මළ පහ කිරීම සඳහා ඇති නිදහස මූලික මිනිස් අයිතිවාසිකමකි.කවුරුන් විසින් හෝ කුමන හෝ පුද්ගලයෙකුගේ එකී අයිතිවාසිකමට එරෙහි වීම ජිනීවාවල විදුලි පුටුවේ ඉන්දවාවත් සාධාරණීකරණය කළ නොහැකි වරදකි.අපේ ආදී මුතුන් මිත්තෝ මෙකී මූලික අවශ්‍යතාව සඳහා වට පිට බලා බැද්දට රිංගූහ.බොහෝ විට මේ සඳහා තෝරා ගත්තේ ස්වභාවික ජල පහසුකම් සහිත එනම් ඇළ පාරක් හෝ දොළ පාරක් ඇති ස්ථානයකි.ඒ මළපහ කිරීමෙන් පසු පස්ස පිසදාගැනීම අපේ සිංහල මෙව්වා එක අනුව ජුගුප්සාජනක නිසාය.අපේ වසර දෙදහස් පන්සීයකට වඩා පැරණි මෙව්වා එක අනුව මළ පහ කළ පසු පස්ස ජලයෙන් සේදිය යුතුය.අනෙක් ගොං පුරුදු අතරේ ඇති මෙවන් හොඳ පුරුදු අගය කළ යුතුය.අපේ සංස්කෘතිය කොච්චර අපි අගේ කළත් ලංකාවේ කොළඹ ඉදිකොට ඇති ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ වැසිකිළිවල වතුර නැති කතාවක් කොහේදී හෝ අසන්නට ලැබුණි.ඇත්ත නැත්ත හරියටම කියන්නට දන්නේ නැත්තේ එවන් තැනක ඇති වැසිකිළියකටවත් යාමට අවශ්‍යතාවයක් මට ඇති වී නැති නිසාය.
නමුත් ක්‍රමයෙන් වන ගහණය අඩු වන විට සහ ගෙවල් එකින් එක ළං ළංව හැදෙන විට බැද්දට රිංගීමේ පුද්ගලිකත්වයට බාධා ඇතිවන්නට විය.වෙරළබඩ ජනතාව දිනපතා උදෑසන වැල්ලේ සාමූහික මළපහ සැනකෙළි පැවැත්වීමට හුරු වෙද්දී රටතුල ජනතාවට රාජ්‍ය අනුග්‍රහයෙන් වැසිකිළි ලැබෙන්නට පටන් ගත්තේය.මුලින් මුලින් තිබූ වල වැසිකිළි පසුකාලීනව සනීපාරක්ෂාවේ උන්නතිය උදෙසා ජලමුද්‍රිතව නිමවෙන්නට විය.මේවා නිවෙස් අසල ඉඳිකෙරුණු අතර වැසිකිළිය සහ ළිඳ අතර නිශ්චිත පරතරයක් තිබිය යුතු බවට නීති පවා සම්මත වී ඇත.නිවෙසින් බැහැරව තිබූ වැසිකිළි නිවෙස් තුළට පැමිනෙන්නේ සනීපාරක්ෂාව මෙන්ම ජීවිත ආරක්ෂාවද වැදගත් නිසාය.නිවසින් ගව් ගණනක් දුරින් ඇති වැසිකිළියට මහ රෑ ඇතිවන තදබල අවශ්‍යතාව සංසිඳුවා ගැනීමට යන අසරණයින් මගමරුවන්, තිත් පොළඟුන්, දාර පොළඟුන් මෙන්ම කුණ කටුවන් සහ නාගයින්ගේ ප්‍රහාරවලට ලක්වීමේ අවධානමක් තිබිණි.
උක්කුටික වැසිකිළි ආසන වැසිකිළි බවට පරිවර්ථනය වීමේ මිනිස් ඉතිහාසයේ මහා පිම්මක් ලෙස සැළකිය හැක.උක්කුටික වැසිකිළිවලට වඩා ආසන වැසිකිළිවල වැඩි වේලාවක් පහසුවෙන් වාඩි වී සිටිය හැකි බැවින් මහා චින්තකයින් ශ්‍රේෂ්ඨ දාර්ශනිකයින් සිය මහා මතවාද සහ කල්පිත නිර්මාණය කිරීමට වැසිකිළි භාවිතා කළහ.භාශාව නිර්මාණය කිරීමෙන් පසු මිනිසා විසින් නිපදවූ විශිෂ්ඨතම නිර්මාණය ආසන වැසිකිළි ලෙස සැළකිය හැක.
සිය නිවසේ වැසිකිළිය ගෙහිමියාට පන්සලක් පල්ලියක් මෙන් වූවාට ගෙයින් බැහැරකදී ඇතිවන ක්ෂණික අපහසුතා සඳහා ඉන් සැළසෙන සෙතක් නැත.මෙවන් වූ අර්බුධවලින් මානවයා බේරා ගැනීම සඳහා නිර්මාණය කරන ලද ප්‍රථම පොදු වැසිකිළි ගැන අපිට අහන්නට ලැබෙන්නේ අතීත රෝම නගරයේය.එහි තිබූ පොදු ස්නානාගාර අසල මෙකී පොදු වැසිකිළි තනා තිබූ බැව් පැවසේ.මිනිසාගේ ආහාර මාර්ගයේ මහා අන්ත්‍රයේ අග කෙළවර විශාල වී මළද්‍රව්‍ය ගබඩා කරගෙන සිටිය හැකි පරිදි නිර්මාණය වී ඇත.ඒ ආහාර මාර්ගයේ ආහාරවලින් පෝෂ්‍ය පධාර්ථ අවශෝෂණය කරගත් පසු ඉතිරිවන අපද්‍රව්‍ය බැහැර කිරීමට සුදුසු ස්ථානයක් සහ වේලාවක් එනතුරු රඳවාගෙන සිටීමටය.නමුත් මේ කොටසේ ධාරිතාව ගැන කිසිවෙකුට කිසි කලෙක අවබෝධයක් ලබා ගැනීමට බැරිය.එකී ධාරිතාව එකම පුද්ගලයාගේ උවද කලින් කලට වෙනස් වේ.විටෙක දින දෙක තුනක මළ ගබඩා කරගෙන සිටින මෙය විටෙක විනාඩි පහෙන් පහට හිස් කිරීමට සිදුවේ.මිනිස් ජීවිත රසවත් කරන්නේත් ත්‍රාසජනක කරන්නේත් මෙවන් වූ අවිනිශ්චිතතාවයන් වේ.එනිසාම කිසිඳු පුද්ගලයෙකුට සිය ගුදය ගැන පූර්ණ විශ්වාසයකින් යුක්තව නිවෙසින් බැහැර යා නොහැක.ගුදය ඔබේ බිරිඳ වගේ ය.ඔබේ සිරුරට අධිපති ඔබ යැයි ඔබ සිතා සිටියත් ගුදයට අවැසි විට ගුදය ඔබව පාලනය කරන අයුරු නිරීක්ෂණය කිරීම වටී.මේ සියල්ල විස්තර කළේ පොදු වැසිකිළියේ වටිනාකම හොඳින් අවබෝධ කර ගැනීමටය.
ඒ අනුව බලන කල් හි පොදු වැසිකිළි යනු සකල මානව සංහතියේම උන්නතිය උදෙසා කරවා ඇති මහා සද්කාර්යයක් බවය.මෙකී පොදු වැසිකිළි සාමාන්‍යයෙන් බස් නැවතුම්, දුම් රිය ස්ථාන, සති පොලවල්, ආදී මිනිසුන් වැඩියෙන් ගැවසෙන තැන්හි ස්ථාපිත කරනු ලැබේ.ඒවා නඩත්තුව සාමාන්‍යයෙන් කරන්නේ නගර සභාව විසිනි.ඒවා පවිත්‍ර කිරීමේ කටයුතු කරනු ලබන්නේ කොන්ත්‍රාත් ක්‍රමයටය.ඒ නිසා බොහෝ පොදු වැසිකිළිවල සහනය ලබා ගැනීමට සුළු මුදලක් ගෙවිය යුතු වේ.සාමාන්‍ය වෙළඳ ක්‍රමයට පටහැනිව ඔබේ යමක් දී මුදල්ද ගෙවීමට සිදුවන විරල ගනු දෙනුවලින් එකකි මේ.ඒ අනුව බලන විට මෙය 'ගනුදෙනු' නොව 'දෙනුදෙනු' ලෙස සැලකිය හැක.එමෙන්ම ඔබේ යමක් ප්‍රදානය කොට ඔබට සතුටු විය හැකි අවස්ථාවන්ගෙන් එකක්ද වන නිසා බුදු දහමේ එන 'දානය' සහ ඉන් ලැබෙන තෘප්තිය ගැන පුහුදුන් ජනයාට පහදා දීමට ද මේ අවස්ථාවක් කර ගත හැක.
මම ලංකාවෙන් බැහැරව ගොස් නොමැති නිසා ලෝකයේ අනිකුත් රටවල වැසිකිළි ගැන සුළු හෝ අදහසක් නොමැති නිසා ඒවා ගැන අදහස් පල කිරීමෙන් වැළකී සිටිමි.අපේ රටේ පොදු වැසිකිළි සැළකීමේදී සාතිශය බහුතරයක් ඇමෝනියා ගන්ධයෙන් යුක්තය.ඒ ගඳ කොතරම් සැරදැයි කිවහොත් ඔබට දොරෙන් ඇතුලට යෑමට සිදුවන්නේ ගඳ ඈත් මෑත් කොට ගඳ අතරින් රිංගාගෙනය.ගඳ එතරම් ඝණ ය.වැසිකිළිය තුලදී දෑස ඇරියොත් ඇමෝනියා සැරට දෑස දැවෙන්නේය.කඳුළු ගලන්නේය.ඔබ කඳුළු පිසිමින් වැසිකිළියෙන් පිටතට පැමිණෙන විට ඔබ වැසිකිළියේ ඇති මහාර්ඝ ලේඛනයන් හෝ දුක්ඛය රසයෙන් අනූන කවක් කියවා අඬන්නේයැයි අවට සිටින්නෝ සිතති.වැසිකිළි යනු කැටපත් පවුරු වැනිය.යනෙන අය ඔවුන්ගේ සිතැඟි එහි ලියා යති.තව වසර පන්සීයකින් දාහකින් පමණ ලංකාවේ කැණීම් කරන චීන පුරාවිද්‍යාඥයින් මේවා සොයාගෙන සංරක්ෂණය කරනු ඇත.නම් කර අඳිනු ලැබ ඇති ස්ත්‍රී හා පුරුෂ රූප ඩාවින්චිගේ විටෲවියන් මිනිසා මෙන් අගය කෙරෙනු ඇත.මෙ කල මිනිසාගේ ආකල්ප, සිතුම් පැතුම්, ලිංගික ප්‍රවණතා ආදිය ගැන අනාගත මිනිසාට තොරතුරු ලබා දෙන වැදගත් මූලාශ්‍රයක් ලෙස සලකා 'ටොයිලටෝලොජි' නමින් වෙනම විද්‍යාවක් ඇරඹෙනු ඇත.නමුත් දැණ් දැන් වැසිකිළි ලේඛණ කලාව ද ක්‍රමයෙන් අභාවයට යමින් පවතින්නේ ය.එ කල වැසිකිළිවල තිබූ විශිෂ්ඨ රසාලිප්ත කාව්‍ය රචනා වෙනුවට දැන් ඇත්තේ කෙටියෙන් අවශ්‍යතාව හෝ සේවාව සඳහන් කොට ලියූ දුරකථන අංක පමණි.මේ තත්ත්වය වෙනස් කිරීමට රාජ්‍ය මැදිහත් වීමක් අවශ්‍ය යැයි සිතේ.එක්සත් වැසිකිළි කලාකරුවන්ගේ සංගමයක් පිහිටුවා රජයට බලපෑම් කළ යුතුය.
මම ලංකාවෙන් බැහැරව ගොස් නොමැති නිසා ලෝකයේ අනිකුත් රටවල වැසිකිළි ගැන සුළු හෝ අදහසක් නොමැති නිසා ඒවා ගැන අදහස් පල කිරීමෙන් වැළකී සිටිමි.අපේ රටේ පොදු වැසිකිළි සැළකීමේදී සාතිශය බහුතරයක් ඇමෝනියා ගන්ධයෙන් යුක්තය.ඒ ගඳ කොතරම් සැරදැයි කිවහොත් ඔබට දොරෙන් ඇතුලට යෑමට සිදුවන්නේ ගඳ ඈත් මෑත් කොට ගඳ අතරින් රිංගාගෙනය.ගඳ එතරම් ඝණ ය.වැසිකිළිය තුලදී දෑස ඇරියොත් ඇමෝනියා සැරට දෑස දැවෙන්නේය.කඳුළු ගලන්නේය.ඔබ කඳුළු පිසිමින් වැසිකිළියෙන් පිටතට පැමිණෙන විට ඔබ වැසිකිළියේ ඇති මහාර්ඝ ලේඛනයන් හෝ දුක්ඛය රසයෙන් අනූන කවක් කියවා අඬන්නේයැයි අවට සිටින්නෝ සිතති.වැසිකිළි යනු කැටපත් පවුරු වැනිය.යනෙන අය ඔවුන්ගේ සිතැඟි එහි ලියා යති.තව වසර පන්සීයකින් දාහකින් පමණ ලංකාවේ කැණීම් කරන චීන පුරාවිද්‍යාඥයින් මේවා සොයාගෙන සංරක්ෂණය කරනු ඇත.නම් කර අඳිනු ලැබ ඇති ස්ත්‍රී හා පුරුෂ රූප ඩාවින්චිගේ විටෲවියන් මිනිසා මෙන් අගය කෙරෙනු ඇත.මෙ කල මිනිසාගේ ආකල්ප, සිතුම් පැතුම්, ලිංගික ප්‍රවණතා ආදිය ගැන අනාගත මිනිසාට තොරතුරු ලබා දෙන වැදගත් මූලාශ්‍රයක් ලෙස සලකා 'ටොයිලටෝලොජි' නමින් වෙනම විද්‍යාවක් ඇරඹෙනු ඇත.නමුත් දැණ් දැන් වැසිකිළි ලේඛණ කලාව ද ක්‍රමයෙන් අභාවයට යමින් පවතින්නේ ය.එ කල වැසිකිළිවල තිබූ විශිෂ්ඨ රසාලිප්ත කාව්‍ය රචනා වෙනුවට දැන් ඇත්තේ කෙටියෙන් අවශ්‍යතාව හෝ සේවාව සඳහන් කොට ලියූ දුරකථන අංක පමණි.මේ තත්ත්වය වෙනස් කිරීමට රාජ්‍ය මැදිහත් වීමක් අවශ්‍ය යැයි සිතේ.එක්සත් වැසිකිළි කලාකරුවන්ගේ සංගමයක් පිහිටුවා රජයට බලපෑම් කළ යුතුය.
පුරුෂ වැසිකිළිවල මුත්‍රා කිරීමට ඇති බිත්තියේ සවි කළ පෝච්චි ඇත්තේ සාමාන්‍යයෙන් ඉහල සමාජ පරිසරවල ය.දුම් රිය ස්ථානයේ බස් නැවතුමේ ඇති පොදු වැසිකිළිවල ඇත්තේ බිම කාණුවත් එයට එදිරිව ඇති පිඟන් ගඩොල් ඇල්ලූ බිත්තියත් ය.මුත්‍රා කරන්නාට ඇත්තේ ඉදිරියේ ඇති බිත්තියට තරමක් ආනතව මුත්‍ර ධාරාව එල්ල කිරීම පමණි.මුත්‍ර ධාරාව බිත්තියට ලම්බකව එල්ල කළ හොත් බිත්තියේ වැදී පොලා පනින මුත්‍ර කලිසමට අතට හෝ පා වහන් මතට වැටීමේ අවධානමක් ඇත.ආනතව එල්ල කරන ධාරාවේ ඇති අංශු සහ පිඟන් ගඩොල අතර ඇතිවන 'ආසක්තික' බල නිසා මුත්‍ර නැවත පොලා පැනීමකින් තොරව බිත්තිය දිගේ ගලා ගොස් කාණුවට එක් වේ.මුත්‍ර කිරීමට ඇති වපසරිය සැළකිය යුතු තරම් විශාල උවද නිවැරදි ඉලක්කයට මුත්‍ර කිරීමට බොහෝ දෙනෙක් අසමත් වන බව පෙනේ.වැසිකිළියේ දොරෙන් ඇතුළු වූ තැන සිට ම ඇත්තේ මුත්‍ර ය.සමහර විට පුරුෂ ලිංගයන් ඇද වීම නිසා ඔවුන් මෙකී අර්බුධයට මුහුණ පානවා විය හැක.සුද්දන් අපට හඳුන්වා දුන් යට ඇඳුම් අපේ 'අමුඩය' මෙන් අවැසි විට අවැසි පමණට සීරු මාරු කළ නොහැකි නිසා අපේ හෙළයන්ගේ ලිංගයන් ඇද කිරීමට හේතු වී ඇතුවා විය හැක.එහෙයින් නිවැරදි එල්ලයට මුත්‍ර කිරීමට නොහැකිව පොදු වැසිකිළි පුරාම මුත්‍ර හලනවා විය හැක.නො එසේ නම් මුත්‍ර මාර්ගය අවහිර වන සේ පුරස්ථි ග්‍රන්ථිය විශාල වීමෙන් මුත්‍ර ධාරාව දුරට නොගොස් දෙපා අසලම වැටෙනවා විය හැක.එමෙන්ම එකී තත්ත්වය සමඟ ඇතිවන මූත පිට කිරීමෙන් පසුවත් බින්දු වශයෙන් මුත්‍ර පහ වීම නිසාත් වැසිකිළිය පුරා මුත්‍ර හැලෙනවා විය හැක.
මළ පහ කිරීමේදී නම් වැඩි දෙනෙක් වටේ හලන්නේ නැත.ගැටළුව නම් ඔවුන්ට අවසානයේ වතුර ගසා යාමට අමතක වීම ය.මොළයේ සෛල ක්‍රමයෙන් අකර්මන්‍ය වීමෙත් ඇතිවන ඩිමෙන්ෂියා නම් තත්ත්වය නිසා මෙලෙස කෙටි කාලීන අමතක වීම් ඇතිවිය හැක.එනිසා මෙවන් පුද්ගලයින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට යොමු කළ යුතුය.එය විශාල සමාජ මෙහෙවරකි.වැසිකිළියට වතුර යොදන උපකරණය කැඩී තිබීම, වැසිකිළිය තුල ඇති ජල නලය ක්‍රියා නොකිරීම ආදිය ද පුද්ගලයන් තුල ඩිමෙන්ෂියා රෝග ලක්ෂණ මතු කිරීමට දායක වන බැවින් ඒවා නිවැරදි කිරීම සමාජ වගකීමක් වේ.
මළ පහ කිරීම පුද්ගලික කටයුත්තකි.එහි නියම රසය විඳිය හැක්කේ තනිව එය කරන විට ය.නමුත් එය අන්‍යයන්ගෙන් සතුට සඟවා ගැනීමේ ඊනියා ධනවාදී ආකල්පයක් යැයි සිතමින් මුග්ධ සමාජවාදීන් මළපහ කිරීමේ කර්තව්‍ය ද ජනසතු කිරීමේ අරමුණින් වැසිකිළිවල ඇති අගුළු ගලවා ගෙන යති.නැතහොත් කඩා බිඳ දමති.
හෙට දවසේ අතරමග දී අසරණ වන්නේ ඔබ විය හැක.පොදු වැසිකිළි ඔබේ දෑස මෙන් රැක ගන්න.
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
උඩ ලිපිය ලියන්ඩ පෙළඹුනේ මට මුහුණ දෙන්ඩ සිද්ද වෙච්ච කෲර අත්දැකීමක් නිසා.ඒ වගේ දෙයක් නාමල් අයියට වත් සිද්ද වෙන්ඩ එපා කියලා තමයි මම නං ප්‍රාර්ථනා කරන්නේ.ඉතිං සහෝදරවරුනි මම එක දවසක් ගෙදර ඉඳං කෝච්චියේ අපේ ෆැකල්ටි එකට එන්ඩ එනවා.මගේ ඇඳුං ටික දා ගත්තු පැත්තෙං එල්ලන බෑග් එකයි ලැප් එක දාපු පිටේ එල්ල ගත්තු බෑග් එකයි අරං ෆැකල්ටි යන්ඩ ලෑස්ති වෙලා සපත්තු එහෙම දාල ෂර්ට් එක අයන් කරලා යට කරලා ඇඳලා මම එනකොට දෙමටගොඩ හරියෙදි ආවනේ තද බරක්.නළලට දාඩිය දාලා, කන් දෙක රත් වෙලා මම හැකි වීරිය දාලා අල්ලං ඉන්නවා ඔන්න මරදානට එනකං.මම එච්චර මහත දෙහත ඩයල් එකක් නෙමෙයි නෙව.ඉතිං මගේ කපාටවල තියෙන පේෂිවලට එච්චර පීඩනයක් වැඩි වෙලාවක් දරා ගන්ඩ බැරි විත්තිය මම දැනං උන්නේ.මම හිතිං කෝච්චි ඩ්‍රයිවර්ටයි, දුම් රිය දෙපාර්තමේන්තුවටයි, නයනා කුමාරිටයි බැණ බැණ ඉන්න කොට ඕං කොහොම හරි මරදානට කෝච්චිය ආවා කියමුකෝ.මගේ කපාට පේෂිවලට හිතිං වැඳලා එහෙම මම ගණං හදලා බැලුවා පොලීසිය ඉස්සරහින් බස් එකට නැග්ගත් උං අද්දන්නේ උංට ඕනෙ වෙලාවට.ඒ ඇද්දුවත් පුංචි බොරැල්ලට් එනඩ ඕනේ.එතනින් හොස්ටල් එකට වඩා ෆැකල්ටියට තමයි ළඟ.ඒකටත් සෑහෙන දුරක් පයින් යන්ඩ තියෙනවා.ඒක අසාර්ථක ප්ලෑන් එකක්.
මම ගත්තා දැඩි තීරණයක්.මම යනවා ස්ටේෂන් එකේ මහතුංගේ වැසිකිළියට.මහතුංගේ අම්ම කොළඹ ආව වෙලාවේ සෑහෙන්ඩ සන්තෝස උනාලුනේ තමුංගේ පුතාට වෙනම වැසිකිළියක් තියෙනවා දැකලා.මමත් ඉතිං මහතුංට පිං දීලා ගියා වැසිකිළියට.
'මෙම දුම් රිය ස්ථානය තුල සොරු සහ ගැට කපන්නන් ගැවසෙන බැවින් මගීන් තම තමුන්ගේ ගැටය පරිස්සම් කර ගන්න'
එහෙම අනතුරු ඇඟවීමක් දුන්නම කොහොමද නොසලකා හරින්නෙ.බෑග් දෙක දීලා යන්ඩ කෙනෙක් නෑ.තියලා යන්ඩ තැනක් නෑ.තව වැඩි වෙලාවක් නෑ.හිරෝෂිමා නාගසාකිවල සිද්ද උනාට වඩා ලොකු විනාසයක් වෙනවා දැම්මම මේක නිසි තැනකට ගිහිල්ලා නිශ්ක්‍රීය කළේ නැත්තං.මොනවා කරන්ඩ ද සහෝදරවරුනි බෑග් දෙකත් කරේ එල්ලං දිව්වා වැසිකිළියට.ඇතුලේ තියෙනවා වැසිකිළි තුනක්.දෙකක් දැනටමත් මං වගේ අසරණයින් දෙන්නෙකුට සර්ණ වෙනවා.එකක් විතරක් මං වෙනුවෙන් තියෙනවා.ස්වර්ගයට තියෙන දොර දිහාවට දුවනවා වගේ මම දිව්වා ඇතුලට.මේ අවසාන තප්පර කීපයයි ගෙවෙන්නේ.මරාගෙන මැරෙන බෝම්බ කාරයෙක්ගේ සිතුවිලි මට අවබෝධ වෙනවා දැං.ගිය ගමං බැලුවේ ටැප් එක ඇරලා වතුර තියෙනවද කියලා.හිතුවා වගේම වතුර නෑ.ඒකේ තිබ්බ බාල්දිය අරං දිව්වා එලියේ තියෙන ටංකියට වතුර එකක් පුරවගෙන හුසේන් බෝල්ට් වගේ දිව්වා ආපහු.ඇතුලට ගිහිල්ලා දොර වහද්දි තමයි දැක්කේ ඒකෙ අගුල නෑ කියලා සහෝදරවරුනි.කවුරුහරි මගේ නිරුවත දකියි කියලා ආත්මගරුත්වය ගැන ප්‍රශ්නයක් ආවත් ඒ වෙලාවේ තිබ්බ ජීවිතයත් මරණයත් අතර ගැටළුව එක්ක සළකලා ඒක මම අමතක කරලා ඉඳ ගත්තා.බඩේ තිබ්බ බර ටික ටික අඩුවෙලා ඒ අමා මහ නිවනට ඔන්න මෙන්න තියෙද්දි තමයි මම දැක්කේ බාල්දියේ පතුලේ තිබ්බ හිලකිං වතුර ලීක් වෙනවා.
ලොකු බෑග් දෙකක් කරේ එල්ලගෙන' අගුලු දාන්ඩ බැරි වැසිකිළියක, කොමොඩ් එකට හුරු වෙලා නිසා මේකේ අසමතුලිතව ඉඳගෙන එක අතකිං වතුර බාල්දිය උස්සගෙන අනිත් අතේ ඇඟිල්ලකිං බාල්දියේ පතුලේ ලීක් එක වහං ඉන්න තරුණයෙක් මවා ගන්ඩ සහෝදරවරුනි.කොහොමද නිකං කලා වැවේ බැම්මේ ලීක් එකක් වහගෙන හිටපු කාල කුමාරයා මතක් වෙනවා නේද?පස්සේ හොස්ටල් එකට ඇවිල්ලා දෙපාරක් නාලා ක්ලිනිකල්ස් නොගිහිං නිදා ගැනීමෙන් මේ ශෝකාලාපය අවසාන වෙනවා.
මේ දේ හෙට සිද්ද වෙන්නේ ඔබට වෙන්ඩ පුළුවං.ඒ නිසා පොදු වැසිකිළි රැක ගන්න පෙරට එන්න!!!
පව් අසරණයා!! ඒවුණාට මට පොඩි හිනාවකුත් ආවා ඔයා කාල කුමාරයා වෙච්චි හැටි හිතිලා..හික් හික්..ඔය ලෝක වෙළඳ මධ්‍යස්ථානේ වතුර නැති කතාව කිව්වෙ මම නේ!!
ReplyDeletehttp://tharuwehi.blogspot.com/2014/06/blog-post_27.html
සිරාවටම මාත් පුංචි කාලේ දවසක් ගිහින් තියෙනවා කොටුව ස්ටේෂමේ වැසිකිළියට...මතක් වෙද්දිත් අනේ අපොයි කියලා හිතෙනවා මොකද දොර ලඟත් මළ පහ වෙලා තිබ්බා සමහරුන්ට...හංස විලක් තනිකරම!
Delete'හංස විලක්' ඒක යස කතාව.... : )
Deleteහෆොයි, ඔය පොදු එවුවා වල තත්වය ගැනනම් මටනම් තියෙන්නේ හොද සිතුවිල්ලක් නම් නෙමෙයි.. සමහර වෙලාවට මෙහේ කියලත් වෙනසක් නෑ..
ReplyDeleteසිතුවිල්ල හොඳ නැති උනාට බං අවශ්‍යතාව ආවම නැතුවම බැරි එකක් නෙව.
Deleteලිපිය අගෙයි.
ReplyDeleteපරණ (A/L) වචනයක් "පොලා පැනීම" නැවත දැකීම ද සතුටක්.
ඉස්තූතියි කකා.වෙනින් ගැලපෙන වචනයක් ආවෙම නෑනේ.
Deleteඋදේ පාන්දර ඔයා කීව ඒවා මවාගත්තාම අපි වැඩ කරන්නේ කොහොමද? :D
ReplyDeleteගොඩක් වෙලාවට තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගත්තාම පැනලා දුවන පිරිසක් ඉන්නකොට ඕවා පිරිසිදුව තියාගැනීම අමාරුයි. යම් මුදලක් අයකලා නම් රැකගත්තහැකි කියලා තමයි මට හිතෙන්නේ.
මුදලක් අය කරන තැංවලත් ඒක හරියට පිරිසිඳුව තියා ගන්නෑනේ පොඩ්ඩි
Deleteකොහොමද යුද පිටියේදී බර හැදුනම තියන සනීපෙ. කන ලඟින් උණ්ඩ යන බයට හැදුනා කියමුකෝ. නමුත් කොහාටද බර පිට කරන්නේ. ගහක් ගලක් ලඟට යන්නත් බයයි. ඒ තැන්වලත් මරණය හැංගිලා ඉන්න පුළුවන්. මරණයද? බර සැහැල්ලු කරගැනීමද?.............. මට දෙපාරක් වෙලා තියනවා. මැරුණත් කමක් නෑ කියලා ගස් යටට රිංගුවා දෙපාරම.
ReplyDeleteඋඹ බයද...?
Deleteපිස්සුද බං.. මම යකාටත් බය නෑ, ඒක උඹ දන්නවා නේ..?
ඒක නම් දන්නවා.. ඒත් ඇයි බං උඹ මගේ පුක හෝදන්නේ..?
ඔය වැඩේ වුනේ අර ආමි එකත් එක්ක .......ත් බංකර් වල ඩියුටි කරපු කාලේ.
Deleteමරණ බයට ඉබේම පහ වෙන්නැද්ද විචාරක මහත්තයෝ?
Deleteමරු කතාව මාතා..
පිස්සුද, අපේ කොල්ලෝ මළත් යුද බිමේ ...න්නේ නැහැ.
Deleteවැරදුනා. reeගන්නේ නැහැ.
Deleteහප්පා බං මටත් ඔහොම වැඩ වෙලා තියෙනවා පොදු වැසිකිලියක් තමා ඕන තැනක් හදිස්සියකට.. නැද්ද..
ReplyDeleteමොන සැප සම්පත් තිබුණත් මොකටද නේද බං ඕනේ වෙලාවට වැසිකිළිය නැත්තං
Deleteහිකිස්...
ReplyDeleteදිනු1කයටත් වෙන වැඩ
මොනවා කරන්ඩද බං ඕනේ එකෙක් අසරණ වෙනවා මේ වගේ වෙලාවක
Deleteබොහෝම අගනා ලිපියක්... වෛද්‍ය විජ්ජාත්මකව ඔය වගේ අවස්ථාවකදී වැඩි කාලයක් අල්ලා සිටීමේ හැකියාව වර්ධනය කර ගැනීම පිණිස ගත හැකි කිරියා මාර්ග එහෙම තියේනං ඒවත් එක්කාසු කොලානං තවත් වටිනවා...
ReplyDeleteඔය වගේ වෙලාවට තද කරං ඉන්ඩ හොඳ නෑ මාරෙ අයියේ.යන ඒවට යන්ඩ දෙන්ඩ ඕනෑ.මෙන්න මේ ඇක්සයිස් ඕනේ නං කරලා බලන්ඩ.
Deleteහැබැයි ඒවා තියෙන්නේ මුත්‍ර නිකම්ම පිට වෙන එක වළක්වන්ඩ තමා.අනික් එකත් පොඩ්ඩක් කොන්ට්‍රෝල් කරගන්ඩ බැරි වෙන එකක් නෑ.වාජී කරණ ගුණේකුත් තියෙනවා කියන්නේ.
මම අවුරුදු දෙක තුනකට කලින් බී.එම්.අයි.සී.එච් එකේ තිබුන පොත් ප්‍රදර්ශනයෙන් ගත්තා පොතක් 'ශ්‍රී ලංකාවේ වැසිකිලි බිත්ති සාහිත්‍යය' කියලා.
ReplyDeleteඒක ඇවිල්ලා ලංකාව පුරා බස් නැවතුම්පල අසල,රෝහල් ,පාසල් ,විශ්වවිද්‍යාල ආදී පොදු ස්ථාන වල පිහිටා ඇති පොදු වැසිකිලි පිලිබදව පර්යේෂණ කෘතියක්.
ලංකාවේ මිනිස්සු ලැට් වලට කුරුටු ගලා තියෙන දේවල් ගැන එහම කදිමට සටහන් පොතක් ඒක. මම හිතන්නේ මෙවනි දෙයක් ගැන සිංහල භාෂාවෙන් පලවෙලා තියෙන එකම පොතත් ඔය කිව්ව එක වෙන්න ඇති.
ඊළගට මට මේ ලිපිය කියවනකොට තව දෙයක් මතක් උනා. ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ කොල්ලොන්ගේ වැඩේ ටොයිලට් බිත්ති වල එක එක දේවල් ලියන එක. පාසලේ තිබුණු වැසිකිලි වැල බිත්තියේ අලේප කරලා තිබුනේ ක්‍රීම්/සුදු පාටට හුරු තීන්ත වර්ගයක් නිසා ළමයි ගොඩක් වෙලාවට අගුරු කෑලි වගේ දේවල් වලින් තමයි බලි ඇන්දේ. මේක නවත්තන්න බැරිම තැන විදුහල්පතිතුමා කරේ සියලුම වැසිකිලි බිත්ති වල කළුපාට අලේප කිරීමට නියම කිරීම. එතකොට බිත්ති කළු පාට හින්ද ළමයි අගුරු වලින් බිත්තියේ කුරුටු බලි ලිව්වට හරියට පෙන්නේ නැහැනේ.
Deleteඒත් වැසිකිලි විත්ති බිත්ති වල කළු පාට ගෑවම විදුහල්පතිතුමා හිතපු විදියට බලි ඇදීම අඩුවීම නෙමෙයි සිදු උනේ. කලින් තිබුනටත් වඩා සීඝ්‍රයෙන් කුරුටු බලි ඇදීමයි සිදුඋනේ. මොකද ඊට පස්සේ ළමයි හුණුකුරු අරං ගිහිං නිකං කළු ලෑල්ලක් වගේ තිබුන බිත්ති වල කිසිම කරදයක් නැතිව බලි ඇදීම පටන් ගත්තු නිසා.
බිත්ති වල කුණුහරප ලියන එවුන්ට නීතියක් ගෙනැත් දඬුවම් කළයුතුයි.
Deleteබිත්තියේ හුජ්ජ. වචන මාරු කරගන්න එපා නෝනා.
Deleteඋඩ ඇනෝ : ඒ පොත හොයාගෙන බලන්ඩ හිතුනා.මොනවා උනත් ආතල් ඇති.ඔය ඉස්කෝලවල කොල්ලො කරන කුපාඩි වැඩ නවත්තන්ඩ හරිම අමාරුයි.අපිත් ඔව්වා කළා නොවැ.
Deleteවනිතා : බිත්තිවල කුණුහරුප ලියන උන්ට දඬුවම් කරන්ඩ නීති ගේන්ඩ කළිං කොච්චර නීති තියෙනවද ගේන්ඩ
යට ඇනෝ : ඔව් ඔව් අනිත් පැත්ත නං හරවන්ඩ එපා
උඹ දන්නවද දවසක් මට සීගිරිය උඩදී හදුනා ඔය කියන ජාතියේ බරක්........ එක්කෝ ඕනේ නෑ
ReplyDeleteඅනේ කියහංකෝ බං.වැදගත් දිහාවකට බඹරු ඇන්නද?
Deleteමොනවද හලෝ මේ ටොයිලට් ගැන ලියන්නේ ඉඳලා ඉඳලා ඇවිත්.... ;)
ReplyDeleteඅපරාදේ කියන්න බෑ කොල්ලෝ මේ වෙද්දි ඔය කොළඹ පැත්තේ යහමින් ටොයිලට් හදලා තියෙනවා.
ඉස්සරටම වඩා සෑහෙන ප්‍රගතියක් තියෙනවා කියලායි මට නම් හිතෙන්නේ. ආයේ ඉතින් මොකටද බොරු කියන්නේ කිසිම දවසක මම පබ්ලික් ටොයිලට් වලට නම් ගිහින් නෑ. මට ඔය තේ එකක් බොන්න කෝපි එකක් බොන්න තරු හොටෙල් මතක් වෙන්නේ ටොයිලට් යන්න ඕන වුනාම කියලා හැමෝම දන්න රහසකුත් එක්ක.
මොනවා වුනත් ලංකාවේ ටොයිලට් භාවිතය ගැන වැඩි පිරිසක් නොදැනුවත්කමකුත් තියෙනවා. ටොයිලට් එකට ගියාම ඒක මඩ වලක් කරලා එන එක කොයි තරම් සමාජ තත්ත්වයක කෙනෙක්ගේ වුනත් සාමාන්‍ය දෙයක් වගේ. ඊගාවට එන කෙනා ගැන හිතනවා අඩුයි. මේ වෙද්දි අපි වගේ අය අපේ දවසින් වැඩිම කාලයක් ඉන්න කැමති තැන බාත් රූම් එක. දවසේ ප්ලෑන් හීන මාලිගා ඔක්කොම එලියට එන්නෙත් එතනදි. රිලැක්ස් කියන වචනේම මට තියෙන්නේ බාත් රූම් එකේ මිසක් වෙන කොහේවත් නෙමෙයි.
ඒ කිට්ටුව මොන හෝටල් ද රංගි අක්කේ.ධවලගිරිය නං තියෙනවා.ඒකේ ටොයිලට් එකෙත් වෙනසක් නෑ.අනික හොඳ හෝටල් තිබ්බට එව්වට කොහෙ යන්ඩද?
Deleteඅනිවා.නියම නිදහස තියෙන්නේ බාත් රූම් එකේ තමා.
අම්මෝ මට නම් පොදු වැසිකිලි වලට වඩා කලිසම sure...එහෙම choice එකක් ගන්න උනූම අවස්ථා නැත්තෙත් නැ
ReplyDeleteඔං මාත් පෑල දොරෙන් රිංගුවා.
ReplyDeleteඔය වගේ අකර තැබ්බ නොවුනු කෙනෙක් මේ මිහිපිට නෑ මයෙ හිතේ.
මටත් මාර වැඩක් උනා දවසක් පේරාදෙණි කැම්පස් එකේදි.
අපි නුවර යන ගමන් පේරෙටත් ගොඩවුනා අපේ අයිය බලල යන්න. එයා ඒ දවස් වල පේරේ හිටියෙ.
ඉතිං කෙනෙක් අතේ පණිවුඩයක් යවල අපි බලන් ඉන්නවා අයියා එනකම්.
අපි කීවෙ තාත්තයි මමයි අම්මයි අකක්ල දෙන්නයි. ටික වෙලාවකින් තාත්තටත් ආවා ඔය ශරීර කෘත්‍ය කිරීමේ අමාරුව තදින්ම. අපි ටිකක් වට පිට බලල හම්බ වුනු අයිය කෙනෙකුට විස්තරේ කීවම එයා පාර පෙන්නුවා. මමත් ගියා ඉතින් තාත්තගේ තනියට. වැසිකිලියට යන්න ඕන එලියෙ තියෙන ටැංකියෙන් වතුර බකට් එකක් පුරවාගෙන.
තාත්තට ඇතුලට යන්න. මං වතුර එක ගෙනත් දෙන්නම්.
බකට් එකත් හිල් වෙලානෙ. එහෙනම් පුතා මං කීවම වතුර එක ගේනන.
හප්පේ විනාඩි දෙක තුන යද්දි මගෙත් සර්වාංගෙම හීතල වෙලා ඇස් නිලංකාර වෙලා ගියා.
මමත් රිංගුව තාත්ත ගිය එකට එහා පැත්තෙ තිබුනු එකට.
ටිකකින් තාත්තාත
කොල්ලෝ...වතුර එක ගේන්න දැං
අ...ආ.. තාත්තෙ මං මේ එහා පැත්තෙ එකේ ඉන්නෙ.
විනාඩි දෙකක් දෙන්න. මං සුටුස් ගාල වතුර එක ගෙනත් තාත්ට දෙන්නම්.
ඊට පස්සෙ තාත්ත මට වතුර එක ගෙනත් දෙන්න.
මමත් විනාඩි දෙක තුනකින්,
තාත්තෙ ඔන්න මං එලියට යන්න හදන්නෙ. ඔහොම ඉන්න මං වතුර එක ගේන්නම්.
ඕනෙ නෑ. මං වැඩේ කර ගත්ත.
මේං ඔයාගෙ වතුර බාල්දිය.
එලියට ඇවිත් බැලින්නම්, මං කරන්න හිතන් හිටපු දේ මට කලින් තාත්ත කරල.
හැක්.. හැක්..
දෙන්නටම දැං සනීපයි හිනහයි.
අපේ තෙලිදිය වාඩිය පැත්තෙත් ඇවිත් යන්න එන්න.
මම තෙලිදිය.
පුකට ගුදය යන ග්‍රාම්‍ය වචනය භාවිතා කිරීම පිළිබඳව මගේ බලවත් විරෝධය
ReplyDeleteප්‍රිය ඇඩ්මින් වෙත,
ReplyDeleteඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/
මිට හිතාදර
ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)