14 May 2014

නැකතට කිරීම.....





මොනවා උනත් අළුතෙන් වැඩක් පටං ගන්න කොට සුභ වෙලාවක් බලලා ඒක පටං ගන්න එක අපේ රටේ මිනිස්සුංගේ සිරිතක් ය.එහෙම සුභ වෙලාවට දෙයක් පටං ගත්තාම පටං ගත්තු වැඩේ ආයේ කිරිගහට ඇන්නා වගේ හරි යනවාලුය.ඔය මගුලක්, ගෙවල් හැදිල්ලක් වගේ සුළු සුළු කෙළි විතරක් නොව රටේ වැදගත් තීන්දු තීරණ ගැනිල්ලක් වෙන මැතිවරණ පවා තියන්නේ ඒ වෙලාවේ බලේ ඉන්න එකාට සුභ වෙලාවක් බලලාය.ඒ කොච්චර සුභ වෙලාවල්වල තිබ්බත් රටේ ඡන්ද දිනිල්ල තීරණේ වෙන්නේ රටේ ඉන්න එකාලගේ ගොබ්බ කම් මතය.



පොඩි එකෙක් ඉපදිච්ච වෙලාව බලලා උගේ කේන්දරේ හදනවාය.ඒ කියන්නේ ඒකා උපදින වෙලාවේ බලවත් වෙලා ඉන්න ග්‍රහයෝ ගැන බලලාය.දැං බැරි වෙලාවත් මිනිස්සු අඟහරු ලෝකේ පදිංචි උනොත් එහේ උපදින උන්ට අඟහරු උච්ච වෙනවාද කියා මට ප්‍රශ්නයක් තිබේ.වෙලාවට සෙනසුරු වායු ග්‍රහයෙක්ය. ඒක නිසා ඒකේ ජනාවාස පිහිටුවන්ඩ බැරිය.නැත්තං ඒකේ ඉන්න උන්ට හැමදාම සෙනසුරු මහ දශාවම ය.හැබැයි ඒත් සෙනසුරුගේ බැරි උනාට ඒක වටේ තියෙන ඔය යුරෝපා වගේ චන්ද්‍රයෙකුගේ ජනාවාස පිහිටෙව්වොත් උන්ටත් සෙනසුරු ඒරාශ්ඨකෙන් ගැලවීමක් නැත.ඒ නිසා අභ්‍යාවකාශ තාක්ෂණය තියෙන ඇමරිකාව, රුසියාව සහ චීනය වගේ රටවල් මේවා ගැන දැනුවත් කරන එක හොඳය.

ළමයෙක් උපදින වෙලාව බලලා උගේ අනාගතේ තීරණය කරන එකේ තියෙන අවුල අමතක කෙරුවත් පොඩි එකාගේ උපන් වෙලාව කියලා ගත යුත්තේ කොයි වෙලාවදැයි කියා මට කිසිම පැහැදිලි අදහසක් නැත.ඒක ඒ පොඩි එකා අම්මාගේ බඩට ආපු වෙලාව නොවිය යුතුද? එහෙම නැත්තං පොඩි එකා ඉස්සෙල්ලාම දඟලනවා අම්මාට දැනුනු වෙලාව ද? පළමු විළිරුදාව දැනුනු වෙලාව ද? හිස එළියට පෙනුනු වෙලාවද නැත්නම් හිස සම්පූර්ණයෙන් එළියට ආ වෙලාවද? හිස සම්පූර්ණයෙන් එළියට ආ වෙලාව කියන්නේ තට්ටම පළුව එළියට එන (breech presentation) පොඩි එකෙක්ගේ නම් සම්පූර්ණයෙන්ම හිස එළියට ඒමට සෑහෙන වෙලාවක් ගතවන බවද සැළකිය යුතුය. පොඩි එකා සම්පූර්ණයෙන් එළියට ආ වෙලාව මෙන්ම පෙකණිවැල කපා සම්පූර්ණයෙන් ස්වාධීන වූ වෙලාවද සළකා බැලිය යුතුය.වැදෑමහද බිහිවී මවගේ සිරුරෙන් දරුවාට සම්බන්ධ සියළුම පටක ඉවත් වූ වෙලාවද අමතක කරන්ඩ බැරිය.

ඒ කොයි වෙලාව හරි සැළකීමට ලොකයේ සියළුම විද්වත් ජ්‍යොතිෂවේදීන් එක්ව ඒකමතිකව තීරණයකට ආවත් ප්‍රසූත කාමරයේ තියෙන ඔරළෝසුව ගැන මට සතපහක විශ්වාසයක් නැත.මොකද මේවා රාජ්‍ය ආයතන වේ.ඔරළෝසුවේ බැටරි බැස්සොත් අළුතෙන් බැටරියක් දමා ගන්නට ලියුම් ලියා දහ පහළොස් දෙනෙකුගේ අනුමැතිය ගතයුතුයැයි සිතමි.ඒ කියන්නේ බැටරි බැස්සොත් බැස්සාම තමා කියන එකය.ඔරළෝසුව වැඩ කළත් ඒවායේ වෙලාව හරිදැයි විශ්වාස කරන්ඩ බැරිය.ග්‍රිනිච් වෙලාව ලෝක සම්මත වෙලාව උනාට අපේ රටේ ජ්‍යෝතිෂවේදීන්ගෙන් ඒ වෙලාව හරිම වෙලාවදැයි අසා බැලුවායැයි මමනම් හිතන්නේ නැත.ඒ පිළිබඳ එකඟතාවයකට පැමිණියත් ළමයා ඉපදෙන වෙලාව බලන්නේ වින්නඹු මාතාව හෙවත් මිඩ්වයිෆ් නෝනා හෝ හෙදිය ය.ඒ වෙලාවේ තියෙන කළබැගෑනිය අස්සේ හිතට එන වෙලාවක් දාලා දෙනවාය.එහෙම වැරදි වෙලාවක් බාවිතා කරලා උනත් අපේ ජ්‍යෝතිෂ කස්ටිය ගාණට වැඩේ කරගෙන යනවාය.දක්සතාවය කියන්නේ ඒකටය.

ඊට පස්සේ කොණ්ඩේ කපන්ඩ, ඉඳුල් කටගාන්ඩ, අකුරු කියවන්ඩ, ඉස්කෝලෙ යන්ඩ, කොටහළු උනාම නාන්ඩ, කොල්ලන්ට රැවුල කපන්ඩ වගේ ඒවාට සුභ මුහුර්තය බලනවාය.මේවා ලොකයේ අනිත් රටවල කෙරෙන දේවල් නෙමෙයිය.හැබැයි හැම දේම නියම විදිහට සුභවෙලාවට කොරන අපේ රටේ උන්ට වඩා, මේ කිසිම දෙයක් සතපහකට ගණන් නොගෙන ඉන්න වෙන රටවල් අපිට වඩා දියුණුය.භෞතිකව විතරක් නෙමෙයිය, අධ්‍යාත්මිකවත් උන් දියුණුය.

කසාද බැඳිල්ලට නැකැත් බැලිල්ල හරි ආතල් වැඩක් ය.අපේ රටේ උන් බඳින්ඩ ඕනේ උන්ට බඳින්ඩ හිතුනු දාට , පහසු දාට, නෑයින්ට යාළුවන්ට නිවාඩු එන්ඩ පහසු දවසක නෙමේය.ග්‍රහයා කියන දවසටය.එදාට එන්ඩ බැරි උන්ට කුද ගහගන්ඩ කියා බඳින උන් දෙන්නා බැඳිය යුතුමය.ජ්‍යෝතිෂ්‍ය මහත්මයා කියන විදිහට ඒ අය කියන විදිහට බැන්දේ නැත්තං මඟුල කැඩෙන එක කැඩෙනවාලුය.එක්කෝ ලොකූ අනතුරක් වෙනවාලුය.එහෙමත් නැත්තං බැන්දට ළමයි හම්බ වෙන්නේ නැතිලුය.එහෙම කියා ඔහු මඟුල කළයුතු පියවරෙන් පියවරට නැකැත් හදා දෙනවාය.මනමාලිට ගෙයින් පිට වෙන්ඩ නැකතක් තියෙනවාය.මනමාලයාට ගෙදරින් පිට වෙන්ඩ නැකතක් ද තියෙනවාය.මනමාලි ගෙදරින් පිටවෙන නැකත කියාල කෙහෙල්මලක් ආවේ මඟුල හෝටල්වල ගන්ඩ ගත්තාට පස්සේය.නැත්තං මඟුල ගත්තේ මනමාලිගේ ගෙදර නිසා ඔය කියන නැකත මනමාලිට උදේ නැගිටලා දත කට මැදගන්ඩ හදන නැකත වෙන්ඩ ඕනෑය.




තැල්ල තියන්ඩ, පෝරුවට නගින්ඩ, ඒකෙන් බහින්ඩ, අස්සන් කරන්ඩ ආදී හැම දේටම නැකැත් තියෙනවාය.මිනිස්සු බඳින්නේ මොන හේතුවකට දැයි ඇහුවොත් විවිධ හේතු කට්ටිය කියන්ඩ පුළුවංය.ඒ උනත් ඇත්තම හේතුව වෙන්නේ දෙන්නෙක් බඳින්නේ සංසර්ගයේ යෙදෙන්ඩ ඕනෑ හින්දාය.ඒ නිසා මම නං කියන්නේ මඟුලේ වැදගත්ම දේ වන සංසර්ග කාරියටත් නැකැත් හදන්ඩ ඕනෑ කියලාය.ඇත්තටම බඳින දෙන්නා ඊට කළිඅං ලෝකෙට හොරෙං (ලෝකාපවාදයට බය නිසා) ගස් ගල් අස්සේ හැංගිලා මෛථූනයේ යෙදිලා නැති කන්‍යා යුවලක් නම්, මඟුල නම් වූ ක්‍රියාපටිපාටියේ දෙන්නාගේ කුළුඳුල් අත්දැකීම් වන්නේ මේ සංසර්ග ක්‍රියාවලිය නොවේද? ඒ නිසා මම යෝජනා කරන්නේ මනමාලියගේ ඇඳුම් ගැලවීමට නැකතක්, මනමාලයාගේ ඇඳුම් ගැලවීමට නැකතක්, පළමු සිප ගැනීමට නැකතක්, මීට කළිං මැස්සෙක්වත් වහලා නැති හරිය ස්පර්ශය සඳහා නැකතක්, ආදී වශයෙන් හැම එකටම නැකැත් හැදිය යුතුය.නමුත් සුරාන්තය වගේ දේවල් නැකතට කරන්ඩ බැරි නිසා එවැනි දේවල් ස්වභාවධර්මයට බාරදීම හොඳය.



අපිට අනන්‍ය වූ අපේ ශාස්ත්‍ර දියුණු කිරීමේ අරමුණෙන් පුද්ගලික අත්දැකීම් මත කරන්නා වූ යෝජනාවක් පමණි.කිසිවෙකුටවත් පුද්ගලිකව චෝදනා කර නොමැති බව කාරුණිකව සලකන්න.


37 comments:

  1. ප්‍රසූතිකාගාර වල ඔරලෝසු වල බොරු වෙලාවල් වලට හදපු කේන්දර තියෙන එවුන්ටද දන්නේ නෑ කොයි වෙලාවෙත් අපල.

    ReplyDelete
    Replies
    1. සමහර විට උන්ට වෙන්න ඇති හරියන්නේ...මොකද උන්ට කිසිම ග්‍රහ බලපෑමක් නෑනේ. ග්‍රහය උන්ට කොච්චර බලපාන්න හැදුවත් එක කරන්න බෑ වෙලාව වැරදි හින්ද..ග්‍රහය ට මිනිස්සුන්ගේ ඔලුව අවුල් කරන්න පුළුවන් උනාට ඔරලෝසුවේ වෙලාව වෙනස් කරන්න බෑ.

      Delete
    2. උපන් වෙලාව නෙමෙයි නේද? මේ දවස්වලනම් ලොක්කට කඩේ නොයන උං ඔක්කොටම අපලයි.කඩේ යන උන්ට සුභයි.

      Delete
  2. //හැම දේම නියම විදිහට සුභවෙලාවට කොරන අපේ රටේ උන්ට වඩා, මේ කිසිම දෙයක් සතපහකට ගණන් නොගෙන ඉන්න වෙන රටවල් අපිට වඩා දියුණුය.භෞතිකව විතරක් නෙමෙයිය, අධ්‍යාත්මිකවත් උන් දියුණුය.//

    මෙන්න මේ ඇත්ත කාවද්දා අපේ කට්ටිය ත්රුම් ගනීද දන්නේ නැ.

    යෝජනා ටික නම් සුපිරි.

    ReplyDelete
    Replies
    1. කොහෙ තේරුම් ගන්ඩද ශෙහාන්. ගාල්තැන්නේ ලොක්කට මෙච්චර කෙළවෙලා තියෙද්දිත් උගේ දේවාලෙට කට්ටිය යන්නේ

      Delete
  3. Replies
    1. ලින්ක් එක අවුල් වගේ නේද?

      Delete
  4. උපන් වේලාව හරියට ගන්න එක හෑම රටකම කෙරෙන දෙයක්.
    http://www.ehow.co.uk/how_2156172_find-time-birth.html

    ReplyDelete
    Replies
    1. මළා හැම රටක්ම ඒක බලනවා කියලා ඒකේ තියෙනවද?මට නම් එහෙම එකක් ඒකෙ පෙනුනේ නෑ.අනික වෙලාව ගත්තත් ගන්න අරමුණත් වෙනස් නේද?

      Delete
  5. ඔය උපන් වෙලාව ලෙස සළකන්නේ පෙකණි වැල කපන වෙලාවද දරුවා එලියට ආ වෙලාවද නැතිනම් දරුවා පළමුව අඩන්න ගන්න වෙලාවද දන්න කෙනෙක් පහදන්න.

    ReplyDelete
  6. උපන් වේලාව හරියටම ගැනීමට හැකිද ඒ කොයි වෙලාවෙද කියන එක නම් මම දන්නෙ නෑ. හැබැයි මට හිතෙන හැටියට නම් ඉපදුනා කියන වේලාවෙන් සුළු විචලනයක් ප්‍රශ්නයක් නොවෙනවා ඇති. යම්කිසි කාල පරාසයක් වෙන්න ඇති බලන්නේ. රජයේ ඔරලෝසු විශ්වාස නෑ කිව්වට දිනුක පුරාණයේ ජෝතිශ්‍යවේදීන් උපන් වෙලාව ගණනය කළේ කෙහෙල් ගහේ බඩයෙන්ලු. දන්නවා ඇතිනෙ. ඉතින් කෙහෙල්ගහේ බඩයෙන් හරියටම වෙලාව කියන්න බෑනෙ. යම් පරාසයක් ගන්නවා ඇති.

    //ඒ නිසා මම නං කියන්නේ මඟුලේ වැදගත්ම දේ වන සංසර්ග කාරියටත් නැකැත් හදන්ඩ ඕනෑ කියලාය.//කාලෙකට කලින් ගුවන් විදුලි වැඩසටහනකට ආපු ජෝතිශ්‍යවේදියෙක් මෙහෙම නැකතක් අවශ්‍ය බව කිව්වා මතකයි. 'යහන්ගත වීමේ නැකත' කියලයි කිව්වේ. අද කාලෙ බොහෝ අය ඒක හදලා දෙන්නේ නැති උනත් ඒක වැදගත්ම නැකතක් කිව්වා..

    //ඒ උනත් ඇත්තම හේතුව වෙන්නේ දෙන්නෙක් බඳින්නේ සංසර්ගයේ යෙදෙන්ඩ ඕනෑ හින්දාය.//පිටරටවල උන් බඳින්නෙ ඇයි? මම කිව්වෙ සංසර්ගය එතරම් ගනන් නොගන්නා රටවල.

    ReplyDelete
    Replies
    1. 1. නිවුන් දරුවන්ගේ කේන්දර එකමද? ඒක මම හරියට දන්නේ නෑ.ඒත් මම හිතනවා ඒ ජ්‍යෝතිශ්‍යවේදීන් කියන විදිහට ඒක ගණිතය එක්ක බැඳුනු සියුම් විද්‍යාවක්ලුනේ.එතකොට සුළු වෙනස්කම් මේකට බලපානවා වෙන්ඩ ඕනේ කියලයි මට හිතෙන්නේ.

      2. ඒ කියන්නේ වැදගත්ම නැකත නෙමෙයි හදන්නේ එහෙනම්

      3. පිටරටවල උන් බඳින්නේ ඇයි කියන්ඩ මම දන්නේ නෑ.සමහර විට ළමයෙක් හදන්ඩ ඕනේ උනාම වෙන්ඩ ඇති.ඒ උනත් 'සින්ගල් පේරන්ට්' සංකල්පේ තවත් ස්ථාවර උනාට පස්සේ බඳින්නේම නැති වෙයි.නමුත් අපේ රටේ බඳින්නේ සංසර්ගයට නේ.ඒ ඇර අනිත ටික කරන්ඩ බඳින්ඩ ඕනේ නෑනේ.

      http://en.wikipedia.org/wiki/Forer_effect

      මේකත් පොඩ්ඩක් බලන්ඩ.

      Delete
  7. නැකත්? අනේ මන්දා බං ඔවුවානම්.. ඒත් ඉතින් ඒවා අපේ සංස්කෘතියෙන් ඈත් කරන්න පුළුවන් දේවලුත් නෙමෙයිනේ..

    ReplyDelete
    Replies
    1. අපොයි කාලයත් එක්ක ඈත් වෙලා යයි නේද? වැඩේ තියෙන්නේ මේවයින් මිනිස්සුංව අන්දන එකනේ බං.

      Delete
  8. //මීට කළිං මැස්සෙක්වත් වහලා නැති හරිය ස්පර්ශය සඳහා නැකතක්, ආදී වශයෙන් හැම එකටම නැකැත් හැදිය යුතුය.//
    මේක නම් කියන්ට බැරි තරම් හොඳ යෝජනාවක්!!! :D:D

    ReplyDelete
    Replies
    1. කොහොමද නිකං දෙන්නම ඔරළෝසුව දිහා බලාගෙන ඉවසිල්ලක් නැතුව ඉන්න හැටි මට නිකං මැවිලා පේනවා.... : )

      Delete
  9. අර අන්තිමට කිව්වා එවටනම් ළඟ ළඟ තියෙන නැකත් වෙලාවල් ඕනේ! නැත්නම් අර අවුරුද්දට කෑම පිසීමේ නැකතයි අනුභව නැකතයි පැය ගානක් දුරින් තියනවා වගේ උනොත් මල පනිනවනේ!

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම උනාම නං ජ්‍යෝතිශ අංකල්ලට ලේසි වෙන්නේ නෑ ගේම.ගැලපෙන්ඩ නැකැත් හදන්ඩ ගිහිල්ල ඔළුව ගිනි ගනී...

      Delete
  10. නැකතට කිරීම ගැන අපූරුම කතාව මං ඇහුවෙ අපේ රටේ දැනට ඉන්න එක්තරා ආචාර්ය පට්ටම් සහිත විශාරදයෙක්ගෙ කටින්මයි.. එයා බාරියාවට දුව ලැබෙන්න ඉන්නකොට නැකතක් බලලා හරි වෙලාවට ඩොකා (සමාවෙයං කොල්ලෝ එහෙම කියන්නෙ ආදරේට..) ලව්වා බන්ඩිය ඕපන් කරලා කෙලි පැටියා ගත්තාළු.. ඕක කිව්වෙ කෙල්ල අස්ස විජ්ජාලෙට යන කාලෙ. හැබැයි කෙල්ල රජ උන බවක් නං ඇහුවෙ නෑ.
    මං උගෙන් ඇහුවා ඇයි වෙලාවක් බලල නෙවෙයිද අහවල් වැඩේ ඉවර කලේ කියල..

    ReplyDelete
    Replies
    1. ඔය සීන් එක හරි යන වැඩක් නං නාරී හා ප්‍රසවවේදී ඩොකාලට සෑහෙන්ඩ හම්බ කරගන්ඩ තිබ්බා.හැබැයි නැකැත් දවස්වලට වෙඩින් හෝල් බුක් වෙනවා වගේ තියටර් ටිකත් බුක් වෙයි පට පට ගාලා..

      Delete
  11. හොඳ ලිපියක් .එන්න අපේ අඩවියට
    මෙය ඇඩ් එකකි.
    http://premalathaa.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ආවා.බ්ලොගෙත් එල්ල ගත්තා...

      Delete
  12. මේක කියෙව්වම තමයි මටත් කල්පනා වුනේ ඇත්තටම මොන වෙලාවද ගන්නේ කියලා.කිව්වත් වගේ මමත් breech birth එකක්.දැන් අවුරුදු 35 කට කලින්.හැබැවටම දොස්තර මහත්තය අම්මට ලියල දුන්නේ තට්ටම එලියට අපු වෙලාවද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. කොහොම හරි කමක් නෑ කේන්දරේ සුභ එකක්ද? ජීවිතේ සුභයිද? එහෙම නං අපි යෝජනා කරමු තට්ටම එළියට එන වෙලාව උපන් වෙලාව කියලා ගන්ඩ කියලා.

      Delete
  13. අනේ මංද අපේ සමහර උං රෙන්න යනකොටත් නැකත් බලන එවුවොනෙ.
    ඕව හරියනවනං මේ වෙනකොට අපේ රට සෑහෙන්න දියුණු වෙලා තියෙන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නන්ං කියන්නේ.දැං බලන්ඩ ප්‍රසන්න අයියා නැකතක් හෙම බලලා පටං ගත්තු බ්ලොග අද තියෙන තැන මම කියන්නේ... :)

      Delete
  14. මට නම් නැකැත් ගැන කිසිම විශ්වාසයක් නෑ.

    ReplyDelete
    Replies
    1. විශ්වාස නොකළට අනුගමනය කරණ්ඩ වෙන එකනේ වැඩේ

      Delete
  15. මේවා ගැන උඹලට කලින් ජෙනරේසන් එකත් හෙනට කතා කලා කොල්ලෝ. ඒත් උන් බැන්දෙත් ඔය නැකත් පාවඩ එක්කම තමයි.
    ඇත්තටම ලංකාවේ මිනිසුන්ට මේ කොහේවත් නැති වාසනාව මිසක් වෙන කිසිම දෙයක් මතක් වෙන්නේ නැතිව ඇති නේද? ඔය කේන්දර නැකත් සාස්තර මිනිස්සු ගාව ඉන්න සෙනග දැක්කම පිස්සු හැදෙනවා ඕහි.

    ReplyDelete
    Replies
    1. බලමුකෝ.මම නං ඕං බැඳලා ස්වාධීන උනාට පස්සේ නැකැත් බලන්නෙම නෑ ෂුවර්.බාරිගෙත් අවුලක් නෑ ඒකට.

      Delete
  16. මම මේවා විශ්වාස කරන්නේ නැහැ. සුභ මොහොතින් කියන අරුතෙන් මම කිසිදෙයක් කරලා නැහැ. බැන්දෙත් එහෙමයි. එදා ඉඳන් අද වෙනකම් කිසිම දෙයක් එහෙම කරලා නැහැ. කරන්න බලාපොරොත්තුවකුත් නැහැ.

    ReplyDelete
    Replies
    1. අනිවා අරූ.සුභ වෙලාව නොබලා දෙයක් කරලා කෙළ උනාම "අපි කිව්වනේ..." කියන්ඩ ඉන්න සෙට් එක සුභ වෙලාව බලලා දෙයක් කරලා කෙළ උනාට මොකුත් කියන්නැති එකනේ වැඩේ.

      Delete
  17. යුරෝපා බ්‍රහස්පති සතු චන්ද්‍රයෙකි. සෙනසුරු ගේ විශාලතම චන්ද්‍රයා ටයිටන් ය.

    ReplyDelete
  18. උබේ ලිපියේ ටෙක්නිකල් අප්සට් කියන්න ඒවා ගොඩක් තිබ්බත් කම්මැලී බන්. එත් //හැම දේම නියම විදිහට සුභවෙලාවට කොරන අපේ රටේ උන්ට වඩා, මේ කිසිම දෙයක් සතපහකට ගණන් නොගෙන ඉන්න වෙන රටවල් අපිට වඩා දියුණුය.භෞතිකව විතරක් නෙමෙයිය, අධ්‍යාත්මිකවත් උන් දියුණුය.// නම් කියන්න තියෙන්නේ //පුක තමයි// කියල

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ මචං.උඹ මේ සුන්දර ලංකාව තරං භෞතිකව හෝ අධ්‍යාත්මිකව දියුණු නැති කැනඩාවට වෙලා ඒ රට අපේ රට වගේ සුඛිත මුදිත කරපංකෝ.

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...