා.මම උ\පෙ ආයෙ කළා කියලා ප්‍රථිපල කිව්වට එයා විශ්වාස කළේම නෑ.පස්සෙ අපේ පන්ති භාර සේනානි මැඩම්ගෙනුත් අහලයි ඒක පිළිගත්තෙ.ඒකට ඇත්තටම එයාට වැරැද්දක් කියන්න බෑනෙ.
ඊට පස්සෙ තෘතියික අධ්‍යාපනය.කොළඹ වෛද්‍ය පීඨය.කවදාවත් ක්ලාස්නම් දාන්න බැරි උනා.මට උවමනාවක් තිබ්බෙත් නෑ.උවමනා උනත් පුළුවන්කමක් තිබ්බෙත් නෑ.මෙහෙ ඇවිල්ලත් ආතල් ගත්තා.නාට්‍ය කළා.ගිටාර් ගැහුවා.කයි දුන්නා.කට්ටියව බයිට් කළා.බයිට් උනා.හැබැයි යමක් ඉගෙන ගත්තා.කිසිම එකක් රිපීට් උනේ නෑ.හැම එකකටම යන්තං පනහෙන් උඩ ලකුණු ගන්න පුළුවන් උනා.
ඒ ඔක්කොම ඉවරයි.මම අද GITමොඩියුල් එක (ආහාර මාර්ග පද්ධතිය ) රිපීට් වෙලා.පනහක් ගන්න ඕනෙ එකට මට තියෙන්නෙ 48.92යි.තව ලකුණු 1.08ක් ගන්න බැරිවෙච්ච පාපයට මම ආයේ ඒක පාඩං කරන්න ඕනෙ.මෙච්චර කාලයක් රැකගෙන ආව මගේ අනන්‍යතාවට කෙළ උනා.
මං රිපීට් වෙච්ච එකට මෙයිට කළිං රිපීට් වෙච්ච උං සතුටු උනාට මට දුක නෑ.උන්ට සතුටු වෙන්න හේතුවක් හරි තියෙනවනෙ.මට දුක ලකුණු 70, 80 අරං පාස් වෙන පණ්ඩිතයටත් මම රිපීට් වෙච්ච එක ආතල් එකක් වෙච්ච එකට.
මේකෙ රිපීට් එක ගොඩ ගියා කියමුකො.මට තියෙන අවුල මම මේ පටං ගත්තෙ උ\පෙ පළවෙනි පාර වගේ තත්වෙකට යන්නද කියන එකයි.අර අඟල් හයේ අඹ ලෑලිවල වරු ගණන් මගේ මේ ළපටි පශ්චාත් භාගය තියාගෙන රිවිශන් පන්තිවල ඉද්දි කුකුන්දරාස්ථියට දැනිච්ච ආතල් එක නිසාම මම ඒ දවස්වලම හිතා ගත්තා ආයෙනං රිපීට් වෙලා බෑ කියලා.
අනේ අම්මෝ මේකෙ ෆයිනල් කෙළ උනොත් බඳින එකත් මාස හයකිං කල් යනවා.ඒ කියන්නෙ ළමයෙක් හදන එකත් මාස හයකිං කල් යනවා.අපොයි එහෙම වෙලා බෑ.පොඩි එකාව අරං එන්න මොන්ටිසෝරි එකට ගියාම අන්න පුතේ සීයා ඇවිල්ලා කිව්වොත් වහ කන්න තමයි වෙන්නෙ.බෑ බෑ රිපීට් වෙවී ඉඳලා වගතුවක් වෙන්නෙ නෑ.මම පාඩම් කරමි.මම විභාග සමත් වෙමි.
උබ නම් හැබෑම දක්ෂයෙක්. ටීචර්ලාවත් නොහිතපු දෙයක් කරලා පෙන්නුවා. මුලින්ම කියන්න ඕනේ අපට මැරීගෙන උදව් කරන්න එන අවංක යාලුවන්ගේ රිසල්ට් අඩු වෙන එක නම් සහ ගහන අපරාදයක්. කැම්පස් එකේ අපට කුප්පි දාපු එවුන්ගේ රිසල්ට් අඩුයි. පවු !!!
ReplyDeleteක්ලාස් නම් ඕනේ නෑ මචෝ ඔන්න ඔහේ හොදට කෝස් එක රිපීට් නැතුව ගොඩ දාගන්න. ඔය මොඩියුල් එක රිපීට් වෙච්ච එක ගනන් ගන්නෙපා. උබ ආපු ගමනේ හැටියට ඕක මොකද්ද. කෝස් එක කරන ගමන් ඕක ගොඩ දාගන්න පුලුවන් මයේ හිතේ. අපිත් ඔහොම සබ්ජෙක්ට් ගොඩ දැම්මා.
අනිත් එකෙක්ට කෙළ වුනාම දැනෙන සතුටට මම කියන්නේ කාලකන්නි සතුටක් කියලා. නමුත් අපි රහත් වෙලා නෑනෙ. අපි වගේ පුහුදුන් මිනිස්සුන්ට ඔහොම හැඟීම් එක එක සාමාන්‍ය දෙයක්.. ඕවා ගැන හිතන්න එපා අයියා.. ඒක මිනිස්සුන්ගේ හැටි
ReplyDeleteමචං උබ මෙහෙම කරපං. දැම්මම ඔය කැම්පොස් එකේ එකියෙකුට මේ විස්තරේ කියලා බබෙක් ඉල්ලාගනින්. ඊට පස්සේ කැම්පස් අවුට්වෙලා ෂේප් එකේ කසාදයක් බැදගනින්. ඊට පස්සේ ලමයා මොන්ටිසෝරි එක්කන් එන්න යනකොට කියාවි අන්න පුතේ අයියා අවිල්ල කියලා.
ReplyDeleteකතාවනම් චාටර්ද මංදා, උබ කියලා තියෙන ඒවගේ හැටියට මේකටත් චාටර් කියනවායැ. උබ, උබ කියන්නත් හොද නෑ. ඉස්සරහට දෝස්තර මහත්තයෙක් නොවැ. බයවෙන්න එපා, උබේ හිත හොදයි, උබට හරියනවා. ඔබට ජය!
උඹ ආපු පාර නිසා උඹටම ඩයල් ඇති එකක් රිපීට් වුනාට සැලෙන්නෙ ඕනි නැ කියන එකත් , ක්ලාස් නැතුවට කමකුත් නැ කියන එකත් . උඹේ කථාව මාර ආදර්ශයක් . මීට ආසන්න චරිතයක් ගැන මම අහල තියෙන්නෙත් එකම පාරයි , හැබැයි ඒ කෙල්ලෙක් නිසා වැටුණු සහ ඒ නිසාම නැගිට්ට කොල්ලෙක් .
ReplyDeleteඔය සීයගෙ සීන් එක නිසාම උඹ දැන්ම පාඩම් කරන්න පටන්ගන්න එක හොඳයි...
ReplyDeleteකොහොම හරි ගොඩ පලං මචෝ අපිට පුලුවන් උඹට හිතින් පොඩි සුබ පැතුමක් දෙන්න විතරයි
ReplyDeleteමම නම් සිස්සත්තේ පාස් අනික් සේරම ෆේල් .. උඹ ආයේ ඔව ගැන නොහිතා කෝමහරි ගොඩ යන්ඩ හිතාගනු
අවුල් නොවී ආපහු කරන්න ගන්න. මිනිසුන්ට වරදිනකම් ඉඳල හිනාවෙන කීයෙන් කී දෙනාද අනෙකාට උදව්වට එන්නේ. ඉතින් ලොකු ලකුණු ගත්තට ලොකු මිනිස්සු උනාට ඔය ප්‍රයිමරි ආසාවන් වෙනස් වෙන්නේ නෑ මල්ලි....
ReplyDeleteසීයෙක් වෙන්නේ නෑ භය වෙන්න එපා...
@මධුරංග : ඉස්තූතියි මචං.උඹ කියන්නෙ සහතික ඇත්ත.මොන ක්ලාස්ද මේ අපිට.යන්තං ෆයිනල් ගොඩ දාගෙන පුදුමාතලන්වලට හරි නන්දිකඩාල්වලට හරි පත්වීමක් ලැබුණොත් ඇති.
ReplyDelete@විසිතුරු : ඒක තමයි මචෝ.කවුරු හරි අපිට ඉරිසියා කරන්නෙ අපෙත් මොකක් හරි වැදගත්කමක් ඇති හින්දනෙ කියලා හිත හදාගන්න තමයි තියෙන්නෙ.
@iplus : කතාවනං මරු.ඒත් මගේ ප්‍රේමි ඕකට කැමති වෙයිද කියන එක තමයි ප්‍රශ්නෙ.උඹ බය නැතුව උඹ කියලා කියපං බං.මේ අධ්‍යාපන ක්‍රමේ මාව දොස්තර කෙනෙක් කරවයි.ඒත් මාව මහත්තයෙක් කරවන්නනං ඒකට බෑ.
@buwa : ඉස්තූතියි බුවා.මේ පාර මම ටිකක් විතර සැලිලා ඉන්නෙ.මොකද මේකෙ රිපීට් එග්සෑම් එක තියෙන්නෙ තව මොඩියුල් එකක් උගන්නන අස්සෙ.කොටින්ම කිව්වොත් එග්සෑම් එක තියෙන්නෙ හවස.උදේ ක්ලිනිකල්ස් යන්නත් ඕනෙ එදාට.ඒ උනත් මම අත අරින්නෙනං නෑ.
@hare : ඒක තමයි.ඒත් මේ බ්ලොග් කෙරුවාව තමයි හරහට හිටින්නෙ.හිඃ හිඃ හී.....
@හිස් අහස : අප්පා ඒ හිතිං දෙන මෙව්වා එක මට යෝධ හයියක්.විභාග ෆේල් උනාට උඹ ජීවිතේ ෆේල් වෙලා නෑනෙ.කවදා හරි කාලෙක හොඳටම නාකි උන දා කට පසු තැවෙන්න කිසිම දෙයක් උඹට නෑනෙ.අපරාදෙ මගෙ කොලු කාලෙ මට මේක කරන්න තිබ්බා, අරක කරන්න තිබ්බා කියලා.ජීවත් වෙන කාලෙ ජීවත් වෙමු බං.මොකෝ මළාට පස්සෙ ඕවා කරන්න යෑ.....
@Il mondo di una povera pazza : ඉස්තූතියි අක්කේ.ලෝකෙ මිනිස්සුංගෙ හැටිනෙ කියලා ඉන්න තමයි තියෙන්නෙ.සීයෙක් වෙන්නෑ කිව්වට මේකෙං අවුට් වෙනකොටම සෑහෙන්න නාකිවෙලා.හතුරෙකුටවත් මෙඩිසින් නං කරන්න දෙන්න නරකයි.
aniwa waren online in this weekend...echcharai denata..
ReplyDelete"මගේ මේ ළපටි පශ්චාත් භාගය" man nam me blog eke asama kalla okai.harii sweet ane
ReplyDelete@ ඇනො : මෙන්නෝ ගේ කුරුල්ලෙක් ඇවිල්ලෝ.......අනේ බුදු අයියෙ අපි ඕවට නැතෝ.......
ReplyDeleteඕක එච්චර හිතන්න එපා බං. හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට කියනවනේ.
ReplyDelete(මම දන්නවා ඒක පට්ටපල් බොරු කියලා..)
උඹේ වටිනාකම තියෙන්නෙ එක්සෑම් ඔක්කොම එකසැරේ ගොඩදාන එකවත්, ක්ලාස් එකක් දාන එකේ වත් නොවන බව මම අමුතුවෙන් කියන ඕන නෑනේ.
උඹට නොපෙනුනාට (හෝ උඹ ඒ වගේ ඉන්න හැදුවට) බුද්ධිමත් ඡන්ද දායකයෝ දන්නවා උඹේ වටිනාකම. මම මේ උදැල්ලෙ DNA අණුවක් කරේ තියාගෙන කියන්නෙ. උඹ හිමින් සීරුවෙ උඹේ ගමන පලයන්. උඹට වරදින්නේ නෑ.
ආහ්.. තව එක දෙයක්.. උඹ පණ්ඩිත් ගැන කියලා තියන කතාව නම් මට විශ්වාස කරන්න අමාරුයි. මම දන්න ඌ නම්, කාටවත් වැරදුනාම හිනාවෙන එකෙක් නම් නෙමෙයි...
ReplyDelete@Phoenix : අපොයි අපොයි ඉස්තූතියි දිරිමත් කිරීමට.......සහ කියලා තියෙන ඔක්කොටම....
ReplyDelete