04 December 2014

වතුර බාල්දිය සහ පරවියා



කාලෙකට පස්සේ බ්ලොග් පෝස්ට් එකක් ලියන්ඩ කියලා හිතලා ඊයේ බාගයක් ලියපු එකක් අද ඉවර කරලා දාන්ඩ හිතුවා.ඒ උනාට සහෝදරවරුනි පට්ට ජෝක් වීඩියෝ එකක් දැකලා ඒ ගැන ලියලා දාන එක වඩා හොඳයි කියලා හිතුනා නෙව.

ඉතිං ඔන්න කතාව කියන්ඩ කළිං පුංචි විස්තර වගයක් තියෙනවා කියන්ඩ.මේ ඇවිල්ලා භෞතික විද්‍යාව සම්බන්ද කරුණු ඩිංගක්.



ඔන්න මිනිහෙක් ළිඳකිං වතුර බාල්දියක් අදිනවා.බාල්දිය කට ගාවටම ආවම ළනුව කඩාගෙන බාල්දිය ළිඳට වැටෙනවා.මොකක්ද හේතුව?

1. ලනුව දිරපු එකක් වීම.
2. බාල්දිය බර වැඩි වීම නිසා ඒ මගින් ලනුව මත ඇති කරන ආතතිය වැඩි වී ලනුව කැඩී යාම. (හිටපු මැතිවරණ කොමසාරිස්තුමා වගේ)

ඉහත සාධක දෙකත් එක්ක ගුරුත්වාකර්ෂණය, බාල්දියේ වතුරත් සමඟ ස්කන්ධය, තන්තුවේ ප්‍රත්‍යස්ථතාව, ලනුව නිශ්පාදිත ද්‍රව්‍යය, ඒ මත ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වය, සූර්යයාලෝකයේ ඇති UV කිරණ මඟින් ඇතිවන හානිය සහ වතුර අදින පුද්ගලයා ලනුව මත ඇති කරන බලය වගේ දේවල් ද සැළකිල්ලට ගත යුතු වෙනවා.

හැබැයි මේ ළිඳ තියෙන්නේ ක්‍රිෂ්ණමූර්තිතුමාගේ වත්තේ.ගමේ හැම එකාම වතුර ගේන්ඩ එන්නේ මේ ළිඳට.ඔය කතාව කිව්වම අපිට තව එක න්‍යායක් සැළකිල්ලට ගන්ඩ සිද්ද වෙනවා.ඒ කියන්නේ එක එකා හැමදාම ළිඳෙන් වතුර අරං යන එකට මළ පැනලා හිටපු ක්‍රිෂ්ණමූර්ති හොරෙන්ම ලනුව පොඩ්ඩක් කපලා තියලා තිබ්බා වෙන්ඩත් පුළුවං.ඊට පස්සේ වතුර අදිද්දි බාල්දිය ළිඳට වැටුනම ඒක අපලයක් හින්දයි උනේ කියලා වතුර ගන්ඩ එන උංව බය කරලා ගොනාට අන්දවලා උං එක්ක තරහත් නොවී වතුර ගන්න එකත් නවත්තන්ඩ ගහපු ප්ලෑනක් වෙන්ඩත් පුළුවන්.

ඔන්න දෙවෙනි සිදුවීම.



මසි තුමා පරෙයියා විසික්කා කළාම ඌ ආයෙමත් කකුල් දෙක ළඟට වැටුනේ ඇයි?

1. පරෙයියා පොඩි කාලේ ඉඳලම කූඩුවක හිටපු එකෙක් නිසා පියාඹන්ඩ දන්නේ නැති වීම.
2. පොඩි පෙට්ටියක් ඇතුලේ හෙන සෙට් එකක් එක්ක ඉන්ඩ සිදුවීම නිසා එක පැත්තට ඉඳලා තට්ටක් හිරි වැටී තිබීම.
3. සෑහෙන වෙලාවක් තිස්සේ පෙට්ටියක් ඇතුලේ හිර වී සිටීම නිසා අධික රස්නය පිපාසය හෝ කුසගින්න නිසා ක්ලාන්ත ගතියක් දැනීම.
4. ඌ පියාඹන්න අකමැති එකෙක් වීම.

ඔන්න මේ සිද්දි දෙක ගලපලා අධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර ලොක්කා මරු ටෝක් එකක් දෙනවාය.

ලොක්කා කියන විදිහට ක්‍රිෂ්ණමූර්තිතුමා ළිඳට බාල්දිය වැටීම පහදා ඇත්තේ වතුර අයිති ළිඳට නිසා බාල්දිය වතුරත් සමඟ ළිඳට වැටී ඇති බවයි.නමුත් එම තර්කයට අනුව එයිට පෙර බාල්දි ළිඳට නොවැටී කාලාන්තරයක් තිස්සේ වතුර ඇද්ද හැටි පැහැදිලි වන්නේ නැත.සමහර විට ළිඳ ඉවසා ඉවසා බැරිම තැන ළනුව කඩා බාල්දියත් සමඟ වතුර ටික ආපසු ගැනීමට තීරණය කළා විය හැක.නැත්තං නින්දේ සිටි ළිඳ හදිසියේ අවදි වූ විට තමන්ගේ වතුර ගන්නවා දැක මෙසේ ප්‍රතික්‍රියා කළා විය හැක.





කෙසේ හෝ චන්ද්‍රසිරි අංකල් පවසන ආකාරයට මේ සිදුවීම් දෙක අතර සමානකමක් ඇත.ඔහු කියන්නේ පරවියා නැවත පැමිණීමෙන් කියැවෙන්නේ මසී ලොක්කාට සොබාවධර්මයා අනතුරු ඇඟවූ බවය.ඔය ගිනි ගොඩට පනින්න එපා කියූ බවය.මටනම් මේ සිදුවීම් දෙක අතර කිසිම සමානකමක් නැත.බාල්දිය ළිඳට වැටුනේ වතුර අයිති ළිඳට නිසා නම් සරල තර්කයට අනුව පරවියා නැවත ආවේ ඌ සිරිසේන ලොක්කාගේ නිසා විය යුතුය.මෙවන් මැටි තර්ක ඉදිරිපත් කරන උන් අඩුම තරමේ 'සිරස ඩිබේටර්' වත් බලා තර්ක යනු මොනවාදැයි තේරුම් ගත යුතුය.

ඉහත ප්‍රකාශයෙන් ගම්‍යවන තවත් කරුණක් ඇත.චන්ද්‍රසිරි අංකල් කියන්නේ සිරිසේනට මේ ගිනිගොඩට පනින්න එපා කියලාය.මේ අවධානම ගන්න එපා කියලාය.

ඔන්න මම දැන් උදාහරණයක් දෙමි.

මමත් මගේ පන්තියේ මිත්‍රයෙකුත් එකම කෙල්ලට ට්‍රයි කරමු.එවිට කොහොමත් අපි දෙදෙනා අතර තරගයක් ඇති වේ.අපි තරහද වෙමු.නමුත් කවුරුත් මට හෝ ඔහුට ඔය ගිනි ගොඩට පනින්න එපා කියා අවවාද දෙන්නේ නැත.අවධානමක් ගන්න එපා කියන්නේද නැත.නමුත් මම අපේ ගමේ ඉන්න මිනී දෙක තුනක් මැරූ චණ්ඩියෙක් ට්‍රයි කරන කෙල්ලෙක්ට ලයින් එක දාන්ඩ පටං ගත්තොත් නම් දන්න අඳුරන හැම එකාම 'ඇයි බං ඔය ගිනි ගොඩට පනින්නේ?, ඔය අවධානම ගන්ඩ එපා බං' කියා අවවාද කරනවා ෂුවර් ය.

මෙව්වාට කියන්ඩ තියෙන්නේ 'ආච්චිගේ රෙද්ද ' කියා තමයි ය.

ඔන්න මම අදට කියන්ඩ තියෙන ඔක්කොම කිව්වා !!!



13 July 2014

මෙය අපේ ය. අපි මෙය රැක ගමු!!!



මළ පහ කිරීම සඳහා ඇති නිදහස මූලික මිනිස් අයිතිවාසිකමකි.කවුරුන් විසින් හෝ කුමන හෝ පුද්ගලයෙකුගේ එකී අයිතිවාසිකමට එරෙහි වීම ජිනීවාවල විදුලි පුටුවේ ඉන්දවාවත් සාධාරණීකරණය කළ නොහැකි වරදකි.අපේ ආදී මුතුන් මිත්තෝ මෙකී මූලික අවශ්‍යතාව සඳහා වට පිට බලා බැද්දට රිංගූහ.බොහෝ විට මේ සඳහා තෝරා ගත්තේ ස්වභාවික ජල පහසුකම් සහිත එනම් ඇළ පාරක් හෝ දොළ පාරක් ඇති ස්ථානයකි.ඒ මළපහ කිරීමෙන් පසු පස්ස පිසදාගැනීම අපේ සිංහල මෙව්වා එක අනුව ජුගුප්සාජනක නිසාය.අපේ වසර දෙදහස් පන්සීයකට වඩා පැරණි මෙව්වා එක අනුව මළ පහ කළ පසු පස්ස ජලයෙන් සේදිය යුතුය.අනෙක් ගොං පුරුදු අතරේ ඇති මෙවන් හොඳ පුරුදු අගය කළ යුතුය.අපේ සංස්කෘතිය කොච්චර අපි අගේ කළත් ලංකාවේ කොළඹ ඉදිකොට ඇති ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ වැසිකිළිවල වතුර නැති කතාවක් කොහේදී හෝ අසන්නට ලැබුණි.ඇත්ත නැත්ත හරියටම කියන්නට දන්නේ නැත්තේ එවන් තැනක ඇති වැසිකිළියකටවත් යාමට අවශ්‍යතාවයක් මට ඇති වී නැති නිසාය.

නමුත් ක්‍රමයෙන් වන ගහණය අඩු වන විට සහ ගෙවල් එකින් එක ළං ළංව හැදෙන විට බැද්දට රිංගීමේ පුද්ගලිකත්වයට බාධා ඇතිවන්නට විය.වෙරළබඩ ජනතාව දිනපතා උදෑසන වැල්ලේ සාමූහික මළපහ සැනකෙළි පැවැත්වීමට හුරු වෙද්දී රටතුල ජනතාවට රාජ්‍ය අනුග්‍රහයෙන් වැසිකිළි ලැබෙන්නට පටන් ගත්තේය.මුලින් මුලින් තිබූ වල වැසිකිළි පසුකාලීනව සනීපාරක්ෂාවේ උන්නතිය උදෙසා ජලමුද්‍රිතව නිමවෙන්නට විය.මේවා නිවෙස් අසල ඉඳිකෙරුණු අතර වැසිකිළිය සහ ළිඳ අතර නිශ්චිත පරතරයක් තිබිය යුතු බවට නීති පවා සම්මත වී ඇත.නිවෙසින් බැහැරව තිබූ වැසිකිළි නිවෙස් තුළට පැමිනෙන්නේ සනීපාරක්ෂාව මෙන්ම ජීවිත ආරක්ෂාවද වැදගත් නිසාය.නිවසින් ගව් ගණනක් දුරින් ඇති වැසිකිළියට මහ රෑ ඇතිවන තදබල අවශ්‍යතාව සංසිඳුවා ගැනීමට යන අසරණයින් මගමරුවන්, තිත් පොළඟුන්, දාර පොළඟුන් මෙන්ම කුණ කටුවන් සහ නාගයින්ගේ ප්‍රහාරවලට ලක්වීමේ අවධානමක් තිබිණි.

උක්කුටික වැසිකිළි ආසන වැසිකිළි බවට පරිවර්ථනය වීමේ මිනිස් ඉතිහාසයේ මහා පිම්මක් ලෙස සැළකිය හැක.උක්කුටික වැසිකිළිවලට වඩා ආසන වැසිකිළිවල වැඩි වේලාවක් පහසුවෙන් වාඩි වී සිටිය හැකි බැවින් මහා චින්තකයින් ශ්‍රේෂ්ඨ දාර්ශනිකයින් සිය මහා මතවාද සහ කල්පිත නිර්මාණය කිරීමට වැසිකිළි භාවිතා කළහ.භාශාව නිර්මාණය කිරීමෙන් පසු මිනිසා විසින් නිපදවූ විශිෂ්ඨතම නිර්මාණය ආසන වැසිකිළි ලෙස සැළකිය හැක.



සිය නිවසේ වැසිකිළිය ගෙහිමියාට පන්සලක් පල්ලියක් මෙන් වූවාට ගෙයින් බැහැරකදී ඇතිවන ක්ෂණික අපහසුතා සඳහා ඉන් සැළසෙන සෙතක් නැත.මෙවන් වූ අර්බුධවලින් මානවයා බේරා ගැනීම සඳහා නිර්මාණය කරන ලද ප්‍රථම පොදු වැසිකිළි ගැන අපිට අහන්නට ලැබෙන්නේ අතීත රෝම නගරයේය.එහි තිබූ පොදු ස්නානාගාර අසල මෙකී පොදු වැසිකිළි තනා තිබූ බැව් පැවසේ.මිනිසාගේ ආහාර මාර්ගයේ මහා අන්ත්‍රයේ අග කෙළවර විශාල වී මළද්‍රව්‍ය ගබඩා කරගෙන සිටිය හැකි පරිදි නිර්මාණය වී ඇත.ඒ ආහාර මාර්ගයේ ආහාරවලින් පෝෂ්‍ය පධාර්ථ අවශෝෂණය කරගත් පසු ඉතිරිවන අපද්‍රව්‍ය බැහැර කිරීමට සුදුසු ස්ථානයක් සහ වේලාවක් එනතුරු රඳවාගෙන සිටීමටය.නමුත් මේ කොටසේ ධාරිතාව ගැන කිසිවෙකුට කිසි කලෙක අවබෝධයක් ලබා ගැනීමට බැරිය.එකී ධාරිතාව එකම පුද්ගලයාගේ උවද කලින් කලට වෙනස් වේ.විටෙක දින දෙක තුනක මළ ගබඩා කරගෙන සිටින මෙය විටෙක විනාඩි පහෙන් පහට හිස් කිරීමට සිදුවේ.මිනිස් ජීවිත රසවත් කරන්නේත් ත්‍රාසජනක කරන්නේත් මෙවන් වූ අවිනිශ්චිතතාවයන් වේ.එනිසාම කිසිඳු පුද්ගලයෙකුට සිය ගුදය ගැන පූර්ණ විශ්වාසයකින් යුක්තව නිවෙසින් බැහැර යා නොහැක.ගුදය ඔබේ බිරිඳ වගේ ය.ඔබේ සිරුරට අධිපති ඔබ යැයි ඔබ සිතා සිටියත් ගුදයට අවැසි විට ගුදය ඔබව පාලනය කරන අයුරු නිරීක්ෂණය කිරීම වටී.මේ සියල්ල විස්තර කළේ පොදු වැසිකිළියේ වටිනාකම හොඳින් අවබෝධ කර ගැනීමටය.

ඒ අනුව බලන කල් හි පොදු වැසිකිළි යනු සකල මානව සංහතියේම උන්නතිය උදෙසා කරවා ඇති මහා සද්කාර්යයක් බවය.මෙකී පොදු වැසිකිළි සාමාන්‍යයෙන් බස් නැවතුම්, දුම් රිය ස්ථාන, සති පොලවල්, ආදී මිනිසුන් වැඩියෙන් ගැවසෙන තැන්හි ස්ථාපිත කරනු ලැබේ.ඒවා නඩත්තුව සාමාන්‍යයෙන් කරන්නේ නගර සභාව විසිනි.ඒවා පවිත්‍ර කිරීමේ කටයුතු කරනු ලබන්නේ කොන්ත්‍රාත් ක්‍රමයටය.ඒ නිසා බොහෝ පොදු වැසිකිළිවල සහනය ලබා ගැනීමට සුළු මුදලක් ගෙවිය යුතු වේ.සාමාන්‍ය වෙළඳ ක්‍රමයට පටහැනිව ඔබේ යමක් දී මුදල්ද ගෙවීමට සිදුවන විරල ගනු දෙනුවලින් එකකි මේ.ඒ අනුව බලන විට මෙය 'ගනුදෙනු' නොව 'දෙනුදෙනු' ලෙස සැලකිය හැක.එමෙන්ම ඔබේ යමක් ප්‍රදානය කොට ඔබට සතුටු විය හැකි අවස්ථාවන්ගෙන් එකක්ද වන නිසා බුදු දහමේ එන 'දානය' සහ ඉන් ලැබෙන තෘප්තිය ගැන පුහුදුන් ජනයාට පහදා දීමට ද මේ අවස්ථාවක් කර ගත හැක.



මම ලංකාවෙන් බැහැරව ගොස් නොමැති නිසා ලෝකයේ අනිකුත් රටවල වැසිකිළි ගැන සුළු හෝ අදහසක් නොමැති නිසා ඒවා ගැන අදහස් පල කිරීමෙන් වැළකී සිටිමි.අපේ රටේ පොදු වැසිකිළි සැළකීමේදී සාතිශය බහුතරයක් ඇමෝනියා ගන්ධයෙන් යුක්තය.ඒ ගඳ කොතරම් සැරදැයි කිවහොත් ඔබට දොරෙන් ඇතුලට යෑමට සිදුවන්නේ ගඳ ඈත් මෑත් කොට ගඳ අතරින් රිංගාගෙනය.ගඳ එතරම් ඝණ ය.වැසිකිළිය තුලදී දෑස ඇරියොත් ඇමෝනියා සැරට දෑස දැවෙන්නේය.කඳුළු ගලන්නේය.ඔබ කඳුළු පිසිමින් වැසිකිළියෙන් පිටතට පැමිණෙන විට ඔබ වැසිකිළියේ ඇති මහාර්ඝ ලේඛනයන් හෝ දුක්ඛය රසයෙන් අනූන කවක් කියවා අඬන්නේයැයි අවට සිටින්නෝ සිතති.වැසිකිළි යනු කැටපත් පවුරු වැනිය.යනෙන අය ඔවුන්ගේ සිතැඟි එහි ලියා යති.තව වසර පන්සීයකින් දාහකින් පමණ ලංකාවේ කැණීම් කරන චීන පුරාවිද්‍යාඥයින් මේවා සොයාගෙන සංරක්ෂණය කරනු ඇත.නම් කර අඳිනු ලැබ ඇති ස්ත්‍රී හා පුරුෂ රූප ඩාවින්චිගේ විටෲවියන් මිනිසා මෙන් අගය කෙරෙනු ඇත.මෙ කල මිනිසාගේ ආකල්ප, සිතුම් පැතුම්, ලිංගික ප්‍රවණතා ආදිය ගැන අනාගත මිනිසාට තොරතුරු ලබා දෙන වැදගත් මූලාශ්‍රයක් ලෙස සලකා 'ටොයිලටෝලොජි' නමින් වෙනම විද්‍යාවක් ඇරඹෙනු ඇත.නමුත් දැණ් දැන් වැසිකිළි ලේඛණ කලාව ද ක්‍රමයෙන් අභාවයට යමින් පවතින්නේ ය.එ කල වැසිකිළිවල තිබූ විශිෂ්ඨ රසාලිප්ත කාව්‍ය රචනා වෙනුවට දැන් ඇත්තේ කෙටියෙන් අවශ්‍යතාව හෝ සේවාව සඳහන් කොට ලියූ දුරකථන අංක පමණි.මේ තත්ත්වය වෙනස් කිරීමට රාජ්‍ය මැදිහත් වීමක් අවශ්‍ය යැයි සිතේ.එක්සත් වැසිකිළි කලාකරුවන්ගේ සංගමයක් පිහිටුවා රජයට බලපෑම් කළ යුතුය.

පුරුෂ වැසිකිළිවල මුත්‍රා කිරීමට ඇති බිත්තියේ සවි කළ පෝච්චි ඇත්තේ සාමාන්‍යයෙන් ඉහල සමාජ පරිසරවල ය.දුම් රිය ස්ථානයේ බස් නැවතුමේ ඇති පොදු වැසිකිළිවල ඇත්තේ බිම කාණුවත් එයට එදිරිව ඇති පිඟන් ගඩොල් ඇල්ලූ බිත්තියත් ය.මුත්‍රා කරන්නාට ඇත්තේ ඉදිරියේ ඇති බිත්තියට තරමක් ආනතව මුත්‍ර ධාරාව එල්ල කිරීම පමණි.මුත්‍ර ධාරාව බිත්තියට ලම්බකව එල්ල කළ හොත් බිත්තියේ වැදී පොලා පනින මුත්‍ර කලිසමට අතට හෝ පා වහන් මතට වැටීමේ අවධානමක් ඇත.ආනතව එල්ල කරන ධාරාවේ ඇති අංශු සහ පිඟන් ගඩොල අතර ඇතිවන 'ආසක්තික' බල නිසා මුත්‍ර නැවත පොලා පැනීමකින් තොරව බිත්තිය දිගේ ගලා ගොස් කාණුවට එක් වේ.මුත්‍ර කිරීමට ඇති වපසරිය සැළකිය යුතු තරම් විශාල උවද නිවැරදි ඉලක්කයට මුත්‍ර කිරීමට බොහෝ දෙනෙක් අසමත් වන බව පෙනේ.වැසිකිළියේ දොරෙන් ඇතුළු වූ තැන සිට ම ඇත්තේ මුත්‍ර ය.සමහර විට පුරුෂ ලිංගයන් ඇද වීම නිසා ඔවුන් මෙකී අර්බුධයට මුහුණ පානවා විය හැක.සුද්දන් අපට හඳුන්වා දුන් යට ඇඳුම් අපේ 'අමුඩය' මෙන් අවැසි විට අවැසි පමණට සීරු මාරු කළ නොහැකි නිසා අපේ හෙළයන්ගේ ලිංගයන් ඇද කිරීමට හේතු වී ඇතුවා විය හැක.එහෙයින් නිවැරදි එල්ලයට මුත්‍ර කිරීමට නොහැකිව පොදු වැසිකිළි පුරාම මුත්‍ර හලනවා විය හැක.නො එසේ නම් මුත්‍ර මාර්ගය අවහිර වන සේ පුරස්ථි ග්‍රන්ථිය විශාල වීමෙන් මුත්‍ර ධාරාව දුරට නොගොස් දෙපා අසලම වැටෙනවා විය හැක.එමෙන්ම එකී තත්ත්වය සමඟ ඇතිවන මූත පිට කිරීමෙන් පසුවත් බින්දු වශයෙන් මුත්‍ර පහ වීම නිසාත් වැසිකිළිය පුරා මුත්‍ර හැලෙනවා විය හැක.

මළ පහ කිරීමේදී නම් වැඩි දෙනෙක් වටේ හලන්නේ නැත.ගැටළුව නම් ඔවුන්ට අවසානයේ වතුර ගසා යාමට අමතක වීම ය.මොළයේ සෛල ක්‍රමයෙන් අකර්මන්‍ය වීමෙත් ඇතිවන ඩිමෙන්ෂියා නම් තත්ත්වය නිසා මෙලෙස කෙටි කාලීන අමතක වීම් ඇතිවිය හැක.එනිසා මෙවන් පුද්ගලයින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට යොමු කළ යුතුය.එය විශාල සමාජ මෙහෙවරකි.වැසිකිළියට වතුර යොදන උපකරණය කැඩී තිබීම, වැසිකිළිය තුල ඇති ජල නලය ක්‍රියා නොකිරීම ආදිය ද පුද්ගලයන් තුල ඩිමෙන්ෂියා රෝග ලක්ෂණ මතු කිරීමට දායක වන බැවින් ඒවා නිවැරදි කිරීම සමාජ වගකීමක් වේ.

මළ පහ කිරීම පුද්ගලික කටයුත්තකි.එහි නියම රසය විඳිය හැක්කේ තනිව එය කරන විට ය.නමුත් එය අන්‍යයන්ගෙන් සතුට සඟවා ගැනීමේ ඊනියා ධනවාදී ආකල්පයක් යැයි සිතමින් මුග්ධ සමාජවාදීන් මළපහ කිරීමේ කර්තව්‍ය ද ජනසතු කිරීමේ අරමුණින් වැසිකිළිවල ඇති අගුළු ගලවා ගෙන යති.නැතහොත් කඩා බිඳ දමති.

හෙට දවසේ අතරමග දී අසරණ වන්නේ ඔබ විය හැක.පොදු වැසිකිළි ඔබේ දෑස මෙන් රැක ගන්න.



++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

උඩ ලිපිය ලියන්ඩ පෙළඹුනේ මට මුහුණ දෙන්ඩ සිද්ද වෙච්ච කෲර අත්දැකීමක් නිසා.ඒ වගේ දෙයක් නාමල් අයියට වත් සිද්ද වෙන්ඩ එපා කියලා තමයි මම නං ප්‍රාර්ථනා කරන්නේ.ඉතිං සහෝදරවරුනි මම එක දවසක් ගෙදර ඉඳං කෝච්චියේ අපේ ෆැකල්ටි එකට එන්ඩ එනවා.මගේ ඇඳුං ටික දා ගත්තු පැත්තෙං එල්ලන බෑග් එකයි ලැප් එක දාපු පිටේ එල්ල ගත්තු බෑග් එකයි අරං ෆැකල්ටි යන්ඩ ලෑස්ති වෙලා සපත්තු එහෙම දාල ෂර්ට් එක අයන් කරලා යට කරලා ඇඳලා මම එනකොට දෙමටගොඩ හරියෙදි ආවනේ තද බරක්.නළලට දාඩිය දාලා, කන් දෙක රත් වෙලා මම හැකි වීරිය දාලා අල්ලං ඉන්නවා ඔන්න මරදානට එනකං.මම එච්චර මහත දෙහත ඩයල් එකක් නෙමෙයි නෙව.ඉතිං මගේ කපාටවල තියෙන පේෂිවලට එච්චර පීඩනයක් වැඩි වෙලාවක් දරා ගන්ඩ බැරි විත්තිය මම දැනං උන්නේ.මම හිතිං කෝච්චි ඩ්‍රයිවර්ටයි, දුම් රිය දෙපාර්තමේන්තුවටයි, නයනා කුමාරිටයි බැණ බැණ ඉන්න කොට ඕං කොහොම හරි මරදානට කෝච්චිය ආවා කියමුකෝ.මගේ කපාට පේෂිවලට හිතිං වැඳලා එහෙම මම ගණං හදලා බැලුවා පොලීසිය ඉස්සරහින් බස් එකට නැග්ගත් උං අද්දන්නේ උංට ඕනෙ වෙලාවට.ඒ ඇද්දුවත් පුංචි බොරැල්ලට් එනඩ ඕනේ.එතනින් හොස්ටල් එකට වඩා ෆැකල්ටියට තමයි ළඟ.ඒකටත් සෑහෙන දුරක් පයින් යන්ඩ තියෙනවා.ඒක අසාර්ථක ප්ලෑන් එකක්.

මම ගත්තා දැඩි තීරණයක්.මම යනවා ස්ටේෂන් එකේ මහතුංගේ වැසිකිළියට.මහතුංගේ අම්ම කොළඹ ආව වෙලාවේ සෑහෙන්ඩ සන්තෝස උනාලුනේ තමුංගේ පුතාට වෙනම වැසිකිළියක් තියෙනවා දැකලා.මමත් ඉතිං මහතුංට පිං දීලා ගියා වැසිකිළියට.

'මෙම දුම් රිය ස්ථානය තුල සොරු සහ ගැට කපන්නන් ගැවසෙන බැවින් මගීන් තම තමුන්ගේ ගැටය පරිස්සම් කර ගන්න'

එහෙම අනතුරු ඇඟවීමක් දුන්නම කොහොමද නොසලකා හරින්නෙ.බෑග් දෙක දීලා යන්ඩ කෙනෙක් නෑ.තියලා යන්ඩ තැනක් නෑ.තව වැඩි වෙලාවක් නෑ.හිරෝෂිමා නාගසාකිවල සිද්ද උනාට වඩා ලොකු විනාසයක් වෙනවා දැම්මම මේක නිසි තැනකට ගිහිල්ලා නිශ්ක්‍රීය කළේ නැත්තං.මොනවා කරන්ඩ ද සහෝදරවරුනි බෑග් දෙකත් කරේ එල්ලං දිව්වා වැසිකිළියට.ඇතුලේ තියෙනවා වැසිකිළි තුනක්.දෙකක් දැනටමත් මං වගේ අසරණයින් දෙන්නෙකුට සර්ණ වෙනවා.එකක් විතරක් මං වෙනුවෙන් තියෙනවා.ස්වර්ගයට තියෙන දොර දිහාවට දුවනවා වගේ මම දිව්වා ඇතුලට.මේ අවසාන තප්පර කීපයයි ගෙවෙන්නේ.මරාගෙන මැරෙන බෝම්බ කාරයෙක්ගේ සිතුවිලි මට අවබෝධ වෙනවා දැං.ගිය ගමං බැලුවේ ටැප් එක ඇරලා වතුර තියෙනවද කියලා.හිතුවා වගේම වතුර නෑ.ඒකේ තිබ්බ බාල්දිය අරං දිව්වා එලියේ තියෙන ටංකියට වතුර එකක් පුරවගෙන හුසේන් බෝල්ට් වගේ දිව්වා ආපහු.ඇතුලට ගිහිල්ලා දොර වහද්දි තමයි දැක්කේ ඒකෙ අගුල නෑ කියලා සහෝදරවරුනි.කවුරුහරි මගේ නිරුවත දකියි කියලා ආත්මගරුත්වය ගැන ප්‍රශ්නයක් ආවත් ඒ වෙලාවේ තිබ්බ ජීවිතයත් මරණයත් අතර ගැටළුව එක්ක සළකලා ඒක මම අමතක කරලා ඉඳ ගත්තා.බඩේ තිබ්බ බර ටික ටික අඩුවෙලා ඒ අමා මහ නිවනට ඔන්න මෙන්න තියෙද්දි තමයි මම දැක්කේ බාල්දියේ පතුලේ තිබ්බ හිලකිං වතුර ලීක් වෙනවා.

ලොකු බෑග් දෙකක් කරේ එල්ලගෙන' අගුලු දාන්ඩ බැරි වැසිකිළියක, කොමොඩ් එකට හුරු වෙලා නිසා මේකේ අසමතුලිතව ඉඳගෙන එක අතකිං වතුර බාල්දිය උස්සගෙන අනිත් අතේ ඇඟිල්ලකිං බාල්දියේ පතුලේ ලීක් එක වහං ඉන්න තරුණයෙක් මවා ගන්ඩ සහෝදරවරුනි.කොහොමද නිකං කලා වැවේ බැම්මේ ලීක් එකක් වහගෙන හිටපු කාල කුමාරයා මතක් වෙනවා නේද?පස්සේ හොස්ටල් එකට ඇවිල්ලා දෙපාරක් නාලා ක්ලිනිකල්ස් නොගිහිං නිදා ගැනීමෙන් මේ ශෝකාලාපය අවසාන වෙනවා.

මේ දේ හෙට සිද්ද වෙන්නේ ඔබට වෙන්ඩ පුළුවං.ඒ නිසා පොදු වැසිකිළි රැක ගන්න පෙරට එන්න!!!




18 June 2014

මදි මදි හොඳටෝම මදි...



සෑහෙන දවසක් බ්ලොග පැත්ත පලාතේ එන්නැතුව හිටියා.කගෙවත් බ්ලොග් එකක් බලන්ඩවත් අඩුම තරමේ කකාගේ බ්ලොගේ ඇනෝ කොමෙන්ට් බලන්ඩවත් එන්ඩ හිත දුන්නෑ.විභාගේ ආයෙත් පාරක් කරලා (මේ පාරනං පාඩම් කරලා තමයි විභාගෙ කළේ ) ඊට පස්සේ අර දැවැන්ත විභාගෙකට පස්සේ දැනෙන ශුන්‍යතාවය ඇතුලේ ඔහේ එහෙට මෙහෙට වෙවී ඉඳලා ජීවිතේ හෙන තනුකයි කියලා හිතෙන කොටම පටං ගත්තනේ ආතල් එක.ඔන්න ඉතිං මගේ ඇඟේ දැං ගොජ ගොජ් ගාලා ලේ ධාවනය වෙනවා ආයෙමත්.ජීවිතේ ආයෙමත් තෘප්තිමත්.



හැබැයි මම කියන්නේ මේ ආරම්භක පියවර විදිහට තුන් දෙනෙක් විතරක් මරපු එක මදි.ඔයිට වඩා හොඳ "කික්" එකක් එන්ඩ අඩුම තරමේ දෙතුන් සීයක්වත් මරන්ඩ තිබ්බේ.අනිත් එක නිකම්ම වෙඩි තියලා මරන එකෙත් කිසි ගතියක් නෑ. "ඩෝං" ගාලා සද්දෙ ආවම එකෙක් මැරිලා වැටෙනවා.වෙඩිල්ල තිබ්බ එකාටයි වෙඩිල්ල වැදිච්ච එකාටයි ඇරුණම බලං ඉන්න උන්ට කිසි ආතල් එකක් නෑ.ත්‍රාසය භීතිය කුතුහලය මොකුත්ම නෑ.හරියට සුජීව ප්‍රසන්න ආරච්චිගේ පොතක් වගේ.පොත අතට ගන්න කොට අපි දන්නවා අන්තිමට කොල්ලයි කෙල්ලයි සෙට් වෙනවා කියලා.ඒ වගේම එකෙක් තුවක්කුව අතට ගන්න කොට අපි දන්නවා අනිත් එකා ටක්කෙටම මැරිලා වැටෙනවා කියලා.

තුවක්කුවෙන් මරද්දි උනත් ඕනෙම නං ප්‍රේක්ෂක ජනතාවගේ මනදොල සපුරන විදිහට ටිකක් කලාත්මක විදිහට වැඩේ කරන්ඩ පුළුවං.ඒකට ඉතිං හොඳ "ෂොට් ගන්" එකක් අරං හරියටම මූණ මැද්දට වෙඩි තිබ්බනං බලං ඉන්න උද්යෝගිමත් ප්‍රේක්ෂක ජනතාවට මැරිච්ච එකාගේ මොළ කෑල්ලක්, දතක් වගේ එකක් සමරුවක් විදිහට ගෙදර අරං යන්ඩ පුළුවං.අනික බලං ඉන්න ජනතාවටත්  ඇඳුමට ලේ විසි වීමේ පොඩි අවධානමක් තියෙනවනේ.ඒ අවධානමත් එක්ක තමයි උපරිම සන්ත්‍රාසය ප්‍රේක්ෂකයාට ලැබෙන්නේ.

මුස්ලිම් උං කියන්නේ ඇත්තටම වෙනින් කිසිම ජාතියකින් ඇළුම් කරනු නොලබන ජාතියක්.ඒ වගේම මුස්ලිම් උනුත් අනිත් කිසිම ජාතියක් සත පහකට ගණන් ගන්නේ නෑ.උං ඉන්න කිසිම තැනක සාමයක් නං නෑ.අල් කයිඩාලා, ජිහාඩ්ලා, බොකෝ හරාම්ලා කියන්නේ කාටවත් ආදරේ කරන සංවිධාන නෙමෙයි නේ.අනික උං හෝ ගාලා ළමයි හදන හින්දා අනිත් උංගේ තෘප්තිය වෙනුවෙන් දවසකට මුස්ලිම් උන් සීයක් දෙසීයක් මැරුවට කිසි අවුලක් වෙන්නේ නෑ.උනුත් කොහොමත් එකා එකා මරාගන්න එකේ උංගෙනුත් එච්චර අවුලකෙන එකක් නෑ.ඕනෙමනං හකීම් පොඩ්ඩක් අඬලා ආණ්ඩුවෙන් අයින් වෙන්ඩ දැඩිව හිතලා බලනවා කියයි.එච්චරයි.

හකීම්ගේ කිඹුල් කඳුළු වගේද මෙයාලා රටට ලෝකෙට තියෙන ආතල් එක.හැබැයි මම කියන්නේ කරන එක හරියට කරන්ඩ ඕනේ.ආයේ මිනිස්සුන්ට උපරිම ආතල් එක දෙන විදිහට.සිරස තමයි මේකට හරියන එකම චැනල් එක.උං වැඩක් කළොත් ආයේ ඉතිං මොනවද මිනිස්සු කට ඇරං නේ බලං ඉන්නේ.කටට දා ගත්තු බත් ටිකත් ආපහු පිඟානට වැටෙනවා.මහින්දවැව සූරියපක්ෂ පිට්ටනිය ක්‍රිකට් ගහන්ඩ ලොකු වැඩියි කියන එකේ, වෙන දේකට පාවිච්චි කරන්ඩත් බැරි හින්දා මම බොහොම කැමැත්තෙන් ඉන්න 'ඇරීනා' එකක් විදිහට සංවර්ධනය කරලා අරගත්තම කොහොමද වැඩේ.ජනතාවත් තෘප්තිමත්.ආදායමකුත් එනවා.හොඳට මාර්කටිං පාරක් දාලා නිවේදන කටයුත්තට "ගලගොඩ අත්තේ" ලොක්කව අරගෙන ෂඃ බලන්ඩ පිංවතුනි මැවිලා පේනවා නේද වැඩේ යන හැටි.තුවක්කුවට වඩා කඩුව තමයි හොඳ.එක පාරකට බෞද්ධ එකයි මුස්ලිම් එකයි දානවා ග්‍රවුන්ඩ් එකට.බෞද්ධ එකාට දෙනවා කඩුව.මුස්ලිම් එකාට දෙන්නෑ මොකුත්.අන්න බලන්ඩ කොහොමද වැඩේ යන හැටි.මුස්ලිම් එකා කකුල් දෙකට වැඳ වැඳ දුවනවා.





'රිසානා ව මතක් කරගනින් ගෙරි මස් කන හම්බයා' කිය කිය සැදැහැවත් බොදුනුවා කඩුව අමෝරාගෙන පස්සෙන් එනවා.ප්‍රේක්ෂක ජනතාව ගලබොඩයා එක්ක අංගුලිමාල පිරිත කියනවා.බෞද්ධ කට්ටිය හලාල් ක්‍රමයට කැමති නැති හින්දා සාම්ප්‍රදායික විදිහට මුස්ලිම් එකාව මරනවා.ඒ කියන්නේ අතක් කපලා ප්‍රේක්ෂකාගාරයට වීසි කරනවා.කකුලක් කපලා ප්‍රේක්ෂකාගාරයට විසි කරනවා.සීන් එක හරියට පේන්නැති හින්දා තාත්තලාගේ කරේ නැගලා 'ෂෝ' එක බලන පොඩි උං මේ වීසි කරන ඒවා අල්ල ගන්නවා.පොඩි කාලේ පොඩ්ඩක් විතරක් කපලා තියෙන පුරුෂ ලිංගේ කර මුලින්ම කපලා ඉහලට උස්සලා පෙන්නන කොට ප්‍රේක්ෂකාගාරේ දෙදරන්ඩ ප්‍රීතිඝොෂාව එනවා.ඊට පස්සේ මුස්ලිම් එකාගේ රැවුලෙන් අල්ලගෙන කඩුව අනිත් අතිං ඉහලට උස්සගෙන බෞද්ධයා මූලාසනේ පැත්ත බලනවා.එතකොට රජතුමා හරි, එතුමගේ සහෝදරයෙක් හරි, බිරිඳ හෝ පුතෙක් මූලාසනේ ඉඳගෙන අත ඉස්සරහට දික්කරලා මහපට ඇඟිල්ල පහතට හරවනවා.එතකොටම පාත් වෙන කඩුවෙන් 'තම්බියාගේ' බෙල්ල කඳෙන් වෙන් වෙනවා.ශීර්ෂපෝෂී ධමනිවලින් උල්පත්වලින් වගේ ලේ අහසට විදිනවා.ප්‍රේක්ෂකාගාරෙන් කන් බීරී කරවන තරමේ ප්‍රීති ඝෝෂාවක් එනවා.බෞද්ධයා තම්බියාගේ ඔළුව උඩ දාලා ෆුට්බෝලෙකට ගහනවා වගේ පයින් ගහනවා ක්‍රීඩාංගනේ කොණකට වීසී වෙන්ඩ.එතකොට ඒ අයිනට වෙලා කෙළ හල හල උන්නු පර බල්ලෝ ඔළු ගෙඩියේ කන් කෙටිවලින් නහයෙන් ඇද ඇද කෑලි කඩා ගන්නවා.උන් උන් කා කගන්නවා.බලන්ඩ සහෝදරවරුනි කොච්චර මනස්කාන්තද වැඩේ.


වැඩේ තවත් රසවත් සහ කුතුහලයෙන් අනූන කරවන්ඩ පුළුවං තම්බියාටත් කඩුවක් දුන්න නං.අන්න එතකොට තමා ප්‍රේක්ෂකාගාරෙත් දෙකට බෙදිලා ගහ මරා ගන්නේ.බලන්ඩ කොච්චර ලස්සනට වැඩේ නැගලා යනවද කියලා.ඕනේමනං ප්‍රේක්ෂකයින්වත් මේකට දායක කර ගන්ඩ පුළුවං.ප්‍රේක්ෂකයින්ට ගල් ටිකක් දුන්න නං ඒ අයට පුළුවං තමුන්ට විරුද්ධ ජාතියේ ක්‍රීඩකයාට ප්‍රේක්ෂකාගාරේ ඉඳං ගල් ගහන්ඩ.හැබැයි මුස්ලිම් උං ගල් ගහන්ඩ දක්ෂ නිසා බෞද්ධයින්ට පොඩ්ඩක් මේක අවාසි දායක වෙන්ඩ පුළුවං.ඒත් එහෙම පොඩි අවාසි දායක තත්ත්වයක් තියෙන කොට මේකට විරුද්ධ වෙන මුස්ලිම් රටවලට ඒක පෙන්නලා දීලා ඒ අයගේ විරෝධය තුනී කරගන්ඩ පුළුවං වෙනවනේ.

මේක සති අන්තේ ටීවී එකේ පෙන්නන්ඩත් ඕනේ.එතකොට මේක ග්‍රවුන්ඩ් එකට් ඇවිත් බලන්ඩ බැරි වෙච්ච අයටත් පොඩියට හරි තෘප්තියක් ලබා ගන්ඩ පුළුවං.

මේ විදිහට දෙන්නෙක්ට ගහ ගන්ඩ දීලා බලං ඉන්න එක වගේම ඉස්සර විදිහට කණුවක එකෙක්ව බැඳලා හෙල්ලෙන් ඇණලා මරන එක, කණුවේ බැඳලා ගින්දර දාන එක, කට්ටියව ග්‍රවුන්ඩ් එකට දාලා සිංහයෝ කොටි වලස්සු වගේ සත්තු එවන එකත් හොඳ තෘප්තියක් සපයාවි කියලා හිතෙනවා.මැරෙන එකා මැරෙන්ඩ වැඩිම වෙලාවක් ගන්න ක්‍රමේ තමයි ප්‍රේක්ෂකයට උපරිම වින්දනයක් ලබා දෙන්නේ.ඒ හින්දා වැඩේ මේ විදිහට පටං අරගෙන පස්සේ මහජනතාවගේ යෝජනා චෝදනා අනුව වැඩේ මොඩිෆයි කරගන්ඩ පුළුවන්නේ.මම දන්නවා මොනවා කිව්වත් කට්ටිය මෙහෙම එකක් තියෙනවා නං කැමතියි.කවුරුත් ඒක කෙළිං කියන්නැත්තේ අනිත් මිනිස්සු වැරදි විදිහට බලයි කියලා.මම නං අනිත් මිනිස්සු හිතන ඒවා ගැන හිතන්නෙ නෑ.මුළු මිනිස් ඉතිහාසය පුරාම බැලුවොත් මිනිස්සු වැඩිම තෘප්තියක් ලබලා තියෙන්නේ තව මිනිහෙක්ව වධදීලා මරන එකෙං තමයි.


ඒ හින්දා මම කියන්නේ මේක මේ දැං කරං යන විදිහට කරලා කාටවත් පලක් නෑ.හැමෝටම විඳින්ඩ පුළුවං විදිහට මේක සංවිධානාත්මකව කරන එක තමයි හොඳ.නිකං බොරුවට කඩ කුඩු කරන්ඩයි ගෙවල්වලට ගල් ගහන්ඩයි ඕනේ නෑනේ.ජනතාවත් තෘප්තිමත්.මුස්ලිම් ප්‍රශ්නෙත් ඉවරයි.බලන්ඩ සහෝදරවරුනි කොච්චර හොඳ යෝජනාවක්ද කියලා.

25 May 2014

සම-සෞඛ්‍ය ගැටළුව




සම-සෞඛ්‍ය කට්ටියගේ ගැටළුව ගැන කකා ලියලා තිබ්බනේ පොඩි විස්තරයක්.ඒකේ කොමෙන්ට්වල නං දිග සංවාද ගිහිං තිබ්බා.මේ සම-සෞඛ්‍ය ගැටළුව ගැන ලියන්ඩ හිතාන හිටියට විභාගේ වැඩයි කම්මැලි කමයි හින්දා පස්ස ගගහා හිටියත් කකාගේ ලිපිය කියවලා මේක ගැන ලියන්ඩම හිතුනා.කකාගේ ලිපිය විතරක් නෙමෙයි ගිය සතියේ තිබ්බ දෙරණ වාද පිටිය වැඩසටහනත් කට්ටිය බලන්ඩ ඇතිනේ.බැලුවේ නැත්තං ගිහිල්ලා බැලුවත් කමක් නෑ ඕං.මොකද ඔය රටේ වෙනත් ප්‍රශ්නවලදි ඇස් කන් පියාන ඉන්ඩ පුළුවං උනාට මේකෙදි කාටවත් එහෙම මග ඇරලා ඉන්ඩ අමාරුයි.රතුපස්වල ප්‍රශ්නෙදි අවුලක් නෑ රතුපස්වල උන්ටනේ වතුර නැත්තේ කියලා ගණන් නොගෙන හිටියට, ධීවරයින්ට ඉන්ධන සහනාධාරේ නොදී ධීවරයෙක්ට වෙඩෛ තියලා මැරුවම කමක් නෑ ධීවරයින්ටනේ අවුල තියෙන්නේ කියලා අමතක කරලා දැම්මට ඉස්පිරිතාලවල ගැටළුවක් කියන්නේ රටේ හැමෝටම සමස්ථයක් විදිහට බලපාන ප්‍රශ්නයක්.

මුලින්ම බලමු මොකක්ද මේ සම-සෞඛ්‍ය පීඨය කියලා.

  • B.Sc. in Nursing Degree Programme
  • B.Sc. in Medical Laboratory Science Degree Programme
  • B.Sc. in Physiotherapy Degree Programme
  • B.Sc. in Radiography Degree Programme
  • B.Sc. in Radiotherapy Degree Programme
  • Bachelor of Pharmacy ( B.Pharm) Degree Programme

කියන පාඨමාලා මේ සම-සෞඛ්‍ය කියන කොටසට අයත් වෙනවා.මේ අය හැමෝම රෝහල්වල කටයුතු කරගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය අය.අතීතයේ හිපොක්‍රටීස්ලගේ කාලේ ඉඳලා නයිටිංගේල්ගේ කාලේ වෙනකල්ම ලෙඩා සම්බන්ද හැමදේම කළේ දොස්තරම තමයි.ඒත් පස්සේ පස්සේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැනුම සහ කටයුතු සංකීර්ණ වෙද්දි මේ හැම එකම තනියම වෛද්‍යවරයට කරගෙන යන්ඩ බැරි වෙනවා.අන්න එතකොට තමයි මේ කියන හෙදියන් ප්‍රමුඛ අනෙකුත් සම-සෞඛ්‍ය සේවාවන් බිහි වෙන්නේ.මේ කියන ඒ ඒ ක්ෂේත්‍රවලට විශේෂ වූ සේවාවන් බිහිවීමේ අරමුණ රෝගීන්ට උපරිම සේවාවක් ලබා දීමයි.

මේ සම-සෞඛ්‍ය උපාධිය දැනට අවුරුදු 10කට විතර කලිං පටං ගන්නේ අවුරුදු හතරක උපාධියක් විදිහටයි.වාදපිටියෙදි නජිත් කියනවා වගේ උපාධි පාඨමාලාවක් පටං ගන්නේ නිකං තේ කඩයක් දානවා වගේ 'හරි එහෙනං හෙට පටං ගම්මු' කියලා නෙමෙයි.මේ උපාධි පාඨමාලා පටං ගන්ඩ කලිං සෑහෙන මුදලක් වියදම් කරලා දෙස් විදෙස් ප්‍රවීණයන් කැඳවලා සාකච්ඡා කරලා තමයි මේ උපාධි සඳහා අවුරුදු හතරක් ඕනෑ කියලා තීරණය කරන්නේ.එහෙම විද්වත් සාකච්ඡාවල ප්‍රථිපලයක් විදිහට ඇති කරපු සිව් අවුරුදු පාඨමාලාව දැං හදිස්සියේ තුනක් කරපු එකට තමයි මේ ළමයි විරුද්ධ වෙන්නේ.මම දකින විදිහට ඒ විරුද්ධ වීම සාධාරණයි.

සිවු අවුරුදු උපාධි පාඨමාලාවේ කට්ටිය සායනික පුහුණු සඳහා රෝහල්වලට යනකොට වෛද්‍යවරු මුලින්ම ලෙඩේ අදින්ඩ පටං ගත්තේ වාට්ටුවල ඉඩ පහසුකම් නෑ කියලා.ලංකාවේ ශික්ෂණ රෝහල් තියෙන්නේ කීපයක් උනාට මහ රෝහල් ගොඩක් තියෙනවා.සෞඛ්‍ය අමාත්‍යංශයටයි උසස් අධ්‍යාපන අමාත්‍යංශයටයි ඉක්මනට විසඳන්ඩ තිබිච්ච ප්‍රශ්නයක් සෑහෙන කාලයක් ඇදිලා ගියා.ඒක අන්තිමේ විසඳුනා.ඊට පස්සේ මේ අය උපාධි අරං ආවම තමුන්ට වඩා ඉහලට එයි කියලා මේ අයගෙම ක්ෂේත්‍රවලට අයත් ඩිප්ලෝමාධාරීන් බය වෙලා ඒ අය ලෙඩේ අදින්ඩ පටං ගත්තා.උපාධිය පටං ගන්ඩ කළිං මේ ක්ෂේත්‍රවල හිටියේ ඩිප්ලෝමාධාරීන්.තවමත් ඉස්පිරිතාලවල වැඩ කරන්නේ මේ ඩිප්ලෝමා අය තමයි.අර ළමයි සායනික පුහුණුවට ගියාම ඔවුන්ට ඒ පුහුණුව දෙන්ඩ සිද්ධ වෙලා තිබුණේ ඒ වෙනකොට රෝහල්වල වැඩ කරපු ඩිප්ලෝමාධාරීන්ට.නමුත් ඔවුන් මේ ළමයින්ට පුහුණුව දෙන එක ප්‍රතික්ෂේප කළා.ඒ වෘත්තීය කුහක කම හින්දා.පස්සේ මේ ඩිප්ලෝමාධාරීන් ඔවුන්ටත් කෙටි අධ්‍යාපනයකින් පස්සේ උපාධිය ලබා දෙන්ඩ කියලා ඉල්ලීමක් කළා.නමුත් උපාධිය එහෙම පොඩි කාලෙකින් දෙන්ඩ බැරි නිසා විශ්ව විද්‍යාල මේ අයගේ ඉල්ලීම බැහැර කළා.ඒ ප්‍රශ්නෙත් සෑහෙන කාලයක් ඇදි ඇදි ගියා.

දැං අළුත්ම කේස් එක මේ 3+1 කිරීම.ඒ කියන්නේ අවුරුදු හතරේ උපාධිය අවුරුදු 3ට අඩු කරලා අවුරුදු 3ට පස්සේ වැඩි ලකුණු ගන්න ළමයින්ට තව අමතර අවුරුද්දක් ලබා දෙන ක්‍රමයක් එක පාරට ඇති කළා.මේක ඇති කිරීමට මූලික උනේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය හෙවත් GMOA එක කියලා එස් බී මහත්තයා කියනවා.GMOA  එකත් ඒක ප්‍රතික්ෂේප කළේ නෑ.GMOA  එක මේකට විරුද්ධ ඇයි කියලා ඇහුවම ඒ අය එක එක හේතු කියනවා.ඒ අය කියනවා මේ ළමයින්ට උපාධිය දුන්නට රැකියා අවස්ථා නෑ ඒ හින්දා බොරුවට අවුරුදු හතරක් මේක අදින එකේ තේරුමක් නෑ කියලා.ගැටළුව තියෙන්නේ එතන.GMOA  එක කියන්නේ වෘත්තීය සමිතියක්.මේ අයට රස්සා දෙනවද නැද්ද කියන එක හෝ පාඨමාලා කාලය ගැන හෝ මේ වෘත්තීය සමිතියකට තියෙන කැක්කුම මොකක්ද? මේ අය අනිත් විශ්වවිද්‍යාල පාඨමාලා ගැනත් කතා කරනවද? කලා උපාධිය මාස හයකට අඩු කරන්ඩ වගේ ඉල්ලිම් කරනවද? 

මෙතන ගැටළුව තියෙන්නේ අවුරුදු හතරක උපාධිය තියෙන අයට පුළුවන් පරිපාලන සේවයට එන්ඩ.මේ සම-සෞඛ්‍ය නිළධාරීන් පරිපාලනයට ඇවිදින් වෛද්‍යවරුන්ට ලෙඩේ අදීවී කියන බය තමයි වෛද්‍යවරුන් තුල තියෙන්නේ.ඒ නිසා ඔවුන් බලපෑම් කරනවා මේ සිවු අවුරුදු පාඨමාලාව කප්පාදු කරන ලෙස.විශේෂයෙන් හෙද නිලධාරීන් සිව් අවුරුදු පාඨමාලාවෙන් පස්සේ සය මාසික ශල්‍යාගාර පුහුණුවකුත් තවත් සය මාසික මොනවා හරි පුහුණුවකුත් දා ගත්තම ඔවුන් වෛද්‍යවරුන් තරමටම ජ්‍යේෂ්ඨ වේවි යැයි බයක් තියෙනවා.මම පත්තරේ  ගිය සම-සෞඛ්‍ය සිසුන්ට පොලීසිය ගහපු නිවුස් එක බල බල ඉන්න කොට මගේ මිත්‍රයෙක් එතනට ආවා.

"හොඳ වැඩේ ඕකුන්ට.ඔහොම නෙමෙයි ගහන්ඩ තිබ්බේ අතපය කැඩෙන්ඩ"

" ඇයි බං?"

"ඕකුං හදන්නේ අවුරුදු හතරේ ඩිග්‍රිය අරං පරිපාලනේට රිංගන්ඩනේ"

"ඉතිං?"

"ඉතිං කියන්නේ, ඊට පස්සේ ඕකුං එයි අපිව පාලනේ කරන්ඩ"

"ඉතිං බං අපි දැං උංව පාලනේ කරන්නේ.උනුත් එහෙම ආවම මොකෝ"

"සම-සෞඛ්‍ය එකට යන්නේ අඩු ළකුණු ගත්ත එවුන්නේ බං."

"දිස්ත්‍රික්ක කෝටා සීන් එක හින්දා සමහර පැතිවලිං මෙඩිසින් ගිය උන්ට වඩා වැඩි රිසල්ට්ස් දාලා මෙඩිසින් යන්ඩ බැරි වෙච්ච උං ඉන්න පැති තියෙනවනේ බං.ඉතිං උං සම-සෞඛ්‍ය එකට යනවා.එහෙම බැලුවම සමහර දොස්තරලට වඩා ලකුණු තියෙන උං සම-සෞඛ්‍ය එකේ ඉන්නවනේ බං.අනික උඩින්ම ඉන්න සෞඛ්‍ය ඇමතිගේ සුදුසුකම් කවුද තීරණේ කරන්නේ?"

"උඹත් එක්ක කතා කරලා වැඩක් නෑ"

එස් බී දිසානායක මහත්තයා මේක GMOA එක මත පටවා ඇඟ බේරාගන්නට හැදුවත් කිව යුත්තේ රජයට මේ ගැටළුව විසඳීමට ඇත්තම උවමනාවක් ඇත්නම් මෙය විසඳීමට ඔවුන්ට හැකි බවය.සිවු අවුරුදු පාඨමාලාවට විරුද්ද වන්නේ GMOA එක පමණි.රටේ සංවිධාන රැසක් විරුද්ධ වූ කැසිනෝ පනත සම්මත කරගත් ආණ්ඩුවට මෙය මහ කජ්ජක් නොවේ.නමුත් මෙවැනි ගැටුම් පැවතීම ආණ්ඩුවට ආශීර්වාදයකි.රටේ සැබෑ ප්‍රශ්න ජනතාවට අමතක කරවීම, පුද්ගලික විශ්ව විද්‍යාල සාධාරණී කරණය වීම, අධ්‍යාපනයට වෙන් කරන මුදල් කප්පාදු කොට රේස් පැදීමට වෙන් කිරීමට හැකි වීම ආදී වාසි කිහිපයක් ආණ්ඩුවට මේ තුවාල සුව නොකොට තබා ගැනීමෙන් ලැබේ.




උපාධියේ කාලය වැඩක් නෑ එකම ඩිග්‍රිය දෙනවනං යැයි කියාද මතයක් ඇත.නමුත් ක්‍රෙඩිට් ක්‍රමය අනුව බලන විට සිව් අවුරුදු පාඨමාලාවට ක්‍රෙඩිට් 120ක් ලැබෙන අතර තුන් අවුරුදු පාඨමාලාවට ලැබෙනේ ක්‍රෙඩිට් 90ක් පමණි.මේ සාධක ඔවුන්ට රැකියා ලබා දීමේදී සහ පශ්චාත් උපාධි ආදිය කිරීමේදී බලපාන්නේය.ඒ කරුණු නොසලකා හැරියත් මොවුන් කටයුතු කරන්නේ මිනිස් ජීවිත සමඟය.ඔබේ මව හෝ පියාට ප්‍රථිකාර කරන තැනැත්තා වසරක් වැඩිපුර පුහුණුවක් ලැබූ අයෙක් වනවාට ඔබ කැමති නැද්ද?

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ විදෙස් රටවල බැලැමෙහෙවර සඳහා ගැහැනුන් පිටත් කර යැවීමය.ඔවුහූ ඒ රටවලදී දූෂණය කෙරෙති.අතපය කඩා දැමෙති.වැටුප් නොගෙවා වැඩ ගනිති.ඉඳිකටු, ඇණ ආදිය ඇඟට ඇතුල් කෙරෙති.එවන් වූ පහත් රැකියාවලට අපේ රටේ ගැහැනුන් යවන අපි ප්‍රෞඪ ජාතියක් වෙමු.වසර 2500ක් ඈත ඉතිහාසයකට උරුම කම් කියන සහ ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය පරාද කළ වීරෝධාර ජාතියක් වෙමු.




මැදපෙරදිග කටුක රැකියාවේ යෙදී ගෘහ සේවිකාවන් 20 දෙනෙකුගෙන් ලංකාවට ලැබෙන විදේශ විනිමය එක් හෙදියක් විදෙස්ගත කිරීමෙන් ලැබිය හැක.ආයතනවල වැඩ කරන වෘත්තිකයින්ට ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදුවන්නේද  නැත.වැඩි වැඩියෙන් වෘත්තිකයින් බිහි කොට ඔවුන්ට විදෙස් රැකියා ලබා දීමට කටයුතු කළ යුත්තේ රජය ය.රට රටවල ඇවිදිමින් එක එකා ඉඹ බදාගන්නා අතරේ අත්සන් කළ යුත්තේ එවැනි ගිවිසුම්ය.

අදට මේ ඇතිය.මේක කියවන මගේ මිත්‍ර වෛද්‍යවරුන් මා හා අමනාප වනු ඇත.එසේ නොවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

20 May 2014

සරල සහ සංකීර්ණ


පාට ගලපලා
ඇඟට තියලා
කැරකිලා ඇඹරිලා
කණ්ණඩිය ඉස්සරහ

හරියන්ඩ ගැලපෙන්ඩ
කරාඹුත් දාලා
යාළුවෝ හැඩයි කියු
සෙරෙප්පුත් දෙපා ලා

එන ඈව හමුවන්න
ඇඳ මතින් පුටු වතෙන්
ඇහිඳ ළංකොට නැහැය
විලවුන්ද ඉස කමිසෙ
ගඳ බලා ඇඟෙහි ලා
හනි හනික පමා වී
එයි ප්‍රේම කුරුල්ලා


14 May 2014

නැකතට කිරීම.....





මොනවා උනත් අළුතෙන් වැඩක් පටං ගන්න කොට සුභ වෙලාවක් බලලා ඒක පටං ගන්න එක අපේ රටේ මිනිස්සුංගේ සිරිතක් ය.එහෙම සුභ වෙලාවට දෙයක් පටං ගත්තාම පටං ගත්තු වැඩේ ආයේ කිරිගහට ඇන්නා වගේ හරි යනවාලුය.ඔය මගුලක්, ගෙවල් හැදිල්ලක් වගේ සුළු සුළු කෙළි විතරක් නොව රටේ වැදගත් තීන්දු තීරණ ගැනිල්ලක් වෙන මැතිවරණ පවා තියන්නේ ඒ වෙලාවේ බලේ ඉන්න එකාට සුභ වෙලාවක් බලලාය.ඒ කොච්චර සුභ වෙලාවල්වල තිබ්බත් රටේ ඡන්ද දිනිල්ල තීරණේ වෙන්නේ රටේ ඉන්න එකාලගේ ගොබ්බ කම් මතය.



පොඩි එකෙක් ඉපදිච්ච වෙලාව බලලා උගේ කේන්දරේ හදනවාය.ඒ කියන්නේ ඒකා උපදින වෙලාවේ බලවත් වෙලා ඉන්න ග්‍රහයෝ ගැන බලලාය.දැං බැරි වෙලාවත් මිනිස්සු අඟහරු ලෝකේ පදිංචි උනොත් එහේ උපදින උන්ට අඟහරු උච්ච වෙනවාද කියා මට ප්‍රශ්නයක් තිබේ.වෙලාවට සෙනසුරු වායු ග්‍රහයෙක්ය. ඒක නිසා ඒකේ ජනාවාස පිහිටුවන්ඩ බැරිය.නැත්තං ඒකේ ඉන්න උන්ට හැමදාම සෙනසුරු මහ දශාවම ය.හැබැයි ඒත් සෙනසුරුගේ බැරි උනාට ඒක වටේ තියෙන ඔය යුරෝපා වගේ චන්ද්‍රයෙකුගේ ජනාවාස පිහිටෙව්වොත් උන්ටත් සෙනසුරු ඒරාශ්ඨකෙන් ගැලවීමක් නැත.ඒ නිසා අභ්‍යාවකාශ තාක්ෂණය තියෙන ඇමරිකාව, රුසියාව සහ චීනය වගේ රටවල් මේවා ගැන දැනුවත් කරන එක හොඳය.

ළමයෙක් උපදින වෙලාව බලලා උගේ අනාගතේ තීරණය කරන එකේ තියෙන අවුල අමතක කෙරුවත් පොඩි එකාගේ උපන් වෙලාව කියලා ගත යුත්තේ කොයි වෙලාවදැයි කියා මට කිසිම පැහැදිලි අදහසක් නැත.ඒක ඒ පොඩි එකා අම්මාගේ බඩට ආපු වෙලාව නොවිය යුතුද? එහෙම නැත්තං පොඩි එකා ඉස්සෙල්ලාම දඟලනවා අම්මාට දැනුනු වෙලාව ද? පළමු විළිරුදාව දැනුනු වෙලාව ද? හිස එළියට පෙනුනු වෙලාවද නැත්නම් හිස සම්පූර්ණයෙන් එළියට ආ වෙලාවද? හිස සම්පූර්ණයෙන් එළියට ආ වෙලාව කියන්නේ තට්ටම පළුව එළියට එන (breech presentation) පොඩි එකෙක්ගේ නම් සම්පූර්ණයෙන්ම හිස එළියට ඒමට සෑහෙන වෙලාවක් ගතවන බවද සැළකිය යුතුය. පොඩි එකා සම්පූර්ණයෙන් එළියට ආ වෙලාව මෙන්ම පෙකණිවැල කපා සම්පූර්ණයෙන් ස්වාධීන වූ වෙලාවද සළකා බැලිය යුතුය.වැදෑමහද බිහිවී මවගේ සිරුරෙන් දරුවාට සම්බන්ධ සියළුම පටක ඉවත් වූ වෙලාවද අමතක කරන්ඩ බැරිය.

ඒ කොයි වෙලාව හරි සැළකීමට ලොකයේ සියළුම විද්වත් ජ්‍යොතිෂවේදීන් එක්ව ඒකමතිකව තීරණයකට ආවත් ප්‍රසූත කාමරයේ තියෙන ඔරළෝසුව ගැන මට සතපහක විශ්වාසයක් නැත.මොකද මේවා රාජ්‍ය ආයතන වේ.ඔරළෝසුවේ බැටරි බැස්සොත් අළුතෙන් බැටරියක් දමා ගන්නට ලියුම් ලියා දහ පහළොස් දෙනෙකුගේ අනුමැතිය ගතයුතුයැයි සිතමි.ඒ කියන්නේ බැටරි බැස්සොත් බැස්සාම තමා කියන එකය.ඔරළෝසුව වැඩ කළත් ඒවායේ වෙලාව හරිදැයි විශ්වාස කරන්ඩ බැරිය.ග්‍රිනිච් වෙලාව ලෝක සම්මත වෙලාව උනාට අපේ රටේ ජ්‍යෝතිෂවේදීන්ගෙන් ඒ වෙලාව හරිම වෙලාවදැයි අසා බැලුවායැයි මමනම් හිතන්නේ නැත.ඒ පිළිබඳ එකඟතාවයකට පැමිණියත් ළමයා ඉපදෙන වෙලාව බලන්නේ වින්නඹු මාතාව හෙවත් මිඩ්වයිෆ් නෝනා හෝ හෙදිය ය.ඒ වෙලාවේ තියෙන කළබැගෑනිය අස්සේ හිතට එන වෙලාවක් දාලා දෙනවාය.එහෙම වැරදි වෙලාවක් බාවිතා කරලා උනත් අපේ ජ්‍යෝතිෂ කස්ටිය ගාණට වැඩේ කරගෙන යනවාය.දක්සතාවය කියන්නේ ඒකටය.

ඊට පස්සේ කොණ්ඩේ කපන්ඩ, ඉඳුල් කටගාන්ඩ, අකුරු කියවන්ඩ, ඉස්කෝලෙ යන්ඩ, කොටහළු උනාම නාන්ඩ, කොල්ලන්ට රැවුල කපන්ඩ වගේ ඒවාට සුභ මුහුර්තය බලනවාය.මේවා ලොකයේ අනිත් රටවල කෙරෙන දේවල් නෙමෙයිය.හැබැයි හැම දේම නියම විදිහට සුභවෙලාවට කොරන අපේ රටේ උන්ට වඩා, මේ කිසිම දෙයක් සතපහකට ගණන් නොගෙන ඉන්න වෙන රටවල් අපිට වඩා දියුණුය.භෞතිකව විතරක් නෙමෙයිය, අධ්‍යාත්මිකවත් උන් දියුණුය.

කසාද බැඳිල්ලට නැකැත් බැලිල්ල හරි ආතල් වැඩක් ය.අපේ රටේ උන් බඳින්ඩ ඕනේ උන්ට බඳින්ඩ හිතුනු දාට , පහසු දාට, නෑයින්ට යාළුවන්ට නිවාඩු එන්ඩ පහසු දවසක නෙමේය.ග්‍රහයා කියන දවසටය.එදාට එන්ඩ බැරි උන්ට කුද ගහගන්ඩ කියා බඳින උන් දෙන්නා බැඳිය යුතුමය.ජ්‍යෝතිෂ්‍ය මහත්මයා කියන විදිහට ඒ අය කියන විදිහට බැන්දේ නැත්තං මඟුල කැඩෙන එක කැඩෙනවාලුය.එක්කෝ ලොකූ අනතුරක් වෙනවාලුය.එහෙමත් නැත්තං බැන්දට ළමයි හම්බ වෙන්නේ නැතිලුය.එහෙම කියා ඔහු මඟුල කළයුතු පියවරෙන් පියවරට නැකැත් හදා දෙනවාය.මනමාලිට ගෙයින් පිට වෙන්ඩ නැකතක් තියෙනවාය.මනමාලයාට ගෙදරින් පිට වෙන්ඩ නැකතක් ද තියෙනවාය.මනමාලි ගෙදරින් පිටවෙන නැකත කියාල කෙහෙල්මලක් ආවේ මඟුල හෝටල්වල ගන්ඩ ගත්තාට පස්සේය.නැත්තං මඟුල ගත්තේ මනමාලිගේ ගෙදර නිසා ඔය කියන නැකත මනමාලිට උදේ නැගිටලා දත කට මැදගන්ඩ හදන නැකත වෙන්ඩ ඕනෑය.




තැල්ල තියන්ඩ, පෝරුවට නගින්ඩ, ඒකෙන් බහින්ඩ, අස්සන් කරන්ඩ ආදී හැම දේටම නැකැත් තියෙනවාය.මිනිස්සු බඳින්නේ මොන හේතුවකට දැයි ඇහුවොත් විවිධ හේතු කට්ටිය කියන්ඩ පුළුවංය.ඒ උනත් ඇත්තම හේතුව වෙන්නේ දෙන්නෙක් බඳින්නේ සංසර්ගයේ යෙදෙන්ඩ ඕනෑ හින්දාය.ඒ නිසා මම නං කියන්නේ මඟුලේ වැදගත්ම දේ වන සංසර්ග කාරියටත් නැකැත් හදන්ඩ ඕනෑ කියලාය.ඇත්තටම බඳින දෙන්නා ඊට කළිඅං ලෝකෙට හොරෙං (ලෝකාපවාදයට බය නිසා) ගස් ගල් අස්සේ හැංගිලා මෛථූනයේ යෙදිලා නැති කන්‍යා යුවලක් නම්, මඟුල නම් වූ ක්‍රියාපටිපාටියේ දෙන්නාගේ කුළුඳුල් අත්දැකීම් වන්නේ මේ සංසර්ග ක්‍රියාවලිය නොවේද? ඒ නිසා මම යෝජනා කරන්නේ මනමාලියගේ ඇඳුම් ගැලවීමට නැකතක්, මනමාලයාගේ ඇඳුම් ගැලවීමට නැකතක්, පළමු සිප ගැනීමට නැකතක්, මීට කළිං මැස්සෙක්වත් වහලා නැති හරිය ස්පර්ශය සඳහා නැකතක්, ආදී වශයෙන් හැම එකටම නැකැත් හැදිය යුතුය.නමුත් සුරාන්තය වගේ දේවල් නැකතට කරන්ඩ බැරි නිසා එවැනි දේවල් ස්වභාවධර්මයට බාරදීම හොඳය.



අපිට අනන්‍ය වූ අපේ ශාස්ත්‍ර දියුණු කිරීමේ අරමුණෙන් පුද්ගලික අත්දැකීම් මත කරන්නා වූ යෝජනාවක් පමණි.කිසිවෙකුටවත් පුද්ගලිකව චෝදනා කර නොමැති බව කාරුණිකව සලකන්න.


27 April 2014

මකබෑවියං මදුරුවා....



කූං ගාගෙන 
කණ වටේ කැරකුණාට
මරන්ඩනං නෑ වෙලාවක්
ඇසිල්ලක අවසරයෙන්
අත අහකට අරගෙන
එළවනවා විතරයි

ඒත් 
දුරස් උනත්
එක නිමේෂයකට 
ආයෙත් එන්නේ 
'රූං' ගාගෙන
නෝන්ඩියටත් එක්ක

කකුල් දෙකම
වහගෙන සරමෙන්
ඉන්න මුත්
අත් දෙකට නෑ රැකවරණ
දැවිල්ලක් එන්නෙ
කාලා වගෙයි
වැළමිට හරිය

ඇයි බං
දීපල්ලකෝ එක විනාඩියක
සැනසිල්ලක්
හයිස්කෝර් ගහනකං
සබ්වේ සර්ෆර්ස්වල